Chapter 16 of 38

part 17

"මං කිව්ව දේ ගැන හිතලා බැලුවද දිනුල්‍ය....."

'මොකක් ගැනද කියන්නෙ අවිනි....'

මං දිහා බලාගෙනම කෙල්ල ආයෙ ඇඹරෙන්න පටන් ගත්තා.. පුදුම කෝලම් මේවා.. ඕවට නම් එන්න එපා නංගේ.. ආස නෑ.....

"මං කිව්වෙ මං ඔයාට කැමතියි කියලා.. ඔයා ඒ ගැන හිතුවෙ නැද්ද....."

'මං මොනවා හිතන්නද අවිනි.. මං එදත් කිව්වනෙ මට මැරි කරන්න කෙනෙක් ඉන්නවා කියලා.. අනික ඔයා දන්නවනෙ මං ගේ කියලා.. ආයෙ ඔය ගැන මාත් එක්ක කතා කරන්න එපා.. කරුණාකරලා ඔය අදහස අත් ඇරගන්න.. මට ආයෙ කියන්න තියන්න එපා.....'

"ඔයා ගේද නැද්ද කියන එක මට අදාල නෑ දිනුල්‍ය.. මං ඔයාට කැමති නිසා ඒක කිව්වා.. අනික ඒ කොල්ලගෙ තියෙන මට නැති දේ මොකද්ද.. ඇයි ඔයාට මගෙ හැඟීම් තේරුම් ගන්න බැරි.. මොකද්ද මගෙ තියෙන අඩුව.. ඒ මනුස්සයව නැති කරලා දාන්න හැදුවත් මගෙ කරුමෙට ඌ ආයෙ ආවා.. ශිට්....."

අවිනි අන්තිමට කිව්ව දේත් එක්ක මං එයා දිහා බැලුවෙ ඒ කිව්ව දේ අදහා ගන්න බැරුව.. කෙල්ලටත් ඒක නෝට් වුනේ කියලා ඉවර වුනාට පස්සෙ.. මගෙ කොල්ලව වෙන එකෙක් මරන්න හැදුවා කියන එක මං කොහොමද විශ්වාස කරන්නෙ....

'මොකද්ද අවිනි තමුන් දැන් කිව්වෙ.....'

මට තිබුන කේන්තියේ හැටියට ඉන්නෙ කොතනද කියන එකත් අමතන වුන මම ඒකිව බෙල්ලෙන් අල්ලගෙන මගෙ කාර් එකට තියලා තද කරා.. කෙල්ල බයේ ගැහෙනවා.. ඒත් මට නෙමේ ගානක් වුනේ.. ගානක් වුනත් මං ඇයි ඒකි ගැන හිතන්නෙ.. මගෙ කොල්ලව නැති කරන්න හදපු එකීට ඇයි මං අනුකම්පා කරන්නෙ... මං බලන් ඉද්දි ඒකිගෙ ඇස් වලින් කඳුලු ගලනවා.. මට වැඩක් නෑ...

'උඹ මේ කරන්න ගියෙ හොඳ දෙයක් නෙමෙයි.. you mother fuking bitch.. තෝ මේකට වන්දි ගෙවන්නම ඕනෙ.. විඳවන්න ලෑස්ති වෙලා ඉඳපන්.. උඹ සෙල්ලම් කරේ වැරදි එකා එක්ක.....'

කියන්න ඕනෙ දේවල් කියපු මං ඒකිව එහෙම්ම බිමට ඇදලා දාලා ආයෙ ඒ පැත්තවත් නොබලා එන්න ආවා......

*****************************

මං ශවර් එකෙන් වැටෙන වතුර එක්කම මගෙ කඳුලු වලට පහලට ගලන්න ඉඩ දුන්නා.. මං කොහොම දරාගන්නද මගෙ කොල්ලව මං නිසා මරන්න ගියා කියලා.. එදා මගෙ කොල්ලව විසි වෙලා ගිය විදිය මතක් වෙද්දි තාමත් මගෙ ඇඟ වෙව්ලනවා.. අනේ මගෙ රත්තරන් මට සමාවෙයන් මං නිසා උඹට උඹට වෙන්න ගිය දේට.. ආයෙ එහෙම වෙන්නෙ නෑ.. මං උඹත් එක්කම ඉන්නවා.....

පැයක් විතරම නාපු මම කාමරේට එද්දි එයා පොතක් බල බල ඇඳට වෙලා හිටියා.. මං ශෝට් එකක් දාගෙන එයා ළඟට ගිහින් එයා කියව කියව හිටපු පොත අරගෙන ඒ පිටුවෙන් බුක් මාක් එකක් දාලා පොත ටේබල් එක උඩින් තිබ්බා.. ඊට පස්සෙ ඇඳෙන් ඉඳගෙන එයාව මගෙ පපුවට තුරුල් අරගෙන සෑහෙන වෙලාවක් හිටියා.. මං එයාව හිස් මුදුනට හාදු කීයක් නම් තිබ්බද කියලා මං දන්නෙ නෑ.. මං කොච්චර වෙලා එයාව තුරුල් කරගෙන හිටියත් එයා හේතුවක් ඇහුවෙ නෑ.. එයා කරේ මට ඕනෙ තරමක් එයාව තුරුල් කරගෙන ඉන්න දීපු එක.. මං සෑහෙන වෙලාවකට පස්සෙ එයාව අයින් කරන්න යද්දියි දැක්කෙ එයාට මගෙ පපුවෙ ඉද්දිම නින්ද ගිහින් කියලා.. මං එයාගෙ නළලට හාදුවක් තියලා එයාව ඇඳෙන් හාන්සි කරලා මාත් එයාගෙ මෙහා පැත්තෙන් හාන්සි වුනා.. මං නිදාගෙන ඉන්න එයාගෙන් මගෙ ලෝකෙම දැක්කා.....

උඹ හරි අහිංසකයි මැණික.. උඹව මට ලෝකයක්.. දන්නෙ නෑ මේ දේවල් කොහොම විස්තර කරන්නද කියලා.. මට වචන නෑ..

මං කවියක් නම් තනුව උඹ

මං රෑ අහසක් නම් ඒ අහස හැඩ කරන හඳ උඹ

මං මලක් නම් ඒ මලේ සුවඳ උඹ

මං පොතක් නම් ඒ පොතේ මුලු ඇතුළාන්තයම උඹ...

මට උඹව වටින තරම කියන්න මට වචන නෑ මගෙ වස්තුව.. උඹ ඇහැරන් ඉද්දි උඹේ මූණට මේ දේවල් කියන්න තරම් ගටක් නෑ මට.. පුලුවන් නම් මට සමාව දීපන්.. මොකද ආදරේ කරන්න දැනගත්තත් ආදරේ පෙන්නන්න දන්න මනුස්සයෙක් නෙමෙයි මං.. ආදරේ කළත් ආදරේ කියන්න දන්න මනුස්සයෙක් නෙමෙයි මං.. පුලුවන් නම් මට උගන්නපන් ආදරේ කරන විදිය.. උඹ ආදරේ බලාපොරොත්තු වෙන විදිය.. උඹ වෙනුවෙන් මට කරන්ම බැරි දෙයක් නෑ මගෙ අයියෙ.. මං උඹට නොසෑහෙන්න ආදරෙයි.. උඹ මං ළඟට ආව දවසක උඹට තේරෙයි මගෙ ආදරේ තරම.. උඹ පිස්සු වැටෙයි මගෙ ආදරෙන්.. උඹම  කියයි මගෙ ආදරේ උඹට හරි බරයි කියලා.. මං ආසාවෙන් බලන් ඉන්නවා ඒ දවස එනකම්.. මොකද මට ඕනෙ උඹට දරන්න බැරි තරම් ආදරේ දෙන්න.. උඹට දැනෙන්න ආදරේ කරන්න.. මං උඹට ඕනෙ විදියට වෙනස් වෙනකම් ඉවසපන්.. මං උඹට හරි ආදරෙයි මගෙ අයියෙ.....

.

.

.

.

.

.

.

එදායින් පස්සෙ කාලෙ හරි ඉක්මනින් ගෙවිලා ගියා.. එයා සම්පූර්ණ සනීප වෙනකම් මං එයාට ඉස්කෝලෙ යන්න දුන්නෙ නෑ.. දැන් නම් සනීප නිසා එයා ඉස්කෝලෙට යන්න පටන් අරන් ඉන්නෙ.. මං කැම්පස් ගමන නතර කරලා තාත්තගෙ බිස්නස් එක බාර ගත්තා..

ඉතින් එයයි මායි ලෑස්ති වෙන්න අපේ යන්න බැරි වුන ට්‍රිප් එක යන්න.. නුවර ගමන අපි නුවර එළිය විදියට වෙනස් කරා..  ඉතින් එයා එක්ක මුලින් ම තනියම ඇවිදින්න යන්නෙ නුවර එළියට.. පොඩි එකෙක් වගේ ඇස් දෙක රවුම් කරලා නුවර එළියෙ යමුකො දිනූ කියද්දි මාත් ඇන්දෙනවනෙ....

අපි දවස් හතරක ට්‍රිප් එකක් යන්නෙ.. තනියම යන එකේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනනෙ.. එයා නම් ඉස්කෝලෙ ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙන පොඩි එකෙක් වගේ දවස් ගානක් කියව කියව ඉඳලා, තියෙන හදිස්සියට අද අපේ ගෙදර ආවා නැත්තම් හෙට යන්න පරක්කු වෙයි කියලා.. මටම හිතාගන්න බෑ මේකට වයස විසි හයක්ද නිකම්ම හයක් ද කියලා.. මටත් වඩා පොඩි එකෙක් වගේ හැසිරෙන්නෙ....

රෑ කෑම කාලා එයාවත් එක්කගෙන කාමරේට ඇවිත් නිදාගන්න ලෑස්ති වුනේ හෙට පාන්දරම පිටත් වෙන්න හිතාගෙන... ඒත් මං දැක්කෙ මේකා නිදාගන්නෙ නැතුව සිවිලිම දිහා බලාගෙන මනෝ පාර ගහනවා...මං එයාගෙන් ඒ ගැන අහද්දි කිව්වෙ හෙට ගිහින් කරන දේවල් ගැනලු හිතන්නෙ... ඊට පස්සෙ පොඩි සද්දයක් දාලා නිදාගනින් කිව්වම මේකා නිදාගත්තා පොඩි එකෙක් වගේ මටත් ගස්සලා අනිත් පැත්ත හැරිලා........

ඊයෙ දෙන්න බැරි වුන නිසා හදිස්සියෙ පොඩි කොටසක් ටයිප් කරේ......

හා ළමයි ලෑස්ති වෙන්න හෙට නුවරඑළි යන අය.....

අවිනිට ගේමක් දෙමුත.....

අදහස් කියන්නකො....

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!