Chapter 17 of 42

chapter 16

My Little Wolfie | TK || Completed2,576 words~13 min read

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

ටේහ්‍යුන් උදෙන්ම ඇහැරෙන කෙනෙක් නොවුනත් ජිවිතේ පලවෙනි වතාවට ටේහ්‍යුන්ට උදෙන්ම ඇහැරුනා...ඒකට ලොකුම හේතුව කුකී ටේගේ පපුවේ ඉදන් නින්දෙන්ම කරන පුංචි පුංචි නෝටි වැඩ නම් නෙමෙයිලු....ඇත්තටම ජන්ග්කුක්ට ඕන උනේ ටේහ්‍යුන්ගේ උනුහුම එයාගේ සුවද විදින්න..ඉතින් ඔරලෝසු කට්ට වගේ වටේට කැරකෙන ජන්ග්කුක් එයාගේ අත ටේහ්‍යුන්ගේ ඇග පුරාම අරන් යනවා..වෙලාවකට ජන්ග්කුක්ගේ කකුල් ටේහ්‍යුන්ගේ මූනේ ජන්ග්කුක්ගේ මූන ටේහ්‍යුන්ගේ කකුල් ලග..ආයි වෙලාවක ජන්ග්කුක් ටේහ්‍යුන් බඩ හරහා හරහට නිදි...ටිකකින් ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ එකී මෙකී නොකී තැන් ඔක්කොම අල්ලන් සැප නින්දේ..ඔන්න ඔහොම ඉන්නකොට ටේහ්‍යුන්ගේ සුවද මදි වගේ දැනුනාම එයා ඉතින් නින්දෙන්ම ටේහ්‍යුන්ගේ ශර්ට් එක පොඩ්ඩක් උස්සලා බඩ ඉබින එක..පපුව ඉබින එක බෙල්ල ඉබින එක වගේම ඔලුව තියෙන්නේ කකුල ලග නම් කලිසම උනත් එහාට මෙහාට කරලා එයාගේ සුවද විදින වැඩේ කරගන්නවා....කොහොම හරි ජන්ග්කුක්ගේ මේ වැඩ නිසා රෑට නිදාගන්නකොට ජන්ග්කුක් නිසාම ශර්ට් එකක් ඇන්ද ටේහ්‍යුන් ආයි ජන්ග්කුක් නිසාම ඒක ගලවලා විසික් කරලා සුපුරුදු විදියට නිදාගත්තා...ඔන්න ඊට පස්සේ තමයි අපේ ඔරලෝසු කට්ට කැරකෙන එක නතර කරලා ටේහ්‍යුන්ගේ නිරුවත් පපුව උඩ ඔලුව තියන් නිදාගත්තේ..

එතකොට ජන්ග්කුක්ගේ පුලුන් නැට්ට !! ඔහ් මූන් ගෝඩ්..ජන්ග්කුක්ට වඩා එයාගේ නැට්ට හරිම දගයි..නැට්ට වෙලාවකට ටේහ්‍යුන්ගේ කකුලේ එතිලා..ආයි අතක එතිලා..තව වෙලේක බෙල්ලේ එතිලා..ආයි ටිකිකින් නැට්ට ටේහ්‍යුන්ගේ මූන උඩ..ඔක්කොමත් හරි නැට්ට නහයේ වැදිලා මහ රෑ ටේහ්‍යුන්ට හචින් යන එක තමා එපාම වෙලා තිබ්බ..අන්න එවෙලේට ටේහ්‍යුන් ජන්ග්කුක්ව උස්සලා අරන් ආයි හරි පැත්තෙන් තියලා තුරුල් කරන් නිදාගන්නවා..

එතකොට මුලු රෑ පුරාම ටේහ්‍යුන්ගේ තත්ත්වේ ගත්තොත් අපි ඒ ගැන කතා නොකර ඉමු...මොනවා උනත් හතුරෙකුටවත් ඒ වගේ විපතක් වෙන්න එපා..

කොහොම හරි ඉතින් ඒ අසරණයා උදේ පාන්දරම නැගිට්ටෙත් ජන්ග්කුක් නින්දෙන්ම එයාගේ ඇගිල්ල පැත්තකට දාලා ටේහ්‍යුන්ගේ බෙල්ල උරන නිසායි..අහින්සකයා එයාගේ හැගීම් ඔක්කොම එයා අස්සෙම හිර කරගෙන එයාගේ පුංචි හා පැටියා දිහා බලන් හිටියා..ඒ මොනවා උනත් කවදාවත් නැතුව ටේහ්‍යුන්ගේ හිත සතුටින් පිරිලා තිබ්බේ...එයාගේ පුංචි දග හා පැටියාව තුරුල් කරගෙන නිදාගත්ත විනාඩියත් සැප නින්දක් නම් ලැබුනා..

කොහොම හරි ටේහ්‍යුන් බෙල්ල අයින් කරාම ජන්ග්කුක් නින්දෙන්ම තොලුත් උල් කරන් කෙදිරි ගගා ටේහ්‍යුන්ගේ සුවද හොයනවා..ටේහ්‍යුන් ඉතින් මේ හුරතලේ දිහා බලාගෙන හිටියා....දගලලා දගලලා ජන්ග්කුක්ට ටේහ්‍යුන් බෙල්ල හම්බුනාම ආයි සද්දෙ නැතුව නිදාගත්තා..නිදන් ඉන්න ජන්ග්කුක් එක්ක පැයක් විතර සෙල්ලම් කරපු ටේහ්‍යුන් අකමැත්තෙන් උනත් ජන්ග්කුක්ව නැගිට්ටවන්න තීරණය කරේ අද කොලේජ් යන්න ඕන නිසායි...

🐯 කුකී...මගේ හා පැටියෝ...කෝ නැගිටින්නකෝ...

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ මූනට වැටිලා තියෙන කොන්ඩ කෑලි කන පිටිපස්සේ රදවන ගමන් කතා කරත් අපේ කුකී නෙමෙයි ඇහැරුනේ...

🐯 අනේ බෝලේ නැගිටින්නකෝ...කොලේජ් යන්න තියෙනවානේ..

🐰 ම්හුහ්...නූ...

ටේහ්‍යුන් ජන්ග්කුකව තමන්ගෙන් ඈත් කරලා කතා කරත් ජන්ග්කුක් තව ටිකක් ටේහ්‍යුන්ගේ පපුවේ මූන ඔබාගෙන නිදාගත්තා...ඔන්න දැන් ටේහ්‍යුන්ට තේරෙනවා එයාගේ හ්‍යුන්ග් නූනලා එයාව නැගිට්ටවන්න කොච්චර දුකක් විදිනවා ඇතිද කියලා..ඒ වගේම එයා කැමති උනා හැමදාම උදේට ජන්ග්කුක්ව ඇහැරවන යූන්ගි රෝස් වෙනුවෙන් උපහාරයක් පිරිනමන්න...

කොහොම හරි විනාඩි 20 ක ලොකු කලබගෑනියක් කරලා ටේහ්‍යුන් ජන්ග්කුක්ව ඇහැරවගෙන බාතෲම් එකට උස්සන් ගිහින් තාමත් නිදාගෙන ඇස් වහන් ඉන්න ජන්ග්කුක්ගේ දත් ටිකත් මද්දලා වොශ් එකක් දාගෙන එන්න කියලා ටවල් එකත් අතට දීලා එලියට ආවා..

🌺 ඔහ්..බෙයාර් ඔයා නැගිටලා..අද වහිවි..

ටේකුක් ඩබලව නැගිට්ටවන්න කියලා ආපු ජෙනි ටේහ්‍යුන් දැනටමත් නැගිටලා ඇදේ වාඩි වෙලා ඉන්නවා දැක්කාම පුදුමත් හිතුනා...ජන්ග්කුක්ව ඇහැරවලා වොශ්රූම් එකට දැම්මාට මොකද රෑ තිස්සෙ හරියට නින්දක් නැති ටේහ්‍යුන් නම් හිටියේ හොදටම නිදිමතේ...සාමාන්‍යයෙන් වැම්පයර්ස්ලාට නිදාගන්න ඕනේ නැතත් ටේහ්‍යුන් කියන්නේ අර්ධ වැම්පයර් කෙනෙක් නිසා එයාට නිදාගන්න කන්න බොන්න හොදට ඕන...

🐯 පොඩී එන්නකෝ...

පොඩි එකෙක් වගේ අත් දෙපැත්තට විහිදගෙන ජෙනීට අඩගහනකොට ජෙනි හිනාවෙලා ටේහ්‍යුන් ලගට ගියාම ටේහ්‍යුන් ජෙනීගේ බඩෙන් ඔලුව තියාගෙන ඉනවටේ අත් දාලා බදාගෙන එහෙම්ම ඇස් වහගෙන හිටියා..

🌺 කුකි කෝ බෙයාර් ??

🐯 බාතෲම් එකේ..හෙන අමාරුවෙන් මගේ හා පැටියාව ඇහැරෙව්වේ....

🌺 හොද වැඩේ...දැන්වත් තේරෙනවාද ඔයාව ඇහැරවන්න අපි කොච්චර දුකක් විදිනවද කියලා...

🐯 හික්ස්...

ජෙනි ටේහ්‍යුන්ගේ ඔලුව අතගාන ගමන් කියනකොට ජෙනීගේ බඩ උඩ මූන තියන් ටේහ්‍යුන් හිනා වුනා...එයාට ඇත්තටම එයාගේ නූනලා හ්‍යුන්ග් ගැන ලොකු අනුකම්පාවක් ආවා..

🐯 පොඩි ඔයාගේ සුවද වෙනස්නේ !!

එකපාරටම ජෙනීගෙන් දැනුන සුවදේ වෙනසක් තිබ්බ නිසා ටේහ්‍යුන් ඔලුව උස්සලා ඇහුවාම ජෙනී ටේහ්‍යුන් දිහා බැලුවේ මොකක්ද කිව්වේ කියලා තේරුම් ගන්න බැරුව..

🌺 සුවද වෙනස් !! මන් වෙනදා ගහන පර්ෆියුම් එකමයි ගැහුවේ..වෙනස් වෙන්න විදියක් නෑනේ..

🐯 ඒක පර්ෆියුම් එකේ සුවද නෙමෙයි..ඔයාගේ සුවදයි වෙනස්..වෙනදට තියෙන චොක්ලට් සුවදට බ්ලූ බෙරි එකතු වෙලා වගේ...

ටේහ්‍යුන් එහෙම කියලා ජෙනීගේ බඩ තව ටිකක් ඉව කරා..

🐯 ඒක හරියට චොක්ලට් කේක් එකක් උඩින් බ්ලු බෙරි ලේයර් එකක් දාලා වගේ...ම්ම්...සුවදයි හැබැයි...කන්න හිතෙනවා..

ටේහ්‍යුන් ජෙනීගේ සුවද විදින ගමන් ඉන්නකොට ජන්ග්කුක් බාතෲම් එකෙන් ආවෙම එයාට දැනුන වෙනස් සුවද කාගෙද කියලා කල්පනා කරන ගමන්...බාත්‍රොබ් එකත් පිටින් ආව ජන්ග්කුක් ජෙනී ඉන්නේ කියලා දැක්කාම මූනත් රතු කරන් ඇවිල්ලා ඉක්මනට ගිහින් ටේහ්‍යුන් පිටේ මූන හංග ගත්තා..ජන්ග්කුක්ගේ මේ හුරතලේ දරාගන්න බැරුව ටේහ්‍යුන් එයාගේ පිටේ මූන හංගන් ඉන්න ජන්ග්කුක්ව උස්සලා අරන් ජෙනීගෙයි එයාගෙයි මැද්දේ ටේහ්‍යුන්ගේ ඔඩොක්කුවට ගත්තා..

🌺 ඔමෝ...මෙයාගේ හුරතලේ මාව දැක්කාම ලැජ්ජ හිතුනාද හා පැටියෝ ??

ටේහ්‍යුන්ගේ පපුව අස්සේ මූන හංගන් ඉන්න ජන්ග්කුක්ගේ ඔලුව අතගාන ගමන් ජෙනි අහනකොට ජන්ග්කුක් යාන්තම් ටේහ්‍යුන්ගේ පපුව අස්සෙන් හොරෙන් මූන දාලා ජෙනි දිහා බැලුවේ ඒ ඉන්නේ ඇත්තටම ජෙනීමද කියලා බලන්න..

🐯 මොකෝ බබා පොඩී දිහා හොරෙන් බලන්නේ..ම්ම්...

ටේහ්‍යුන් එහෙම අහනකොට ජන්ග්කුක් හිමීට ටේහ්‍යුන් කනට කරලා " නූනාගෙ ජෙනීගේ සුවද වෙනස් " කියලා කිව්වා..

🐯 චින්චා..ඔයාටත් දැනුනාද ඒක ??

ටේහ්‍යුන් ඇහුවාම ජන්ග්කුක් ඔව් කියලා ඔලුව වැනුවා..හැබැයි ඉතින් මූනත් රතු කරන් බාත්‍රොබ් එකෙන් වහගෙන ඉන්න කුකීගේ පුංචි ඇගම ටේහ්‍යුන් එයාගේ ලොකු ඇගෙන් කවර් කරගෙන හිටියේ...ඒ දෙන්නා අතර අවුරුදු දෙකක පරතරයක් තිබ්බාත් ටේහ්‍යුන් කියන්නෙ රාජකීය වැම්පයර් කෙනෙක් නිසා පලල් පපුවක් එක්ක දේහදාරි ඇගක් එයාට තිබ්බා..ඒ වගේම කුකී ඔමෙගා කෙනෙක් නිසා එයාට තිබ්බේ කෙල්ලෙක්ට තරම් ලස්සන හුරතල් පුංචි ඇගක්...ඉතින් ජන්ග්කුක්ට පුළුවන් ටේහ්‍යුන්ගේ ඇග අස්සේ හැංගිලා ඉන්න...ටේහ්‍යුන් අත් වලින් ඒ පුංචි ඇගෙන් කොටසක්ම වහගෙන ඉන්න පුළුවන්..

🐹 මොනවාද දෙන්නා කුටු කුටු ගාන්නේ ??

ටේහ්‍යුන් ජන්ග්කුක්ගෙන් අහනකොට ජිනුත් ඒ කාමරේට ආවේ ටේකුක් ඩබල ටේහ්‍යුන් දිහා බලාගෙන මොනවද කුටු කුටු ගාන්නේ කියලා බලන ගමන්මයි..

🐯 හ්‍යුන්ගී පොඩීගේ සුවද වෙනස්නේ ??

ටේහ්‍යුන් එහෙම කිව්වාම ජිනුත් ජෙනීව එයා ලගට අරන් ඉව කරන්න පටන් ගත්තා...ජෙනී නම් ඉතින් පිස්සු බල්ලො දෙන්නෙක් වගේ එයාව ඉව කරන එයාගේ මල්ලිලා දෙන්නා දිහා බලන් හිටියේ මුන් දෙන්නාට උදේම මොන පිස්සුව ගහලාද කියලා කල්පනා කරන ගමන්මයි..

🐹 කෝ මට එහෙම එකක් දැනෙන්නේ නෑනේ..

🐯 නෑ හ්‍යුන්ගී මටයි කුකීටයි දෙන්නාටම දැනෙනවා..හරියට චොකොලට් කේක් එකක් උඩින් බ්ලු බෙරි දලා වගේ සුවද...

ටේහ්‍යුන් එහෙම කිව්වාම ජිනුත් ජන්ග්කුක් දිහා බැලුවේ ටේහ්‍යුන් කියන්නේ ඇත්තද කියලා අහන්න වගේ..ඒ ඉගිය තේරුම් ගත්ත ජන්ග්කුක් එක දිගට ඔව් කියලා ඔලුව වනාගෙන වනාගෙන ගියා..

🌺 පිස්සු ඔක්කොටම..මන් යනවා අනේ..කෝ ලෑස්ති වෙන්න කොලේජ් යන්න..

🐰 නූනා එන්නකෝ..

යන්න ගියපු ජෙනීව නවත්ත ගත්ත ජන්ග්කුක් ජෙනීව එතන ඇදෙන් වාඩි කරවලා ටේහ්‍යුන්ගේ මූන බැලුවේ එයා කරන්න හදන එක කරන්නද අහන්න වගේ...ටේහ්‍යුන් හා කිව්වාම ජන්ග්කුක් ජෙනී දිහා බැලුවා..

🐰 නූනා මන් ඔයාගේ බන්ඩිය ඇල්ලුවට කමක් නැද්ද ??

ජන්ග්කුක් ඇස් බෝල කරන් ජෙනී බනිවි කියලා බයෙන් බයෙන් ඇහුවට ජෙනී හිනා වෙලා ජන්ග්කුක්ගේ අත එයාගේ බඩ උඩින් තිබ්බා..ජෙනීට ටේහ්‍යුන් ජින් වගේම මේ ටිකට ජන්ග්කුක් කියන්නෙත් එයාගෙම මල්ලි වගේ...ජන්ග්කුක්ගේ හුරතලේ නිසා ජෙනී ටේහ්‍යුන්ටත් වඩා ජන්ග්කුක්ට ආදරෙයි..

ජන්ග්කුක් ඇස් දෙකත් වහගෙන ජෙනීගේ බඩට අත තියන් ඉදලා ටිකකින් ඇස් ඇරියේ හිනාවක් දාගෙනමයි...ඒ හිනාව දකින ඕනම කෙනෙක්ට පේනවා එය ඉන්නේ සතුටින් කියලා...ඒත් ඇයි..

🐯 ඇයි බබා ??

අතින් කට වහගෙන හිනා වෙලා ලැජ්ජාවෙන් මූනත් රතු කරන් ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ පපුව අස්සේ මූන හංග ගත්තාම ජන්ග්කුක්ගේ ඔලුව අතගාන ගමන් ටේහ්‍යුන් ඇහුවා...ටිකකින් හොරෙන් මූන උස්සපු ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ කන ලගට ඇවිල්ලා...

🐰 නූනගේ බන්ඩියේ පප් කෙනෙක් ඉන්නවා..

කියලා කිව්වා...තප්පර අරික් කාලයි ගියේ ටේහ්‍යුන් ගිරිය යටින් කෑ ගැහුවේ ඔඩොක්කුවේ හිටපු ජන්ග්කුක් වගේම ජින් ජෙනි දෙන්නාවත් උඩයවලා..

🐯 මොකක් !! බබා ඔයා ඇත්තමද කියන්නේ ??

ටේහ්‍යුන් ඇස් බෝල කරන් ජන්ග්කුක්ගේන් අහනකොට එයා ඔව් කියලා ඔලුව වැනුවා...

🌺 ඇ...ඇයි මොකද ?

🐹 බෙයාර් මොකක්ද ප්‍රශ්නේ ??

ජෙනි ජින් දෙන්නාම ටේහ්‍යුන් දිහා බය වෙලා බැලුවේ ටේහ්‍යුන් කෑ ගැහුව නිසායි...ඒ දෙන්න ඇත්තටම හුගක් බය උනා...ජෙනී නම් අඩන්න ඔන්න මෙන්න...ටේහ්‍යුන් ජන්ග්කුක්ව උස්සලා ජින්ගේ ඔඩොක්කුවෙන් තියලා ජෙනීගේ අත් දෙකෙන් අල්ලලා එයාව ඇදෙ පරිස්සමින් වාඩි කෙරෙව්වා...ජන්ග්කුක් නම් ජින්ගේ ඔඩොක්කුවේ හරි බරි ගැහිලා වාඩි උනේ මේ ඩ්‍රාමා එක බලන්න..මොකද එයා හිටපු ටික දවසට මේ පිස්සු කිම් ෆැමිලි එක ගැන හොදට දන්නවා..

🐯 පොඩී මේ අහන්න...මට ඔයා ඇත්තම කියන්න ඕන හරිද ??

🌺 ම්..මොකක්ද ??

🐯 නූනා ඔයා ඒවා කරේ කැමැත්තෙන් නේද ?? මන් අහන්නේ මේ බලෙන් කරේ නෑ නෙද ?? අර ගද ගහන බලු තඩියා ඔයාට කරදර කරේ නෑ නේද ??

ටේහ්‍යුන් දාගෙන ඇහුවාට එයා අහන්නේ මොකක් ගැනද කියලා ජෙනීට තේරුමක් තිබ්බේ නෑ...හැබැයි ටේහ්‍යුන් කතා කරන විදියට මේක එයාගේ සුවද වෙනස් වෙන්න හේතුවක් කියලා ජෙනීට තේරුන නිසා එයා හුගක් බය වෙලා හිටියේ..

🌺 ම්..මොකක් ගැනද බෙයාර් ඔයා අහන්නේ ??

🐯 මේ අහන්න නූනා..ඔයාට ලගදී හීට් එක ආවේත් නෑ නේද ??

🌺 ම්..නෑ..වේ ??

🐯 එතකොට මේක..මේක ඔයාලා දෙන්නා කැමැත්තෙන්ද කරේ ?? එයා ඔයාට බල කරේ නෑ නේද ?? එහෙම කරලා තිබ්බා නම් මන් ඕකගේ බෙල්ල කඩලා දානවා...කියන්න පොඩී...මන් ඉන්නවා ඔයත් එක්ක..

🌺 මොනවද බෙයාර් මේ ඔයා කියවන්නේ ?? මට ඔයා කියන එක තේරෙන්නේ නෑනේ ??

ජෙනි ඇහුවාම ජන්ග්කුකව අත් දෙකෙන්ම තද කරලා අල්ලන් බය වෙලා බලන් ඉන්න ජින් දිහාත් හිනා වෙවී සූප්පුවත් ගහන් ආතල් එකේ ජින්ග්ව්ව් අත් අස්සෙන් මූන එලියට ඔබන් මේ ඩ්‍රාමා එක බලන් ඉන්න ජන්ග්කුක්ගෙත් මූන බැලුව ටේහ්‍යුන් ලොකු හුස්මක් පිට කරලා ජෙනී දිහා බැලුවා..

🐯 පොඩි ඔ..ඔයා...මේ...මේ...

🌺 ඔව් මම ඉතින්..

🐯 පොඩි ඔයා...

🌺 හරි ඉතින් මන්...

🐯 මේකයි පොඩි...මේ ඔයා..

🌺 ආයිශ්...හරි මන් පොඩි තමා..කියනවකෝ...

🐯 ආහ් කොහොමද අනේ මන් ඒක කියන්නේ ??

🌺 අනේ බෙයාර් මාව බය නොකර කියනවකෝ...

🐯 මේ පොඩි ඔයා..

🌺 හ්ම් ඔව්..

🐯 පොඩි ඔයා..

🌺 යාහ් කිම් ෆකින් ටේහ්‍යුන් මන් පොඩි තමා..කියනවා ඉක්මනට...

🐯 පොඩි ඔයා ප්‍රෙග්නන්ට්

🌺 ආහ් ඒක මිසක්...

තප්පර 1යි...2යි...3යි...4යි...4.5යි...4.6යි...4.7යි..4.8යි...4.9යි...5යි...ඔන්න දැන් හරි...

🌺 ඉන්න...

මොකක් !!

🐯 දේ පොඩි ඔයා ප්‍රෙග්නන්ට්

දඩාස් 💥

ටේහ්‍යුන් හෙන සද්දෙන් අන්තිමට පොඩි ඔයා ප්‍රෙග්නන්ට් කිව්වාම එයාලා ඔක්කොම හැරුනේ කාමරේ දොර ලගින් ආව සද්දේ මොකක්ද බලන්නයි..

🐹🐯🌺 ඩැඩා !!

ඔව් ඔව් මේ අවස්තාවේ ටේකුක් දෙන්නාගේ මිල්ක්ශේක් උස්සන් ආව ඇල්ෆා දේහ්‍යුන් මේ සුබ ආරංචිය ඇහුන ගමන් දඩස් ගාලා භූමිකම්පාවක් ඇති කරලා කලන්තේ දැම්මා..

🌺 ඩැඩා ඔයා හොදින්ද ??

සිහිය නැතුව බිම වැටිලා ඉන්න දේහ්‍යුන්ව වට කරගෙන ඉන්න ජින් ටේහ්‍යුන් ජෙනි ජන්ග්කුක් පහත් වෙලා බලන් හිටියේ එයාලගෙ ඩැඩා ඇස් අරිනකම්...

🦄 මොකෝ මේ කට්ටිය වට වෙලා ??

මේ වෙලේම කාමර වලින් ආපු ජැක් හෝප් ඩබල දැක්කෙ ටේහ්‍යුන්ගේ කාමරේ ඉස්සරා හතර දෙනා වට වෙලා මොකක් හරි බලන් ඉන්නවා..හොබිත් ඇනුමක් අරින ගමන් ජැක්සන් එක්ක හොම්බ දාලා බැලුවාම තමා දැක්කේ ඇල්ෆා කෙනෙක් කලන්තේ දාලා බිම වැටිලා ඉන්නවා..

🐵 මොකක්ද උනේ ??

🐰 කලන්තේ දැම්මා...

ජැක්සනන්ගේ ප්‍රශ්නෙට බිම වැටිලා ඉන්න දේහ්‍යුන් දිහා බලාගෙනම ජන්ග්කුක් උත්තර දුන්නාම ටිකකින් යූන්මින් දෙන්නාත් ඇවිල්ලා බලන්නේ මොනවද කියලා ඔලුව දාලා බැලුවා..

🐱 මොකක්ද උනේ ??

🐵 කලන්තේ දාලලු...

🐱 හ්ම්...

ඊට විනාඩි ගානකට පස්සේ ඇල්ෆා දේහ්‍යුන් යාන්තම් ඇස් අරිනකොටම දැක්කේ එයාගේ පුතාලා බෑනලා එයාව වට කරගෙන ඉන්නවා..

🐹 ඩැඩා ඔයා හොදින්ද ??

Mr.kim : ම්ම්..මට මොකක්ද උනේ ??

🐯 මන් කිව්වා පොඩි ප්‍රෙග්නන්ට් කියලා..එතකොට ම ඔයා කලන්තේ දැම්මා..

දඩාස් 💥💥

අතිසාර්ථක ලෙස නැවත වරක් ඇල්ෆා දේහ්‍යුන් කලන්තේ දැම්මේ ටේහ්‍යුන් කිව්ව දේ ප්‍රොසෙස් කරගන්න කට්ටිය ඇසුත් ලොකු කරන් බලන් ඉද්දි..

🌹ම්..මොකක්ද ?

කාමරෙන් ආපු ජිසූට ජෙනි කිව්ව දේ ඇහුනාම ආයි පාරක් ඇහුවේ එයාට ඇහුන දේ ඇත්තමද කියලා හිතාගන්න බැරි උන නිසායි..

🐹 පොඩී ප්‍රෙග්නන්ට්ලු..

දඩාස් 💥💥

ජිසූට ජින් උත්තර දෙනකොට ඇහුනේ ඈතින් තව කවුරු හරි බිමට වැටෙන සද්දෙයි...

🐱 ඔහ් ගෝඩ්..මේ පවුලේ හැමෝටම මීමැස්මොරේ තියෙනවා වෙන්න බැරිද ??

යූන්ගි ඇහුවේ ටේහ්‍යුන්ගේ ඩැඩාට පොඩ්ඩක් එහායින් ටේහ්‍යුන්ගේ මමාත් සිහිය නැතුව වැටිලා ඉන්නවා දැක්ක නිසායි..

🌱 ඔහ් මොකද මේ ?? මමා ඔයා හොදින්ද ??

උඩින් ඇහුන සද්දේ නිසා ලීසාත් රෝස් එක්කම උඩට ආවේ මොකක්ද උනේ බලන්න උනත් පඩිපෙල නැග්ග ගමන් එයගේ මමා සිහිය නැතුව ඉන්නවා දැක්කාම ලගට ගියා..ටිකින් එයත් සිහිය ඇවිල්ලා ලීසාගේ ඇගට හේත්තු උනා..

Mrs.kim : ජිනි මොකක්ද ඔයා කිව්වේ ??

🦄 එයා කිව්වේ පොඩි ප්‍රෙග්නන්ට් කියලා..

නැවත වරක් මිසිස් කිමුත් සිහිය නැතුව වැටුනාම අලුතින් මේ පවුලට එකතු උන මින්ලා තුන්දෙනා මුනට මූන බලාගත්තේ එයලා කරේ වැරැද්දක්ද කියලා හිතන ගමන්මයි...ටිකකින් මේකට හේතුව මූන් ගෝඩ්ගේ තේරීම් කියලා මූන් ගෝඩ්ට වැරැද්ද පැටෙව්ව තුන් දෙනා ආයි බිම වැටිලා ඉන්න ටේගේ මමායි ඩැඩායි දිහා බැලුවා...

කොහොම හරි තවත් පැයකට වගේ පස්සේ මුලු පවුලම හිටියේ ලිවින්ග් රූම් එකේ..ජෙනී ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරලා ජන්ග්කුක් කිව්ව එක හරි කියලා ඔප්පු කරගත්තා...වෙලාවට අද කට්ටියටම උදේ ලෙක්චර්ස් ස්පෝර්ට් මීට් නිසා කැන්සල්...කුකීගේ නම් කොහොමත් උදේ ඉන්න ලෙක්චර් මේ වෙනකොට ඉන්නේ මුකුත් නොදන්න බබා වගෙ තඩි අයිස් ක්‍රිම් එකක් ගිලින ගමන් පුටුවේ වාඩි වෙලා නිසා එයාට කොහොමත්ම ප්‍රශ්නයක් තිබ්බේ නෑ..

තවත් පැයකට පස්සේ මේ මුකුත් නොදන්න කායි උදේ පාන්දරම ඔෆිස් ගියත් හදිසියක් කිව්ව නිසා කඩාගෙන බිදගෙන ගෙදරට ආවා..

🐺 බබා..ඔයා හොදින්ද ??

කායි ඇතුලට එන ගමන්ම එහෙම ඇහුවාම ඉක්මනට කායි ලගට ගිය ජිමින් කායිගේ අතට බාම් එකක් දුන්නා..

🐥 හ්‍යුන්ගී මේක සාක්කුවේ දාගෙන ඉන්න...ඉස්සරහට ඕක ඕන වෙයි...ෆයිටින්ග් !!

කායිගේ පිටටත් තට්ටුවක් දාලා ජිමින් ගිහින් යූන්ගිගේ ඔඩොක්කුවෙන් ආයි වාඩි උනා මේ මෙලෝ හසරක් නොදන්න කායි බාම් එකත් සාක්කුවේ දාගෙන හෙන මෝඩ හිනාවක් දාලා ඇවිල්ලා සෙටියේ ඉඩ තිබ්බ තැනින් වාඩි වෙන්න හැදුවත්...

Mr.kim : කොහෙද වාඩි වෙන්නේ ?? බිම හරි මැද්දෙන් වාඩි වෙන්න...

මිස්ටර් කිම්ගේ මූන දැක්කාම ඒ ඇයි කියලා අහන්න ගිහින් නිකන් ඉල්ලන් කන්න ඕන නැති නිසා හරියටම හැමෝගෙම මැද්දෙන් ගිහින් වාඩි උනා..

Mrs.kim : හරි දැන් කියමු බලන්න උනේ මොකක්ද කියලා ??

🐺 මන් දන්නේ නෑ...

මොකක් ගැනද අහන්නේ කියලා නොදන්න අසරණ කායි එහෙම කිව්වාම හැමෝම කායි දිහා බලලා රැව්වා..

🐹 තමුන් දන්නේ නැත්තම් අපිද දන්නේ ??

🐺 වෙන්න ඇති..මන් නම් මුකුත් දන්නේ නෑ...

🌹 එතකොට තමුන් කියන්නේ මේවා උනේ තමුන් නොදැන කියලාද ??

ජිසූ අහනකොට අහන්නේ මොකක්ද කියලා නොදන්න කායි ඔව් කියලා ඔලුව වැනුවා..

🦄 හ්‍යුන්ග් තමුසේ බීලා ඉද්දිද ඒක කරේ ??

හොබි අහනකොට එයා බීලා මොකක්ද කරේ කියලා නොදන්න නිසා කොහොමත් බිව්වාම මුකුත් මතක නෑ කියලා දන්න නිසා ඔව් කියලා ඔලුව වැනුවා..වෙන්න යන දේ කිම් කපල් එකේ මූන දැක්කාම තේරුම් ගත්ත ටේහ්‍යුන් එයාගේ හා පැටියාගේ කන් දෙක වහනකොට ජිමින් මේ පවුලේ හැටි දන්න නිසා ඉක්මනට කන් දෙකේ ඇගිලි ගහ ගත්තා...ඔහ් එයාට ඕන නෑ බෑඩ් වර්ඩ් ඉගෙන ගන්න...අනිත් අය නම් කායි දිහා බැලුවේ අසරණ බැල්මකින්...ඇත්තටම අසරණයා පව්.

Mrs.kim : what the fu*k..are u kidding me ?? තමුසේ මගේ කෙල්ල එක්ක එහෙම කරේ බීලාද ?? #$@%&*$@&#&*%@#$%&*-&@#.........

මිසිස් කිම් ගිරිය කඩන් මූනත් රතු කරන් කෑ ගහනකොට මිස්ටර් කිම් එයාව කන්ට්‍රෝල් කරන්න ලොකු උත්සාහයක් දැරුවා..ඇත්තටම මිසිස් කිම් කියන බෑඩ් වර්ඩ් යූන්ගි, රෝස්, ජැක්සන් අහලවත් නෑ..එයාලට අලුත් අත්දැකීමක්..අනිත් අයට නම් ගානක් නෑ...මොකද එයාලගේ අහින්සක මමා යක්සා වේස උනාම කොහොමද කියලා එයාලා හොදටම දන්නවා...

Mr.kim : ඔහ් චගියා...කූල් ඩවුන්...බබාලා ඉස්සරහ බෑඩ් වර්ඩ් කියන්න එපා...

Mrs.kim : තමුසෙත් කට වහගන්නවා...ඩෝලි ගිහින්

පිහියක් අරන් එනවා..මට ඇනකොන්ඩෙක් කෑලි කෑලි කරන්න ඕන...

මිසිස් කිම් අත මිට මොලවන් එහෙම කියනකොට කිව්වාත් වගෙ ලීසා නැගිටලා පිහියක් ගේන්න කිචන් එකට ගියාම කොල්ලො ටිකම ඉක්මනට තමන්ගේ අවයවය ඉක්මනට අත්වලින් බය උනේ වැරදි ඇනකොන්ඩෙක් අහු වෙයි කියන බයට නම් නෙමෙයිලු හොදෙ...

🦄 ඇත්තටම හ්‍යුන්ග් තමුසේ එහෙම දෙයක් බීලා කරේ ඇයි යකෝ...දැන් කොහොමද ඒ වගේ සුන්දර මොහොතක් මතක තියාගෙන ඉන්නේ...කරේ කොහොමද කියලා කවුරු හරි ඇහුවොත් කොහොමද කියන්නේ කියනවකෝ දැන් ??

හොබි එහෙම අහනකොට අයිස් ක්‍රීම් කකා හිටපු ජෙනීට කැස්සකුත් ආවා...ඒත් එක්කම හොබීගේ ඔලුව ජැක්සන්ගෙන් පාරක් ලැබුනේ හොබිට හීක් ගෑවිලා යන්න..

🐵 ඉදා 💥💥 මෝඩයා...ප්‍රෙග්නන්ට් උනාට පස්සේ මොකාද අහන්නේ ඒක කරේ කොහොමද කියලා..මහ ගොනෙක් තමුසෙව් නම්...ඉදා 💥💥

🦄 ආව් බබා..ගහන්න එපා ඉතින්..වෙන කවුරුත් ඇහුවේ නැතුවට මන් අහනවනේ..

🐵 ආහ්....මට බෑ මේ මිනිහා එක්ක වසන්න..

ජැක්සන් එයාගේ කොන්ඩේ කෙස් වලින් ඇදන් කෑ ගහනකොට හැමෝම ජැක්සන් දිහා බැලුවේ හරිම අනුකම්පාවකින්..

🐥 ඔයා දුක් වෙන්න එපා හ්‍යුන්ගි...මගේ හ්‍යුන්ග්ලා දෙන්නා ගොඩක් වෙලාවට ට්‍රැක් අවුල් වගේ හිටියාට හැම වෙලේම එහෙම නෑ...

ජිමින් හරිම කලකිරීමෙන් තමන්ගේ හ්‍යුන්ග්ලා දෙන්නා දිහා බලාගෙන කියලා යූන්ගිගේ පපුවෙන් ඔලුව තියාගත්තේ එයාට දෙවියෝ මේ වගේ අයියලා දෙන්නෙක් දුන්නේ ඇයි කියලා කල්පනා කරන ගමන්මයි..

🐺 මොකක්ද ප්‍රෙග්නන්ට් කතාව ??

මෙච්චර වෙලා කියපු එකක්වත් අහන් හිටියේ නැති කායි එයාට තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඉදිරිපත් කරා..ඇත්තටම ඒක හොද ප්‍රශ්නයක්...

Mrs.kim : ඇත්තටම මයේ පුතේ මට කියහන් උබ දන්නේ නැද්ද පොඩී ප්‍රෙග්නන්ට් කියලා ??

මිස්ටර් කිම් ලොකු හුස්මක් අරන් කියනකොට ම..

දඩස් 💥💥

ඒ වගෙ සුබ ආරංචියක් අහපු අහින්සක කායි ඒත් සමගම පිහියක් ලීසා උස්සන් එනවා දැකලා එකපාරටම ඇති උන ශොක් දෙක ම නිසා කලන්තේ දාලා වැටුනා..

❤️ මන් හිතුවේ මීමැස්මොරේ තියෙන්නේ කිම් ෆැමිලි එකට විතරයි කියලා..බලන් ගියාම ජන්ග් ෆැමිලි එකටත් තියෙනවානේ...

🦄 අපේ අප්පා එයාව අරන් හදාගත්ත එක්කෙනෙක්...

.

.

.

අනේ මේ කොල්ලාව මට කන්න හිතෙනවා 🙂

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!