Chapter 19 of 38

part 19

පස්සෙ දවසෙ උදේ ඇහැරුන ගමන් මට මතක් වුනේ කලින් දවසෙ රෑ අපි දෙන්නා අතර සිද්ද වුන දේවල්.. මං එයා දිහා බලද්දි එයා තාම මගෙ පපුවට ගුලි වෙලා තද නින්දේ.. පව් මගෙ කොල්ලට මහන්සි ඇති.. මං එයාව ඇහැරෙන්නෙ නැති වෙන්න පරිස්සමින් කොට්ටෙ උඩින් තියලා වොශෲම් එකට ගියා.. ටික වෙලාවකින් මං එලියට එද්දි දැක්කෙ එයා අවදි වෙලා ඉන්නවා....

'ගුඩ්මෝනින් බබා.. ඔයා නැගිට්ටද.....'

"ගුඩ්මෝනින්....."

එයා ලස්සනට හිනා වෙලා මට කියද්දි මං එයා ලඟින් වාඩි වෙලා එයාගෙ නළලට හාදුවක් තිබ්බා......

'ඔයාට අමාරුද බබා....'

"ම්හුක්... ඇඟ රිදෙනවා දිනූ......"

එයා පොඩි එකෙක් වගේ කටත් උල් කරලා කියද්දි මට පව් කියලා හිතුනා....

'එන්නකො මං ඔයාව වොශෲම් එකට අරන් යන්න.....'

"ම්හුක්... එපානෙ... මට යන්න පුලුවන්....."

එහෙම කියපු එයා නැගිටලා හිමින් හිමින් වොශෲම් එකට යද්දි මං එයාට ඉඟුරු දාපු තේ එකක් ගෙන්නුවා..

වොශ් දාගෙන එළියට ආපු එයාට මං තේ එක දුන්නම එයා ඒකත් බීලා මං දිහා බලාගෙන හිටියෙ මං එයාට මොනවා හරි කියනකම් වගේ....

'ඔයාට ඇවිදින්න පුලුවන්ද.. අමාරු නම් අද ඉඳලා හෙටම ඇවිදින්න යමු.....'

එයා හා කියන්න ඔලුව වැනුවම මට තේරුනා එයාඅ නොකිව්වට ඉන්නෙ අමාරුවෙන් කියලා.. මං කෑම ඕඩර් කරලා ඒවා කෑවට පස්සෙ එයාට පේන් කිලර්ස් දෙකකුත් දීලා ආයෙම නිදිකෙරෙව්වා.. එයා ළඟින් ම ඇඳේ වැතිරිලා ෆෝන් එක බල බල හිටපු මටත් කොහෙන්දෝ ආව නිදිමතක් නිසා එයාව තුරුල් කරගෙනම මටත් නින්ද ගියා......

එකොළහට විතර අපි දෙන්නම ඇහැරුනාම එයාට ඇඟේ අමාරුව අඩුයි කිව්ව නිසා අපි දෙන්නා දවල්ට එළියෙන් කෑම ගන්න බලන් ම ඇවිදින්න ආවා....

නුවරඑළිය ඇත්තටම හරි ලස්සන පළාතක්.. ඕන ම කෙනෙක්ගේ හිත නිවන්න සන්සුන් කරන්න පුලුවන් පරිසරයක්.. එයයි මායි දෙන්නම එතන තිබුන කොළ පාට තනකොළ තැන්න උඩ ඉඳගත්තා.. එයා ඉඳගෙන ඈත බලන් ඉද්දි එයාගෙ උකුලෙන් ඔලුව තියාගත්ත මම බිම හාන්සි වෙලා සින්දුවක් මිමිණුවා........

'යන්නෙමි පියඹලා නිල්වන් අහස පුරා

සොයනෙමී මගෙ දින පොතේ සිටි ඒ කුමාරිකා...

ඈ ගයනා ඒ ගායනා

මුව තුළ ඇති සුන්දර සිනා

ඈ වෙසෙනා පෙදෙස කියයි......

සුලඟින් ඈ එවනා පෙම් හසුන්

සිරිපොද වැස්සෙන් එන පෙම් උණුසුම්

තරු මෙන් මග පෙන්වයි.......

එක රෑනින් රෑනින් එන්නෙමී

ඔබ සොයායෙන් ආයෙන් සොයනේමි

මුලු ලොව පුරා.....

ආලෙන් ආලෙන් එන්නේමී

කුමරිය සොයා

එක දිනයෙන් දිනයෙන් ළංවෙමී

මගේ ලොව කරා..........

ඔබ මා ළඟ නැති වූ දවසක්

මා හට මෙලෙසින් හැඟුනා

ඔබ මට ජීව්තයේ හමු වූ

එක නවාතැනක් පමණයි.....

තවත් විටෙක මට සිතුනා මෙසේ

ඒ දැන් ඔබ මගෙ ජීවිතයයි......

එක රෑනින් රෑනින් එන්නෙමී

ඔබ සොයායෙන් යායෙන් සොයනේමී

මුලු ලොව පුරා......

ආලෙන් ආලෙන් එන්නෙමි

කුමරිය සොයා

එක දිනයෙන් දිනයෙන් ළංවෙමි

මගේ ලොව කරා........

ආදරී කියන්න

ඇයි මම ඔබෙ සුසුමේම දැවටෙන්න ආස......

ආදරී කියන්න.....

ඇයි මම ඔබ හට ආදරේ...

ඇයි මම ආදරේ.....

ඇයි මම ආදරේ.....

ඔබ මා ළඟ නැති වූ දවසක්

මා හට මෙලෙසින් හැඟුනා.....

(ආදරියේ....)

එක රෑනින් රෑනින් එන්නෙමී

ඔබ සොයායෙන් යායෙන් සොයනේමි

මුලු ලොව පුරා.....

ආලෙන් ආලෙන් එන්නෙමී

කුමරිය සොයා

එක දිනයෙන් දිනයෙන් ළංවෙමී

මගේ ලොව කරා.....

ආදරී කියන්න

ඇයි මම ඔබෙ සුසුමේම දැවටෙන්න ආස.....

ආදරී කියන්න

ඇයි මම ඔබ හට ආදරේ......

ඇයි මම ආදරේ....

ඇයි මම ආදරේ.....

ආදරේ.....'

මං සින්දුව කියලා ඉවර වෙනකන්ම එයා මගෙ කොන්ඩෙ අස්සෙන් එයාගෙ ඇඟිලි යවලා සනීපෙට මගෙ ඔලුව අතගෑවා.. මං ඉන්න විදියටම මගෙ එක අතක් උඩට උස්සලා එයාගෙ කම්මුලක් අල්ලගත්තා........

'මං වෙනුවෙන් සින්දුවක් කියනවද.. ප්ලීස්.....'

"හ්ම්ම්ම්...."

මට පුදුමයි.. පුදුමෙනුත් පුදුමයි.. බෑ කියලා කියයි කියලා බලාපොරොත්තු වුනත් එයා ලාවට හිනාවෙලා හා කිව්වා.. මං එහෙම්ම ඉස්සිලා එයගෙ නිකටට හාදුවක් තිබ්බම එයා පාත් වෙලා මගෙ නළලට හාදුවක් තිබ්බා.......

'මීදුම් දුමාරයේ සීත සැන්දෑ යාමේ

සිහින ඇන්ද සානුවේ.......

ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න

කොළ පාට හැලුනු ඈත නිම්නයේ...

කොළ පාට හැලුනු ඈත නිම්නයේ...

නිශා නින්ද ඇහැරවා...

මල් බිඟුන්ටත් හොරා....

ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න

කොළ පාට හැලුනු ඈත නිම්නයේ....

කොළ පාට හැලුනු ඈත නිම්නයේ....

වලාවකින් හැඩ දමා....

කූඩාරමක් එහි තනා....

ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න

කොළ පාට හැලුනු ඈත නිම්නයේ....

කොළ පාට හැලුනු ඈත නිම්නයේ....

මීදුම් දුමාරයේ සීත සැන්දෑ යාමේ

සිහින් ඇන්ද සානුවේ

ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න

කොළ පාට හැලුනු ඈත නිම්නයේ....

කොළ පාට හැලුන ඈත නිම්නයේ....'

එයා මං ඉස්සරහා සින්දුවක් කියපු පළවෙනි වතාව..මං අදමයි එයා සින්දු කියනවා ඇහුවෙ.. ඇත්තටම ලස්සනයි.. සින්දුවෙ තාලෙයි, වචනයි, එයාගෙ වොයිස් එකයි ඔක්කොම එකතු වුනාම මාව වෙනම ලෝකෙකට ගියා වගේ.. මං ඉක්මනට නැගිටලා ඉඳගෙන එයාගෙ කම්මුල එබෙන්නම හාදුවක් දුන්නා.. මං ඉඳගෙන හිටපු තැනින් නැගිටලා හිටගෙන එයාටත් හිටගන්න කියලා මගෙ අත දුන්නම එයා මගෙ අත අල්ලගෙන හිටගත්තා.. මං එයාගෙ ජර්සිය හරියට පපුව වැහෙන විදියට හදලා එයාගෙ අතින් අල්ලගෙන එක්කගෙන ආවෙ කෑම කන්න.. එයාටත් කන්න කැමතියි කිව්ව කෑම අරන් දීලා මමත් කෑම අරගෙන අපි දෙන්නා රෙස්ටුරන්ට් එකෙන් එළියට එද්දි දවල් දෙකට විතර ඇති.. කලුවර වැටෙන්න කලින් හොටෙල් එකට යන්න ඕනෙ නිසා ගොඩක් දුර නොයා අපි දෙන්නා ඒ අවටම ඇවිද්දෙ හෙට සඳතැන්නේ යන්න හිතාගෙන.. අඩි පාර දිගේ ඇවිදගෙන යද්දි හම්බුන පොඩි පැළේක පිපිලා තිබුන පොඩි කහ පාට මලක් කඩාගෙන මං එයාගෙ කනේ රැඳෙව්වම එයා ලැජ්ජාවෙන් හිනාවුනා.. එයාට මල ගහගෙනම ඉන්න කියලා එයාගෙ ෆොටෝස් දෙක තුනකුත් ගත්ත මං යන මග තිබුන එක එක මල් ජාති ගොඩක් කඩලා ඒ ඔක්කොම එකට එකතු කරලා මල් කලඹක් වගේ හිටින්න ගැටගහලා එයාට දුන්නා.. මං ආසම චූටි චූටි මල් වලට.. ඒකත් දම් පාට, නිල් පාට නම් ගොඩක් ආසයි.. අනික මං ආස සුවඳ තියෙන මල් වලට.. සුදු පාට මල් වලට ආස වුනත් සුවඳ තියෙන ඒවාට විතරයි.. ලස්සන තිබුනත් මොකටද සුවඳක් නැත්තම්...

අපි දෙන්නා කලුවර වැටෙන්න ඕන්න මෙන්න තියලා හොටෙල් එකට එද්දි පුදුම තරම් මහන්සි.. මහන්සි නොවුනොත්නෙ පුදුමෙ.. උදේ උඳන්ම ඇවිදිනවනෙ.. එයාව වොශ් දාගෙන එන්න යවලා මං කෑම ඕඩර් කරේ හෙටවත් උදෙන් ම යන්න ඕනෙ නිසා.. එයා බාතෲම් එකෙන් එලියට ආවම මං ඇතුළට ගිහින් වොශ් දැම්මා.. මං එළියට එද්දිත් කෑම ගෙනත් තිබුන නිසා මං අත් දිග ටී ෂර්ට් එකකට ශෝටක් ඇඳගෙන එයාවත් එක්කගෙන් කාමරේ තිබුන සෝෆා එකට ගිහින් එයාව මගෙ කකුල උඩින් ඉන්දවගෙන එයාටත් කවන ගමන් මාත් කෑම කෑවා.. කෑම කාලා දෙන්නම ඇඳට වැටුනා විතරයි මතක.. තිබුන මහන්සිය නිසාම එයාටත් කලින් මට නින්ද ගියා.. නින්ද යද්දි ලාවට වගේ මට දැනුනා එයා මගෙ නළලට හාදුවක් තියනවා.........

මං ආවා......

කතාව හැමදාම නැතුව දවස් තුනකට සැරයක් වගේ තමයි දෙන්න වෙන්නෙ ළමයි.. තරහා වෙන්න එපා.. ඔන්ගොයින් කතා තුනක් ලියනවනෙ...

*නුඹ මගෙ නම්

*විසේකාරයා

*වජ්‍රායුධ

ඒ නිසා එක කතාවක් එක දවස ගානෙ මාරුවට කතා ටික දෙන්නම්.....

කතාවට male pregnancy දැම්මොත් ඔයාලා කියවනවද.. කමෙන්ට් කරන් යන්න.....

ඒනම් මං ගියා....☘️

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!