Chapter 3 of 38

part 3

දවසම ඔකිඳුවගෙ අඳෝනාව අහගෙන ඉඳලා හවස ගෙදර ආව ගමන් මං ලෑස්ති වුනේ හවස තියෙන ක්ලාස් එකට යන්න..

"පුතා... අද ක්ලාස් නොයා ගෙදර ඉන්න.. අර දරුවගෙ ගෙදර අය එනවා කිව්වා අද රෑ කෑමට අපේ ගෙදර.. ඔයා නතර වෙලා මට ටිකක් උදව් කරන්න....."

මේ මොන හෙන ගෙඩියක්ද... ඇත්තමයි මාස දෙකයි හරියටම මේ වදේ නැතුව හිටියෙ.. දැන්නම් කොහෙ ගියත් මේ අකිලේශ් කාරයා නොගෑවෙන තැනක් නෑ...උඹ පව් දිනුල්‍ය...

කොච්චර මොනා කිව්වත් අම්මගෙ හිත රිද්දන්න බැරි නිසාම මං වචනයක්වත් නොකියා කුස්සියට ගියෙ කෑම කාලම අම්මට උදව් කරන්න හිතාගෙන...

'අම්මෙ.. ඇයි එයාලා රෑට කන්න අපේ ගෙදර එන්නෙ.. එයාලට උයාගෙන කන්න බැරුවද.. අපිත් උයන්නෙ එයාල වගේම තමයි කියලා එයාලටත් උයාගෙනම කන්න කියන්නකො.....'

"අනේ ඇත්තමයි දරුවෝ ඔයාවනම් හදන්නම බෑ.. ඒ මිනිස්සු එන්නෙ ඔයාලා දෙන්නා කසාද බඳින්න ඉන්න කපල් එකජ් නිසා ටික ටික පවුල් දෙක කිට්ටු කරගන්න වගේම ඔයාලට ඔයාලව අඳුරගන්න අවස්ථාවක් දෙන්න.. ඔයාට නම් මේවාගෙ කිසිම උවමනාවක් නෑ දරුවො.. අනේ මං දන්නෙ නෑ අර දරුවා කොහොම ඉහ ගහලා ඉඳීද කියලා......"

'එයාට මාත් එක්ක ඉහ ගහලා ඉන්න බැරිනම් එයාට වෙන ගෙදරක් හොයාගන්න කියන්න බැන්දට පස්සෙ ඉන්න.. නැත්තම් උගෙ අම්මලා එක්කම ඉන්න කියන්න.. මං මෙහෙන් කන්නම් එයා එහෙන් කයි......'

"ඔයාට කියලා වැඩක් නෑ දරුවො...කාලා ඉවරනම් ඇවිත් මේ කැරට් ටික සුද්ද කරලා හොඳට හෝදන්න...."

'අලුත් පුතාට මොනවා හරි කියද්දි හරියට රිදෙනවා නේහ්.......'

"............................"

මං අකිලේශ්ට බණිනවා අහන් ඉදපු අම්මා මාත් එක්ක කතා කරලා වැඩක් නෑ කියලා එයාගෙ පාඩුවෙ වැඩේ කරන්න ගත්තා මිසක් ආයෙ මං කියපුවට උත්තර දෙන්න තියා මං දුන්න වැඩේ හරියට කරනවද බලන්නවත් මං පැත්තට හැරුණෙ නෑ.........

ඉතින් පැයකට විතර පස්සෙ අම්මා එක්ක උයලා ඉවර වෙලා මං වොශ් දාගෙන එන්න කාමරේට යනවත් එක්කම වගේ මිදුලේ වාහනයක් නවත්තන සද්දෙ ඇහුණත් මං මගෙ පාඩුවෙ වොශ්රූම් එකට ගිහින් දොර වහගත්තා.....

I love it when you call me senorita

I wish I could pretend I didn't need ya

But every touch is ooh la la la

It's true la la la

Ooh I should be running

Ooh you know

I love it when you call me senorita

I wish it wasn't so damn hard to leave ya

But every touch is ooh la la la

It's true la la la

Ooh I should be running

Ooh you keep me coming for ya..............

සින්දුවකුත් කියන ගමන් මම හිමින් හිමින් පැයක් විතර නාගත්තෙ අද රෑ කෑමට අකිලේශ්ගෙ ගෙදර අය ආවා කියලා සම්පූර්ණ අමතක වෙලා තිබුණ නිසා... හදිසියේ මොකක් හරි හේතුවකට ඒක මතක් වුන නිසාම පස්ස කැඩිච්ච කඩියා වගේ අහටයි මෙහෙටයි දුව දුව ලෑස්ති වුනේ මං එනකම් ඒ මිනිස්සු කෑම කන්නෙ නෑ කියලා මතක් වුන නිසා... කාමරේට වෙලා ලෑස්ති වෙවී හිටපු මට කවුරු හරි මගෙ කාමරේ දොරට තට්ටු කරනවා ඇහුණා.....

"දිනුල්‍ය...ඔයා නාලා ඉවර නැද්ද.. පහළ කට්ටිය ඔයා එනකම් බලන් ඉන්නවා......"

ඒ අකීලේශ්.. මූ ඒ පාර කෙලින්ම මගෙ කාමරේ ළඟටම ඇවිත් මට කෑම කන්න අඬගනවා...

'ඇයි තමුන් ආවෙ... අම්මට එන්න කියන්න තිබුණනෙ.. එයාලා එන්න කිව්වනම් තමුසෙට කියන්න තිබුණා බෑ කියලා.. කාමරේටම ඇවිත් කෑමට අඬගහන් යන්න හදද්දි මං අනේ එන්න ඔයා මගෙ අනාගත හබීනෙ කියලා තමුන්ගෙ අතේ එල්ලිලා පහළට යන්න එයි කියලා හිතිලද තමුසෙ උඩට ආවෙ.....'

මං කිව්ව වචනත් එක්ක එයා සද්ද නැතුව වෙන පැත්තක් බලාගත්තා වගේම මං බලාගෙන එයා ලොකු හුස්මක් පහළ දානවා......

"දිනුල්‍ය, ඔයා මේ මැරේජ් එකට කැමති නැත්තම් ඒක කෙලින්ම අද හැමෝටම කියන්න.. බලෙන් මේ දේවල් කරලා සතුටින් ජීවත් වෙන්න හීන මවන්න බෑනෙ.... අකමැතිනම් දැන්ම ඒක කියලා මේ වෙඩින් එක ගැන කතාව මෙතනින්ම නවත්තලා දාන්න... එතකොට මේ ප්‍රශ්න ඉවරනෙ......"

'ඉතින් මට කියන්නෙ.. තමුනුත් මේ මැරේජ් එකට කැමති නෑනෙ.. තමුන්ට පුලුවන්නෙ ඒ අයට කෙලින්ම කියන්න තමුන් මේ මැරේජ් එකට කැමති නෑ කියලා.......'

"මං අකමැති නම් මං මෙච්චර කල් ගන්නෙ නෑ දිනුල්‍ය ඒ දේ කියන්න......."

එහෙම කියපු එයා ආයෙ මං දිහාවත් නොබලා කෙලින්ම පඩිපෙළ බැහැලා කට්ටිය ඉන්න තැනට ගියා වගේම මං තාම හිටපු තැනටම වෙලා කල්පනා කරන්නෙ එයා කිව්ව දේ... එයා අකමැති නම් කලින්ම මැරේජ් එක නවත්තනවා කියන්නෙ..... ඒ කියන්නෙ එයා මාව කසාද බඳින්න හදන්නෙ කැමැත්තෙන්මද... දෙවියනේ ඒ පාර මේ මොන මරාලයක්ද......

.

.

.

.

.

කෑම කාලා ඉවර වෙනකම්වත් අකිලේශ් නෙමෙයි නං දිහා බැලුවේ.. කෑම කාලා ඉවර වෙලත් අම්මලාට කතා කර කර ඉන්නකො කියලා එයා කරේ කෙලින්ම එළියට ගියපු එක.... එයා එළියට යනවත් එක්කම මාත් එළියට ආවෙ ඒ කිව්ව කතාව මොකද්ද කියලා හරියටම දැනගන්න ඕනෙ නිසා... එයා ළඟට කිට්ටු වුන මම එයාගෙ නම කියලා කතා කරනකන්වත් එයා නෙමෙයි මගෙ දිහා නිකමටවත් හැරිලා බැලුවෙ.....

'අකිලේශ්.....'

"ම්ම්...."

'ඔයා ඒ කියපු කතාව මොකද්ද..?'

".............."

'මට උත්තර දෙන්න......'

"මං ඒ වෙලාවෙම ඔයාට ඕනෙ කරන උත්තරේ දුන්නා දිනුල්‍ය... මං මගෙ තීරණේ කිව්වා.. ඔයා ඔයාගෙ තීරණේ කියන්න.....

ඔයා මාත් එක්ක හිටියත් නැතත් මං ඔයාට ආදරේ කරන්න පටන් ඉවරයි.. ඒක අදත් හෙටත් එහෙමම තියෙයි.. මං ඔයාට ආදරෙයි... ඒක ඇත්ත... එහෙමයි කියලා මං ඔයාට කියන්නෙ නෑ ඔයත් මට ආදරේ කරන්න ඕනෙමයි කියලා.. මේ ලෝකෙ ඕනෙම මනුස්සයෙක්ට පුලුවන් තමන් කැමති කෙනෙක්ට ආදරේ කරන්න.. ඔයාට පුලුවන් ඔයා කැමති කෙනෙක්ව ආදරේ කරන්න තෝරගන්න.. ඔයා ඔයාගෙ පාරෙ යන්න.. එහෙමයි කියලා මං ඔයාට ආදරේ කරන එක නවත්තන්න ඕනෙ කියලා එකක් නෑනෙ.. මං ආදරේ කරන්නම්.. මට බැරි නෑ තනියම ආදරේ කරන්න......"

'ඇයි ඔයාට බැරි මං වෙනුවට ඔයාට ආදරේ කරන කෙනෙක් හොයාගන්න....'

"මට කෙනෙක් හොයාගන්න පුලුවන් වෙයි.. ඒත් ඔයාට වගේ මට එයාට ආදරේ කරන්න බැරි වෙයි... ඔයා වෙනුවට මං එයාව රිප්ලේස් කරගත්තා වගේ වෙයි..

හමුවීම ප්‍රේමය නොවේ

වෙන්වීම ප්‍රේමය වඩයි

අපි පතා ආවා වගේ

වෙන්වී යයි..........."

එහෙම කියලා ආයෙත් මට වචනයක්වත් කියන්න ඉඩක් නොතියාම එයා ආයෙම ඇතුළට ගියා වගේම මං පායලා තිබුණ තරුත් එක්ක මිදුලේ තනිවුනා............

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!