Chapter 38 of 42

chapter 37

My Little Wolfie | TK || Completed2,851 words~15 min read

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

💛 ඉයුන්වූ

👿 ඇල්ෆා මින්ගුක්

🧛 මූයොන්ග්

..............................................................................................

කාලය ටික ටික ගත වෙලා රාජධානියම සම්පූර්ණයෙන් ම වෙනස් වෙලායි තිබ්බේ..මේ වෙනකොට නව රාජධානියේ අධිරජු විදියට ටේහ්‍යුනුත් රැජින විදියට ජන්ග්කුකත් කිරුල පලන්දලා තිබ්බේ..ඒ වගේම කාලයක් එකිනෙකට වෛර බැන්ද වැම්පයර්වරු වෘකයෝ එකට එකතු වෙනකොට හැංගුන ජිවිතයක් ගතකල මායාවරුත් දැන් නිදහසේ සැරිසරනවා..පුංචි පුංචි හිත් අමනාපකම් මැද්දේ උනත් එයාලා හැමෝගෙම ජිවිතේ හරි ලස්සනට තිබ්බා..හරියට කුණාටුවකට කලින් පරිසරය නිස්කලන්ක වෙනවා වගේ..

මේ වෙනකොට ජෙනීගෙයි කායිගෙයි පුංචි කොලු පැටියත් මේ ලෝකේට ඇවිල්ලා නිසා මාලිගාවම හිටියේ සතුටින්..විශෙෂයෙන්ම ජන්ග්කුක්..මොකද එයාට බලාගන්න පුංචි පප් කෙනෙක් ඉන්නවානේ දැන්..ඒ නිසා දැන් ජන්ග්කුක් ලොකුයි..හැමෝගෙම පොඩ්ඩා වෙලා හිටිය ජන්ග්කුක් දැන් බබෙක් නිසා ලොකු වෙලා ඉන්න හින්දා එයා නම් ඉන්නේ හරි ආඩම්බරයෙන්..ඒත් ඉතින් ඉදලා හිටලා එයාට අවදානේ නොදී හැමෝම බබාට අවදානේ දෙනකොට ඉරිසියාවත් එනවා තමා..විශේෂයෙන්ම ටේහ්‍යුන් බබාව හුරතල් කරනකොට..එවෙලෙට ඉතින් අපිට ඩෙවිල් බනී කෙනෙක්ගේ මූන බලාගන්න පුලුවන්..

🐥 ගෝර්ඩ්...කුකී...දුවන්න එපා..

🦋 අනේ රැජිනියනි දුවන්න එපා...වැටෙයි බලාගෙන..

🐰 මට රැජින කියන්න එපා කිව්වා නේද ?? මෝඩ රැල...මගේ පස්සෙන් එන්න එපා...

🦋 හරි හරි රැජින කියන්නේ නෑ...අනේ නවතින්නකෝ...ඔබතුමාගේ වේගෙන් මට දුවන්න බැහැ..

🐥 දෙයියනේ කුකී නවතිනවා...ඔය ඔය බලාගෙන ලමයෝ...

තත්ත්වේ මේ වෙනකොට ගත්තොත් හරිම සාමකාමී...වැඩිම උනත් පේන්නේ මාලිගාව හරහා දුවන හා පැටියෙකුයි, ඒ පස්සෙන් හති දාගෙන දුවන පාත්ත පැටියෙකුයි , හා පැටියා අල්ලගන්න එයාගේ පස්සෙන් දුවන හා පැටියාගේ සේවිකාවෝ රොත්‍තයි විතරයි..සතියකට සැරයක් මේ දර්ශනය හරිම සාමාන්‍ය දෙයක් නිසා අනිත් අයට නම් ඒක ගානක් උනේ නෑ..

💛 හත්තික්කේ...මේ පිස්සා ආයි දුවනවා...ඒයි කුක්කා නතර වෙනවා...

ජන්ග්කුක් සේනාවත් එක්ක දුවනවා දැක්ක ඉයුන්වූත් ඒ පස්සෙන් දුවන්න ගත්තේ ජන්ග්කුක් මෙහෙම කලිනුත් දුවලා වැටිලා තුවාල කරගෙන එයාව හරියට බලාගත්තේ නෑ කියලා ඉයුන්වූගේ අහින්සකී බැනුම් අහපු නිසායි..ආහ් මන් මේ කිව්වේ අනිත් අයට අහින්සක ඉයුන්වූට යක්ෂනී වෙන එයාගේ මේට් එහෙමත් නැත්තම් ජන්ග්කුක්ගේ මේන් මේඩ් පාර්ක් ශින්හා ගැන..හරියටම කිව්වොත් ශින්හා කියන්නේ පාර්ක් බෝගම්ගේ එකම නංගි..එයාව ලොකු කරදරයකින් ටේහ්‍යුන් බේරගත්ත එකට කෘතගුණ සලකන්න හිතාගෙන ස්වකැමැත්තෙන්ම ජන්ග්කුක්ගේ මේඩ් උනත් මේ වෙනකොට එයා ගත්ත තීරණය ගැන පසුතැවිලයි ඉන්නේ..මොකද ඉතින් ඉස්සර අහින්සක හා පැටියෙක් වගේ හිටිය ජන්ග්කුක් ඒ දෙන්නාගේ පලවෙනි එක්වීමෙන් පස්සේ ඉදන් දැන් දග බෝලයක් වෙලා ඉන්නේ..මොකද එද තමයි ජන්ග්කුක්ගේ හරිම ශක්තිය එයාට ලැබුනේ..ඒ නිසා එයාට ඉස්සර වගේ මහන්සි උනා කියලා පපුව රිදෙන්නේ නෑ, බර වැඩ කරා කියලා අමාරු වෙන්නේ නෑ, දිව්වා කියලා හති වැටෙන්නේ නෑ..ඒ නිසා අවුරුදු ගානක ඉදන් එයාට කරන්න බැරි උන හැම දග වැඩක්ම ජන්ග්කුක් දැන් ජිමින්, ශින්හා, ඉයුන්වූ එක්ක කරනවා..එක වෙලාවකට මාලිගාව නර්සරි එකක් වගේ..එයාලා හතර දෙනා එක්ක ජින්, ජැක්සන් , ලීසා , රෝසුත් එකතු උන දවසට මාලිගාව යුද පිටියක් වෙන එක ගැන අපි කතා නොකර ඉමු..

🐰 බෑ..බෑ...හ්‍යුන්ගී දැන් එනවා ඇති...

💛 දෙයියනේ එයා තාම මග කුකියෝ..දුවන්න එපා..

🦋 අනේ දුවන්න එපා රැජිනියනි...රජතුමා දැනගත්තොත් මටයි බැනුම් අහන්න වෙන්නේ..

💛 ඔව් කූ..දුවන්න එපා...මගේ අහින්සකී බැනුම් අහනවානේ..

🐰 බෑ අයියෝ...මන් පරක්කු උනොත් හ්‍යුන්ගීට දුක හිතෙයි...

🐥 දෙයියනේ පරක්කු වෙන්න එයා තාම මාලිගාවට එන්න එපැයි...

ජන්ග්කුක්ට තවත් කියලා වැඩක් නෑ කියලා තේරුන ජිමින් එතනින් එහාට මුකුත් නොකියා කට්ටිය එක්කම ජන්ග්කුක් පස්සෙන් දිව්වා..දුවලා දුවලා අන්තිමට ජන්ග්කුක් මාලිගාවේ ද්වාරය ඉස්සරහ නතර උනේ එයාගේ හ්‍යුන්ගීගේ ඡායාවවත් පේන්න නැති ඈත දිහා බලන් මූනත් බෙරි කරන්..

💛 හ..හම්මෝ හති...මන් කිව්වානේ රජතුමා තාම ඇවිල්ලා නෑ කියලා..බොරුවටනේ දිව්වේ..ආව්..ඇයි ගැහුවේ..

හති දදා කියවන ඉයුන්වූගේ කට වැහුනේ අන්තිමට ශින්හාගෙන් ඔලුවටම වැදුන පාරට පස්සෙයි..වැදුන තැනත් අත ගගා ශින්හා දිහා රවලා බැලුවාම ශින්හා ඇස්වලින් පෙන්නුවේ අඩන්න ඔන්න මෙන්න ඉන්න ජන්ග්කුක්ව..ඒක දැක්කාම නම් ඉයුන්වූටත් තේරුනා එයා කට වරද්ද ගත්තා කියලා..

🐥 ගෝර්ඩ් කුකී අඩන්න නම් එපා..ටේ මග ඇත්තේ..

🐰 ඒත් එයා දැනටමත් තප්පර දෙකක් පරක්කුයිනේ..

🐥 හරි ලමයෝ තාම තප්පර දෙකයිනේ ගියේ..ඔයාගේ හ්‍යුන්ගී මග එනවා ඇති...

අඩන්න ඔන්න මෙන්න තියෙන මූන දිහා බලාගෙන ජිමින් කිව්වේ හරිම පරිස්සමින්..මොකද දැනට මාසෙක දෙකක ඉදන් ජන්ග්කුක්ගේ හරි ඉක්මනට මූඩ් වෙනස් වෙනවා..ටේහ්‍යුන් නැතුව තප්පරයක්වත් ජන්ග්කුක්ට ඉන්න බැහැ...අද උනත් ටේහ්‍යුන් බොහොම අමාරුවෙන් ජන්ග්කුක්ගෙන් පැයක් ඉල්ලගත්තේ එයාලගේ පුහුණු කදවුරට යන්න..මොකද මුයොන්ග් ගැන කිසිම සාක්ෂියක් නැති නිසා ටේහ්‍යුන් හැම තප්පරයක්ම එයාව හොයන්න වෙහෙසුනා..ඒ නිසාම කලින් වගේ නොවී ප්‍රහාරයක් එන ඕනම වෙලාවක සූදානම් වෙන්න ටේහ්‍යුන් වෙනම හමුදාවක් පුහුණු කරවනවා..ඒකේ වැඩ නම්ජුන්, හොබි එක්ක බලාගත්තාත් සතියකට සැරයක්වත් ටේහ්‍යුන් ගිහින් එතන වැඩ බලනවා..ඒත් ඉතින් ටේහ්‍යුන් කිව්වාට වඩා එක තප්පරයක් පරක්කු උන ගමන් ජන්ග්කුක් ටැප් එක ඇරගන්නවා කියන එක හැමදාම පරක්කු වෙලා එන ටේහ්‍යුන් දන්න දෙයක්..ඒත් ඉතින් තප්පර ගානක් පරක්කු වෙන එකට එයා මොනවා කරන්නද ?? එයාගේ අශ්වයා එන වේගෙට එපැයි එන්න..මොකො සාමාන්‍ය ලෝකේ වගේ හයියෙන් එන්න කාර්, බයික් නෑනේ..

🦋 අනේ කූ බෝලේ..අඩන්න නම් එපා හරිද ??

ජන්ග්කුක් රැජින කියලා එයාට කතා කරනවට ආස නෑ කියලා දන්න නිසා ශින්හා ආදරෙන් ඔලුව අතගගා කියනකොට දැනටමත් ඇස්වල කදුලු පුරවන් ඉන්න ජන්ග්කුක් ශින්හාගේ තුරුලට ගියා..ශින්හාව හම්බුවෙලා වැඩි කාලයක් නැතත් ඇත්තටම ශින්හා කියන්නේ ජන්ග්කුක්ට හොද යාලුවෙක්..කාටත් කලින් ජන්ග්කුක්ගේ හැගීම් තේරුම් ගන්න, එයාට ඕන මොනවාද එපා මොනවාද තේරුම් ගන්න හොද යාලුවෙක්...හරියට එයා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා වගේ යාලුවෙක්..

🐰 හ්‍යුන්ගී ප්‍රොමිස් උනා අද මාත් එක්ක මිනිස් ලෝකෙට යනවා කියලා..

🐥 හරි කුකී...ටේ ආවම ඔයාව එක්කගෙන යයි..දැන් අඩන්න එපා...ආහ් අන්න එනවා..

ඈත ඉදන් ටේහ්‍යුන්ගේ අශ්වයා එනවා දැක්කා ජිමින් කෑ ගහලා කිව්වාම මෙච්චර වෙලා බොරුවට කදුලු පුරවන් හිටිය ජන්ග්කුක් එයාගේ බනී දත් දෙක දාලා ලස්සනට හිනා උනා..

🐰 හ්‍යුන්ගී..........

ටේහ්‍යුන් අශ්වයාගේ පිටෙන් බැස්ස ගමන් කෑ ගහගෙන දිව්ව ජන්ග්කුක් ටේහ්‍යුන්ට හුස්මක් ගන්නවත් වෙලාවක් නොතියා ඇගට පැන්නා..

🐯 මගේ බේබී..අද මොකද කරේ ආහ් ??

🐰 මුකුත් නෑ අයියෝ...හ්‍යුන්ගී අද අපි යනවා නේද ???

ජන්ග්කුක් එයාගේ පුලුන් නැට්ට ටේහ්‍යුන්ගේ අතේ පටලවන් ටේහ්‍යුන්ගේ ඇගේ එල්ලිලා ඇස් බෝල කරන් උපරිම හුරතලේට ඇහුවාම ටේහ්‍යුන්ට ඉන්න තැනත් අමතක උනා..

🐯 කොහොද බේබී..ම්ම් ??

ටේහ්‍යුන්ට මතකේ තිබ්බාත් ජන්ග්කුක්ව අවුස්සන්න ඕනවට එහෙම ඇහුවාම හිතුවා වගෙම ජන්ග්කුක් ඇංග්‍රි මූඩ් ඔන් කරන් ටේහ්‍යුන් දිහා රවලා බැලුවා..

🐰 මන් තරහයි හ්‍යුන්ගී..

අත් දෙකත් බැදගෙන බලෙන්ම ටේහ්‍යුන්ගේ ඇගෙන් බැස්ස ජන්ග්කුක් පස්ස පද්ද පද්ද යන දිහා බලන් හිටිය ටේහ්‍යුන්ට එයාගේ ඇංග්‍රි බේබි දිහා බලලා හිනා ගියා..ඒත් ඉතින් ටේහ්‍යුන්ගේ හිනාව නතර උනේ එයා දිහා කන්න වගේ රවන් බලන් ඉන්න සෙට් එකක් දැක්කට පස්සේ තමයි.

🐥 එයාව අවුස්සන්න එපා මෝඩ වැම්පියෝ...ඔයා එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ..

💛 ඔව් හ්‍යුන්ග්...කුකී පව්..

.

.

.

.

.

.

🐰 වූහූ....ඔන්න මන් ආයි මෙහෙට ආවා...

කොහොම හරි ඉතින් අන්තිමට ටේහ්‍යුන්ගේ ඇංග්‍රී බනීව ශේප් කරගෙන මේ වෙනකොට ටේකුක් දෙන්නා මාස ගානකට පස්සේ යූන්මින් දෙන්නා එක්ක මිනිස් ලෝකෙට ආවා..ජන්ග්කුක් සතුටින් උඩ පැන පැන යන දිහා බලන් තුන් දෙනෙක් හිටියේ හරිම ආසාවෙන්..මොකද කලින් හිටිය ජන්ග්කුක් මිනිස් ලෝකෙදි ආසාවෙන් උඩ පැන පැන ගිහින් නෑ..හැමවෙලේම මිනිස්සුන්ගෙන් හැංගෙන , පොඩ්ඩ ඇවිද්ද ගමන් මහන්සි වෙන ජන්ග්කුක් වෙනුවට පාරේ මිනිස්සු අස්සෙන් හිනා වෙවී දුවන ජන්ග්කුක් එයාලගේ හිත් වලට ලොකු සතුටක් ගෙනාවා..

🐯 බේබි පරිස්සමින් ලමයෝ..

🐱 එයාට ඔහොම දුවන්න දෙන්න බෙයාර්...මගේ කුකී මේ ලෝකේ ඔච්චරටම සතුටින් දුවනවා මන් දැක්ක පලවෙනි දවස අද..මට ඒ සතුට විදින්න ඕන..

හිනා වෙවී දුවන ජන්ග්කුක් දිහා බලාගෙන යූන්ගි කියනකොට ටේහ්‍යුන් යූන්ගි දිහා බලලා හිනා වුනා..ටේහ්‍යුන් ආසයි යූන්ගි ජන්ග්කුක් ගැන කෙයාර් කරන විදියට...ඒ දෙන්නාගේ අප්පා එයාලා ලග දැන් හිටියත් යූන්ගි තාමත් හැසිරෙන්නේ ජන්ග්කුක්ගේ අප්පා වගේ..හරියටම කිව්වොත් ජන්ග්කුක් එයාගේ අප්පා එක්ක සෙල්ලම් කරනකොට යූන්ගි තමයි ඒ දෙන්නා වැටෙයිද , තුවාල වෙයිද කියලා බලන් ඉන්න කෙනා වෙන්නේ...

🐥 ම්ම්...අපි පාර්ක් එකට යමුද ??

🐯 ඒක හොදයි..මේ වාහන, මිනිස්සු අස්සේ දුවනවට වඩා බේබි පාර්ක් එකේ සෙල්ලම් කරන එකට මන් කැමති..

🐱 හ්ම්..මාත් ඒකට කැමති...

🐥 තැන්කූ හ්‍යුන්ගී....කුකී අපි අද පාර්ක් යනවෝ...

ජිමින් මුලු ටවුන් එකටම ඇහෙන්න කෑ ගැහුවාම ටේගී දෙන්නා මූ අපිත් එක්ක ආපු එකෙක් නෙමෙයි කියන්න වගේ අහක බලාගත්තේ වට පිටාවේ ඔක්කොම මිනිස්සු ජිමින් දිහා පිස්සෙක් දිහා බලනවා වගේ බලපු නිසායි..ඒත් ඉතින් ජිමින්ට ඒ ගැන සිහියක් නෑ..එයා දුවගෙන ගිහින් ජන්ග්කුක්ගේ අතින් අල්ලන් පිස්සෙක් වගේ දෙන්නා එක්ක හිනා වෙවී පාර්ක් එකට දුවනවා..ටේගි දෙන්නාත් ඩබලගේ පිස්සු වැඩ බල බල හිනා වෙවී පස්සෙන්ම පාර්ක් එකට ගියා..

කොහොම හරි ඉතින් පාර්ක් එකට ආවත් හරි ජිකුක් ඩබලට ටේගී දෙන්නා ඉන්නවාද කියලවත් සිහියක් නෑ...එහෙට මෙහෙට දුව දුව පොඩි උන් දෙන්නේක් වගේ සෙල්ලම් කරන දෙන්නා දිහා ටේගී දෙන්නා බෙන්ච් එකේ ඉදන් බලාගෙන හිටියා..

🐯 යූන්ගි හ්‍යුන්ග්..

🐱 හ්ම්..

ටේහ්‍යුන් ජන්ග්කුක් දිහායින් ඇස් ඈතට නොගෙනම යූන්ගිට කතා කරාම යූන්ගි ඇයි කියලා ඇහුවාත් ටේහ්‍යුන්ගේ හිතේ මෙච්චර කාලයක් තිබ්බ ප්‍රශ්නය කියන්න තරම් ශක්තියක් තිබ්බේ නැති නිසා එයා නිහඩවම හිටියා..ඒත් ටේහ්‍යුන්ගේ නිහඩතාවෙන්ම යූන්ගි තේරුම් ගත්තා ටේහ්‍යුන් ඉන්නේ ජන්ග්කුක් ගැන ප්‍රශ්නෙක කියලා..

🐱 කුකී ගැන දෙයක් නේද ??

🐯 හ්ම්..

🐱 ඉතින් ?? මොකක්ද ?? ඔයාටත් අප්පා කෙනෙක් වෙන්න ඕන වෙලාද ??

🐯 ආයිශ් හ්‍යුන්ග්..එහෙම දෙයක් නෙමෙයි අනේ..

ටේහ්‍යුන් එයාගේ රතු උන මුන හංග ගන්න ගමන් කියනකොට යූන්ගිට හිනා ගියා...ඇත්තටම ටේහ්‍යුන්ගේ දැන් මූන කවුරු හරි දැක්කා නම් අනිවා හිතනවා ටේහ්‍යුන් බොටමක් කියලා..ඒ තරම් එයා රතු වෙලා..

🐱 හරි හරි..දැන් කියන්නකෝ මොකක්ද ප්‍රශ්නේ ??

🐯 හ්‍යුන්ග් මට හිතෙනවා මන් කුකීව හිර කරනවා කියලා..

ටේහ්‍යුන් කියපු දේ නොතේරුන නිස යූන්ගි ඇහිබමක් උස්සලා ටේහ්‍යුන්ගේ මූන දිහා බැලුවාම ටේහ්‍යුන් ලොකු හුස්මක් පිට කරා..

🐯 හ්ම්...හ්‍යුන්ග්ට පේනවද කුකී දැන් ඉන්නේ කොච්චර සතුටින්ද කියලා ?? ඒත් දැන් කුකීගේ ඒ පේන සතුට, සැහැල්ලුව මන් මාලිගාව ඇතුලෙදි දකින්නේ නෑ..එයා දග වැඩ කරනවා තමයි..ඒත් එයාට ඒ ජිවිතේට තාමත් හුරු වෙලා නෑ..එයා ආස නෑ කවුරුත් එයාගේ වැඩ කරනවට, අඩුම එයාට රැජින කියලා කියනවටවත් එයා ආස නෑ...ඇරත් දවසක් එයා මට කිව්වා එයාට ඩිග්‍රිය ඉවර කරන්න ඕන කියලා..ඒත් දැන් එයාට ඒක කරන්න බැහැ...ඉ-ඉතින් මට හිතෙනවා මන් මගේ බේබිව එයා අකමැති පරිසරයක බලෙන් හිර කරන් ඉන්නවා කියලා..

ටේහ්‍යුන් එයාගේ හිතේ තියෙන හැම දෙයක්ම යුන්ගිට කිව්වාත් යූන්ගි ලග උනත් ඒකට උත්තරයක් තිබ්බේ නෑ...ඇත්තටම ජන්ග්කුක් කියන්නේ එයාගේ හැගීම් හංගන් ඉන්න දක්ෂ කෙනෙක්..ඉතින් යූන්ගි ජන්ග්කුක්ගේ හ්‍යුන්ග් උනත් එයාටවත් ජන්ග්කුකව සම්පූර්ණයෙන් ම තේරුම් ගන්න පුලුවන් උනේ නෑ..

🐱 බෙයාර්...මන් හිතන්නේ ඔයා කුකී එක්ක ඒක ගැන කතා කරා නම් හරි...මට හිතෙනවා මන් කියනවට වඩා කුකීගේ කටින්ම එයාට දැනෙන දේවල් ඔයා අහගන්න එක ඔයාට හොද වෙයි කියලා..

🐯 හ්ම්..මාත් හිතනවා..අද මාලිගාවට ගියාම අහ - බේබී නෝ...

යූන්ගි එක්ක කතාවේ හිටියත් ටේහ්‍යුන්ගේ ඇස් තිබ්බේ ජන්ග්කුක් ලග නිසා ටේහ්‍යුන් දැක්ක දෙයින් ටේහ්‍යුන්ගේ හදවත නතර උනා වගේ දැනුනේ..

🐱 ක්..කුකී...

ඒ ක්‍ෂණිකයෙන් ටේගි දෙන්නා නතර උනේ ජිමින්ගෙ අත් අතර එකපාරටම සිහිය නැතුව වැටුන ජන්ග්කුක් ලගයි..ටේගි දෙන්නාටවත් ජන්ග්කුක් ලගින්ම හිටිය ජිමින්ටවත් උනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උනා..මොකද ජන්ග්කුක් සිහිය නැතුව වැටෙන්න ටිකකට කලිනුත් හොදින් හිටියා..ඇත්තටම එයා ඒ වගේ පෙන්නුවා..ටික දවසක ඉදන් ජන්ග්කුක්ට ඇගට ලොකු වෙහෙසක් දැනුනාත් එයා ඒක ගනන් ගත්තේ නෑ..එයා හිතුවේ මාලිගාවේ නුහුරු පරිසරය නිසා කියලායි..ඒ නිසායි ජන්ග්කුක් ටේහ්‍යුන් එක්ක රන්ඩු වෙලා රන්ඩුවෙලා එයාට හුරු පරිසරයට යන්න කැමැත්ත ගත්තේ..එයා හිතුවා එතකොටවත් එයාගේ ඇගට පහසුවක් දැනේවි කියලා..ඒත් ජන්ග්කුක්ට එහෙම වෙනසක් දැනුනේ නෑ..ඒත් ටේහ්‍යුන්ට ඒ ගැන කියලා කලබල කරන්න ඕන නැති නිසා ජන්ග්කුක් ඒ ගැන නොකිව්වාත් ඇගේ වෙහෙස ටිකෙන් ටික වැඩි වෙනකොට ජන්ග්කුක්ට කැරකැවිල්ලක් වගේ දැනුන නිසා එයා ජිමින්ව අල්ලගන්නවත් එක්කම සිහිය නැතුව වැටුනා..

🐯 බේබී...බේබි..අනේ ඇස් අරින්නකෝ...බේබි හ්‍යුන්ග්ව බය කරන්න එපා..බේබි..

🐥 අනේ කුකී..

🐯 හ්..හ්‍යුන්ග් එයාගේ හාර්ට් බීට් එක..ඒක අඩු වෙනවා..

🐱 බෙයාර් කුකීව ඉක්මනට හොස්පිටල් එකට අරන් යන්න...ම..මන් ඩැඩාව එක්කගෙන එන්නම්..ඔයාලා ඉක්මනට කුකීව හොස්පිටල් අරන් යන්න..පල්ලී..

ජන්ග්කුක්ව බදාගෙන කදුලු පුරෝගෙන අඩන ටේහ්‍යුන්ට කෑ ගහලා කියලා එතනින් යනකොට ඉක්මනට ජන්ග්කුකව අත් අතරට ගත්ත ටේහ්‍යුන් එයාලා ආව මියුන්ග්සොගේ කාර් එකේන් ජිමින් එක්කම ජන්ග්කුකව හොස්පිටල් එකට අරන් ගියා..

වෝර්ඩ් එකට ඇතුලු උන ගමන් ඩොක්‍ටර්ස්ලා ඉක්මනට ජන්ග්කුකට ට්‍රීට් කරන්න පටන් ගත්තේ ජන්ග්කුක් කලින් හාර්ට් පේශන් කෙනෙක් කියලා ටේහ්‍යුන් කිව්ව නිසායි...ටේහ්‍යුන්ව එලියෙන් තියලා ඩොක්ටර්ස්ලා ජන්ග්කුකව චෙක් කරනකොට ටේහ්‍යුන් කරේ කොරිඩෝර් එක දිගේ එහෙටයි මෙහෙටයි ඇවිදපු එකයි..

🐥 ටේයා..බය වෙන්න එපා..කුකී හොදින් ඇත්තේ..

ජිමින් ටේහ්‍යුන්ගේ හිත හදන අතරේ ඩොක්ටර් කෙනෙක් එලියට ආවේ ටිකක් බැරෑරුම් කුතුහලයෙන් පිරි මූනක් එක්කමයි..

🐯 ඩොක්ටර් මගේ බේබිට කොහොමද ??

💉 ම්ම්..දැනට නම් ප්‍රශ්නයක් නෑ..ඒත් මේ..

🐥 ඇයි ඩොක්ටර් ??

💉 මන් මෙහෙම ඇහුවාට මුකුත් හිතන්න එපා..මේක අපේ සැකයක් නැති කරගන්න අහන්නේ..මේ එයා මේ දවස් ටිකේ ටිකක් වෙනස් විදියට හැසිරුනාද ?? මන් මේ අහන්නේ..කෑම කන විදිය, හැසිරීම එහෙම ??

🐯 ම්ම්...එහෙම දෙයක් නෑ ඩොක්ටර්..ආහ් හැබැයි එයාට වෙනදාට වඩා ඉක්මනට කේන්ති යනවා..හරි ඉක්මනට මූඩ් චේන්ජ් වෙනවා..

💉 ඔහ් එහෙමද ?? ම්ම්..අපි තව ටෙස්ට් එකක් කරනවා..රිසාල්ට් එක ආවම අපි බලමු අපේ සැකේ හරි යයිද කියලා..

🐯 ඩොක්ටර් මගේ බේබිට ප්‍රශ්නයක් නෑ නේද ??

💉 නෑ නෑ..බය වෙන්න එපා..අපි බලමුකෝ...ම්ම් ඔයාගේ නේද හස්බන්ඩ්..මාත් එක්ක ටිකක් යමුකෝ ඇතුලට..

ඩොක්ටර් ටේහ්‍යුන්වත් එක්කගෙන රූම් එකට එක්කන් යනකොට ජන්ග්කුක්ට ඒ වෙනකොටත් සිහිය ඇවිල්ලා තිබ්බේ..ඒ බෝල ඇස් බයෙන් වට පිටාව දිහා බලන් ඉන්නවා දැක්ක ටේහ්‍යුන් ඉක්මනට ජන්ග්කුක් ලගට ගිහින් එයාව තුරුලට ගත්තා..එවෙලේ තමයි ජන්ග්කුක් ටිකක් හරි සන්සුන් උනේ..

💉 ම්ම්..මිස්ටර් මෙහෙමයි..අපි පේශන්ගේ බ්ලඩ් රිපෝර්ට් එකක් චෙක් කරා..ඒකේ රිසාල්ට් එකේ තියෙන දේ අපිට ඇත්තටම විශ්වාස කරන්න අමාරුයි..ඇත්තටම එහෙම දෙයක් වෙන්න පුලුවන් කමක් නෑ..ඒ නිසායි අපි ස්කෑන් එකක් කරන්න බැලුවේ..

🐯 ඩොක්ටර් මගේ බේබිට ලොකු අසනීපයක්ද තියෙන්නේ ??

💉 නෑ..ඇත්තටම එහෙම අසනීපයක් නෙමෙයි..අපි ස්කෑන් එකක් කරලා බලමුකෝ..මිස්ටර් පේශන්ව එක්කගෙන එන්නකෝ මාත් එක්ක..

ඩොක්ටර් එහෙම කියලා යනකොට නර්ස් කෙනෙක්ගේ උදව්වෙන් ජන්ග්කුක්ව වීල් චෙයාර් එකක බලෙන්ම ඉන්දවන් ස්කෑනර් රූම් එකට අරන් ගියා..ඩොක්ටර් පෙන්නපු තැනින් ජන්ග්කුකව උස්සලා වාඩි කරපු ටේහ්‍යුන් බලන් හිටියේ ඩොක්ටර් මොකක්ද කරන්නේ කියලා..ඒත් එකපාරටම ඩොක්ටර් ජන්ග්කුක්ගේ ශර්ට් එක උඩට උස්සපු එකෙන් උනේ ටේහ්‍යුන්ට කේන්ති ගියපු එක..

ඒත් එක්කම ටේහ්‍යුන් ඇස් රතු කරන් උල් දත් එලියට පනිනකොට ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ශර්ට් එක අල්ලන් ඉන්න ඩොක්ටර්ගේ අතින් තද කරලා අල්ලගත්තා..

💉 ඔ..ඔයා ඈඈඈඈ....

දඩස් 💥💥💥💥💥

ටේහ්‍යුන්ගේ සුදුමැලි මූනත් එක්ක උල් දත් රතු උන ඇස් දැක්ක ඩොක්ටර් බයටම එතනම කලන්තේ දාලා වැටුනේ උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුවයි..

.

.

.

.

🌱 ඔයාලා දෙන්න එයාව මැරුවාද ??

🐯 අනී..එයා නිකන්ම කලන්තේ දැම්මා !!

🐱 වෙන්න බෑ..

🐯 මොකද වෙන්න බැරි...මේ නාකියා හුස්ම යන්න ඔන්න මෙන්න ඉන්නේ..ඉතින් එයාට ඉබේටම කලන්තේ දාන්න බැරිද ??

🐹 බෙයාර් !! මට කියනවා..ඔහේ මේ මනුස්සයාව බය කරා නේද ??

🐯 හරි හරි ඉතින්..එයා බේබිගේ ඇදුම උඩට උස්සන්න හැදුවා..ඉතින් මට කේන්‍ති ගියා..හුම්.. එයා තමයි වැරදි !!

ජන්ග්කුක් ඇදෙන් බැහැලා ඩොක්ටරව ඇදෙන් තියලා දැන් පැය භාගයක් වෙනවා ඩොක්ටර්ට තාමත් සිහිය ඇවිල්ලා තිබ්බේ නෑ..හැබැයි ජන්ග්කුකගේ සිහිය නැති වීම ආරංචි වෙලා මුලු කිම් ෆැමිලි එකයි, මින් ෆැමිලි එකයි , හොබිජැක් දෙන්නයි හොස්පිටල් එකට ඇවිල්ලායි හිටියේ..

🦄 අන්න අන්න එයාට සිහිය එනවා...

යාන්තම් ඇස් අරින ඩොක්ටර් දිහා බලන් හොබී කෑ ගහනකොට හැමෝම කර කර හිටපු වැඩ නවත්තලා ඩොක්ටර් දිහා බැලුවා..සිහිය ආපු ගමන් එයා දිහා කට්ටියක් වට වෙලා බලන් ඉන්නවා දැක්ක ඩොක්ටර්ට ආයි කලන්තේ වගේ ආවත් බොහොම අමාරුවෙන් කෙල ගුලියක් ගිලලා සන්සුන් උනා..

💉 ඔ..ඔයාලා ක..කවුද ??

Mr.min : ආහ් අන්‍යාසයෝ... මන් කුකීගේ ඩැඩා..

Mr.kim : මන් කුකීගේ හස්බන්ඩේ ඩැඩා..

Mrs.kim : මන් කුකීගේ හස්බන්ගේ මමා

🐱 මන් කුකීගේ හ්‍යුන්ග්

🐥 ආහ් මන් කුකීගේ හොදම යාලුවා..ම්ම් තව කුකීගේ හ්‍යුන්ග්ගේ බෝයිෆ්‍රෙන්ඩ්..

🐹 ම්ම්..මම කුකීගේ හස්බන්ඩ්ගේ හ්‍යුන්ග්..

🐨 මන් කුකීගේ හස්බන්ඩ්ගේ හ්‍යුන්ග්ගේ බෝයිෆ්‍රෙන්ඩ්..

❤️ මන් කුකීගේ නූනා..

🌱 මන් කුකීගේ හස්බන්ඩ්ගේ ට්වීන්..

🌹 මන් කුකීගේ හස්බන්ඩ්ගේ ලොකු නූනා..

🌺 මන් කුකීගේ හස්බන්ඩ්ගේ පොඩි නූනා..

🐺 මන් කුකීගේ හස්බන්ඩ්ගේ පොඩි නූනාගේ හස්බන්ඩ්...ආහ් මේ අතේ ඉන්නේ කුකීගේ හස්බන්ඩ්ගේ පොඩි නූනාගේ බබා..

🕊️ මන් කුකීගේ හස්බන්ඩ්ගේ ලොකු නූනාගේ බෝයිෆ්‍රෙන්ඩ්..

🦄 ආහ්..මන් කුකීගේ හස්බන්ඩ්ගේ ඩැඩාගේ නංගිගේ පුතා..

🐵 ආහ් මන් කුකීගේ හස්බන්ඩ්ගේ ඩැඩාගේ නංගිගේ පුතාගේ බෝයිෆ්‍රෙන්ඩ්..

💛 ආහ් මන් කුකීගේ හස්බන්ඩ්ගේ ඩැඩාගේ නංගිගේ පුතාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ මල්ලී...ඒ වගේම කුකීගේ යාලුවා..

🦋 ම්ම්..මන් කුකීගේ හස්බන්ඩ්ගේ ඩැඩාගේ නංගිගේ පුතාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ මල්ලීගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්...

එක එක්කෙනා පිලිවෙලට තමන් ගැන පැහැදිලි කරනකොට ඩොක්ටර් හිටියේ කටත් ඇරගෙන..එයාට හිතුනෙම එයා සිහිය ආවේ පිස්සෝ ඉන්න වාට්ටුවක් ඇතුලේ ඉදන් කියලා..

💉 ඈහ්...දැන් කවුද කුකී...??

🐰 ම්ම්...ඒ මන්...

කොනකින් හුරතල් පුංචි කටහඩක් ඇහෙනකොට ඩොක්ටර් බැලුවාම තමා එයා දැනගත්තේ මෙච්චර වෙලා හැමෝම කිව්ව කුකී එයාගේ පේශන්ට් කියලා..ඒ වගේම ඩොක්ටර් තේරුම් ගත්තා එකපාරටම යකෙක් වගේ උන කෙනා කුකීගේ හස්බන්ඩ් වෙන්න ඇති කියලා..මොකද කුකී හිටියේ එයාගේ අත් අතරේ නිසා..ඒ වගේම ඩොක්ටර් වැරදිලාවත් ටේහ්‍යුන් දිහා නොබලා ඉන්නත් උත්සාහ කරා..

💉හ..හරි..හස්බන්ඩ් විතරක් ඉද්දි ඔයාලා ඔක්කොම එලියට යන්නකෝ එහෙනම්...මන් පේශන්ගේ ස්කෑන් එක කරලා කතා කරන්නම්..

🐱 ඕකේ ඩොක්ටර්..

💉 ම්ම්..මේ ඔය පාත්ත ලමයා...ඔයත් ඉන්න..

ටේකුක් දෙන්නා හැරෙන්න දශමයක් හරි වැඩිපුර දැනන් හිටියේ ජිමින් ගැන නිසා ඩොක්ටර් වැඩි ආරක්ෂවටත් එක්ක ජිමින්ව තියාගත්තාම අනිත් ඔක්කොම එලියට ගියා..

💉 මේ..මන් ස්කෑන් කරන්න යන්නේ පේශන්ගේ බඩ..ඒ නිසා මට එයාගේ ශර්ට් එක උස්සන්න වෙනවා..එතකොට ඔයාට ඕන නම් පුලුවන් මෙයාගේ බඩේ මේ ජෙල් එක ගාන්න..

ටේහ්‍යුන් දිහා හොරෙන් බලන ගමන් ඩොක්ටර් කියනකොට ඩොක්ටර් දිහා සමාවෙන්න වගේ බැල්මක් දාපු ටේහ්‍යුන් ඩොක්ටර් කියපු විදියට ජන්ග්කුක්ගේ ශර්ට් එක උස්සලා බඩේ ජෙල් එක ගෑවා..ඊට පස්සේ ඩොක්ටර් මොන මොනවදෝ කරලා ස්කෑන් එක දිහා බලාගෙන කල්පනා කරනවා ටේකුක්මින් තුන් දෙනා බලන් හිටියේ කුතුහලෙන්..

💉 ඇත්තටම මට මේක විශ්වාස කරන්නත් බෑ..ඒත් අපි හිතපුවා ඇත්ත..ම්ම්..ඔයාට මේක දැක්කාම මොකක්ද පේන්නේ ??

ස්කෑන් මැශින් එකෙන් පේන ජන්ග්කුක්ගේ බඩේ ස්කෑන් එක පෙන්නලා ඩොක්ටර් ටේහ්‍යුන්ගේන් ඇහුවාම ටේහ්‍යුන් ඇස් හීනි කරලා ස්කෑන් ෆොටෝ එක දිහා බලාගෙන හිටියා..

🐯 ම්ම්..මන් හිතන්නේ ඒ කවුපි ඇටයක්...බෝංචි ඇටයක් වෙන්න බෑ..මොකද ඒක ඊට වඩා ලොකුයි..

💉 ම්..මොකක් !!

🐯 දේ...අර බලන්න...කවුපි ඇටයක් තියෙන්නේ...නෑ නෑ..ඇට දෙකක් තියෙනවා..

💉 ඒ කවුපි ඇට නෙමෙයි මනුස්සයෝ..

🐯 මොකද නැත්තේ !! ඔය තියෙන්නේ බේබි පෙරේද බලෙන් කවපු කවුපි ඇට ටික...බේබි ඔයා හරියට හපලා නෙමෙයිද ලමයෝ ගිල්ලේ ??

🐰 අනී..මන් හොදට හැපුවා හ්‍යුන්ගී..හපන්නේ නැතුව ඒවා ගිලින්න බෑනේ..

💉 අනේ දෙයියනේ ඒ කවුපි නෙමෙයි මී හරකෝ..මේ පාත්ත ලමයෝ ඔයාටවත් තේරෙන්නේ නැද්ද ඒ මොකක්ද කියලා ??

ඩොක්ටර් ඔලුවත් අල්ලන් ජිමින්ගෙන් අහනකොට ඒ දිහා බලන් හිටිය ජිමින් කිව්ව කතාවට ඩොක්ටර්ට හුස්මත් හිර උනා..

🐥 මන් හිතන්නේ ඒ කජු ඇට දෙකක්..උදේ කුකී අර ඇඹුල්ම ඇඹුල් කජ්ජක් කෑවා...ඒකේ ඇට දෙකක්ද කොහෙද ඔය තියෙන්නේ ??

🐯 ඇත්තද බේබී...?? ඔයා අර ඇඹුල් කජු කෑවාද ??

🐰 ඒවා ඇඹුල් නැ හ්‍යුන්ගී...ඒවා රසයි..මේ ජිමිනිට පිස්සු...

ජන්ග්කුක් එයා කාපු කජ්ජ ඇඹුල් නෑ කියලා ඔප්පු කරන්න උත්සාහ කරනකොට ඩොක්ටර් නම් එයාගේ කොන්ඩ ගස් අත්වලින් ඇදගෙන හිටියේ ඒ පීඩෙනෙට එයා මැරෙයි කියලා හිතිලායි..

💉 ආආආආආආආආහ්.....ඒ කවුපි ඇටයක්වත් කජ්ජක්වත් නෙමෙයි මිනිහෝ...ඒ ඔහේගේ ලමයි දෙන්නා...මෙන්න මේ හාවෙක් වගේ ඉන්න බිස්කට් කෑල්ල ප්‍රෙග්නන්ට්...එතකොට මේ පේන්න තියෙන්නේ ඔහේගේයි බිස්කට් එකෙයි ලමයි දෙන්නා..!!

🐥🐯🐰 මොකක් !!

ඩොක්ටර් එක හුස්මට කියන් ගිහින් හුස්මක් ගන්නකොට අනිත් තුන් දෙනාගේ නම් හුස්ම නතර වෙලා තිබ්බේ..

🐯 ඔයාට ශුවර්ද ඒ කවුපි නෙමෙයි කියලා ??

💉 නෑ නෑ මිනිහෝ...විශ්වාස කරන්න අමාරුයි තමයි..ඒත් ඒ ඉන්නේ ඔහේගේ ලමයි දෙන්නා !!

එකායි..

දෙකායි...

තුනායි...

🐰 හ්‍යුන්ගී...

🐥 ටේයා !!

💉 දෙයියනේ මේ හෙන කදයා කලන්තේ දැම්මා නේද ??

.

.

.

.

.

.

හේ හේ ගොඩ කාලෙකින් නේද 🙂🙂

අතුරුදහන් වෙලානේ හිටියේ...අද තමයි වෙලාවක් හම්බුනේ මේ පැත්තේ එන්න 😁😁

සොරි හොදේ අප්ඩේට් ලේට් උනාට..ඒ නිසා මන් දිග චැප්ටර් එකක් දුන්නා..

පරිස්සමින් ඉන්න

සරන්හේ❤️❤️❤️❤️❤️❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!