Chapter 12 of 38

part 12 අවුරුදු special

"දිනුල්‍ය..."

නින්දෙන් ම වගේ මට  ඇහුනේ එයාගෙ කටහඬ.. මෙයා මොකද උදේ ම අපේ ගෙදර ඇවිත් කරන්නෙ... හිතින් හිතුවත් මොකද ඇස් ඇරලා බලලා වචනයක් කතා කරගන්න බැරි තරම් මට නිදිමතයි...ඒත් කොහෙ නිදාගන්නද කන ලඟ කෑරලෙක් කෑ ගහද්දි....

'ම්..ම්ම්...'

මොනා කියන්න හැදුවද මන්දා කටින් පිට වුනේ කෙඳිරියක් විතරයි.. ආයෙ අනිත් පැත්ත හැරිලා නිදාගන්න හැදුවත් මේ යකා මං පොරවගෙන හිටපු ශීට් එකත් පැත්තකට විසි කරලා මාව කකුලෙන් ඇදලා ඇඳෙන් බිමට දැම්මා...අර කලින් දවස් වල මං කිව්වෙ අහිංසකයි කියලා.. ඒ මූ නෙමේ.. වෙන එකෙක්..මට කොතන හරි වැරදුනා...

"දිනුල්‍ය නැගිටිනවකො... අවුරුදු දවසෙත් මොකාද වගේ නිදාගෙන ඉන්නෙ... හැබැයි මං අම්මට කතා කරනවා.....

'ම්හ්ම්ම්... ඇයි වදේ...'

"ආ දැන් මං වදේ.. අනේ මේ... මං වදේ පෙන්නන්න කලින් නැගිටලා පහළට එන්න....."

අවුරුදු කියලා අපේ ගෙදර මේ චූටි පුතාට වෙන අකටයුතුකම් නම් අඩුවක් නෑ.. හරි වේදනයි මට.. කොහොම හරි විනාඩි විස්සකට විතර පස්සෙ වොශ් දාගෙන ඇඳුමකුත් දාගෙන මං පහළට එද්දි කට්ටිය කෑම මේසෙ වටේ ඉඳගෙන.. මං විතරයි පරක්කු වෙලා තියෙන්නෙ.. මං ගිහින් එයාගෙ එහා පැත්තෙන් තිබුන පුටුවෙන් එයාට ලස්සන අහිංසක හිනාවක් දෙන ගමන් වාඩි වෙද්දි එයත් මට ඒ හා සමාන අහිංසක හිනාවක් දුන්නා.. අහිංසක මීන්ස් අහිංසක... මාත් ආවට පස්සෙ හැමෝම කෑම කන්න පටන් ගත්තා... එතකොටම වගේ අපේ අම්මා කතා කරා...

"පුතාලා බඩ පිරෙන්න කන්න.. ආයෙ හවස කනකන් කෑම නෑ... පස්සෙ බඩගිනියි කියලා දඟලන්න නම් එපා....."

අම්මා එහෙම කියද්දි මගෙ මූණ අපායට ගහපු කැලැන්ඩරේ වගේ වුනා..අපේ ගෙදර ඔය චාරිත්‍ර වාරිත්‍ර අකුරටම කරනවා... ඉතින් අනම් මනම් වානා.. කියන දේ කරන්න ඕනෙ.. අම්මයි තාත්තයි එච්චර තදි ගතිගුණ තියෙන අය නොවුනත් මේ වගේ දේවල් නොකර ඉන්න බෑ...

කෑම කාලා ඉවර වෙලා මං එයාවත් එක්කගෙන වත්ත පහළ තියෙන මැයි ගහ යටට ආවා... ඇවිත් එයාව ගහට හේත්තු කරලා එයාව මැද්දෙන් හිටින විදියට මගෙ අත් දෙක එයාගෙ දෙපැත්තෙන් ගහේ කඳට තියලා එයාට ළං වුනා.. එයාගෙයි මගෙයි ඇත්තෙ හුස්මක් දුරක් විතර.. මං තොල්පටත් හපාගෙන එයාගෙ ඇස් දිහා බැලුවම එයා මූණත් රතු කරගෙන බිම බලාගත්තා.. මං ආයෙම එයාගෙ  නිකටින් අල්ලලා ඒ මූන මගෙ පැත්තට හරවගත්තා....

'අම්මලා කිව්වෙ වෙන කෑම ජාති කන්න එපා කියලනෙ.. but not this cherry lips.. they make me go wild on you.....'

මං එහෙම කිව්වෙ එයාව අවුස්සන්න වුනත් ඇවිස්සිල්ල කෙසේවෙතත් කොල්ලා ලැජ්ජාවට පුපුරනවා දැන්.. මට යන්න ආව හිනාව අමාරුවෙන් නවත්තගෙන මං ළඟ තියෙන සෙම්සිම බැල්ම එයාට දුන්නා.. මේකා චෙරි ගෙඩියකට හපන් දැන්.. කන්න හිතෙනවා.. කොහොමත් මගෙනෙ ඉතින්.. මං එයාගෙ ඉණ වටෙන් මගෙ අතක් යවලා එයාව මගෙ ඇඟට තද කරගෙන එහෙමම එයාව ගහට හේත්තු කරගෙන මාත් එයාගෙ ඇඟට බර වුනා.. මේකා තාම එක පාරක්වත් මගෙ මූන දිහා බැලුවෙ නෑ...

'My little cherry look at me....'

එහෙම කියද්දි ලැජ්ජාවටද කොහෙද කොල්ලා තොල්පට හපාගන්නවා මං බලාගෙන..

'I said look at me......'

මං හස්කි වොයිස් එකකින් කියද්දි එයා මූණ රතු රතු කරගෙනම මං දිහා බැලුවා.. මං එහෙම්ම එයාගෙ තොල් වලට පාත් වෙලා ඒවා සිපගන්න පටන් ගත්තා...  එයත් ටිකෙන් ටික කිස් එකට හුරු වෙලා මට එකතු වුනා.. සෑහෙන වෙලාවක් අපි දෙන්නගෙම  ලෝකෙක නතර වෙලා හිටපු අපි දෙන්නා දැන් ඉන්නෙ මැයි ගහ යට බිම ඉඳගෙන.. මං ගහට හේත්තු වෙලා ඉඳගෙන එයාව මගෙ කකුල් දෙක මැදින් වාඩි කරගත්තා.. එයා එක්ක කතා කරන ගමන් මං එයාගෙ බෙල්ල පිටිපස්සට චූටි චූටි හාදු තියද්දි එයා ඇඹරෙනවා මං බලාගෙන.....

'ආදරී කියන්න

ඇයි මම ඔබෙ සුසුමේම දැවටෙන්න ආස.....'

මං එහෙම කියලා එයාව මගෙ උකුලෙන් වාඩි කරගෙන එයාගෙ ඔලුව මගෙ පපුවට හේත්තු කරගත්තා...

'මට සමාවෙයන් බන් මගෙ හැඟීම් තේරුම් ගන්න පරක්කු වුනාට.. ඔයාට මං මහ ගොඩක් ආදරෙයි.. ඒ කොච්චරක්ද කියන්න මං දන්නෙ නෑ.. ඒත් මේ වෙලාවෙ දැනෙන මේ හැඟීම මට  හැමදාම විඳින්න ඕනෙ.. ඒකත් ඔයා එක්කම විතරක්..... මං ආදරෙයි.....'

මං දන්නෙ නෑ ඇයි කියලා.. එයාට ආදරෙයි කියලා මුලින්ම කියපු දවසෙ ඉඳන් මේ වෙනකම් දවසට කී පාරක් මං එයාට ආදරෙයි කියලා කියනවද මං දන්නෙ නෑ.. මට ඒකෙ ඇති වීමකුත් නෑ... එයා මොනවත් නොකියා මට තුරුල් වෙලා හිටියා.. මට දැනුනා එයා මගෙ පපුවට පුංචි හාදුවක් තියනවා.. මං ඒක දැනුනෙ නෑ වගේ හිටියා.. මොකද මං ඒකට මොනවා හරි කිව්වොත් එයාට ලැජ්ජා හිතෙනවා... මේ මනුස්සයා අකලට වයසට ගිහින්.....

අපි දෙන්න පැයක් විතරම එතනට වෙලා ඉන්න ඇති.. අපි දෙන්නා ආපහු එද්දි අම්මලා ටීවි එකේ අවුරුදු උත්සවයක් බලනවා... අම්මලා කියන්නෙ එයාලගෙ අම්මලයි අපේ අම්මලයි... අද පවුල් දෙකම අපේ ගෙදර.. අපි දෙන්නත් ගිහින් අම්මලා ඉඳගෙන හිටපු තැන බිමින් වාඩි වුනා.. එයා මං ළඟින් වාඩි වුනාම මං එයාගෙ සුලැඟිල්ලේ මගෙ සුලැඟිල්ල පටල ගත්තා...

ටීවි එක දිහා බලාගෙන එයා හිනාවෙද්දි ඒ ඇස් හීනි වෙන විදිය, කට ඇරෙන වැහෙන විදිය, වෙලාවකට කට ඕ අකුර වගේ හදාගන්න විදිය, වෙලාවකට පොඩි එකෙක් වගේ අත්පුඩි ගහ ගහ හිනාවෙන විදිය මං හරි ආසාවෙන් බලන් හිටියා... හරියට පළවෙනි වතාවට හිනාවෙන පොඩි දරුවෙක් දිහා බලන් ඉන්න තාත්තා කෙනෙක් වගේ.. එයා මං එක්ක ඉද්දි හැසිරෙන විදිය දකින කිසිම කෙනෙක් විශ්වාස කරන එකක් නෑ එයා ඉස්කෝලෙක ගුරුවරයෙක් කියලා.. ඒ තරම් බොලඳ විදියට එයා මං ළඟ හැසිරෙන්නෙ...

මං කාටවත් නොපෙනෙන්න එයාගෙ කනට ළං වුනා....

'Why are you so cute my baby... I wanna kiss you,till you turn in to a red cherry.......'

මං එහෙම කියලා හිනාවකුත් දාගෙන එයා දිහා බලාගෙන ඉද්දි එයා හිමීට මගෙ උරහිසට පාරක් ගහලා අම්මලා දැක්කද බලන්න වගේ වට පිට බැලුවා...කෝලම් ගොඩක්.....

පැයක් දෙකක් විතර ටීවි බලලා එපා වෙලා මං එයාව එක්කගෙන මගෙ කාමරේට ආවා.. එයා කාමරේට යනකම් ඉඳලා දොරත් වහගෙන මං එයා පැත්තට එන දිහා එයා බලන් හිටියෙ හුස්මත් හිර කරගෙන.. මං එයාව පහු කරගෙන ගිහින් ඇඳෙන් වාඩි වෙලා එයාට මගෙ උකුල පෙන්නුවා.. එයා මොනවත් නොකියා මං දිහා බලන් ඉද්දි මං එයාගෙ අතේ මැණික් කටුව ගාවින් ඇදලා අරගෙන මගෙ පැත්ත හැරිලා හිටින්න එයාව ඉන්දවගත්තා.. එයා මගෙ උකුලෙන් ඉඳගෙන මගෙ ඉණ වටේ එයාගෙ කකුල් පටලගෙන බෙල්ල වටේ අත් යවලා අල්ලගෙන මගෙ මූන දිහා බලන් හිටියා හරියට දැන් හරිද අහන්න වගේ.. එයා මට වඩා වැඩිමල් තමයි.. ඒත් එයා මට වඩා ටිකක් පොඩියි වගේම හුරුබුහුටි පාටයි.. අනික එයාම මං ළඟ හුරතල් වෙද්දි මට පුලුවන්ද එයාට එපා කියන්න.. අනික එයා මං ළඟ ඉද්දි පොඩි එකෙක් වගේ  හුරතල් වෙනව නම් මට පුලුවන් එයාට තාත්තෙක් වෙලා එයාව බලාගන්න..

මං එයාගෙ ෂර්ට් එකට යටින් අත දලා එයාගෙ ඉණ දිගේ හිමින් ඇඟිලි අරන් යද්දි එයා ඇඹරෙන්න ගත්තා.. මං අනිත් අතින් අයාගෙ ඉණ එක පැත්තක් අල්ලගෙන හිමින් හිමින් ඉණ මිරිකුවා.. මේකව රතු වෙලා ඒ ටිකට... මං හිමීට එයාගෙ කණකට ළං වෙලා එයාව අවුස්සන්න පුලුවන් විදිහේ හීනි හඬකින් කතා කරා.....

'කකුල් දෙක උඩ ඉඳගෙන දඟලන්න එපා බබා.. අනික ඔයා ඉන්නෙ කකුල් දෙකෙත් ගොඩක් උඩ හරියක... ඔයා දඟලලා මොනා හරි වුනොත් අවුරුදු දවසෙ මං අතින් අත් වැරදීම් වෙන්න පුලුවන්......'

මං එයාගෙ කනෙන් ඈත් වෙලා මූන දිහා බලද්දි මේකා ඉන්නවා බිම බලාගෙන තොල්පටත් හපන්.. කෝලම මගෙ.. මං මොනවත් නොකියම එයාගෙ බෙල්ලට පාත් වෙලා චූටි චූටි හාදු තියන්න ගත්තා.. ඒත් එයා නෙමේ අඟලක්වත් හෙල්ලුනේ.. මං හිතලම එයාගෙ උගුරු ගැටේට හාදුවක් තියද්දි එයාව ගැස්සුනා.. මේ වෙද්දිත් මගෙ හැඟීම් අවදි වෙලා තියෙන්නෙ.. එයාගෙත් එහෙම වෙන්න ඕනෙ.. අනික එයාට මගෙ නැගිටපු හැඟීම් දැනෙනවත් ඇති..

අපි දෙන්නම කොල්ලොනෙ කියලා මට ඕනෙ වෙලාවක එයාව යට කරගෙන මට ඕනෙ දේවල් ලබාගන්න තිබුනා.. ඒත් මට එහෙම ඕනෙ නෑ.. මට ඕනෙ එයාව හරි වෙලාවටම ආදරෙන් මගේ කරගන්න මිසක් මට ඕන ඕන වෙලාවට මගෙ අතින් තලලා දාන්න නෙමෙයි...

මට තේරුමක් තියෙනවා ආදරෙයි රාගයයි කියන්නෙ එකක් නෙමෙයි දෙකක් කියලා.... සමහරු හිතන් ඉන්නෙ සෙක්ස් නැත්තම් ආදරේ කරන්න බෑ කියලා.. සමහර වෙලාවට පාට්නර් සෙක්ස් කරන්න බෑ කිව්වොත් කෙල්ලෙක් නම් හිතන්නෙ ඒකි හොඳ නෑ.. ඒකිගෙ ඇත්ත එලියට එයි කියලා ඒක මග අරින්නෙ.. එහෙම කියලා.. ඒත් ඒ කෙල්ල තමන්ට ඒ දේ කරගන්න දුන්නා කියමු.. බැරි වෙලාවත් ඒ සම්බන්දෙ නැවතුනා කියලා හිතමු.. කොල්ලා නම් වෙන එකෙක් එක්ක යාලු වෙයි.. වෙන කෙනෙකව කසාද බඳීවි.. එතකොට කෙල්ල.. ඒ ජීවිතේට මොකද වෙන්නෙ.. අන්න ඒ නිසා ආදරේ කරන් දෙන්නෙක් වුනාම තීරණයක් ගන්න කලින් හොඳට හිතන්න ඕනෙ.. මොකද කසාද බැඳපු අයත් ඩිවෝර්ස් වෙන එකේ ලවර්ස්ලා දෙන්නෙක් බ්‍රේකප් වෙන්න බැරි නෑනේ...

මට ඕනෙ මගෙ එකා කොල්ලෙක් වුනත් පියෝ විදියට ඒ ඒ පිළිවෙලට මගෙ කරගන්න.. මගෙ කෙනා පිරිසිදුයි කියන්න මං දන්නවා.. ඒ වගේම එයාට යම් දෙයක් වෙනව නම් ඒ වෙන්නෙත් මගෙ අතින් කියලා මං දන්නවා.. ඒත් එක්ක වෙන්න ඕනෙ විදියක් තියෙනවා....

මං හිමින් එයාගෙ තොල් අල්ලගෙන ඒවා තාලෙකට උරවන්න ගත්තා.. එයා මගෙ උරහිස වටේ බැඳගත්ත අත් එහෙම්මමයි.... මගෙ අත් එයාගෙ පිට පුරා යනවා... මං හිමීට මගෙ අතක් එයාගෙ පපුවට අරන් ඇවිත් සියුම්ම තැනක් තදින් ඇල්ලුවා.. ඒත් එක්කම එයාට කෙඳිරියක් පිට වුනා....

"අහ්..ම්.... ද්..දිනුල්‍ය......"

ඒ කෙඳිරියත් එක්ක දෙන්නගෙම කන්ට්‍රෝල් ලොස් වෙන්න කලින් මං එයාගෙ තොල් වලින් ඈත් වෙලා එයාව ඇඳේ හාන්සි කරා.. මාත් එයාගෙ පැත්තෙන් ඇල වෙලා එයාග්ව් තොල් වලට පුංචි පෙක් එකක් තියලා එයාගෙ ඔලුව අත ගෑවා...

'ටිකක් නිදාගන්න බබා.. බඩගිනි එයි ඇහැරගෙන හිටියොත්... හවස ඔකිඳුවත් එයි... අපි ටිකක් නිදාගෙන හවස අනිත් වැඩ බලමු.. හොඳද... දැන් නිදාගන්න......'

එයා ලාවට හිනාවෙලා ඇස් පියාගත්තම මං මගෙ අතක් එයාගෙ ඉණ වටේ දාගෙන එයාව මං ළඟට ඇදලා අරගෙන එයාගෙ බෙල්ල අස්සට මූන තියාගෙන ඇස් පියාගත්තා.....

.

.

.

.

.

ටිකකට් නිදාගත්තට මොකද එයයි මායි කොච්චර වෙලා නිදාගෙනද කියලා දැක්කෙ ඔරලෝසුව දිහා බැලුවම... හවස පහටත් ළඟයි...පුදුම නින්දක් යකො....

කොහොම හරි කට්ටියම ආයෙ සාලෙට එකතු වෙද්දි රෑ හතයි.. අපි දෙන්නත් නාලා අලුත් ඇඳුම්ම ඇඳගෙන පහළට එද්දි අම්මලා නම් බලාගෙන හිටියෙ හනිමූන් ගිහින් එන කපල් එකක් දිහා බලන ගානට.. මං මට නෙමෙයි වගේ ගිහින් සාලෙන් ඉඳගත්තා.. අනිත් අය වැඩ අල්ලලා ගනුදෙනු කරලා ඔක්කොම ඉවර කරලා එනකම් මං කේක් ගෙඩිය තිබ්බා වගේ සාලෙට වෙලා ඉඳගෙනම හිටියා....

මං චාරිත්‍රෙකට කියලා හිටියෙ ලිප ගිනි මොලවද්දි ඒ දිහා බලාගෙන විතරයි.. මගෙ වැඩ තියෙන්නෙ කෑම මේසෙ ළඟනෙ... කොහොම හරි කට්ටිය අටට ආහාර ගැනීමේ නැකතට කෑම මේසෙන් වාඩි වුනා.. අම්මයි තාත්තයි අපි හැමෝටම කිරි බත් කැව්වට පස්සෙයි අපි කන්න ගත්තෙ.. මං ඉස්සරලම කෑවෙ මගෙ වෙන්ඩ හබී බැද්ද කොකිසක්.. කැවුම් දිහා නම් මං බැලුවෙවත් නෑ.. කැවුම් ඉව්වෙ අම්මලා.. කොච්චර කෑම වර්ග තිබුනත් මායි කොකිස් අතරයි තියෙන්නෙ ආත්මීය බැඳීමක්.. අපේ ගෙදර කොකිස් බැද්දොත් වැඩිම හරියකට වග කියන්නෙ මං තමයි...

කෑම කාලා ඉවර වෙලා ආයෙම අපි දෙන්නා මගෙ කාමරේට ගියා.. කාමරේ දොරත් වහලා මං බැල්කනි එකෙන් එළිය බලාගෙන හිටපු එයාව පිටිපස්සෙන් බදගත්තා.. ඊට පස්සෙ එයාගෙ උරහිස උඩින් මගෙ නිකට තියාගද්දි එයත් බෙල්ල ඇල කරලා ඒකට ඉඩ දුන්නා.. මගෙ තියෙන වලත්තකමට මේ වෙද්දිත් මගෙ එක අතක් එයාගෙ ෂර්ට් එක අස්සෙ...එයත් මට මොනවත් නොකියා ඉඩ දුන්නා.......

ටිකකින් මං එයාව මගෙ පැත්ත හරවගෙන බැල්කනි වැටට හේත්තු කරගෙන මගෙ අත් දෙක එයාගෙ දෙපැත්තෙන් රඳව ගත්තා.. මේ ටිකටත් මගෙ කොල්ලා රතු වෙලා..

'මොකද කියන්නෙ බබා.. අපි අපේ වැඩ අල්ලමුද දැන් එහෙනම්......'

මං හස්කි වොය්ස් එකකින් එයාට ළං වෙලා කියද්දි එයා ඒකට ඉඩ දුන්නා වගේ ඇස් දෙක පියාගත්තා..

මං එහෙම්ම එයාගෙ තොල් වලට ළං වුනා විතරයි-

"දිනුවෝ.. උඹ ක්-ටහිකේ....සොරි මචන් මං වැරදි වෙලාවක ඇවිත් තියෙන්නෙ.. සොරි සර්..මං පස්සෙ එන්නම්.. ඔයාලා වැඩ අල්ලන්නකො එහෙනම්..."

ඔකිඳුවගෙ ටකරම් වොයිස් එකට බය වුන අපි දෙන්නා තාමත් ඉන්නෙ හිටපු විදියටම ඌ දිහා බලාගෙන.. එයා මගෙ අත් වලිම් එලියට එන්න දඟලද්දියි මං හරි සිහියට ආවේ...

'කොහෙ යන්නද...දැන් වරෙන් මෙහෙට.. මූඩ් ගියා.. වරෙන්.....'

මං ඔකිඳුවට එන්න කිව්වත් මං බලද්දි මගෙ බබා නම් රතු වෙලා ලැජ්ජාවට.. ඔහොම නම් බෑ...

මං අඬගැහුවම ඔකිඳුවත් බැල්කනි එකට් ආවා.. මූ තමා පොඩි කාලෙ ඉඳන් මාත් එක්කම හිටපු එකා.. බැල්කනි එකට ආව ගමන් මූ එතන ඉඳන් පහළ බැලුවා....

"උඹේ බැල්කනි විව් එක නම් සුපිරි මචන්.. ඒකටත් එක්ක මගෙ.. බැල්කනි එකට ගිහින් බලපු ගමන් අල්ලපු ගෙදර ඇන්ටිගෙ රෙදි වැල පේන්නෙ...."

මූ කිව්ව එකට එයා නම් කටත් වහගෙන හිනාවෙනවා... කෝලම මගෙ....

අපි තුන් දෙනාම පහළට ගිහින් අම්මලා එක්ක එකතු වෙලා පාටිය පටන් ගත්තා.... සින්දු කිව්වා.. නැටුවා.. ආයෙම කෑවා බීවා..

මං පළවෙනි පාරට මගෙ විතරයි කියලා අයිතියක් කියන්න පුලුවන් කෙනෙක් එක්ක ඒ විදියට අවුරුදු සැමරුවා..........

ඕතරී රොමෑන්ටික් වෙන්න දන්නෙම නෑලු.....

දිනූ රොමෑන්ටික් වෙද්දි.ලියන මටත් මොනාදෝ වෙනවා වගේ ඒයිලා.....

ම්හුක්.. තනියම අවුරුදු සමරන ඕතරී එක්ක අවුරුදු සමරන්න කවුරුත් නැද්ද....

කොහොම හරි,

හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️✨

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!