Chapter 2 of 42

chapter 1

My Little Wolfie | TK || Completed1,506 words~8 min read

Taehyung pov

🐯 අනේ මමා චේබල්...ඕක කරන්න එපා...

අනේ මමා..

Mrs.kim : කෑ නොගහා ඉන්නවා..පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා...

🐯 අනේ මමා...මන් පොඩි තමා..ඔයාලට දුක නැද්ද ඔයාලගේ පොඩි පුතාට රිද්දන්න...චේබල් මමා...අනේ රිදෙනවා...

🌺 බෙයාර් විකාර නොකර ඉන්නවා...

🐯 අනේ...ඩැඩා මාව බේරගන්නකෝ....චේබල්...මෙයාලා මට රිද්දනවා..

Mr.Kim : විකාර නොකර දගලන්නේ නැතුව ඉන්නවා..

ඩැඩා ඇස් දෙක ගිනි බෝල කරන් කෑ ගහනකොට මගේ ඇස්වලට ඉබේටම කදුලු පිරුනා...ඇයි එයාලා මට මෙහෙම කරන්නේ...එයාලා දන්නවා ඒක රිදෙනවා කියලා...මන් ආස නෑ ඒක කරන්න...ඒත් එයාලා කවුරුත් මන් කියන දේ අහන්නේ නෑ...කොහොමත් මට ආදරේ නෑනේ එයාලා..මන් එයාලගේ නසරානි පුතානේ...

Mrs.kim : මෙයාව අල්ලගන්න...

ජින් දකුණු අත...

ජෙනි දකුණු කකුල...

ජිසූ වම් අත...

ඩොලි ඔයා වම් කකුල..ඩෝලී...යාහ් ලීසා...කිම් ලීසා...මේ ලෝකේ ඉන්නවා...ඔය ෆෝන් එක පැත්තකට දාලා මෙයාව අල්ලගන්නවා...

🌱 ආහ්..දේ...දේ...මමා...

මමා ලීසාට කෑ ගහනකොට එයත් ඇවිල්ලා මගේ වම් කකුලෙන් අල්ල ගත්තා..ඕකිට නම් හොද වැඩේ කොයි වෙලෙත් ෆෝන් එක අරන් කොටනවා...හතරවටින් අල්ලගෙන මට හෙල්ලෙන්නවත් බෑ දැන්..දගලලා මහන්සි මට...අපේ පවුලේ හැමෝම හුගක් ශක්තිමත් එකට නම් මන් වෛර කරනවා...එයාල මාව අල්ලන් ඉන්න විදියට රිදෙනවාත් එක්ක...

🐯 අනේ මමා රිදෙනවා...චේබල්...

Mrs.kim : කට වහගන්නවා කිම් ටේහ්‍යුන්...පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා...දැන් අවුරුදු 20ක්නේ..

මමාත් මට කෑ ගහනකොට මගේ හිත රිදුනා..බැරිම තැන මන් දගලන එක නැවැත්තුවා...මට මහන්සි දගලලා...ඕන දෙයක් වෙච්ච දෙන් කියලා මන් ඇස්වහගත්තා...

මට පුලුවන් ඉවසන්න..ඔව් මට පුලුවන්...මන් වැම්පියෙක්...ඉතින් මේ වගේ පොඩි දෙයක් මට ඉවසන්න පුලුවන්...

මන් මගේ හිතම ශක්තිමත් කරගෙන තදින් ඇස් වහගත්තේ ඊලගට මට වෙන දේ මන් දන්න නිසායි...අයි හේට් දිස්....

ඇයි මටම වෙන්නේ ??

ඇයි මමාට තේරුම් ගන්න බැරි මන් ඒකට කැමති නෑ කියලා...ඒක රිදෙනවා...අනික ඒක ඔහොම්ම තිබ්බා කියලා ප්‍රශ්නයක් නෑනේ...ගලවලා දන්න ඕනේ නෑනේ...තියෙනකොට රිදෙනවා හොදයි ගලවනකොට රිදෙනවට වඩා....

ආහ්හ්හ්හ්....

මන් දත් ගලවනවට ආස නෑ දෙයියනේ...

ඒක රිදෙනවා....අයි හේට් දිස්...ආහ්හ්හ්....මොන රෙද්දකට මමා ඩෙන්ටිස් කෙනෙක් උනාද මන්දා...මගේ දත් වලට ඇයි මෙයාලා මෙච්චර වෛර කරන්නේ ??

Mrs.kim : ඔකේ....වැඩේ ඉවරයි...බලන්නකෝ බෙයාර් ඔයා බොරුවටනේ ඇඩුවේ ?? රිදෙන්නෙත් නෑ...කෝ දැන් මගේ හුරතලෙ කදුලු පිහිදගන්න..

මමා මගේ කදුලු පිහිදලා එයාගේ තුරුලට ගන්නකොට තමා මන් හරි සිහියට ආවේ...මන් මනෝ ලෝකේ ඉන්න ඩින්ගට එයාලා මගේ දත ගලවලත් ඉවරද කොහෙද..සැක් අපරාදේ ඇඩුවේ..ලැජ්ජාවේ බැහැනේ...

කවුරු හරි දැන ගත්තා නම් එහෙම එයාලාගේ නපුරු savage ආඩම්බරකාර කිම් ටේහ්‍යුන් දතක් නිසා ඇඩුවා කියලා ලැජ්ජාවේ බෑ...ඇත්තටම ඉතින් මාව දකින හැම කෙනාම මගේ පස්සෙන් ආවට එයාලව සත පහකට මන් ගනන් ගන්නේ නෑ..එයාලා කියන විදියට නම් මන් හරිම ආඩම්බරයි...එහෙම වෙන්න එපැයි...මන් ආඩමරයි තමා..කොලේජ් එකේ මටම කියලා ෆෑන් බේස් එකක් තියෙනකොට මන් ආඩම්බරෙන් තමා ඉන්නේ..ඒ වගේම මන් නපුරුයි..මට කවුරු හරි මොනවා හරි කරා නම් එහෙම මන් එයාට කරන දේවල් ගැන හිතාගන්නවත් බෑ...

🌹 අයිගෝ බෙයාර්...කෝ කදුලු පිහිදගන්න...ඔයාගේ කදුලු දැක්කාම අපිටත් දුකයිනේ..

🐹 ඒකනේ බෙයාර්...බලන්නකෝ අඩලා අඩලා මූනේ හැටි...යමු...මන් ඔයා ආසම ස්ට්‍රෝබෙරි මිල්ක්ශෙක් එක හදලා දෙන්නම්...

🐯 චින්චා...සරන්හේ හ්‍යුන්ගී....

මන් මමාග්වෙ තුරුලේ ඉදන් එකපාරටම ජින් හ්‍යුන්ගේ කරට පැන්නාම ජින් හ්‍යුන්ග් මාව කරේ තියාගෙනම කිචන් එක පැත්තට ගියා..

🌱 බලන්නකෝ මෙයාගේ හුරතලේ...මල විකාර..

🐯 තමුසෙට ඉරිසියයි නේ ??

🌱 වෙන නැත්තම් 😒

මෙහෙමයි මොන ලෝකෙට මන් නපුරු, හිනාවෙන්නේ නැති ආඩම්බරකාර කිම් ටේහ්‍යුන් උනත්...අපේ පවුලේ බෙයර් මන්..එයාලගේ හුරතලේ මන්..කාට නපුරු උනත් මගේ පවුලේ අය ඉස්සරහ මන් අහින්සක හුරතල් කොල්ලා...නූනාලා තුනකුයි හ්‍යුන්ග් කෙනෙකුයි එක්ක හැදෙන මන් හුරතල් නොවී බැහැනේ...හැබැයි මන් පිටතදි කොයි වගේ කෙනෙක්ද කියන එක එයාල දන්නවා...එයාලා ඒකට මුකුත් කියන්නේත් නෑ...මන් මොනවා කරත් මට බනින්නේ නෑ..

ප්‍රින්සිපල් ලගට ගියාම ජෙනි නූනා ඇවිල්ලා මාව බේරගන්නවා...එයා ඉතින් අපේ කොලේජ් එකේ ප්‍රොෆෙසර් කෙනෙක්නේ...නැත්තන් ජින් හ්‍යුන්ග් ඇවිල්ලා බේරගන්නවා...එයා තමා කොලේජ් එකේ ඩී එච්පී....ඉතින් මන් මොනවා කරත් මගේ නූනාලා හ්‍යුන්ග්ලා මාව බේරගන්නවා...ඒ තරම් එයාලා මට ආදරෙයි...හොරෙන් ක්ලබ් ගිහින් එහෙම අහු උනාම ජිසූ නූනා තමා මාව ශේප් කරන්නේ...

හැබැයි වැරැද්දක් කරන වෙලේට අත දිගෑරලා ගහන්නත් එයාලා දෙපාරක් හිතන්නේ නෑ..

දවසක් මන් කෙල්ලෙක්ව බලෙන් කිස් කරා කියලා ප්‍රින්සිපල් ඉස්සරහම ජින් හ්‍යුන්ග් මගේ කම්මුලට පාරක් ගැහුවා...එයා ඇල්ෆ කෙනෙක් නිසා ශක්තිමත් නිසා මාව විසික් වෙලා ගිහින් මන් වැටුනේ...එදා ඉදන් මට කෙල්ලෝ ආශ්‍රය අතේ දුරින්..එයාලා නීති දැම්මාට ඉතින් මන් ඉන්නේ මට ඕන විදියට...මට ඕන දෙයක් මන් කරනවා..ඒත් ඉතින් මන් කෙල්ලො එක්ක කොල්ලො එක්ක කිස් එකකින් එහාට ගිහින් නෑ...හේතුවක් තේරෙන්නෙ නෑ...ඒත් මට එහෙම කරන්න හිත දෙන්නේ නෑ...

සමහරවිට මන් හීනෙන් දකින හා පැටියා නිසාද දන්නේ නෑ....මට අවුරුදු 18ක් උන දවසේ ඉදන් මන් හීනෙන් චූටි හා පැටියෙක්ව දකිනවා..එයා කවුද..කාගේ අවුද කියලා නම් මන් දන්නේ නෑ...ඒත් එයා හුගක් හුරතල්..එයා කන්නාඩිය ඉස්සරහ ඉදන් කරන හුරතල් වැඩ මට හුගක් වෙලේට හීනෙන් පේනවා...මන් එයා කවුද කියලා කොච්චර හෙව්වාත් මට එයාව හොයාගන්න බැරි උනා..ඒත් ඉතින් මන් සැලෙන්නේ නෑ...මට හිතෙනවා එයා කවදාම හරි මට හම්බුවෙයි කියලා...

ඒත් මට කරන්න බැරි දෙයක් තියෙනවා...ඒ මගේ හා පැටියට ආදරේ කරන එක...මට මොන දේ කරන්න නිදහස තිබ්බාත් අපේ පවුලේ අය මට ආදරේ කරන්න නිදහස දීලා නෑ...ඒකට ලොකුම හේතුව මේටින්ග් බොන්ඩ් එක...මේ මල විකාරෙට මන් සාප කරනවා...

ජෙනි නූනාගේ ආදරේ එයගේ මේට් උනා...මමාගේ ආදරේ එයාගේ මේට් උනා...ඒත් අපිට ??

ජින් හ්‍යුන්ග් ජූන් හ්‍යුන්ග්ට ආදරෙයි...ඒත් මේටින්ග් බොන්ඩ් එක නිසා එයා එයාව ප්‍රතික්ෂේප කරනවා..ජිසූ නූනා එයාගේ බොස්ට ආදරෙයි..ඒත් මේටින්ග් බොන්ඩ් එක නිසා එයා ඒක ප්‍රතික්ෂේප කරනවා...එයාලා කියන්නේ කවදාම හරි එයාලගේ මේට්ව හොයාගත්තොත් එයාලා කාට ආදරේ කරත් එයාව අතාරින්න වෙනවලු..ඉතින් ඒ නිසයි එයාලා ආදරේ කරත් ඒක කියන්නේ නැත්තේ...හොදම දේ තමා ජිසූ නූනායි ජින් හ්‍යුන්ග්නුයි දෙන්නාම ආදරේ කරන්නේ එකම පවුලේ දෙන්නෙක්ට...🤭🤭

ජිසූ නුනා ආදරේ කරන්නේ නම්ජුන් හ්‍යුන්ග්ගේ හ්‍යුන්ග්ට...අර කැඩුම් බිදුම් පවුලට ඒ දෙන්නාගේ හිත් ගියේ ඇයි කියන්න මට නම් තේරෙන්නේ නෑ...

කොහොම හරි අපි හැමෝටම මේට්ට හැරෙන්න වෙන කෙනෙක්ට ආදරේ කරන්න තහනම්..ඒක මමාගෙයි පපාගෙයි නීතිය...එයාලා දෙන්නා නීතියකට දාලා තියෙන්නේ ඒක විතරයි..ඒත් මට එහෙම දවසක් ආවොත් මන් දෙපාරක් නොහිතා ඒක කඩනවා...

මොකද මන් හීනේ ඉන්න මගේ හා පැටියාට ආදරෙයි...ඔව්...ඇත්තටම හුගක් ආදරෙයි...

🐹 බෙයාර්...ඔයාගේ ඇස්වල පාට වෙනස් වෙලා..මොනවා ගැනද කල්පනා කරන්නේ ??

🐯 ආහ්...අනියෝ...

මන් ඉක්මනට ආයි ඇස්වල පාට සාමාන්‍ය තත්වෙට ගත්තේ මන් කල්පනා කරේ මගේ හා පැටියා ගැන කියලා දැන ගත්‍තොත් හ්‍යුන්ගෙන් විසුමක් වෙන්නෙ නැති නිසා..

🌱 ශුවර් එකටම ඔප්පා මේකා මේ කල්පනා කරේ කෙල්ලෙක් ගැන...

🐯 තමුසේ කටවහගෙන ඉන්නවා..මන් රෝස් ගැන කියන්නද ??

🐹 ඇයි රෝස් එක්ක මොකක්ද තියෙන සම්බන්දේ ??

🌱 අනියෝ...අපි යාලුවෝ විතරයි...මූට පිස්සු...

💥💥

🐯 ආව්..හැලි වදුරි..ඔලුවට ගහන්න එපා හරකි..රිදෙනවා...

ඔය කොහොම උනත් මන් කරන හැම වැඩැක්ම ගෙදරට මාට්ටු කරන ජාතියේ පරාල ඇනයකුත් අපේ ගෙදර ඉන්නවා...කිම් ලීසා..නැත්තන් ඩෝලි...මාව ගෙදරට මාට්ටු කරලා එයා ලබන සතුට ගැන මට හිතාගන්න බැහැ...එයායි මායි නිවුන්නු උනාට එක ලග ඉන්නව කියන්නේ ඉතින් ඉශ්‍රායලයයි පලස්තීනෙයි වගේ තමා...හැබැයි ඉතින් අපි දෙන්නා එකතු වෙලා කරන හොර වැඩත් නැතුවම නෙමෙයි..

කොහොම උනත් ඇරියස් අල්ලන්න අපි දෙන්නාම කැමති නිසා එයා මට මොනවා හරි කරොත් මාත් අනිත් පැත්තට කරනවා..හැබැයි මන් එයාට වැඩිය ගහන්න යන්නේ නෑ...එයාට වඩා මන් ශක්තියෙන් වැඩි නිසා එයාට ගැහුවොත් එයා විසික් වෙල යනවා..ඒ නිසා මන් එයාට ගහන්නේ නෑ...එක දවසක් ගහලා විසික් වෙලා ගිහින් ඔලුවත් පලා ගත්තා..එදා නම් ඉතින් මන් මමාගෙන් හොදට ගුටි කෑවා..ඒක මතක් වෙන නිස මන් ඩෝලිට ගහන්නේ නෑ...හැබැයි එයා ඒකෙන් ප්‍රයෝජන අරන් හැමදාම උඩ පැනලා මගේ ඔලුවට ගහනවා...එය දන්නවා වෙන කොහෙට ගැහුවත් මට රිදෙන්නේ නෑ කියලා..මේ වදුරු මගේ කරේ එල්ලිලා ඔලුවට ගහන්න කන හපන වගේ වැඩ කරන නිසා මගේ ඉවසීම හුගක් ප්‍රගුන වෙලා තියෙන්නේ..

කොහොම හරි ඩැඩා නම් කියන්නේ මන් විශේශ කෙනෙක් නිසා පරිස්සම් වෙන එක ඇගට ගුණයිලු..මමාගේ බඩේ මායි ඩෝලි ඉන්නකොට ඩැඩාට දැනිලා තියෙන්නේ අපි දෙන්නාම පප්ස්ලා කියලාලු...ඉතින් මන් අවුරුදු 18ක් වෙනකම් හිතන් හිටියේ මාත් හ්‍යුන්ග් වගේ අප්පා වගේ පප් කෙනෙක් කියලා...ඒත් 18 බර්ත් දේ එක දවසේ මන් පරිවර්තනය වෙන්න ගත්තාම මගේ පපුව කැකුමක් ඇවිල්ලා මන් කලන්තේ දැම්මා...එවෙලේ තමයි එයාලත් දැන ගෙන තියෙන්නේ මන් වැම්පි කෙනෙක් කියලා...ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා...මට තාම පරිවර්තනය වෙන්න බැහැ...

මගේ ඇස්වල පාට වෙනස් වෙන එක, උල් දත් එලියට එන එක තිබ්බාට මාව තාම සම්පූර්ණ පරිවර්තනයක් වෙලා නෑ....මමා කිව්වා මන් විශේෂ නීසා මේට් හම්බුනාම පුලුවන් වෙයි කියලා...ආයි පාරක් මේට්...මහ රෙද්දක් ඒක නම්...

කොහොම හරි ඉතින් අපි ඉන්නේ මිනිස්සු එක්ක සාමාන්‍ය විදියට නිසා මන් පරිවර්තනය උනේ නෑ කියලා මට ප්‍රශ්නයක් තිබ්බේ නෑ...ඒකත් එක අතකට හොදයි...නැත්තන් මට කේන්ති යන විදියට මොනවා මොනවා වෙයිද දන්නේ නෑ..

🐥 හායි ඩෝලී...

අන්න එනවා අනිත් ගස් ගදයා...ජන්ග් ජිමින්..මගේ බෙස්ටා...දොරෙන් ඇතුල් වෙනකොටම එයාට ලීසාව ඇවිස්සුවේ නැත්තම් නින්ද යන්නේ නෑ..මගේ කන් ඇහීම හොද නිසා එයාලා කතා කරන දේවල් කිචන් එකට මට හොදට ඇහෙනවා..

🌱 මොකද !!

🐥 මොකෝ කේන්ති ගිහින්...

🌱 තමුසෙට ඒක වැඩක් නෑනේ...ගිහින් වැඩක් බලාගන්නවා..

🐥 අදත් වලියක් දාගෙන වගේ.....

ටේයා........මගේ වැම්පි කොල්ලා කෝ....!!

ඔන්න එනවා කැ ගහගෙන කිචන් එකට...දුවගෙන ආපු ගමන් මගේ කරට පනිවි දැන්...

🐯 ආව්..බැහැපිය බිමට බලු නකුට්ටා...

🐥 යාහ්..යහ්...අපහාස කරන්න එපා මිස්ටර් වැම්පි...අපි බල්ලෝ නෙමෙයි...අපි වෘකයෝ..මොක්කුද !! වෘකයෝ...

🐯 අනේ පල බලු මැක්කා...

🐥 බලන්නකො හ්‍යුන්ග්

ඔන්න යනවා ජින් හ්‍යුන්ග් එක්ක හුරතල් වෙන්න..අම්මපා මූටත් හ්‍යුන්ග්ලා දෙන්නෙක්ම ඉන්නවානේ...මොන රෙද්දකටද මගේ හ්‍යුන්ග් එක්ක හුරතල් වෙන්නේ...තොලුත් උල් කරන් ඇස් බෝල කරන් කම්මුල් පුම්බගෙන හ්‍යුන්ග්ට පුලුවන් උපරිම අහින්සක ලුක් එකක් දාගෙන ඉන්නවා...හ්‍යුන්ග්නුත් ඉතින් මුගේ මේ ලුක් එකට වශී වෙනවානේ...ඕකෙන් තමා මූ හැම වෙලේම ගැලවෙන්නේ...

🐯 මෙන්න මෙහෙ එනවා යන්න...නාකි හුරතලේ..

මගේ මිල්ක්ශේක් එක ඉක්මනට මන් බීලා ඉවර කරලා ජිමිනාගේ කොලර් එකෙන් ඇදගෙන මගේ කාමරේට ආවා...ඒ එනකනුත් නිකන් රට යනවා වගේ මූ හතර වටේම ඉන්න අයට අත වන වන එනවා..

🐯 තමුසේ මොකද කියනවා මෙහෙට කඩන් පාත් උනේ ??

🐥 මගේ නැන්දගේ ගෙදර එන්න මට වෙලාවල් ඕන නෑ බෙයාර්..

🐯 උබේ නැන්දා උනාට ඒ මගේ මමානේ..මොකො සිරාවටම මේ පැත්තේ ආවේ ??

🐥 තව ඩින්ගෙන් ඒක අමතක වෙනවා...හෙට අලුත් ජූනියර් බැජ් එක එනවලු...

🐯 චින්චා...

🐥 දේ...උබ ඉතින් අපේ එකේ බැට්ච් රෙප් නිසා උබට තමා ඒක බලන්න වෙන්නේ...මට ඕක අද උදේ ඩීන් කිව්වේ...අමතක උනා උබට මට ඕක කියන්න...

🐯 අරුන් ටික හෙට ආවමම උබට කියන්න තිබ්බානේ...ඇයි දැන් කිව්වේ ??

🐥 සොරි සොරි ඉතින්...ගැත්තාට සමා උව මැනවි...

🐯 ගැත්තට නෙමෙයි කැත්ත ගන්න කලින් පල යන්න...

🐥 සැක්...උබ මගේ යාලුවෙක් එක්ක ඉන්නවට මට ගානක් දෙන්න ඕන...

🐯 පල යන්න බලු නකුට්ටා...

.

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️

Contents
Contents