Chapter 15 of 38

part 16

තරහා නැතුව 15 කියවලා එන්න හාද.. එපිසෝඩ් මාරුවෙලා.. හදන්න බෑනෙ☹️☹️

.....................................................................................

මේ දවස් ගාන ඇතුළත මං කී පාරක් නම් එයාට නැගිටපන්, ඇස් ඇරපන් කියලා කිව්වද කියලා මං දන්නෙ නෑ.. එදා දවසේ අන්තිම පාරටත් එයාට එහෙම කිව්ව මම එයාගෙ අත අල්ලගෙන එයා හිටපු ඇඳෙන්ම ඔලුව තියාගෙන නින්දට වැටිලා තිබුනෙ මහන්සියටම වෙන්න ඇති.. එයා ඇස් අරිනකම් දවස් ගනන් නිදි නැතුව බලන් ඉඳලා ඇස් වලටත් මහන්සි ඇති....

පාන්දර වෙලාවක මාව ඇහැරුනේ මගෙ කොන්ඩෙ අස්සෙන් ඇඟිලි යවන ගමන් මගෙ ඔලුව අත්ගාද්දි දැනුන සනීපෙට.. එක පාර මට වෙන දේ මොලේට ප්‍රොසෙස් නොවුනත් ටික වෙලාවකින් හැමදේම මතක් වුන ගමන් මං බැලුවේ එයා දිහා.. එයා ඉන්නවා.. ලාවට හිනා වෙන ගමන් මං දිහා බලාගෙන.. මට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි වුනා.. දවස් ගානක් බලන් හිටියෙ මේකටනෙ.. දෙවියනේ එයාට සිහිය ඇවිත්.. මට එයා වටේ තිබුන වයර් පවා අමතක වෙලා ගිහින් එයාව කිටි කිටියේ බදාගෙන මූණ පුරා හාදු කීයක් නම් තිබ්බද කියලා මතක නෑ.. එයා නෙමෙයි මොනාත් කිව්වෙ.. අඩුම මට රිදෙනවා කියලවත් එයා කිව්වෙ නෑ.. අන්තිමට එයාගෙ නළලට ආදරේ පිරුන ලොකු හාදුවක් තියලා එයාගෙ අත අල්ලගෙන මං පුටුවෙන් ඉඳගත්තා.. එක අතකින් එයාගෙ අත අල්ලගෙන ඉද්දි අනිත් අතින් එයාගෙ ඔලුව අතගාන ගමන් මං කතා කරා......

'මගෙ පණ......'

මං එහෙම කතා කරද්දි එයා ඇස් විතරක් හරවලා මං දිහා බැලුවා.... මං දිගටම කතා කරගෙන ගියා.....

'මං.. මං මොනාද කියන්න ඕනෙ.. දවස් ගානක් ඇස් පියවන්නෙ නැතුව ඔයා ඇස් අරිනකම් බලන් හිටියෙ.. ඇයි රත්තරන් මට මෙච්චර වේදනාවක් දුන්නේ.. උඹ දන්නෙ නෑ මං හිටපු විදිය.. උඹට මොනවා හරි වුනා නම් මං මොකටද ඉන්නෙ.. අනේ මට සමාවෙයන් උඹව එදා පරිස්සම් කරන්න බැරි වුනාට......'

එයා හිමින් එයාගෙ අත උස්සලා මගෙ කම්මුල් දිගේ ගලාගෙන ගියපු කඳුලි පිහලා මට ළඟට අඩගැහුවා..මං නැගිටලා ගිහින් එයා ළඟින් හිටගත්තම එයා මට පාත් වෙන්න කියලා සන් කලා ම මං එයාගෙ මූණ ළඟටම පාත් වුනා.. මං ඔලුව පාත් කරාම එයා මගෙ නළලට හාදුවක් තියලා හරි ආදරණීය විදියට මං දිහා බැලුවා.. එයා ඇස් වලින් මං අඬන්න එපා කියලා කිව්වා.....

'නිදාගන්න වස්තුව.. ඔයාට මහන්සි...'

එහෙම කියලා එයාට නින්ද යනකන්ම එයාගෙ ඔලුව අතගාපු මං එයාගෙ ළඟින් ම ඔලුව තියාගෙන එලිය වැටෙන්නෙ කීයටද කියලා බලාගෙන හිටියා....

උදේ එලි වුන ගමන් මං කරේ එයාලගෙයි අපෙයි ගෙවල්වලට කෝල් කරපු එක.. කෝල් කරලා පැය බාගයක් යන්න කලින් එයාලා ආවා.. ප්‍රයිවට් හොස්පිට්ල් එකක් නිසා හොඳයි ඉතින්... එයාව ගෙදර එක්කන් යන්න අහද්දි ඩොක්ටර් කිව්වෙ දැන් අවුලක් නෑ සිහිය එනකම් බය තිබුනෙ කියලා.. ඒ නිසා එයාව ගෙදර එක්කන් එන්න හම්බුනා.. එයාලගෙ අම්මලා එයාව එක්කන් යන්න හැදුවත් මං එයාව බලාගන්නම් කියලා එයාව අපේ ගෙදර එක්කන් ගියා.. මං හිටපු විදිය දැක්ක නිසාද කොහෙද එයාලගෙ අම්මලත් මට මොනවත් නොකියා ම එයාව එක්කන් යන්න කිව්වා..

එයාව ගෙදර එක්කගෙන ඇවිත් පරිස්සමට තුවාල තෙමෙන්න නොදී එයාව වෙට් ටවල් එකකින් පිහලා ඇඳෙන් තියලා මං එයාට කන්න මොනා හරි අරන් එන්න පහළට ගියා.. මං ආයෙ එද්දි එයා ඉන්නවා ඇඳේ ඉඳගෙන දොර දිහා බලාගෙන.. මං එනවා දැක්ක ගමන් පොඩි එකෙක් වගේ අත් දෙක දෙපැත්තට දික් කරලා පෙන්නුවෙ හරියට පොඩි ළමයෙක් වඩාගන්න කියලා කියනවා වගේ.. මං එයාට අරන් ගිය කෑම එක නයිට් ටේබල් එක උඩින් තියලා එයාව වඩාගත්තා.. එයාත් පොඩි එකෙක් වගේ මගෙ ඉණ දෙපැත්තෙන් කකුල් ඔතාගෙන අත් දෙකත් මගෙ බෙල්ල වටේ යවලා මාව බදාගෙන පොඩි එකෙක් වගේ හුරතක් මූණක් හදාගෙන මගෙ මූණ දිහා බලාගෙන හිටියා..

මං එයාගෙ නහය උඩට චූටි පෙක් එකක් තියලා එයාවත් වඩාගෙන ම බැල්කනි එකට ගියා.. මහ ලොකු බරකුත් නෑ එයා.. මට වඩා ඇඟපතින් පවා පොඩි නිසා ගානක් නෑ.. එයාව වඩාගෙන ගිහින් බැල්කනි වැට උඩින් තියලා එත් දෙක එයාගෙ ඉණ වටේ යවලා එයාව බදාගෙන මං එයාගෙ කකුල් දෙක මැදින් හිටගත්තා.. එයත් වැටෙයි කියලා බය වෙලාද කොහෙද මගෙ බෙල්ල වටේ අත් යවලා තද කරලා මාව බදාගෙන හිටියේ...

මං හෙමිහිට එයාගෙ නළලට වැටිලා තිබුන කොන්ඩෙ අයින් කරලා නළලෙ තිබුන තුවාලෙ ලාවට අල්ලලා බැලුවා.. එයා මගෙ ඇස් වලින් එයාගෙ ඇස් එක තත්පරේකටවත් අහකට නොගෙන මං දිහා බලන් හිටියා.. මං එයාගෙ නළලට ලොකු හාදුවක් දීලා එයාගෙ තොල් වලට පහත් වෙලා ඒ තොල් අල්ලගත්තා.. එයාටත් ඕනෙ වෙලා තිබුනෙ මේක කියලා මට තේරුනේ එයත් ඉක්මනට මට රියැක්ට් කරපු නිසා... අපි දෙන්නා කොච්චර වෙලාවක් එහෙම හිටියද කියලා දන්නෙ නෑ.. අන්තිමට මං සෑහෙන වෙලාවක් එයාව මගෙ පපුවට තුරුල් කරගෙන හිටියා...

P

මං ආයෙම එයාවත් වඩාගෙන කාමරේ ඇතුළට ඇවිත් එයාව උකුලෙන් තියාගෙන ම එයාට කෑම එක කැව්වා... එයත් පොඩි එකෙක් වගේ මගෙ අස්සටම වෙලා මට ඕන දෙයක් කරගන්න දීලා පාඩුවෙ හිටියා.. මං එයාගෙ කකුල් අතගෑවා.. ඒවා හොඳමට සීරිලා.. සුදු කකුල් වල රතු පාටට සීරුන පාරවල් හොඳටම කැපිලා පේනවා...

පහුවදා එයාට ගෙදර ඉන්න කියලා මං ටවුන් එකට ගිහින් එන්න ගියෙ එයාට පලතුරු ටිකක් වගේම තව ඕනෙ කරන බඩු වගයක් අරන් එන්න.. මං බඩු අරගෙන වාහනේ ළඟට එද්දි මං ළඟට දුවගෙන ආවෙ අවිනි.. මං එයාව නොදැක්කා වගේ යන්න හදද්දි එයා මගෙ අතින් අල්ලලා මාව නැවැත්තුවා....

"දිනුල්‍ය...."

මං කෙල්ල පැත්ත හැරිලා බලද්දි එයා මං දිහා ම බලාගෙන හිටියා....

"'ඔව් අවිනි කියන්න........"

මං එහෙම අහද්දි කෙල්ල බිම බලන් ලැජ්ජාව පිරිනු මූනක් හදාගෙන ආයෙ මං දිහා බැලුවා......

.

.

.

.

.

.

මං ගෙදර ඇවිත් එයාට ගෙනාපු බඩු ටික දීලා වොශ් දාගෙන එන්න ගියා.. වතුර බින්දු එකින් එක ඔලුව වැටෙද්දි මට මතක් වුනේ ටවුන් එකේදි අවිනි කිව්ව කතාව....

මේ සෑඩ් සීන් මටත් දරාගන්න බෑ.. ඉතින් ඉක්මනට සෑඩ් කොටස ඉවර කරා..

තව සප්‍රයිස් තියේ🌝

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!