Chapter 4 of 38

part 4

අවසානෙදි රෑ කැමට අපේ ගෙදරට ආව අකිලේශ්ගෙ ගෙදර අය යන්න ගියත් අකිලේශ් ගිහින් තිබුණෙම මගෙ හිතට ටොන් ගානක බරක් එකතු කරලා.. මගෙ නින්ද පවා නැති කරලා තිබුණ එයාගෙ වචන ආයෙ ආයෙ මගෙ ඔලුව ඇතුලෙ දෝංකාර දෙනවා වගේ ඇහෙද්දි මං පැය ගානක්ම ඇඳේ පෙරලි පෙරලි නින්ද හෙව්වා.. අවසානෙ මට නින්ද ගියේ කීයටද කියලවත් නොදැන මං ඇහැරුණේ එලාම් එකේ සද්දෙට.... ඉස්කෝලෙන් අකිලේශ්ව හම්බෙලා මේ ගැන කතා කරන්න හිතාගෙන ඉක්මණින් මං ලෑස්ති වුනේ මේ හිතෙ තියෙන නොසන්සුන් ගතිය ඉක්මනට නැති කරගන්න තිබුණ උවමනාව නිසාමයි....

.

.

.

.

ඉස්කෝලෙට ගිය වෙලාවෙ ඉඳන් හෙව්වත් මට තුන්වෙනි පීරියඩ් එකේ එයා අපේ පන්තියට එනකන්ම එයාව හොයාගන්න බැරි වුණා.. පන්තියට ආවත් එයා හැසිරුණේ මං කියලා කෙනෙක් පන්තියෙ නෑ වගේ.. මං දිහා එක පාරක්වත් වැරදිලාවත් හැරිලා බැලුවෙ නෑ... මට ඒක හිතට අමුත්තක් ගෙනාවත් වැඩිය ගනන් ගත්තෙ නැත්තෙ මං එයාට ආදරේ කරන්නෙ නැතුව එයා නිසා හිත රිද්දගන්නෙ මොකටද කියලා මගෙ යටි හිතම ආයෙ කිව්ව නිසා.....

තුන්වෙනි පීරියඩ් එක ඉවර වුන ගමන් අකිලේශ් පන්තියෙන එළියට ගියත් මං දුවගෙන ගිහින් පඩිපෙළ ළඟදි එයාව නවත්තගත්තා.......

'ඇයි තමුන් මාව ගනන් ගන්නෙ නැත්තෙ..?'

"................"

'මං ප්‍රශ්නයක් ඇහුවා...'

"මං ඔයාව ඒ තරමට ගනන් ගන්න තරම් අපි දෙන්නා අතර තියෙන සම්බන්දෙ මොකක්ද... මෙතනදි ඔයා මට තවත් ළමයෙක් විතරයි.. අනික ඔයාට කොහොමත් ඕනෙ නෑනෙ මාත් එක්ක සම්බන්ධයක් පටන් ගන්නත්... ඉතින් ඇයි මගෙ පස්සෙන් ඇවිත් මං හදාගන්න හදන හිත ආයෙ අවුල් කරන්නෙ........."

'................'

මං වචනයක්වත් කියපු නැති නිසාදෝ එයා එතන ඊට වඩා රැඳෙන්නැතුව ඉකමනින් එළියට ගියා.. මේ මනුස්සයව මට තේරුම් ගන්න බෑ.. ඇයි මගෙන් එයාට සැනසීමක් නෑ කියලා දැන දැනත් මං පස්සෙන්ම වැටිලා ඉන්නෙ......

.

.

.

.

එතනින් පස්සෙ මට එයාවත් එයාට මාවත් හම්බෙන්න උවමනාවක් තිබුණෙ නෑ.. ඉස්කෝලෙ ඉවර වෙලා ඔකිදුවයි අනිත් උන් ටිකයි එක්ක කෙලින්ම මං බස් හෝල්ට් එකට එනවත් එක්කම ඉස්කෝලෙ ගිහින් එන ගමන් හිටපු මගෙ නැන්දගෙ දුව යෙවිනි ඇවිත් මගෙ ඇඟේ එල්ලුනා... මගෙ අතිනුත් අල්ලන්න හිටපු කෙල්ල එක්ක මං කතා කර කර ඉද්දි අකිලේශ් ඉස්කෝලෙ ඇතුළෙ ඉඳන් ආවා වගේම මාවත් මගෙ අතින් අල්ලන් ඉඳපු යෙවිනිවත් දැක්කා.. කෙල්ල අල්ලගෙන ඉඳපු මගෙ අත දිහා බලපු එයා ආපු වැඩේවත් කරගන්නෙ නැතුව මූණත් අමුතු කරගෙන ආයෙන ඉස්කෝලෙ ඇතුළට ගියා වගේම බස් එක ආපු නිසා මාත් ගෙදර එන්න ආවා.....

ගෙදර ඇවිල්ලත් මං කල්පනා කරේ අකිලේශ්ට යෙවිනි කියන්නෙ කවුද කියලා කියනවද කියලා... එක්කෝ ඕනෙ නෑ.. ඒ මගෙ කෙල්ල කියලා හිතලවත් මගෙ ගැන තියෙන හැඟීම අතෑරගනීනෙ..

.

.

.

.

රෑ අට විතර වෙද්දි කෑම කාපු මං කාමරේට එන්න හැදුවත් අම්මා මට කතා කළා....

"පුතා, ඔයාට බැරිද අකිලේශ් පුතාලගෙ ගෙදර ගිහින් එන්න... එයාගෙ අම්මා මට දැන් කතා කරලා කිව්වා එයාලා දවස් හතරකට විතර ගමේ ගිහින් එන්න යනවා කියලා පුලුවන්නම් අකිලේශ් පුතාව බලාගන්න කියලා... ඔයාට බැරිද එහෙ ගිහින් මේ කෑම එක දීලා එන්න......."

'ඇයි එයාට කඩෙන් කන්න බැරුවද.. පොඩි එකෙක් නෙමෙයිනෙ.. උයාගන්න බැරිනම් කඩෙන් හරි කයිනෙ..මං යනවා කාමරේට......'

"පුතා.........."

'ඇයි වදේ ඇයි.. කෝ දෙන්න මං ගිහින් දෙන්නම්... හැබැයි මේක පුරුද්දට තියාගන්න එපා.. අනික එයාට ඕනෙනම් මෙහෙට ඇවිත් කෑම අරන් යන්න කියන්න.......'

අම්මටත් කෑ ගහපු මම ඊළඟට බයික් එකත් පුලුවන් තරම් රේස් කරලා ආවෙ හිතේ තිබුන තරහටත් එක්කමයි... කොච්චර මූව ඈත් කරන්න ඕනෙ වුනත් වෙන්නෙ තවත් ළං වෙන්බ හේතු හැදෙන එක විතරයි......

විනාඩි විස්සකට විතර පස්සෙ අකිලේශ්ගෙ ගෙදරට ආව මං බයික් එකෙන් බැහැලා එක අතකින් කෑම එකත් අරගෙන දොර ළඟට වෙලා බෙල් එක එක පාරක් ගහලා බැලුවා.. සද්දයක් නැති තැන ආයෙම තුන් හතර සැරයක් බෙල් එක ගහලා බැලුවත් දොර ඇරුනේ නැති නිසා දොරේ හැඬල් එකට අත තියලා බැලුවේ දොර ලොක් කරලද කියලා.. නෑ.. මං අත තියලා ලොක් එක කැරකුවා විතරයි දොර ඇරුණා.. ඒත් ගේ ඇතුළෙ එක ලයිට් එකක්වත් නෑ.. ඔක්කොම ඕෆ්.. දොර ඇරගෙන ලයිට් එකක්වත් නොදා මේ මනුස්සයා මොනවා කරනවද මන්දා... මං දෙතුන් සැරයක් නම කියලා කතා කළත් අකිලේශ්ගෙන් සද්දයක් නැති නිසාම මීට කලින් දවසක ඇවිත් පුරුද්දට වගේ එයාගෙ කාමරේ හොයාගෙන ගිහින් දොර ඇරලා ලයිට් එක දැම්මා........

.

.

.

.

.

.

දෙවියනේ අකිලේශ්.... මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තේ එයා හිටිය විදිහ දැකලා.. උඩට ඇඳුමක් නැතුව ශෝට් එකක් පිටින් ඇදේ කොණක ගුලි වෙලා අත් දෙකත් එක ළඟට කරගෙන වෙව්ල වෙව්ල හිටපු අකිලේශ් ළඟට ගිහින් මම එයාගෙ ඇඟට අත තියලා කතා කරන්න හැදුවා විතරයි එයාව ගැස්සිලා ගියා... කොල්ලගෙ ඇඟ ගින්දර වගේ රත් වෙලා... හොඳටම උණ.. එයාව වෙව්ලනවා විතරක් නෙමේ එයාටත් නොදැනිම එයා කෙඳිරි ගානවා.....

.

.

.

.

.

.

.

'අකිලේශ්..'

මං එයාට කතා කරත් එයාගෙන් සද්දයක් නැති තැන මං ආයෙම එයාට කතා කරා... ඊට පස්සෙ නම් එයා අමාරුවෙන් බාගෙට ඇස් ඇරලා මං දිහා බැලුවා...

"දිනුල්‍ය......"

'ම්ම්... දිනුල්‍ය තමයි.. කවුරු වගේද පේන්නෙ.....'

"ඇයි ඔයා මෙහෙ....."

'මෙහෙ කියන්නෙ අපෙ අම්මට එයාගෙ අලුත් පුතා ගැන හරි දුකනෙ.. ඒකයි මේ.. මට කෑම අදින්න වුණානෙ එයාගෙ අලුත් පුතාට......'

"...................."

'කෝ නැගිටිනවා... නැගිටලා මේක කනවකො බෙහෙත් ටිකක් බොන්න.. උණට බොන බෙහෙත් කොහෙද තියෙන්නෙ.....'

"මට කන්න බෑ දිනුල්‍ය...."

'කන්න බෑ කියන්නෙ... නොකාද බෙහෙත් බොන්න හදන්නෙ.. මේ මට තමුසෙව හුරතල් කරන්න වෙලාවක් නෑ... ඉක්මනට ඕක කනවකො මට යන්න ඕනෙ....'

"මං එහෙම කිව්වම එයා මගෙ මූණ දිහා බලන් ඉඳලා වෙව්ලන අත්වලින් කෑම එක කන්න ගත්තා වගේම මං ගිහින් බෙහෙත් හොයාගෙන අරන් ඇවිත් එයාගෙ එහා පැත්තෙන් ඉඳගෙන එයා කකා හිටපු කෑම එක ගත්තා වගේම එයා ඒ දිහා බලන් හිටියා.....'

'කෝ කට අරිනවා.....'

එයා අමාරුවෙන් කනවා දැක්ක හින්දම මං කෑම එක ඉල්ලන් එයාට කවන්න හැදුවා වගේම එයා හිමින් හිමින් කෑම එකෙන් බාගයක් විතර කාලා ඉවර කළා... කෑම කවලා බෙහෙතුත් දුන්නට පස්සෙ මං ගෙදර එන්න හදද්දි එයා මට කතා කළා....

"දිනුල්‍ය......"

මං මොනවත් නොකියා එයා පැත්ත හැරුණා...

"ඔයාට යන්නම ඕනෙද...?"

'යන්නම ඕනෙද අහන්නෙ යන්න ඕනෙ තමයි... නැතුව මට වෙන වැඩ නෑ කියලා හිතුවද බබ්බු හුරතල් කර කර ඉන්නවා ඇරෙන්න.....'

මං ගානක් නැතුව එහෙම කිව්වත් මං දැක්කා එයාගෙ මූණ වෙනස් වෙනවා..

"හ්ම්ම්ම්.... පරිස්සමින් යන්න......"

මං මොනවත් නොකියා පහළට ඇවිත් බයික් එක ළඟට ගිහින් කල්පනා කරේ ආයෙ එයාට රෑ අමාරු වුණොත් මොකද කරන්නෙ කියලා... මං එහෙම්ම ආපහු ගේ ඇතුළට ගිහින් දොර ලොක් කරලා එයාගෙ කාමරේට යද්දි මං දැක්කා එයා ගැස්සිලා වගේ එයාගෙ ඇස් පිහාගෙන මං දිහා බලනවා...

"දි..නුල්‍ය ඔයා ගියෙ නැද්ද...."

'නෑ...තමුසෙට රෑ අමාරු වුණොත් එහෙම කාටද කියන්නෙ... මං අද ඉන්නම්... තමුසෙ නිදාගන්නවා....'

"ඇයි ඔයා නිදාගන්නැද්ද....."

'මං මෙහෙම ඉන්නම්.. තමුසෙනෙ මෙතන ලෙඩා.. තමුසෙ නිදාගන්නවකො.....'

එහෙම කියලා මං ෆෝන් එකත් අරන් බැල්කනි එකට ගියෙ මං අද නවතිනවා කියලා අම්මට කියන්න... මං කෝල් එක ඉවර වෙලා එද්දි එයාට නින්ද ගිහින් තිබුනා.. මං හිමිට එයා ළඟට ගිහින් බිමින් දණ ගහගෙන එයාගෙ මූණ දිහා බලාගෙන හිටියා... එයාට තිබුණෙ හරි නිවුන තැන්පත් මූණක්.... දිග ඇහි පිහාටු, හීනි නහය, හීනි තොල්, ඝණ ඇහිබැමි එක්කම මූණට වැටුණ කොන්ඩෙත් එක්ක එයාට තිබුණෙ අමුතුම ලස්සනක් වෙනකොට මට ඒ මූණෙන් ඇස් අහකට ගනන් ලෝබ හිතුණා.. කොච්චර මට එයාව එපා කියලා කිව්වත් එයාව ප්‍රතික්ෂේප කරන්න තරම් මගෙ හිත නැවෙන්නෙ නැති එක මටත් ප්‍රශ්නයක්....

"ම්හ්හ්ම්ම්... දිනු..ල්‍ය... මාව දාලා යන්න එ..පා...."

මං ගැස්සුණා.. එයා හීනෙන් පවා මගෙ නම මුමුණනවා ඇහෙනකොට මට මොකද්දො අමුත්තක් වගේම එයා ගැන අනුකම්පාවකුත් හිතුණා.. උඹ ඔය දුවන්නෙ මිරිඟුවක් පස්සෙ නේද අකිලේශ්... උඹට අවසානෙ දුක විතරක් ඉතුරු වුණොත්....

‍ඒත්  මං පොරොන්දු වෙන්නම්... කොයිම මොහොතක හරි මට උඹ ගැන ආදරයක් හිතුණොත් මං එක තත්පරයක්වත් පරක්කු නොකර උඹ ළඟට දුවගෙන ඇවිත් කියන්නම් මං උඹට ආදරෙයි කියලා.......

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!