Chapter 17 of 38

part 15

ජීවිතේ සතුට පටන් ගත්ත ගමන්ම විනාශ වෙලා ගියොත් ඒ හැඟීම කොහොම වෙයිද..?? හිනා වෙලා ඉන්න මොහොතක හැම දෙයක්ම කඩා බිඳගෙන දුක ආවොත් මොනවා වෙයිද..? ජීවිතේ කියන්නෙ දරාගැනීමම වුනත් කොයිම මොහොතක හරි දරාගැනීමෙ සීමාවත් ඉක්මවා යනවා නේද..? හරියටම ප්‍රශ්නය තමන්ගේ වන තාක් උත්තරය දාර්ශනිකයි වගේ.. අනිත් අයට ජීවිතේ කියා දුන්නත් තමන්ට දරාගන්න වෙන මොහොතක තමා නොදනුවත්ව ම තමන්ව පතුලටම කඩාගෙන වැටෙනවා....

මගෙ ජීවිතෙත් එහෙමයි.. මං එයා එක්ක ජීවිතේ විඳින්න පටන් ගත්තා විතරයි.. දෛවය අපිට හරස් වුනා.. එයා නැතුව ජීවත් වෙන හැටි නොදන්න මට දවස් ගානක් තිස්සෙ එයා නැතුව ජීවත් වෙන්න සිද්ද වෙලා.. ආදරේ කියාගත්ත දවසේ ඉඳන් මොහොතකවත් ඈතට නොවී හිටපු මට අද එයාගෙ කට හඬවත් අහන්න බැරි වෙලා.. ඇයි දෛවය අපිට මෙච්චර ලොකු දඬුවමක් දුන්නෙ.. අපි මොනවා කරාටද.. අවංකව ආදරේ කරාටද..

මං පණ වගේ ආදරේ කරන මනුස්සයා අද හොස්පිට්ල් එකේ ඇඳක් උඩ වයර් ගොඩක් මැද්දෙ ඉද්දි මං කොහොම දරාගන්නෙ.. අදට දවස් හතරක්.. එයා මාත් එක්ක කතා කරනවා තියා ඇස් ඇරලා මං දිහා බලන්නෙවත් නෑ.. මං ගියෙ නැති පන්සලක් නෑ.. යැද්දෙ නැති දෙවියෙක් නෑ මගෙ පණ ටිකව බේරලා දෙන්න කියලා.. එයා නැතුව මං කොහොමද දෙවියනේ ඉන්නෙ.. ඒ මගෙ පණ ටිකනෙ...

කාලෙකින් එයාව හම්බෙලා ලස්සන දවසක් ගත කරන්න හිටියට ඒ හැමදේම වෙනස් වෙන්න ගියෙ එකම එක නිමේෂයයි....

*************************

එදා රෑ කතා වුන විදියට එයත් එක්ක ඩේට් එකකට යන්නයි මං ලෑස්ති වුනේ.. උදේ නැගිටලා හැන්ඩියා වගේ ලෑස්ති වෙලා මං එයාට මැසේජ් එකක් දැම්මා......

'Baba.. koheda inne... mn dan enawa......'

මැසේජ් එක යවලා විනාඩි දෙකකින් විතර මට එයාගෙන් රිප්ලයි එකක් ආවා.....

"Mn library eke inne dinu.. ethanata enna..."

එයාගෙ මැසේජ් එක බලලා රිප්ලයි නොකර මම ගෙදරින් එළියට ගිහින් වාහනේ අරන් ලයිබ්‍රි එකට එන්න ආවා.. මට අද දවස ගැන අමුත්තක් දැනුනත් එයාව මුණගැහෙන සතුට නිසා මං ඒ ගැන වැඩිය ගනන් ගත්තෙ නෑ.. මං ලයිබ්‍රි එක ළඟට ගිහින් මං ආවා කියලා එයාට මැසේජ් එකක් දාලා එයා එලියට එනකම් වාහනේ පාරෙන් අනිත් පැත්තෙ නතර කරගෙන හිටියා.. එයා එලියට එනවා දැකපු මං කාර් එකෙන් එලියට බැහැලා එයා දිහා බලාගෙන හිටියා..

මාව දැකපු එයා මට අත වනලා පාර පැන්නා විතරයි.. දැකපු දේත් එක්ක මගෙ හදවත නතර වුනා.. අනේ මගෙ කොල්ලා.. කොහෙන්දෝ වේගෙන් ආව වාහනයක හැප්පුන එයා සෑහෙන් දුරකට විසිවෙලා ගිහින් ලේ ගොඩක් උඩ වැටිලා ඉද්දි එයා ළඟට යන්න ඕනෙ කියන එක හිතට ආවත් අඩියක්වත් ඉස්සරහට තියාගන්න හයියක් නෑ මට.. මගෙ ඇඟේ පොඩිම පණක්වත් නෑ.. මට හෙල්ලෙන්න්වත් බැරි වෙන්න මාව ශොක් වෙලා.. ඒත් එයා මගෙ දිහා ම බලන් ඉන්නවා දැක දැක මං කොහොමද එයා ළඟට නොයා ඉන්නෙ.. මං ගියා.. මං එයා ළඟය ගියා.. මං එයා ළඟ දණ ගහලා ඉඳගෙන එයාව මගෙ උකුලට අරගෙන එයාගෙ මූනට තට්ටු කරා...

'මගෙ රත්තරන්.. ඇස් ඇරගෙන ඉඳපන්.. ඇස් පියාගන්න නම් එපා මැණික.. මං උඹව අරගෙන යන්නම්.. මගෙ පණ උඹ.. ඉවසගෙන ඉඳපන්.. මං ඉන්නවා මගෙ රත්තරන් එක්ක....'

එහෙම්ම එයාවත් මගෙ අත් දෙකට අරගෙන මගෙ වාහනේට ආව මං එයාව පැසේන්ජර් සීට් එකෙන් තියලා සීට් බෙල්ට් එක දාලා අනිත් පැත්තෙන් ඇවිත් වාහනේට නැග්ගා.. ආයෙම එයාගෙ නළලට හාදුවක් තියපු මං කෙලින්ම වාහනේ අරගෙන ගියෙ හොස්පිට්ල් එකට.. නර්ස් කෙනෙක්වත් පේන්න නොහිටිය තැන මං එයාව අත් දෙකට අරගෙන ඉස්පිරිතාලෙ ඇතුළටම යද්දි අපිව දැකපු නර්ස්ලා ඉක්මනට ඇවිත් එයාව ඇතුළට අරගෙන ගියා.. මට එයා එක්ක යන්න ඕනෙ වුනත් මට ඇතුළට එන්න එයාලා ඉඩ දුන්නෙ නෑ.. මං එහෙම්ම බිත්තියට වාරු වෙලා බිම ඉඳගෙන මගෙ ම කොන්ඩෙන් ඇදගත්තා.. මගෙ කකුල් දෙක මූණ ළඟටම අරගෙන දනහිස් උඩ ඔලුව ගහගෙන අඬන්න ගත්තෙ මට මේ වෙලාවෙ වෙන දෙයක් හිතාගන්න බැරි නිසා..

සෑහෙන වෙලාවක් මං එහෙම ඉන්න ඇති.. මං දිහා මිනිස්සු කොහොම බලාගෙන ගියාද, මං ගැන මොනවා හිතුවද කියන්න මං දන්නෙ නෑ.. මට වැඩකුත් නෑ.. මට මේ වෙලාවෙ වටින්නෙ එයාව විතරයි.. ඒ මගෙ පණ.. මං කොහොමද එයා නැතුව ඉන්නෙ.. ඇයි දෙවියනේ මෙච්චර වේදනාවක් අපිට දුන්නෙ...

සෑහෙන වෙලාවකට පස්සෙයි මට මතක් වුනේ මං ගෙදරට එයා ගැන කිව්වෙ නෑ කියලා.. මං අපේ ගෙදරට කෝල් එකක් දීලා එයා ගැන කිව්වෙ එයාගෙ අම්මා තාත්තට කතා කරන්න තරම් හයියක් මට තිබුනෙ නැති නිසා..

පැයක් දෙකක් යන්න ඇති.. මගෙ කොල්ලා තාම ඇතුළේ.. මං තාම බිම ඉඳගෙන.. එතකොට මං දැක්කා මං දිහාට ඇවිදගෙන එන අපේ අම්මලයි එයාලගෙ අම්මලයි.. මට එයාලගෙ මූණු බලන්න බැරි තරම්.. මං වරදක් නොකළත් දුර්වල වුන මගෙ මූණ එයාලට පෙන්නන්න මට බෑ.. තාත්තා මං ළඟට ඇවිත් මගෙ උරහිසෙන් එයාගෙ අත තිබ්බා විතරයි මං තාත්තව බදාගෙන අඬන්න ගත්තේ සෙල්ලම් බඩුවක් ඉල්ලලා අඬන පොඩි එකෙක් වගේ....

'එ..එයාට මොනාත් වෙන්නෙ නැති වෙයි න්..නේද තාත්තේ.... ඒ ඉන්නෙ මගෙ පණ... අ..අනේ මොනවා හරි කරන්නකො... මට දරාගන්න බෑ.....'

තාත්තව බදාගෙන මං අඬද්දි එයාගෙ අම්මයි තාත්තයි දෙන්නත් එහා පැත්තෙන් හිටගෙන ඉන්නවා මට තේරුනා... ඒ මිනිස්සු අඬනව.. ඇයි දෙයියනේ තමන්ගෙ එකම දරුවනේ..

පැය බාගෙකට විතර පස්සෙ icu එකෙන් ඩොක්ටර් කෙනෙක් එලියට ආවම මං එයා ළඟට ඇවිදගෙන ගියා..

'ඩ්..ඩොක්ටර්.... එයාට කොහොමද.. එයා හ්..හොඳින් නේද....'

ඩොක්ටර් ලොකු හුස්මක් පහළට දාලා දගෙන හිටපු ස්පෙක්ස් දෙක ගලවලා අතට ගත්තා...

"පේෂන්ගෙ තත්ත්වෙ ටිකක් බරපතලයි.. ඔලුව ටිකක් තදින් වැදිලා තියෙනවා.. තාම එයාට සිහිය නෑ.. එයාට සිහිය එන දවසක් ගැන වගේම එයාගෙ ජීවිතේ ගැන හරි තීරණයක් ගන්න අමාරුයි.. අපි බපමු.. අපි අපේ උපරිමයෙන් උත්සාහ කරනවා....."

ඩොක්ටර්ගෙ වචන එක්ක මට දැනුනෙ මගෙ ලෝකෙම කඩා වැටුනා වගේ.. මොනා කරලා හරි මගෙ කොල්ලව බේරලා දෙන්න දෙවියනේ.. ඒත් එක්කම මට දැනුනෙ මගෙ වටේම කලුවර වෙලා යනවා....

.

.

.

.

.

ආයෙ මං ඇස් අරිද්දි හිටියෙ හොස්පිට්ල් එකේ ඇඳජ් උඩ.. මගෙ ඇඳ ළඟ සේලයින් බෝතලයක් එල්ලලා තියෙනවා දැක්කමයි මට මතක් වුනේ කලින් වුන දේවල්.. හැමදේම මතකෙට ආව ගමන් මක් කරේ ගහලා තිබුන කැනියුලා බටේ ගලවලා දාලා  ඒ රූම් එකෙන් එළියට දුවපු එක.. මං එලියට එනවා දැකපු තාත්තා මං ළඟට දුවගෙන ආවා...

'තාත්තෙ.. කෝ එයා.. මගෙ කොල්ලා කෝ.. මට එයාව බලන්න ඕනෙ...'

මං තාත්තව තල්ලු කරගෙන එයාව හොයන් යන්න හැදුවත් තාත්තා මාව තද කරලා අල්ලගත්තා...

'මට යන්න දෙන්න තාත්තේ.. මට මගෙ කොල්ලව බ්..බලන්න ඕනෙ.. ඌ මගෙ පණ.. මට මගෙ කොල්ලව ඕනෙ.. ඇයි මෙහෙම වුනේ.. ඇයි....'

මං එහෙම්ම එතන තිබුන පුටුවකට ඇදගෙන වැටුනා.. මගෙ කොල්ලා හොස්පිට්ල් එකේ ඇඳක් උඩ පණ අදිනවා කියලා මං කොහොමද විශ්වාස කරන්නෙ...

.

.

.

.

.

මං බල කරපු නිසා ටික වෙලාවක් එතනට වෙලා හිටපු තාත්තා ගෙදර යන්න ගියා.. මං එයා ගාවට ගිහින් එතන තිබුන පුටුව ඇදගෙන එයා හිටිය ඇඳ ළඟින් වාඩි වුනා.. එයාගෙ අතින් අල්ල ගත්ත මං ආයෙ නැගිටලා එයාගෙ නළලට හාදුවක් තිබ්බා....

'මගෙ පණ.. ඉක්මනට සනීප වෙයන් මගෙ අයියෙ.. මට ආයෙම දිනූ කියලා හුරතල් වෙවී කතා කරපන්.. උඹ ඔහොම ඉද්දි මට දරාගන්න බෑ බං.. උඹ මේ වෙද්දි මං එක්ක ලස්සනට ඉන්න තිබුනා.. ඇයි බන්.. මට පාලුයි යකෝ.. ඇස් ඇරපන්..මං පිස්සෙක් වෙයි...

**********************************

අදට දවස් හතරක්.. එයා තාම නිදි.. තාත්තලා කොච්චර කිව්වත් ගෙදර ගිහින් රෙස්ට් කරන්න කියලා මං හොස්පිට්ල් එකෙන් එලියට අඩියක්වත් තිබ්බෙ නෑ.. මගෙ පණ ටික මෙතනනේ.. මං කොහොමද එයාව දාලා යන්නෙ....

'අදවත් ඇස් ඇරපන් මගෙ පණ.. මට හරි මහන්සියි...'

බාල්දියක් දැම්මට මේ ළමයා එක්ක තරහා වෙන්න එපා හොඳේ... කැමැත්තෙන් කරන වැඩ නෙමේ....

මටත් දරාගන්න බෑ .. මේ ටික ඉක්මනට ලියන්නම් ඒ හින්දා....

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!