Chapter 2 of 38

part 2

මං ගෙදර ආවා කියන්නෙ ආව විදියවත් නොදන්න මං කාර් එකෙන් බැහැලා එයාට බැල්මක්වත් නොදී කෙලින්ම ගේ ඇතුළට ගියේ ගෙදර හිටපු මනුස්සයන්ව පවා දැක්කෙ නැති විදියට.. මං ආව විදියට අම්මත් බය වෙලාද කොහෙද මගෙ පස්සෙන් එන්න හදද්දි දොර ළඟින් මතු වුන කෙනාව දැකලා අම්මගෙ ගමන නැති වුනා..

"ආහ් මේ අකිලේශ් පුතානෙ.. මං බැලුවා ඒත් අපේ එක්කෙනා මොකද කලබලෙන් උඩට ගියෙ කියලා.. මොකෝ දෙන්නා රණ්ඩු වුනාද...."

අපෙ අම්මටත් ඕන්නැති මගුලක් නෑ.. ගෙදරට ආවනම් ආව එකාව කතා කරලා ඉක්මනට යවන්නැතුව හුරතල් කරන්නෙ අහවල් එකටද.. පුදුම වැඩ තමා මේවා.....

කොහොම හරි සෑහෙන වෙලාවකට පස්සෙ අකිලේශ්ගෙ වාහනේ යන සද්දි ඇහුණ හින්දා මං වොෂ් එකක් දාගෙනම් පහළට ගියේ විස්තරේ ටිකක් දැනගන්න...

"ආ ඔය එන්නෙ පහළට.. පුතා මොකද්ද මේ..ම්ම්... ඔයා මේ මැරේජ් එකට කැමති නැද්ද...."

'ඇයි අම්මා එහෙන අහන්නෙ... එයා මොනාද කිව්වෙ.. අම්මලා කැමතිනම් මගෙ අකමැත්තක් නෑ....'

ආ ආ හරිමාගෙයි හරිමාගෙයි.. මොකද්ද දිනුවා ඒ කරේ.. කැමති නෑ කියන්න උඹේ දිව නැමෙන්නැතුවද.. හරී......ම සෝක්...

මං මටම බැනගන්න වුනේ මං කිව්ව වචනවලටම ලැජ්ජා හිතිලා....

.

.

.

.

.

අඩේ දිනුවා මොකද්ද යකෝ උඹ ඔය කරන්නෙ... නිදාගනින්.. ඌ ගැන හිතුවා කියලා උඹට මොනාද හම්බෙන්නෙ.. උඹ ඌට කැමතිත් නෑ.. ඌ උඹට කැමතිත් නෑ.. නික විහිළුවක් නොවී නිදාගනින් බන්.. නින්දත් නැති කරගෙන ඌ ගැන හිතන්න තරම් ඌ උඹේ කවුද.. හරියට වචන දෙකක් කතා කරලා නෑ.. දැන් හීනෙනුත් පේන්න අරන්ද....හරී........ම සෝක්...

නින්ද යන්නැති එකට මටම දොස් කියාගන්න ගමන් කොට්ටෙත් බදාගෙන ඇඳේ එහෙටයි මෙහෙටයි පෙරලි පෙරලි හිටියා මිසක් නින්ද යන වෙලාවක්වත් මං දන්නෙ නෑ....

'පියඹා යනවා මා ආකාසයේ

අවසානයි ප්‍රේමාදරේ

ගිරවෝ කොවුලෝ මිදුනා මා ආදරෙන්......'

සින්දුවකුත් කියන ගමන් මං ඉස්කෝලෙ යන්න ලෑස්ති වුනේ අද කරන්න තියෙන වැඩ ටිකත් මතක් කරන ගමන්... මතක් කරනවා කිව්වට එහෙම මතක් කරන්න තරම් වැඩක් ඇත්තෙත් නෑ.. අහ්.. මිස්ටර් අකිලේශ්.. අදත් එයිනෙ ම්ම්ම් ම්ම්ම්.... මට මුල ඉඳන්ම මං මේ මැරේජ් එකට කැමති නෑ කියලා කියන්න ගට් එකක් ආවෙ නැත්තෙ ඇයි කියලා මං කල්පනා කරන්නෙ.. මං බෑ කිව්වනම් කොහොමත් බලෙන් හරි කසාද බන්දන ජාතියෙ අය නෙමෙයි අපේ ගෙදර අය.. අනේ මන්දා හරි අමුතුයි.. වෙලාවකට මට හිතෙනවා වෙයාවුල්ෆ්ලට වගේ අපිටත් අපේ පාට්නර්ව හොයාගන්න මොකක් හරි සිම්බල් එකක් තියෙනවනම් කියලා....

රටේම නැති බහුබූත හිතලා ඉවර වෙද්දි ලෑස්ති වෙලත් ඉවර නිසා මං පහළට ආවෙ කෑම කන්න බලාගෙන.. එත් පහළට එද්දි සාලෙ ඉඳගෙන ෆෝන් එක දිහා බලන් හිටපු කෙනා දැකලා මං එහෙම්ම නැවතුණත් ආයෙම කිසි වෙනසක් පෙන්නන්නෙ නැතුවම එයාව දැක්කෙත් නැති විදියට මං ගිහින් කෑම මේසෙන් වාඩිවුනා..

ඔව් ඒ ඔයාලා හිතන කෙනා තමා.. අකිලේශ්... මගෙ ෆියොන්සේ.. ඒ නම එයාට හරියන්නෙ නැති වුනත් මං කියන්නෙ එහෙම තමයි...

'මොකද කට්ටියට ඉස්කෝලෙට යන පාර වැරදිලාවත්ද....'

මටත් කට වහන් ඉන්න බැරි කමට පොඩ්ඩක් කොල්ලව අවුස්සන්න හිතුවත් ඌ නෙමෙයි ඔලුව උස්සලාවත් මං දිහා බැලුවෙ.. ඔන්න ඉතින් අපෙ අම්මටනම් හරියට වදිනවා එයාගෙ අනිත් පුතාට මොනවා හරි කියද්දි...

"මමයි අකිලේශ් පුතාට කිව්වෙ ඉස්කෝලෙ යන ගමන් මේ පැත්තෙන් එන්න කියලා.. දෙන්නටම එකටම යන්නත් පුලුවන්නෙ...."

ආ ආ හරිමාගෙයි අම්මෙ හරිමාගෙයි... හරී......ම සෝක් ආ....ඇයි මටම මෙහෙම වෙන්නෙ.. සැක් දැන් ඉතින් මුටම පාට් එක දාලා මූ එක්කම ඉස්කෝලෙ යන්න.. දිනුවා උඹනම් නාගන්නම ඉපදුන එකෙක්ද කොහෙද....

එහෙම හිතුවට මං මොනවත් කටින් කියන්න නොගිහින් හ්ම්ම් කියලා ෂේප් එකේ කෑම කන්න ගත්තෙ අකිලේශ් වගේම මාත් ඒ දිහාවත් බැල්මක් දෙන්නෙ නැතුව....

.

.

.

.

.

.

කෑම කාලා අකිලේශ් එක්ක ඉස්කෝලෙට එනක්ම්වත් වචනයක්වත් කතා නොකර ඇවිත් ඉස්කෝලෙ ගේට් එක ගාවින්ම බැහැලා හිනාවක්වත් නොදී ඉස්කෝලෙ පැත්තට ඇවිදගෙන ගියා.. මං යද්දි ඔකිඳුවා ඉන්නවා කොස්සකුත් බදාගෙන දාහට අරන් සීයට දීල වගේ..

'මොකද බන් උඹ නයා මැරිච්ච අහිකුණ්ඨිකයා වගේ ඉන්නෙ.... උදේ පාන්දර බාල්දියක්වත් පෙරලගත්තද....'

"නෑ බන් මේ පරිප්පුවම ඇති.. ඇයි බන් මෙච්චර උන් පන්තියෙ ඉද්දි අරවින්දකාරයා මටන ඇඟිල්ක දික් කරලා ඔය ළමයා ඉක්මනට පන්තිට අතුගාන්න කිව්වා... මං මර අද අතුගන්න නෑ කිව්වම මට ඒවා අදාළ නෑ ඉක්මනට අතුගාන්න කිව්වා බන්......."

දැන් ඉතින් අද මූ අරවින්ද සර්ව දකින දකින සැරේට අද පුපුරන්න ගනිවි.. සොදුරු දවසකට ආරම්භයක්.....

අදනම් ටිකද මන්දා...

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!