Chapter 8 of 38

part 8

'හැඟුම් සසලයි

මේ රෑ

ගිමන් හරිනා

ඔබ හා කියන්නෙම නෑ

දුක් ගී

ඔයා මගෙ සංසාරේ සඳමයි.......'

විනාඩි පහළවක් විතරම ඔකිඳුවට සම්පූර්ණ විස්තරේ කියලා ඉවර වෙලා සින්දුවකුත් කියන ගමන් කොල්ලො එක්ක තොරණෙ වැඩ ටික ආයෙම කරන ගමන් මං හිටියෙ.. මං විස්තරේ කියද්දි ඔකිඳුවට ඒක විශ්වාස කරගන්න බැරුව හිටියෙ... ඌට විශ්වාස නෑ අපේ ඉංග්‍රීසි සර් මගෙ වෙන්ඩ හස්බන්ඩ් කියලා... මට මතක විදියට ඌ හය හත් පාරක්ම අම්මපා කියපන්.. උඹ මට බොරු නෙමේ නේද කියන්නෙ කියලා ඇහුවා.... ඌට විස්තරේ කියලා එද්දි මගෙ වෙන්ඩ් හබී ඉන්නවා කොල්ලො ඉන්න තැනම පැත්තකට වෙලා තනියම... මං ගිහින් එයාවත් අපි ඉන්න තැනට එක්කගෙන ඇවිත් එයාට ඉඳගෙන ඉන්න කියලා කොල්ලො ටිකත් එක්ක තොරණ හදන්න ගත්තා....

කොහොම හරි පාන්දර එක විතර වෙද්දි තොරණෙ වැඩ ඉවර කරන්න අපිට පුලුවන් වුනා.. වැඩ ඉවර වෙලා හැමෝම ගෙවල් වලට යද්දි මායි අකිලේශුයි ඔකිඳුවත් එක්කන් ආවෙ ඌවත් යන ගමන් ගෙදරින් දාගෙන යන්නම් කියලා.. ඔකිඳුව ගෙදරින් හලලා අකිලේශ්ව එක්කගෙන එයාලගෙ ගෙදර ළඟට එනකම්වත් අපි දෙන්නා අතර කතාවක් වුනේ නෑ... ගෙදර ළඟින් වාහනෙන් බහින්න යද්දි තමයි එයා කට ඇරියෙ..

"ඔයා ඇතුළට එන්නැද්ද දිනුල්‍ය..."

'දැන් රෑ වෙලානෙ.. මං ගෙදර යන්නම්.. ඔයත් ගිහින් නිදාගන්න හෙට උදේම ඉස්කෝලෙ යන්න ඕනනෙ...'

මං එහෙම කිව්වත් එයාටනම් වාහනෙන් බහින්න හිතක් තිබුනෙ නෑ..

"දැන් රෑ වෙලානෙ.. තනියම යන්නැතුව උදේම ගෙදර ගිහින් ලෑස්ති වෙලා එන්න.. දැන් ඇතුළට එන්න...."

එයාගෙ වදෙන් බේරෙන්න බැරි කමට ගේ ඇතුලට එද්දි තමයි මතක් වුනේ තාම එයාගෙ අම්මයි තාත්තයි ගෙදර ඇවිත් නෑ කියලා... මං එයාගෙ පිටිපස්සෙන්ම එයාගෙ කාමරේට ගියාම එයා කබඩ් එකෙන් එයාගෙ ටී එකකුයි ශෝටකුයි අරන් මට දුන්නා වොශ් දාගෙන එන්න කියලා.. ටවල් එකත් අරගෙන වොශෲම් එකට ගිහින් විනාඩි පහළවක් විතරම මං ඇඟ හෝදගෙන ටවල් එක පිටින් එලියට එද්දි එයා කාමරේ ඇඳේ ඉඳගෙන හිටියා.. මාව දැක්කා විතරයි එයා ගැස්සුනා මං දැක්කා.. ගැස්සෙන්නෙ නැතුවද ඉතින් මං වගේ හැන්ඩි කොල්ලෙක්ව දැක්කම...

"අහ්ම්.. මේ.. දිනුල්‍ය මං නූඩ්ල්ස් එකක් හැදුවා බඩගින්නෙ නිදාගන්න බෑනෙ.. මං වොශ් දාගෙන එන්නම්... ඔයා කන්න..."

එහෙම කියලා එයා මට බැල්මක්වත් නොදී වොශෲම් එකට ගිහින් දොර වහගත්තා.. මං එයා ඇඳ උඩින් තියලා තිබුන ටී එකයි ශෝටයි ඇඳගෙන එයා ආවම කන්නම් කියලා ෆෝන් එකත් අරන් ඇඳේ හාන්සි වෙලා ෆේස්බුක් එක පැත්තේ ගියා...

විනාඩි පහළවකට විතර පස්සෙ එයා වොශ් දාගෙන එද්දිත් මං ඇඳේ හාන්සි වෙලා ඉන්නවා දැක්කම එයා මං ළඟට ආවා... ඇඳ ළඟට ආපු එයා ඉස්සරලම බැලුවෙ නයිට් ටේබල් එක උඩ තිබුන නූඩ්ල්ස් බෝල් දෙක දිහා.....

"ඇයි ඔයා කෑවෙ නැත්තෙ.. මං කිව්වෙ මං එනකම් ඉන්න එපා කියලනෙ....."

එයා කතා කරද්දි මං එහෙම්ම ෆෝන්‍ එක පැත්තකින් තියලා ඇඳෙන් වාඩි වෙලා එයා දිහා බැලුවා.. එයා අතේ තිබුන ටවල් එක පැත්තකින් දාලා නූඩ්ල්ස් බෝල් එකක් අරන් මගෙ පැත්තට දික් කරා... මං ඒක අතින් අරගන්නකම් හිටපු එයා ඉතුරු නූඩ්ල්ස් බෝල් එක අරගෙන සෝෆා එක පැත්තට යන්න හදද්දි මං මගෙ එහා පැත්තට තට්ටු කරාම එයා ලැජ්ජා හිතුන මූණක් හදාගෙන ඇවිත් එතනින් වාඩි වුනා. පුදුම කැටයම් තමා මෙයාගෙත් තියෙන්නේ... ඒකත් එක්ක මං එයාව පොඩ්ඩක් ආතල් එකට ගන්න හැදුවා...

'ළඟින් ඉඳගන්න ඔහොම ලැජ්ජා වෙලා බැන්දට පස්සෙ වෙන වෙන ඒවා කරන්නෙ කොහොමද.. ඔහොම නම් බෑ......'

මං බලාගෙන මිනිහා බිම බලන් හිටියත් කන් දෙකේ ඉඳන්ම රතු වෙනවා..මේකා සුදු හින්දා පොඩ්ඩක් රතු වුනත් හොඳට පේනවා.. එයාව තව ටිකක් අවුස්සන්න බලාගෙන මං එයා ළඟට කිට්ටු කරද්දි එයා නූඩ්ල්ස් එකත් අරගෙන නැගිට්ටා..

"ම්..මේ.. මට වතුර අරන් එන්න බැරි වුනානෙ.. මං ගිහින් වතුර අරන් එන්නම්......"

රතු වුන මූන බිමට හරවගෙන එහෙන කියපු එයා කුස්සියට යද්දි මාත් නූඩ්ල්ස් එක කටට දෙකට ඉවර කරලා කුස්සියට යද්දි මේකා ඉන්නවා ටැප් එක ඇරගෙන ඒකට පිඟාන අල්ලගෙන මොනාදෝ කල්පනා කර කර.. මං ළඟට ගිහින් එයාගෙ පිඟාන ඇදලා ගන්නකම්වත් මිනිහාට මේ ලෝකෙ සිහියක් තිබුනෙ නෑ......

"අහ්...."

මං පිඟාන ඇදලා ගන්නවත් එක්කම කොල්ලා ගැස්සුනා.. ගැස්සුන පාර කොහොමද කියනවනම් කොල්ලා ගැස්සිලා කෙලින්ම හැරුනෙ එයාගෙ පිටිපස්සෙන් හිටගෙන හිටපු මගෙ පැත්ත.. යෝහ් හරි හුරතල් අප්පා.. ඉතින් හිත හදාගෙන මේකව බඳින්න බෑ කියන්නෙ කොහොමද....

'මොන ලෝකෙද ඉන්නෙ...කොච්චර වෙලා ටැප් එකත් ඇරගෙන.කල්පනා කර කර හිටියා කියල්ද හිතන්නෙ.. මොනාද කල්පනා කරේ ඔච්චර රතු වෙන්න තරම්...ම්ම්ම්......'

"ම්..මොනාත් නෑ ද්..දිනුල්‍ය.. මං මේ නිකම්....."

'ආහ්..නිකම්ද.. හා හා.....'

එහෙම කියන ගමන් මං මගෙ ඇඟිලි තුඩු හිමින් හිමින් එයාගෙ ඉණ වටේ ඇදගෙන යද්දි මට තේරුනා කොල්ලා ගැස්සෙනවා.. හනේ මේකා.. හා පැටියෙක් වගේ.. මට වඩා වැඩිමල් කියලා හිතන්නත් බෑ......

'මොකද කියන්නෙ.. ඔය හිතන දේවල් ප්‍රැක්ටිකලි කන්ටිනිව් කරන්න ආසාවක් නැද්ද.....ම්ම්ම්....'

බලන්නත් ආසයි බබාගෙ මූණ.. රතු වෙලා ජම්බු ගෙඩියක් වගේ.. මේකා අකලට වයසට ගිහින් වගේ.. ඉස්කෝලෙ ඉන්නෙ නම් කොහොමද..දැන් මං කිව්ව වචනයක් හින්දා වෙව්ලනවා.. දිනුවො ඔහොම නම් බෑ.. අයියා බබාව හදාගන්න වෙයි වගේ.. මං කිව්ව් දේ ඇහුන ගමන් මෙන්න මේකා හොරෙක් වගේ ඇස් දෙක කරකනවා.. මටත් වඩා බාල පෙනුමක් තියෙන්නෙ මේකට...

"ම්..මං මොනාත් හිතුවෙ නෑනෙ දිනුල්‍ය....."

'ආහ් එහෙමද... මොනාත් හිතුවෙ නෑ කියලද කියන්නෙ.. එතකොට මොකද මේ මූණ රතු වෙලා.. ආ...'

"එ..ඒ... නිකම් වෙන්න ඇති.. රස්නෙත් එක්කනෙ.. ඒ හින්දා වෙන්න ඇති..."

අමෝ අමෝ මගෙ සුදු බබා බොරු කියන්න දන්නෙම නෑ.. රස්නෙ හින්දලු රතු වෙලා ඉන්නෙ..කාවද මේ රවට්ටන්නෙ ඉතින්.....

'ආහ්.. එහෙමද... හාකො හාකෝ.. නිදාගන්න යමුද.. මට නිදිමතයි.. හෙට ඉස්කෝලෙ යන්නත් ඕනෙ.....'

"ම්ම්...."

කාපු පිඟන් හෝදලා තියලා දෙන්නා එක්කම ආයෙ ආවෙ එයාගෙ කාමරේට..... ආව ගමන් එයා හැරිලා බැලුවෙ මගෙ දිහා...

"මේ.. දිනුල්‍ය.. ඔයාට මං අනිත් කාමරයක් ලෑස්ති කරලා දෙන්නද....."

ආහ් මෙන්න වැඩක්.. කාමර ලෑස්ති කරලා දෙන්න හදනවා මෙයා...

'ඇයි ඒ.. මං නිදාගන්නෙ මගෙ වෙන්ඩ හබීගෙ කාමරේ.. එයාගෙ ඇඳේ.. එයා එක්ක.. ඇයි පස්න තියෙනවද පස්න.....'

"න්..නෑ මං නිකම් ඇහුවෙ.. එදත් සෝෆා ඒකේනෙ නිදාගෙන තිබුනේ.. ඒකයි ඇහුවෙ...."

'ම්ම්.. ඒ එදානෙ.. මං අද නිදාගන්නෙ මෙතන.. කෝ යමු යමු...'

මං දොර ලොක් කරලා ඇඳ පැත්තට ඇවිදගෙන එද්දි එයා බයවෙලා වගේ මං දිහා බලන් හිටියෙ.. මං ගිහින් එයාට මෙහා පැත්තෙන් ඇලවෙලා සිවිලිම දිහා බලාගෙන ඉද්දි මං ඇස් කොණින් දැක්කා එයා මං දිහා බලන් ඉන්නවා.. ඒත් මං එයා දිහා බලනවත් එක්කම එයා අහක බලාගත්තා හරියට මෙච්චර වෙලා බලන් හිටියෙ නෑ වගේ.. මං එහෙම්ම එයාගෙ ඉණ දෙපැත්තෙන් කකුල් දෙක තියලා එයාගෙ ඇඟ උඩට ආවා.. පව් අනේ කොල්ලා හොඳටම බය වෙලා.....

"ද්..දිනුල්‍ය.. ඔයා.. ම්...මොකද කරන්න යන්නෙ....."

'ඇයි අනේ..මං කිව්වෙ ඔයා හිතින් හිතපු ඒවා ප්‍රැක්ටිකලි කන්ටිනිව් කරමු කියලා.. ඒක තමයි මේ කරන්න යන්නෙ.....'

"ද්..දිනුල්‍ය.. එ..එහෙට වෙලා නිදාගන්න.. හෙට ඉස්කෝලෙ යන්න ඕනෙ.."

මං එයා කිව්ව ඒවා ඇහුනෙ නෑ වගේ එයාගෙ බෙල්ලට පාත් වෙලා තොල ගෑවෙන නොගෑවෙන ගානට තියාගෙන ඉද්දි මං දැක්කා එයා ඇස් දෙක තද කරලා පියාගෙන ඇඳ රෙද්දත් අත් දෙකෙන් කිටි කිටියට මිරික ගන්නවා.. පුදුම ලැජ්ජාවක් මේක.. මං එයාව අවුස්සන්නත් එක්ක හිමීට එයාගෙ ඉණ දිගේ අත අරගෙන යද්දි එයා මාව පැත්තකට තල්ලු කරලා ශීට් එක ඔලුවෙ ඉඳන් පොරව ගත්තා....

'ඔය ගානට බය වුනාම හොඳටම ඇති සුදු බබා.. නිදාගන්න.. ගුඩ්නයිට්.....'

මං එහෙම කිව්වත් එයාගෙන් නම් උත්තරයක් ලැබුනෙ නෑ.. මාත් කාමරේ ලයිට් එක ඕෆ් කරලා පහට එලාම් එකත් තියලා එයා වටේ අතක් දාලා එයාව ළඟට අරගෙන නිදාගත්තා....

.

.

.

.

පාන්දර එලාම් එකේ සද්දෙට මං ඇහැරුනාම මට තේරුණා මගෙ මූණ දිගේ මොකක් හරි ඇදිලා යනවා වගේ.......

ඊයෙ එන්න බැරි වුනානෙ......

මොකද කතාව ගැන හිතෙන්නෙ.....

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!