Chapter 5 of 38

part 5

වෙලාව පාන්දර දෙකට විතර ඇති...... කාමරේ තිබුන සෝෆා එකේ නිදාගෙන හිටපු මම එක පාරම ඇහැරුණේ අකිලේශ් කෙඳිරි ගාන සද්දෙ මට ඇහුන නිසා.. ඇහැරුන ගමන්ම අකිලේශ් ළඟට දුවගෙන ගිය මම එයාගෙ නළලට අත තියල බලද්දියි තේරුනේ කොල්ලට ආයෙ උණ වැඩි වෙලා.....බෙහෙත් දෙන්නත් ඕනෙ.. ඒත් කොල්ලව ඇහැරවන්නෙ කොහොමද.....

'අකිලේශ්.......'

"....................."

'අකිලේශ්........'

"ම්හ්හ්ම්ම්ම්ම්......."

'කෝ හොඳ ළමයා වගේ නැගිටින්නකො මේ බෙහෙත් ටික බොන්න... ඔයාට ආයෙ උණ වැඩි වෙලානෙ දරුවො.........'

විශ්වාස කරනවද ඒ කතා කරේ මම කියලා... මටත් පුදුමයි මං මෙච්චර හොඳට එයාට කතා කරා කිව්වම....

කොහොම හරි අමාරුවෙන් කොල්ලව ඇහැරවලා ඇඳේ හෙඩ් බීඩ් එකට හේත්තු කරවලා බෙහෙට් පෙති ටික අතට දුන්නම කොල්ලා ඒක කටේ දාගෙන මාත් වීදුරුව අල්ලගෙන ඉද්දිම වතුරත් බීලා ආයෙම නිදාගත්තා... එයාව වෙව්ලනවා අමාරුවටමද කොහෙද.... එයාට නින්ද යනකම් ඔලුව අත ගගා ඉඳපු මම ඊළඟට බාතෲම් එකට ගිහින් හොට් වෝටර් වලින් පොඩි ටවල් එකක් තෙමාගෙන ඇවිත් අකිලේශ්ගෙ ඇග හොඳට පිහලා ආයෙම හොඳට පොරවලා නිදාගන්න කිව්වා.... මාත් ආයෙම සෝෆා එකට ගිහින් සෑගෙන වෙලාවක් ඉඳලා නිදාගත්තා.....

.

.

.

.

උදෙන්ම ඇහැරුන මං කුස්සියට ගිහින් සුප් එකක් හදන්න පටන් ගත්තෙ දැන් තියෙන අමාරුවත් එක්ක ඔය යකා මොනවත් කන්නෙ නෑ කියලා හිතුන නිසාමයි.... සුප් එක හදලා ඉවර වෙනවත් එක්කම වගේ මට ඇහුණෙ පඩිපෙල දිගේ එන් අඩි සද්දයක්...

'ඇයි පහළට ආවෙ... ඇඳට වෙලා ඉන්න බැරිද?? ඇවිදින්න ගිහින් ඇදගෙන වැටිලා මට වැඩ වැඩි කරනවකො.......'

කොල්ලට හරි සිහිය එද්දි මම ආයෙම පරණ යකා වුනා වගේම එයානම් වෙනදා විදියටම හරි අහිංසක හිනාවක් දැම්මා....

"ගුඩ්මෝනින්.... ඔයා ඔය උයනවද....."

'ඇයි තමුන්ට මොනවා කරනවා වගේද පේන්නෙ......'

"තරහ ගන්න දෙයක් ඇහුවෙ නෑ දිනුල්‍ය.... සොරි"

එහෙම කියනවත් එක්කම කොල්ලගෙ මූණ මැලවිලා ගියා...

'හරි මට දැන් එක දෙයක් කියනවා... අපි දෙන්නා බැන්දා කියමුකො... ඊළඟට එන ලොකුම ප්‍රශ්නෙ ටොප් බොටම් ප්‍රශ්නෙ.. මට බෑ බොටම් වෙන්න.... තමුසෙට බොටම් වෙන්න බැරි නෑනෙ.......'

"ආදරේ ඉස්සරහා ටොප් බොටම් කියන්නෙ නිකම්ම වචන විතරයි දිනුල්‍ය.... මං මුලිනුත් කිව්වා මං ඔයාට ආදරෙයි.... ඔයා ඉස්සරහා බොටම් වෙන එක මට එච්චර දෙයක් නෙමෙයි......."

මට මේ මනුස්සයව තේරුම් ගන්න බෑ දෙයියනේ... මං දැන් පණ ඉල්ලුවොත් ඒකත් දෙන සයිස් එකෙන් කොල්ලා ඉන්නෙ.....

'හරි හරි ඒවා වැඩක් නෑ.. මං සුප් එකක් හැදුවා.. බීලා ඉන්නවකො....

එයා ඒක කිව්ව විදියත් එක්ක මට කියන්න ඕනෙ මොනවද කියලා හිතාගන්න බැරි වුන තැන මං කතාව වෙනස් කරා.... ඒත්,

"ඔයාට බැරිද දිනුල්‍ය එක විනාඩියකටවත් මට ආදරේ කරන්න හිත හදාගන්න........"

මං හිතුවත් කතාව වෙනස් කරන්න එයාට නම් එහෙම උවමනාවක් තිබුනෙ නෑ....

'අපි ඔය ගැන කතා කරන එක නවත්තමු අකිලේශ්.. මං තාම එක්සැම් කළෙත් නෑනෙ.. තව ගොඩක් කල් තියෙනවනෙ.. අපි බලමු වෙන දෙයක් වෙයිනෙ.. එක්කො මේක වෙයි.. නැත්තන් නොවෙයි.. අපි බලමු... මං යන්න ඕනෙ දැන්....'

"ආදරේ නැත්තම් ඇයි එච්චර පරිස්සමට මාව බලාගත්තෙ.. නින්ද යනකම් ඔලුව අතගගා එහෙම කරේ ඇයි......

ඔයා නොදැනුවත්ව හරි කරන්නෙ එක දශමෙකින් හරි මට අලුතින් බලාපොරොත්තු දෙන එක.. හදාගන්න හදන හිතට ඇවිත් තට්ටු දාලා යන එක... මගෙ වේදනාව එක මොහොතකටවත් නොදැනෙන්න තරම් ගල් හිතක් ඔයාට ඇති කියලා මට හිතෙන්නෙ නෑ........"

'ම්..ම්ං යනවා......'

ඒ වචන ඉස්සරහා මගෙ වචන ගොළු වුනා විතරක් නෙමේ කටින් එළියට ආව වචන පවා ආවෙ පැටලිලා.... ඉතින් කියන්න දෙයක් නැති කමට මං සද්ද නැතුවම එන්න හැදුවත් එයා මගෙ අතේ මැණික් කටුව ගාවින් අල්ලලා නවත්තගත්තා....

"මගෙ දිනුල්‍ය..... තරහ නැත්තම් මට එක ආසාවක් කරගන්න දෙනවද... එක හාදුවක් තියන්න දෙනවද... සමහර විට මේක පළවෙනි පාර වගේම අවසාන වතාවත් වෙයි.........."

එයා එහෙම කිව්වත් මං හිතක් පපුවක් නැති එකෙක් වගේ එන්න එද්දි මං දැක්කා ඒ ඇස්වලට කඳුලු පිරෙනවා... දොර ගාවටම ආපු මං ආපහු හැරිලා එයා ගාවට ගිහින් ඒ මූණට පාත් වෙලා කම්මුලකට කිස් එකක් දීලා මොනාත්ම නොකියා එන්න ආවා... මං දැක්කා කොල්ලා ගැස්සෙනවා... මං දොර ළඟට ඇවිත් ආපහු හැරිලා බලද්දි කොල්ලා හිටපු විදියටම මං කිස් කරපු කම්මුලත් අල්ලගෙන ඉන්නවා.........

'පිස්සා මගෙ.....'

මටම මුමුණ ගන්න ගමන් බයික් එක ළඟට ඇවිත් මං ආයෙම කල්පනා කරේ මං කරපු දේ.... දිනුවා උඹ උට ආදරේ කරන්නවත් පටන් අරන්ද... අපි බලමු....

.

.

.

.

විනාඩි විස්සකට විතර පස්සෙ මං ගෙදර ඇවිත් කාමරේට ගිහින් ඉඳගෙන ඉද්දි විනාඩි පහකට විතර පස්සෙ මගෙ ෆෝන් එකට මැසේජ් එකක් ආවා.......

"Oya gedara giyada"

ඒක එයාගෙන්... චැට් එක ඕපන් කරලා මං ආයෙම රිප්ලයි එකජ් යැව්වා....

'Hmmm'

එයා මැසේජ් එක සීන් කරා.. ආයෙම මැසේජ් එව්වෙ නෑ.. ඉතින් මං ආයෙ මැසේජ් එකක් ටයිප් කරා......

'Soup eka biwwada?? Beheth biwwada??'

හරි හරි...මැසේජ් එක සීන් කරා.....

"Hmmm"

ඔන්න එයාගෙ රිප්ලයි එක...

'Hmm.. parissamata innawa.. mn hawas wela ennam... ge athulatama wela inna.... bye'

"Hmmm... bye"

මං එහෙමම ෆෝන් එක දාලා අම්මව හොයාගෙන ගියෙ දවල්ටත් අකිලේශ්ට කෑම ගිහින් දෙමු කියන්න.. මං යද්දි අම්මා ටීවී බලනවා... මං අම්මට කියන්න ඕනෙ දේත් කියලා ආයෙම කාමරේට ඇවිත් ඇඳට වැටිලා කල්පනා කරේ අද වුණ දේවල්.... මං එයාට ආදරේ කරන්න පටන් අරන්ද.... මට තව කල් ඕනෙ............

කතාව ගැන මොකද හිතෙන්නෙ ළමයි... බෝරින් වගේද.... තාම පටන් ගැන්මනෙ.. ඉස්සරහට ගොඩක් දේවල් සිද්ද වෙයි..... බලන් ඉමුකෝ.....

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!