Chapter 11 of 38

part 11

පහුවදා උදේ දහයට විතර එයාවත් එක්කන් මං ආවෙ ***** පාක් එකට... එයයි මායි තාම හරියට ආදරේ කරන කපල් එකක් නොවුනත් අපි දෙන්නටම ඕනෙ උනේ ආදරේ කරන්න කලින් අපි දෙන්නට දෙන්නා ගැලපෙනවද කියලා තේරුම් ගන්න.. එයා දවසක් කිව්ව දෙයක් මට මතක් වුනා....

"දිනුල්‍ය.. මං කියන දේ අහන්නකො... මං ඔයාට ආදරෙයි.. ඒත් එහෙමයි කියලා ඔයා මට ආයෙත් ආදරේ කරන්න ඕනෙ කියලා එකක් නෑ කියලා මං එදා ඔයාට කිව්වනෙ..

මං කියන්න හැදුවෙ මං ඔයාට ආදරේ කළත් ඔයා මට ආදරේ කරන්න කලින් දෙවතාවක් නෙවේ පනස් පාරක් හරි හිතලා පසුතැවෙන්න වෙන්නෙ නැති තීරණයක් ගන්න.. හරිද.. ගෙදර අය කිව්ව පලියට ආදරයක් නැතුව එක ගෙයක් ඇතුලෙ එකට ජීවත් වෙනවා කියන්නෙ අපායක ජීවත් වෙනවා වගේ දෙයක්......"

එයා ඔච්චර වචන ගොඩක් එක පාර කිව්වමද කොහෙද.. මං එක පාර පියවි සිහියට ආවෙ ළගින් ගිය අයිස්ක්‍රීම් කරත්තයක් ගහපු හෝන් එකේ සද්දෙට..

මං එයාට එතනම ඉන්න කියලා දුවගෙන ගිහින් අයිස්ක්‍රීම් එකක් අරන් ඇවිත් එයාට දුන්නා... අයිස්ක්‍රීම් එක අතට ගත්තත් ප්‍රශ්නාර්තයක් වගේ මූනක් හදාගෙන එයා මගෙ පැත්ත හැරුනා.....

"ගෙනාපු අයිස්ක්‍රීම් එක මට දුන්නම ඔයාට කෝ... මං තව එකක් අරන් එන්නද ගිහින්....."

'තව එකක් අරන් එන්න ඕනෙ නම් මං ඒ වෙලාවෙම අරන් එනවනෙ.. මට එපා නිසා ඔයාට විතරක් ගෙනාවෙ.. පණ්ඩිතකම නැතුව ඕක කන්න ඇඟේ පෙරෙන්න කලින්.....'

එයා පොඩි එකෙක් වගේ අයිස්ක්‍රීම් එක කකා ඉද්දි එයාගෙ උඩු තොලට උඩින් ගෑවිලා තිබුන අයිස්ක්‍රීම් ටික එයා හිතන්නත් කලින් මං මගෙ මහපට ඇඟිල්ලෙන් අරන් ඉරෙව්වා.. එයා පුදුම වෙලා මං දිහා බලන් හිටියත් මං එයාව දැක්කෙ නෑ වගේ අහක බලාගෙනම හිටියා...

.

.

.

.

.

.

හවස කළුවර වැටෙන්න ඔන්න මෙන්න වගේ තියලා මං එයාවත් එක්කගෙන බීච් එකට ගියා.. හවස නිසා ගොඩක් සෙනග නැති වුනත් මං එයාව එක්කගෙන කවුරුත් නැති ගල් තලාවක් තියෙන තැනකට එක්කගෙන ගිහින් ගල් තලාව උඩින් ඉඳගෙන එයාටත් මං ළඟින් වාඩි වෙන්න කියලා සන් කරාම එයත් කීකරු පොඩි එකෙක් වගේ මං කියන දේ අහලා මං ළඟින් වාඩි වුනා..

මේ මනුස්සයටමං එක්ක ඉද්දි වයස අමතක වෙනවද කොහෙද පොඩි එකෙක් වගේ හැසිරෙන්නෙ.. මතකයක් ඇත්තෙම නෑ මට වඩා අවුරුදු පහ හයක්ම වැඩිමල් කියලා......

එයා මුහුද දිහා දිගටම බලාගෙන ඉද්දි මං එයාග්ව් අතක ඇඟිලි මගෙ ඇඟිලිත් එක්ක පටල ගත්තා.. මට තේරුනා එයා ගැස්සෙනවා.. මගෙ හැසිරීම ගැන එයාට පුදුම හිතෙනවා ඇති.. මටත් පුදුමයි.. ඒත් මට ම හිතෙනවා දැන් මේ දේවල් ඇති.. අපි හරි තීරණයකට එන්න ඕනෙ කියලා.....

මං එයාගෙ නිකටින් අල්ලලා මූණ මගෙ පැත්තට හරව ගත්තම එයා බය වෙලා වගේ හිටියා.. බය වෙන්න ඇති... අපි දෙන්නා ඉන්නෙ දෙන්නට දෙන්නගෙ හුස්ම පවා වදින දුරකින්.. අපි දෙන්නා මෙච්චර ළඟින් හිටියමද කොහෙද.. එයාගෙ මූණ මගෙ පැත්තට හරවගෙන මං කෙලින්ම එයාගෙ ඇස් දිහා බැලුවා.. එයා තාමත් වෙන දේ හිතා ගන්න බැරුව මං දිහා බලාගෙන ඉද්දී මං හිමීට එයාගෙ තොල් වලට පාත් වෙලා ඒවා හිමින් සිපගන්න ගත්තා.. එයා මුලින් කිසි දෙයක් තේරුම් ගන්න බැරුව ගල් ගැහිලා වගේ හිටියත් මට දැනුනා ටිකකින් එයාගෙ අත් මගෙ උරහිස වටේ එතෙනවා.. මං ටිකකට කිස් එක බ්‍රේක් කරලා එයාගෙ මූණ දිහා බැලුවා... ලොකු හුස්මක් අරන් මං කතා කරන්න පටන් ගත්තා.....

'මං- මං දන්නෙ නෑ මේක කොහොමද කියන්න ඕනෙ කියලා.. මට හිතෙන්නෙ මං මේක කියන්න පරක්කු වුනා වැඩියි කියලා.. ඒත් ඔයාමනෙ කිව්වෙ හදිසි වෙලා පසුතැවෙනවට වඩා කල් අරන් තේරුම් ගන්න එක හොඳයි කියල.. ඉතින් මං- මං කියන්න හැදුවෙ.....

මං ඔයාට ආදරෙයි... මගෙ මුලු හදවතින්ම... මං මේක කලින් ඉඳන් කියන්න හිතේ තියන් හිටියත් මට ඒකට ගටක් තිබුනෙ නෑ.. මං දවසක් ඔයාට හොරෙන් ඔයාට පොරොන්දු වුනා මට ඔයා ගැන ආදරේ හිතුනොත් විනාඩියක්වත් පරක්කු නොකර ඔයා ළඟට දුවගෙන ඇවිත් ඔයාට ඒක කියනවා කියලා..පරක්කු වුනත් මං දැන් ඔයාට ඒක කිව්වා.. මං උඹට නොසෑහෙන්න ආදරෙයි බන්.......'

කියන්න ඕනෙ දේවල් ඔක්කොම කිව්වට පස්සෙ මං එයාගෙ ඇස් දිහා බැලුවත් එයා කියන්න දෙයක් හිතාගන්න බැරුව මං දිහාම බලන් හිටියා.. එයාගෙ ඇස් වල ලාවට කඳුලු පටලයක් බැඳිලා.. මං එයාව ඇදලා අරගෙන සෑහෙන වෙලාවක් තුරුල් කරගෙන හිටියා......

.

.

.

.

කොහොම හරි එදා ගෙදර එද්දි රෑ අට විතර වුනා.. එදා ඉඳන් පුරුදු විදියටම කාලය ගෙවිලා ගියා.. වෙනසකට තිබුනෙ එයයි මමයි දැන් ආදරවන්තයෝ උන එක විතරයි...

මාස දෙක හමාරක් විතර ගෙවිලා ගිහින් අප්‍රේල් මාසෙත් ඇවිල්ලා.. එයා ඉස්කෝලෙ වැඩත් එක්ක බිසී වෙද්දි මං තාත්තගෙ බිස්නස් වැඩ වලට උදව් වුනා... අපි යන්න හිටපු ට්‍රිප් එක අවුරුදු වලින් පස්සට කල් දාගන්න අපිට සිද්ද උනා.. අම්මලට ඕනෙ වෙලා මේ සැරේ අපි දෙන්නා එකටම අවුරුදු චාරිත්‍ර කරන්න.. එයා කිව්වෙ ඕව ගැන ඉස්කෝලෙ නිවාඩු දුන්නට පස්සෙ හම්බෙලා හිමීට කතා කර ගමු කියලා...

.

.

.

.

ඉතින් එයා කිව්ව විදියට ඉස්කෝලෙ නිවාඩු දීලා හැමදේම කතා බහ කරගෙන අපි දෙන්නා ගෙදරට ඕනෙ බඩු ගේන්න ටවුන් එකට ගිහින් අම්මලා හදලා දුන්න බඩු ලිස්ට් එකත් අරගෙන අපිට ඕනෙ දේවලුත් වැඩි පුර ඇඩ් කරගෙන බඩුත් අරන් ගෙදර ආවා.. ආව වෙලාවෙ ඉඳන් අම්මලාගෙ කරදරේ ගේ අස් කරන්න කියල දෙන්නටම එකතු වෙලා.. ඒ මොකද අපි දෙන්නම ඇහුවම බැඳලා අයින් වෙලා ගියාම ඕවා කරන්න ඕනෙලු.. ඒ නිසා පුරුදු වෙන්නලු.... අනේ මල විකාර... එයා කොහෙ ගියාද දන්නෙ නෑ... අම්මලා කිව්ව දේවල් ඇහුනෙ නෑ වගේ මං කරේ කාමරේට ගිහින් ඇඳේ පෙරලිලා හොඳ......ට නිදාගත්තා......

ඉතින්.....හෙට අවුරුදු......

අද කොටස නම් චුට්ටම චුට්ටයි යාලුවනේ... වැඩ අස්සෙනෙ කතාව ටිකක් හරි ටයිප් කරලා දාන්නේ...

කතාව ටිකක් ඉක්මනට කාලෙ යවන්න වුනා.. මොකද මට අවුරුදු බෝනස් එකක් දෙන්න උවමනාවක් තියෙනවා...

හවස විසේකාරයා දුන්නා...

බනින්න එපා හොඳේ අද ටිකයි කියලා.....

දිනූ එක්ක අවුරුදු සමරන්න එකතු වෙමු..

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!