Chapter 19 of 42

chapter 18

My Little Wolfie | TK || Completed2,092 words~11 min read

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

කාලය ටික ටික ගෙවිලා ගියේ ජන්ග්කුක්ට කොලේජ් එක පොඩ්ඩ පොඩ්ඩ හුරු කරවලායි...ගෙදරදි ටේහ්‍යුන්ගේ තුරුලෙම ඉන්නත් කොලේජ් එකේදි ටේහ්‍යුන්ව දන්නේ නෑ වගේ ඉන්නත් ජන්ග්ගුක් පුරුදු උනා..මොකද එයාට හොදට මතකයි ටේහ්‍යුන් එයත් එක්ක එක දවසක් කතා කර නිසා හැමෝම එයා දිහා අමුතු විදියට බල බල කුටු කුටු ගගා සති ගානක් හිටපු විදිය...ඉතින් ජන්ග්කුක්ට ඕන උනෙ නෑ කාගෙවත් අවධානේ ගන්නවත් කාගෙවත් තමන් විශේෂයි කියලා කවුරුත් හිතනවටවත්...ඒ නිසාම ඉස්කෝලේ වගේම කොලේජ් එක ඇතුලෙත් ජන්ග්ගුක් කියන්නේ නිහඩ චරිතයක්..එයාට ඉන්න එකම යාලුවා ඉයුන්වූ විතරයි..

ජන්ග්කුක්ගේ අහින්සකකම නිසාම කෙල්ලො කොල්ලො ජන්ග්කුක්ට සද්දේ දාගෙන එනකොට ඉයුන්වූ තමා එයාව බේරගන්නේ...හැබැයි ඉතින් ජන්ග්කුක් නම් දන්නේ නෑ ඊලග තප්පරේ ජන්ග්කුක්ට සද්දේ දාපු අයට මොකක් ද උනේ කියලා..ජන්ග්ගුක් දන්න එකම දේ එයාලා ඇවිල්ලා ජන්ග්ගුක්ගෙන් ඊට පස්සේ දවසේ වැද වැටිලා සමාව ගන්නවා කියන එක විතරයි...එක තප්පරේට ඒ හැම කෙනාටම සමාව දෙන්න ජන්ග්කුක් දෙපාරක් හිතන්නේ නෑ...ඒ හා පැටියා ඒ තරමටම අහින්සකයි..හැබැයි ඉතින් ඒ අහින්සක හා පැටියාට අමතක වෙලා තිබ්බේ එයාගේ ආරක්ෂාවට ශක්තිමත් වැම්පයර් මේට් කෙනෙකුයි අයියලා හය දෙනෙකුයි අක්කලා තුන් දෙනෙකුයි කොලේජ් එක ඇතුලේ ඉන්නවා කියලා..කොල්ලාට සද්ද දාන අඩුම රිදෙන්න අතින්වත් ඇල්ලුවොත් ඒ කෙනා ඊලගට ඉහල උසාවියට යොමු වෙනවා...කොලේජ් එකේ savage kings හය දෙනායි queens ලා දෙන්නායි එක්ක එයාලගේ ප්‍රොෆෙසර් ජෙනීත් එයාව මද්දෙන් තියාගෙන බය කරනකොට මොකාද බය නොවී ඉන්නේ..ඔයාලා කල්පනා කරනවා ඇති නේද ජන්ග්ගුක්ට වෙන කරදර එයාලා දන්නේ කොහොමද කියලා...මේ මන් මේ කියන්නේ වැඩිපුරත් අතින් දාලා ඉයුන්වූ එහෙම නෙමෙයි ඕවා ටේහ්‍යුන්ගේ කනේ තියෙන්නේ...එයා නෙමෙයි හොදේ...

💛 කුක් වොලිබෝල් මැට්ච් එක බලන්න යමු..

ලයිබ්‍රි එකට වෙලා පොතක් කියො කියෝ ඉන්න ජන්ග්කුක්ගේ ඉයුන්වූ ඇස් බම්බි කරන් ඇහුවේ එයාව කොහොම හරි එක්කන් යන්න ඕන නිසායි..මොකද අද ෆයිනල් මැට්ච් එකනේ...දවස් ගානක් තිස්සේ තිබ්බ ස්පෝර්ට් මීට් එකේ අද තමයි වොලිබෝල් වල වයිනල් මැට්ච් එක..ඒකෙත් හොදම දේ එක පැත්තක ලීඩර් ජන්ග්කුක්ගේ හ්‍යුන්ග්...අනිත් පැත්තේ ලීඩර් එයාගේ මේට්..ඉතින් අහින්සක හා පැටියා දෙලොවක් අතර හිර වෙලා තියෙන්නේ..ඒ නිසා එයා මැට්ච් එක බලන්න යන්නේ නැහැ කියලා තීරණය කරා..කොහොමත් එතනට ගිහින් ටේහ්‍යුන්ව ඉල්ලලා අඩන කොල්ලො කෙල්ලො දිහා බලන් ඉන්න ජන්ග්කුක්ට ඕන කමක් තිබ්බේ නෑ..ඔහ් ගෝඩ් ජන්ග්කුක්ට ඉරිසියා හිතිල තියෙන්නේ...එයාගේ ඔමේගාව හරි අමාරුවෙන් පාලනය කරන් ඉන්නේ එයා...එක තප්පරෙකට හරි ඔමේගා පාලනයෙන් ගිලිහුනොත් ටේහ්‍යුන් ගැන බෑඩ් විදියට හිතන කෙල්ලන්ව ඔමේගා කීතු කීතු කරලා දාවි..

💛 අනේ කූ යමූකෝ..

ජන්ග්කුක්ගේ පිලිතුරක් නැතිම තැන ඉයුන්වූ ජන්ග්කුක්ගේ අතේ එල්ලිලා නහයෙන් අඩන්න පටන් ගත්තා..

🐰 මට බෑ අනේ...ඔයා යන්න..මන් මෙතන ඉන්නම්..

💛 අනි..ඔයාව මෙතන තනියම දාලා ගියොත් හ්‍යුන්ග්ලා මාව එයාලාගේ නියපොතු වලින් හූරලා දායි..ටේහ්‍යුන්ගී හ්‍යුන්ග් මගේ බෙල්ල දෙකට මැදින් කඩලා දායි..

බෙල්ලත් අල්ලන් ඉයුන්වූ ඩ්‍රැමටිකලි විදියට කියනකොට ජන්ග්කුක් ඇස් රෝල් කරලා ආයි පොතට අවධානය දුන්නා...හැබැයි ඉයුන්වූ වැඩේ අතාරින පාටක් තිබ්බේ නෑ...ඒ ජැක්සන්ගේ මල්ලි..ඉතින් ලේසියෙන් වැඩේ අතාරිවිද ??

💛 කූ ඔයාට ඇහුනා ද අර කතාව ??

කට කොනේ කපටි පුංචි හිනාවක් දාගෙන ඉයුන්වූ අහනකොට ජන්ග්කුක් යාන්තම් පොතින් ඔලුව උස්සලා අරන් ඉයුන්වූ දිහා බැලුවේ එපාර කාගේ ඕපයක් කියන්නද හදන්නේ අහන ලුක් එකෙන්..

💛 ඔයා දන්නවා නේද අර ඇන්ඩ්‍රියා නූනාව ?? ටේහ්‍යුන් හ්‍යුන්ගේ ක්ලාස් එකේ ඉන්නේ !!

ජන්ග්කුක් දන්නවා කියලා ඔලුව වැනුවා..එයා නොදැන ඉන්න විදියක් නෑනේ..ටේහ්‍යුන්ගේ පස්සෙන් යන සෙට් එකේ ඉහලින්ම ඉන්නේ ඇන්ඩ්‍රියානේ..

💛 මට ඇහුනා එයා එයාගේ යාලුවෙක්ට කියනවා අද ටේහ්‍යුන්ගි හ්‍යුන්ග් මැට්ච් එක දිනුවොත් එයා අනිවාර්යයෙන්ම හ්‍යුන්ග්ව කිස් කරනවා කියලා..

🐰 මොකක් !!

ඉයුන්වූගේ පචේ අති සාර්ථක ලෙස ජන්ග්කුක්ව කොච්චර බය කරාද කියනවා නම් ජන්ග්කුක් ඉන්නේ ලයිබ්‍රි එකේ කියලත් අමතක කරලා කෑ ගහගෙන පුටුවත් පෙරලන් නැගිට්ටා...හැමෝම ජන්ග්කුක් දිහා බලන් ඉන්නවා කියලා දැනුනාම කොල්ලා එයා නෙමෙයි වගේ හිනාවක් දාලා ආයි පුටුවෙන් වාඩි උනේ ඒ ඉරිසියාවෙන් පිරුන නිල් ඇස් පිටතට පේන්නේ නැති වෙන්න හංගගෙනයි..

🐰 මොකක් ද ඔයා කිව්වේ චා ??

💛 ඔයාට ඇහුන එක තමා..එයාලා හ්‍යුන්ග් ඩ්‍රෙසින්ග් රූම් එකට ආවම හ්‍යුන්ග්ව ඇදලා අරගෙන බිත්තියට හේත්තු කරලා තොල්වලට කිස් එකක් දෙනවා කිව්වා..එතකොට ඉතින් ඇන්ඩ්‍රියා නූනා හ්‍යුන්ග් නිසා ප්‍රෙග්නට් උනාම එයාව කොහොමත් බාරගන්න වෙනවානේ...ඒක තමා එයාලගේ ප්ලෑන් එක..

ඉයුන්වූ දන්නවා ජන්ග්කුක් හිතන් ඉන්නේ කිස් කරාම ප්‍රෙග්නට් වෙනවා කියලා කියලා...ඒ නිසාම ජන්ග්කුක් එයාගේ ෆස්ට් කිස් එකවත් ටේහ්‍යුන්ගෙන් තාම අරන් නෑ කියලා ඉයුන්වූ දන්නවා..ඒ නිසා ම ජන්ග්කුක්ගේ මොලේන් ජන්ග්කුකව ඉයුන්වූ බය කරා...එයාගේ ප්ලෑන් එක හරි..ජන්ග්කුක් ඇස් දෙකත් නිල්පාට කරන් කේන්තියෙන් ඉන්න තැනින් නැගිටලා අඩි හප්ප හප්ප මැට්ච් එක තියෙන තැනට යන්න පටන් ගත්තා...ජන්ග්කුක් දාගෙන ඉන්න කන්නාඩිය නිසා එයාගේ නිල් ඇස් පිටතට පෙනුනේ නැතත් ලගටම ආව කෙනෙක්ට ඒක හොදට පේනවා..තමන්ගේ වැඩේ සාර්ථක උන නිසා ඉයුන්වූ ජන්ග්කුක් දාලා ගිය එයාගේ බෑග් එකත් උස්සගෙන ජන්ග්කුක් පස්සෙන්ම ගිහින් ග්‍රවුන්ඩ් එකේ ජැක්සන්ගේ එහා පැත්තෙන් වාඩි උනා..

ටේහ්‍යුන් ජිමින් ජින් එකපැත්තකත් යූන්ගි නම්ජුන් හොබි එක පැත්තකත් සෙල්ලම් කරන ගමන් හිටියේ..ඒ වෙනකොටත් තරගය පටන් අරන් තිබ්බ නිසා ටේහ්‍යුන් දාඩියෙන් නෑ විලා ශර්ට් එක ඇගට ඇලිලා තිබ්බේ...ඉරිසියාවෙන් පුපුර පුපුර ටේහ්‍යුන්ට අද මැට්ච් එක දිනින්න බැරි වෙන්න කියලා හිත හිත ආපු ජන්ග්කුකගේ හදවත ටේහ්‍යුන්ගේ පෙනුම දැකලා හයියෙන් ගැහෙන්න පටන් ගත්තා..ටේහ්‍යුන්ට දැනුනා එයා මෙච්චර වෙලා මග බලාගෙන හිටපු එයාගේ හුරතල් හා පැටියා ග්‍රවුන්ඩ් එකට ආවා කියලා..ඒ වගේම ජන්ග්කුක්ගේ අසාමාන්‍ය විදියට ගැහෙන හදවතට හේතුව ටේහ්‍යුන්ට දැනුනාම ටේහ්‍යුන්ට කට කොනේ හිනාවක් ගියා..ජන්ග්කුක්ව තව අවුස්සන්න කියලා හිතාගෙන ටේහ්‍යුන් එයාගේ කොන්ඩේ මැට්ච් එක අස්සෙම ගලවලා ජන්ග්කුක් ආසම විදියට බූලක් දැම්මා..ටේහ්‍යුන් මේ කරන වැඩ නිසා අහින්සක ජන්ග්කුක් විතරක් නෙමෙයි වටේ ඉන්න කෙල්ලො කොල්ලොත් පිස්සු හැදිලා හිටියේ..

ටේහ්‍යුන්ගේ හැම ඉරියව්වක්ම රස කර කර බලන් හිටපු ජන්ග්කුක්ගේ ඇස් නතර උනේ ග්‍රවුන්ඩ් එකට එන දොර හරියේ කෙනෙක් ටේහ්‍යුන් දිහා බලාගෙන ඉන්න තැනයි...අනිත් අයට වඩා හොදින් දුර පෙනෙන නිසා ඒ මනුස්සයාව ජන්ග්කුක්ට හොදින් පැහැදිලිව පෙනුනා..අතේ රත්තරන් කිනිස්සක් තියාගෙන ටේහ්‍යුන්ගේ පැත්තට ඒ මනුස්සයා හැරිලා ඉදන් මොනවා හරි මතුරනවා වගේ ජන්ග්කුක් දැක්කා..ඒත් එක්කම ටේහ්‍යුන්ගේ අතින් බෝලයක් මිස් වෙනකොට ජන්ග්කුක්ට තේරුනා ටේහ්‍යුන්ට මොනවා හරි වෙනවා කියලා..මොකද බොලේ අතෑරුන වෙලේ ටේහ්‍යුන් එයාගේ නලල අත්වලින් පිරිමැදලා ඔලුව දෙපැත්තට හොලවනවා ජන්ග්කුක් දැක්කා...

ජන්ග්කුක්ගේ හදවත අසාමාන්‍ය විදියට හයියෙන් ගැහෙන්න හදනකොට අර මනුස්සයාගේ මැතිරිල්ල නිසා අමාරුවෙන් හිටිය ටේහ්‍යුන්ට ජන්ග්කුක්ගේ හදවත නිසා එයාගේ හදවතත් හයියෙන් ගැහෙන්න ගන්නකොට තවත් අමාරු උනා..අතටම ආපු දෙවෙනි බෝලෙත් ටේහ්‍යුන්ගේ අතින් මිස් වෙනකොට ටේහ්‍යුන්ගේ එහා පැත්තේ හිටපු ජින්ට එයාගේ මල්ලිගේ වෙනස තේරුනා..

🐹 බෙයාර් ඔයා හොදින්ද ??

මැට්ච් එක අස්සෙම ටේහ්‍යුන්ගේ ලගට ඇවිල්ලා ජින් අහනකොට ටේහ්‍යුන් ඔව් කියලා ඔලුව වනලා බැලුවේ ජන්ග්කුක් මෙච්චර වෙලා හිටපු පැත්ත..බොද උන ඇස්වලින් උනත් ඉයුන්වූ එතන හිටියත් ජන්ග්කුක් එයා හිටපු තැන නෑ කියලා දැනුනාම ටේහ්‍යුන්ගේ හදවත තවත් හයියෙන් ගැහෙන්න පටන් ගත්තා..

🐯 හ්‍යුන්ග් කූ ආහ්...

ජන්ග්කුක් එතන නැතිබව ටේහ්‍යුන් ජින්ට කියන්න හැදුවත් පපුවෙන් දැනෙන වේදනාව ඉවසගෙන ඉන්නම අමාරු වෙනකොට ටේහ්‍යුන් එයාගේ පපුව ඇගිලි වලින් හයියෙන් මිරික ගත්තා..ටේහ්‍යුන් ඉන්නේ වේදනාවෙන් කියලා දැනුන නිසා ජින් කෝච්ගෙන් අවසරේ අරන් ටේහ්‍යුන්ව කෝර්ඩ් එකෙන් එලියට අරන් ටේහ්‍යුන් වෙනුවටයි ජින් වෙනුවටයි මැට්ච් එකට දෙන්නෙක් දැම්මා..

ඒත් කෝර්ඩ් එකෙන් එලියේ ජින්ට හේත්තු වෙලා ටේහ්‍යුන් පපුව අල්ලන් ඉන්නවා දැක්ක ගමන් යූන්ගිට තේරුනා ජන්ග්කුක් ඉන්නේ කරදරේක බව...ටේහ්‍යුන්ගේ තොල කට එක ක්ෂණිකයෙන් වේලිලා ගිහින් පපුව මිරිකන් ඉන්නකොට යූන්ගි එයාගේ අතට ලැබුන බෝලේ පැත්තකට විසික් කරලා ටේහ්‍යුන් ලගට දුවගෙන ආවා..

🐱 බෙයාර් මොකද මේ ??

යූන්ගි ටේහ්‍යුන් ලගට ඇවිල්ලා ඇහුවත් ටේහ්‍යුන් ජින්ගේ ඇගට හේත්තු වෙලා ඇස්වල කදුලු බේරෙනගමන් වෙව්ලන අත්වලින් ජන්ග්කුක් හිටපු තැන පෙන්නුවා..ටේහ්‍යුන් කියන දේ ක්ෂණිකයෙන් තේරුම් ගත්ත යූන්ගි ජන්ග්කුක්ව හතරවටේ හොයනකොට ටේහ්‍යුන් යූන්ගිගේ අතින් ඇල්ලුවේ ජන්ග්කුක් ඉන්න තැන, කරන්නේ මොනවාද කියලා එයාට දැනුන නිසා කියන්න උනත් ඊට කලින් යූන්ගි ටේහ්‍යුන්ගේ තත්ත්වෙට හේතුව දැනගත්තා..

🐱 අදුරු මායාව...

ටේහ්‍යුන්ගේ ස්පර්ශයත් එක්කම අදුරු මායාව ගැන හොදින් ඉගෙන ගෙන තිබ්බ යූන්ගිට ඒක දැනුනා..යූන්ගිගේ කටින් පිට උන වචනේ නිසා ජින්ගේ ඇස් පුදුමෙන් ලොකුවෙනවා ඈත ඉදන් බලන් හිටපු නම්ජුන් හොබි ජිමින් හොදටම දැක්කා..මෙච්චර වෙලා ටේහ්‍යුන් හොදින් ඇති කියලා හිතන් හිටියත් ජින්ගේ බය උන ඇස් දැක්ක ගමන් අනිත් අයත් මැට්ච් එක පැත්තකට දාලා ටේහ්‍යුන් ලගට දුවන් ආවා...මුලු ඕර්ඩියන්ස් එකේම වගේ අවදානේ මේ වෙලේ තිබ්බේ ටේහ්‍යුන් ලග...අන්න එවෙලේ තමා ඉයුන්වූ වගේම ජැක්සනුත් දැක්කේ මෙච්චර වෙලා එයාලා ලග හිටපු ජන්ග්කුක් එයාලා ලග නෑ කියලා..

🐹 යූගි මොකක්ද ඔයා කියන්නේ ??

🐱 බෙයාර් හොද සිහියෙන් ඉන්න...ඔයාගේ මනස එයාට පාලනය කරන්න දෙන්න එපා...මේ පැත්ත බලන්න..කුකීව මතක් කරන්න..ඔයාට දැනෙනවා නේද එයාව...එයාව විශ්වාස කරන්න...එයාට පුලුවන් ඒක කරන්න...

ඇගින් පතින් දාඩිය බේරීගෙන සුදුමැලි මූනක් එක්ක ඉන්න ටේහ්‍යුන්ගේ කම්මුල්වලින් අල්ලන් තට්ටු දාන ගමන් යූන්ගි කියනකොට ටේහ්‍යුන් එයාගේ ඇස් ගසලා හරි සිහියට එන්න හුගක් උත්සාහ කරා..ඒත් ඒක ලේසි නෑ..ටේහ්‍යුන්ට දැනුනේ එයාගේ මොලේ දෙන්නෙක් දෙපැත්තට අදිනවා වගේ හැගීමක්..ඔලුව පුපුරන්න තරම් වේදනාවක් එක්ක ජන්ග්ගුක්ගේ සැරින් සැරේ වෙනස් වෙන හැගීම් ටේහ්‍යුන්ට දැනුනේ ටේහ්‍යුන්ව තව තවත් අසරණ කරලා..

යූන්ගි ටේහ්‍යුන්ව හොද සිහියෙන් තියාගන්න එක එක දේවල් කිව්වාත් එයා කියවන දේවල් තේරුනේ ටේහ්‍යුන්ට විතරයි..අනිත් අයට ජන්ග්කුක් නැති එක ප්‍රශ්නයක් උනත් ටේහ්‍යුන්වත් යූන්ගිවත් ඒක ගැන ලොකුවට බය වෙලා නෑ කියලා දැනුන නිසා වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව හිටියේ..

💛 හ්‍යුන්ග් මාත් එක්ක හිටිය කූ නෑ..

හති දාගෙන දුවගෙන ආව ඉයුන්වූ කියනකොට ම දරාගැනීමේ උපරිමේටම හිටිය ටේහ්‍යුන් එකපාරටම කලන්තේ දාලා වැටුනේ මුලු ඕර්ඩියන්ස් එකම නිශ්ශබ්ද කරලායි..වැටෙන්න යන ටේහ්‍යුන්ව ජින් අල්ලගත්තාත් ජින්ගේ පපුව අසූහාරදාහට ගැහෙන්න පටන් ගත්තා..ජිවිතෙට අසනීප වෙලා නැති එයාගේ ස්ට්‍රෝන්ග් මල්ලි මෙහෙම සැරින් සැරේ කිසිම හේතුවක් නැතුව කලන්තේ දාන එක කිම් පවුලේ කිසිම කෙනෙක්ට දරාගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ..

🐹 බෙයාර්...බෙයාර් කතා කරන්න..

🐥 ටේයා..🥺

🦄 ජින් මොකක්ද උනේ ??

ටේහ්‍යුන්ව අත් දෙකට උස්සගෙන ජින් අඩන්න ගන්නකොට අනිත් අයත් ඇස්වල කදුලු පුරවන් බලන් හිටියේ වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව..

❤️ ඔප්පා ටේ ඔප්පාව ඇතුලට එක්කන් යන්න..මන් කුකී ඉන්න තැනට යන්නම්...හැමෝම බලාගෙන ඉන්නේ..මිනිස්සුන්ට සැක හිතේවි...

කොහෙදෝ ඉදන් ආව රෝස් යූන්ගිගේ අතින් අල්ලන් කියනකොට යූන්ගි හා කියලා ඔලුව වනලා ටේහ්‍යුන්ව ජින් එක්ක අල්ලගෙන ඇතුලට ගියේ ඕර්ඩියන්ස් එකේ ඉන්න හැමෝම පුදුම වෙලා වගේ බලන් ඉන්නකොටයි...ජින් යූන්ගි ටේහ්‍යුන් එක්ක ඇතුලට යවලා ඒ වෙනුවට කට්ටියව දාලා මැට්ච් එක පටන් ගන්න ගත්තා...ලීඩර්ස්ලා දෙන්නාම නැතත් ටේහ්‍යුන්ගේ ටීම් එකේ ලීඩ් එක ජිමිනුත් යූන්ගිගේ ටීම් එකේ ලීඩ් එක නම්ජුනුත් අරන් ප්ලේ කරන්න පටන් ගත්තේ සාමාන්‍ය මිනිස්සුන්ට එයාලගේ වෙනස පෙන්නන්න බැරි නිසායි..මොකද එයාලා කලබල උනොත් හැමෝම අතර ප්‍රසිද්ධ චරිතයක් උන ටේහ්‍යුන්ට එකපාරටම උනේ මොකක්ද කියලා හැමෝම හොයන්න ගන්නවා..එකෙන් වෙන්නේ ටේහ්‍යුන් ගැන ඇත්ත හැමෝම දැනගන්න එක...ඒ නිසායි එයාලා අමාරුවෙන් උනත් ටේහ්‍යුන්ට උන නිසා කලන්ත්‍රෙ දැම්මේ කියලා බොරුවක් කියලා මැට්ච් එක ආයි පටන් ගත්තේ..

ටේහ්‍යුන්ව ඩ්‍රෙසින්ග් රූම් එකට අරන් ගිය යූන්ගි ජින්ට වාඩි වෙන්න කියලා ටේහ්‍යුන්ව එයාගේ ඔඩොක්කුවෙන් ඔලුව තියලා හාන්සි කෙරෙව්වා. ටේහ්‍යුන් ඒ වෙනකනුත් හිටියේ හරි සිහියක නෙමෙයි..ජින්ගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන හයියෙන් හයියෙන් හුස්ම ගන්න උත්සාහ කරන ගමන් සැරින් සැරේ ගැහෙන ටේහ්‍යුන් දිහා ජින් බලන් හිටියේ කදුලු පුරෝගෙන..

🐹 යූන්ගියා මගේ බෙයාර්ට මොකක්ද වෙලා තියෙන්නේ ??

🐱 බය වෙන්න එපා ජිනි...

🐹 බය නොවී ඉන්නේ කොහොමද මිනිහෝ...මේ මගේ මල්ලි..අඩුම එයාව හොස්පිටල් එකටවත් අරන් යන්...මට බයයි...

🐱 මේ අහන්න ජිනි..ටේහ්‍යුන්ට අදුරු මායාවෙන් බලපෑමක් ඇවිල්ලා තියෙන්නේ..හොස්පිටල් ගිහින් ඒක හොද කරන්න බැහැ...කුකී එනකම් ඉන්න..කුකී හැමදේම බලාගනිවි..එයාව විශ්වාස කරන්න...අමතක කරන්න එපා ජින් කුකී ඔමෙගා කෙනෙක් උනත් දැනට ඉන්න ශක්තිමත්ම මායාකාරයා එයා..

යූන්ගි කියන දේ තේරුනේ නැතත් ජින් හා කියලා ඔලුව වනලා ටේහ්‍යුන්ගේ ඔලුව අතගාන්න පටන් ගත්තේ කොයි වෙලේක හරි යූන්ගි හැමදේම පැහැදිලි කරනවා කියලා දන්න නිසායි..විනාඩි දහයක් වගේ ටේහ්‍යුන් ඇග වෙව්ල වෙව්ල හයියෙන් හුස්ම උඩට ඇද ඇද හිටියත් ටිකකින් ටේහ්‍යුන් සාමාන්‍ය තත්ත්වෙට පත් උනා..සුදුමැලිවෙලා තිබ්බ මූන සාමාන්‍ය තත්ත්වෙට ඇවිල්ලා වෙව්ලන එක නතර උනා ගමන් ටේහ්‍යුන් ඇස් ඇරියේ ඇස් රතුපාට කරගෙන වැම්පයර් ස්වරූපයෙන්මයි..

🐹 මගේ බෙයාර් ඔයා හොදින් ද ??

🐯 බනි කෝ ??

🐱 එයාව එක්කන් එන්න රෝස් ගියා..කලබල වෙන්න එපා..ඔයාට අමාරුද ??

යූන්ගි එහෙම කිව්වාට හිතුවක්කාර ටේහ්‍යුන් නැගිටලා ජන්ග්කුක්ව හොයන්න යන්න හැදුවත් එකපාරටම කොහේදො මන්දා දුවන් ආව කෝලා පැටියෙක් ටේහ්‍යුන්ගේ ඇගේ එල්ලුනා..

🐯 බනි...

🐰 ටේටේ ඔයා හොදින් නේද ??

ජන්ග්කුක් ටේහ්‍යුන්ව බදාගෙනම එහෙම අහනකොට ටේහ්‍යුන් ඔව් කියලා ඔලුව වනලා ජන්ග්කුක්වත් උස්සගෙන ආයි බෙන්ච් එකෙන් වාඩි උනේ එයාට තාමත් කෙලින් ඉන්න තරම් පනක් තිබ්බේ නැති නිසායි..

🐰 එ..එයාලා ටේටේව හො..හොයාගෙන...එයලා හැදුවේ ටේටේගේ මනස පාලනය කරන්න..

ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ තුරුලේ ඉදන් කදුලු පුරවන් පුංචි ඉකියක් එක්ක කියනකොට ටේහ්‍යුන් ජන්ග්කුක්ව තව ටිකක් තුරුල් කරගත්තා..

🐯 ශ්ශ්...හරි බනි දැන් අඩන්න එපා..මන් හොදින් නේ ?? මගේ ස්ට්‍රෝන්ග් බේබි ඉන්නකම් මට මුකුත් වෙන්නේ නෑ...ඔයා ඒක කරා බේබි...

ටේහ්‍යුන්ගේ තුරුලේ ඉදන් අඩන ජන්ග්කුක්ගේ ඔලුව අතගාන ගමන් ටේහ්‍යුන් කියනකොට අනිත් අයත් එතනට ආවා...නම්ජුන් එතන හිටපු නිසා කවුරුත් ටේහ්‍යුන්ට උනේ මොකක්ද කියලා ඇහුවේ නෑ..හැබැයි ඉතින් ටේහ්‍යුන්ගේ තුරුලේ ඉදන් ජන්ග්ගුක් ඉවරයක් නැතුව අඩන එක නම් ටේහ්‍යුන්ට නවත්තගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ..

🐯 ඒක නෙමෙයි මැට්ච් එකට මොකද උනේ ??

ටේහ්‍යුන් ජන්ග්කුක් අඩන එක අමතක කරන්න එහෙම ඇහුවාම මෙච්චර දෙයක් වෙලත් ටේහ්‍යුන් මැට්ච් එක ගැන අහනකොට ඔක්කොම ටේහ්‍යුන් දිහා කටත් ඇද කරන් බලන් හිටියේ මූ පිස්සෙක්ද වගේ බැල්මක් දාගෙනයි.

🐯 මොකද ඔහොම බලන්නේ ??

🦄 මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ඔයාට මැට්ච් එකද බෙයාර් වටින්නේ ??

🐯 නැතුව ?? මේ මගුලක් නිසා මගේ නම්බුවනේ හැදිගෑවිලා ගියේ..අර කෙල්ලො ඉස්සරහ නේද දෙයියනේ මන් කලන්තේ දැම්මේ !! ශික්..එයාලා මොනවා හිතුවාද දන්නේ නෑ...මේ චිමි කෙල්ලෝ ඇඩුවද බන් මන් කලන්තේ දැම්මාම...පව් හැබැයි..උන් බය වෙන්න ඇති...ඒත් ලැජ්ජායි අප්පා..

ටේහ්‍යුන් ඇත්තටම ඒක හෙන ආඩම්බරයෙන් කිව්වාට මොකද එයාට තප්පර ගානකට අමතක උනා ඉරිසියාකාර හා පැටියෙක් එයාගේ තුරුලේ නිදන් ඉන්නවා කියලා..තප්පර අරික් කාලක් යන්නත් කලින් ටේහ්‍යුන්ගේ නිපල් එකක් හා දත් දෙකක් අතරට මැදි උනේ ටේහ්‍යුන් කිව්ව දේවල් වලට පසුතැවීමක් ඇති කරලයි..

🐯 ආආආආආආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...

.

.

.

.

හුග දවසකින් නේද ලමයි..🙂🙂

මට තාමත් එක්සෑම් ඉවර නෑ අනේ...ලබන සතියේ ප්‍රැක්ටිකල්ස්..සති තුනකින් විතර අප්ඩේට් දුන්නේ නැති නිසායි මන් මේ අප්ඩේට් එකක් දුන්නේ..🥺🥺

හදිසියට ලිව්ව නිසා අද චැපිය නම් හරි නැතුව ඇති හොදේ 😕😕

පරිස්සමින් ඉන්න

සරන්හේ❤️❤️❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!