Chapter 1 of 2

Complete

කළුවර දෑස් Complete1,586 words~8 min read

කළුවර අහසේ දිස්නෙ දෙන වටකුරු හද.. ඊට එහායින් තියෙන නිවි නිදි දැල්වෙන පුංචි තරුව.. කොච්චර ඈතට ලස්සන උනත් මේ තරුව කියන්නෙත් ලගට වැඩක් නැති අභ්‍යාවකාශ වස්තුවක්ම විතරයි... රැස් විහිදන හද වුනත්.. ඈතට විතරමයි ලස්සනයි..

"සනුල්.. වරෙන් බං යන්න මොකද ඔතන කරන්නෙ..

කන ලගින් ඇහුන දෙනුවන්ගෙ සද්දෙට මං එයා දිහා බැලුවත් මං ආයෙ බැලුවෙ මං බලාගෙන හිටිය දිහාව..

කොල පාට තනකොල ගානට කපපු රජ පිහිල්ල උද්‍යානයේ එක සිමෙන්ති බංකුව අරලියට ගහක් යට ඉදන් උන්නෙ දුඹුරු පාට පිරිමි ලමයෙක්.. එයාගෙ හම දිස්නෙ ගහන සුදු උනත් එයා ඇදන් හිටියෙ දුඹුරු පාට.. එයාට තිබුනෙත් තද දුඹුරු ඇස් දෙකක්..

"උබ ඔය බලන් ඉන්නෙ ලවන්‍ය දිහාද..? ඌ අර කිත්සිරිගෙ පුතා..

මට ආයෙත් ඇහුනා මං ලග ඉන්න දෙනුවන් ඒ ඉදන් ඉන්න ලමයා ගැන මොනවදෝ කියනවා.. කිත්සිරිගෙ පුතාලු..

"පව් බං පොඩි එකා අපිට වඩා අවුරුදු 3ක් බාලයි.. උගෙ ඇස් පෙන්නෙත් නැ.. ලස්සන කොල්ලා මොනවා උනත්..

මට ආයෙත් ඇහුනා ඉවරයක් නැති මගෙ යාලුවගෙ කියවිල්ල..එත් ඉන්න.. එයා කියනවා ඒ දුඹුරු පාට ලමයා අන්ධයිලු!? ඒ දුඹුරු ඇස් ඇත්තටම කළුවරේ වැලලිලා ගියපුවද?

"අපි ඌ ලගට යමුද..?

මගේ ඉල්ලිමත් එක්ක මං දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු මගෙ යාලුවා ඊලග තත්පරෙ මාවත් ඇදගෙන ගියේ ඒ ලවන්‍ය කියන ලමයා ලගට.. ලගට යද්දියි දැක්කෙ මම ඈතට වඩා එයා ලගටයි ගොඩක්ම ලස්සන ඒ වගේම ඈතින් නොපෙනුන ගොඩක් දේවල් එයා ලගින් ඉදගද්දි මං දැක්කා..

එ මොහත මගෙ ජිවිතේ ලස්සනම මතක වල උඩින්ම මං මිහිදන් කලා.. මොකද දැන් එවා මිහිදන් වෙන්නම ඕනේ..

අපි එදා හොදටම කතා කලා එයාට 22 වෙද්දි එදා මට 25යි.. දෙනුවන්ගෙ කියවිල්ලෙන් එයාගෙ හිනාවෙන් මගෙ පුංචි පුංචි වචන වලින් එදා එ උද්‍යානෙ උඩු හුලග පිරිලා ගියා..

කාලය එ විදිහට අවුරුදු දෙකයි මාස හතරකුත් ගෙව්නා.. මං එයාගෙ සනූ අයියා වුනා.. එයාගෙම අයියා.. දෙනුවන් ඌ අපි දෙන්නගෙ හොදම යාලුවා උනා..

කිත්සිරි කියන්නෙ මෙහෙ ඉන්න නොම්බර එකෙ අමු බේබද්දා වෙද්දි ඌ හම්බ කරන හැම සතේම ඌ ගල් බෝතලේට් යට කලා.. කිත්සිරිගෙ ගෑනි වුන මියන්ති නැන්දා අනුන්ගෙ ගෙවල් වල ඉදුල් හෝද හෝද එකතු කරගන්න කිය කිය හරි ඉතුරු කරගත්තේ උන්ගෙ එකම කොල්ලා උන ලවන්‍යගෙ ඇස් වලට බේත් කරන්න.. ඒත් අවුරුදු 22 ගිහිනුත් එ ඇස් තවම එහෙන්මයි..

"දෙනූවෝ.. මං මේ පාර ඌට ඒක කියන්නද..?

ජොසලින් ආච්චිගෙ මල් වත්තෙන් කඩාගත්ත සුදු රෝස මල කරක කරක මං අහුවෙ මගෙ අතීජාත මිතුරගෙන්..

"උබට පිස්සු බං.. අන්ධ කොල්ලෙක් එල්ලගන්නෙ.. හොද කෙල්ලෙක් දාගනින්කො.. කෙල්ලෙක් බැරිනම් හොද කොල්ලෙක් හරි..

"ම්ම්.. හැමදේම බාහිරින් බලලා නිගමනය කරන්න එපා මචං.. උගෙ ඇස් නොපෙනුනාට මොකද හිත හොදයි නම්..

කොහිමින් කොහොම තර්ක කලත් අවසානයේ "උබට කියන කට හොදයි මං ගහල ගලක උලා ගන්නවා" කියන දෙනුවන්ගෙ ජාතික වැකියෙන් ඉවර වෙද්දි සුදු රෝස මලත් කරක කරක මං ඇවිත් හිටියෙ කිත්සිරිගෙ ගෙදර ගාවට..

"උබ මට නඩු දාන්නද.. ආ.. යකෝ මං තොගෙ මිනිහා ආ.. උබ මට විරුද්දවද ගෑනියෙ පොලිසි අස්සෙ රිංගන්නෙ ආ..

"අනේ අප්පච්චි.. අ..අනේ.. අප්පච්චි... අම්මට ගහන්න එපානේ.. අප්පච්චි..

"තෝ පල එහාට.. ඇස් පේන්නැති පොට්ටයා එනවා රෙද්ද අස්සෙ රිංගන්න..

"ඔය ලමයට ඉන්න දීපන් මිනිහෝ..

"එහාට පල ("අහ්) මං අද මේකට

"අර්ර්ර්ර්

හිනාවෙන් පිරිලා තිබුන මගෙ මූණ අදුරු වෙලා යන්න ගියෙ එක තත්පරයයි.. ටකරං වහපු කපරාදු නොකරපු ගඩොල් බිත්ති හතරකින් වටවෙලා තිබ්බ එ ගෙයි ඇතුලෙන් මට ඇහුනේ කණමදයා වගේ බීගෙන හිටපු කිත්සිරිගෙයි මියන්ති නැන්දගෙයි කෑ ගහන සද්දෙයි ලවන්‍යගෙ බිදුන කටහඩයි.. එයා අඩනවද..? ඔව් එයා අඩනවා.. තවත් විනාඩියක්වත් පරක්කු නොකරපු මං ඒ ගෙ ඇතුලට යද්දි දැකපු දෙයින් මගෙ ජිවිතේම කණපිට ගැහුනා..

^අගෝස්තු 23

"සනුල් හසින්ත දිවාශල සේනාරත්න

"ඉන්නවා සර්

"වරෙන් යන්න ගෙදරින් බලන්න ඇවිත්

රණසිංහ මහත්තයා යකඩ කූරු ගහපු දොරෙ ඉබ්බා අරින් ගමන් කතා කරද්දි මං දැනගත්තේ මාව බලන්න ඇවිත් කියලා.. මං දන්නවා ඔය ඇවිත් ඉන්නෙ මගෙ අම්මා අප්පච්චි කියන්න.. කූඹියෙකුට වරදක් නොකර ගරු සරුව නම්බුකාරව උන්න අම්මා අප්පච්චි අද එයාලගෙ එකම කොල්ලා හින්දා මහවැලිකඩ බන්ධනාගාරෙට ගාටනවා.. සංසාරෙ කවදා හරි කොහෙදි හරි මං කරපු වරදකට එ දෙමව්පියොත් හව්ල් වෙලා වන්දි ගෙවනවා..

කාමර අංක 4න් එලි බැස්ස මං කකුල් අද්ද අද්ද හිර කුඩුවක් ඉස්සරහින් යන ගානෙ ඇතුලෙ ඉන්න හැම එකාම යකඩ කූරු වල එල්ලි එල්ලි කිව්වෙ "මල්ලි බලපන් අපෙ ගෙදරින් ඇවිත්ද කියලා" කියන එක විතරක්ම වුණා.. ඒ මූණු වල බලාපොරොත්තු ගැල් වුණ අහිංසක හිනාවක් හැංගිලා තිබ්බා..

"රත්තරනේ.. අනිද්දා එලියට එන්න පුලුවන්.. එතකන් පරිස්සමෙන් ඉන්න මගෙ වස්තුව..

යන්න ලෑස්ති වෙන අන්තිම තත්පරේ මූණක්වත් හරියට නොපෙන්න ගහපු දැල් කූඩෙට එබීගෙන අම්මා කියවද්දි අප්පච්චි කලින් විදිහටම අදත් කිව්වෙ

"පුළුවන් නම් එලියට ඇවිත් අපේ මූණේ දැලි නොගා ඉදපන්

කියන එක වෙද්දි හිනා වෙන්නද අඩන්නද කියලා හිතාගන්න බැරි හැගීමකින් මං ඒ දෙන්නා දිහා බලාගෙන හිටියා..

^

රැයවල් දෙකක් පහුවෙද්දි එදා අම්මා කියලා ගිය අනිද්දා කියන දවස උදාවුණා.. මේ මහවැලිකඩට මං සමුදීලා යන්නම යන දවස අද..

රණසිංහ මහත්තයා ඇවිදින් මාව හිර කුඩුවෙන් එක්කන් යද්දි මේ ගෙවුන අවුරුදු දහයෙදිම මං ලගින් උන්න හැම මනුස්සයම එක ආදරණීය වැලද ගැනිමකින් මට සමුදීලා ඉවත් වුණා..

'මහ වැලිකඩ බන්ධනාගාරය' කියලා ලොකු අකුරින් අහලා තියෙන තාප්පෙ ඇතුල් ගේට්ටුවෙන් මං එලි බහිද්දි අම්මයි අප්පච්චි ගේට්ටුව ලග ඇවිත් හිටියා මාව එක්කන් යන්න.. අවුරුදු දහයකට පස්සෙ අම්මා දූවන් ඇවිත් මාව තුරුල් කරගද්දි අප්පච්චි අහක බලාගත්තා.. මං දන්නවා එ දෙන්නාට මං නිසා මොන තරම් ප්‍රශ්න එන්නැද්ද.. මිනිස්සුන්ගෙන් මොන තරම් කතා අහන්න ඇද්ද.. සාදාරණයි අප්පච්චි උබ අහක බලන එක..

මහ උළු ගෙදරින් එලි බැහැලා මාස දෙකක් ගියත් මං තවම එයාව බලන්න ගෙයින් අඩියක් එලියට තිබ්බෙ නැත්තෙ ඇයි කියන්න මං අදටත් දන්නැ.. එක දවසක් අහම්භයෙන් වගෙ මං දැක්කා කෙනෙක් මං එයාව දැක්ක මුල්ම දවසෙ ඉදන් හිටිය සෙමෙන්ති බංකුවෙ ඉදගෙන ඉන්නවා.. අහම්භයෙන් දැක්කත් එයාගෙ හුරු ගතියක් තියෙද්දි මං තව ටිකක් විපරමින් එයා දිහා බලද්දි ඉදගෙන හිටිය තැනින් නැගිට්ට එයා මගෙ මගෙ දිහාට එන්න හැරෙනවත් එක්කම එයාගෙත් මගෙත් ඇස් එකි නෙකට යා වුනා..

ඔව් ඒ එයා.. අවුරුදු 10කට පස්සේ එයත් මමත් අපි මුලින්ම මුණ ගැහුන තැන.. එයා මාව දැකලා පුදුම වුනා වගේම මාත් එයාව දැකලා පුදුම වුණා.. එයා කිසිම වාරුවක් නැතිවම මං ලගට හෙමෙන් හෙමෙන් අඩි තිය තිය එද්දි මං බලාගෙනම හිටියෙ එයාගෙ ඇස් දිහා.. එ ඇස් වල දුඹුරු ගතියක් පේන්න නැ.. සමහරවිට.. ඔව් සමහර විට එයාට ගැලපෙන ඇස් දෙකක් හම්බවෙන්න ඇති..

"සනූ අයියේ...

^වර්ථමානය

"ලොකු සීයේඒඒ... මේ අම්මා මට ගුටි දෙනෝඕ

"බලන්න අප්පච්චි මේ ලමයා කියන දෙයක් කනකට ගන්නෙම නැනේ

"සුදු දුව ඔය පොඩි එකාට ඉන්න දෙන්න.. අනේ මන්දා මෙයත් පොඩි එකා වගේ වෙනවනෙ..

"අනේ තාත්තේ ඔයයි ආකාශුයි තමා ලමයව නරක් කරන්නෙ ගහලා හැදුවෙ නැත්තම් බෑ

"තොටත් ගහලා අපි හැදුවනම් බලාගන්න තිබ්බා ඔය කට

"අනේ අප්පච්චි බලන්නකෝ

එකම යුද්ධයයි! සේනාරත්න කියන ගෙ ඇතුලේ එකම අවනඩුවයි! එහෙන් ලමයි කෑ ගහනවා.. මෙහෙන් අනිත් මගුල.. ලවන්‍ය සත්මික සේනාරත්න.. ඔව් ඒ අර එකමත් එක දවසම අහම්බෙන් හම්බුන දුඹුරු ඇස්වල  අහිංසක හිමිකාරයා.. මගෙ ලවන්‍ය..

හිර ගෙදරින් ඇවිත් මාස දෙකක් ගිය තැන අපි අහම්බෙන් මුණ ගැහුණ දා එයා මට ආදරෙයි කිව්වා.. එදා තරම් මං සතුටු වුණ පුදුම වුණ දුක් වුණ තවත් දවසක් තිබුනෙ නැ.. හෙමෙන් හෙමෙන් මගෙ ලගට ලන් වුන එයා වෙව්ලන අතක් මගෙ වැවිලා තිබුන රැව්ල් කොට උඩ දැනෙන නොදැනෙන විදිහට ගෙනිච්චෙ ඒ දුඹුරු පාට අහිමි වුන කලුපාට ඇස් වලට කඳුළු පුරව ගනිද්දි.. හිතන්නවත් වෙලාවක් නොදී මගෙ අයියේ කියාගෙන මේ පොඩි කොල්ලා හොටු පෙර පෙර මාව බදාගෙන ඇඩුව විදිහ මට තවම මතකයි.. කෙනෙක් අඩනවා දැකලා සතුටු වුණ එකම දවස.. ඒකත් මං ආදරේ කරන කෙනාම අඩනවා බලලා සතුටු වුණ මොහොත..

එදා.. මීට අවුරුදු හතලිහකට කලින් මං ලවන්‍යගෙ ගෙට යද්දි දැක්කෙ පපුව වහන් යන ලේ ගංගාවක් උඩ වැටිලා උන්න කිත්සිරි වගේම ඊට එහාට වෙන්න සිහි නැතිව වැටිලා උන්න මියන්ති නැන්දව.. ඒ වගේම රතු රුධිරයෙන් තල නැහැ වුණ කතුරක් වෙව්ලන අතින් අල්ලන් හිටිය ලවන්‍ය...

එහා මං ගත්තෙ හරි හො වැරදි තීරණේ වේවා කතුරෙ තිබුන ලවන්‍යගෙ ඇගිලි සලකුණු මකලා මං එ කතුර අතට ගත්තෙ ගමෙ මිනිස්සු එකා දෙන්නා එ වහලෙ යටට රොක් වෙද්දි.. කිත්සිරි ඝාතනය කරන්න තැත් කලා යන වරද හේතුවෙන් මාව මහ උළු ගෙට නියම වෙද්දි ලවන්‍ය වෙන දෙයක් හිතා ගන්න බැරුව මානසිකව වැටෙද්දි ඇඩූ කදුලින්ම වචනයක් නොකියා කටවහන් හිටියා.. ලවන්‍ය බේරගන්න තියා උනෙ මොකද්ද නොදන්න මියන්ති නැන්දා අවිශ්වාසෙන් උනත් මාව වැරදිකාරයා කරද්දි මාත් සද්ද නැතුව එ වරද පිලිගත්තෙ ඇයි කියන්න මං එදා උත්තර නොදන්න ප්‍රශ්නයක් උනත් මං අද එ ප්‍රශ්නෙට උත්තර දන්නවා.. එ තමයි ආදරය..

මේ හැම දෙයක්ම අවසානයෙ එයා මටත්, මං එයාටත්, අපි අපිටත් ආදරෙ කරන්න පටන් ගත්තා.. දෙපැත්තෙම දෙමව්පියන්ගෙන් කරදර නාවා කියන්න බැ.. එයාගෙ අම්මා මියන්ති නැන්දා වුනත් මනාපයක් තිබුණේ නැ මට එයාට ඉන්න එකම වස්තුව දීග දෙන්න.. මගෙ අම්මා අප්පච්චි වුනත් මනාප වුණෙ නැ එයාලගෙ වංශෙට නොගැලපෙන කෙනෙක්ව මට කරගස්සවන්න.. කොහොමින් කොහොම හරි මටත් හරි හමන් රස්සාවක් මං හොයාගත්තෙ යන්තම් හොදට ඉගෙන ගෙන තිබ්බ නිසා වෙද්දි ලවන්‍යත් සාමාන්‍ය රස්සාවක් එ වෙද්දිත් කර කර හිටිය නිසා අපි දෙන්නගෙ මුරණ්ඩු තීරණයකින් අපි එක වහලක් යටට වුණා.. පහු පහු වෙද්දි හැමදේම යන්තම් යන්තම් හරියද්දි අපේ අම්මා අප්පච්චි උනත් ලවන්‍යට හිතවත් වුනා.. මියන්ති නැන්දා ලවන්‍ය මගෙ ලග නිසා තවත් එයාට මෙහෙ ඉන්න හිතක් නැතිවෙද්දි එයා එයාගෙ අම්මා ලගට ගියා..

එදා කිත්සිරිගෙ සිද්ධියෙන් ඌට වැදුණ කතුරු පාර නිසා ජිවිතේ බේරගන්න පුලුවන් උනත් ඌ බිමට වැටුන පාර ඔලුව පිටිපස්ස තදට වැදිලා තිබුණා.. හුස්ම ගන්න පින තිබ්බත් ජිවත් වෙන්න පින නැතිවෙද්දි කිත්සිරි ඇදට වැටුනේ හුස්ම ගන්න තියෙන අයිතිය හින්දා විතරක්ම වෙද්දි ඌව ජිවත් කරවලා පලක් නැ කියපු වෛද්‍යවරු මියන්ති නැන්දගෙ කැමැත්තත් එක්ක උගෙ ඇස් දෙක ලවන්‍යට බද්ධ කලේ මෙතුවක් නොපෙනුන වර්ණවත් ලොකේ එයාගෙ ඇස් මානෙට ගේද්දි..

මෙ හැමදෙයක්ම සිද්ධ වෙලා ලවන්‍යත් එයාගෙ සනූ අයියා උන මමත් දැන් ඉන්නෙ අපෙ ජිවිතෙ සැදෑ සමයෙ.. අපිටම කියලා අපේ පලවෙනි වගේම එකම දරුවත් අපි අතට ආවෙ ලවන්‍යට අවුරුදු 36 වෙද්දි වගේම මට අවුරුදු 39ක් වෙද්දි... ඒ අපේ සුදු දුව ඔකිදි සනුල්‍යා සේනාරත්න..

අපිට හිටිය එකම ලමයත් එයාට ආදරෙ කරන, එයත් ආදරෙ කරන තවත් අම්මා අප්පච්චි කෙනෙක්ගෙ එකම පුතෙක් එක්ක පුංචි කැදැල්ලක් හදාගෙන දැනට අවුරුදු දෙකක්.. දැන් එ කැදැල්ලෙ පුංචි කුරුලු පැටියෙකුත් ඉන්නවා.. මගේ එකම මුණුපුරා ඔනිඳු ආකර්ශන දිසානායක..

දැන් මට අවුරුදු 67 වගේම මගෙ ලවන්‍යට අවුරුදු 64ක්.. තවත් හුගක් කාලයක් එයත් එක්ක ආදරෙන් එකට ඉන්න බලාපොරොත්තුවෙන් මගෙ ඩයරියේ අවසාන පිටු කිහිපයෙ එක් පිටුවක සටහනක් තිබ්බ මං පොත වහලා ඇදෙන් ඇලවුනේ වයසට ගිය එයත් මං තුරුලට ඉස්සර පුරුද්දෙන්ම තුරුල් වෙද්දි..

අපි කොච්චර වයසට ගියත් අපේ ආදරේ තවමත් තරුණයි.. ඒක කවදාවත් වයසට යන්නැති එකම බැම්මක්..

නිමි.

First Chapter
Contents
Previous
Contents