Chapter 13 of 38

part 13

අවුරුදු වලට පස්සෙ දවසෙ අපිට එයාලගෙ ගෙදර දවල් කෑමට එන්න කියලා තිබුනා.. එහෙ ඉඳන් හවස එද්දි එයාට ගමනක් යන්න ලෑස්ති වෙලා ඉන්න කියන්න මං අමතක කරේ නෑ.. ගෙදර ආව ගමන් මං කරේ හොඳට නාලා සුදු ෂර්ට් එකට කලු ට්‍රවුසර් එකක් ඇඳගෙන එයාලගෙ ගෙදර ගිය එක.. මං යද්දි එයා තද නිල් ෂර්ට් එකක් ඇඳගෙන හිටිය නිසා මං එයාටත් සුදු ෂර්ට් එකක් අන්දගෙන තමයි එක්කගෙන ගියේ.. මං කිව්ව ගමන් එයා ඇවිත් වාහනෙන් වාඩි වුනේ අඩුම යන්නෙ කොහෙද කියලවත් මගෙන අහන්නෙ නැතුව.. මේන් රෝඩ් එකට දාලත් ටික දුරක් යනකම් එයාවත් මංවත් කතා කරේ නෑ.. ඒත් සද්දයක් නැතුව යද්දි අපහසුවක් වගේ දැනෙන නිසාද කොහෙද එයා කතා කරා......

"අපි කොහෙද යන්නෙ දිනුල්‍ය.. මේ සුදුත් ඇඳගෙන.. පන්සල්ද...."

'හ්ම්.. ඇයි කැමති නැද්ද....'

"අකමැති නෑ.. මාත් ගොඩ දවසකින් පන්සල් ගියෙ නැ.. අවුරුද්දට යන්නත් බැරි වුනානෙ.. දැන් මේ කොහෙටද යන්නෙ...."

'කැළණි යමු.. කාලෙකින් ඒ පැත්තෙ ගියෙ නෑ.....'

"හ්ම්ම්..."

කැළණියට යනකන්ම ආයෙත් අපි දෙන්නා අතර කතාවක් තිබුනෙ නෑ... වාහනේ පාක් කරලා පන්සල පැත්තට ඇවිදගෙන යද්දි දෙපැත්තෙම විකුණන්න මල් තියාගෙන ගැහැනු, පිරිමි කියලා වෙනසක් නැතුව වයස් බේදෙකුත් නැතුව පොඩි ළමයි පවා මල් තියාගෙන හිටියා.. මං එයාට මල් අරන් එන්න කියලා සල්ලි දෙන්න හැදුවත් එයා එපා කියලා පොඩි ළමයෙක් මල් විකුණන තැනකට ගියා... එයා ඒ පොඩි ගැහැනු ළමයගෙ මට්ටම පහත් වෙලා මොනාදො ඇහුවා.. මාත් හිමින් හිමින් එයා ළඟට ඇවිදගෙන ගිහින් එයාට පිටිපස්සෙන් හිටගත්තා....

"මේ මල් කීයද බබෝ...."

"ඒවා සීයයි මහත්තයා.. මේවා එකසිය පනහයි..."

"ම්ම්.. මට ඒ දෙකෙන්ම මල් වට්ටි දෙකක් දෙන්නකො එහෙනම්...."

එයා මල් වට්ටි දෙකක් ඉල්ලලා වොලට් එකෙන් රුපියල් දාහක් අරන් පොඩි කෙල්ලට දුන්නා....

"මෙච්චර මාරු නෑනෙ මහත්තයා.. අද මල් වට්ටි ගොඩක් විකිනුනේ නෑ..."

"මට ඉතුරු එපා.. ඔයා ඒවා තියාගන්න.. ආයෙ ඉස්කෝලෙ නොයා ඉන්න එපා හරිද.. මං කියපු ඒවා මතකනෙ..."

එයා පොඩි කෙල්ලගෙ ඔලුව අතගාලා හිටගෙන මං දිහා බලලා හිනාවුනා.. එයාට තිබුනෙ හරි ලස්සන හිනාවක්.. ඕන කෙනෙක්ව පිස්සු වට්ටන්න පුලුවන් විදියෙ හිනාවක්.. මූණෙ එක පැත්තක ලාවට වලකුත් හැදෙනවා හිනාවෙද්දි.. මේ මනුස්සයා ගැන වර්ණනා කරනවා නම් කියන්න වචන මදි මට.....

එයාටත් හිනාවක් දීලා මම එයාට යමු කියලා සන් කරාම අපි දෙන්නම ඒ පැත්තට් ඇවිදගෙන ගියා.. ගිහින් මල් පූජා කරලා ඇවිත් පඩිපෙලෙන් වාඩි වුනා.. එයා මල් පූජා කරලා වඳිනකම් මං එයාගෙන් අහකට ඇස් ගත්තෙ නෑ කිව්වොත් ඒක ඇත්ත.. එයා හරි සන්සුන් නිවුණ කෙනෙක්.. මගෙනෙ ඉතින්..

අපි පඩිපෙළේ වාඩි වෙලා ඉද්දි මං දැක්කා ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් ලොකු බඩත් අල්ලගෙන අමාරුවෙන් පඩිපෙළ නගිනවා.. එයාගෙ මහත්තයා පැත්තකින් එයාව අල්ලගෙන හරි පරිස්සමින් එයාට උඩට නගින්න උදව් කරනවා.. මං මගෙ එයා දිහා බලද්දි එයත් බලාගෙන හිටියෙ ඒ දිහා.. අපිට එහෙම බැරි වුනත් දරුවෙක් හදාගන්න බැරි කමක් නෑනෙ.. මං අත දික් කරලා එයාගෙ ඔලුව අතගාද්දි එයා මට ලස්සන හිනාවක් දුන්නා.. මේ මනුස්සයගෙ හිනාව නම් ඉනාවක්..

වාහනෙ එහෙමම තියෙද්දි අපි දෙන්නා වෙන පැත්තකට පයින් ඇවිදගෙන ආවා.. ඒ පාර දිගේ පුංචි පුංචි මල් පදුරු ජාතියක් තිබුනා.. මං ඒ සුදු පාට චූටි.මලක් කඩලා එයාගෙ කනේ රැඳෙව්වම එයා ලැජ්ජාවෙන් වගේ හිනා වුනා.. ඒත් එයා අනිත් අය මොනා හිතයිද එයාට හිනාවෙයිද කියන එවා හිතන්නෙ නෑ.. ඒ මල එයා අයින් කරන්න හැදුවෙත් නෑ.. පාරෙ ඇවිදගෙන යද්දිත් එයා ඒ මල කනේ තියාගෙනමයි ඇවිදගෙන ගියේ..

ටික දුරක් ඇවිදගෙන යද්දි මං මගෙ අතින් එයාගෙ අත අල්ලගත්තා.. එයා ගැස්සුනා.. ඒත් ඉක්මනට ආයෙම මූඩ් එක හදාගත්තා.. එයාට තාමත් මං කරන චූටි චූටි දේවල් එක පාර දරාගන්න බෑ.. මොකද මම ආදරේ දෙද්දි ඒක උපරිමයෙන් දෙන මනුස්සයෙක්...

එයාගෙ අත අල්ලගෙන ඇවිදිද්දි මට ඒක අමුතු විදියට දැනුනා.. සමහර විට මං කලින් මෙහෙම ආදරේ කරන කෙනා එක්ක අත් අල්ලන් ඇවිදලා නැති නිසා වෙන්න ඇති.. ඒත් මට ඒ ගැන සතුටුයි.. මොකද මගෙ පළවෙනි වගේම අන්තිම ආදරෙත් එයා.....

මං එයාව එක්කගෙන ආයෙම හැරිලා වාහනේට ආවා.. ඇවිත් ගස් කොලන් තියෙන මිනිස්සු අඩු පැත්තකට ඇවිත් වාහනෙ නැවැත්තුවා.. එයා පුදුම වෙලාද මොනාත් හිතා ගන්න බැරුවද දන්නෙ නෑ මං දිහා බලාගෙන හිටියා..

'පිටිපස්සෙ ශීට් එකට යන්න.....'

මං එහෙම කිව්වත් එයා එතනින් හෙලවෙන්නෙවට් නැතුව මං දිහා බලාගෙන හිටියා හරියට බය වෙලා වගේ... මං ලාවට හිනාවෙලා එයාගෙ කම්මුලක් මගෙ අතක මහපට ඇඟිල්ලෙන් පිරිමැද්දා....

'මාව විශ්වාස නැද්ද....'

මං එහෙම අහද්දි එයා ඉක්මනට දොර ඇරගෙන ගිහින් පිටිපස්සෙ සීට් එකෙන් වාඩි වුනා.. එයා ගියාට පස්සෙ මාත් එයා ළඟට ගිහින් වාඩි වෙලා කාර් එකේ ශටර්ස් වැහුවා.. එයා මේ හැම දෙයක් දිහාම බය වෙලා වගේ බලාගෙන ඉද්දි මං එයාගෙ ඉණ වටේ මගෙ අත යවලා මගෙ ළඟට ඇදලා ගත්තා.. මං ළඟට අරගෙන නිකම් හිටියෙත් නෑ.. එයාගෙ ලාවට ඇරිලා තිබුන ලිප්ස් වලට පොඩි පෙක් එකක් තිබ්බා.. එයාගෙ ඇස් ගැස්සුනා මං ඇස් අගින් දැක්කා... මට ලාවට හිනාවක් ගියත් එයාට ඒක නෝට් වුනේ නෑ කියලා මට විශ්වාසයි.. මං හිමිට එයාගෙ ඉණ වටේ තිබුන මගෙ අත එයාගෙ ශර්ට් එකට යටින් එයාගෙ නිරුවත් ඉණ දිගේ යවද්දි එයා ඇඹරුනා.. අනේ මගෙ කෝලම.. මං අනිත් අතින් එයාගෙ නිකටින් මූණ උස්සලා මං පැත්ත හරවගෙන ඒ ලිප්ස් වලට පාත් වුනා... එයාව අත් බාගෙට නවපු සුදු ශර්ට් එකකින් දකිද්දි මට අපි පන්සල් ගිය වග අමතක වුනා..

මං එයාව කොච්චර වෙලාවක් කිස් කරාද කියලා මං දන්නෙ නෑ... අන්තිමට දෙන්නම හිටියෙ කිස් එකෙන් හෙම්බත් වෙලා හති අරින ගමන්.. එයා හිටියෙ මගෙ බෙල්ල අස්සෙ මූණ ගහගෙන.. ලැජ්ජා හිතිලනෙ මගෙ කෝලමට... මං එයාව මගෙ අත් දෙකෙන්ම හරි පරිස්සමට තුරුල් කරගෙන එයාගෙ හිස් මුදුනෙන් හාදුවක් තිබ්බා...

මං උඹට කියාගන්න බැරි තරම් ආදරෙයි බන්......

අද කතාව නම් ටිකක් බෝරින් වගේ නේද... පන්සල්නෙ ගියෙ ළමයි🌚

සොරි කතාව දාන්න පරක්කු වුනාට...

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!