Chapter 5: chapter 4

My Little Wolfie | TK || CompletedWords: 22873

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

ටේහ්‍යුන් ගියාට පස්සේ ජින් කෙලින්ම ගියේ කොලේජ් එකේ තියෙන සමර්හට් එකට...ජින් ආසම තැන එතන..අනිත් එක එතනට එයයි එයාගේ යාලුවොයි හැරෙන්න පිට අය එන්නේ නෑ....යූන්ගි ,හොබි දෙන්නා කොහොමත් පරක්කු වෙලා එන නිසා ජින් බලාගෙන හිටියේ නම්ජුන් හරි ජැක්සන් හරි ඉක්මනට එයි කියලා..

ඇස් වහන් හිටපු ජින්ගේ පිටිපස්සෙන් ඇවිත් කෙනෙක් බදාගන්නවා වගේ දැනෙනකොට ජින් දැනගත්තා ඒ කවුද කියලා...ඇල්ෆා කෙනෙක්ගේ ඉව හොදට වැඩ..

🐹 ජූන්...මාව අතාරින්න...

🐨 ඔමෝ...ස්වීටි...ඔයාට ඇස් වහගෙන උනත් මාව අදුරගන්න පුළුවන් ද ??

🐹 ඔයාගේ හඩු ගද එන නිසා මට පුළුවන් අදුරගන්න..අනික ඉතින් ඔයා හැරෙන්න වෙන කවුරුත් ඔහොම කරන්නේ නෑනේ...

ජින්ගේ බද වටේ එතිලා තියෙන නම්ජුන්ගේ අත් ගලවන්න උත්සාහ කරන ගමන් කිව්වාත් ජින්ට ලේසි නෑ ඒ අත් ගලවන්න..ජින්ට හැම වෙලේම එන ප්‍රශ්නේ තමයි මනුස්සයෙක් උන නම්ජුන් කොහොමද ඇල්ෆා කෙනෙක්ගේ ශක්තියට විරුද්ද වෙන්නේ කියන එක..ඒත් හැමදාම ඒ ප්‍රශ්නේට උත්‍තරේ නිහඩයි...

🐨 ඇයි ජිනි ඔයා හැම වෙලේම මගෙන් පැනලා යන්න හදන්නේ ??

🐹 ඔයාට ලන් වෙන්න උවමනාවක් නැති නිසායි...දැන්වත් අතාරින්න කිම් නම්ජුන්...කවුරු හරි ආවොත් වැරදියට හිතයි...

🐨 මොනවා හිතන්නද ?? ආවොත් එන්නේ යුගි හරි ජැකි හරි හොබි හරිනේ...එයාලා දන්නවා අවුරුදු හතරක් තිස්සේ මන් ඔයාගේ පස්සෙන් මෙහෙම එනවා කියලා...ඒ වගේම ඔයා මාව ප්‍රතික්ෂේප කරනවා කියලාත්...

🐹 ඔච්චරටම ප්‍රතික්ෂේප වෙන්න ලැජ්ජ නැද්ද ජූන්..

🐨 මගේ ලැජ්ජාවට වඩා මන් ඔයාට ආදරෙයි ජිනි...මට ඔයාව ඕනේ....

නම්ජුන් ජින්ගේ කන ලග ඉදන් මෘදුව කියනකොට ජින්ට ඕන උනා මාත් ඔයාට ආදරෙයි ජුනි කියලා අනිත් පැත්ත හැරිලා බදාගන්න...ඒත් ඒක එයාට කරන්න බැහැ...කවදා හරි දවසක එයාගේ මේට් එයාව හොයාගෙන ආවොත් එයාට ජූන්ව අතාරින්න වෙනවා...එතකොට කොහොමද ජූන් ජීවත් වෙන්නේ..එයා ආදරෙයි නොකිව්වාත් ජූන් ඉන්නේ ජින් ලගමයි..ජින්ට කරදරයක් වෙන වෙලාවට හැමෝටම වඩා රිදෙන්නේ නම්ජුන්ට...ජින්ගේ ඇස්වල කදුලු පිරුනොත් ඉබේම වගෙ නම්ජුන්ගේ ඇස්වලත් කදුලු පිරෙනවා...ඒ ආදරේ උතුරන ඇස් ජින්ව වශී කරනවා...ඒත් එයාට බෑ නම්ජුන්ට දුකක් දෙන්න..එයාට බෑ ඇල්ෆා කෙනෙක් විදියට මනුස්සයෙක්ට ආදරේ කරන්න...එයාට බෑ මනුස්සයෙක්ට ඇල්ෆා කෙනෙක්ව පරදලා ආදිපත්‍ය පතුරවන්න දෙන්න..ඉතින් කොහොමද එයා නම්ජුන්ට ආදරේ කරන්නේ ?? ජින් අසරණයි...එයා මනුස්සයෙක් නොවුන එකට වෛර කරන්න තරම් එයා අසරණයි..නම්ජුන්ගේ ආදරේ ඉස්සරහ හිගන්නෙක් තරම් අසරණයි..

🐹 මාව අතාරින්න...මට බඩගිනි...

🐨 මටත් වඩා ඔයාට කෑම වටිනවාද ජිනි ??

🐹 දේ...ඔයත් කෑමක් උන නම් මට ඔයා ගැන සලකා බලන්න තිබ්බා...ඒත් කරන්න දෙයක් නෑ...ඔයාට වඩා මට කෑම වටිනවා...දැන් අතාරින්න...

බොහොම අමාරුවෙන් නම්ජුන්ගේ අත්වලින් බේරුන ජින් ඉක්මනට එතනින් ගියේ එයාගේ ඇස්වලට පිරුණු කදුලු නම්ජුන් දකිවි කියන බයට..

" මට සමාවෙන්න ජූන්....මන් ඔයාට ආදරෙයි...මටත් වඩා මට ඔයාව වටිනවා...ඒත් මට ඔයාට ලන් වෙලා දුකක් දෙන්න බැහැ ජූන්...මියානේ..."

තමන්ගේ හිත එක්කම කියාගත්ත ජින් ඇස්වලට උනපු කදුලු පිට අල්ලෙන් පිහිදලා ඉක්මනට එතනින් යන්න ගියත් එකපාරටම එතනට ආව ජැක්සන් ජින්ගේ අතින් ඇදන් දුවන්න පටන් ගත්තාම ජින් එකපාරටම මුකුත් හිතාගන්න බැරි උනා..

🐹 යාහ් ජැකි..කොහෙද මිනිහෝ මාව ඇදන් දුවන්නේ ??

🐵 ටේයාට ප්‍රශ්නයක් ජින් !!

🐹 මො..මොකක්ද ?? ඇයි මගේ බෙයාර්ට මොකද උනේ ??

🐵 ඉක්මනට එන්න...හොබි මට කෝල් කරේ..ටේයා කැෆටේරියා එකේ කලන්තේ දාලා..

ජැක්සන් හොබි වෘකයෙක් කියලා දන්නවා උනාට ජින් ගැන ඇත්ත දන්නේ නෑ...ඒ නිසායි එයා හොබි එක්ක මයින්ඩ් ලින්ක් තියාගත්තා කියලා නොකියා කෝල් එකක් ගත්තා කියලා කිව්වේ...කොහොමත් මයින්ඩ් ලින්ක් , වෘකයෝ, වැම්පයර්ස්ලා කියන ඒවා මනුස්සයෙක්ට විහිලුවක්..

ජැක්සන් කියපු එකත් ජින්ගේ ඇස්වල කදුලු පිරෙන්නත් හිත බයෙන් පිරෙන්නත් වැඩි වෙලාවක් ගියේ නෑ...ජැක්සන්ගේ අත ඇතෑරපු ජින් හීයක වේගෙන් කැෆටේරියා එකට දිව්වේ මනුස්සයෙක්ට මෙච්චර වේගෙන් දුවන්න පුළුවන් ද කියන එක ගැන ජැක්සන්ට ලොකු ප්‍රශ්නයක් ඇති කරලා..

🐹 බෙයාර්...

ටේහ්‍යුන් සිහිය නැතුව ඉන්නවා දැක්කාම ජින්ට කරගන්න දෙයක් නැති උනා..ජින් කැෆටේරියා එකට ඇතුල් උනේම කෑ ගහගෙන..එයාට දැනුනේ එයාගේ පපුවේ කෑල්ලක් ගැලවෙනවා වගේ..

🐥 හ්..හ්‍යුන්ගී...හ්‍යුන්ගි...මගේ ටේටේ...

🐹 ජිමින් මොකක්ද උනේ ??

🐥 ද..දන්නේ නෑ....එය එකපාරටම පපුව අල්ලන් පහත් උනා...ඊට පස්සෙ...ඊට ප.ස්සේ...

ජිමින් ඉකි ගහ ගහ කියනකොට ජැක්සන් ඉක්මනට ජිමින්ව එයාගේ තුරුලට ගත්‍තා..එයා දන්නවා ජිමින්ගේ හැටි..එයාගේ කෙනෙක්ට කරදරයක් උනොත් ජිමින්ට ඒක දරාගන්න බැහැ...

🐵 හරි හරි පැට්ටෝ...ජින් මන් කාර් එක අරන් එන්නම්..ඉක්මනට ටේයාව උස්සගෙන එන්න..

ජින් අඩනවා...ඇල්ෆා කෙනෙක් අඩන්නේ හරිම කලාතුරකින්...ඒත් මේ ඉන්නේ එයාගේ පනනේ..එයාගේ චූටි මල්ලි...ටේහ්‍යුන් කියන්නේ ලේසියෙන් අසනීප වෙන කෙනෙක් නෙමෙයි..එහෙම එකේ මෙහෙම එකපාරටම සිහිය නැතුව වැටුනාම ජින්ට මොකක් කරන්නද කියලා හිතාගන්න බැරි උනා...ජැක්සන් කාර් එක අරන් එන්න ගියාම ජින් එයාගේ අත් දෙකෙන්ම ටේහ්‍යුන්ව උස්සගෙන් කාර් පාර්කින් එකට ගියේ ජිමිනුත් අඩාගෙන ඒ පස්සෙන් එනකොටමයි...පුළුවන් තරම් ඉක්මනට එයාලත් ටේහ්‍යුන්ව හොස්පිටල් එකට අරන් ගියේ හොදටම බය වෙලා...

.

.

🐹 ඩැඩා බෙයාර්ට කොහොමද ??

ජින් කෙලින්ම ටේහ්‍යුන්ව අරගෙන ආවේ එයාගේ අප්පාගේ හොස්පිටල් එකට...මිස්ටර් කිම් ඩොක්ටර් කෙනෙක්...ඒ නිසායි ජින් බය නැතුව එයා ලගටම ටේහ්‍යුන්ව අරන් ආවේ..නැත්තම් සාමාන්‍යයෙන් ඩොක්ටර් කෙනෙක් ටේහ්‍යුන්ව චෙක් කරා නම් එහෙම ටේහ්‍යුන්ට නැති ලෙඩ හදනවා...හාර්ෆ් වැම්පයර් කෙනෙක් නිසා ටේහ්‍යුන්ගේ හදවත ගැහුනාත් මිනිස්සුන්ට වඩා ඒ හදවත ගැහෙන වේගේ අඩුයි...ඉතින් සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක් ටේහ්‍යුන්ව චෙක් කරොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා..

Mrs.kim : බය වෙන්න දෙයක් නෑ ජිනි..එයා හොදින්..ඒක පොඩි කලන්තයක් විතරයි...ඔයා දන්නවානේ බෙයර් එයාගේ මේට් නැතුව ශක්තිමත් නෑ...අපි ඉක්මනට එයාගේ මේට් හම්බුවෙන්න කියලා ප්‍රාර්තනා කරමු ජිනි...

🐹 මට බයයි ඩැඩා..

Mrs.Kim : ඩැඩාව විශ්වාස කරන්න ජිනි...බෙයාර්ට මුකුත් වෙන්නේ නෑ...ඒක නෙමෙයි ඔයා මමාට මේ ගැන කිව්වේ නෑ නේද ??

මිස්ටර් කිම් එහෙම අහනකොට ජින් නම් කරේ මෝඩ විදියට හිනා උන එක...මොකද එයාල හොදටම දන්නවා එයාලගේ මමා පොඩි දේටත් ලොකුවට කලබල වෙනවා කියලා..ඒත් කරන්න දෙයක් නෑ...ජින් මේ වෙනකොටත් ජැක්සන් අතේ ලීසාටයි ජෙනීටයි පනිවිඩය යවලා ඉවරයි...ඒ කියන්නේ එයාගේ මමා මුලු පවුලම එක්ක මේ වෙනකොටත් මග එනගමන්...

🐵 ජින් !!

🐹 ජැකි...එකපාරටම කොහෙද ගියේ ??

🐵 යුගීගේ මල්ලිවත් හොබි හොස්පිටල් අරන් ඇවිල්ලා..

🐹 මෝ ?? මල්ලි !! යුගීට මල්ලියෙක් හිටියාද ?? රෝස් විතරයිනේ එයාට ඉන්නේ...

🐵 ඒක ගැන එයා අපි හැමෝම ඉන්න තැන කියන්නම් කිව්වා..

ජැක්සන් එහෙම කියනකොට ජින් හ්ම් කියලා මුකුත් නොකිය හිටියත් ඈත ඉදන් ඉක්මන් අඩි තියන ගමන් සෙරෙප්පුත් නැතිව කොන්ඩේ පිස්සි වගේ දුවන් එනවා දැක්කාම ජින් මෝඩ හිනාවක් දාලා එයාගේ ඩැඩා දිහා බැලුවා...

🐹 ජැකි...අපි යමු යුගී ලගට..ජිමින් කෝ එන්න...එහෙනම් ඩැඩා මමාව කන්ට්‍රෝල් කරගන්න...ෆයිටින්ග් !!

Mrs.kim : යාහ් ජිනි...

ජින් ඉක්මනට ජැක්සන්ගේ අතිනුත් අල්ලන් මෙච්චර වෙලා හ්ම් සද්දයක් නැතුව පුටුවෙ ගුලි වෙලා හිටපු ජිමින්වත් අල්ලගෙන එයාගේ මමායි අක්කලා නංගිලා ටිකයි එන්න කලින් එතනින් පැනගත්තා..එයාලා යනකොට යූන්ගි හිටියේ ඩොක්ටර් කෙනෙක් එක්ක කතා කර කර..රෝස් හොබීට තුරුල් වෙලා අඩනවා..ජින් දැක්කා රෝස් හොබීට තුරුල් වෙලා ඉන්නකොට ජැක්සන්ගේ ඇස්වල පාට වෙනස් වෙනවා..ඒත් ජින් අතින් අල්ලගත්තාම ජැක්සන් ආයි පාට සාමාන්‍ය උනා..

🐹 යුගී !!

🐱 ජින් !!

🐹 ඔයාගේ මල්ලිට කොහොමද ??

🐱 එයාට දැන් අවුලක් නෑ ජින්...එතකොට ටේයා ??

🐹 එයත් හොදින්..ඩැඩා කිව්වා බය වෙන්න දෙයක් නෑ කියලා...

🐥 හ්‍යුන්ගිට මල්ලි කෙනෙක් ඉන්නවාද ??

හැමෝටම තිබ්බ ප්‍රශ්නේ ජිමින් අහනකොට යූන්ගි ලොකු හුස්මක් පිටකරලා වාඩි උනා..

🐱 එයාගේ නම මින් ජන්ග්කුක්...කුකී හම්බුවෙන්න ඉන්නකොට ඔම්මා නැති උනේ...ඊට පස්සේ අප්පාව කට්ටියක් මැරුවා...මන් චූටි කාලෙම කුකීවයි රෝස්වයි අරන් ඩේගුවල ඉදන් සෝල්වලට පැනලා ආවා...අප්පා කලින්ම අපිට ඉන්න තැන් සල්ලි හැමදෙයක්ම ලෑස්ති කරලා තිබිලා තියෙන්නේ..ඒත් කොච්චර සල්ලි තිබ්බාත් අපිට ලොකුම ප්‍රශ්නේ උනේ කුකීගේ අසනීපේ...එයා ඉපදෙනකොටම හාර්ට් පේශන්ට් කෙනෙක්...එයාගෙ හදවත දුර්වලයි හුගක්..කොච්චර බෙහෙත් කරත් ඒක හොද කරගන්න බැරි උනා..එයාගේ හදවතේ ප්‍රශ්නේ නිසාම අපි කුකීව හුගක් පරිස්සම් කරා...කුකී මිනිස්සු ගොඩක් ඉන්න තැන්වලට යන්න බයයි...එයාට ඕන හැමවෙලේම තනියම ඉන්න..එයා ගැන කවුරුත් දැනගන්නවාට එයා කැමති නෑ...ඒ නිසායි අපි එයා ගැන ඔයාලට නොකිව්වේ...

🐵 එතකොට අපි උබලාගේ ගෙදර ආවමවත් එයාව දැක්කේ නෑනේ...

❤️ ආහ් ඒකට නම් හේතුව ඔයාලා ආවම එයා කාමරේ අස්සේ හැංගිලා ඉන්නේ..ඔයාලා යනකම් එයා එලියට එන්නේ නෑ...අස්සෙ හැංගිලා ඉදන් cctv වලින් එයා ඔක්කොම බලාගෙන හිනා වෙවී ඉන්නවා..

🦄🐵 මෝ ??

ඒකට නම් හොබිටයි ජැක්සන්ටයි හීන් දාඩිය දැම්මා..මොකද යූන්ගිගේ ගෙදර ඉදන් ඕන තරම් එයාලා ලිප් කිස් කරලා ඇති...එතකොට ඒ හැමදෙයක්ම අර පොඩි එකා බලාගෙන ඉදලා...දෙන්නාටම වලක් කපන් වැලලෙන්න හිතිලා තියෙන්නේ දැන්..

🐹 මොකද උබලා දෙන්නට එකපාරටම දාඩිය දැම්මේ ??

🦄 අ..ආනි...මේ..මේ...මෙතන රස්නෙයි...ඒකයි...

හොබි එයාටත් අතින් හුලන් ගහන් ජැක්සන්ටත් හුලන් ගගා කියනකොට ජින් නම් කට තද කරන් හිනාව පාලනය කරගෙන හිටියා..මොකද ජින් දැකලා තියෙනවා යුන්ගිගේ ගෙදර දෙන්නාම පෙම් කෙලින ඒවා..ජින් ඉතින් සිංගල් සරනං ගච්ඡාමි කියලා හිතින් දෙන්නාට දෙහි කපන ගමන් මුකුත් නොවුන ගානට ඉන්නවා...

🐹 ඒක නෙමෙයි යුගී...මල්ලිව අදම ටිකට් කපනවාද ??

🐱 ටික දවසක් තියාගනිවි...

🐹 එහෙනම් බෙයාවයි කුකීවයි එක රූම් එකකට දාමු..එතකොට අපිට ලේසි වෙයි...

🐱 ඒක නම් හොදයි..මන් ඩොක්ටර් එක්ක කතා කරන්නම්...

🐹 ඕන නෑ...මන් ඩැඩාට කියන්නම්..එයා වැඩේ කරයි...බෙයාර්වත් අදම ගෙදර අරන් යන එකක් නෑ..එයාට තාම සිහිය ආවේ නෑ...සිහිය ආවට පස්සේ ගෙදර යන්න ඕන කියලා අඩන් තනියම ඉන්න බැහැ කියලා...කුකීත් එය එක්ක හිටියාම දෙන්නා කියෝ කියෝ ඉදිවිනේ...

🐱 බලමුකෝ...කුකී බෙයාර් එක්ක කතා කරොත් හොදයි..මන් රෝස් අජුම්මා හැරෙන්න කුකී කාත් එක්කවත් වැඩිය කතා කරන්නේ නෑ...

🐵 අපි බලමුකෝ...බෙයාර් එක්ක කතා නොකර ඉන්න එකනම් ලේසි නෑ...

ජැක්සන් කට ඇද කර කර කියනකොට ඒකට නම් හැමෝටම හිනා ගියා...ඇත්තටම ටේහ්‍යුන්ව දකින කිසිම කෙනෙක් එයා එක්ක කතා නොකර නම් ඉන්නේ නෑ...හරියට ටේහ්‍යුන් වශියක් කරනවා වගේ හැමෝම එයා එක්ක හොදින් කතා කරනවා..

.

.

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️