Chapter 14 of 38

part 14

දවස් ගෙවෙන ඉක්මන හිතාගන්නත් බෑ.. අවුරුදු ඉවර වෙලත් මාසයකට වැඩිය ගත වෙලා.. අපේ රිසල්ට් ආවා..එයාට ඕනෙ විදියටම A තුනක් දාලා රෑන්ක් එකකුත් දාන්න මට පුලුවන් වුනා.. ඔකිඳුවත් A දෙකකුත් B එකකුත් ගත්තා.. වාසනාව කියන්නෙ උටයි මටයි දෙන්නටම එකම කැම්පස් එකට සිලෙක්ට් වෙන්න පුලුවන් වුනා.. ලක් එක තමා.. කැම්පස් යන්න දවස් තාම ආවෙ නැති නිසා මේ දවස් වල මං තාත්තගෙ බිස්නස් වැඩ වලට උදව් කරගෙන හිටියෙ.. අකිලේශුත් ඉස්කෝලෙ වැඩ එක්ක බිසී වුන නිසා අපි දෙන්නට මුන අහෙන්නවත් වෙලාවක් හම්බුනේ නැති තරම්.. ඉස්කෝලෙ යන්න කලින් දාන් මැසේජ් එකයි රෑට නිදාගන්න කලින් එන කෝල් එකයි අපි දෙන්නට අපේ ආදරේ බෙදාගන්න හොඳටම ඇති වුනා.. එයා මාවත්, මං එයාවත් තේරුම් අරන් කරගෙන ගිය ලස්සන බැඳීමක් අපි දෙන්නට තිබුනෙ.. සැකය කිය දේ අපි දෙන්නගෙ සම්බන්දෙ අතරට එන්න අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඉඩ තිබ්බෙ නෑ..

හැබැයි දවසක් අවිනි මාත් එක්ක ඇඟේ එල්ලි එල්ලි කතා කරන්න ඇවිත් මට බේරෙන්න බැරුව පාඩුවෙ ඉද්දි එයා ඒක දැකලා රැව්ව විදිය මට තාම මතකයි.. ඒ වගේ බැල්මක් එයාගෙන් මං දැකලා තිබුනෙ නෑ.. හවස ගෙදර ආවත් හරි මාත් එක්ක කතා නොකර හිටියා වගේම දෙන්නගෙන් එක්කෙනෙක් ඉවසන්න ඕනෙ කියන දේ දන්න නිසා කතා කරලා ප්‍රශ්නෙ විසඳගන්න පුලුවන් වුනා.....

අපි දෙන්නා අතර ප්‍රශ්න රණ්ඩු ඇති නොවුන තරම්.. ඒ ගැන මට ආඩම්බරයි.. මොකද ඒක එහෙම වුනේ අපි දෙන්නගෙ තේරුම් ගැනීම හා විශ්වාසය නිසානෙ කියලා හිතෙන නිසා....

එයා හරි පුදුම මනුස්සයෙක්.. ඉස්කෝලෙ සර් හැටියට එයාට වඩා නපුරු කෙනෙක් වෙන නැති තරම්.. සමහර වෙලාවට් මිනිස්සුන්ව ගනන් ගන්නෙත් නෑ.. මගෙ ගාවදි වයසත් අමතක කරලා හුරතල් වෙන්නෙ.. ඉස්කෝලෙ ඉන්න සර්මද කියලා හිතෙන තරමට එයා වෙනස් වෙනවා.. මේ මනුස්සයව මට තේරුම් ගන්නම බෑ.....

හැමෝම ආදරේදි තමන්ගෙ කෙනාව රෝස මලකට සමාන කළාට මට එයා හිමාලයේ පිපෙන දුර්ලබ මලක්.. හොයාගන්න අමාරු ඒත් වටිනම මලක්..

හැමෝම ආදරේ පෙන්නන්න හදවතක් ඇන්දට මං ලියන්නෙ එයාගෙ නම.. මොකද එයාට වඩා හොඳ නිර්වචනකයක් මට ආදරේ වෙනුවෙන් දෙන්න අමාරුයි.....

උඹ කැලෑ මලක්.. ගොඩක් මිනිස්සුන්ට නොවටින.. ඒත් කවියෙක්ට හැම දේකටම වඩා වටින.. ඒ කවියා මම.. උඹටම පිස්සු වැටුන.....

උඹ හඳක් නම් ඒ හඳේ ඉන්න හාවවත්, හඳ වටේ ඉන්න තරුවක්වත් වෙන්න මට ඕනෙ නෑ.. මට ඕනෙ වලාකුලක් වෙලා ලෝකෙන්ම හංගගෙන හරි උඹව පරිස්සම් කරන්න.....

මට ආදරේ කියලා දුන්නෙ උඹ.. මගෙ පලවෙනි ආදරේ වගේම අවසන් ආදරේ වෙන්නෙත් උඹම විතරයි මගෙ අකිලේශ්...

හාදුවකට එහා නොගිය.. කෑදරෙන් තලන්න හිතෙන තැනත් ආදරෙන් රකින් ආදරයක් මට උඹ වෙනුවෙන් මවන්න ඕනෙ...

මේ වචන උඹ වෙනුවෙන්ම විතරයි මගෙන් පිට වෙන්නෙ.. මොකද පිට ම්නිස්සුන්ට මං සීතල චරිතයක් වගේම මට මං ම වෙන්න ඉඩ තියෙන්නෙ උඹ ළඟම විතරයි.....

මං ඒ හිත නොසෑහෙන්න රිද්දලා ඇති.. එයා මට ආදරේ කිව්වමත් ගනන් නොගත්ත දුෂ්ටයෙක් මං.. ඒත් තාමත් එයාගෙ හිතේ මං ගැන මුලින්ම හට ගත්ත ආදරේ තාමත් ඒ විදියමයි.. මට මේ මනුස්සයා ගැන කියන්න වචන නෑ... ඒ තරම් මේ මනුස්සයා හරිම ආදරණීයයි.. මං හිතන විදියට මේ වගේ ආදරවන්තයෙක් ලබපු මං මේ ලෝකෙ වාසනාවන්තම මනුස්සයා.....

වෙලාව රෑ දහයයි කාලයි.. කල්පනා ලෝකෙන් මිදිලා මං ෆෝන් එක අතට ගත්තෙ එයාට මැසේජ් එකක් දාන්න.. ෆෝන් එක අතට ගත්තත් කියන්න ඕනෙ මොකද්ද කියලා හිතාගන්න බැරි තැන මං සින්දුවක් ටයිප් කරලා එයාට යැව්වා..

'මට ලැබුනු හැමදේට වැඩියෙන් සදා

වටිනාම දේ වූ ඔයා....

පෙර පිනට මුණ ගැහුනු බව තේරුනා

දුටු මුල් දිනේ දී පවා....'

මැසේජ් එක දාල විනාඩි පහකට විතර පස්සෙ මගෙ ෆෝන් එකට මැසේජ් එකක් ආවා.. ඒ එයාගෙන්.....

"වස්සානයේ තනි වෙලා- තුරුලු වී උණුසුමේ

දෑඟිල්ලෙ පැටලි උන් සැඳෑව සුන්දරයි...

ඔබ මගේ හැම භවේ........"

අනේ ඉතින් මගෙ කොල්ලා.. මුලින් මුලින් මං හිතුවෙ මෙයාව මට ඕනෙ විදියට හදාගන්න මට මාරම කට්ටක් කන්න වෙයි කියලා.. ඒත් වැඩි කල් යන්න නොදී එයා මට තේරුම් කරා අපි දෙන්නම එකම ටයිප් තමා කියලා.. හික්ස්...

සින්දු කියන එක පැත්තකට දාලා මම ආයෙම එයාට මැසේජ් එකක් දැම්මා....

'Mk.. ai nidagaththe naththe....'

මැසේජ් එක සෙන්ඩ් වුන ක්ෂණික සීන් වුනා....

"Papers wagayak baluwa Dinu.. dan iwarai...."

ඒ එයා.. දිනුල්‍ය වෙනුවට මට දිනූ කියන්න පුරුදු වෙලා එයා.. ආදරේ වැඩිම වුණ තැන කියන මැණික, වස්තුව, පැටියො වගේ වචන ඇරුනම එයා මට කතා කරන්නෙම දිනූ කියලා.....

'Baba.. heta meet wemuda.. scl nane...'

"Mm.. oya kiyana deyak thama....."

'Hoda lamaya... mn heta 10ta oyawa ganna ennam.. lasthi wela inna...'

"Mn heta library ekata yanawa ude.. mawa ethanin ganna..."

'Hm ok.. dan nidaganna.. good night😘😘'

"Good night❤️😘"

කාලෙකින් එයාව හම්බෙන්න යන නිසා ඒක ආදරණීය දවසක් කරන්න හිතාගෙන හිටියත් නොහිතපු විදියට ඒක උඩු යටිකුරු වුනා.....

බකට් නෑ කියලා හිතන්න එපා ළමයි..බකට් දානවා.. නැත්තම් බෝරින්නෙ🌝

ඊළඟ එපිය කියවන්න ලේන්සු ටිකක් ලෑස්ති කරගෙන ඉන්නකො එහෙනම්....

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!