Chapter 27: chapter 26

My Little Wolfie | TK || CompletedWords: 27404

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

😈 ඔයා හිතනවාද බේබි අපේ ප්ලෑන් එක හරි යයි කියලා..

ඇල්ෆා මින්ගුක් මූයොන්ග්ව ඇදේ පෙරලගෙන මූයොන්ගේ නිරුවත් සිරුර පුරා තොල් යවන ගමන් ඇහුවා..

🧛 ආහ්...ඔයා මන් ගැන හරියටම දන්නේ නෑ ඇල්ෆා..

මූයොන්ග් මින්ගුක්ගේ මූන අත් වලින් එයාගේ සිරුරට තද කරන ගමන් මිමිනුවා...මින්ගුක් මූයොන්ගේ ඇගට වහ වැටිලා හිටියේ...අහම්බෙන් දවස් ගානකට කලින් හම්බුන මූයොන්ග්ට ඇල්ෆා මින්ගුක් ඇත්තටම ආදරේ කරන්න පටන් ගත්තා...ඇල්ෆා මින්ගුක් හිතුවා මූයොන්ග් එයාට නැති උන එයාගේ ආදරේ ලබා දෙයි කියලා...ඒ වගේම එයාට ඕන කරන බලයත්..මොකද මූයොන්ග් දැනගෙන හිටියා අනාවැකියේ කියවෙන කුමාරයා හරියටම කවුද කියලා වගෙම එයා ඉන්නේ කොහෙද කියලත්...ඉතින් අවුරුදු ගානක් හොයපු කෙනාව මූයොන්ග් නිසා මින්ගුක් දවසින් දැනගත්තා..

ඒත් මින්ගුක් එක තැනකදි වැරදුනා..මූයොන්ග්ට ඕන උනේ මින්ගුක්ගේ ආදරේ නෙමෙයි...මූයොන්ග්ට ඕන උනේ මින්ගුක්ව පාවිච්චි කරලා ටේහ්‍යුන් මගින් වැම්පයර් වගේම වෘක රාජධානියෙත් අයිතිය ගන්න..මොකද එයා දන්නවා ටේහ්‍යුන් ඉන්නකම් එයාට වැම්පයර් රාජධානියේ මීලග රැජින වෙන්න බැහැ කියලා...ඒ වගේම ටේහ්‍යුනව විනාශ කරලත් එයාට රාජ්‍යය බලය ගන්න බැහැ...සේහිගේ අප්පා එහෙමත් නැත්තම් වැම්පයර් රාජධානියේ රජුට ඕන එයාගෙන් පස්සේ අනාවැකියේ කුමාරයා උන සේහිගේ පුතාට රාජධානිය භාර දෙන්න...ඒ නිසා වැම්පයර් රාජධානියේ පූජනීය නිල් මාණික්‍යයත් ඊලග රජු විදියට තෝරගත්තේ අනාවැකියේ කුමාරයාව...ඒත් ටේහ්‍යුන්ට බලය නොලැබී වෙන කෙනෙක්ට ලැබුනොත් මාණික්‍යය සමගම රාජ්‍යයේ බලයත් අසමතුලිත වෙනවා...ඒ නිසා ටේහ්‍යුන්ට බලය ලැබුනාම ටේහ්‍යුන් විසින්ම තව කෙනෙක්ට රාජධානියේ බලය ලබා දෙන්න ඕන...සේහි ඒ ගැන නොදන්නවා උනත් මූයොන්ග් ඒ ගැන දැනගෙන හිටියා..ඒත් එයාට ඕන උනේ නෑ ඒක සේහිට කියන්න..ඒ නිසා මූයොන්ග් හැමදාම කරේ රජතුමා සේහිව මරන්න බලන් ඉන්නවා කියලා සේහිව මාලිගයෙන් තවත් ඈත් කරපු එක...රජු සේහිව හොයාගන්න හදන හැම වෙලේකම මූයොන්ග් රහසින්ම ඒ හැම දෙයක්ම වැලක්වූවා..

මූයොන්ග් දැනන් හිටියා මින්ගුක් එයාගේ පුතාට අනාවැකියේ කුමරුව බන්දලා දීලා පාලනය එයාගේ අතට ගන්න හදන්නේ කියලා..මොකද මින්ගුක් උනත් දැනගෙන හිටියා වැම්පයර් රජුගෙන් පසු අනාවැකියේ උරුමකරුට රාජ්‍ය උරුමය දෙනවා කියලා..ඒ වගේම දැනටමත් දුර්වල වෙලා ඉන්න වෘක රාජධානියේ රජුවත් දුර්වල බෙටා කෙනෙක් උන දේහ්‍යුන්ගේ හ්‍යුන්ග් ඔටුන්න හිමි කුමාරයාව උනත් විනාස කරන එක සුලු දෙයක්..මොකද මින්ගුක් යටතේ තමයි වෘක රාජධානියේ සියලුම ආරක්ෂව තිබ්බේ..ටේහ්‍යුන් නම්ජුන්ව බැන්දොත් වැම්පයර් රාජධානියේ බලය වගේම ටේහ්‍යුන්ගේ බලයත් නම්ජුන් එක්ක බෙදිලා ගියාම රාජ්‍යයන් දෙකේම බලය ඉබේටම මින්ගුක් අතට එනවා..මොකද මින්ගුක් හිතන විදියට නම්ජුන් කියන්නේ එයාගේ අතේ නැටවෙන රූකඩයක්..ඒකයි මින්ගුක් මියුන්ග්සෝව පාවිච්චි නොකර නම්ජුන්වම පාවිච්චි කරේ..

දැන් මූයොන්ග් හදන්නේ මින්ගුක්ට ටේහ්‍යුන් ගැන ඇත්ත හෙලි කරලා මින්ගුක්ගේ මාර්ගයෙන් රාජධානිය දෙකේම රැජින වෙන්න..ඒ නිසායි මූයොන්ග් මින්ගුක්ට බොරු ආදරයක් පෙන්නලා මින්ගුක්ම මේ හැමදෙයක්ම කරනකම් බලන් ඉන්නේ...මොකද එයාට බෑ ටේහ්‍යුන්ව රජ වෙන්න කලින් විනාශ කරලා රාජධානියේ බලය ගන්න...ඒ නිසා මූයොන්ග් බලෙන්ම නම්ජුන් ලව්වා ටේහ්‍යුනව මාර්ක් කරවන්න හදන්නේ..එතකොට ටේහ්‍යුන්ට වගේම නම්ජුන්ටත් රාජ්‍ය උරුමය ලැබෙනවා..මින්ගුක් අතේ නැලවෙන නම්ජුන් අනිවාර්යයෙන්ම ටේහ්‍යුන් ලව්වා ඊලග උරුමකරු විදියට මින්ගුක්ව පත් කරයි කියලා මූයොන්ග් දැනගෙන හිටියා..එතකොට ඉබේටම මූයොන්ග් තමයි රැජින...ඒත් මූයොන්ගේ මාස්ටර් ප්ලෑන් එකේ පොඩි වැරැද්දක් තිබ්බා...එයා තාම හරියටම දන්නේ නැ ටේහ්‍යුන්ට මායා රාජධානියේ බලය ලැබෙන්නේ කොහොමද කියලා..මොකද මූයොන්ගේ කතාවේ ජන්ග්කුක් කියන්නේ දුර්වල ඔමෙගා කෙනෙක් විතරයි...

😈 ඉතින් මට කියන්න...අපේ ප්ලෑන් එකේ විදියට ටේහ්‍යුන් දුර්වල වෙයිද ??

මින්ගුක් මූයොන්ගේ බෙල්ලේ තොල් තියන ගමන් ඇහුවාම මූයොන්ග් හයියෙන් කෙදිරිගෑවා..ඒත් එක්කම මින්ගුක්ව පෙරලගත්ත මූයොන්ග් මින්ගුක්ගේ නිරුවත් සිරුර උඩට ආවා..

🧛 අනිවාර්යයෙන්ම...ඔයා දන්නවාද ටේහ්‍යුන්ගේ ශක්තිය මොකක්ද කියල ම්ම්...ඒ ටේහ්‍යුන්ගේ මේට්...ටේහ්‍යුන් කියන්නේ සතෙක්වත් මරන්න බැරි දුර්වල වැම්පයර් කෙනෙක්..ඒත් එයාගේ වැම්පයර් ආත්මය මේට් නිසා හුගක් ශක්තිමත් වෙනවා..මේට් මොකක්ම හරි දේකින් ටේහ්‍යුනව ප්‍රතික්ෂේප කරොත් අනිවාර්යයෙන්ම ටේහ්‍යුන්ගේ වැම්පයර් ආත්මය දුර්වල වෙනවා..

😈 හරි...ඒත් ඔයා හිතනවාද මේට් බොන්ඩ් එක කඩන්න ලේසි කියලා ??

මින්ගුක් මූයොන්ගේ ඉන තද කරන් අහනකොට මූයොන්ග් හයියෙන් හිනා වුනා..

🧛 ටේහ්‍යුන් තාම ජන්ග්කුකව මාර්ක් කරලා නෑ මින්ගුක්...අනිත් එක ජන්ග්කුක් කියන්නේ දුර්වලයෙක්..සේහි කියන විදියට එයා පොඩි දේටත් බයයි...සේහි මට එදා කිව්වා ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ වැම්පයර් ස්වරූපෙට හොස්පිටල් එකේදි බය උනා කියලා...ඒත් ටේහ්‍යුන්ගේ වැම්පයර් ස්වරූපේ ලේසියෙන් එලියට එන්නේ නෑ..ඒක එන්න නම් ජන්ග්කුක්ට කරදරයක් වෙන්නම ඕනේ...ඒ වගේම ටේහ්‍යුන්ට තාමත් එයාගේ වැම්පයරව පාලනයක් නෑ..ඉතින් එයාගේ අතින් ජන්ග්කුක් ඉස්සරහම මිනිහෙක් මැරුනොත් දුර්වල ජන්ග්කුක් අනිවාර්යයෙන්ම ටේහ්‍යුන්ට බය වෙනවා..එයා අනිවාර්යයෙන්ම ටේහ්‍යුන්ව ප්‍රතික්ෂේප කරයි...එතකොට අපිට හරි ලේසියෙන් ටේහ්‍යුන්ව අල්ලගන්න පුලුවන් !!

😈 ඔයා කොහොමද එහෙම ඔච්චරටම විශ්වාසෙන් කියන්නේ ?? ඔයා එයාලා කාගෙවත් ඉස්සරහට තාම ගිහින් නෑ මූයොන්ග්..අඩුම ඔයා ටේහ්‍යුන්වවත් ඇත්තට දැකලා නෑ..

🧛 ඔහ් ගෝර්ඩ්...ඔයාට අමතක උනාද මින්ගුක් මන් කවුද කියලා ?? මන් සේහිගේ ආදරණීය නංගි..ඉතින් මගේ මෝඩ අක්කා ඒ හැම කෙනා ගැනම අකුරක් නෑර මට කියනවා...එයාගේ හුරතල් හා පැටියා ගැන තමයි හැමවෙලේම කියවන්නේ...ඉතින් මන් ජන්ග්කුකව නොදැක්කාත් එයා කොහොම කෙනෙක්ද කියලා හොදට දන්නවා..

මූයොන්ග් ඇස් රෝල් කරන ගමන් කියනකොට මින්ගුක් හෙඩ් බෝර්ඩ් එකට හේත්තු වෙලා මූයොන්ග්ව එයාගේ ඔඩොක්කුවට ගත්තා..

😈 බේබි හදිසියෙවත් ටේහ්‍යුන් නම්ජුන් එයාව මාර්ක් කරනවට අකමැති උනොත් ?? අපේ ප්ලෑන්ස් වලට පිටින් ගියොත් !!

🧛 මින්ගුක් !! 😑

😈 බේබි මේ අහන්න දෙන්නාවම ලේසි වෙන එකක් නෑ අපිට පාලනය කරන්න...නම්ජුන් උනත් ලේසි නෑ දැන් පාලනය කරන එක..අනික ටේහ්‍යුන් කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි බේබි...

🧛 නෙගටිව්ව හිතන එක නවත්තන්න මින්ගුක්..ටේහ්‍යුන් කියන්නේ තනිකරම සේහිගේ කොපියක්..මට ශුවර් එයාත් එයාගේ ඔම්මා වගෙම ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් පූජ කරයි කියලා..ඒ වගේම නම්ජුනුත් !!

😈 ඒ කියන්නෙ ප්ලෑන් B එකක් තියෙනවා..

🧛 යෙප්...බට් මට ජන්ග්කුක්වයි ජින්වයි පන පිටින් ඕන...ඒ වගේම හදිසි අවස්තාවකදි මට මගේ බලය උනත් පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕන..

මූයොන්ග් කට කොනේ හිනාවක් එක්ක එහෙම කියනකොට මින්ගුක් හිනා වෙලා හා කියලා ඔලුව වනලා මූයොන්ගේ තොල් අල්ලගත්තා..මූයොන්ග් සුපිරි ප්ලෑන් එකක් ගැහුවත් මූයොන්ග් එක දෙයක් දන්නේ නෑ...ඒ ජන්ග්කුක් කියන්නේ නිකන්ම නිකන් ඔමෙගා කෙනෙක් නෙමෙයි කියලා...ඒ වගේම නම්ජුන්ගේ මේට් ටේහ්‍යුන්ගේ හ්‍යුන්ග් කියලවත්...සේහි මූයොන්ග්ට ජන්ග්කුක් ගැන හැමදෙම කිව්වාට මොකක්ම හරි හේතුවකට ජන්ග්කුක් කියන්නේ අදුරු මායාව අයිති කෙනෙක් කියල කියලා නෑ...ඒ වගේම නම්ජුන්ගේ මේට් ජින් කියලා කියන්න සේහිට වෙලාවක් හම්බුනේ නෑ...ටේහ්‍යුන්ව අල්ලගන්න මාස්ටර් ප්ලෑන් එක ගහන ගමන් හිටපු නිසා මින්ගුක්ට උනත් නම්ජුන් ගැන හොයන්න බැරි උනා..ඒ නිසා මින්ගුක් , මූයොන්ග් දෙන්නාම තාම හිතන් ඉන්නේ නම්ජුන්ගේ මේට් සාමාන්‍ය මනුස්සයෙක් කියලයි..

.

.

.

.

.

.

ටේහ්‍යුන් හිටියේ එයාලා එන සුපුරුදු තැනි තලාව උඩ..පල්ලමෙන් පහලට කකුල් දාගෙන ඈත පේන කදු පන්තිය දිහා බලාගෙන හිටපු ටේහ්‍යුන් හිටියේ බර කල්පනාවක..ටේහ්‍යුන්ට ජිවිතේ පලවෙනි වතාවට හිතුනා එයා ඇයි වෘකයෙක් නොවී වැම්පයර් කෙනෙක් උනේ කියලා..

ටේහ්‍යුන් දැකලා තියෙනවා ජන්ග්කුක් වෘකයෝ එක්ක හුරතල් වෙනවා..යූන්ගිගේ ඇල්ෆා කොච්චර දරුණු පාට උනත් ජන්ග්කුක් එයාට බය නෑ..අඩුම හොබිගේ ඇල්ෆාටවත්...ටේහ්‍යුන්ට මතක් උනා දවසක් හොබිගේ ඇල්ෆාව බලන්න ඕන කියලා අඩලා අඩලා හොබීව ගේ ඇතුලේම පරිවර්තනය කරවපු විදියට...ඊට පස්සේ ජන්ග්කුක්ගේ පුංචි පුලුන් නැට්ටත් වන වන ජිමින් එක්ක එකතු වෙලා හොබිගේ ඇග උඩ නැගගෙන හොබීට ඉන්න දුන්නෙම නෑ..හොබි, යූන්ගි දෙන්නාම රාජකීය ලේ තියෙන ඇල්ෆලා නිසා එයාලා සාමාන්‍ය ඇල්ෆා කෙනෙක්ට වඩා විශාලයි..ඒත් ජන්ග්කුක්ට එයාලව පෙනුනේ හුරතල් පූස් පැටව් වගේ...

ඒත් ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ වැම්පයර් ස්වරූපයට බයයි...ටේහ්‍යුන් දෙපාරයි ජන්ග්කුක් ඉස්සරහ පරිවර්තනය උනේ...ඒ දෙපාරෙම ජන්ග්කුක් කරේ ටේහ්‍යුන්ගේ මූන එයාගේ ඇස්වලින් හංගපු එක..පලවෙනි පාර ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ තුරුලෙ හිටපු නිසා ජන්ග්කුක් එයාට බයයි කියපු එක ලොකුවට නොදැනුනත් දෙවෙනිපාර ජන්ග්කුක් එයා ලගට යනකොටත් බිත්තියට තව තද වෙලා බයෙන් වෙව්ලනකොට, බයට ගෙදර යන්න ඕන කියනකොට ටේහ්‍යුන්ට දැනුනේ එයාගේ පපුව පිච්චිලා යනවා වගේ...ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ බය උන ඇස් මතක් වෙන වාරයක් පාසාම එයාගේ වැම්පයර්ට වෛර කරන්න පටන් ගත්තා..ඒකෙන් වෙන්නේ වැම්පයර් දුර්වල වෙන එක...මනුස්ස ස්වරූපය වැම්පයර් ස්වරූපයට වෛර කරනකොට ටේහ්‍යුන් තවත් දුර්වල උනා..

හරියට ඔයා ඔයාගෙම රූපෙට වෛර කරනකොට ඔයාවම ඔයාට එපා වෙනවා වගේ...!!

ජන්ග්කුක්ගෙන් හුගක් ඈත ඉන්න නිසා ටේහ්‍යුන්ට ජන්ග්කුක්ගේ හැගීම් දැනුනේ නැතත් ටේහ්‍යුන් මේ වෙලේ හිටියේ වැටෙන්න ඕන අන්තිම තත්වෙට වැටිලා...ඇස්වලින් වැටෙන කදුලු වලට ඔහේ යන්න දීලා ටේහ්‍යුන් ඈත කදු පන්තිය දිහා බලාගෙන හිටියා..ටේහ්‍යුන් කොච්චර ලොකු කල්පනාවකද හිටියේ කියනවා නම් එයාට දැනුනේ නෑ එයාගේ පිටුපස්සෙන් කවුරු හරි එනවා කියලාවත්..අඩුම එයාගේ ඉවවත්...ටේහ්‍යුන් හිටියේ ජන්ග්කුක්ගේ ලෝකේ..

🐯 ආහ්හ්හ්...

ටේහ්‍යුන්ගේ බෙල්ලේ පැත්තෙන් මොකක් හරි තුඩක් ඇනෙනවා දැනුනාම තමයි එයා හරි සිහියට ආවේ...ඒත් එක්කම තමන්ගේ බෙල්ලට කට්ටකින් ඇන්න කෙනාව ඇදලා අරගෙන හෙලෙන් පහලට තල්ලු කරපු ටේහ්‍යුන් හිටපු තැනින් ඉක්මනට නැගිට්ටා..එතකොටයි එයා දැක්කේ එයාගේ පිටිපස්සේ වැම්පයර්ස්ලා පස් දෙනෙකුයි වෘකයෝ හතර දෙනෙකුයි ඉන්නවා..ටේහ්‍යුන්ට පුදුමයි මෙච්චර අය තමන්ගේ පිටිපස්සේ හිටගන්නකම් එයාට නොදැනුන එක ගැන..

ග් ර් ර් ර් ර් ර් ර් ර්....

🐯 හහ්..වැම්පයර්ස්ලායි වෘකයොයි එකතු වෙලා එහෙනම් !!

කට කොනේ හිනාවක් එක්ක තමන්ව වට කරන් ඉන්න අය දිහා බලපු ටේහ්‍යුන් ආයි පාරක් පරිවර්තනය උනා..

🐯 අපි බලමු උබලට මාව අල්ල ගන්න පුලුවන්ද කියලා ??

ටේහ්‍යුන් වැම්පයර් ස්වරූපෙන් ඉන්න වෘකයෝ එක්කයි වැම්පයර්ස්ලා එක්කයි සටන් කරන්න පටන් ගත්තාත් මුල ටිකේ වැම්පයර්ස්ලා දෙන්නෙක්ගෙ බෙල්ල දෙකට මැදින් කඩපු ටේහ්‍යුන්ට ටිකක් වෙලා යනකොට තේරුනා තමන් දුර්වල වෙලා කියලා..කලින් තුඩක් ඇනුන හරියෙන් වේදනාවක් එනකොට ටේහ්‍යුන්ට දැනුනා එයාට ටික ටික හැම දෙයක්ම බොද වෙනවා..ඒත් පුලුවන් උපරිම ශක්තිය දාලා ටේහ්‍යුන් සටන් කරත් ඇග හැම තැනම සීරීම් වෙලා ලේ ගලන්න පටන් අරන් තිබ්බේ..ටේහ්‍යුන් කියන්නේ සම්පූර්ණ වැම්පයර් කෙනෙක් නොවන නිසා එයාට සාමාන්‍ය මනුස්සයෙක්ට වගේ වේදනාව දැනුනා..ඒ වගේම ටේහ්‍යුන්ගේ ඇගේ වෘක ජාන තියෙන නිසා ඒ තුවාල සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා ඉක්මනින් හොද වෙනවා..

දැන්වත් පරාජය භාර ගනින් !! අපිට උබව මරන්න ඕන නෑ...අපි කියන විදියට හිටියොත් අපිට වගේම උබටත් හොද වෙයි..

ග්ර්‍ ර් ර් ර් ර් ර්

වැම්පයර් කෙනෙක් කෑ ගැහුවත් ටේහ්‍යුන් පරාජය භාර ගන්න ලෑස්ති උනේ නෑ...ටේහ්‍යුන්ට තියෙන්නෙ රාජකීය ලේ....රාජකීයන් ලේසියෙන් පරාජය භාර ගන්නේ නෑ...ජන්ග්කුක් එයාට කොච්චර බය උනත් ජන්ග්කුක් වෙනුවෙන් ටේහ්‍යුන් ජීවත් වෙන්න ඕන..ටේහ්‍යුන්ට මැරෙන්න බැහැ..එහෙම උනොත් ජන්ග්කුක් ජීවිත කාලෙම මේට් කෙනෙක් නැතුව විදවයි...ජන්ග්කුක් වෙනුවෙන් ටේහ්‍යුන් ජීවත් වෙන්න ඕන..එයාගේ හා පැටියා වෙනුවෙන්..

🐯 අ..අනි...ම..මන් උබලට යටත් වෙන්නේ නෑ...

ටේහ්‍යුන් ඔලුව දෙපැත්තට කරලා ගසලා ආයි සටන් කරන්න පටන් ගත්තාත් එයාට දැනුනා එයාට දැන් කෙලින් ඉන්නවත් පන නෑ කියලා..

🐯 ත..තමුසෙලා මොනවද මට ඉන්ජෙක්ට් කරේ ??

ටේහ්‍යුන් එයාගේ බෙල්ලෙන් දැනෙන වේදනාවත් ඉවසගෙන බෙල්ල අල්ලන් ඉස්සරහට ආවත් එකපාරටම පන නැතුව බිම ඇදගෙන වැටුනා..වටපිටාවේ හැමදේම බොද වීගෙන යනකොට ටේහ්‍යුන්ට අන්තිම පාරට මතක් උනේ එයාගෙ හා පැටියාගේ බම්බි ඇස්...තවත් ඇස් ඇරන් ඉන්න ශක්තියක් නැති වෙනකොට ටේහ්‍යුන් එහෙම්ම ඇස් වහ ගත්තා...

මියානේ මගේ බේබී....

.

.

.

.

අලුත් taekook එකක්😁

කියවලාම බලන්න..

.

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️❤️❤️❤️