Chapter 21 of 38

part 21

කාලෙ ඉක්මනට ගෙවිලා ගිහින් අපේ වෙඩින් එකට තව හරියට ම සති දෙකයි ඉතුරු වෙලා තියෙන්නෙ..හෙට සෙනසුරාදා දවසක්.. ඉස්කෝලෙ අපේ වයසෙ සෙට් එක ට්‍රිප් එකක් යන්න දාගෙන තියෙන්නෙ හෙට.. මට එයා නැතුව යන්න බැරි නිසා එයාවත් එක්කගෙන එන්න ඇහුවම කොල්ලො ඒකට අකමැති වුනේ නෑ.. මොකද උන් දන්නවා මෙයා තදට හිටියට ඔය වගේ ඒවාට අපි වගේ ම උනන්දුයි කියලා.. කොල්ලො ටික දන්නවා අපි දෙන්නා මැරි කරන්න ඉන්නෙ කියලා.. ඒ නිසා ලොකු අවුලක් නෑ.. හෙට උදෙන් ම පිටත් වෙන නිසා එයා හවස අපේ ගෙදර ආවා.. ට්‍රිප් එක යන්න දාගෙන තිබුනෙ නුවරඑළි.. එයා නම් යන එක අදිමදි කරා අපි ළඟදිත් ගිහින් ආව නිසා.. ඒත් එදා අපි දෙන්නා ගියා වගේ නෙමෙයිනෙ හෙට කොල්ලො එක්ක යද්දි.. උන් දාගෙන තිබුනෙ අනිද්දා රෑට නාදගම බලන්නත් යන්න.. එයා එක්ක ගියාට නාදගම බලන්න යන්න බැරි වුන නිසා එයත් ආසාවෙන් හිටපු නිසා එයාව කැමති කරගන්න අමාරු වුනේ නෑ..

.

.

.

.

.

.

.

.

.

පාන්දර හතර වෙද්දි අපේ ගෙදර ඉස්සරහින් බස් එක නවත්තලා හෝන් එක ගහද්දි එයයි මායි ඉක්මනට බෑග් ටිකත් අරගෙන ගිහින් බස් එකට නැග්ගා.. අපි එද්දි තාම කොල්ලො පස් හය දෙනයි හිටියෙ.. අනිත් උන් මගින් ගන්න ඕනෙ.. එයයි මායි ගිහින් අවසාන සීට් එකෙන් වාඩි වුනා.. ඔකිඳුවා කියලා තිබුනෙ අපි සෙට් එකට අවසාන සීට් එක අල්ලගන්න කියලා..ඌත් නගින්නෙ අපිට පස්සෙ..

කොහොම හරි හතරයි විස්ස විතර වෙද්දි කොල්ලො ඔක්කොම සෙට් කරගන්න පුලුවන් වුනා.. එයයි,මායි,ඔකිඳුවයි,ආකාශුයි,නෙහානුයි තමයි අන්තිම සීට් එක අරක් ගත්තෙ.. උදේ ම නිසාද කොහෙද එකෙක්වත් සද්ද බද්ද නැතුව තමන්ගෙ පාඩුවේ ගියා.. උදේට කෑම කන්න මගින් නැවැත්තුවට පස්සෙ එයාවත් එක්කගෙන රෙස්ටුරන්ට් එකට ගිහින් එයාට කන්න කැමති දේවල් අරන් දීලා කාලා ඉවර වුනාට පස්සෙ අනිත් උන්ට කලින් අපි දෙන්නා බස් එකට ආවා...

අන්තිම සීට් එකට ඇවිත් එයාව අයිනටම දාලා මාත් ඒ ළඟින් ම වාඩි වුනා.. අද එයා හරි ලස්සනයි.. අහිංසක පාටයි වගේම හරි පින් පාටයි.. මං එහෙම්ම එයාගෙ අත් දෙක අල්ලගෙන එයාගෙ මූණ දිහා තත්පර ගානක් බලන් ඉඳලා එයාගෙ නළලින් හාදුවක් තිබ්බා.. නළලට දෙන හාදුවක් කියන්නෙම ආදරේ පෙන්නන එක විදියක්ලුනෙ.. ඇත්තටම නළලට දෙන හාදුව හරි ආදර්ණීයයි වගේ ම ඒ හාදුව ඇතුලේ ආරක්ෂාවක් දැනෙනවා.. මං එයාගෙ ඉණ වටෙන් අත යවලා එයාව බදාගෙන ඒ උරහිසෙන් ඔලුව තියාගත්තා.. උපරිම විනාඩි දෙකක් එහෙම ඉන්න පුලුවන් වෙන්න ඇති...ඒත් එක්කම වගේ ඔකිඳුවගෙ කිංකිණි නාදය ඇහුනා....

"අඩෝ දිනුවා මේහ්....."

එච්චරයි..අපි දෙන්නව දැක්කට පස්සෙ උට ඊට වඩා දෙයක් කියාගන්න බැරි වුනා වගේම සද්ද නැතුව ඇවිත් අපි දෙන්නා හිටපු තැනින් ම වාඩි වුනා.. මං අයියා දිහා බලද්දි එයා අතින් කට වහගෙන හිනාවෙනවා....

"මේ... උඹලා ආවෙ ට්‍රිප් එකක්ද නැත්තම් වන්දනා ගමනක්ද....?"

ටික දුරක් යද්දි නෙහානයා ෆෝම් වුනා.. ඌ කියන්නෙ ඇත්ත.. අද අරක එපා මේක එපා කියන්න ගුරුවරු දෙමව්පියො නෑ.. බස් එකත් නෙහානයාමයි හොයලා දුන්නේ.. ආයෙ කවදා කට්ටිය මෙහෙම සෙට් වෙන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.. ඉතින් සතුටින් ගතකරන්න තියෙන මොහොත සතුටින් ඉන්න ඕනෙ....

"ඒ වරෙල්ලා සින්දුවක් කියන්න....."

අපි ළඟ හිටපු අකාශයා කෑ ගැහුවම ඉස්සරහා හිටපු කීප දෙනෙක්ම පිටිපස්සට ආවා... අපි ඉන්න හරියෙ ඉන්නෙ ආතල්ම සෙට් එක.. පන්තියේ වුනත් ඉන්නවනෙ පොත් ගුල්ලො, අපතයො ටිකකුයි ඔය දෙකටම නැති උනුයි.. මායි අපේ සෙට් එකයි ඔය දෙකටම අයිති වෙන උන්...

ඉස්සරහා හිටපු කොල්ලෙක් බොංගෝ එකක් අරන් ඇවිත් ඒක ගහන ගමන් සින්දුවක් පටන් ගත්තා...

"පාරෙන් ඉවතට යයිදෝ මම නම්

අහකට විසිවෙයිදෝ දැන්

හදවත පුපුරයි තරහින්

සෙනෙහස පැතු ඈගෙන්

උනුහුම නොලබෙයිදෝ දැන්

හදවත විඳි දුක මෙතරම්

ඇයි මෙලෙස කරන්නේ දැන්"

මං අයියා දිහා හැරිලා බලද්දි එයත් අත්පුඩි ගහන ගමන් හිනාවෙවී ඉන්නවා කොල්ලො එක්ක..එයා පොඩි එකෙක් වගේ හැසිරෙන්නෙ මේ වගේ වෙලාවට.. කොල්ලොන්ටත් වැඩිය ගානක් නෑ එයාව දැන් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවනෙ...

"අඩමානෙන් සිටියේ මගෙ හිත

කිව්වත් නෑ ඇසුවේ

නෙතු මානෙන් මැකුනේ

ඔබෙ සිතුවම් දැන් බොඳවී යන්නේ....."

"හා හා  ඒක ඇති දැන් වෙන එකක් පටන් ගමු..."

ඔකිඳුවා රැප් එක පටන් ගන්න හදද්දිම නෙහානයා කෑගැහුවෙ අරූ මෙතන ඕක කියන්න ගත්තොත් අපිට බස් එකේ ඉන්න බැරි වෙන හින්දා...

"එලෙස කෙලෙස... මං රැප් එක කියන්නනෙ හැදුවෙ..."

ඔකිඳුවා ෆෝම් වුනා....

"හා හා..ඔය රැප් එක එපා.. වෙන එකක කියමු හාද...."

එහෙම කියලා නෙහානයා බොංගෝ එක ඉල්ලගෙන සින්දුවක් කියන්න ගත්තා....

"ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලෝ වෙයිද මෙල්ල

වැස්සේ නාලා වාගේ ඉස්සී කොණ්ඩේ බූසි කෙල්ල

බැල්මන් පාලා ඇයිදෝ කෙල්ලේ බෙල්ලේ එල්ලා තැල්ල

ඔච්චම් පාලා සල්ලම් වෙයිදෝ රෑනේ කොල්ලන් මෙල්ල

ඉඟි වසා දෑස... ලා දෙතොල රෝස

නෑ කොල්ලෝ රෑනේ අවුල තැවුල

ගැට පිච්ච මාල... රතු කොණ්ඩ බෝල

රැවටිච්චි කොච්චි හිච්චි කෙල්ල

ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලෝ වෙයිද මෙල්ල

වැස්සේ නාලා වාගේ ඉස්සී කොණ්ඩේ බූසි කෙල්ල

(වේන්ඩාම් ගෝපාල් වේන්ඩාම්)

මේ භාරි... නෑ කාරි... නෑ බේරි... මට ඉන්න දෙන්න

පාවී... හද යාවී... අපි නෑ සසල...

හරි ගෝරි... අර ලේඩි... අපේ නාඩි... නෑ කිසිදා ගැස්සී

නාරි... හරි ගෝරි... වංචාකාරි

රුව මවාන කියන්න මනසේ... අත වනාලා එයාලා රැවටේ

අයියෝ නැගඩින් මේ වගේ කැරකී

රවටගන්න දවටගන්න ළඟට ගන්න බෑ.....

මේ ඇස් දෙක ඇස් දෙක ඇස් දෙක

ඇස් දෙක මානේ රඟාන... ඉඟ ගැස්සෙන තාලෙට දමාන

රැඳෙන්න මාගේ පාමුල... අපි අනංගයෝ වාගේනේ

බොරු සංකර පානා හඬ නගා... අපි චංචල වෙන්නෑ කටු කකා

නයා විඩයිබර දණ ගගා... කොලු රෑන දෑස වසා

සංසාරේ පේන්න... ආවා මත් වීලා

අපි නෑනේ හැඬුවේ කිසිදා වීලා මාට්ටු

ඇස් මානේ චාටු... දැම්මාට පාඩු

කොලු රෑනට නෑනේ හිත දෙන්නේ සාත්තු

ලණු කාපු කොල්ලෝ... බූට් කාපු කොල්ලෝ

දැන් YouTube Facebook like කරන්නෝ

පෙම නෑනේ කාන්දු... කොලු රෑනේ ආණ්ඩු

මේ කෙල්ලන් එක්කන් නෑනේ බින්දු

ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලෝ වෙයිද මෙල්ල

වැස්සේ නාලා වාගේ ඉස්සී කොණ්ඩේ බූසි කෙල්ල

මේ භාරි... නෑ කාරි... නෑ බේරි.... මට ඉන්න දෙන්න

පාවී හද යාවී අපි නෑ සසල..."

"ඒහ්.. දිනුවා සින්දුවක් කියමුද...?"

නෙහානයා එහෙම කිව්වත් මං බෑ කියන්න හදද්දි නිකමට වගේ අයියා දිහා බැලුවා.. එයත් හරි ආසාවෙන් මං සින්දුවක් කියනකම් බලන් ඉන්නෙ කියලා මට තේරුන නිසා මං ගිටාර් එක අතට ගත්තා..මොකද මට ඔය හයිස්පීඩ් සින්දු කියන්න ආස නෑ....

'නුහුරු නුපුරුදු සෙනෙහෙ නුඹ ගැන තවම විමසනවා

ගැහෙන හද මගෙ නොකියු ප්‍රේමය තනිව විඳවනවා

දකින තුරු නුඹ සියුම් හුස්මන් පවා ලතවෙනවා

මග බලන හැම තත්පරෙත් කල්පයක් වගෙ දැනුනා

ඔය දෑසින් මා මත් වූයේ

රැදුනා නම් මා නෙත් මානේ

රැකගන්නම් මා පණ වාගේ

ඔබමයි පැතුවේ සංසාරේ

නුඹ හා රැඳිලා

නොකියා සඟවා

තරු හා මුමුණා

ළං වෙන්න මා දින ගැන්නා

මතකයක් මැවෙනවා සිහිනෙක නුඹ හා

කාලයත් ගෙවෙනවා අපි දුර ඇදිලා

සුසුමන් සනහා කුලුඳුල් පෙම මා

නුඹ ළඟ තියලා

අඳුරේ නොහෙලා නුදුරේ මතු දා

වෙනවද මගේ සදා

ඔය දෑසින් මා මත් වූයේ

රැඳුනා නම් මා නෙත් මානේ

රැකගන්නම් මා පණ වාගේ

ඔබමයි පැතුවේ සංසාරේ

නුහුරු නුපුරුදු සෙනෙහෙ නුඹ ගැන තවම විමසනවා

ගැහෙන හද මගෙ නොකියු ප්‍රේමය තනිව විඳවනවා

දකින තුරු නුඹ සියුම් හුස්මන් පවා ලතවෙනවා

මග බලන හැම තත්පරෙත් කල්පයක් වගෙ දැනුනා

ඔය දෑසින් මා මත් වූයේ

රැඳුනා නම්  මා නෙත් මානේ

රැකගන්නම් මා පණ වාගේ

ඔබමයි පැතුවේ සංසාරේ

ඔය දෑසින් මා මත් වූයේ

රැඳුනා නම් මා නෙත් මානේ

රැකගන්නම් මා පණ වාගේ

ඔබමයි පැතුවේ සංසාරේ'

එයාගෙ දිහා බලාගෙන සින්දුවෙ අවසාන පද ටික කියලා ඉවර කරනවත් එක්කම කොල්ලො අත්පුඩි ගහලා විසිල් ගහලා එතන කෝලමක් කරා...

අපේ උන්ට ඉතින් සින්දු කියන්න කිව්වොත් මේ ලෝකෙ සිහියක් නෑ... ඉස්කෝලෙ යද්දිත් හිස් පීරියඩ් එකක් සෙට් වුන ගමන් කරන්නෙ සෙට් වෙලා සින්දු කියන එකනෙ.. මේ කාලෙට කරන දේවල් මේ කාලෙට විතරයි.. ඉස්කෝල කාලෙ කරන දේවල් ලොකු වෙලා කරන්න බෑනෙ.. ඉස්කෝල කාලෙ තමයි මං හිතන විදියට ජීවිතේ හොඳම කාලේ.. ඒකත් ඒ ලෙවල් කාලේ... සමහරු ඕ ලෙවල් කරලා ගෙදර නවතිනවා.. ඒ ලෙවල් කරාට වැඩක් නෑ කියනවා.. වැඩක් තියෙන්න හරි නැතිවෙන්න හරි ඒලෙවල් කරන්න ඕනනෙ.. පොඩි කාලෙ ඉඳන් ඕලෙවල් විතර වෙනකම් මහ කරුමයක් එපා වෙනවා කියලා කිව්වට ඒ ලෙවල් කරන්න ආවාමයි පාසල් කාලෙ අගය දැනෙන්නෙ.. ඒකත් ඉස්කෝල ජීවිතේ අවසාන ටිකේ.. ඒ නිසා මං නම් දන්න ඕනෙ කෙනෙක්ට කියන්නෙ පාස් වෙන්න හෝ නැති වෙන්න ඒ ලෙවල් කරන්න.. මොකද ආයෙ ඒ අත්දැකීම ගන්න බෑ....

.

.

.

.

.

.

කොහොම හරි සින්දු කියලා නටලා කාලා බීලා අපි නුවරඑළියෙ තවතින්න බුක් කරලා තිබුන ගෙස්ට් හවුස් එකට එද්දි හවස් වෙලා.. ඒකෙ කාමර ගොඩක් තිබුන නිසා ප්‍රශ්න නැතුව කොල්ලොන්ට කැමති විදියට කාමර තෝරගන්න පුලුවන් වුනා.. අයියයි මමයි දෙන්නත් කාමරයක් තෝරගෙන මුලින්ම කරේ වොශ් දාගත්ත එක.. ගමන් මහන්සියත් එක්ක ඇඟට වතුර වැටෙද්දි මාර සනීපයි.....

කොහොම හරි නාලා කාලා ඉවර වෙලා රෑ අට විතර වෙද්දි කොල්ලො ටික ගෙස්ට් හවුස් එක ඉස්සරහා තිබුන තනකොල වවලා තිබුන පොඩි මිදුලට සෙට් වුනා.. කාලෙකින් හම්බුන නිසා සින්දුවක් කියලා ජොලියක් ගන්න කට්ටිය කතා වුනේ......

"සින්දුවක් කියපල්ලකො... කවුද ඉස්සරම කියන්නෙ....."

'මම කියන්නම්...'

ඔකිඳුවා සින්දුවක් කියන්නෙ කවුද කියලා ඇහුව පමාවට මං සින්දුවක් කියන්න ඉදිරිපත් වුනා.. ඇයි කියන්න දන්නෙ නෑ මං අයියා ඉස්සරහා සින්දු කියන්න හරි ආස වුනා... ගිටාර් එක හරියට ඇජෙස්ට් කරගෙන මං සින්දුව පටන් ගත්තා....

'සඳ නාව දිනයක් පාසා

ඉකි බිඳින කවියක් රෑ

බොඳ පාට බිඳුවක් සීමා

යයි සේදි පදවැල් පෑ

සඳ නාව දිනයක් පාසා

ඉකි බිඳින කවියක් රෑ

බොඳ පාට බිඳුවක් සීමා

යයි සේදි පදවැල් පෑ

මාරුතේ හැමුවොතින්

හන්තාන මල් වී දුකින්

පෙති ගිලිහිලා යන සැනින්

හිත් පරවෙලා යයි හෙමින්

හන්තානෙ මල් නුඹෙ හිත වාගේම යල්

පැනයන ආලේම මං දුටුවා

තුන්යාමෙ කල් අරගෙන පාවී දුරක්

ආ‍යෙත් තවත් නොඑනා

සෙව්ව රූප රෑ සඳගනාව කෝ පෑ

අන්ත ස්වරය ඈ කී කතාව තව නෑ

ආලාප වාද නොඇසී ඉන්න දෙන්න කාලයක්

පසුගාමි නොකර ආලෙ නැද්ද හීනෙකට ඉඩක්

හන්තානෙ මල් නුඹෙ හිත වාගේම යල්

පැනයන ආලේම මං දුටුවා

තුන්යාමෙ කල් අරගෙන පාවී දුරක්

ආ‍යෙත් තවත් නොඑනා'

මං සින්දුව කියලා ඉවර කරලා ඇස් අරිද්දි කොල්ලො ඔක්කොම මං දිහා පුදුම වෙලා වගේ බලාගෙන හිටියා.. මං දන්නෙ නෑ ඇයි කියන්න.. තත්පර ගානකට පස්සෙ ඔකිඳුවා කට ඇරියා....

"අඩෝ දිනුවා.. උඹ සුපිරිනෙ බන්.. මං දැනගෙන හිටියෙ නෑ උඹට ඔච්චරටම ලස්සනට සින්දු කියන්න පුලුවන් කියලා...."

ඔකිඳුවට ලාවට හිනාවක් දීලා අයියා දිහා බලද්දි එයා කට්ටිය ඉන්නවා කියලවත් නොබලා මගෙ කම්මුලට හාදුවක් තිබ්බා.. වෙනදා ලැජ්ජාවෙන් ඇඹරෙන කෙනාට අද ගානක්වත් නෑ....

කොහොම හරි සින්දු කියලා කතා බහ කරලා ඉවර වෙලා හැමෝම කාමර වලට යද්දි මමත් එයා එක්ක කාමරේට ඇවිත් එයා එක්ක ඇඳට ආවා.. එයාගෙ ඉණ වටෙන් අතදාලා එයාව මං ගාවට ඇදලා අරගෙන එයාගෙ කම්මුලට එබෙන්නම හාදුවක් තිබ්බම එයා මං දිහා හැරිලා බැලුවා..ඒ ඇස් හැඟීම් වලින් පිරිලා......

"දන්නවද දිනූ.. අද ඔයා සින්දු කියද්දි මට හිතුනා ඕක නවත්තන්න ඔයාට ඇස්වහා කටවහා වදී කියන්න.. මට ඊරිසියා හිතුනා ඔයාගෙ කටහඬ හැමෝටම ඇහෙනවනෙ කියලා.. ආයෙ ඒ එක්කම මට ආඩම්බර හිතුනා.. මගේනෙ කියලා හිතුනා.. මං ආදරෙයි දිනු...."

එයා එහෙම කියද්දි මං තව ටිකක් එයාව තද කරලා බදාගත්තා.....

'මොකටද බන් ඊරිසියා කරන්නෙ මං තනිකර ඔයාගෙම වෙද්දි......

දන්නවද දෙයක්.....

ආදරේට එක එක මිනිස්සු ළඟ එක එක නිර්වචන තියෙනවා.....

ඒවා මනුස්සයගෙන් මනුස්සයට වෙනස්.....

ඒත් මගෙ විදියට නම් මගෙ ආදරේ නිර්වචනය තමා අකිලේශ්.....

දන්නෙ නෑ කවදා  කොයි මොහොතක ඇති වුන ආදරයක්ද කියන්න.....

ඒත් මං දන්නෙ මෙච්චරයි.....

මං උඹට නොසෑහෙන්න ඇබ්බැහි වෙලා....

මං උඹට පිස්සුවෙන් වගේ ආදරෙයි වස්තුව....

මනුස්සයෙක්ට ඇබ්බැහි වෙන්න හොඳ නෑ කියකා අහලා තිබුනට....

ඔය ඇස් දැක්කම කොහොමද බන් ඇබ්බැහි නොවී ඉන්නෙ....

උඹ වගේ ම උඹේ ආදරේ කියන්නෙත් අධිමාත්‍රික ඇබ්බැහියක්.....

උඹ හරියට ඩ්‍රග් එකක් වෙද්දි ඒක අධිමාත්‍රිකව අත්විඳින මම උන්මත්තකයෙක් නොවී ඉඳීද....

ආදරෙ තේරුම පවා දැනගත්තෙ උඹෙන් වෙද්දි ඔය දුඹුරු ඇස් ළඟ පිස්සෙක් නොවී ඉන්නෙ කොහොමද.....'

මං දන්නෙ නෑ මං කියෙව්වෙ මොනාද.. මං කිව්ව දේවල් එයාට තේරුනාද කියන්නවත්.. ඒත් මං මග්ව් හිතේ තියෙන ඇත්ත හැඟීම් එයාට කිව්වා... මං දැක්කා ඒ ඇස් වල ලාවට කඳුලු පටලයක් බැඳිලා තියෙනවා.....

"මට ඔය ආදරේ බර වැඩියි දිනු...."

එයා එහෙම කියද්දි මං එයාව තව ටිකක් තුරුල් කරගෙන හිස් මුදුනෙන් හාදුවක් තිබ්බා......

අද කොටස ගැන මොකද හිතෙන්නෙ සුදාලා...

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!