Chapter 21: chapter 20

My Little Wolfie | TK || CompletedWords: 29802

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

ටේහ්‍යුන්ව කට්ටියම ගෙදරට එක්කන් ගිය ගමන් නම්ජුන් කෙලින්ම ආවේ එයාගේ හ්‍යුන්ගේ ඔෆිස් එකට..නම්ජුන් ලේසියෙන් ඔෆිස් එකට එන්නේ නැති නිසා හුගක් අය නම්ජුන්ව හරියට දන්නේ නෑ..ඒ නිසාම දැන් නම්ජුන් හුගක් වෙලා ඉදන් රිසෙප්ශන් එක ඉස්සරහ හිටන් ඉන්නවා එයාගේ හ්‍යුන්ගෙන්ම අවසරේ ගන්න මියුන්ග්සෝගේ මීටින්ග් එක ඉවර වෙනකම්..මොකද අලුතෙන් ආපු රිසෙප්ශන් ගර්ල් නම්ජුන් මියුන්ග්සෝගේ මල්ලි කියලා පිලිගන්නේ නෑනේ..

🐨 මේ නූනා...දැන්වත් මීටින්ග් එක ඉවරද ??

= පොඩ්ඩක් ඉවසන්න සර්...තව පැය භාගයක් තියෙනවා..

🐨 තව පැය භාගයක් ඉන්න බැහැ අනේ...මේ මන් ගිහින් හ්‍යුන්ගේ ඔෆිස් එකේ ඉන්නම්කෝ..

නම්ජුන් එහෙම ඇහුවත් රිසෙප්ශන් ගර්ල් නම්ජුන්ව ගනන් ගන්නෙවත් නැතුව එයාගේ වැඩේ පටන් ගත්‍තාම නම්ජුන් ගස්සගෙන ගිහින් ආයි පුටුවෙන් වාඩි උනා..තවත් විනාඩි පහක් ගත වෙනකොට ම නම්ජුන්ගේ උකුසු ඇස් දෙකට අහු උනේ එතනින් කඩිමුඩියේ දුවන ජිසූව..

🐨 නූනා...

නම්ජුන් ජිසූව දැක්ක ගමන් කෑ ගහගෙන ගිහින් ජිසූව බදාගත්තේ ෆයිල් වගයකුත් උස්සන් ඔෆිස් එකට යන ගමන් හිටිය ජිසූ හොදටම බය කරලායි..එයාව එකපාරටම බදාගත්තේ නම්ජුන් කියලා හිතන්නත් ජිසූට ටිකක් වෙලා ගියා..

🌹 දෙයියනේ ජූන්...මන් හොදටම බය උනා ලමයෝ..

එයාව බදාගෙන ඉන්න ජූන්ගේ ඔලුව අතගාන ගමන් කියනකොට තමා ඉතින් නම්ජුන් එයාගේ ඩිම්පල් හිනාවත් දාගෙන ජිසූගේ මූන බැලුවේ..

🌹 මොකද මෙතන කරන්නේ ?? ඔෆ්ස් එකට යන්න එපැයි..ඔයාගේ හ්‍යුන්ග් තාම මීටින්ග් එකේ..

🐨 අන්න අරයා මට යන්න දුන්නේ නෑ...

නම්ජුන් රිසෙප්ශන් ගර්ල්ට රවාගෙන කියනකොට ජිසූ හිනා වෙලා නම්ජුන්ගේ අතින් අල්ලන් මියුන්ග්සෝගේ ඔෆිස් රූම් එකට එක්කන් ගියා..පිට අයට නම්ජුන් කොච්චර නපුරු උනත් එයාගේ හ්‍යුන්ග් ලගයි හ්‍යුන්ගේ සෙකට්‍රි උන ජිසූ ලගයි නම් නම්ජුන් ඕනවටත් වඩා හුරතල් වෙනවා...ඇරත් ඉතින් ජිසූ කියන්නේ එයාගේ අවුරුදු ගානක ලව් එකේ නූනානේ...ඒ නිසාම නම්ජුන් ජිසූ එක්කත් හුගක් එකතුයි..

🌹 ජූන් ඔහොම ඉන්න..තව ටිකකින් ඔයාගේ හ්‍යුන්ග් එයි..මන් යන්නම්..මට වැඩක් තියෙනවා..

ජිසූ නම්ජුන්ගේ කොන්ඩේ අවුල් කරලා එලියට ගියාම නම්ජුන් එයාගේ ෆෝන් එක අරගෙන ජීන්ගේ ෆොටෝ ටිකක් බලන්න පටන් ගත්තා..මියුන්ග්සෝ මීටින්ග් එක ඉවර වෙලා ඔෆිස් රූම් එකට එනකොටත් නම්ජුන් ෆෝන් එක අස්සේ...ඒ තරම්ම එයාට සිහියක් නෑ ඔෆිස් එකට මියුන්ග්සෝ ආවා කියලා..

🕊️ අපෝ...මූනේ පැණි බේරෙනවා..ඔය කෙල ටික පිහිද ගනින්..

මියුන්ග්සෝ කෑ ගහනකොට තමා නම්ජුන් එයාගේ ජිනීගේ සිහියෙන් මේ ලෝකෙට ආවේ..

🕊️ ජුනා..උබ ඔහොම ඉන්නකොට නම් මට උබව ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක් වගේ පේන්නේ නෑ..හරියට පුංචි ඔමෙගා කෙනෙක් වගේ..

🐨 යාහ් හ්‍යුන්ග්..

නම්ජුන් එයාගේ ඇල්ෆා ඇස් රතු කරන් මියුන්ග්සෝට රවනකොට මියුන්ග්සෝ හිනා උනා..එයා ඉතින් එයාගේ මල්ලිගේ හැටි හොදට දන්නවානේ..

🕊️ හරි දැන් මොකද මෙහේ ආවේ...තාම කොලේජ් ඉවර නෑනේ..හොරෙන් කට්ටි පැන්නද ??

🐨 කට්ටි පැනලා මේ පෙට්ටිය අස්සට එන්න මට පිස්සු කියලා හිතුවාද ?? මන් ආවේ වැදගත් කාරනයක් කියන්න..

නම්ජුන් මෙච්චර වෙලා තිබ්බ හුරතල් මූන වෙනුවට බැරෑරුම් මූනක් දාගෙන කියනකොට මියුන්ග්සෝට තේරුනා නම්ජුන් ඇවිල්ලා තියෙන්නේ වැදගත් දෙයක් කියන්න කියලා..ඒ නිසාම පොඩ්ඩක් ඉන්න කියලා ඇස්වලින් ඉගි කරලා මියුන්ග්සෝ නම්ජුන්වත් එක්කගෙන ගියේ එයාගේ ඔෆිස් එකේ තියෙන රහස් කුටියට..ඒ තැන ගැන දන්න එකම දෙන්නා නම්ජුන් , මියුන්ග්සෝ විතරයි..රාක්කෙට කවර් කරලා තියෙන දොර නිසා ඒ තැන ගැන අඩුම ජිසූවත් දන්නේ නෑ..

🕊️ ඔයා ආපු එක හොදයි...මටත් ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා..

රහස් කුටියේ තියෙන කුෂන් එකෙන් මියුන්ග්සෝ වාඩි වෙනගමන් කියනකොට නම්ජුනුත් මියුන්ග්සෝට ඉස්සරහින් වාඩි උනා..

🐨 මොකක්ද හ්‍යුන්ග් ??

🕊️ මුලින්ම ඔයා ආපු හේතුව කියලා ඉන්නකෝ..

🐨 හ්‍යුන්ග් අද අපෙ මැට්ච් එකනේ...මට ප්ලේ කර කර ඉන්නකොට මායාකාරයෙක්ගේ ඉවක් දැනුනා..ඒ එක්කම වගේ බෙයාර් අසනීප උනා..එයා ගැන බලන්න ලගට ගිහින් එනකොට ඒ මායාකාරයා අතුරුදහන් වෙලා..

🕊️ ඒ කියන්නේ අපිට කලින් මායාකාරයෝ එයාව හොයාගෙන..

මියුන්ග්සෝ එහෙම කියනකොට නම්ජුන් ඇහිබම උස්සලා මියුන්ග්සෝ දිහා බැලුවේ ඒකේ තෙරුම මොකක්ද අහන්න වගෙයි..

🕊️ එයා ඉන්නේ ඔයාලගේ කොලේජ් එකෙ ජූන්..

🐨 මොකක් !! හ්‍යුන්ග් එයාව හොයාගත්තා ද ??

🕊️ අනි..මට හොයාගන්න පුලුවන් එකම දේ එයා ඉන්නේ ඔයාලගේ කොලේජ් එකේ කියලයි..අප්පා ඔයාව කොලේජ් එකට යවලා තියෙන්නේ ඒකයි..ඒත් මන් අප්පාට වඩා එක දෙයක් දන්නවා..

🐨 ඒ මොකක්ද ??

🕊️ එයා තමයි හිටපු වැම්පයර් රාජධානියේ කුමරියගෙයි වෘක රාජධානියේ ඔටුන්න හිමි කුමරුගෙයි පුතා...අපිට කුමරියව හරි කුමාරයාව හරි හොයාගන්න පුලුවන් උනොත් එයාව ඉක්මනට හොයාගන්න පුලුවන් වෙයි...අප්පට කලින් අපි කොහොම හරි එයාව හොයාගන්න ඕන ජූන්...

🐨 අපි එයාව හොයාගෙන මොනවාද හ්‍යුන්ග් කරන්නෙ ??

🕊️ එයාට ඇත්ත කියලා තේරුම් කරනවා...නැත්තන් එයාව මරලා දානවා..

🐨 හ්‍යුන්ග් !!

🕊️ තමුසේ හැම වෙලේම හ්‍යුන්ග් හ්‍යුන්ග් ගගා හිටියාම හරිද ජූන්...අප්පා පොඩි කාලේ ඉදන් උබව පාවිච්චි කරපු එකයි කරේ..මන් පොඩි එකෙක් කාලේ ඉදන් අප්පාට බයේ මගේම මල්ලි විදවනවා බල බල හිටියා...ඒත් දැන් මන් ඉස්සර හිටපු බය ගුල්ලා නෙමෙයි ජූන්...මගේ මල්ලිගේ සතුට වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුලුවන් මට..එයාගේ සතුටට බාධාව කවුරු උනත් මන් එයාව ඉවරයක් කරනවා..මට අදාල නෑ එයා අනාවැකියේ හිමිකාරය කියලවත්...

මියුන්ග්සෝ එහෙම කියනකොට නම්ජුන් ලොකු හුස්මක් පහලට දැම්මා..එයා දන්නවා එයාගේ හ්‍යුන්ග් එයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තියි කියලා...ඒ නිසාම තමන් දුර්වලයෙක් වගේ ඉන්න එකට නම්ජුන් හැමදාමත් වගේ එයාටම වෛර කරගත්තා..

.

.

.

මේ අතරේ ටේකුක් දෙන්නා කාමරෙ ඇතුලේ ලොකු යුද්දයක්...ටේහ්‍යුන් එයාගේ මැට්ච් එකයි ඇන්ඩ්‍රියාගෙයි අතර තියෙන සම්බන්දේ අහපු වෙලෙ ඉදන් ජන්ග්කුක් ටේහ්‍යුන්ට අහුවෙන අහුවෙන එකෙන් ගහනවා...

🐯 බේබි මේ අහන්න...මන් කියන එක පොඩ්ඩක් අහන්නකෝ..

හරි හරි මන් යන්නේ නෑ..ඔය පෝච්චිය පැත්තකින් තියන්න බනි...

දෙයියනේ බේබි..ඕකෙන් නම් ගහන්න එපා..ඕක මට මමා බර්ත් දේ එකට දුන්න එකක්...

සලාන් 💥💥💥

🐯 දෙයියනේ ඒක ඉවරයි...

බනි මන් කියන එක පොඩ්ඩක් අහන්නකෝ...

හරි හරි මන් මැට්ච් එකට යන්නේ නෑ..කෝ ඕක බිමින් තියන්න..

සලාන් 💥💥💥

🐯 බේබි මන් කිව්වානේ මන් මැට්ච් එක පැත්ත පලාතක යන්නේ නෑ...දැන්වත් ඇති..මට මහන්සි...

හෝ..හෝ...ඕක නම් එවන්න එපා...

සලාන් 💥💥💥

🐯 දෙයියනේ ලොකූගෙන් හොරකම් කරපු මග් එක...ඕක ගත්තේ මන් කොච්චර අමාරුවෙන්ද ??

මේ වෙනකොට කාමරේ තියෙන ඔක්කොම බඩු ටික ටේහ්‍යුන් ඉන්න පැත්තට විසික් වෙලා ජන්ග්කුක් ඉන්න පැත්තේ තිබ්බේ ඇද විතරයි..ඇදක් විසික් කරන්න තරම් ශක්තියක් ජන්ග්කුක්ට නැති නිසා ඇද එහෙම්ම තිබ්බා..

🐯 හම්මේ බනි දැන් ඇති...මට මහන්සි...

එතකොට ටේහ්‍යුන්ගේ තත්ත්වේ ගත්තොත් එයා වැම්පයර් කෙනෙක් උන එකට දෙයියන්ට ස්තූති කර කර හිටියේ...මොකද එයාට උපතින්ම තිබ්බ වේගෙට ජන්ග්කුක්ගේ පහරවල් වලින් බේරුනත් එයා මනුස්සයෙක් උනා නම් එහෙම පොච්චි පාරක් කාලා මේ වෙනකොටත් පරලොව සැපත් වෙලා..ඒත් ටේහ්‍යුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ එයාගේ අහින්සක හා පැටියා මෙච්චරටම කේන්ති අරන් තියෙන්නේ ඇයි කියන එකයි..මොකද ටේහ්‍යුන් මෙච්චර කාලෙකට ජන්ග්කුක් මෙහෙම කේන්ති අරන් ඉන්නවා දැක්කාමයි..

🐯 බනි මන් කියන දේ අහන්න බේබි...

ජන්ග්කුක්ගේ පැත්තේ විසික් කරන්න කිසිම දෙයක් එයාට නැති නිසා මූනත් පහත් කරන් හයියෙන් හති දාන ගමන් ඉන්නකොට ටේහ්‍යුන් හිමීට ජන්ග්ගුක්ට ලන් උනා..

🐯 බේබී...

ජන්ග්කුක් ලගින් වාඩි වෙලා ටේහ්‍යුන් හිමීට ජන්ග්කුක්ගේ අත ඇල්ලුවාම ජන්ග්කුක් එහෙම්ම ටේහ්‍යුන්ගේ පපුවට හේත්තු වෙලා හයියෙන් හුස්ම ගන්න පටන් ගත්තා..

🐯 බේබි ඔයාට අමාරුයිද ??

ටේහ්‍යුන්ගේ පපුවට හේත්තුවෙලා ඉන්න ජන්ග්කුක්ගේ ඔලුව අතගාන ගමන් ටේහ්‍යුන් අහනකොට ජන්ග්ගුක් නෑ කියලා ඔලුව වැනුවා..ඒත් ඉතින් ජන්ග්කුක්ගේ හදවතේ පොඩි වේදනාවත් දැනෙන ටේහ්‍යුන් දන්නවා ජන්ග්කුක් කියන්නේ බොරු කියලා...ඒ නිසාම ජන්ග්කුකව උස්සලා එයාගේ ඔඩොක්කුවට අරගෙන ජන්ග්කුක්ගේ ශර්ට් එක අස්සෙන් අත දාලා ටේහ්‍යුන් හිමීට ජන්ග්කුක්ගේ පපුව අතගාන්න පටන් ගත්තා..

🐯 මැණික මන් ඩැඩාට කතා කරන්නද ?? අමාරුයි නේද ??

🐰 එ..එපා...ම..මට හොදයි..

🐯 කෝ එන්න...

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ශර්ට් එක ගලවලා අයින් කරලා ඇදෙන් හාන්සි කරවලා පපුව පරිස්සමින් අතගාන්න පටන් ගත්තා..ටේහ්‍යුන්ගේ අත ජන්ග්කුක්ගේ පුංචි පපුව පුරාම යනකොට ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ අත එයාගේ පුංචි අත් වලින් අල්ල ගත්තා..

🐰 හ්..හ්‍යුන්ගී...

🐯 ම්ම්...කියන්න බේබී...

🐰 හ්‍යුන්ගී කුකීගේ විතරයි නේද ??

🐯 මොනවාද බේබි ඔයා මේ අහන්නේ...මන් බේබිගේ විතරයි තමා..

🐰 එහෙනම් ඇන්ඩ්‍රියා නූනා ලගට යන්න එපා..

ඉයුන්වූ එච්චර හිතන්නේ නැතුව ජන්ග්කුක්ට බොරුවක් කිව්වාත් ජන්ග්කුක්ගේ පුංචි හිතට ඒක ඕනවටත් වඩා කා වැදිලායි තිබ්බේ...බොරුවක් උනත් මැට්ච් එක පුරාම ඇන්ඩ්‍රියාගේ ඇස් ටේහ්‍යුන් ලග රැදිලා තියෙනවා ජන්ග්කුක් දැක්කා..සාමාන්‍ය අයට වඩා ජන්ග්කුක්ගේ කන් ඇසීම හොද නිසා ඇන්ඩ්‍රියා ටේහ්‍යුන් ගැන එයාගේ යාලුවෝ එක්ක කියන දේවල් පවා ජන්ග්කුක්ට ඇහුනා..ඒ නිසාම ජන්ග්කුක්ගේ පුංචි හිතට දැනුනේ එයාගේ හ්‍යුන්ගීව එයාට නැති වෙයි කියන ලොකු බයක්..ජන්ග්කුක් කියන්නේ ඔමෙගා කෙනෙක්...ඔමෙගලා කැමති නෑ එයාගේ මේට්ව බෙදාගන්න..විශේෂයෙන් ම ජන්ග්කුක් වගෙ විශේෂ පිරිමි ඔමේගාවෙක්..එයාගේ මේට් එයාට නැති වෙයි කියන සිතුවිල්ලටත් ජන්ග්කුක් බයයි...එයාට කේන්තියි...ඉතින් ජන්ග්කුක් එයත් එක්කම තියෙන කේන්තිය පිටකරෙත් ටේහ්‍යුන්ගෙන්..

🐯 මැණික මේ අහන්න...මන් දන්නේ නෑ ඔයාට ඇන්ඩ්‍රියා මොනවා කියනවා ඇහුනාද කියලා...ඒත් මැණිකට පුලුවන් හ්‍යුන්ගීව විශ්වාස කරන්න..මගේ බේබිව මට මෙහෙම හම්බුවෙන්නත් කලින් ඉදනුයි මන් මගේ බේබිට ආදරේ කරන්නේ...ඒ කාලෙත් මගේ පස්සෙන් කොච්චර කෙල්ලෝ ආවත් මන් ආදරේ කරේ මගේ හා පැටියාට විතරයි...මැණික කොහෙද ඉන්නේ..කාගේ කවුද තියා මගේ බේබිගේ නමවත් නොදැනයි මන් බේබිට ආදරේ කරේ...එහෙම එකේ මට දැන් මගේ බේබිව හම්බුවෙලත් මන් එයව නැති කරගන්නේ නෑ...මන් බේබිව දාලා කොහේටවත් යන්නේ නැ...තේරුනාද මැණික...මේ හ්‍යුන්ගී කුකී බබාට හුගක් ආදරෙයි..

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ඔලුව අතගාන ගමන් ආදරෙන් කියලා ජන්ග්කුක්ගේ මුලු මූන පුරාම හාදු තියලා අන්තිමට ජන්ග්කුක්ගේ පුංචි රෝසපාට තොල් අල්ලගෙන සෙමින් සිපගන්න පටන් ගත්තා..ටේහ්‍යුන් තමන්ගේ තොල් අල්ලගෙන තොල් උරනකොට පුංචි ජන්ග්කුක්ට තේරුනෙ නැ කොහොමද ඒ හාදුවට ප්‍රතිචාර දක්වන්නේ කියලා.....මොකද ඉතින් ජන්ග්කුක් කියන්නේ ටිවී එකේ කිස් සීන් එකක් ගියත් ඇස් වහගන්න කෙනෙක් නේ...

🐯 බබා හ්‍යුන්ගී කරන විදියටම කරන්නකෝ..

ජන්ග්කුක් කිස් කරන්න දන්නේ නෑ කියලා තේරුන ටේහ්‍යුන් එයා කරන විදියටම ජන්ග්කුක්ටත් කරන්න කිව්වාම ජන්ග්කුක් ටේහ්‍යුන්ට අවනත වෙලා ටේහ්‍යුන්ගේ උරහිසට අත් දෙක දාගෙන ටේහ්‍යුන් වගෙම ජන්ග්කුක් තොල් සිප ගන්න පටන් ගත්තා...ජන්ග්කුක් හාදුවට රියැක්ට් කරනවා කියලා දැනුනාම ටේහ්‍යුන් එයාගේ වේගේ ටිකක් වැඩි කරලා හාදුවේ ලීඩ් එක ටේහ්‍යුන්ගේ අතට ගත්තා..විනාඩි ගානක් දෙන්නාම ඒ දෙන්නාගේ පලවෙනි හාදුව රස විදිනකොට එකපාරටම දෙයක් මතක් උන ජන්ග්කුක් ටේහ්‍යුන්ව එයාගෙන් එහාට තල්ලු කරලා අත් දෙකෙන් කටත් වහගත්තා..

🐯 බේබි ඇයි ??

🐰 දෙයියනේ දැන් මොකක්ද අපි කරන්නේ ??

ජන්ග්කුක් අතින් කට වහන් ඇසුත් බෝල කරන් මුලු මූනම රතු කරන් කියනකොට ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ මූන බැලුවේ ජන්ග්කුක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුවයි..

🐯 වේ ??

🐰 අයියෝ...දැන් අපි කිස් කර නිසා කුකීගේ බම්බි එකට බේබි කෙනෙක් ආවොත් එහෙම...කුකි කොහොමද ලොකු බම්බි එකක් එක්ක කොලේජ් යන්නේ ??

ජන්ග්කුක් ඇස් බෝල කරන් කටත් වහන් කියනකොට ජන්ග්කුක්ගේ හුරතලේ දරාගන්න බැරුව ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ අත් අයින් කරලා ආයි තොල් වලට පෙක් එකක් දුන්නා..

🐰 හ්‍යුන්ගී...

මූනත් රතු කරන් හුරතලේට ජන්ග්කුක් රවනකොට ටේහ්‍යුන් හයියෙන් හිනා වුනා..

🐰 ඇයි හිනා වෙන්නේ ?? දැන් මගේ බම්බි එකේ බේබි කෙනෙක් එයි...හයියෝ...මන් දන්නෙත් නෑ බේබි කෙනෙක්ව කොහොමද හදන්නේ කියලා..

🐯 අනේ පිස්සු කොල්ලෝ...කිස් එකක් දුන්න කියලා මේ පුංචි බම්බි එකට බේබි කෙනෙක් එන්නේ නෑ අනේ..

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ බඩ අතගාන ගමන් කියනකොට ජන්ග්කුක්ගේ ඇස් තවත් බෝල උනා..

🐰 ඇත්තද.......??

🐯 අනේ මගේ හුරතලේ..කිස් කරාට ප්‍රෙග්නට් වෙන්නේ නෑ මැණික...ඒකට තව වැඩ තියෙනවා කරන්න..

🐰 ඒ මොනවාද ??

ඇදෙන් වාඩි වෙලා නිකටත් අත තියාගෙන ජන්ග්කුක් අහනකොට ටේහ්‍යුන්ට ජන්ග්කුක්ගේ හුරතලේ දරාගන්න බැරුව අර කිව්ව වැඩේ දැන්ම කරන්න හිතිලා තිබ්බේ...ඒත් ඉතින් දැන්ම කොහේ කරන්නද...ජන්ග්කුක් වයසින් ලොකු උනාට මනසින් තාමත් පුංචියිනේ..

🐯 කෝ එන්න මෙතනට ??

ටේහ්‍යුන් එයාගේ ඔඩොක්කුව පෙන්නලා කියනකොට ජන්ග්කුක් ඉක්මනට ටේහ්‍යුන්ගේ ඔඩොක්කුවේ කකුල දෙපැත්තට දාලා වාඩි උනා..

🐯 මේ අහන්නකෝ බේබි...මේ පුංච් බන්ඩියට බේබි කෙනෙක් එන්න නම් තව ගොඩාරියක් දේවල් කරන්න තියෙනව..ඒවා මන් පස්සේ කියලා දෙන්නම්කෝ..

🐰 අනේ දැන් කියන්නකෝ...

🐯 මුලින්ම මට කියන්නකෝ ඇන්ඩ්‍රියා මොනවාද කිව්වේ කියලා..

ජන්ග්කුක්ව ටේහ්‍යුන්ගේ තුරුලට අරගෙන ජන්ග්කුක්ගේ නිරුවත් පිට පුරා ටේහ්‍යුන්ගේ ලොකු අත අරන් යන ගමන් අහනකොට ජන්ග්කුක් අන්තිමට ඉයුන්වූ කියපු ඔක්කොම දේවල් ඇන්ඩ්‍රියා කියනවා ඇහුන දේවල් ඔක්කොම ටේහ්‍යුන්ට කිව්වා..

🐯 ඕහ්...එහෙනම් මේක මේ ඉයුන්වූගේ වැඩක් නේද ??

ටේහ්‍යුන් හිමීට මුමුනනකොට ජන්ග්කුක් ඔව් කියලා ඔලුව වැනුවා..ටේහ්‍යුන් ජන්ග්කුකව එහෙම්ම එයාගේ පපුවට තුරුල් කරන් කල්පනා කරේ ඉයුන්වූට මොකක්ද කරන්නේ කියලායි..

.

.

.

හායි පෙන්ස්...හුග කාලෙකින් නේද 🙂

Username එක වෙනස් කරා...අදුරගන්න අමාරු උනේ නෑනේද 😁😁😁

පුලුවන් හැමවෙලේම අප්ඩේට් දෙන්න බලන්නම් 😁

පරිස්සමින් ඉන්න

සරන්හේ❤️❤️❤️