Chapter 6 of 6

~ පසු වදන ~

මන්දාකිණී | Complete277 words~2 min read

කොහොමද ඔයාලට? විශ්වාස කරනවා හොඳින් ඉන්නවා කියලා.

එහෙම නැති වුණත් කමක් නෑ.

ජීවිතේ හැම දවසක්ම එක වගේ නෑනේ.හොඳ දවස් වගේම නරක දවසුත් තියනවා.

නිකමට බලන්න ඔයාගේ අතේ ඇඟිලි පහ,එතකොට සතියේ දවස් ටික,ඇයි දේදුන්නෙ තියෙන්නෙත් පාට හතක් නේද?

දැක්කද කිසිම දෙයක් එක වගේ නෑ.

ඉතින්,මේ පුංචි කතාව මම ලිව්වේ වැටෙන්න පුළුවන් අන්තිම තැනටත් වැටිලා,ජීවත් වෙනවට ජීවත් වෙන හදවත් වෙනුවෙන්.

මැරෙනවා කියන්නේ කිසිම ප්‍රශ්නෙකට විසඳුමක් නෙවෙයි.

ඒකෙන් වෙන්නේ ඔයා බයගුල්ලෙක් වගේ ප්‍රශ්නෙන් පැනලා ගියා වෙන එක.

අමාරුයි තමයි,හදවත පැලෙන්න එනවා තමයි.මම දන්නවා ඒ වේදනාව,මොකද මේක ලියන මමත් වැටෙන්න පුළුවන් අන්තෙටම වැටිලා මනෝවෛද්‍ය ප්‍රතිකාර ගත්ත කෙනෙක් සහ තවමත් ඒවාගෙන් විඳවන කෙනෙක්.

ජීවිතේ හරි පුදුමයි නේද?

මතක තියාගන්න,හැමෝටම තියනවා තමන් කාටවත්ම නොකියපු,මුළු ලෝකෙන්ම හංගපු කතාවක්.ඉතින් හොඳ වුණත් නරක වුණත් කවදාවත් එයාලගේ ඇතුළාන්තේ දකින්නේ නැතුව කිසිම කෙනෙක්ව එයාලගේ පිට රූපෙන් මනින්න එපා.

මොකද කොච්චර ලස්සන වුණත්,

ඩැෆඩිල් මලුත් විෂ සහිතයි.

බලාපොරොත්තුවක් හොයාගන්න.

ඒක සමහරවිට දෙයක් වෙන්න පුළුවන්,නැත්තන් කෙනෙක් වෙන්න පුළුවන් (හරියට අහස්ට මන්දාකිණී මුණ ගැහුනා වගේ),

සමහරවිට කාලෙකට සැරයක් දකින සූර්ය ග්‍රහණයක් වෙන්නත් පුළුවන්.

ඒ වෙනුවෙන් ජීවත් වෙන්න.

නැත්තන් ඔයාට පුළුවන් තමන් වෙනුවෙන් ජීවත් වෙන්න.ඒක වැඩිපුර හොඳයි.

ඉතින් මට කියන්න ඕන වුණේ,

කොච්චර අමාරු වුණත් අල්ලගෙන ඉන්න.

ඔයාට බෑ කියපු මිනිස්සුන්ට කරලා පෙන්නන්න.

තවත් කෙනෙක්ට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් වෙන්න.

පුළුවන් හැම වෙලේම ආදරේ කරන්න.

ඔයාව අමතක කරන්නත් එපා.

සතියකට සැරයක්වත් ඔයාටත් සලකන්න.

නරක 99% පොඩ්ඩක් පැත්තකට කරලා හොඳ 1% ගැන හිතන්න.

(කියනවා වගේ නෙවෙයි කරනකොට)

ඒත් ඔයා උත්සහවත් නොකරනවා නම් කොහොමද දන්නේ කරන්න පුළුවන් ද බැරිද කියලා.

ඔයාව විශ්වාස කරන්න.වැරදුනාට කමක් නෑ.හරියනකම්ම උත්සහ කරන්න.අනිත් මිනිස්සුන්ට බම්බු ගහගන්න කියන්න.උන් දන්නේ නෑනේ ඔයාගෙ වේදනාව.

පොසිටිව් විදියට හිතන්න.

ඔයාගේ හොඳම යාළුවා ඔයාම වෙන්න.

එහෙනම් මම ගිහින් එන්නම්.

සතුටින් ඉන්න.මම ඔයාලට මහ හුඟක් ආදරෙයි.

සෙනෙහසින්,

මන්දාකිණී.

(Special Chapter එකෙන් මුණ ගැහෙමු)

Contents
Last Chapter
Contents
Next