Chapter 4: 03•

තේව් (TAEKOOK)Words: 18554

නිල් අහස් තලය සම්පූර්ණයෙන්ම අඳුරු පැහැයට හරවමින් මහ වර්ශාවකට අත වනන පෙර නිමිති දිස් වී විනාඩි කිහිපයක් ගිය තැන පුංචි වැහි බිඳු දෙක තුනක් කාෂ්ඨක පොළොව මතට වැටෙනවත් එක්කම ඒ පුංචි වැහි බිඳු දෙක තුන විශාල ධාරාණිපාත වර්ශාවකට හැඩ ගැහුනා...

පුංචි තේව් මේ වෙද්දිත් අමෝරා ඇඳ හැලෙන වර්ශාවට මුහුණ දෙමින් හිටියේ වැලිමඩට නුදුරු පාලු පාරක් ඇතුලට වෙන්න හිටගෙන...කොල්ලව හොඳටම තෙමෙනවා...කිසිම කෙනෙක් පේන මානෙක නෑ...පාලු පාරේ රූස්ස ගස් ඇරුණු කොට බල්ලෙක්වත් නෑ...

දවස් ගානකට පෙර සිද්ධ උන සිද්ධිය අහිංසක කොල්ලාගේ මනසට නොසෑහෙන්න බලපෑම් එල්ල කලා...සමාජය මෙච්චර නපුරුද?කොල්ලාට නොයෙක් වතාවක් ඒ දේ සිහිපත් කලත් කොල්ලා ඒකට හරි යමන් පිළිතුරක් දැනගෙන හිටියේ නෑ...

ඇයි මිනිස්සු මේ විදිහට නපුරු වෙන්නේ?මං වගේ කී දෙනෙක් මේ ලෝකේ ඉන්නවා ඇතිද?තේව් දවස් ගානටම උදේ රෑ කල්පනා කලේ මේ දේ...වරුසාව කෙමෙන් කෙමෙන් වැඩි වෙද්දී කොල්ලා රුක්අත්තන ගහ යටට මුවා උනේ වැස්සෙන් බේරෙන්න කියලා හිතාගෙන...

"අනේ කවුරුත් නැද්ද?"කොල්ලා මේ වෙද්දිත් හිටියේ ගොඩක් බය වෙලා...නිමේශ් එක්ක සිටි ජේඩ්න්ගේ ගෝලයෝ දහකයට වඩා කොල්ලාව ලුහු බැන්ඳත් කොල්ලා පාලු පාරට දුවගෙන එනවත් එක්කම එතනින් එහාට කොල්ලාට ඔවුන්ව දැක ගන්න ලැබුනේ නෑ....කොහේ හරි ඔවුන් ඇති කියන සිතුවිල්ල ඔලුවේ දෝංකාර දෙන නිසා තේව් ගොඩාක් බය උනා...ආයේ වතාවක් අහු උනොත් ඔවුන් මොනා කරයිද? කියලා කොල්ලා බය උනා..

අත් දෙකත් එක්කහු කරගෙන සීතල ඉවස ගන්න උත්සාහ කරන තේව් ඈත තියා දැක්කේ සුදු පාට ස්කූටියක් තමාගේ පැත්තට එන බව...ඒත් එක්කම හිතේ යම් සතුටක් ඇති උනේ මෙතනින් යාගන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසා...

ස්කූටිය කෙමෙන් කෙමෙන් ලං වෙද්දී කොල්ලා පාර මැදට පැනලා අත වැනුවා...ඒත් ස්කූටිය කොල්ලාවත් පහු කරගෙන ඉඳිරියට ඇඳුනේ කොල්ලාගේ බලාපොරොත්තු එකක් එකක් ගානේ සුනු විසුනු කරමින්....

ආයෙම ඇස් වල කඳුලු පුරවගත් කොල්ලා පාර මැදින් අයින් වෙලා ඔහේ බලාගෙන හිටියා...කොල්ලගෙ ඇස් වලින් කඳුලු ගලන් ගියත් කොල්ලා අඩනවා කියලා කවුරුත්ම දැනගන්න එකක් නෑ...

කඳුලු වැල් සමඟින් වැහි වතුර කොල්ලාගේ සීතලටම රතු උන කම්මුල් දිගේ ගලාගෙන යනවා...ඉතිම් කවුද හිතන්නේ කොල්ලා අඩනවා කියලා?ආයෙමත් කොයිම මොහොතක හරි වාහනයක් එනතුරු කොල්ලා බලාපොරොත්තුවෙන් හිටියා...

විනාඩියෙන් විනාඩිය ගෙවෙන අතරේ වාහන කිහිපයක් නැවතත් කොල්ලාව පහු කරගෙන යන්නට උන්නේ කොල්ලා සීතලට ගැහෙමින් අමාරුවෙන් හුස්ම අල්ල ගන්න උත්සහ කරද්දී...කලාතුරකින් වාහනයක් දෙකක් යන මේ පාරේ මේ වෙද්දිත් වාහන දෙක තුනක් කොල්ලව පහු කරගෙන ගියේ කොල්ලාගේ වචන වලට ඇහුම්කන් නොදී...

"කාටවත්ම මාව ඇහෙන්නේ නැද්ද?"කොල්ලා වෙව්ලන රෝස තොල් වලින් හෙමින් මිමිණුවා..."මාව මරයි...ඔව් මාව මරනවා එයාලා..."තේව් පිස්සුවෙන් වගෙ කෑ ගහන්න ගත්තා...කොච්චර කෑ ගැහුවත් ඒ හඬ කොල්ලාට පමණක් සීමා උනා...කොල්ලාව හොඳටම තෙමෙනවා...ගහ යටට මුවා උනත් ඒකෙන් පලක් උනේ නෑ...

පුංචි තොල් කිටි කිටියේ ගැහෙනවා...ඇත්තටම තේව්ට තිබුනේ සීතලට ඔරොත්තු නොදෙන සිනිඳු,සියුමැලි සමක්...පුංචි අහිංසකයා මේ වෙද්දී ගොඩක් අසරණ වෙලා බලාගෙන හිටියේ කවුරුන් හෝ නැවතත් එනකල්...

වාහන දෙක තුනක් පාලු පාර පහු කරගෙන ගිහින් පැය කිහිපයක් ගත උනා...ඒත් එක්කම නැවතත් සුදු පැහැති මෝටර් රථයක් සුළං කපොලු හරහා ඉදිරියට ඇඳෙමින් තිබුනා...භාගෙට පියවුන ඇස් ඒ මොහොතේ කනට වැටුනු මෝටර් රථයේ ශබ්දයත් එක්ක සම්පූර්ණයෙන් විවෘත උනා..

ඒ මොහොතෙම කොල්ලා බිමට පාත් කරගෙන හිටිය අත ඉදිරියට කරලා පාර මැද්දට දිව්වා..."මාව ඇහෙනවද?ප්ලීස් මේක නතර කරන්න...."කොල්ලා මුලු වීර්යයම යොදලා පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා...

පුංචි කොල්ලා මොනවදෝ දෙයක් කියන්න උත්සාහ කරනවා කියලා කොල්ලාගේ ඉරියව්වෙන් තේරුම් ගත් මෝටර් රථයේ අයිතිකාරයා වර්ශාව සතේකටවත් මායිම් නොකර මෝටර් රථයෙන් එලියට බැස්සා..

"මාව බේරගන්න...ඔයා කවුද කියන්න මම දන්නේ නෑ... ප්ලීස් මාව බේරගන්න..."කොල්ලා හයියෙන් කෑ ගහද්දී මෝටර් රථය ළඟින් අඩියක් ඉදිරියට තිබ්බ ඔහු පුංචි තේව් ළඟට කිට්ටු උනා.."අ-අර මිනිස්සු මාව එලවන් එනවා,ඒගොල්ලෝ මාව දැක්කොත් මරයි,මාව බේරගන්න..."තේව් කියද්දී ඔහු වට පිට බැලුවා...

"අනේ කවුරුත් මං කියන දේ ඇහුවේ නෑ,එයාලා ඔක්කොම මාව මෙතන දාලා ගියා...මාව බේරගන්න,අර මිනිස්සු ළඟම එනවා ඇති..."කොල්ලා ඔහුගේ සුදු පැහැති කමිසයෙන් එක් වරම තද කරලා අල්ලාගත්තේ සිහි නැතුව ඇඳගෙන වැටෙද්දී...

"ඕහ් ගෝඩ්...හේයි...ඔයාට මොකද උනේ?"කොල්ලව ඇඟට බර කරගත් ඔහු කොල්ලගේ නහස් පුඩු වලට යටින් අත තිබ්බා...ඒ විගසම කොල්ලව අත් අතරට ගත් ඔහු මෝටර් රථයේ පිටුපස දොර විවෘත කරලා කොල්ලව සම්පූර්ණ සීට් එක මත දිගා කෙරෙව්වා...

අහිංසක කොල්ලාගේ ඉරුණු කමිසය වගේම හම ගිහින් තිබුන කොට කලිසමත් සම්පූර්ණයෙන් තෙත බරිත වෙලා..දහසක් දේවල් ඔලුවට එද්දී මෝටර් රථයට නැග්ග ඔහු වේගෙන් ඉදිරියට ඇඳුනා...ඉදිරියට එන සුළං පහරවල් මැදින් තම උපරිම වේගෙන් මෝටර් රථය ධාවනය කල ඔහු මෝටර් රථය තම පාලනයට නතු කරගත්තා...

~

මෝටර් රථයේ සද්දේ ඇහෙනවත් එක්කම දුවගෙන ආපු ඒ ගැහැණු කෙනා ඔසරි පොට ඉන වටේ බඳිමින් බංගලාවේ තරප්පු පේලිය මත සිටගෙන වාහනේ දිහා බැලුවා.."දෙයියනේ සුදු මහත්තයා හොඳටම තෙමිලා..."වාහනෙන් බැහැලා පිටුපස දොර දිහාවට ඇවිදින ඔහුව දුටු ඔහුගේ මවට කියවුනේ එපමණයි...

"අම්මා!!ඔය කමලාට ටිකක් එන්න කියන්න"ඔහු වාහනයේ පිටුපස දොර අරින අතරේ කියද්දී ඇය නැවතත් බංගලාව ඇතුලට ගියා.."පුංචි මහත්තයා මට කතා කරාද?"බංගලාවේ අත් උදව්වට සිටි කාන්තාව කුඩයක් ඉහළගෙන ඔහු වෙතට කිට්ටු උනා...

"ඔව් කමලා,මට මේ ළමයාව එලියට ගන්න ටිකක් උදව් කරන්න"ඔහු පුංචි තේව්ව පරිස්සමට එලියට අරගත්තේ කමලාගෙද උදව් සහිතව..අධික වර්ශාවත් එක්ක ඔහුට එය තනිවම කරන එක මදක් අපහසු උනා...

"කමලා පරිස්සමෙන් අල්ලගන්න"ඔහු හෙමින් කියද්දී ඇය ඔලුව වැනුවා..දෙන්නත් එක්ක පරිස්සමට බංගලාව ඇතුලට ගොඩ වෙද්දී ඔහුගේ මව කලබලෙන් ඔහු පිටුපසින් ඇවිදගෙන ගියා..."මෙවාන්!!"මව හඬ උස් කලත් ඔහු ඇය දෙස නොබලා ඔහුගේ කාමරය දක්වාම ඇවිදගෙන ගියා..

"සුදු මහත්තයා! මොකක්ද දරුවෝ උනේ?"සුදු මැණිකේ බය වෙලා වගේ තම දරුවා දිහා බලාගෙන උන්නා,මහ වැස්සේ සිහිය නැති වෙලා ඉන්න කොල්ලෙක්ව බංගලාවට උස්සන් එද්දී ඇත්තටම ඇයගේ හිතේ තිගැස්මක් ඇති උනා..

"අම්මා,මං පස්සේ කියන්නම් ඊට කලින් මට වතුර එකක් ගෙනත් දෙන්න"මෙවාන් සුදු මැණිකෙට කියද්දී ඇය කුස්සිය වෙතට දිව්වා..ඉක්මනින්ම වතුර වීදුරුවක් ගෙනත් මෙවාන්ගේ අතට දුන් සුදු මැණිකා මෙවාන් ඉඳගෙන සිටින විශාල ඇඳ මතින් එහාට වෙන්න හිට ගත්තා...කමලාත් සුදු මැණිකාට එහායින් හිටගෙන හිටියා..

අහිංසක කොල්ලගේ තෙත බරිත උන කමිසයේ බොත්තම් හෙමින් සීරුවට පන්නපු මෙවාන් කොල්ලාගේ පපුවට කන තියලා බැලුවා..ඒත් එක්කම වතුර වීදුරුවෙන් වතුර ටිකක් අත්ලට අරගෙන තේව්ගේ මූණට ඉස්සා.."අනේ දරුවෝ,එයාට සිහිය එන්නේ නැත්තේ ඇයි?"ඇය ලතවෙන ස්වරයෙන් දොඩද්දී මෙවාන් තේව් දිහා ටික වෙලාවක් බලාගෙන උන්නා..

කොල්ලට තවමත් සිහිය නෑ,නැවතත් වතුර වීදුරුවෙන් වතුර ටිකක් අතට හලා ගත් මෙවාන් පෙර පරිදි තේව්ගේ මුහුණට ඒ වතුර ටික ඉස්සා..තප්පර කිහිපයක් ගෙවිලා යද්දී අනේ පුංචි කොල්ලාගේ තොල් වෙව්ලනවා.."ඕහ් මයි ගෝඩ්!!"මෙවාන් ඒත් එක්කම බර හුස්මක් පහත හෙලලා දෙවියන්ට ස්තූති කලා..

තේව් අමාරුවෙන් බර වුනු ඇස් පියන් විවර කරද්දී පුංචි තේව් ඉස්සරහ හිටගෙන ඉන්න අයව වගේම ඇඳ මත ඉඳගෙන සිටි මෙවාන්වද පෙනුනේ බොඳ වෙලා..කොල්ලා ටික වෙලාවක් බලාගෙන හිටියා.."කමලා වතුර එකක් රත් කරන්න,අම්මා ඔයත් යන්න...එයා බය වෙන්න ඉඩ තියෙනවා"මෙවාන් කියද්දී දෙදෙනාම ඔලුව වනලා කාමරයෙන් එලියට ගියා..

"අ-අර නපුරු ම්-නිස්සු..."කොල්ලගේ වචන ගොත ගැහෙන්න ගත්තා...."බය වෙන්න එපා හරිද? කවුරුත් එන්නේ නෑ..."මෙවාන් බය වෙලා ඉන්න තේව් ව පුළුවන් තරම් සන්සුන් කලා..."ආයෙ කවුරුත් එන්නෙ නෑ,කෝ ඔය ඇඳුම් සේරම තෙතයි..ටිකක් ඉන්න"මෙවාන් ඇඳ උඩින් නැගිටලා සුවිශාල කාමරයේ පොත් මේසෙට එහායින් තිබුන ලී අල්මාරිය ළඟට කිට්ටු උනා..

"ලොකුද මන්දා,මොනා කරන්නද මගේ ළඟ වෙන ඇඳුම් නෑ"මෙවාන් තමාටම මුමුණමින් අල්මාරියෙන් ඇඳලා ගත්තේ තමන්ගේ කලු පැහැති කමිසයක් එක්ක කොට කලිසමක්..

පුංචි අසරණයා බෝල ඇස් දෙකත් විශාල කරගෙන මෙවාන් කරන වැඩේ දිහා බලාගෙන හිටියා.."කමලා වතුර එකක් රත් කරලා ඇති,වොශ් එකක් දාගෙන ඔය ඇඳුම් මාරු කරගන්න"මෙවාන් කොල්ලට ඇඳුම් ටික දික් කරලා කාමරයෙන් එලියට යද්දී කොල්ලා ඇඳුම් දිහා බලලා වේගෙන් ඇස් පිල්ලම් ගැහුවා...කිසි දෙයක් තේරුම් ගන්න බැරි උන කොල්ලා ඇඳුම් ටික පැත්තකින් තියලා දොර අඬවල් කරගෙන එලියට යන මෙවාන් දිහා බලාගෙන උන්නා...

පුංචි හා පැටියා🥺🤍

එයා හරි අහිංසකයි නේද?

_________________________________________

laura-bun🍃

මෙවාන් ගැන මොකද හිතෙන්නේ?😌

අදහස් කියන්න

අද කොටස කොහොමද?