Chapter 10 of 38

part 10

ඊළඟ සතියෙ මායි ඔකිඳුවයි බස් හෝල්ට් එකේ හිටියෙ ටවුන් එකට යන්න බස් එකක් එනකම්.. කොච්චර වාහන තිබුණත් පාරෙ බස් එකේ යාලුවො එක්ක යන එක වෙනම එකක්.. බස් හෝල්ට් එකට ඇවිත් විනාඩි දහයක් විතර ඉද්දි මං දැක්කෙ ගර්ල්ස්  ස්කූල් එකේ අවිනි අපි ඉන්න පැත්තට ඇවිදගෙන එනවා.. ඕකි මට ක්‍රෂ් කියලා මට කනින් කොනින් ඇහිලා තියෙනවා.. මං එයා එනවා දැක්කත් දැක්කෙ නෑ වගේ ඔකිඳුවා එක්ක කතාවක් දාගෙන හිටියා.. මට තේරුනා කෙල්ල මගෙ එහා පැත්තෙන් ඇවිත් හිටගන්නවා වගේ.. තේරුනත් මං ඒ පැත්ත නොබලා හිටියේ මට ඒක ගානක් ගියෙ නෑ වගේ.. බලන් ඉඳලා බැරිම තැනද කොහෙද කෙල්ල මට කතා කරා....

"මේ දිනුල්‍ය නේද......"

මං ඒ වෙලාවෙ කෙල්ලව දැක්ක වගේ ඇක්ෂන් එකක් දාලා කෙල්ල පැත්තට හැරිලා හිනාවක් දුන්නා....

'ආහ්.. ඔව්.. එතකොට මේ.....'

අම්මෝ මං කතා කරද්දි ඒකිගෙ මූණෙ තිබුන හිනාව.....

"මං අවිනි... ****** ස්කූල් එකේ.. anyway... nice to meet you... I wanted to meet you for something... So I had a chance today.... so can I...??"

මේකි මොකාටද එන්න හදන්නෙ.. මොකක් හරි කියලා මාත් කෙල්ලට හිනාවක් එක්ක රිප්ලයි එකක් දුන්නා...

'Yeah sure.. go on....'

කෙල්ල හොද හුස්මක් අරගෙන කතාවට මුල පිරුවා.....

මේකයි... මං දන්නෙ නෑ ඔයා මේක දන්නවද නැද්ද කියලා... I had I crush on you from a long time... But මං දන්නෙ නෑ ඔයාට කෙනෙක් ඉන්නවද නැද්ද කියලා.. ඒ වගේම I didn't know how to confess this... so I had a chance to confess.. ඔයා හදිස්සි වෙන්න ඕනෙ නෑ.. හිතලා බලලා උත්තරයක් දෙන්න... I can wait for you..."

මේකි යකෝ... බයක් නැතුව ඒක කිව්ව විදිය.. මං එහෙම නම් කෙනෙක් ඉස්සරහා ඔය වගේ දෙයක් කියන්න කොච්චර දත කන්න වෙයිද... ඒත් එක්ක බලද්දි මේකිට පුදුම ගටක්නෙ තියෙන්නෙ... මොකක් හරි.. මට දැන් බඳින්න කෙනෙක් ඉන්නවනෙ.. අහිංසකයි වගේ හිටියට ඕකා මහ ඇම්බැට්ටයා.. වෙලාවකට වරදක් නොකරත් උගෙ රැවිල්ලට කකුල් වෙව්ලනවා.. මං කෙල්ලට ඇත්ත කියන්න ඒ පැත්ත හැරුනා....

'මේකයි අවිනි..මට ඔයාට නිකම් බලාපොරොත්තු දෙන්න ඕනෙ නෑ.. ඇත්තම කියන්නම්කො.. මට දැනටම මැරි කරන්න කෙනෙක් ඉන්නවා.. ඒ නිසා මට ඔයාගෙ යෝජනාව පිලිගන්න බෑ.... ඒ නිසා අවුල් ගන්න එපා.. මං ගැන තියෙන බලාපොරොත්තු අත් ඇරගන්න.....'

මං බලාගෙන කෙල්ලගෙ මූණ කලු ගහනවා....

"දිනුල්‍ය එයාට ආදරේ කරනවද... නැත්තම් ප්‍රපෝසල් මැරේජ් එකක්ද..."

'ප්‍රපෝසල් එකක්.....'

"ඕහ්... එහෙනම් I still have a chance......"

'මොකද්ද කිව්වෙ....'

"න්..නෑ නෑ.. එයා හිටියෙ නැත්තම් ඔයා මට කැමති වෙනවද...."

මං කට කොණකින් හිනාවෙලා කෙල්ල දිහා බැලුවා..හරියට මේ මොන විහිලුවක්ද වගේ.....

'මේකයි අවිනි.. මං දන්නෙ නෑනෙ.... එයා හිටියෙ නැත්තම් මගෙ හිත වෙන කෙනෙක්ට ගියොත්.. එතකොටත් වෙන්නෙ මේ දේමනෙ... දැන් විකාර කතා නොකර ඔය අදහස හිතින් අත් ඇරගන්න....'

"හ්ම්.. අපි බලමුකො....."

මං මොනා බලන්නද කියලා අහන්න කෙල්ලගෙ පැත්ත හැරෙද්දිම බස් එක ඇවිත් එතනින් නවත්තපු නිසා මෙච්චර වෙලා පැත්තකට වෙලා මලක් කඩ කඩ හිටපු ඔකිඳුවවත් ඇදගෙන ගිහින් බස් එකට ගොඩ වුනා...

.

.

.

.

.

.

.

ටවුන් එකට ගිහින් එද්දි හවස හතර විතර වුනා.. යාලුවො එක්ක ගියොත් උන් ඒ ඒ වෙලාවට කියන හිතට එන හැම එකම කරන්නත් ඕනනෙ.. අනික ඔකිඳුවා මගෙ එකා.. උගෙ හිත මොනම දේකින්වත් රිදෙනවට මං කැමති නෑ....

රෑට කෑම කාලා කාමරේ බැල්කනි එකට වෙලා අහස දිහා බලාගෙන ඉද්දි මගෙ ෆෝන් එකට මැසේජ් එකක් එනවා ඇහුන නිසා මං කාමරේ ඇතුළට ගිහින් ෆෝන් එකත් අරගෙන ආයෙම බැල්කනි එකට ඇවිත් ෆෝන් එක බලද්දි මැසේජ් එක ඇවිත් තිබුනෙ එයාගෙන්.. එයා කියන්නෙ මගෙ වෙන්ඩ හබී අකිලේශ් නිතේන්ද්‍රගෙන්.. කොහොමද නමේ තියෙන ගැම්ම.. යෝහ්.. කාගෙද ඉති.. වෙන කාගෙද මේ දිනුල්‍යගෙ මිසක්... කොහොම හරි මං වට්සැප් ලොග් වෙලා එයාගෙ චැට් එක ඕපන් කරලා මැසේජ් එක කියවලා බැලුවා.....

"Dinulya wedakda...."

මාත් ඉතින් ලොකු සීන් නැතුව රිප්ලයි එකක් දැම්මා......

'Na.. kiyanna....'

මං රිප්ලයි එකක් යවනවත් එක්කම මැසේජ් එක සීන් වුනා.. මගෙ චැට් එකේම ඉඳලද කොහෙද.....

"Mokada kara kara hitiye...."

'Monath na.. ahasa diha balan hitiya...'

"Ithin ahasa lassanada...."

'Mm.. oyath ekkama balann thibunanam.....'

"🤭🤭"

අමෝ අමෝ ලැජ්ජාව..

'Hri.. hri.. dan kiyannako moko hadissiye msg ekk damme....'

"Mm.. hadissiyaknam na ithin.. deyak danaganna msg ekk damme..."

'Mmm... mkkd ithin danaganna one mage wenna habbyta.....'

"🤭🤭"

ආයෙත් කෝලම් කරන්න පටන් ගත්තා මේකා....

'Ko kiyanne nadda.. hebei mn offline yanawa..'

"Na na inna..

Oya yanna asa thenak thiyenawada.. trip ekk..."

'Yanna asa then nam godak thiyenawa.. ai ahanne.. ekkan yannada...'

"Ow... ekkan yanna thamai ahanne..."

'Nuwara yamuda.. moko kiyanne.....'

"Mmm.. nuwara hodai... math asai...."

'Yamuda.. moko kiyanne.....'

"Mm... free date ekk kiyannako.. mn yannam.. amma katha karanawa...."

'Hm.. bye....'

"Bye...."

එයා ගියාම මම මනෝ පාර ගහන්න ගත්තෙ එයා එක්ක නුවර ගියාම කොහොම තියෙයිද.. මොනා කරයිද කියලා...යෝහ්.. නුවර ගිහින් වැව රවුමෙ එයාගෙ අතින් අල්ලන් යන ගමන් කඩල ගොට්ටක් අරන් දීලා නහයට චූටි ඇබිත්තන් හාදුවක් තියනවා.. ආයෙ මල් වත්තට ගිහින් මල් ගහක් වටේ එයා දුවද්දි මං එයාව අල්ලන්න දුවනවා.. වැටෙයි බලාගෙන.. පරිස්සමින් කියනවා.. ඒ අස්සෙ අපෙ අම්මා චූටි පුතා කන්න එන්න කියනවා...... මොකක්.. අම්මා කොහෙන්ද කෑම එක උස්සන් මල් වත්තට  ආවේ.. අම්මත් කෑම එක උස්සන් මල් ගහ වටේ දුවනවා පේන්නෙ ඇයි..

මගෙ තඩි මනෝ පාර බිඳිලා ගියෙ අම්මා ඇවිත් කනෙන් අල්ලලා චූටි පුතා කී පාරක් කතා කරාද.. කෑම කන්න එන්න කියද්දි.. එතකොටයි තේරුනේ අම්මා මල් ගහ වටේ දුවලා නෑ.. මගෙ පිටිපස්සෙ ඉඳලා තියෙන්නෙ කියලා....

රෑ කෑම කාලා කාමරේට ඇවිත් මනෝ පාර කන්ටිනිව් කරන ගමන් ඇඳට වැටුනේ හෙට එයාව එක්කන් පාක් එකට යන්නත් හිතේ අදහසක් තියාගෙනමයි.......

කවුද එන්නෙ දිනු එක්ක මල් ගස් වටේ දුවන්න......

වට්පෑඩ් එකේ ලොකු ප්‍රශ්නයක් වුනානෙ ළමයි.. දැන් ඒක සාමාන්‍ය අතට පත් වෙලා තියෙනවා..ඕතර්ලා ගොඩක් අය කතා ආයෙමත් පබ්ලිශ් කරලා තියෙනවා මං දැක්කා.. අනිත් අයට්ග් ඉස්සරහට අනිත් කතා ටිකත් ආයෙම පබ්ලිශ් කරාවි... එතකන් ඉවසගෙන ඉන්න...

මගෙ කතාව ගැන හිතෙන දේත් කොටාගෙන යන්න......

Kim Soowon🤍🌿

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!