Chapter 10 of 42

chapter 9

My Little Wolfie | TK || Completed1,294 words~7 min read

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

🦄 ජැකි පොඩ්ඩක් මන් කියන එක අහලා නවතින්න...ජැකි...

ජැක්සන් ටෙකුක් දෙන්නා ඉන්න කාමරෙන් එලියට ආවත් හරි අඩියට දෙකට දුවලා යනකොට හොබිත් පස්සෙන් ගියේ ජැක්සන්ව කොහොම හරි නවත්තන්න කියලා හිතාගෙන...ඒත් ඉතින් ජැක්සන් හිටියේ හොබීට හුගක් දුරින්...මේ වෙලේ ඇල්ෆා පවර් යූස් කරලා දුවන්න හැදුවොත් සාමාන්‍ය මිනිස්සු හොබි දිහා අමුතු ජිවියෙක් විදියට බලන නිසා හොබි සාමාන්‍ය වේගෙන් ජැක්සන් පස්සෙන් දිව්වා..

🦄 ජැකි...මැණික ඔහොම ඉන්නකො..

හොබි පුළුවන් තරම් සොෆ්ට් විදියට කතා කරාම ජැක්සන් යන එක නැවැත්තුවේ නැතත් යන වේගේ පොඩ්ඩක් අඩු කරා...ජැක්සන් තමන්ගේ වේගේ අඩු කරා කියලා දැක්ක ක්ෂණිකයෙන් හොබි ජැක්සන් ලගට දුවගෙන ගිහින් ජැක්සන්ගේ අතින් අල්ලගත්තා..

🐵 මට යන්න දීපන්...

🦄 පොඩ්ඩක් මන් කියන දේත් අහන්න ජැකි..

🐵 මට තව අහන්න දෙයක් නෑ හොබි...මන් අද හැමදෙයක්ම තේරුම් ගත්තා..මගේ අත අතාරින්න..

🦄 මාව තේරුම් ගන්න මැණික..ප්ලීස්...

🐵 මට ඔයාව තේරෙනවා හොබි...ඔයා කුමාරවරුන්ගේ ආරක්ෂාවටනේ හැම දෙයක්ම හැංගුවේ...ඒත් ඔයාට තිබ්බා අඩුම මාව විශ්වාස කරන්න...තමන්ගේ මේට්ට තමන්ව විශ්වාස නෑ කියලා කිව්වාම දැනෙන වේදනාව ඔයා දන්නවාද හොබි...

ජැක්සන් ඇස්වල කදුලු පුරවන් හොබිගේ අතින් එයාගේ අත ගලවන්න ට්‍රයි කරන ගමන් කියලා ටිකකින් හොබිගේ උත්තරයක් නොලැබුන තැන ඇස්වල කදුලු පිහිදලා හොබි දිහාට කට කොනේ හිනාවක් දැම්මා..ජැක්සන් බෙටා කෙනෙක් උනත් තමන්ගේ ඇල්ෆා ඉස්සරහවත් කදුලු පෙන්නන්න කැමති කෙනෙක් නෙමෙයි...හොබි එයාගේ මේට් වෙන්න කලිනුයි එයාගේ හොදම යාලුවා උනේ..හොබි සුවද හන්ගන් ඉන්න නිසා කාලයක් යනකම් හොබියි ජැක්සන්ගේ මේට් කියලා ජැක්සන්ට දැනුනේ නෑ..හොබි ඒක ජැක්සන්ට අවුරුදු ගානකට පස්සේ කියනකම්ම ජැක්සන් දැනන් හිටියේ නෑ එයාගේ හොදම යාලුවායි එයාගේ මේට් කියලා..ඒ නිසාම වෙන්න ඇති ඒ දෙන්නාම මේට්ලා උනත් සාමාන්‍ය මේට්ලා වගේ බලය වැඩි කෙනාට බලය අඩු කෙනා ඔලුව පහත් කරනවා වගේ දේවල් ඒ දෙන්නා අතරේ නෑ...හොබිට ඕනෙත් නෑ ජැක්සන්ව එයාගේ යටතේ තියාගන්න..ඒ නිසාම ඒ දෙන්නා තාමත් ඉන්නේ එකම රෑන්ක් එකක දෙන්නෙක් ඉන්න විදියටම තමයි...

🐵 ඔයා දන්නවාද හොබි...මගේ වේදනාව ඔයාට ටිකක් හරි දැනෙන්න තිබ්බා අඩුම මාව මාර්ක් කරලා හරි තිබ්බා නම්...

🦄 ජැකි මන් කියන එක අහන්..

🐵 මට ඔයාගෙන් නිදහසට කාරනා ඕන නෑ හොබි...ඔයා මාව මාර්ක් නොකර ඉන්නකොට මන් හිතුවේ තාමත් අපි දෙන්නා මේට්ලාට වඩා හොදම යාලුවෝ වගේ ඉන්න නිසා ඔයාට ඒකට හිත හදාගන්න බැරුව ඉන්නේ කියලා...ඉතින් මන් ඉවසගෙන හිටියා...පැක් එකේ හැම කෙනාම මාර්ක් වෙනකොට මේට් ලග ඉදලත් මේට් නැති කෙනෙක් වගේ හැසිරුන මන් ඉවසගෙන හිටියා කවදාම හරි ඔයා ඔයාගේ හිත හදාගෙන මාව මාර්ක් කරයි කියලා...මන් පුළුවන් තරම් ඉවසගෙන හිටියා ඔයාගේ කාලය ඔයාට දෙන්න...ඒත් මන් හිතුවා වැරදි හොබි...මන් තනිකරම වැරදි...මන් මෙච්චරකල් හිත හදාගෙන හිටියේ වැරදි දේකට...ඔයා මාව විශ්වාස නැති නිසායි හොබි මාව මාර්ක් කරේ නැත්තේ..ඔයාට මාව විශ්වාස නැත්තම් ඔයාට පුළුවන් හොබි මාව රිජෙක්ට් කරන්න...තාමත් මාර්ක් කරලා නැති නිසා අපි දෙන්නාගේ සම්බන්ධකම හුගක් දුර ගිහින් නෑනේ...ඒ නිසා මාව රිජෙක්ට් කරලා ඔයාට ගැලපෙන ගර්ල් කෙනෙක්ව සෙට් කරගන්න...අඩුම එයාට ඔයාට පප්ස්ලා දෙන්න හරි පුළුවන්..මන් ඔයත් එක්ක තරහ වෙන්නෙ නෑ...ඔයාට...

චටාස් 💥💥💥💥💥

ජැක්සන් කියන හැමදේම අහගෙන හිටියත් අන්තිමට එයාව රිජෙක්ට් කරන්න කියපු එක නම් හොබීට දරාගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ..ඒ නිසාම ජිවිතේට ජැක්සන්ට අත උස්සපු නැති හොබි හොස්පිටල් එහෙක හැමෝම ඉස්සරහ ජැක්සන්ට කම්මුල් පාරක් ගැහුවා..

🐵 හො..හොබි...

ජැක්සන් කම්මුල් පාර වැදුන කම්මුලත් අල්ලන් ඇස්වල කදුලු පුරෝගෙන හොබිගේ නම මුමුනනකොට හොබි ජැක්සන්ගේ අතින් ඇදන් එතනම එහා පැත්තේ තිබ්බ කාමරේ ඇතුලට ගියා..

කාමරේ පුරාම තිබ්බ මද අදුර නිසා හොබීගේ කේන්තිය පිරිලා තියෙන රතු ඇස් ජැක්සන්ට හොදටම පෙනුනා...

🦄 තමුසේ මන් කවුරු කියලාද හිතන් ඉන්නේ බේසිකයෝ....තමුන් මගේ...ජැක්සන් වෑන්ග් කියන්නේ ජන්ග් හෝසියෝක්ට අයිති දෙයක්..හිතුන වෙලේට ලන් කරගන්නයි එපා උනාම ඈත් කරන්නයි නෙමෙයි මන් තමුසෙව ලන් කරගත්තේ..රිජෙක්ට් කරන්න...හහ්...තමුසේ හිතනවාද බේසිකයො මන් තමුසෙව එහෙම ලේසියෙන් රිජෙක්ට් කරයි කියලා..නෙවර්...තමුසේ මගේ...මේ මගේ විතරයි..මන් තමුසෙට ආදරෙයි...මෙච්චරයි කියන්න බැරි තරම් ආදරෙයි...ඔව් මන් තමුසෙගෙන් හැංගුවා තමයි...එහෙම කරේ තමුසෙව විශ්වාස නැතුව නෙමෙයි...තමුසෙව මට වටින නිසායි...මගේ ජීවිතේටත් වඩා තමුසෙව මට වටිනවා...මේ රහස තමුසෙත් දැනගත්තොත් තමුන්ගේ ජිවිතෙත් තියෙන්නෙ අනතුරක බේසිකයෝ...ඇයි උබට ඒක තේරුනේ නැත්තේ...හදිසියෙවත් මේ මිශන් එක නිසා ටේහ්‍යුන්ව ආරක්ෂා කරන්න ගිහින් මට මැරෙන්න උනොත් තමුසේ තනිවෙනවා...ඒකයි මන් තමුසෙව මාර්ක් කරේ නැත්තේ...නැතුව තමුසෙ ගැන තියෙන අවිශ්වාසෙකට නෙමෙයි බේසිකයෝ...තමුසෙට මන් ආදරෙයි...මගේ පනටත් වඩා මන් ආදරෙයි...මට ඔයාව වටින නිසායි මන් මේ හැමදෙයක්ම ඔයාගෙන් හංගලා ඔයාව ආරක්ෂා කරේ...දැනුත් ඕනේ මාව රිජෙක්ට් කරන්නද ?? හරි රිජෙක්ට් කරනවා...හැබැයි මන් තමුසෙව වෙන කිසිම කෙනෙක්ට අයිති වෙන්න ඉඩ තියෙන්නේ නෑ..තමුසේ මගේ...මේ මගේ විතරයි...ජන්ග් හෝසියෝක්ගේ දේවල් වෙන අයට පාවිච්චි කරන්න බැහැ...එහෙම කරොත් ඒ කෙනාගේ මරනේ වෙන්නේ මේ මගේ අත් දෙකෙන්ම තමයි...

ජැක්සන්ගේ කොලර් එකෙන් ඇදලා කෑ ගහලා කිව්ව හොබි අන්තිම ටික කියලා යන්න හැදුවත් ජැක්සන් ඉක්මනට හොබිගේ අතින් අල්ලගත්තා..ජැක්සන් හොබීට කියපු දේවල් ගැන එයා ගොඩක් පසුතැවිලි උනා..මොකද එයා හිතුවේ නෑ හොබි ඒ තරම්ම එයාට ආදරෙයි කියලා...එහෙම වෙන්න ඕන..හොබි කියන්නේ පිටතට ආදරේ පෙන්නන කෙනෙක් නෙමෙයි...ඒත් එයා එයාගේ අය වෙනුවෙන් පන උනත් දෙන්න පුළුවන් ලස්සන හදවතක් තියෙන කෙනෙක්..

🐵 මි..මියානේ හොබි...

ජැක්සන් හොබිගේ පපුවට තුරුලු වෙලා මහ හයියෙන් අඩන්න පටන් ගත්තා..ජිවිතේ පලවෙනි වතාවට ජැක්සන් අඩනවා...එයාගේ ඇල්ෆාගේ උනුහුමේ අඩනවා..ඒත් ඒක ජැක්සන්ට ලොකු සහනයක් ගේනවා වගේ දැනුනා...ඒ නිසාම එයා හොබීට තුරුලු වෙලා ඇතිවෙනකම් ඇඩුවා..හොබිත් ජැක්සන්ට ඇති වෙනකම් අඩන්න දීලා එයාව තුරුලු කරගෙන ඔලුව අතගාගා හිටියා..

අන්තිමට ජැක්සන්ගේ ඇඩිල්ල නතර උනේ එයාලා හිටපු කාමරේ දොර ඇරෙන සද්දේ ඇහුන නිසායි..හොබි එහෙම්ම ජැක්සන්ගේ කට වහලා එතන තිබ්බ ඇදක් වගේ එකක් පිටිපස්සේ හැංගුනා..ඒක ඇතුලට ආව ඩොක්ටර් කෙනෙකුයි ඇටෙන්ඩන්ස්ලා දෙන්නෙකුයි සුදු රෙද්දකින් වහපු දෙයක් ඇදක් උඩ දාගෙන ඇවිල්ලා එතනින් තියලා ගියා...එයාලා ගියාට පස්සේ තමා ජැක්හෝප් දෙන්නා වටපිටාව පොඩ්ඩක් බැලුවේ..

🦄 ජැ..ජැ..ජැකි...

🐵 ම්ම්

🦄 අ..අපි ඉන්නේ මෝචරියක් ඇ..ඇතුලේද ??

හොබි ගොත ගගා අහනකොට ජැක්සන් හොබි දිහා බැලුවේ මූ ඇත්තටම මේ බය වෙලාද ඉන්නේ ලුක් එකකින්..

🐵 හොබි උබ බයද ??

🦄 අ..අනි පිස්සුද ?? මන් උබේ ඇල්ෆා හ..හරිද ?? මේ..මන් මැරිච්ච මිනිස්සුන්ට බ..බය වෙන්න...

පි...පි..පිස්සුද ??

🐵 එහෙනම් මොකද මිනිහෝ ගොත ගහන්නේ...

🦄 ආහ්...මේ...මේ..ඒක මේ මට මේ ඉක්කාව හැදිලා...හික්...මේ පේනවානේ...ඉක්මනට මෙතනින් යමු...මට නැත්තම් ඉක්කා ගිහින් මැරෙයි...

හොබි බොරු ඉක්කාවක් හදාගෙන කියනකොට ජැක්සන් හොබි දිහාවට කට කොනේ හිනාවක් දාලා හොබීගේ අතත් අල්ලන් හිටපු තැනින් නැගිටලා යන්න හැදුවත් හොබි එකපාරටම කෑ ගහන්න පටන් ගත්ත නිසා ජැක්සන් හොදටම බය වුනා..

🦄 ඈහ්...ජැකි මාව බේරගන්නඩෝ...මෙන්න මැරිච්ච මිනියක් මගේ අත අල්ලගෙන...අයිගෝ මට දැන්ම මැරෙන්න බැහැ...අනේ බේසිකයො මාව බේරගනින්...ඔහොම බලන් ඉන්න එපා මිනිහෝ..මන් උබේ මේට් නේද..මේකේ ඉන්න හොල්මනක්ද කොහෙද මගේ ශර්ට් එකෙන් අල්ලන් ඉන්නවා...හෑහ්...බේරගනින්කෝ...මගේ හොද ජැකි වගේ මාව බේරගනින් බේසිකයෝ...

ශර්ට් අතේ කොනක් මිනියක් තියෙන ඇදක පටලවාගෙන හොල්මනක් එයාව අල්ලන් ඉන්නවා වගේ මෝචරිය ඇතුලේ බෙරිහන් දෙන එයාගෙ ඇල්ෆා දිහා ජැක්සන් බලාගෙන හිටියේ ඔලුවෙත් අත තියාගෙන...තවත් විනාඩි ගානක් කෑ ගැහුව හොබි තලපතා පොලේ ගැහුවා වගේ කලන්තේ දාලා වැටුනේ ජැක්සන්ට එයාගේ මේට් ගැන තව දුරටත් කලකිරවලයි...

🐵 ඒයි...බේසිකයා නැගිටිනවා..හොබි...ඒයි...

අනේ බන් මන් උබව රිජෙක්ට් කරොත් මිනීමරන්න නේද කතා උනේ...දැන් මැරිච්ච මිනිහෙක්ට බය වෙලා කලන්තේ දාලා මගේ නම්බුවටත් අගෞරව කරන්න එපා හොබි..නැගිටිනවා...යාහ්...

කොච්චර මූනට තට්ටු කරත් හොබි නැගිටින්නෙම නැති නිසා ජැක්සන් හෙන ගේමක් දිලා හොබිව කරට අරන් මෝචරියෙන් එලියට ආවා...

🐵 හප්පේ මුගේ බර...මෙහෙම ගියොත් ඇල්ෆා කෙනෙක් බොටමක් වෙයිද දන්නේ නෑ...හයියෝ...

මෝචරිය ලග ඉදන් හෙන ගේමක් දීලා ඩොක්ටර් කෙනෙක් ඉන්න තැනකට එක්කන් ආව ජැක්සන් හොබිව එහෙම්ම නර්ස් කෙනෙක්ගේ උදව් එක්ක ඇදකින් තියලා ඩොක්ටර්ට කතා කරා..

✔️ මේ ලමයාට මොකද උනේ ??

🐵 මැරිච්ච මිනියකට බය වෙලා කලන්තේ දැම්මා..

හොබි දිහා කලකිරුනු මූඩ් එකකින් බලන් ජැක්සන් ඔහේ කියනකොට ඩොක්ටර්ටයි නර්සුයි ජැක්සන් දිහා ටිකක් වෙලා බලන් ඉදලා හොබිව චෙක් කරන්න පටන් ගත්තා..

✔️ ඔයා මේ පේශන්ගේ කවුද ??

ඩොක්ටර් ටිකක් බැරෑරුම් ලුක් එකකින් ජැක්සන්ගෙන් අහනකොට ජැක්සන්ට කට උත්තර නැතුව ගියා..ඩොක්ටර්ට ඉතින් කියන්න පුළුවන් ඈ මේ ඉන්නේ මගේ මේට් කියලා..

🐵 ආහ්..මන්..මන් මේ මෙයාගේ යාලුවෙක්..

✔️ හ්ම්..පේශන්ට හාර්ට් එකේ ප්‍රොබ්ලම් එකක් තියෙනවාද ??

🐵 නෑ ඩොක්ටර් ඇයි ??

✔️ පේශන්ගේ හාර්ට් බීට් එක අසාමාන්‍ය විදියට ගැහෙනවානේ...ඇගේ උශ්නත්වෙත් සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා වැඩියි...එයාට සිහිය ආවම අපිට ට්‍රීට්මන්ට් ටිකක් තියෙනවා..ඒ ටික කරලා බලමු...එතකම් එයාට රෙස්ට් කරන්න දෙන්න...

🐵 අහ්..හා...ඕකේ ඩොක්ටර්...

ජැක්සන් ඉක්මනට ඩොක්ටර්ව යැව්වේ තව හිටියොත් හොබිට මොන මොන ලෙඩ ඩොක්ටර් හදයිද කියලා හිතාගන්න බැරි නිසායි..මොකද ඉතින් ඩොක්ටර් දන්නේ නෑනේ හොබි කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි කියලා...

🐵 අනේ බන් උබ ඇල්ෆා පරම්පරාවටම අගෞරව කරනවා...කටක් ඇරලා කියන්නේ කොහොමද මගේ මේට් මැරිච්ච මිනියක්ට බය වෙලා කලන්තේ දැම්මා කියලා...මීට හොදයි උබත් එක්ක වහ ටිකක් කාලා මැරෙනවා...හයියෝ....දෙයියොම බලාගන්න ඕන මෙව්වා...

.

.

.

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️

Contents
Contents