Chapter 1 of 38

part 1

"අඩෝ දිනුවා ගුඩ් මෝනින්"

පන්තිය ඇතුළට එනවත් එක්කම මගෙ අතිජාත මිත්‍රයා ඔකිඳු ඇවිත් කෙලින්ම මගෙ ඇඟට පැනලා ගුඩ්මෝනින් කියලා මාවත් ඇදගෙන පන්තියට ගිහින් අපේ ඩෙස්ක් තියෙන තැනින් ඉඳගත්තෙ මොනා හරි ඕපදූපයක් කියවන්න වෙන්න ඇති..මං එද්දිත් පන්තිය අතුගාලා තිබුන නිසා ආයෙ කවුරුත් ඇවිත් පන්තිය අතුගාන්න කියලා කෑ ගහන්නෙ නෑ කියලා දන්න මං උගෙ කතාව අහන්න ඕනෙ හින්දා එයා ළඟින්ම වාඩි වුනා...

'මෝනින් මෝනින්.. දැන් කියපන්කො උඹ ඔය හිරකරගෙන හිටපු කතාව.. නැත්තම් ඕක කියාගන්න බැරුව උඹ පපුව පැලිලා මැරෙයි..'

"අසුභ ආරංචියක්.."

මූ එහෙම කියපු ගමන් එක පාර මගෙ හිත ගැස්සුන නිසා මං ඌට ඒක ඉක්මනට කියන්න කියලා බල කරා..

'මොනාද යකෝ කියන්නෙ.. මාව බය නොකර කියපන්කො..'

"බය වෙන්න එපා බොසා.. උඹ දන්නවද අද අපිට අලුතෙන් ඉංග්‍රීසි වලට සර් කෙනෙක් එනවා කියලා.. නිදහසේ හිටපු කාලෙ ඉවරයි..."

ඔකිඳු එහෙම කියපු ගමන් මගෙත් මූණ එක පාරටම මැලවුනේ ඉංග්‍රීසි මිස් බබා ලැබෙන්න ඉන්න නිසා නිවාඩු ගත්තට පස්සෙ සති දෙකක් විතරම ගුරුවරයෙක් නැතුව අපි ඉංග්‍රීසි පීරියඩ් එකේ හිටියෙම කැන්ටින් එකෙයි ග්‍රවුන්ඩ් එකෙයි නිසා.. අනික ටීච කෙනෙක් ආවනම් මොකක් හරි කරගන්න තිබුනා.. සර් කෙනෙක් කියන්නෙ කොහොමත් තදයෙක් වෙන්න ඇති.. උසස් පෙළ පන්තිවලට එන්න මිස්ලා කොහොමත් කැමති නෑ ළමයි ඇස් රතු වෙන විහිළු කරන නිසා.. ඉංග්‍රීසි මිස්ට ටිකක් කල් හරි ඉන්න පුලුවන් වුනේ මිස් ප්‍රෙග්නන්ට් නිසාම ළමයි මිස්ට විහිළු නොකරපු නිසා.. දැන් ඉතින් මිස්ලට කරපු දේවල්වලටත් එක්ක අලුත් සර් කාරයා අපිට පුලුවන් තරම් වද දෙයි.. විභාගෙට මාස හයක් වගේ තියෙන නිසා අපිව පුලුවන් තරම් මරවයි..මට කොහොමත් ඉංග්‍රීසි ඒ තරම් ගේමක් නෑ.. ඒත් සර් කෙනෙක් එනවා කිව්වම පොඩ්ඩක් අවුල් යනවා නිකම් හිටපු පීරියඩ් එක නිකන්ම නැතුව යන නිසා....

'අපෝ බන්.. සර්කාරයා අපිව බාගෙට මරයි යකෝ.. ශිට්..'

"මොනා කරන්නද බොසා ඉවසපන්.. ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය කියනවනෙ..."

'රෙද්ද තමා... වරෙන් යන්න බෙල් එක ගහලා සෑහෙන වෙලා.. අනිත් උන් ලයින්අප් වෙලත් ඇති..පස්සෙ තනියම රැස්වීමට ගිහින් හයිලයිට් වෙන්න ඕනෙ නෑනෙ..'

ඊට පස්සෙ උදේ රැස්වීමට ආපු අපි දෙන්නා පන්සිල අරන් රැස්වීම ඉවර වුන ගමන් වොශෲම් එකටත් ගිහින් පන්තියට ආවෙ දැන් ලොජික් සර් කාරයා ආවම පන්තියෙන් එළියට එනවා තියා ඈනුමක්වත් අරින්න වෙන්නෙ නෑ කියලා දන්න නිසා.. පළවෙනි පීරියඩ් දෙකම් ඈනුම් ඇර ඇර අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන ලොජික් සර්ගෙ දේශනාව අහගෙන ඉඳපු අපිට ආයෙම ඇඬෙන්න ආවෙ ඊළඟ පීරියඩ් දෙකම පොලිටිකල් තිබුන නිසා.. මේ සබ්ජෙක්ට් දෙකම තෝරගත්තෙ මොන මගුලකටද කියලා හිතෙනවා දැන්නම්.. ළමයි හොඳට අහගන්න.. බාගෙට අහගෙන ඉඳලා විභාගෙට බොරු ලියනවා.. යැයි යැයි තමයි.. හැමදාම එකම දේශනාව..  ඊළඟට නම් දෙයියනේ කියලා ඕෆ් පීරියඩ් දෙකක් සෙට් වුනේ මීඩියා මිස් ඇවිත් නැති නිසා.. පස්වෙනි පීරියඩ් එකෙත් රටේම නැති කුණුහරප කියවලා ඉන්ටවල් එකේ කැන්ටිමට ගිහින් කාලා හය වෙනි පීරියඩ් එකත් ඔහේ ග්‍රවුන්ඩ් එක ළඟ පඩිපෙළට වෙල ඉඳගෙන ඔහේ ගෙවලා දැම්මා..

හත්වෙනි පීරියඩ් එකට බෙල් කරනවත් එක්කම අපි පන්තියට ගියෙ ඊළඟට තිබුනෙ ඉංග්‍රීසි නිසා අලුත් ඉංග්‍රීසි සර්ව බලාගන්න ඕනෙ නිසා..අපි පන්තියට ගිහින් විනාඩි පහ හයකට පස්සෙ පන්තියට ආපු සර්ව දැකලා මගෙ ඇස් උඩ ගියා... මොකද මං මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැති නිසා...

ඇවිත් හිටියෙ වෙන කවුරුත් නෙමෙයි අපේ ගෙවල්වලින් බන්දන්න තීරණය කරලා තිබුන මගෙ අනාගත හස්බන්ඩ්.. ඒත් එයාවත් මංවත් මේ මැරේජ් එකට පොඩ්ඩක්වත් කැමති නෑ.. අපි දෙන්නට හිතන්න ඉඩක් නොතියාම ගෙදර අය මේක තීන්දු කරපු නිසාම අපි දෙන්නම හිටියෙ තරහින් වගේම අපි දෙන්නා තාම හරියට කතා කරලවත් නෑ.. මං එයාව දැක්කෙත් කසාදෙ ගැන කතා කරන්න අපේ ගෙදර ආව දවසෙ විතරයි...

කොහොමහරි මං එයාව දැක්කත් නොදැක්කා වගේ එයාව ගනන් නොගෙන අහක බලන් හිටියෙ හිතේ තිබුන නොරිස්සුම් ගතිය නිසාමයි... මොකද අපේ ගෙදර ආව දවසෙත් එයාගෙ වැරැද්දක් නොතිබුනත් මං එයාට සැලකුවෙ නරක විදියට.. එයා වුනත් මාව දැක්කත් මාව හයිලයිට් නොකර එයාගෙ පාඩුවෙ වැඩ කරගෙන ගියා....

"කොහොමද ළමයි.. දැනටම දන්නවා ඇතිනෙ මං කවුද කියලා නේද.. අද ඉඳන් මං ඔයාලගෙ ඉංග්ලිශ් ටීචර්.. මාත් එක්ක මේ අවුරුද්ද වැඩ ටික කරගෙන යමු.. මං ගැන කිව්වොත් මගෙ නම අකිලේශ්... මං කැමති නෑ මං උගන්නද්දි ආව විහිලුවට අරන් පාඩමෙන් පිට දේවල් කරනවට.. මගෙන් බුරුලක් බලාපොරොත්තු වෙන්නත් එපා... හරි දැන් ඔය කෙළවරේ ඉඳන් හැමෝම නැගිටලා නම කියාගෙන යන්න....."

එයා එහෙම කිව්වට පස්සෙ ළමයි නැගිටලා තමන්ගෙ නම් කියාගෙන ගියා... අන්තිම පේළියෙ හිටපු මමත් නැගිටලා මගෙ නම කියද්දි එයා ලාවට ඔලුව නමලා අහක බලාගත්තා... ඉංග්‍රීසි පීරියඩ් එක ඉවර වෙනකන්ම මං හිටියෙ හරි අපහසුවෙන්.. පීරියඩ් එක ඉවර වෙලා එයා එළියට යනවත් එක්කම මං දුවලා ගිහින් පඩිපෙළ ළඟදි එයාව නවත්තගත්තා...ඒකත් අත් ගොබෙන් ඇදලා...

"දිනුල්‍ය... මේ මොකද.. මාව අතාරින්න..."

'තමුන් මොකද්ද මෙහෙ කරන්නෙ ආ.. අච්චර සල්ලි තියාගෙන මේ වගේ ජොබ් එකක් කරන්නෙ අනික ඒකත් මේ ඉස්කෝලෙටම ඇවිත්.. තමුන් මොනාද හිතාගෙන ඉන්නෙ ආ.... තමුන් දන්නවා මං තමුන්ගෙ මූණවත් දකින්න කැමති නෑ කියලා.. මොකටද මෙහෙ ආවෙ....'

"දිනුල්‍ය මෙතනදි මං තමුන්ගෙ කවුරුත් නෙමේ වගේම තමුනුත් මගෙ කවුරුත් නෙමේ.. මෙතන ඉන්නෙ මගෙන් ඉගෙන ගන්න ළමයි විතරයි... අනික තමුන්ට මාව පේන්න බෑ කියලා මං ආසාවෙන් කරන ජොබ් එක නවත්තන්නත් මට කිසි උවමනාවක් නෑ.. තමුන් මගෙන් මේ පිරිමහන්නෙ තමුන්ව මට බන්දන්න හදන එකේ තරහවනම් ඒකට මුලින් තරහ ගන්න ඕනෙ මාත් එක්ක නෙමෙයි තමුන්ගෙයි මගෙයි දෙමව්පියො එක්ක.. තමුන් මාත් එක්ක රණ්ඩු වුනාට තමුනුත් දන්නවා මාත් මේ මැරේජ් එකට මුල ඉඳන්ම කැමති නෑ කියලා.. පිස්සෙක් වගේ හැම එකටම කෑ ගහන්න බලන් ඉන්නෙ නැතුව ඔයාගෙ පාඩුවෙ වැඩක් කරගන්න.. දැන් මට යන්න දීලා අයින් වෙන්න...."

එහෙම කියලා අකිලේශ් යන්න ගියාම මං කල්පනා කරේ මේ මැරේජ් එක වෙන්නම ඕනෙ එකක්ද කියලා...

කොහොමින් කොහොම හරි ඉංග්ලිශ් පීරියඩ් එකෙන් පස්සෙ ලයිබ්‍රියට වෙලා ඔහේ කල්පනා කර කර ඉඳලා ඉස්කෝලෙ ඉවර වෙලා යාලුවන්ටත් සමු දීලා පුරුදු විදියට බඩ් හෝල්ට් එකට යන්න හදද්දි කළු පාට කාර් එකක් ඇවිත් මං ළඟින් නතර කරා.. කවුද කියලා බලන්න මං හිමීට පහත් වෙද්දි ඇතුලෙ ඉඳපු කෙනා ශටර් එක පාත් කරත් එක්කම මං ආපහු එන්න හැරුණත් එයා මගෙ නම කතා කරනවත් එක්කම මං ආයෙ නතර වුණා...

"දිනුල්‍ය...එනවා යන්න.. මං තමුසෙව ඩ්‍රොප් කරගෙන යන්නම්...."

'නෑ ඕනෙ නෑ.. මට මෙච්චර කල් ගිය විදියටම යන්න පුලුවන්.. ඔයා කරදර වෙන්න එපා...'

මං එහෙම කියලා යන්න හැදුවත් පොර ගේම අතාරින පාටක්නම් නෑ...

"මෙතන හයිලයිට් වෙන්නැතුව නගිනවා.. මං කොහොමත් ඒ පැත්තෙන්නෙ යන්නෙ.. ගේ ළඟින් දාගෙන යන්නම්..."

කොහොම සද්දෙ දැම්මත් වටේ අය අපි දිහා බලන් හිටපු නිසාම වැඩි කතා නැතුව මං වාහනේට නැගලා ඉඳගත්තේ ඇතුළෙ හිටපු එකාට බැල්මක්වත් දෙන්නෙ නැතුව...

"සීට් බෙල්ට් දාගන්න......."

ආරම්භය කෝමත....

Kim Soowon🤍🌿

Contents
Previous
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!