Chapter 12 of 42

chapter 11

My Little Wolfie | TK || Completed1,712 words~9 min read

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

* ඔයාලට ජන්ග්කුක්ගෙයි ටේහ්‍යුනගෙයි connection එක තේරෙනවාද ලමයි ??

ඒක මෙහෙමයි...ජන්ග්කුක් ටේහ්‍යුන් දෙන්නාම මූන් ගෝර්ඩ් විසින් මවපු විශේශ දෙන්නෙක් නිසා එයාලාගේ සම්බන්ධාතාවය වෙන මේට්ලාට වඩා ටිකක් වෙනස්..සාමාන්‍යයෙන් මේට්ගේ හැගීම් දැනෙන්න නම් මාර්ක් කරන්නම ඕන...ඒත් ටේකුක් දෙන්නා විශේශ නිසා ජන්ග්කුක්ගේ හැම හැගීමක්ම ටේහ්‍යුන්ට දැනෙනවා..හැබැයි ඒක යම් තාක් දුරකට විතරයි..හරියට wifi එකේ වගේ...ඒකෙ සිග්නල් තියෙන්නේත් සීමිත දුරකට විතරයිනේ..ඉතින් ටේහ්‍යුන්ටත් ජන්ග්කුක්ගේ හැගීම් දැනෙන්නේ ජන්ග්කුක් එයාගේ වටේට 500m ක වටප්‍රමාණයක් ඇතුලේ හිටියොත් විතරයි...ඒ හැම වෙලේකම ජන්ග්කුක්ට දුකක් දැනුනොත් ටේහ්‍යුන්ටත් ඒක දැන්නවා..එයා ඇඩුවොත් ටේහ්‍යුනුත් අඩනවා..එයා හිනා වුනොත් ටේහ්‍යුන්ටත් හිනා යනවා..

ඒ වගේම ටේහ්‍යුන් නිදාගෙන ඉන්න වෙලේක ජන්ග්කුක් මිරර් එකක් ලග හිටියොත් හීන වලින් ජන්ග්කුක්ගේ ප්‍රතිබිම්බය ටේහ්‍යුන්ට පේනවා..ඒකෙ අනිත් පැත්තට ජන්ග්කුක්ටත් එහෙමයි...හැබැයි ඉතින් මිරර් එකක හරි වීදුරු කෑල්ලක හරි ජන්ග්කුක්ගේ ප්‍රතිභිම්බය විතරයි පෙන්නන්නේ...

දැන් යමු කතාවට 😌

.............................................................................................

ජන්ග්කුක් කොලේජ් එකට අඩිය තියනකොටම ඒ පුංචි හිත බයට ගැහෙන ගමන් යාන්තම් ඒ අස්සේ සතුටකුත් තියෙනවා ටේහ්‍යුන්ට හොදට දැනුනා..

ඈත ඉදන්ම ටිකක් දිග ජන්ග්කුක්ගේ කොන්ඩේ පැත්තට පීරලා ඔලුව බිමට හරවගෙන බෑග් එකෙ පටිය තදින් අල්ලගෙන කොලේජ් ගේට් එකෙන් ඇතුලු වන ජන්ග්කුක්ව දැක්කාම ටේහ්‍යුන්ට පෙනුනේ කොලේජ් ස්ටුඩන්ට් කෙනෙක්ව නම් නෙමෙයි..අලුතෙන් මොන්ඩිසෝරියට යන ප්‍රීස්කූල් බබෙක්ව...ඒ තරම් ජන්ග්කුක් හුරතල්..අහින්සකයි..

ඒ හුරතලේ දිහා බලාගෙන ඉදලා දුවලා ගිහින් එයාගේ හා පැටියව චප්ප වෙන්න බදාගන්න හිතුනාත් යූන්ගි හොස්පිටල් එකෙන් එන්න ඉස්සෙල්ලා ජන්ග්කුක් ගැන කියපු දේ මතක් වෙලා ටේහ්‍යුන් එහෙම්ම මග නතර උනා..

Flashback

🐱 බෙයාර් මට චුට්ටක් කතා කරන්න පුළුවන් ද ??

ටේහ්‍යුන්ගේ තුරුලේ ජන්ග්කුක් සැප නින්දකට වැටුනාම යූන්ගි හිමින් ඇහුවේ ජන්ග්කුක්ව ඇහැරවෙන්නේ නැති වෙන්නයි...යූන්ගිගේ ප්‍රශ්නෙට හා කියලා ඔලුව වනපු ටේහ්‍යුන් ජන්ග්කුක්ව පරිස්සමින් ඇදෙන් තියලා ජිමින්ට එයා ලගින් ඉන්න කියලා යූන්ගි එක්ක හොස්පිටල් එකේ රූෆ්ටොප් එකට ආවේ නිදහසේ කතා කරන්න ඕන නිසායි..

🐯 කියන්න හ්‍යුන්ග් !!

🐱 බෙයාර් ඔයා මගේ කුකීට ආදරෙයිද ?? මන් මේ කිව්වේ ඔයාට කුකී ගැන තියෙන්නේ මේටින්ග් බොන්ඩ් එක නිසා ඇති උන බැදීමක් විතරද ? නැත්තන් එහාට ගිය හැගීමක් තියෙනවාද ??

යූන්ගි එහෙම ඇහුවාම ටේහ්‍යුන් ලොකු හුස්මක් පහලට දාලා අත්වැටට හේත්තු වෙලා අහස දිහා බලාගෙන කතා කරන්න පටන් ගත්තා.

🐯 හ්ම්....මන් එයාට ආදරෙයි හ්‍යුන්ග්...ඒක මේටින්ග් බොන්ඩ් එක නිසා ඇති උන බැදීමක් නෙමෙයි..මන් එයාව මගේ හීන වලින් දැක්ක පලවෙනි දවසේ ඉදන්ම ඒ හුරතල් හා පැටියාට ආදරේ කරේ...මන් කුකීව හැමතැනම හෙව්වා..මට බය හිතුනා කුකී නැතුව මට වෙන මේට් කෙනෙක් හම්බවෙයි කියලා..ඒ නිසාම කුකීව දවසක මට හම්බුනොත් එයා කැමති නම් මගේ මේට්ව උනත් මන් රිජෙක්ට් කරන්න හිතාගෙන හිටියේ..ඒ නිසා කුකී ගැන තියෙන්නේ මේට් ගැන තියෙන හැගීමක් විතරක්ම නෙමෙයි කියලා මට විශ්වාසයි හ්‍යුන්ග්..

🐱 ඒ ගැන මට සතුටුයි බෙයාර්...ඒ වගේම ඒ නිසා මන් හිතනවා ඔයාට මන් කියන්න හදන දේ වගේම මාවත් තේරුම් ගනිවි කියලා..

යූන්ගි ටේහ්‍යුන් දිහා බලලා කිව්වාම ටේහ්‍යුන් යාන්තම් පුංචි හිනාවක් යූන්ගිට දැම්මේ හරියට මන් ඒකට උත්සාහ කරන්නම් කියන්න වගේ...ටේහ්‍යුන්ගේ ඒ හිනාවට පෙරලලා හිනාවක් දුන්න යූන්ගිත් අත්වැටට හේත්තු වෙලා අහස දිහා බලාගෙනම කතාව පටන් ගත්තා..

( A/ N ; මෙයාලා කොහොම අහස දිහා බලන් කතා කරනවාද මන්දා..මට නම් අහස බැලුවාම හචින් යනවා 🙄 )

🐱 බෙයාර් කුකී සාමාන්‍ය කෙනෙක් වගේ නෙමෙයි..එයාට අවුරුදු 18ක් බව ඇත්ත..ඒත් කුකීගේ මනස ඒ තරම් මෝරලා නෑ...එයා තාමත් හිතන්නේ පොඩි දරුවෙක් වගේ..මාර්ක් කරන එක, සෙක්ස් ගැන කුකිට කිසිම තේරුමක් නෑ...අඩුම එයාගේ ෆස්ට් හීට් එකවත් එයාට ලැබිලා නෑ...ඉතින් මන් මේ කියන්න හැදුවේ...අඩුම එයාගේ හීට් එක එනකම්වත් එයාව මාර්ක් නොකර ඉන්න බලන්න..මන් දන්නවා මන් ඉල්ලන්නේ අසාධාරණ දෙයක් කියලා..ඒත් කුකීගේ පුංචි මනසට ඒවා දරාගන්න තාම බැහැ...අනිත් එක එයාගේ හාර්ට් එක මායාව එයාගේ ඇගෙන් අයින් කරන කම් හොද වෙන එකක් නෑ...ඒ නිසා මාර්ක් කරනවා වගේ පොඩි දේකදි උනත් කුකී හුගක් කලබල වෙන්න පුළුවන්..එතකොට...මන් හිතනවා ටේහ්‍යුන්ට මන් කියන එක තේරෙනවා ඇති කියලා..

🐯 මට හ්‍යුන්ග් කියන එක තේරෙනවා හ්‍යුන්ග්..කුකී බබාගේ ජිවිතේට හානියක් වෙන කිසිම දෙයක් මන් කරන්නේ නෑ..බය වෙන්න එපා හ්‍යුන්ග් මට පුළුවන් මාව පාලනය කරගන්න...මන් කුකීව මාර්ක් නොකර ඉන්නම්..කොහොමත් කුකී මන් ලග ඉන්නකොට එයාගේ හැම හැගීමක්ම මට දැනෙනවානේ..

🐱 කුමාවෝ බෙයාර්...මට ඔයාගෙන් තව එක උදව්වක් ඕන..

🐯 කියන්න හ්‍යුන්ග්..මන් කුකී වෙනුවෙන් ඕනම දෙයක් කරන්නම්..

🐱 කුකී කොලේජ් ආවම එයාට ටිකක් කොලේජ් එක හුරු වෙනකම් ඔයාලා ලවර්ස්ලා කියලා අනිත් අයට පෙන්නන්න එපා බෙයාර්..ඔයා දන්නවානේ ඔයා එක්ක කෙනෙක් කතා කරත් ඇති කෙනාව හයිලයිට් වෙන්න..ඒ නිසා කුකීව දැම්ම කොලේජ් එක ඇතුලේ හයිලයිට් වෙන දේවල් කරන්න එපා..එයා මිනිස්සු ඉන්න තැන්වල ඉන්න හුගක් බයයි...ඒ නිසා එයාට කොලේජ් එක හුරු වෙනකම් සාමාන්‍ය කෙනෙක් විදියට ජීවත් වෙන්න දෙන්න...ආපු ගමන් එයාට හතුරෝ කොලේජ් එක ඇතුලේ හදන්න එපා බෙයාර්..එයා මගෙන් ඉල්ලුව අඩුම මන් එයාගේ හ්‍යුන්ග් කියලවත් කාටවත්ම කියන්න එපා කියලා..මන් හිතනවා ඔයාට මාව තේරෙනවා කියලා බෙයාර්...මගේ කුකී බබාව ඔයාට දෙන්නේ ඇස් දෙකක් වගේ එයාව පරිස්සම් කරයි කියන විශ්වාසය මත..මන් එයාව ඉපදුන දවසේ ඉදන්ම හැදුවේ මගේ දරුවෙක් වගේ...ඒ නිසා කුකී මගේ මල්ලිට වඩා මගේ දරුවෙක් කිව්වොත් හරි...ඒ නිසා එයාව මලක් වගේ පරිස්සම් කරන්න...

Flashback end

යූන්ගිගේ වචන මතක් උන ගමන් ටේහ්‍යුන් එයාගෙව් හිතට ආව අදහස් ඔක්කොම නතර කරලා හිමීට ජන්ග්කුක් ලගට ඇවිදගෙන ගියා..හැබැයි ඉතින් බිම බලාගෙන ආපු ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ශක්තිමත් පපුවේ ඔලුව වැදුනට පස්සේ තමා එයගේ පුංචි ඔලුව උස්සලා බැලුවේ..

🐰 ටේටේ...

ඇස් බෝල සතුටට දිලිසිලා අත් ඈත් කරලා හයියෙන් ටේටේ ගාලා ජන්ග්කුක් පැන්න ගමන් ටේහ්‍යුන්ව තද කරලා බදාගත්තා...අන්න එවෙලේ ටේහ්‍යුන්ට තේරුනා යූන්ගිගේ වචන ගගට ඉනිකැපුවා වගේ කියලා..ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ඉන වටේ අත දාලා තද කරලා බදාගෙන ඉන්නේ හරියට එයාව දාලා යනවට බයේ වගේ..

🐯 මගේ බනී...ඔයා බය වෙලාද හිටියේ ??

🐰 හුම්..සුට්ටක්..

ටේහ්‍යුන්ගේ ශක්තිමත් පපුවේ ඒ පුංචි මූන අතුල්ලන ගමන් ජන්ග්කුක් කියනකොට ටේහ්‍යුන් ආදරෙන් ඔලුව අතගෑවා...

🐥 ඔමෝ...මෙන්න පුංචි හා පැටියෙක් මිස්ටර් වැම්පිගේ ඇග ඇතුලේ හිරවෙලා ඉන්නවා..

පිටිපස්සෙන් ආපු ජිමින් ඇත්තටම ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ඉස්සරහ ඉන්නවා දැක්කෙවත් නෑ..ඒ තරම්ම ජන්ග්කුක් චූටියි..ටේහ්‍යුන්ගේ හැඩි දැඩි ඇග අස්සේ ජන්ග්කුක් රිංගලා ඉන්නකොට ජන්ග්කුක්ව පේන්නෙම නැති තරම්..

🐰 මිනි !!

ජිමින්ට කටහඩ ඇහුන ගමන් මෙච්චර වෙලා ටේහ්‍යුන්ගේ පපුවේ මූන අතුල්ලන ගමන් ඒ සුවද විද විද හිටපු ජන්ග්කුක් ඔලුව උස්සලා ජිමින් දිහා බලලා පැනපු ගමන් ජිමින්වත් බදාගත්තා..

🐥 ඔමෝ...හුරතලේ..කොහොමද කුකී බබා ??

🐰 මන් හොදින්...

ජන්ග්කුක් එයාගේ හා දත් ඇන්දම පෙන්නලා හුරතල් විදියට කියලා හිනා වෙනකොට ජිමින් ජන්ග්කුක්ගේ කොන්ඩේ ඇවිස්සුවා..අන්න ඒකට නම් මල පැන්න ජන්ග්කුක් ජිමින්ට හුරතලේට රවන ගමන් එයාගේ කොන්ඩේ හද හද හිටියේ..ජන්ග්කුක්ගේ මේ හුරතලෙ දිහා බලාගෙන එයාව හපලා කන්නේ නැතුව ඉන්න ටේහ්‍යුන් ලොකු උත්සාහයක හිටියේ...

💛 ටේහ්‍යුන්ගි හ්‍යුන්ග් !!

ඈත ඉදන්ම ටේහ්‍යුන්ගේ නම කියන් කෑ ගහගෙන එන කොල්ලා දිහා ටේහ්‍යුන් හැරිලා බැලුවේ මරන් කන්න පුළුවන් සයිස් එකෙන්..මොකද එයා මෙච්චර වෙලා එයාගේ හුරතලේ දිහා බලාගෙන භාවනා කරන ගමන් හිටියේ...ඒ පුංචි කොල්ලා එයාගේ දැහැන බින්දා...

💛 හාහ්..හම්මෝ හ්‍යුන්ග් හති...

බිමට නැමිලා දනිස් දෙක උඩ අත තියන් හති දාන පුංචි කොල්ලා දිහා කුකී නම් හිටියේ ඇස් බෝල ලොකු කරන් බලාගෙන...ටේහ්‍යුන්, ජිමින් දෙන්නා නම් එ ඉන්න කෙනාව අදුරගෙන හිටියේ...

🐥 ඉයුන්වූ...මොකද මේ උදේ පාන්දර මැරතන් එකක් දිව්වාද ??

ඉයුන්වූ...ජැක්සන්ගේ මල්ලි...ජැක්සන් වගේම ජොලියේ ඉන්න පොරක් උන ඉයුන්වූත් බෙටා කෙනෙක්...ඒ වගේම එයාත් කුකීගේ වයසේ...ඒ වගේම ඒ මොලේ නම් ඕනවට වඩා වැඩිලා තියෙන්නේ...ජැක්සන්ට වඩා නම් ඉයුන්වූට මොලේ තියෙනවා..

🐯 මොකෝ බන් මේ හති දාන්නේ ??

💛 හම්මෝ හති...

හති ඇර ඇර ඉයුන්වූ ටේව අල්ලන්න හැදුවත් උනේ කවුරුත් කීයටවත් නොහිතපු දෙයක්..මෙච්චර වෙලා ඉයුන්වූ දිහා බලාගෙන හිටපු ජන්ග්කුක් එයාගේ ටේටේව එයා අදුරන්නේ නැති කෙනෙක් අල්ලන්න හදන්නේ කියලා දැනුන ගමන් කුකි ඇස් තද නිල් පාට කරගෙන දත් විලිස්සන් ගොරවගෙන ඉයුන්වූගේ ඇගට පැන්නා...ක්ෂණික ක්‍රියාත්මක උන ටේහ්‍යුන් ජන්ග්කුක්ව අල්ලගත්තේ නැත්තම් ඉයුන්වූට ශක්තිමත් ඔමෙගා කෙනෙක්ගෙන් පාරක් කන්න වෙනවා...

මේල් ඔමෙගාලා සාමාන්‍ය ඔමෙගලාට වඩා හුගක් ශක්තිමත්..එයාලාට බෙටා කෙනෙක්ට වඩා ශක්තිය තියෙනවා...සමහරවෙලාව්ට ඇල්ෆා කෙනෙක්ට තරම් ශක්තිය ලැබෙනවා...ඒ වගේම මේල් ඔමෙගාලා එයාගේ මේට්ව කිසිම කෙනෙක් අල්ලනවට කැමති නෑ...ඉරිසියාව කියන එක උපරීමේටම එයාලට තියෙනවා...ඒ නිසාමයි ජන්ග්කුක් ටේහ්‍යුන්ව ඉයුන්වූ අල්ලන්න හදනකොටම ගොරවගෙන එයාගේ ඇගට පැන්නේ..

💛 ම්...මේල් ඔ..ඔමෙගා කෙනෙක් !!

එකපාරටම උන දේ නිසා ඉයුන්වූ හොදටම බය වෙලා ඉන්නේ..කොල්ලා ගැහෙනවත් එක්ක..එයා දන්නවා මේල් ඔමෙගාලා එයාට වඩා ශක්තිමත් කියලා..ඒත් ඉතින් ඒ අහින්සකයා දන්නේ නෑනේ එයා මේ අල්ලන්න හැදුවේ ඉරිසියාකාර මේල් ඔමෙගා කෙනෙක්ගේ මේට්ව කියලා..එයාගේ හ්‍යුන්ග් කිම් ෆැමිලි එක ගැන ඇත්ත කිව්වෙත් ඊයේ..එත් එතන ඔමෙගා කෙනෙක් ඉන්නවා කියලා කිව්වෙත් නෑ...ඒ නිසා කොහේද ඉදන් එයාගේ ඇගට පැන්න පුංචි ඔමෙගාට බෙටා කෙනෙක් බය උනා...ඉයුන්වූ බය වෙලා කියලා තේරුන නිසා ටේහ්‍යුන් ඉක්මනට ජන්ග්කුක්ව ඇදලා අරන් එයාගේ පපුවට තුරුලු කරන් එයාව සන්සුන් කරන්න හැදුවේ කොලෙජ් එකේ කවුරු හරි දකිවි කියන බයටමයි..

🐯 ශ්ශ්...කුකී බබා කලබල වෙන්න එපා..ඉයුන්වූ ඔයාගේ පිස්සු ජැකි හ්‍යුන්ගගේ මල්ලි..එයා මාව අල්ලන්නේ නෑ...මේහ් බලන්න..ටේටේ කුකීගේ විතරමයි...

🐥 ඕ....කුකී ශෝයි...අපේ පුංචි ඔමෙගා ආස නෑ වගේ එයගේ මේට්ව කවුරුත් අල්ලනවාට ??

💛 මේට් ?? වැම්පයර් කෙනෙක්ගේ මේට් ඔමෙගා කෙනෙක් ද ??

🐯 තමුන්ට ඒ පැහිච්චකම් වලින් වැඩක් නෑනේ..දැන් උදේ පාන්දර මගේ නම කියාගෙන මැරතන් එකක් ආවේ ඇයි කියනවා ??

💛ආහ්..තව පොඩ්ඩෙන් අමතක වෙනවා..ඩීන් හ්‍යුන්ග්ට එන්න කිව්වා..මොකක් හරි ප්‍රශ්නයක් වගේ..එයාට මලපැනලා ඉන්නේ..මේ දැන්ම එන්න කිව්වා..

🐥 එපාර මොකද දන්නෙ නෑ...දැන් ම ගිහින් බලන්න වෙයි ටේයා..ඔය බඩතඩියාගේ හැටි දන්නවානෙ...

ජිමිනුත් එහෙම කිව්වාම ටේහ්‍යුන් බැලුවේ එයාගේ තුරුලේ ඉන්න ජන්ග්කුක්ගේ මූන...ඒ දිලිසෙන බෝල ඇස් දැන් සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා කියලා ටේහ්‍යුන්ට තේරුනා..

🐯 කුකී..මැණික හ්‍යුන්ග් දැන් යන්න ඕන රත්තරන්..

🐰 මට බයයි හ්‍යුන්ගී...

🐯 බය වෙන්න එපා මැණික...මගේ හා පැටියාට බය හිතුනොත් හ්‍යුන්ග්ව මතක් කරන්න..එතකොට බය නැති වෙයි...අනිත් එක ඔයාට පුළුවන් ඉයුන්වූ එක්ක ඉන්න...එයත් ඔයාගේ ක්ලාස් එකේමයි...

ටේහ්‍යුන් එහෙම කිව්වම ජන්ග්කුක් ටේගේ අත අස්සෙන් හොරෙන් ඉයුන්වූ දිහා රවාගෙන බැලුවා..ටේහ්‍යුන්ට නම් ඒ රැවිල්ලත් හුරතලයක් උනාට ඉයුන්වූ නම් චුට්ටක් ඒකට බය උනා..

💛 ම්..මේ...මාත් එක්ක...

🐥 එයි පුංචි චන්ඩියා තමුන් ඔමේග කෙනෙක්ට බය වෙලාද ඉන්නේ ??

💛 ම..මන් බය නෑ...

ඉයුන්වූ බය නෑ කියලා පෙන්නුවට කොල්ලා ටිකක් බය උනා..කට තිබ්බාට කොහොමත් කොල්ලා බය ගුල්ලා...කොහොම හරි ඉතින් කොල්ලා කුකී දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා එයාගේ අහින්සක බෝල ඇස්වලට රැවටිලා හා කියලා ඔලුව වැනුවා..

🐯 ඉයුන්වූ කුකීව පරිස්සම් කරන්න හරිද ?? කිසිම කෙනෙක් දැනගන්න බැහැ කුකී ඔමෙගා කෙනෙක් කියලා හරිද ??

💛 ඕකේ හ්‍යුන්ග් !!

🐯 ආහ් ඒ වගේම එයාව තනියම කොහෙටවත් යවන්න එපා හරිද ?? කුකීට කොලේජ් එක හුරු වෙනකම් එයා එක්කම ඉන්න හරිද ඉයුන්වූ..මට ප්‍රොමිස් වෙන්න මගේ කුකී පරිස්සමින් බලාගන්නවා කියලා...

💛 මන් ප්‍රොමිස් වෙනවා හ්‍යුන්ග්...එහෙනම් කුකී ඔයයි මායි අද ඉදන් හොදම යාලුවෝ...අරස්සෝ...

ඉයුන්වූ එයාගේ බය නැති කරගෙන කුකීට අත දික් කරාම කුකී ටේහ්‍යුන්ගේ මූන බැලුවේ අත දෙන්නාද අහන්න වගේ...ටේහ්‍යුන් ඒක තේරුම් අරන් හා කියලා ඔලුව වැනුවාම ජන්ග්කුක් හිනා වෙලා ඉයුන්වූට අතට අත දුන්නා..

💛 එයා හුගක් හුරතල්නේ හ්‍යුන්ග්...

ටේහ්‍යුන්ට එහෙම කියලා ජන්ග්කුක්ගේ කම්මුලක් ඉයුන්වූ මිරිකන්න හැදුවත් ජන්ග්කුක් ටිකක් හුරතලේට ගෙරෙව්ව නිසා ඉයුන්වූ වැඩේ අතාරලා දැම්මා..

🐯 කූ...මැණික පරිස්සමින් ඉයුන්වූ එක්ක ඉන්න හරිද ?? හ්‍යුන්ග් ඉන්ටර්වල් එකට එන්නම්..දැන් දෙන්නාම පරිස්සමින් යන්න...

වට පිටාව බලලා හොරෙන් ජන්ග්කුක්ගේ නලලට ටේහ්‍යුන් හාදුවක් දුන්නාම ජන්ග්කුක් රතු වෙලා ගියා..එයත් හොරෙන් ටේහ්‍යුන්ගේ කම්මුලකට හාදුවක් දීලා තප්පරෙන් ඉයුන්වූවත් ඇදගෙන දිව්වා..

🐥 දැන් ඔය කම්මුල අල්ලන් හීන ලෝකේ ඉන්නේ නැතුව පල බඩබෝලේ ලගට...දැනටමත් උබ පරක්කු නිසා පුෂ්පේ නැගලා ඇත්තේ..

ජැක්සන්ගේ මල්ලි...ඉයුන්වූ....

තව අලුත් චරිතයක් උස්සන් ආවා...😁😁

.

.

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!