Chapter 9 of 42

chapter 8

My Little Wolfie | TK || Completed1,183 words~6 min read

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

මේ වෙනකොට නම්ජුන්ගේ තත්වේ සාමාන්‍ය උනත් හොස්පිටල් එකේ නම් ලොකු යුද්දයක් තිබ්බේ..හොබි ජැකීව යාලු කරගන්න ලොකු වෙහෙසක් දරන අතරේ ටේහ්‍යුන් එයාගේ හා පැටියාව එයාගේ වදකාර පවුලෙන් බේරගන්න ලොකු වෙහෙසක් දරන ගමන් ඉන්නේ...ඇත්තටම ටේහ්‍යුන් යෙදෙන්නේ අසාර්ථක උත්සාහයක..

ජන්ග්කුක්ව ඇදේ වාඩි කරවලා ටේහ්‍යුන්ගේ මමායි ඩැඩායි දෙපැත්තෙන් ඉදන් මාරුවෙන් මාරුවට ජන්ග්කුක්ගේ පිරිලා තියෙන කම්මුල් මිරික මිරික කෑම කවනවා...එතකොට ටේහ්‍යුන්ගේ පොඩි නැත්තන් ජෙනි ලීසා එක්ක එකතු වෙලා ජන්ග්කුක්ගේ කොන්ඩේ පීරනවා..කොල්ලෙක් වෙච්චි ජන්ග්කුක්ගේ ඔලුව පුරාම ලීසායි ජිසූයි ජෙනියි ගහපු කොන්ඩ කටු ගහලා ඔලුව නිකන් මල් වත්තක් වගේ...එතකොට ජින් ජන්ග්කුක්ගේ පුංචි කකුල් මසාජ් කරනවා...

Mrs.kim : ඔමෝ...මෙයාගේ හුරතලේ...දේහ්‍යුන් අපි මෙයාව අරන් හදාගන්න ගමු...

ඒකට නම් ටේහ්‍යුන් හයියෙන් කැස්සා...දෙයියනේ එයාගේ මමායි ඩැඩායි ජන්ග්කුක්ව අරන් හදාගන්න ගත්තොත් එයාගේ මේට් එයාගේ සහෝදරයෙක් වෙනවානේ...අනි...ඒක කොහෙත්ම වෙන්න බැහැ...

🐯 මමා..ඔයාලට ඔයාගේ බෙයාර් ඉද්දි තව අය ඇයි..

Mrs.kim : දේහ්‍යුන් ඔයා බෙයාර් කියලා කෙනෙක්ව දන්නවාද ?? මන් දන්නේ නෑනේ...

Mr.kim : මන් දන්නෙත් නෑ සේහි...

🐯 මමා ඩැඩා...ඔයාලට ඔයාලගේ බාලම පුතා බෙයාර්ව මතක නැද්ද ඇත්තටම...

Mrs.kim : මට බෙයාර් කියලා දරුවෙක් නෑනේ..මේ ඉන්නේ මගේ බාලම පුතා..කුකී තමයි මගේ බාලම පුතා...මගේ පුංචි හා පැටියා..

🐯 එතකොට මම ??

🐹 ඔයා අපේ පවුලේ නෙමෙයි බෙයාර්...මියානේ..

මමායි ඩැඩායි ඔයාව අපේ පවුලෙන් අයින් කරා...

🐯 යාහ්...

අහින්සක ටේහ්‍යුන් එහා පැත්තේ ඇදේ ඉදන් අසාධ්‍ය තත්ත්වයක ඉන්නේ...මොකද ටේහ්‍යුන්ට ඉරිසියාව කියන අති භායානක රෝගය බෝ වෙලා...එයාගේ පවුලෙන් එයාගේ හා පැටියාව කොච්චර බේරගන්න හැදුවත් ඒක ලේසි නෑ...ජන්ග්කුක්ට උනත් එයාට පොඩි කාලේ ඉදන් නොලැබුන ආදරේ ටේහ්‍යුන්ගේ මමාගෙනුයි ඩැඩාගෙනුයි ලැබෙනකොට ටේහ්‍යුන්වත් අමතක වෙලා තිබ්බේ...ඇත්තටම දැන් ජන්ග්කුක් ටේහ්‍යුන් කියලා කෙනෙක්ව දන්නේත් නෑ...ජන්ග්කුක් කිම් ෆැමිලි එකේ වෙනකොට ටේහ්‍යුන් පිට එකා බවට පත් වෙලා තියෙන්නේ..

එතකොට ජන්ග්කුක්ගේ පිටිපස්සේ ඉදන් ජිමින් ඉන්නේ ලොකු වැඩක..ජන්ග්කුක්ගේ සතුට වැඩිකමට දෙපැත්තට වැනෙන නැට්ට එක්ක ජිමින් ඉන්නේ ලොකු රාජකාරියක හිර වෙලා...පටි කෑල්ලක් වනනකොට ඒක අල්ලන්න කුරුමානම් අල්ලන පූසෙක් වගේ ජිමින් ජන්ග්කුක්ගේ දෙපැත්තට වැනෙන නැට්ට අල්ලන්න හුගක් ට්‍රයි කරනවා...පැය ගානක උත්සාහයකට පස්සේ ජිමින් එකපාරටම ජන්ග්කුක්ගේ නැට්ට ටිකක් හයියෙන් ඇල්ලුවත් ඒක ජන්ග්කුක්ට රිදුන නිසා ජන්ග්කුක් ජිමින්ට ගෙරෙව්වා...

තමන් ජන්ග්කුක්ට රිද්දුවා කියලා දැනුන නිසා ජිමින් ඉක්මනට එයාගේ පුංචි අත් ජන්ග්කුක්ගේ නැට්ටෙන් අරන් ඉක්මනට බිම බලාගත්තා..ජන්ග්කුක්ට එවෙලේ තෙරුනේ එයා ගොරවපු එකෙන් ජිමින්ට දුක හිතුනා කියලා..ජිමින් නොදන්නවා උනාට ටේහ්‍යුන්ගේ මමායි ඩැඩායි එක්ක ජන්ග්කුක් හුරතල් වෙන ගමන් ජිමින්ට එයාගේ නැට්ට අල්ලන්න බැරි වෙන්න ලොකු උත්සාහයක් දරන ගම හිටියේ...ජිමින් එයාගේ වැඩේ නැවැත්තුව නිසා ජන්ග්කුක් ඉක්මනට ජිමින්ගෙ පැත්තට හැරුනා..ඔක්කොම වැඩේ නවත්තලා මේ දෙන්නාට අවදානේ දුන්නේ ජන්ග්කුක් ඊලගට කොහොම හැසිරෙයිද කියලා හිතාගන්න බැරුව..

ඒත් ඉතින් ජන්ග්කුක් කරේ එයාගේ බූල් නැට්ට හිමීට ජිමින්ගේ නහයේ අතුල්ලපු එක..ඒකෙන් ජිමින්ට හුරතල් විදියට හයියෙන් හචිමක් ගියාම ජන්ග්කුක් බඩ අල්ලන් හයියෙන් බනි දත් පෙන්නම් හිනා වෙන්න පටන් ගත්තා..ජිමින් කරේ ජන්ග්කුක්ට හුරතලේට රැව්ව එක...මේක සෙල්ලමකට ගත්ත ජන්ග්කුක් ආයි පාරක් ජිමින්ගේ නහයේ ජන්ග්කුක්ගේ නැට්ට ගාවලා ජිමින්ට හචිම් යවන්න පටන් ගත්තා..

🐥 හාචුස්...හාචුස්....

ජිමින්ට දැන් නම් හචින් ගිහින් නහය රතුපාට වෙලා..චෙරි ගෙඩියක් නහය උඩ තියලා වගේ...ජන්ග්කුක්ට ඉතින් ජිමින්ගේ රතු වෙලා තියෙන නහය අල්ලන්නමයි හිතුනේ...ඇත්තටම ඒක අල්ලන්න නෙමෙයි එයාට ඕන හපන්න..ඒත් ඉතින් දැන් එයා ජිමින්ගේ නහය හැපුවොත් එයා දන්නවා එයාගේ හ්‍යුන්ග්ට ගොඩක් කේන්ති යනවා කියලා...මොකද ජන්ග්කුක් දැක්කානේ ජිමින්ට නැට්ට අල්ල ගන්න බැරුව මූන බෙරි වෙනකොට යූන්ගිගේ මූනෙ මතු වෙන ලේසියෙන් පේන්නේ නැති හිනාව...ඒ හිනාව බලන්න ඕන නිසාමයි ජන්ග්කුක් එයාගේ නැට්ට ජිමින්ට අල්ලන්න දුන්නේ නැත්තේ..

🐰 මන් ඔයාගේ නහය අල්ලන්නද ??

ජන්ග්කුක් ඇදේ දනගහගෙන ජිමින්ගේ මූනට එබිලා කියනකොට ජිමිනුත් ඇස් බෝල කරන් හා කියලා ඔලුව වැනුවා...ජන්ග්කුක් ඉතින් හිමීට ජිමින්ගේ නහය අල්ලලා හයියෙන් හිනා උනා...ඔමෝ ජන්ග්කුක් ඇත්තටම හුගක් හුරතල්...ඒ හිනාව චූටි බබෙක්ගේ හිනාවක් වගේ...

🐰 ඒක සෝයි...රතු පාටයි...

ජන්ග්කුක් ජිමින්ගේ නහට තට්ටු දදා හිනා වෙවී කියනකොට ජිමින්ගේ මූනටත් පුංචි හිනාවක් ආවා..

🐥 මන් ඔයාගේ බනි දත් අල්ලන්නද ??

මෙච්චර වෙලා ජන්ග්කුක් හිනා වෙනකොට එයාගෙ එලියට පැනලා තියෙන දත් දෙක අල්ලන්න මාන බලාගෙන හිටිය ජිමින් ඇහුවාම ජන්ග්කුකත් හිනා වෙලා හී ගාලා දත් ඇන්දම දික් කරා...ජිමින් හිමීට ජන්ග්කුක්ගේ දත් අල්ලන්න හැදුවත් ජන්ග්කුක් පටස් ගාලා ජිමින්ගේ පුංචි ඇගිල්ල එයාගේ දත් අතරට හිර කරගත්තා..

🐥 ආව්...

ජිමින්ට ඒක චුට්ටක් රිදුනා...ජිමින්ට එයා කරපු වැඩෙන් රිදුනා කියලා තේරුන ගමන් ජන්ග්කුක් එයාගෙ දත් ටික ලිහිල් කරේ ඇස්වල කදුලු පුරොගෙන...එයා ඇත්තටම ඕනවටත් වඩා අහින්සක වැඩියි...එයාගේ අතින් කාටවත් රිදෙනවටවත් ජන්ග්කුක් ආස නෑ...ඒ බෝල ඇස්වලට ඉක්මනට කදුලු පිරෙනවා...

🐰 ඔ..ඔයාට රිදුනාද ??

🐥 චුට්ටක්...ඒ උනාට ඒක ශෝයි...

ජන්ග්කුක්ගේ ඇස්වල කදුලු පිරිලා තියෙනවා දැක්ක නිසා ජිමින් ඉක්මනට හිනා වෙලා ජන්ග්කුක්ගේ චීක් රතු වෙන්න මිරිකුවා...ජිමින්ට හුගක් රිදුනේ නෑ කියලා තේරුනාට පස්සේ තමයි ජන්ග්කුක් එයාගේ හිත හදාගත්තේ...

🐥 මිස්ටර් වැම්පි...මෙයා ශෝයි...මන් මෙයාව වඩාගන්නම්...

ජිමින් ජන්ග්කුක්ගේ රෝස පාට වෙලා තියෙන කම්මුල් මිරිකන ගමන් ටේහ්‍යුන්ගෙන් අහනකොට මෙච්චර වෙලා අත් බැදගෙන පවුලටම රවන් හිටිය ටේහ්‍යුන්ට පොඩි සතුටක් ආවා එයාගේ හොදම යාලුවට හරි එයාව මතක් උන එකට...ඒත් ඉතින් එහෙමයි කියලා ටේහ්‍යුන්ගේ දේපල වෙන අයට වඩාගන්න දෙන්න බැහැනේ...

🐯 අනි...කොහෙත්ම බෑ...එයා මගේ...

🐥 අනේ....යූන්ගි හ්‍යුන්ග් චුට්ටක් දෙන්න කියන්නකෝ...මන් චුට්ටක් මෙයාව වඩාගන්නම්...

ජිමින් උපරිම හුරතල් පෙනුමක් අරගෙන යූන්ගි දිහා බලන් කියනකොට යූන්ගි නම් පටස් ගාලා හා කියලා ඔලුව වැනුවා..ටේහ්‍යුන්ට දිව ඇදලා ජිමින් පටස් ගාලා ජන්ග්කුකව වඩාගත්තේ පොඩි බබෙක්ව වඩාගන්නවා වගේ...ජන්ග්කුක්ත් ඉතින් ජිමින්ගේ ඉනවටේ කකුල් දාලා හුරතලේට හිනා වෙනකොට ජිමින් ජන්ග්කුක්ව වඩාගෙන හයියෙන් කැරකුනා..

Mrs.kim : ලමයි වැටෙයි...

ටේහ්‍යුන්ගේ ඩැඩා කිව්වාට කවුරුත් ගනන් ගන්නවාද...නෑ....ලමයිවත් එයාගේ ඩැඩා කියන ඒවා ගනන් ගන්නේ නෑ...ඉතින් ජිමින් ජන්ග්කුකව වඩාගෙන හයියෙන් කැරකුනේ මුලු කාමරේ පුරාම ජන්ග්කුක්ගේ හිනා හඩ පැතිරෙනකොට...අන්තිමට ඉතින් දෙන්නාටම කැරකැවිල්ල හැදුනාට පස්සේ තමා දෙන්නාම වැඩේ නැවැත්තුවේ..

🐰 ආයි කරමුකෝ....

🐯 ඇති ඇති...මෙයා මගේ....

ජන්ග්කුක් ජිමින්ට අත් දික් කරලා ආයි කරන්න කිව්වාත් ඉක්මනට ඇදෙන් බැහැලා ආවා ඉරිසියාකාර ටේහ්‍යුන් ජන්ග්කුකව වඩාගෙන එයාගේ ඇදට ඇවිල්ලා කාටවත්ම අල්ලන්න බැරි වෙන්න තදින් තුරුල් කරගත්තා...

🐯 ඔයාලා දැන්වත් ගෙදර යනවාද ??

ටේහ්‍යුන් ජන්ග්කුක්ව තදින් බදාගෙන එහෙම කියනකොට කට්ටියටම හිනා ගියා..එයාලගේ හුරතල් බෙයාර් දැන් හුගක් ලොකු ඉරිසියාකාරයෙක් වෙලා..

🐱 හරි හරි රවන්න ඕන නෑ...හොබියි ජැකියි ආවම අපි යන්නම්..

යූන්ගි එහෙම කිව්වාම තමයි කට්ටියටම මතක් උනේ රන්ඩු වෙලා ගිය දෙන්නා තාම නෑ කියලා..ඒත් එක්කම ජිමින් හොබි එක්ක මයින්ඩ් ලින්ක් එකක් තියාගන්න හැදුවත් හොබිගෙන් ප්‍රතිචාරයක් නැති උනාම ජිමින්ගේ මූන වෙනස් උනා..හැමෝටම වඩ ජිමින්ගේ හැගීම් තේරුම් ගන්න ටේහ්‍යුන් ජිමින්ගේ වෙනස් වීම දැක්කා..

🐯 මිනි !! හොබි හ්‍යුන්ග්ට ප්‍රශ්නයක් ද ??

🐥 එ..එයා රිප්ලයි කරන්නේ නෑනේ...එයා මාව බ්ලොක් කරලා..

❤️ ජිමින්ට පුළුවන් ද මේට් එක්ක හැරෙන්න හොබි ඔප්පා එක්කත් මයින්ඩ් ලින්ක් එකක් තියාගන්න..

🐱 ඔයට අමතක උනාද රෝස් ජිමින් කියන්නේත් රාජකීය ලේ තියෙන කෙනෙක් තමයි...ඉතින් රාජකීයන්ට පුළුවන් තමන්ගේ අය එක්ක කන්ටෑක් තියාගන්න...

රෝස්ගේ ඔලුවට පාරක් ගහන ගමන් යූන්ගි කියනකොට රොස් නම් දාගෙන යූන්ගිට රැව්වා...ඕකට ගහන්න ඕන නෑනේ ඉතින්..අනිත් එක එයාගේ ඔප්පාට ගහන්න හැම වෙලේම අහු වෙන්නේ එයාගේ අහින්සක ඔලුව විතරයි..තියෙන්නෙත් ඒක විතරයි...ඔහොම ගහලා ඔලුව හදිසියෙවත් ගැලඋනොත් එහෙම...ආයි හයි කරන්නද ඉතින්...ඒක රෝස්ගේ ඔප්පාට තේරෙන්නේ නෑනේ...

🐹 ඉන්න මන් ජැකීට කෝල් එකක් අරන් බලන්නම්..

ජිමින්ගේ කදුලු පිරිලා තියෙන මූන දිහා බලාගෙන ඉන්න බැරිකමට ජින් ජැක්සන්ට කෝල් කරා..දෙපාරක් තුන්පාරක් කෝල් ගියාට පස්සේ ජැක්සන් ආන්සවර් කරේ...සැරින් සැරේ වෙනස් වන ජින්ගේ මූන දිහා හැමෝම කුතුහලයෙන් බලාගෙන හිටියේ කෝල් එක කට් වෙනකම්..ඇත්තටම එයාලට තියුණු හඩවල් ඇසීමේ හැකියාවක් තියෙනවා කියලාවත් මතක නෑ..

🌱 ඔප්පා..මොකද කිව්වේ ??

🐹 වැඩිය දෙයක් වෙලා නෑ...හොබ්බා මෝචරියක් අස්සේ රින්ගලා කලන්තේ දාලා..ජැකි බැන බැන ඩොක්ටර්ස්ල එක්ක බෙහෙත් කරනවා...

🐱 එයාලා දෙන්නා මොනවාද මෝචරියක් අස්සේ කරලා තියෙන්නේ..

🐹 ඒකට නම් දෙන්නා එනකම් ඉන්න වෙනවා..

.

.

කිම් ෆැමිලි එකේ ෆොටෝ එකක් හම්බුනා ෆෙන්ස් 😁😁

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!