Chapter 11 of 42

chapter 10

My Little Wolfie | TK || Completed2,250 words~12 min read

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

ජන්ග්කුක්වයි ටේහ්‍යුන්වයි හොස්පිටල් එකෙන් ගෙදර එක්කන් ඇවිල්ලා අදට දවස් තුනක් වෙනවා..ජන්ග්කුක්වයි ටේහ්‍යුන්වයි වෙන් කරන එක තමා කරන්න අමාරුම වැඩේ උනේ..කොහොම හරි කොලේජ් එකේදි දෙන්නාටම හම්බුවෙන්න පුළුවන් කියන පොරොන්දුව මත තමා දෙන්නාම ගෙදර ගියේ..

ගෙදර ගිය ගමන් ජන්ග්කුක්ට ආයි කොලේජ් යන්න එපා කියලා ඩොක්ටර් කිව්ව නිසා ජන්ග්කුක් දවස් තුනක රෙස්ට් කරලා අද තමා කොලේජ් එන්නේ..හැබැයි ඉතින් ඒ දවස් තුන ඇතුලත ටේහ්‍යුන්ටයි ජින්ටයි නම් ලොකු කරදර වලට මුහුන දෙන්න උනා..ටේහ්‍යුන් කොලේජ් ගියේ නැති දවස් දෙකේ ජිනුත් එයා ලග හිටිය නිසා එයාට යන්න උනෙත් නෑ...හැබැයි ඉතින් දවස් දෙකකට පස්සේ ටේයි ජිනුයි කොලේජ් යනකොට තිබ්බේ එයාලා එනකොට තිබ්බ කොලේජ් එක නෙමෙයි..

ඇතුලට එනකොටම තිබ්බ taejin කියලා ගහලා ජිනුයි ටේයි කිස් කරන ගමන් ඉන්නවා වගේ හදලා තිබ්බ එඩිට් ෆොටෝ එක තිබ්බ බෝර්ඩ් එක දැකලා ටේහ්‍යුන් බයික් එකෙන් වැටෙන්නත් ගියා..ටිකක් වෙලා ඒක දිහා බලාගෙන හිටපු ටේහ්‍යුන්ට ඔක්කාරෙට වගේ ආවේ එයා මේ කිස් කරනවා එඩිට් එකක් හදලා තියෙන්නේ වෙන කවුරුත් එක්ක නෙමෙයි එයාගේ හ්‍යුන්ග් එක්කම නිසායි..

ඊව්...මොන අප්පිරියා වැඩක්ද...එයාගෙම හ්‍යුන්ග්ව ලිප් කිස් කරන එක....ඊව්....

බෝර්ඩ් එක ලගට ගියපු ටේහ්‍යුන් ඒක අරන් කඩලා බිම දාලා පාගනකොට තමා මෙතනට ජින් ආවේ..දුර තියාම එයාගේ මල්ලි කොලේජ් එක ඉස්සරහ බෝර්ඩ් එකක් උඩ නැගලා වැදි ඩාන්ස් එකක් දානවා දැක්ක ජින් ඉක්මනට ආවේ එයාගේ මල්ලිට එයාගේ හා පැටියා නැතුව ආයි පිස්සුව තද වෙලාද බලන්න..මොකද ඉතින් ගෙදර ගියපු වෙලේ ඉදන් තනියම හිනා වෙන තනියම කියවන කන්නාඩිය ඉස්සරහ ඉදන් එක එක ඒවා ලියලා කොල කෑලි පෙන්න පෙන්න කන්නාඩිය කිස් කරන ටේව දැකලා ජින් ඇත්තටම හිටියේ එයාගේ මල්ලි ගැන බයෙන්..

🐹 බෙයාර්...මොකද කරන්නේ ??

ජින් ටිකක් ලගට ඇවිල්ලා ටේහ්‍යුන්ගෙන් ඇහුවාම ටේහ්‍යුන් කරන වැඩේ නවත්තලා ජින්ගේ මූන දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා...ඒත් එක්කම ටේට මතක් උනෙ බෝර්ඩ් එකේ තිබ්බ ෆෑන් එඩිට් එක..ඒක මතක් වෙච්ච ගමන් ටේහ්‍යුන්ට ඔක්කාරෙට වගේ ආපු නිසා කටත් අල්ලන් ගහක් ලගට ගිහින් පහත් උනේ වමනේ යයි කියන බයෙන්...එකපාරටම ටෙට මොකද උනේ කියලා හිතාගන්න බැරි උන ජිනුත් ටේ පස්සෙන් දුවගෙන ගියා..

🐹 බෙයාර් මොකද ??

ටේහ්‍යුන්ගේ පිට අතගාන ගමන් ජින් අහනකොට එයාල නොදන්න තව වැඩක් උනා...ඒක තමයි මේ වෙනකොට ටේජින් ෆෑන් ක්ලබ් එකේ නිත්‍ය සාමාජිකයෙකු විසින් මේ සිදුවීම වීඩියෝ කරලා තිබ්බ එක...ජින් ටේහ්‍යුන් අයියායි මල්ලියි කියලා කොලෙජ් එකේ එයාලාගේ ලගින්ම ඉන්න අය හැරෙන්න කවුරුත් දැනගෙන හිටියේ නෑ...ඉතින් එදා ටේහ්‍යුන් සිහිය නැතුව වැටුනාම ජින් අඩ අඩ ටේහ්‍යුන්ව උස්සගෙන හොස්පිටල් ගිනිච්චාම මේ සිදුවීම කොලේජ් එක පුරාම උනු කැවුම් වගේ විකිනෙන්න පටන් ගත්තා..ටේහ්‍යුන් එයා ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියලා එදා උදේම කියපු නිසා හැමෝම හිතුවේ ජින් කියන්නේ ටේහ්‍යුන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා..එයාලා තප්පරේකටවත් හිතුනේ නෑ මේ කිම් ඩබල අයියායි මල්ලියි කියලා නම්...

ටේහ්‍යුන් කලන්තේ දාපු එකට එයාලා එක එක හේතු හැදුවත් සමහරු කිව්වේ ටේහ්‍යුන් ප්‍රෙග්නන්ට් වෙන්න ඇති කියලා..හොස්පිටල් ගිහින් දවස් දෙකක් ආවේ නැති නිසා මේ ගැන ලොකු ප්‍රචාරයක් ගියා...ඒකටම හරියන්න ටේහ්‍යුන් කොලේජ් එකට ආපු දවසේම ඔක්කාරෙට ඇවිල්ලා වමනේ දාන්න වගේ පහත් උන නිසා ඒක විඩියෝ කරපු එකෙක් ඒක ටේහ්‍යුන් ප්‍රෙග්නන්ට් කියලා කොලේජ් ගෲප් එකේ දැම්මා..දැන් ඉතින් හැමෝම හිතන් ඉන්නේ ටේහ්‍යුන් ප්‍රෙග්නන්ට්...එයාගේ බඩේ ඉන්න දරුවා ජින්ගේ කියලා...

කොහොම හරි ඉතින් ටේහ්‍යුන්ගේ ඔක්කාර ගතිය හරි ගියාට පස්සේ ටේහ්‍යුන් ජින්ගේ අතින් අල්ලන් එක්කන් ගියේ එයා මෙච්චර වෙලා බිම දාලා පාග පාග නැටුව බෝර්ඩ් එක ලගට..එකේ තිබ්බ ෆොටෝ එක දැකලා තව ඩින්ගෙන් ජින්ගේ හුස්ම එතනම නතර වෙනවා..

🦄 ඇත්තටම ඒ ඈන්ගල් එක හරි නෑ...මන් ඇතුලේ දැක්කා ඊට වඩා හොද ඈන්ගල් එහෙකින් තියෙන එඩින් එකක්...

එකපාරටම පිටිපස්සෙන් ඉදන් හොබි කියනකොට මෙච්චර වෙලා බිම තිබ්බ බෝර්ඩ් එක දිහා කටත් ඇදකරගෙන බලන් හිටපු අයියා මලෝ දෙන්නා හොබිගේ පැත්තට හැරුනේ හොබීව පුච්චලා අලු කරන බැල්මක් දාලා..

🐹 මොකක්ද හොබි මේ වෙලා තියෙන්නේ ??

🦄 මොනවා වෙන්නද උබලා දෙන්නාව කොලේජ් එකේ උන් ශිප් කරලා...මේ දවස් වල තියෙන ෆේමස්ම ශිප් එක ටේජින්...

හොබි අත පය දික් කරන් කියනකොට ටේජින් ඩබල දෙන්නාගේ මූනට මූන බලලා මූන ඇඹුල් කරන් ආයි අනිත් පැත්ත හැරුනා..ඇත්තටම මේ වෙලේ අයියා මලෝ දෙන්නාට එයාලගේ මූනු බලන්න ලැජ්ජාවක් තියෙන්නේ..

🦄 ඒක නෙමෙයි උබලා දෙන්නාගෙන් කවුද ටොප් ??

හොබි ටේජින් දෙන්නාගේ මැද්දට ඇවිල්ලා දෙන්නාගෙම කරට අත දාගෙන අහනකොට දෙන්නාම හොබීගේ බඩට පාරක් ගැහුවා..ඒක රිදුනේ නෑ කියන්න නම් බැහැ..මොකද දැන් හොබි ගුටි කෑවේ සාමාන්‍ය දෙන්නෙක්ගෙන් නෙමෙයිනේ..

🦄 ආව්..රිදුනා යකෝ..ගහන්න දෙයක් ඇහුවේ නෑනේ..මට ඉතින් ඒක ප්‍රශ්නයක්...ඇල්ෆා කෙනෙක්ද ටොප් වෙන්නේ එහෙමත් නැත්තම් අපේ අනාගත නායකයා උන මිස්ටර් වැම්පිද ??

🐯 හොබි හ්‍යුන්ග් මේහ්...මන් බොටමක් නෙමෙයි...ඒක හොදට මතක තියාගන්නවා...

ටේහ්‍යුන් කේන්තියට කෑ ගහගෙන හොබිවත් තල්ලු කරන් කොලේජ් එක ඇතුලට ගියා..

🦄 මොනවා උනත් ජිනෝ...උබේ මල්ලිට ලොකු පස්සක් නම් තියෙනවා...බලනවකෝ අර ගස්සන විදියට වැනෙන හැටි...

🐹 මගේ මල්ලිගේ පස්ස දිහා නොබලා ගිහින් ජැකියාගේ පස්ස දිහා බලනවා...බෙයාර්ගේ පස්ස ගැන කුකී බලාගනිවි...

ජිනුත් හොබීව එයාගේ ඇගෙන් තල්ලු කරලා ඇතුලට ගියා..හොබීට නම් ඕවා පුරුදුයි...කොහොමත් අයියා මලෝ වලියක් ගියාම දෙන්නාම හොබිගෙන් තමා කේන්ති පිටකරන්නේ..ඒ අහින්සකයා මැද්දේ ඉදන් තැලි තැලි ඉන්නවා..

දෙන්නාගේ ගැස්සිල්ල දිහා බලාගෙන ඉදලා හොබිත් කොලේජ් එක ඇතුලට යන්න හදනකොට එකපාරටම ජැක්සන් පිටිපස්සෙන් ඇවිල්ලා හොබිගේ ඇගට පැන්නා..

🐵හොබ්බෝ....

🦄 හම්මෝ...ජැකියෝ...මගේ කොන්ද නෑ වගේ..

🐵 ඔයාට මාව තමා ඉතින් බර..හුම්...

ජැක්සන් හොබීට ඔරවගෙන අහක බලාගන්නකොට හොබි හිනා වෙලා ජැක්සන්ව ඇදලා අරන් කරට අතදාලා එයාගේ තොල් වලට පොඩි පෙක් එකක් දුන්නා..

🦄 දැන් හරිද ??

🐵 දේ...ආහ් ඒක නෙමෙයි කෝ බෙයාර්..

🦄 ඔය ගියේ ගස්සගෙන..ශුවර් එකටම කැෆටේරියා එකේ ඇත්තේ..

🐵 චින්චා..එහෙනම් මන් මේ ටික එයාට ගිහින් දීලා එන්නම්..

ජැක්සන් මල්ලකුත් උස්සන් කැෆටේරියා එක පැත්තට දුවනන්න හදනකොට හොබී ඉක්මනට ජැක්සන්ගේ අතින් අල්ලගත්තා..

🦄 ජැකි මොනවාද ඔය !!

🐵 පලතුරු...මන් එනගමන් ඒ ආරංචිය දැනගත්තේ..එහෙම්ම කාර් එක ලග තිබ්බ කඩේකින් නවත්තලා පලතුරු ටිකක් ගත්තා..පස්සේ ලොකු දෙයක් ගෙනත් දෙනවා..දැන් මේක කාපු දෙන්..

🦄 බෙයාර්ට මොකටද ඕවා..

🐵 ඒ කාල්ව්ට පලතුරු කන්න ඕන හොබි...එතකොට තමා බබා ලස්සන වෙන්නේ...අනික ඔයා මට ඒක ගැන කිව්වේ නැති එකට මන් තරහයි හොබි...හැම එකක්ම හංගනවා..ඒක දැන ගත්තෙන් මන් අර යොන්ජුනා කෝල් කරලා විස්තරේ කිව්වාම...ඒ වගේ සුබ ආරංචියකුත් මට පිට එකෙක්ගෙන් අහන්න උනානේ ඇත්තට...මන් යනවා...

ජැක්සන් එක හුස්මට කියෝගෙන කියෝගෙන ගිහිල්ලා යනකොට හොබි බලන් හිටියේ ජැක්සන් කියපුවාගේ තේරුම හිතාගන්න බැරුව..

🦄 බබෙක් !! මොන බබෙක්ද ?? බෙයාර් අර හා පැටියාව දැන්ම ප්‍රෙග්නන්ට් කරලාද ??

හොබි තනියම ඉදන් කල්පනා කර කර ඉදලා ආයි ඇතුලට ගියේ උදේ ඉදන්ම හැම එකාම පිස්සුවෙන් වගේ ඉන්නකොට හැමවෙලේම පිස්සු හැදිලා වගේ ඉන්න එයාගේ පිස්සු ජැකි ඔහොම හැසිරෙන එක සාමාන්‍යය නිසායි...

කොහොම හරි ජැක්සන් යනකොට ජිමිනුත් ටේහ්‍යුන්ට කෑම ගොඩක් අරන් දීලා..ටේට දැන් මේක ලොකු ප්‍රශ්නයක්..වෙනදාට ආපු ගමන් ටේගේ කරට පනින ජිමින් අද කරට පනින්නේ නැතුව හිමීට ලගට ඇවිල්ලා ටේහ්‍යුන්ව බදාගෙන විශ් කරා...ටේහ්‍යුන් හිතුවේ එයාගේ මේට්ව හම්බුන එකට ජිමින් එයාට විශ් කරා කියලා...එයත් ඉතින් තැන්ක්ස් කරලා යන්න හදනකොට වැටෙන්න ගිහින් ජිමින් ටේව අල්ලගත්තා..

🐥 පරිස්සමින් මිස්ටර් වැම්පි...ඔයා මේ කාලේ තමා පරිස්සම් වෙන්නම ඕන කාලේ...

ජිමින් එහෙම කියලා තුස්නිම්භූත වෙලා ඉන්න ටේගේ අතින් අල්ලන් පරිස්සමින් කැෆටේරියා එකට එක්කන් ගියා...ගිහින් වෙනදාට කෑම එක ටේගේ ගිහිල්ලා අරන් එනකම් බලන් ඉන්න ජිමින් වෙනුවට අද ඉන්න ජිමින් ටේව පරිස්සමින් පුටුවකින් වාඩි කරවලා බයෙන් බයෙන් ගිහින් ඉක්මනට කෑම ටිකක් අරන් ඇවිල්ලා ටේට කන්න දුන්නා..

🐥 මොනවා උනත් මිස්ටර් වැම්පි ඔයාගේ හොදම යාලුවා උන මට ඔයා මේ වගේ සුබ පනිවිඩයක් මුලින්ම කිව්වේ නැති එක ගැන මට දුකයි...

ජිමින් මූනත් බෙරි කරන් කියනකොට ටේහ්‍යුන් හිතුවෙම ජිමින් මේ කියන්නේ ජන්ග්කුක් එයාගේ මේට් කියලා එදා මුලින්ම ජිමින්ට කිව්වෙ නැති එක ගැන වෙන්න ඇති කියලායි..

🐯 ඒක ඉතින් මිනි මන් ඔයාට කියන්න තමා හිටියේ...කොහෙද ඊට කලින් ඔක්කොම දැනගත්තානේ..නැත්තම් මන් මමාටත් කලින් ඔයාට තමා මිනි මුලින්ම කියන්නේ..

🐥 හරි ඒකට කමක් නෑ...ඒවා ගැන හිතන්න එපා..හොදට කෑම කන්නකෝ දැන්...මේ කාලෙට හොදට කන්න ඕන මිස්ටර් වැම්පි...

ටේ දුකින් මූන හදන් කියනකොට ජිමින් බබාගේ තාත්තා කවුද අහන්නත් හදලා ඒක පස්සෙ අහනවා කියලා ටේට කන්න දුන්නා..ඇත්තටම ජිමින් කොලේජ් එකට ආපු ගමන් සූබින් ඇවිල්ල ටේ ප්‍රෙග්නන්ට් කියපු වෙලේ ඉදන් ජිමින්ට ප්‍රශ්නේ තිබ්බේ ටේගේ බඩේ ඉන්න බබාගේ අප්පා කවුද කියලා..කුකී ඔමෙගා කෙනෙක් නිසා එයා වෙන්න කොහොමත් බැහැනේ..හදිසි වෙලා ඕක අහලා ටේව කලබල කරන්න ඕන නෑ කියලා හිතපු ජිමින් ඒ ගැන අහන්නේ නැතුව ඉන්න තීරණය කරා..

💥 මේ ටේ ඔප්පා...

ටේයි ජිමිනුයි කෑම කකා හිටපු ටේබ්ල් එක ලගට ආපු කෙල්ලෙක් මූනත් රතු කරන් ටේට කතා කරනකොට ටේ එක ඇහැක් උස්සලා ඇයි කියලා ඇහුවා..

💥 මේ අච්චාරු අපේ ඔම්මා හදපුවා..

ඔය කාලෙට මේවා කන්න ආසයි කියලා ඔම්මා කිව්වා...මේ ටික ගන්නකෝ...

එහෙම කියපු කෙල්ල ටේ වචනයක් කියන්නත් කලින් අච්චාරු මල්ල ටේගේ ඩෙස්ක් එක උඩින් තියලා දිව්වා..ඊට ටිකකට පස්සේ තමා ජැක්සන් එතනට ආවේ..

🐵 බෙයාර්...ඔයාල හැමෝම ඇයි මේවා මගෙන් හන්ගන්නේ...හරි කමක් නෑ..මේකට සාධාරණ හේතු ඇති කියලා මන් හිතන්නම්කෝ..එනිවේ congratulations කොල්ලො..අපි එහෙනම් මමාලා උනා නේද...ඒක නෙමෙයි බෙයාර්...අප්පා කවුද ??

🐥 යාහ් හ්‍යුන්ගී...ඕවා දැන් අහන්න එපා..එයාට කන්න දෙන්නකෝ...

ටේ කටට ගත්තු වෙරලු ගෙඩියත් දත් වලින් හපන් තොල් උඩ තියාගෙන ඇසුත් ලොකු කරන් බලාගෙන හිටියේ ජැකිමින් දෙන්නා කියනවන ඒවා ඒ දෙන්නාටම තේරුනේ නැති නිසායි...ඒ දෙන්නා කොහොමත් තේරුමක් නැති ඒවා කියවන නිසා ටේ එයාලාව ගනන් ගන්නේ නැතුව ආයි කන්න පටන් ගත්තා..

🐵 ආහ් මේ පලතුරුත් කන්න බෙයාර්..මේවා කෑවම බබා ලස්සන වෙනවලු...

ජැක්සන් එහෙම කිව්වාම ටේ කොයි බබාද අහන්න හදනකොටම එතනට ආපු ලීසා මුලු කැෆටේරියා එකටම ඇහෙන්න බෙරිහන් දෙන්න පටන් ගත්තා..

🌱යාහ්..කොම් ෆකින් ටේහ්‍යුන් !! තමුසේ කොහොමද මටත් කලින් ප්‍රෙග්නන්ට් උනේ කියනවා..?? අඩුම ලොකූ තාම එයාගේ මේට්ව හොයාගෙනත් නෑ...පොඩී බැන්දෙත් නෑ...අපි ඔක්කොටම කලින් තමුසේ ප්‍රෙග්නන්ට් උනේ කොහොමද කියනවා...

🐯 මො..මොකක් !!

ලීසාගේ කටේ සද්දෙට මුලු කැෆටේරියා එකම නිශ්ශබ්ද වෙනකොට ටේහ්‍යුන්ට කකා හිටපු එක හිර උනා..මේ අතරේ කැෆටේරියා එකට හොබි , යූන්ගි , නම්ජුන් එක්ක එන ගමන් හිටිය ජින්ගේ අතින් වීදුරු වතුර බෝතලේ බිමට හැලිලා හෙන සද්දෙන් කුඩු වෙලා ගියා..

🐹 බෙයාර් ඔයා ප්‍රෙග්නන්ට් ද ??

ජින් අඩියට දෙකට ටේහ්‍යුන් ලගට ඇවිල්ලා අහනකොට මෙච්චර වෙලා කෑම එක හිර වෙලා ටේ හරි සිහියට ආවේ..

🐯 මෝ ?? පිස්සුද හ්‍යුන්ග් !!

🌱 තමුසෙට තමා පිස්සු...මුලු කොලේජ් එකම දන්නවා තමුසේ ප්‍රෙග්නන්ට් කියලා..ගෙදර මිනිස්සු උන අපි දන්නේ නෑ..කියනවා...කියනවා මේ ලමයාගේ අප්පා කවුද ??

🐯 මොන අප්පෙක් ගැනද අහන්නේ ??

ලීසා ඇවිල්ලා ටේහ්‍යුන්ගේ කොලර් එකේ එල්ලිලා කෑ ගහනකොට ජැක්සන් ලීසාව උස්සලා අරන් පැත්තකින් තිබ්බා..

🐵 ඩෝලි කලබල කරන්න එපා..බෙයාර් මේ කාලේදි කලබල වෙන්න හොද නෑ...

🐱 බෙයාර් තමුසේ බොටමක්ද ?? මන් හිතුවේ ටොප් කියලානේ..එතකොට කුකී !! තමුසෙ මගේ කුකීව රැවැට්ටුවා ද ??

🐥 හ්‍යුන්ග් ඕවා කියලා එයාව බය කරන්න එපා..මේ කාලෙදි කලබල වෙන එක දරුවාට හොද නෑ කියලා..

එක එක්කෙනා එක එක ඒවා කියනකොට ටේහ්‍යුන් හිටියේ වෙන්නේ මොනවාද කියලා මොලේට ප්‍රොසෙස් කරගන්න ගමන්..

🐯 ඔහොම ඉන්නවා...ඔක්කොම කටවහන්නවා..මොන බබෙක් ගැනද අහන්නේ ??

🐥 ඔයාගේ බඩේ ඉන්න බබා ගැන

🐯 මගෙ බඩේ කොහෙද යකෝ බබෙක් ඉන්නේ..

🌱 තමුසේ ප්‍රෙග්නන්ට් නම් බබෙක් නැතුව ඕක ඇතුලේ මොකෙක් ඉන්නද ??

🐯 තමුසෙට පිස්සුද ඩෝලි...

🐹 බෙයාර් මේ අහන්න..ඔයා දැන් අපිට බොරු කියන්න ඕන නෑ...ඔයාගේ බඩේ ඉන්න දරුවාව හ්‍යුන්ග්ට පුළුවන් බලාගන්න..මුලින්ම කියන්න බබාගේ අප්පා කවුද ??

🐯 යාහ්..තමුසෙට පිස්සුද හ්‍යුන්ග් !! මන් ප්‍රෙග්නන්ට් නෑ...මන් ටොප්...නැතුව ප්‍රෙග්නන්ට් වෙන්න බොටමක් නෙමෙයි...අනික මන් කොහොමද මිනිහෝ ප්‍රෙග්නන්ට් වෙන්නේ...මන් කොල්ලෙක්නේ..

🐱 හරි ඉතින් කොල්ලෙක් උනා කියලා ප්‍රෙග්නන්ට් නොවී ඉන්න බැරි කමක් නෑනේ...ඔමෙ..

🦄 ශ්ශ්..කටවහගන්නවා..මිනිස්සුන්ට ඇහුනොත් උබට පිස්සු කියලා හිතයි..

හොබි යූන්ගි කියන්න හදපු එක නවත්තලා කනට කරලා කිව්වාම යූන්ගි අතින් කටගහත්තා..

🐯 ආහ්...කවුද ඔය කතාව කිව්වේ කියනවා...මන් ප්‍රෙග්නන්ට් නෑ යකෝ...

🐨 හරි හරි කේන්ති ගන්න එපා බෙයාර්...අපි කියපු එකාගෙන්ම අහමුකෝ ඔයාගේ බඩේ ඉන්න බබාගේ අප්පා කවුද කියලා ??

🐯 අනේ ජුනි හ්‍යුන්ග් මන් හිතුවේ ඔයාට මෙයාලට වඩා මොලේ ඇති කියලා...කියන දේ තේරුම් ගනින්කෝ..මන් ප්‍රෙග්නන්ට් නෑ බොලව්නේ...

ටේ කොන්ඩේ ඇද ඇද කෑ ගහනකොට ඒක සතේට ගනන් ගන්නේ නැතුව ටේ ප්‍රෙග්නන්ට් කියලා කියපු එකාව හොයන්න පටන් ගත්තේ ටේ නොකියන ටේගේ බබාගේ අප්පා කවුද කියලා බලන්නයි..

🐨 දැන් ඔයාලට කවුද කිව්වේ ටේ ප්‍රෙග්නන්ට් කියලා

🐥🌱 සූබින්

🐨 සූබින්..මෙහෙ එනවා..

නම්ජුන් අඩගහනකොට සූබින් හොරෙන් හොරෙන් ලගට ආවා..

💜️ වේ හ්‍යුන්ග් ??

🐹 සූබින්...මට කියන්න..කවුද මගේ බෙයාර්ගේ දරුවාගේ අප්පා...ඒ ඔයාද ??

ජින් සූබින්ගේ අතින් අල්ලන් අහනකොට සූබින්ගේ ඇස් ටොම්බ සයිස් උනා..ටේ නම් ඔලුව ඩෙස්ක් එකේ ගහගත්තේ එයාගේ මෝඩ පවුලට මේවා තේරුම් කරලා වැඩක් නැති නිසායි...ඇයි එයාලට තේරුම් ගන්න බැරි ටේට බබාලා හදන්න බැහැ කියලා..

💜️ පි..පිස්සු ද හ්‍යුන්ග් !! මන් නෙමෙයි අප්පා..

🦄 එහෙනම් කවුද සූබින්...අපිට කියන්න බෙයාර්ගෙව් අප්පා කවුද කියලා..

💜️ ජින් හ්‍යුන්ග්

🦄🐨🐥🐵🐱🐯 මෝ ජින් හ්‍යුන්ග් !!

🐹 මේ මන් ??

හැමෝම ජින්ගේ පැත්තට හැරෙනකොට ජින් හිටියේ එයා එහෙම එකක් කරාද කියලා කල්පනා කරන ගමන්..

🌱 ඊයා දෙයියනේ..මට නම් බෑ මේ පවුලේ ජීවත් වෙන්න..රෝස් මට වහ කුප්පියක් ගෙනත් දෙන්න..මන් ඒක බීලා මැරෙනවා..

❤️ අනේ ලීසා කලබල වෙන්න එපා...

🌱 කලබල නොවී කොහොමද කියනවා..තමන්ගේ අයියා අතින් මල්ලි ප්‍රෙග්නන්ට් කියලා මනුස්සයෙක්ට කට ඇරලා කියන්නේ කොහොමද ?? මමාටයි ඩැඩාටයි මටයි වහ බීලා ලොකූටයි පොඩීටයිත් ටිකක් දෙන්නවෙයි...බෙයාර් බෙයාර් ගගා මාව ගනන් නොගෙන එයාවම හුරතල් කරනකොට මන් හිතුවේ නෑ ඔහොම දෙයක් වෙයි කියලා !! හයියෝ දෙයියනේ අපේ පවුලේ නම්බුම මේ අයියායි මල්ලි එකතු වෙලා කෑවානේ...මේව කොහොම මාමායි ඩැඩායි දරාගනිවිද මන්දා ??

🐯 ඩෝලි තමුසේ තමුසෙගේ වක්කඩේ වහගත්තේ නැත්තම් මන් ඇත්තමයි උබට වහ ටිකක් පොවනවා..

🌱 පොවනවා ඉතින්..කොහොමත් මේ ලැජ්ජාවෙන් බේරෙන්න මැරෙන එක තමා කරන්න තියෙන එකම දේ..

🐹 ආහ්...කටවහගන්නවා දෙන්නාම...මායි බෙයායි එහෙම දෙයක් කරේ නෑ දෙයියනේ..බෙයාර්ගේ බඩේ ඉන්න දරුවා මගේ නෙමෙයි...

🐨 ඒක තමා...එයා ජිනිගේ වෙන්න විදියක් නෑ..සූබින් මේහ්..බොරු නොකියා කියනවා කාගෙද ඒ දරුවා ??

💜️ මන් දන්නෙ නෑ හ්‍යුන්ග්...කොලේජ් ගෲප් එකේ තිබ්බේ එහෙම තමා...ටේගේ බඩේ ඉන්නේ ජින් හ්‍යුන්ගේ දරුවා තමා..

🐨🐹🌱🐯❤️🐱🐵🐥🦄 මෝ කොලේජ් ගෲප් එකේ ??

එහෙම කියලා ඔක්කොම කොලේජ් ගෲප් එක චෙක් කරන්න ගත්තේ දැන් තමයි...එතකොට තමයි කට්ටියටම වැඩේ තේරුනේ..

🐯 ආහ්...මන් ප්‍රෙග්නන්ට් නැ යකෝ..අද ඔක්කාරෙට ආවේ හ්‍යුන්ගෙයි මගෙයි කිස් කරන ෆොටෝ එඩිට් එක දැකලා අප්පිරිය හිතුනා නිසා...ඊය යකෝ..මන් කොහොමද මගේ හ්‍යුන්ග්ව එහෙම කිස් කරන්නේ...තාම මන් මන් ආදරේ කරන කෙනාටවත් මගේ ෆර්ස්ට් කිස් එක දුන්නේ නෑ..

💜️ එතකොට ජින් හ්‍යුන්ග් ඔයාගේ හ්‍යුන්ග් ද ??

🐯 දෙ...දේ...කිම් සියොක්ජින් කියන්නේ මගේ එක කුස උපන් සයෝදරයා...මගේ හ්‍යුන්ග්...එතකොට අර කට හැකර කෙල්ල..කිම් ලීසා මගේ එක කුස උපන් ට්වීනා...

🐥 මිස්ටර් වැම්පි ඔයා එතකොට ඇත්තටම ප්‍රෙග්නන්ට් නැද්ද ??

🐯 ආහ්...නෑ දෙයියනේ නෑ....

ඔන්න ඔහොම තමා ඉතින් අවුල් ජාලයක් වෙලා තිබ්බ කොලේජ් එක ටේගේ හා පැටියා එන්න ඉස්සෙල්ලා ආයි යතා තත්ත්වයට ගත්තේ..ජන්ග්කුක් හිමින් හිමින් පරිස්සමින් කොලේජ් එකට පලවෙනි අඩිය තියනකොටම ටේට ඒක දැනුනා...එයාට එයාගේ ඉදන් මීටර් 200m ක් එහාට එයාගේ හා පැටියාව් දැනෙනවා...

🐯 ඔමෝ..මිනි එයා ඇවිල්ලා..මන් යනවෝ...

🐥 ඉන්න මාත් එනවා...

.

බෙයාර්ත් මන් වගේම උදේ පාන්දර ලෙක්චර්ස් වලට යන්න කලින් කැෆටේරියා එකට බඩගාන හොද දරුවෙක් 😌

හම්මෝ අද ලොකු චැපියක් දුන්න හරිද ?? වචන 2346ක්..

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️

Contents
Contents