Chapter 6 of 38

part 6

එදා දවසත් ගෙවිලා ගිහින් පහුවෙනිදා ඉරිදා දවසට ඉර පායලා තිබුනා...මං උදෙන්ම ලෑස්ති වුනේ බඩු වගයක් අරන් එන්න ටවුන් එකට යන්න.. අම්මත් ඒ එක්කම අරන් එන්න කියලා දිග බඩු ලිස්ට් එකක් ලියලා දුන්නම ඒකත් අරගෙන ටවුන් එකට ගිහින් ඕනෙ කරන ඔක්කොම බඩු ටික අරන් එද්දි හවස හතරටත් ළඟයි.. ඇයි ඉතින් ගියාම යන වැඩේ විතරක් නෙමේනෙ කරන්නෙ... ගෙදර ඇවිත් වොශ් එකක් දාගෙන ඇඳට වැටුන මම ෆෝන් එක ගත්තෙ ඊයෙ උණ හැදිලා අමාරුවෙන් හිටපු එකාට මොකද බලන්න....

'Thamuseta una aduda dan?'

මැසේජ් එක දාලාත් විනාඩි දෙක තුනක් යනකම් බලන් හිටියත් මිනිහගෙ ඩේටා ඕෆ් එකේ තිබුනේ.. කෝල් එකක් දාන්න හදලත් එයා අමාරුවට නිදිද දන්නෙ නෑනෙ කියලා ෆෝන් එක පැත්තකින් තියලා ඇස් දෙක පියාගත්තෙ තිබුන මහන්සියටත් එක්කමයි.....

ඇස් පියාගෙන වැඩි වෙලා යන්න කලින් එහෙමම නින්ද ගිහින් තිබුන මම ඇහැරෙද්දි රෑ අටත් පහු වෙලා... කන්න තරම් බඩගින්නක් තිබුනෙත් නැති එකේ ෆෝන් එක අරන් බැලුවේ අර මනුස්සයා මගෙ මැසේජ් එකට රිප්ලයි කරලද කියලා.... රිප්ලයි කරලා.....

"Dan nam hodai....."

මං එහෙම්ම මැසේජ් එකක් ආයෙ ටයිප් කරලා මිනිහට යැව්වා....

'Kalada inne...'

මැසේජ් එක ගියා විතරයි හරි දෙකක් වැටිලා තත්පර ගානක් ඇතුළත හරි දෙක නිල් පාට වුනා.. ආ ටයිපින් ටයිපින්......

"Oo kewa..."

'Kohenda kema'

"Mn kaden arn awa...."

'Thaniyama kade giyada manussayo raa wela...'

"Hawasa gihin aran awe... uyanna kammali hithuna..."

'Mm heta scl enwd..'

"Hmmm"

ඊට එහා මැසේජ් නොකර උදේ ඉස්කෝලෙ යන්න ඇඳුම් ලෑස්ති කරලා තියලා ආයෙම ඇඳට වැටුනේ නිදිමතක් නැතත් කරන්න දෙයක් නැති නිසා.....

.

.

.

.

.

.

උදේ මං නැගිටලා අම්මා දුන්න කෑම දෙකත් අරන් ඉස්කෝලෙ ආවෙ අකිලේශ්ව හොයාගන්න... අපෙ අම්මා අලුත් පුතාටත් එක්ක කෑම එකක් එව්වනෙ... මං ස්ටාෆ් රූම් එකට ගිහින් බලද්දි මිනිහා ඉන්නවා ඔලුව ඩෙස්ක් එකේ තියාගෙන... මං ළඟට ගියත් එයාට ඒක දැනුනා කියලනම් හිතෙන්නෙ නෑ... ඒත් ඊළඟට මං කරපු දේත් එක්කනම් එයා ගැස්සිලා වගේ මං දිහා හැරිලා බැලුව.....

ඩෙස් එකේ ඔලුව තියාගෙන ඉද්දි ෂ'ට් එකේ කොලර් එක ටිකක් ඈත් වෙලා තිබුන නිසා මං බෙල්ල පිටිපස්සට මගෙ අතේ පිට අල්ල තියලා කොල්ලට තාම උණද කියලා බලන්න ගියා විතරයි.. මෙන්න මූ ගැස්සිලා මං දිහාවට හැරිලා ශොක් වෙලා වගේ බලාගෙන ඉන්නවා......

'හරි හරි.. මං ලස්සනයි තමයි... එහෙමයි කියලා ඔහොම බලන් ඉන්න ඕනෙ නෑනෙ......'

මගෙ කටහඬත් එක්ක හරි සිහියට ආව එයා උගුරත් පාදලා අහක බලාගත්තා... ඉස්කෝලෙ පටන් ගන්න බෙල් කරපු නිසා මං කෑම එක  එයාට දීලා රැස්වීමට යන්න එළියට ආවත් දොර ළඟට ඇවිත් ආපහු හැරිලා බලන්න නම් අමතක කරේ නෑ... මං බලද්දිත් එයා ඉන්නවා පොඩි හිනාවක් එක්ක කෑම එක දිහා බලාගෙන.......

.

.

.

.

.

.

ඒ සතියම එකම විදියට ගෙවිලා ගිහින් අනිත් සතියටත් ආවා.... මේ සතියෙ ඉස්කෝලෙ ඉංග්ලිශ් ඩේ එක වැටිලා තිබුනෙ.. ආට් එකේ ළමයින්ට ඉස්කෝලෙ ඉස්සරහා ලොකු තොරණක් ගහන්න බාර වෙලා තිබුනෙ.... ඉතින් මේ තව දවස් දෙකක් වගේ තියෙන්නෙ නිසා ඉස්කෝලෙම එක එක්ස් වැඩ වලට බිසී වෙලා හිටියෙ... මාත් ඔකිඳුවයි අනිත් උන් තුන් දෙනයි එක්ක ගියෙ තොරණෙ වැඩේ බලන්න.... අවුලක් නෑ.... අපි ටිකත් සපෝට් එකක් දෙන්න කියලා බැලුවත් දැනට කරන්න ලොකු වැඩක් තිබුනෙ නැති නිසා පැත්තකට වෙලා බලන් හිටියා.....

ඔන්න එතකොට ප්‍රින්සිපල් ඇවිත් කිව්වා හෙට දවස උගන්නනවා.. හවස ඇවිත් තොරණ හදන්න කියල.. ඉස්කෝලෙ රෑට ඉන්නවා කියන්නෙ ඉතින් වෙනම ෆන් එකක්... කොල්ලොනෙ... මායි ඔකිඳුවයිත් කතා වුනේ වැඩක් නොකළත් එමු කියලා... අපේ ගෙවල් වල ඔය බබා කිරිලි නෑ.. කොල්ලොන්ට දෙන්න ඕනෙ නිදහස පොඩි සීමා බාධක ටිකක් එක්ක දීලා තියෙන්නෙ.... අපි ඉතින් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නැතුව ඉන්න තාක් කල් ඒ නිදහස ඒ විදියටම තියේවි.......

එදා ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගියෙ රෑට අකිලේශ්ගෙ ගෙදර රෑ කෑමට යන්න ඕනෙ කියලා මතක් කර කර.. මගෙ අඹ යාලු ඌරු මොටා නම් තාම මායි අකිලේශ් ස'ර් ගැනයි දන්නෙ නෑ.. දැනගත්ත දාට පපුවෙ අමාරුව හැදෙයි මගෙ මෝඩ පැටියට....

ගෙදර ගිහින් එහෙට හැරිලා මෙහෙට හැරෙද්දි ඉතින් වෙලාව ගිහින් ඉවරයි.... ඉතින් නාලා කරලා මේ සුවඳ ගගහා ලෑස්ති වෙන්නෙ අකිලේශ්ගෙ ගෙදර යන්න....

විනාඩි විස්සක විතර ගමනකින් පස්සෙ අම්මයි තාත්තයි මායි හිටියෙ අකිලේශ්ගෙ ගෙදර... අපි එන සද්දෙටද කොහෙද ගෙදරින් එළියට ආව අකිලේශ්ගෙ අම්මා අපිව පිළිඅරන් ඇතුළට එන්න කිව්වම අපි ඉතින් ඇතුළට් ගියා... ගියත් අකිලේශ් කාරයා පේන්න හිටියෙ නැති නිසා මං ගේ වටේටම ඇහැ දාලා බැලුවත් හොයාගන්න බැරි වුන තැන මං ඌව හොයන එක අත් ඇරලා දැම්මා... කීයට හරි එන්න ඕනනෙ....

අම්මලා තාත්තලා එකතු වෙලා කතා කරන අතරේ කරන්න දෙයක් නැති කමට එළියට යන්නත් බැරි නිසා මං එහෙමම ෆෝන් එකත් අරන් ෆේස්බුක් එක පැත්තෙ ගියා... ඒකෙත් බලන්න දෙයක් නෑ හැම තැනම හව් සෑඩ් ගගා වැලලෙනවා.. මූණත් එල්ලන් මං ඉන්න විදිය දැකලද කොහෙද අකිලේශ්ගෙ අම්මා මට කතා කරා.........

"පුතා... අකිලේශ් උඩ කාමරේ... නාන්න කියලා ගියෙ තාම නෑ... ගිහින් බලන්න... මෙතන ඉන්න කම්මැලිනෙ...."

අකිලේශ්ගෙ අම්මා එහෙම කිව්වා විතරයි මං නැගිටලා අකුලේශ්ගෙ කාමරේ පැත්තට ඇවිදගෙන ගියා... ගිහින් කතා නොකරම දොර ඇරගෙන ඇතුළට යද්දි දැක්ක දේත් එක්ක මං එහෙමම නතර වුනා........

දිනුල්‍ය පුතා මොනවද දකින්න ඇත්තෙ....?

හෙට එන්නම්කො......

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!