Chapter 20 of 38

part 20

එයයි මායි නුවරඑළි ට්‍රිප් එක ගිහින් ගෙදර ආවෙ ඊයෙ.. එද්දි රෑ වුන නිසා එයාව ගෙදර යවන්නෙ නැතුව මම තියාගත්තා.. උදේ නැගිටලා බලද්දි එයා ඇඳේ හිටපු නැති නිසා මං එළියට ගිහින් එයාව හොයද්දි මං දැක්කා ඇට්ටේරියා ගහ ළඟ හදලා තිබුන බෙන්ච් එකේ ඉඳගෙන එයා පොතක් කියවනවා.. මං සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න එයාගෙ ළඟට ගිහින් එයාව පිටිපස්සෙන් බදාගෙන උරහිසට නිකට තියාගත්තා.. එක පාරම මං එයාව අල්ලද්දි කොල්ලා ගැස්සුනත් ඒ මං කියලා දැනගත්තට පස්සෙ එයා සද්ද නැතුව බෙල්ල ටිකක් ඇල කරලා මට ඉඩ හදලා දුන්නා....

'ගුඩ්මෝනින් පණ.. මොකද උදේම එළියට වෙලා....'

මං එහෙම අහන ගමන් බෙන්ච් එක වටෙන් ගිහින් එයා ළඟින් වාඩිවෙලා එයාගෙ ඉණ වටේ අත දාලා එයාව මගෙ ළඟට ඇදලා ගත්තා.....

"ගුඩ්මෝනින්... මං ආසයි මෙහෙම උදේට එළියට වෙලා ඉන්න.. එතකොට එන හැඟීම හරි අමුතුයි.. රෑට වුනත් එළියට වෙලා ඉද්දි එහෙමයි.. ඇඟට වුනත් අමුතුම විදියකට ඒක දැනෙන්නෙ...."

එයා කතා කරද්දි මං එයාගෙ බෙල්ලෙ අස්සෙන් මූණ තියාගෙන එයාගෙ බෙල්ල දිගේ මගෙ නහය අරගෙන ගියා.. එයාට ටික්ල් වෙන නිසාද කොහෙද එයා ටිකක් දැඟලුවා....

'ම්ම්... මං එහෙම ඉඳලා නැ.. දැන් ඉතින් ඔයා එක්කම ඉන්න පුලුවන්නෙ....'

මං එහෙම කියද්දි එයා ලාවට හිනාවුනා.. එයාගෙ කොහොමත් තියෙන්නෙ හීනි හිනාවක්.. එයා දත් ඔක්කොම එළියේ දාගෙන හිනාවෙනවා මං දැකලම නෑ....

'බබා ඒක නෙමෙයි මේ අහන්නකො......'

මං එහෙම කියද්දි එයා උනන්දුවෙන් මගෙ පැත්ත හැරුනා......

'අපි අම්මලට කියමුද වෙඩින් එක ඉක්මන් කරන්න කියලා.....'

මං එහෙම කියද්දි එයා හිනාවුනා.....

"මොකෝ හදිස්සිද මගෙ දිනූට ම්ම්ම්...."

එයා එහෙම අහද්දි මං ලැජ්ජාවෙන වගේ ඔලුව හෙල්ලුවා.. අනික එයා කිව්වෙ මගෙ දිනූ කියලා නේද.....

'බබා තව සැරයක් ඒක කියන්නකො...'

"මොකද්ද දිනු....?"

එයා පොත දිහා බලාගෙනම ඇහුවා.....

'දැන් කිව්ව එක.. මගෙ දිනූ කියලා.. තව සැරයක් කියන්නකෝ ප්ලීස්....'

මං පොඩි එකෙක් වගේ හුරතලේට එහෙම කියද්දි එයා මගෙ පැත්ත හැරිලා මගෙ කම්මුල් දෙක එයාගෙ දෝතට ගත්තා.. ඊට පස්සෙ මගෙ නළලට හරි ආදරෙන් හාදුවක් තියද්දි මංඇස් වහගෙන ඒ හාදුව වින්දා.....

"මගෙ දිනූ... හැමදාටම මගෙ විතරයි.. මගෙ ආදරේ හැමදේම ඔයා වස්තුව.. මං ආදරෙයි ගොඩාක්....."

එයා ඒක කිව්ව විදියට මගෙ ඇස් වල කඳුලු පිරුනා.. මං එහෙම්ම එයාගෙ මූණ අල්ලගෙන ඒ තොල් වලට පහත් වෙලා තොල් අල්ලගත්තා.. ඒත් ඒ සාමකාමී රෝමාන්තික මොහොතට හෙනහුරා පාත් වෙන්න එච්චර වෙලා ගියෙ නෑ.....

"ආහ්... ම්..මේ උදේ පාන්දර වුනාට සෑහෙන්න රස්නෙයි නේද...."

අපි දිහාවට ඇවිදගෙන ආව ඔකිඳුවා අපිව දැකලා ඉක්මනය අහස දිහා බලාගෙන එහෙම කියලා අපිව දැන් දැක්කෙ වගේ පුදුන වෙලා අපි දෙන්නා ළඟට ඇවිදගෙන ආවා...

"ආහ්.. මේ දෙන්නත් ඉඳලනෙ.. මං දැන් දැක්කෙ.."

'ආ උඹ දැන් ද දැක්කෙ.. එහෙනම් කමක් නෑ.. මොකද උඹට ඊයෙ රෑ නින්ද ගියෙ නැද්ද උදේම මෙහෙ ආවෙ....'

මං එහෙම ඇහුවම ඌ මගෙ උරහිසටත් තට්ටුවක් දාගෙන අයියා එක්කත් හිනාවෙලා මං එහා පැත්තෙන් වාඩිවුනා....

"මේකයි බන්..නැන්දා ඊයෙ කෝල් කරලා කිව්වා උඹලගෙ වෙඩින් එක ඉක්මනට කරන්න ඕනෙ කියලා.. ඉතින් මං ඒක කතා කරගන්න අද මේ ආවෙ...."

මට පුදුම හිතුනා.. මං කසාදෙ ඉක්මන් කරන්න ඕනෙ කියලා හිතුවත් ඒක දන්නෙ එයයි මායි විතරයි.. එයයි මායි හිතද්දි අනිත් අය වැඩ පටන් අරන්......

සෑහෙන වෙලාවක් යනකම් අපි තුන්දෙනා එතනට වෙලා ඉඳලා ගේ ඇතුළට ගියාම අයියලාගෙ අම්මලත් ඇවිත් කසාදෙ ගැන කතා කරගත්තා. ලබන මාසෙ වෙඩින් එක ගන්න තමයි ප්ලෑන් කරේ.. වෙඩින් එක ගැන කතා කරගෙන ඉවර වෙලා එයත් අම්මලා එක්කම ගෙදර ගියෙ හෙට ඉඳන් ඉස්කෝලෙ යන්න ඕනෙ කියලා.....

අද නම් කොටම කොට චැපියක් ළමයි.. තරහා වෙන්න එපා...

දැන් ම එහෙනම් වෙඩින් එකට අඳින්න ඇඳුමක් ප්ලෑන් කරන්නකො...

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!