Chapter 7 of 38

part 7

කාමරේ දොර අරිනවත් එක්කම දැකපු දේ එක්ක මම එතනම ගල් වුනා.. අකිලේශ් ඉන්නවා ටවල් එක විතරක් ඇඳගෙන තෙත කොන්ඩෙත අතින් ගස ගස කන්නාඩිය ඉස්සරහට වෙලා.. පිහදාපු නැති වතුර බින්දු තාම පපුව දිගෙයි පිට දිගෙයි පහළට ගලාගෙන යනවා...දකින ඕනෙම කෙනෙක් පිස්සු වැටෙයි මේවට.. අකිලේශ් සුදුයි.. ජිම් ගිහින් හදා නොගත්තත් ලස්සනට මේන්ටේන් කරන ශේප් ඇඟක් එයාට තිබුනේ.. එයා කෙට්ටුත් නැති මහතත් නැති ස්ලිම් ඇඟක් තිබුන කෙනෙක්.. ඒත් මං එයාට වඩා ටිකක් හැඩි දැඩි වුණා.. ඉතින් මං තාමත් ලැජ්ජා නැති එකෙක් වගේ බලාගෙන ඉන්නෙ ඒ වතුර බින්දු බේරෙන පිට දිහා...

ඉතින් එච්චරයි... කන්නාඩිය දිහා බලාගෙන හිටපු අකිලේශ් එක පාරටම අනිත් පැත්ත හැරුනා විතරයි කොල්ලා විතරක් නෙමේ මෙච්චර වෙලා එයා දිහා බලාගෙන හිටපු මාවත් ගැස්සුනා...

"ද්..දිනුල්‍ය....."

එයා මගෙ නම කියද්දිත් මං කල්පනා කරේ මොනාද කියන්නෙ කියලා.. කොල්ලා මේ වෙද්දි බීට් අලයක් වගේ රතු වෙලා....

'අහ්ම්.... මේ.. මං ආවෙ ඔයා ලෑස්ති වෙලා ඉවර නම් පහළට එන්න කියන්න.....'

මං එයා දිහා නොබලා බිම දිගේ ඇස් අරන් යන ගමන් කියද්දි එයා නම් මගෙ මූණ දිහා කෙලින් බලාගෙන ඉන්නවා මං ඇස් කොණින් දැක්කා...

"ආහ්.. හා දිනුල්‍ය... මං ඇඳුමක් දාගෙන පහළට එන්නම්....."

'හා එහෙනම්......'

එහෙම කියපු මං තවත් වැඩි වෙලා එතන රැඳෙන්නැතුව පහළට ගියෙ වුන ලැජ්ජාවෙ තරම ගැනත් හිත හිත... කමක් නෑ ඉතින් කොහොමත් ඕවා මං දවසක දකින්න ඕනනෙ... අහ්... පොඩ්ඩක් ඉන්න.. දැන් ඇයි මං ඒවා දකින්න ඕනෙ... ඔන්න ඔන්න දිනුවා... උඹේ හිත අයාලෙ යනවා.. ඔකිඳුවාව ආශ්‍රය කිරීමේ ප්‍රතිවිපාක තමයි ඉතින් මේ.. අම්මගෙ චූටි පුතාව නරක් කරේ ඕකා තමයි..ඇටයා.......

විනාඩි පහකට විතර පස්සෙ අකිලේශ් පහළට ආවත් මිනිහාවත් මංවත් නෙමෙයි ඔලුව උස්සලා අපි දිහා බැලුවෙ.. කොල්ලා මාව දකිද්දිත් රතු වෙනවා... අනෙ අම්මේ.. මෙහෙමත් ලැජ්ජාවක්...

කෑම කාලා ඉවර වෙලා වෙනදා වගේම අම්මලා තාත්තලා එයාලගෙ කතා පටන් ගද්දි ඒවා අහන් ඉන්න බැරි අපි දෙන්නා නැගිටලා එළියට ගියත් එක්කෙනෙක්වත් නෙමෙයි වචනයක්වත් කිව්වෙ... ඒ වෙනුවට එයා කරේ අහස දිහා බලාගෙන හිටපු එක වගේම මං කරේ අහස දිහා බලාගෙන හිටපු එයා දිහා බලාගෙන හිටපු එක.....

'හඳපාන තරු රෑන ඔච්චම් කරයි

මට ඔච්චම් කරයි

හැමදාම ඔය මූණ මතකේ තියෙයි

මට මතක තියෙයි........'

"ආහ්......"

එයා දිහා බලාගෙන සින්දුවක් මුමුණ මුමුණ හිටපු මම හරි සිහියට ආවෙ එයාගෙ කටහඬින්.....

"ඔයා මොනවා හරි කිව්වද දිනුල්‍ය......"

'ම්..මං... නෑ... මං සින්දුවක් කිව්වෙ.....'

"හ්ම්ම්....."

ඔන්න ඉතින් ආයෙම පුරුදු විදියට සද්ද බද්ද නෑ... එහෙමයි කියලා මේ දිනුල්‍ය සැලෙනවද මිත්‍රවරුනි... නෑ කොහෙත්ම නෑ... ඒත් මොනවද කියන්නෙ......

'මේහ්....'

කියන්න් දෙයක් මතක් වුනේ නැතත් එයාගෙ අවදානෙ ගන්නයි ඕනෙ වුනේ මට....

"ම්ම්ම්..?"

'හෙට ස්කූල් යන්වද....'

"හ්ම්ම්..."

'හවස තොරණ හදන් වැඩේට යමුද මාත් එක්ක.....'

ඒකටනම් එයා දුන්නෙ මං කිව්ව එක විශ්වාස කරන්න බෑ වගේ බැල්මක්.. හරි ඉතින්.. ඒ කාලෙ මට එයාව පේන්න බෑ තමයි.. ඒ ඒ කාලෙනෙ.. මේ දැන්නෙ....

'එනවද...?'

එයාගෙන් උත්තරයක් නැති තැන මං ආයෙම ඇහුවා.. එයා මොනාත් නොකියා හා කියන්න ඔලුව විතරක් හෙල්ලුවේ තාමත් ඒක විශ්වාස කරන්න බැරි ගානට.....

කොහොම හරි කෑම කාලත් පැයකට විතර පස්සෙ අපි ගෙදර ආවා... ආපු ගමන් වොශ් එකක් දාගෙන නිදාගන්න ඇඳට පැන්නත් මැසේජ් එකක් ආව සද්දෙ නිසා ෆෝන් එක ඔන් කරලා බැලුවෙ... මැසේජ් එක අකිලේශ්ගෙන්....

"Gedara giyada...."

'Hmm....'

"Ha ehnm nidaganna.. heta scl yanna onane... good night 🌙 "

'Hmm.. good night.....'

.

.

.

.

.

.

.

පහුවදා ඉස්කෝලෙට යද්දි පන්තියට යන තැනම ඔකිඳුවා ඉන්නවා බහිරවයා වගේ....

"ආ මුතූ... ඉස්කෝලෙ යනවා වgay......"

'නෑ උඹෙ ආච්චිට රයිස් ගරන්න යනවා......'

මූ ආව වෙලාවෙ ඉඳන් පන්තියට යන්න දෙන්නෙ නැතුව දෝදු කෙලින්න පටන් අරන්....

"මොකෝ ඉතින් සුදු මහත්තයා කේන්ති ගිහින්.. ආදරේටනෙ අයියෝ ඇහුවෙ...."

'මොකද පගෝ වෙලා තියෙන්නෙ... උඹ උදේට කෑවෙ මොනාද....'

මූට උදේ ඉඳන් මොන යකෙක් වැහිලද කියලා මං කල්පනා කරන්නෙ.. උගෙ විදිය ඕක තමයි ඉතින්.. ඒ වුනාට ඕනෙ නෑනෙ අනුන්ගෙ කොල්ලන්ට ලයින් දාන්න...

"මොනාද සුදු මහත්තයා අහන්නෙ.. ගෙදර දෝණිගෙ රයිස් ඇන්ඩ් කරීස් තමයි කාලා ආවෙ.. ඔයාටත් ඕන්නම් ඉන්‍ටවල් එකේ දෙන්නම්....."

'අනේ මේ පල එහාට මට පන්තියට යන්න දීලා......'

උදේ ඉඳන් මුගෙ දෝදු වැඩ දිහා බලන් ඉඳලා අවසාන පීරියඩ් එක ඉංග්‍රීසි වුන හින්දා මගෙ වෙන්ඩ හබී එනකම් මං මේ බලන් ඉන්නෙ.... ආ කියනකොටත් ඔය එන්නෙ දිලිසි දිලිසි... කාටද ඉතින් ආඩම්බර... පොර ආව ගමන් කෙලින්ම මං දිහා බලලා ලාවට හිනාවක් දීලා මොනවත් වුනේ නෑ වගේ පාඩම් පටන් ගත්තා.. ඊට පස්සෙ පීරියඩ් එක ඉවර වෙනකන්ම මිනිහා නෙමෙයි මං දිහා කෙලින් බැලුවෙ.. හොරෙන් බලපු එක වෙනම කතාවක්....

කොහොම හරි ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ඇවිත් අකිලේශ්ට හතර වෙද්දි ලෑස්ති වෙන්න කියලා මාත් නාගෙන කාලා වෙලාව යනකම් බලන් හිටියා... හතරට කාලක් විතර තියලා මං කාර් එකේ අකිලේශ්ගෙ ගෙදරට ගියෙ බයික් එකේ මෙයා එක්ක ඉස්කෝලෙට යන්න බැරි නිසා.. ගේට් එක ළඟට ගිහින් දෙපාරක් විතර හෝන් කරද්දි ඩෙනිමකට ටී එකක් ඇඳගෙන එයා එළියට ආවා..  මට හීනියට හිනාවක් දීලා පැසෙන්ජර් සීට් එකෙන් ඉඳගත්තත් එයා නෙමෙයි කතා කරේ.. ඉතින් මං මට කියන්න ඕනෙ දේවල් ටික කියන්න පටන් ගත්තා.....

'මේ ගියාට කමක් නෑ.. මට පේන තැනකට වෙලා ඉන්න.. ඔයා වැඩ කරන්න ඕනෙ නෑ.. එහෙ මෙහෙ ඇවිදින්න යන්න එපා.. අනික මං දැක්කා නිකේශලා මිසුත් තමුසෙ වටේ කැරකෙන්න අරන් ඉන්නවා.. එයා ඇඟට එනවා ඕනාවට වැඩියි.. මාව යකා කරගන්න ඕනෙ නැත්තම් පාඩුවෙ පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නවා.....'

මං කොච්චර දේවල් කිව්වත් එයා කරේ ශටර් එකෙන් එලිය බලාගෙන හා කියන්න ඔලුව හොල්ලන එක විතරයි.. බලමුකො ඔය විදියටම කියන දේ අහයිද කියලා.....

ඉස්කෝලෙට ගිහින් කාර් එකත් පාක් කරලා මං ළමයි ඉන්න තැනට යද්දි එයා සර්ලව හම්බෙලා එන්නම් කියලා ඒ පැත්තට ගියා.. මං ළමයි ළඟට යද්දිත් ඔකිඳුවා ඉන්නවා නයා මැරිච්ච අහිකුණ්ඨිකයා වගේ....

'මොකද බන් දාහට අරන් සීයට දීලා වගේ ඉන්නෙ.....'

මාව දැක්කා විතරයි මුගෙ අර තිබුන ගතිය කොහෙ ගියාද කියලා හොයන්නත් නෑ....

"හනේ මගෙ සුදු මහත්තයා ආවද... ඔයා එනකම්නෙ මං මේ පෙර මග බලන් හිටියේ....."

එව්ව්... ආවා විතරයි පටන් ගත්තා ආයෙම.. කොහොම හරි කතාවෙන් කතාව රෑ නමය විතර වෙද්දි තොරණෙන් බාගයක් විතරම ඉවර කරලා තිබුනෙ.. අකිලේශුත් අපි ඉන්න තැනටම වෙලා අපේ වැඩට උදව් කරා.. එපා කිව්වට අහන්නෙ නෑනෙ... ටිකකින් එයා වතුර බීලා එන්නම් කියලා ටිකක් එහාට ගියාම නං බලාගෙන ඉද්දි නිකේශලා මිස් එයා ඉන්න තැනට ඇවිත් වතුර ඉල්ලුවා... එයා බීපු වතුර බෝතලේ නිකේශලා මිස් ගන්න යද්දි මං සොනික් ආරූඪ වෙලා වගේ එතනට ගිහින් අකිලේශ්ගෙ අතින් වතුර බෝතලේ උදුරගෙන අරබ් බීගෙන බීගෙන ගියේ අකිලේශ් වගේම නිකේශලා මිසුත් මං දිහා බලාගෙන ඉද්දි....

මං වතුර බීලා ඉවර වෙලා ඇහි බැමක් උස්සලා නිකේශලා මිස් දිහා බැලුවම මේකි ගියෙ නැද්ද මටත් ගස්සගෙන... මිස් යන දිහා බලන් ඉඳපු මං ඊළඟට හැරුනෙ මගෙ වෙන්න හබී පැත්තට.. මට තරහා ගිහින් ඉන්නෙ කියලා තේරිලාද කොහෙද මිනිහා ඔලුව උස්සලා මං දිහා බලන්න හිතුවෙවත් නෑ..

'ඇහෙනවද.....'

"......................"

'අකිලේශ් මගෙ යකා අවුස්සන්න එපා.. මං තමුන්ට කතා කරන්නෙ.. ඔලුව උස්සලා බලනවා මං දිහා....'

මගෙ කේන්තිය වැඩි වෙයි කියලා බයටද කොහෙද මං එහෙම කිව්ව ගමන් කොල්ලා මං දිහා ඔලුව උස්සලා බැලුවා......

'ස්ටාෆ් රූම් එක ඇරලා ඇත්තෙ.. යනවා එතනට.. මං එන්නම්....'

මං රවලා එයා දිහා බලද්දි පොඩි එකෙක් වගේ නං කියන එක අහලා එයා ස්ටාෆ් රූම් එක පැත්තට ගියා.. එයා යන දිහා බලන් හිටපු මං ඔකිඳුවව හොයාගෙන ගියෙ උගෙන් උදව්වක් ගන්න......

'ඔකිඳු...පොඩ්ඩක් වරෙන්කො බන්......'

ඔකිඳුවා හිටපු තැනින් නැගිටලා ඉක්මනට මං ඉන්න තැනට දුවගෙන ආවා.....

"ඕ සුදු මහත්තයා.. කියන්න......"

එව්ව්.. මූව හදන්න බෑ.. ඒත් මේ වෙලාවෙ මූට මොනාත් කියන්න බෑ..

'වරෙන්කො ගමනක් යන්න.....'

එහෙම කියලා මං යන්න හැරෙද්දි ඌ කොහෙද කියලවත් අහන්නැතුව මගෙ පස්සෙන් ආවා..අන්තිමට අපි ගිහින් නතර වුනේ ස්ටාෆ් රූම් එක ළඟ....

"ඇයි මචන් මෙතෙන්ට ආවෙ......"

'මට දැන් උඹෙන් පොඩි උදව්වක් ඕනෙ.. මං උඹට විස්තරේ ඇවිත් කියන්නම්.... උඹ ටිකක් මෙතනට වෙලා කවුරු හරි එනවද බලලා එනවනම් මට ක්ෂණික සිග්නල් එකක් දීපන් හොඳ එකා වගේ....'

ඔකිඳුවා තාම මොනවත් හිතාගන්න බැරුව එතනම ඉද්දි මං ස්ටාෆ් රූම් එකේ දොරත් වහගෙබ් ඇතුළට ආවා.. මං එද්දි අකිලේශ් ඉන්නවා පුටුවක ඉඳගෙන.. මං එනවා දැකලා පුටුවෙන් නැගිටලා මං දිහා බලාගෙන හිටියා.. මං එයා ළඟටම ගිහින් හිටගද්දි කොල්ලා අඩියක් පස්සට වුනා.. මං එහෙම්ම කොල්ලව තල්ලු කරගෙන ගිහින් බිත්තියට හිර කරගත්තා..

"ද්..දිනුල්‍ය මොකද කරන්නෙ...."

එයා බය වෙලා වගේ අහද්දි මං එයාගෙ කට දෙපැත්තෙන් තද කරලා අල්ලගත්තා..

'මං උඹට මොකද්ද එද්දි කිව්වෙ.. ඒකිගෙන් ඈත් වෙලා ඉන්න කියලා නේද..ආහ්??'

"ඉ..ඉතින් දිනුල්‍ය එයා ව්..වතුර ටිකක් ඉල්ලන්නනෙ ආවෙ......"

'පණ්ඩිත වැඩ කරන්න ගිහින් තව කියවන්නත් එනවද... බීපු බෝතලෙන් වතුරත් දෙන්න ලෑස්තිය.. ආයෙ ඔය වගේ වැඩ කරලා මට අහුවෙන්න එපා.....'

එහෙම කියලා මං එයාව අත අරිද්දි මං දැක්කා අල්ලපු විදියට රිදිලද කොහෙද ඇස් වල කඳුලු පිරිලා..

"දැන් යන්න කට්ටිය ඉන්න තැනට.. මං එන්නම් ටිකකින්..."

මං එහෙම කිව්ව ගමන් එයා වචනයක්වත් නොකියා එතනින් ගියා.. මං එළියට එද්දි ඔකිඳුවා ඉන්නවා දොර ළඟට වෙලා ඇස් දෙකත් ලොකු කරගෙන.. දැන් ඉතින් මුට කියපන්කො විස්තරේ මුල ඉඳන්........

කමෙන්ට් කරන වෝට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි.. ඔයාලගෙ කමෙන්ට් කියවද්දි ලියන්න තව තව ආස හිතෙනවා.. ඔයාල ඉල්ලන විදියට කතාවට උපරිම සාධාරණයක් කරන්න මං උත්සාහ කරනවා.....

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!