Chapter 21: 20•

තේව් (TAEKOOK)Words: 40700

19 කොටසෙන්,

වෙල් යායවල්,බෑවුම්,පන්සල්,පල්ලි පහු කරගෙන අපි දැන් සැහෙන්න දුර ඇවිත් ඉඳියා..දැන් නම් නිදිමතකුත් දැනෙනවා..ඒත් සුදු මහත්තයට නම් නිදිමතක් නැති පාටයි..ඇත්තම කිව්වොත් දැන් මට මොනා හරි කන්න ඕනේ..ඒ තරම් බඩගිනියි..සුදු මහත්තයා හොඳ වෙලාවට ඇහුවේ..ඇහුවේ නැත්තන් මං ඉල්ලන්නෙත් නෑනේ..

"හුම්.."

එයා මාව අත් හැරලා ඉස්සරහට ගිහින් බෑග් එකේ සයිඩ් එකේ තිබුන සිපර් එක ඇරලා ඒක අතට අරගෙන වතුර බෝතලයත් අරගෙන මගේ දිහාවට ආයෙම ආවා..

"මෙන්න..සුදූට බඩගිනි වෙලා වගේ.."

"......."

දෙන්නත් එක්ක ඒ ටික ගිලලා දාලා වතුරත් බීලා ඉවර වෙලා අපි ආයෙම දොරට හේත්තු උනා..දැන් නම් මට නිදාගන්න ඕනේ..

"දොයිමතද ම්ම්??"

"හ්ම්ම්..."

"කෝ එන්න..මෙතනට ඔලුව තියාගන්න..සීට් එකක් හම්බුන ගමන් අපි ඉඳගමු ම්ම්.."

සුදු මහත්තයා මගේ ඔලුව ඇලේට කරලා එයාගේ උරහිසට වාරු කරගෙන අතකින් මගේ ඔලුව අල්ලගෙන හිටියා..මටත් ඉතින් දැනෙන සනීපෙට ඇස් පියාගන්නකොටම සුදු මහත්තයා මගේ නලලේ තැවරුව හාදුව විතරයි මතක..ඒකත් එක්කම මට සනීපෙට නින්ද ගියා..එතනින් එහා පැයකට විතර පස්සේ මං ඇහැරෙද්දී අපි දෙන්නම සීට් එකක වාඩි වෙලා හිටියා..

"නැගිට්ටද??"

"ම්ම් අපිට සීට් එකක් හම්බෙලා.."

"ඔව්නේ..ඔයා දොයියන් ඉද්දී අර කපල් එක බැස්සානේ..ඊට පස්සේ මං ඔයාවත් අල්ලගෙන හෙමීට ඇවිත් මෙතනින් වාඩි උනා..ඔයාව ඇහැරවන්නත් බෑනේ.."

"අනේ..මං ආදරෙයි.."

"ම්ම් මාත්.."

සුදු මහත්තයා එයාගේ අතැඟිලි අතරේ මගේ අතැඟිලි පටලගෙන මගේ දිහා බලලා ලස්සනට හිනා උනා..මං වීදුරුවෙන් එලිය බලාගෙන මේ මොහොතේ දැනෙන ඒ සුන්දර හැඟීමට දැහැන්ගත වෙමින් හිටියා..

අනේ මේ මොහොත හෙමින් ගෙවිලා යනවා නම්..

**

"සුදූ නැඟිටින්න..දැන් කී පාරක් නිදාගත්තද ම්ම්??"

"අහ්..ස්ම්හ්.."

මම කෙඳිරිලි පිට කලේ මගේ කන ළඟින් හීනියට ඇහෙන නොඇහෙන ඒ ගැඹුරු හඬට..

"කෝ දැන් අපි බහින්න ළඟයි..හොඳ ළමයා වගේ දැන් සිහියෙන් ඉන්න ඕනේ..කෝ කෝ.."

"හරි හරි අප්පා.."

"හරි හරි නෙමෙයි..අපේ බෑග් ටික කිට්ටු කරගන්න ඕනේ.."

සැක්..මොන වදයක්ද අප්පා..අනේ මන්දා හැබැයි මට තේරෙන්නෙත් නෑ කොච්චර නිදාගත්තත් ඇයි ඒක මදියි වගේ දැනෙන්නේ කියලා..මං හිතන්නේ ඒක අපි හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක්..එහෙමනේ..

"චුට්ටා ඔය ඇස් අරිනවා..ආයේ නිදාගන්නද හදන්නේ..යකෝ මේකා පුදුම නිදි කුම්බරයෙක් නේ..ඉඳපන්කෝ පොඩ්ඩක්..එහෙට යනකල්..මං අල්ලගන්න.."

එයා මට ඒ පාර බනිනනවද..කමක් නෑ තේව් දැන් නිදාගත්තා මදැයි..හොඳ කොල්ලා වගේ ඇහෙරෙන්න ඕනේ දැන්..මං මටම හිතින් මුමුණගෙන සුදු මහත්තයාගේ කන්දොස් කිරියාව මැද්දෙන් හෙනම අමාරුවෙන් ඇස් දෙක ඇරියා..

"අම්මෝ සපුමල් කුමාරයා මෙන්න නැගිටලා.."

"අනේ මේ.."

"හරි හරි ඔය කට නම් මෙතන දිග ඇරගන්න හදන්න එපා සුදූ..නැත්තන් බැහැගන්න හදන මොහොතෙත් මොන මඟුලක් වෙයිද දන්නෑ ඔය කට නිසා.."

හෙනම නිදිමතකින් හිටිය නිසා මට දැන් සුදු මහත්තයා එක්ක එල්ලි එල්ලි යන්න තරම් මූඩ් එකක් කොහොමත් තිබුනේ නෑ..මට ඕනි වෙලා තිබුනේ ඉක්මනට අපි යන තැනට ගිහින් පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න විතරයි...

සුදු මහත්තයා පටලගෙන හිටිය මගේ අත අයින් කරලා දාලා සීට් එකෙන් නැගිට්ටා..සුදු මහත්තයා අපේ බෑග් සේරම සීට් එක උඩට එක පිට එක පිට ගහලා එක අතකින් උඩම තියෙන බෑග් එක අල්ලගෙන හිටියා..මම වතුර බෝතලෙන් වතුර ටිකක් අල්ලට හලාගෙන වීදුරුවෙන් එලියට ලං කරලා හෙන ගහලා වගේ ඇති කියලා හිතුන මගේ මූණ ටිකක් තෙත මාත්තු කරගෙන ඇඳුමත් අතින් හරි ගස්සගෙන සීට් එකෙන් නැගිට්ටා..

"පොඩි එකෙක් වගේ.."

"මොකද.."

සුදු මහත්තයා මට පොඩි එකෙක් වගේ කියලා කට කොනකින් හිනා වෙලා මගේ අවුල් වෙලා තිබුන කොන්ඩේ අතින් හරි ගැස්සුවා..දෙයියනේ ඔක්කොමත් හරි මට කොන්ඩේ හදාගන්න අමතක උනානේ..හරි හරි කමක් නෑ ඒකට කෙනෙක් ඉන්නවානේ..ඒ ඇති මට..

කොටුවෙන් ට්‍රේන් එක නතර කලාම හුඟ දෙනෙක් එතනින් බැහැගන්න බලාගෙන ඉදියා..අපි දෙන්නත් ඒ අතරින් දෙන්නෙක්..එකා දෙන්නා පේලියට බැහැගනිද්දී සුදු මහත්තයා ඒ සෙනඟ අස්සෙන් මගේ අත හෙමින් අල්ලාගෙන හිටියා..දෙයියන්ගේ නාමෙට අපි දෙන්නාත් අන්තිමේදී මේකෙන් බැහැගත්තා..අම්මෝ දැනෙන සනීපේ..

"සුදු මහත්තයා එතකොට අපි මේ ඇවිල්ලා ඉන්නේ කොළඹ කියන දිහාවටද ආහ්?"

"ඔව් කොළඹ කිව්වට ඉතිම් කොළඹෙත් පොඩි පැටව් වශයෙන් ඉන්නවා නේහ්.."

"ආහ් ඒ කිව්වේ මොකක්ද අප්පා.."

"ආච්චිට හාල් ගරන්ඩ..මට අමතක උනානේ..ඔයා ඔව්වා දන්නෑනේ..දන්න එකෙක්ට කීවා නම් ඒකත් එකක් කියලා හිතෙනවා.."

සුදු මහත්තයා අන්තිම වචන දෙක තුන මට ඇහෙන නොඈහෙන ගානට කියලා දාද්දී මං ඇස් දෙකත් බෝල කරගෙන එයාගේ දිහා හැරිලා බලාගෙන හිටියේ හරියට මුකුත් නොදන්න පොඩි එකෙක් වගේ..කොළඹ කියන්නේ අකුරු තුනක පුංචි වචන කෑල්ලක් උනත් ඒක හරියට අහසයි පොළොවයි වගේ කියලා අපි දැන් පය ගහලා ඉන්න වටපිටාව දැක්කම මට තේරෙන්න මහලොකු වෙලාවක් ගියේ නෑ..

පෙනුමෙන් වගේම කතා විලාසයෙන් මිනිස්සු එකිනෙකාගෙන් වෙනස් කියලා මම අඩියක් ගානේ ඉස්සරහට තියද්දී මට දැනුනා..සමහරු ට්‍රේන් එකක් එනකල් බංකු පේලි වල ඉඳගෙන ෆෝන් අස්සේ හිර වෙලා හිටියා..ඒ වගේම එයාලා කන් වලත් මොනවදෝ මන්දා සුදු පාට ඇබ දෙකක් ගහගෙන තමා ඉන්නේ කියලා මට පෙනුනා..ඒ වගේම සමහර මිනිස්සු රස්සාව ඇරිලා ට්‍රේන් එකෙන් බැහැලා කඩියා වගේ දුවගෙන ගිහින් ආයෙම කොටුවෙන් බස් වල සෙනඟ පිරෙන්නත් කලින් බස් එකට ගොඩ වෙනවා..තවත් සමහරු පුංචි පැටව් එකා දෙන්නා එල්ලාගෙන එහෙට මෙහෙට ඇවිදිමින් පෙනුමෙන් පොහොසත් යැයි හැඟෙන එකා දෙන්නා පසුපස ගොස් සිඟමන් යදිනවා මගේ ඇස් දෙකෙන්ම දැක්කා..ඒ වගේම අපි දෙන්නා බස් ස්ටෑන්ඩ් එක දිහාවට ලං වෙද්දී දැක්කේ එදා වේල කන්න කීයක් හරි හොයාගන්න සපත්තු මහන මනුස්සයෙක්..දිරච්ච කුඩයක් යටට වෙලා එයා සපත්තු සෙරෙප්පු හුඟාක් වටේ තියාගෙන ඉද්දී මට එයාව පෙනුනේ හරිම පොඩියට..කොයි වෙලේ අනෝරාවක් කඩා පාත් වෙයිද කියලා නොදැන දිරච්ච කුඩයක් යට දවස ගෙවද්දී මගේ හිතේ කොනක් රිදීගෙන එනවා වගේ මට දැනුනා..කොහොම උනත් මේ දේවල් දැක්කහම මෙහේ ඉන්න මිනිස්සු ගෙවන්නේ පුදුමාකාර කාර්‍යබහුල ජීවිතයක් නේද කියලා මට හිතුනා..නිදහසේ ඇවිදින්න,නිදහසේ කන්න බොන්න,නිදහසේ පොතක් පතක් කියවන එක,නිදහසේ හවස් වරුවට කෝපි කෝප්පයක් බොන ගමන් ලස්සන පරිසරය දිහා බලාගෙන ඉන්න එක මේ අයගේ ජීවිත වලින් මැකිලා ගිහින්දෝ කියලා මට හිතුනා..

"මොනවද ඔය තරම් කල්පනා කරන්නේ ම්ම්?"

"ම්ම්හ් මුකුත් නෑ.."

"ඇත්තටම මුකුත් නැද්ද?"

"නෑ.."

"මට නම් තේරෙන්නේ මගේ චුට්ටා හුඟක් දේවල් බස් ස්ටෑන්ඩ් එකට එන ඩිංගට කල්පනා කරලා තියෙනවා කියලනේ..ම්ම්?"

"ඔ-ඔයා කොහොමද සුදු මහත්තයා එහෙම කියන්නේ..?"

"එහෙම කියන්නෙද? එහෙම කියන්නේ සුදූ ඔයාව මං දන්නේ අද ඊයෙක නොවන නිසා..ඔයා ඇස් පිල්ලමක් ගහන වේගෙන් උනත් ඔයා හිතන්නේ මොනාද කියලා මං දන්නවා..තේරුනාද?"

"හ්ම්ම්..සුදු මහත්තා..."

"කියන්න චුට්ටා.."

අපි දෙන්නම අංක 100 කියලා ගහපු මොරටුව-පිටකොටුව බස් එකට ගොඩ වෙලා පිටිපස්සෙන්ම තියෙන දිග සීට් එකට කලින් තියෙන සීට් එකේ ඉඳගත්තා..බස් එක මෙතන තව ටික වෙලාවක් නවත්තන් ඉන්න බව අපිට තේරුනා..එකිනෙකා බස් එකට ගොඩ වෙලා මේක පිරෙනකල්ම බස් එක මෙතනින් යන්නේ නැති බව මට දැනුනා..බස් ඩ්‍රයිවර්ස්ලා ඔහොම්මම තමයි,ඇඟිල්ලක් ගහගන්න ඉඩ නැති වෙලා මිනිස්සු තෙරපිලා පොඩි වෙලා යනකල්,රැක් එකේ රඳවලා තියෙන බෑග් ඉඳගෙන යන මිනිස්සුන්ගේ ඔලුවට වැටෙනකල් එයාලට බස් එක අද්දන්න කොහෙත්ම උවමනාවක් නැහැනේ..ඒ ගැන කතා නොකර ඉන්න තරමට අපේ ඇඟේ ලේ ටික රත් නොවී තියාගන්න පුළුවන්..

"ඔයා මොනවද කියන්න හැදුවේ?"

"හෙනම කට්ටක් කාලා, ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න  මිනිස්සු නේද සුදු මහත්තයා මෙහේ බහුතරයක්ම ඉන්නේ.."

"චුට්ටා..?"

"අනේ මන්දා සුදු මහත්තයා මං මෙහෙට එනකල් මේ ගැන කිසි තේරුමක් තිබුනේ නැහැ..ඒත් දැන් මට ඒ ගැන ටිකෙන් ටික දැනෙනවා.."

"එතකොට මගේ චුට්ටා අච්චර කල්පනා කර කර ඉඳලා තියෙන්නේ මේ ගැනද එතකොට?"

"ම්ම් ඔව් ඒ ගැන තමයි.."

"ඔයා මේවට හුරු වෙයි කාලයක් යද්දී..ඇත්තම කියනවා නම් සුදූ මෙහේ ඉන්න හුඟක් අය කොළඹ ඉපදුන මිනිස්සු නෙමෙයි..දුර පලාත් වල ඉඳලා මෙහේ ඇවිල්ලා පුළුවන් තරම් කට්ට කාලා ජීවිතේ ගොඩ දාගන්න දඟලන,පොළොවේ පය ගහලා ජීවත් වෙන්න දන්න මිනිස්සු..එයාලට මුල් කාලේ පොඩ්ඩක්වත් ලේසි වෙන්නේ නැතුව ඇති මේ ජීව්තේට හුරු වෙන්න...ඒත් කාලයට ඉඩ දීලා ඒ මිනිස්සු ඒ ජීවිතේ හෙමින් හෙමින් ගැට ගහගෙන මේ පරිසරයට හැඩ ගැහිලා එයාලගේ ජීව්තේ ඉස්සරහට අරගෙන යනවා..ඔයා නොදන්න ගොඩක් දේවල් තියෙනවා චුට්ටා..මං ඒවා ඔයාට දවසින් දවස කියලා දෙන්නම්කෝ ම්ම් හරිද?"

"මං ඇත්තටම ඔහොම දෙයක් දැනගෙන හිටියේ නැහැ සුදු මහත්තයා.."

"ඒකනේ ඔයා නොදන්න ගොඩක් දේවල් තියෙනවා කියන එක මතක තියාගන්න.."

"සුදු මහත්තයා මං දෙයක් අහන්නද?"

මං එහෙම අහද්දී සුදු මහත්තයා මගේ වම් අතේ දබර ඇඟිල්ල සිනිඳුවට පිරිමැදලා අතින් තද කරලා ඔලුව වැනුවේ ඔයාට ඕනිම දෙයක් අහන්න කියනවා වගේ..

"අපි කලින් ගෙව්ව නිදහස් ජීවිතේ අපිට මෙහේ ජීවත් වෙද්දී ලැබෙන එකක් නැද්ද සුදු මහත්‍තයා..මං මෙහෙම ඇහුවට මුකුත් මා ගැන වැරදියට හිතන්න එපා..මං ඇහුවේ මට නිකම් ඒක හිතට වද දෙන්න වගේ ගත්තු නිසා මිසක් වෙන දේකට නෙමේ.."

"ඔහ් චුට්ටා..ඔයාට ඔහොම හිතෙන එක සාධාරණයි..ඇයි දන්නවද ඔයාට එහෙම හිතෙන්නේ..?"

"ම්ම් නෑනේ.."

"එහෙම හිතෙන්නේ ඔයා කලින් මේ පරිසරය එක්ක ගනුදෙනු කරලා නැති නිසා..මං කලින් කිව්වා වගේ කාලයත් එක්ක හැමදේටම ඔයා හුරු වෙයි හරිද.."

"ම්ම් ඔයා කියනවා නම් ඒක එහෙම වෙයි.."

"ම්ම් ට්‍රේන් එකේදී කට තිබුනට කොටුවේ ඉඳලා බස් එකට ගොඩ උනාට පස්සේ මොකද නිකම් මැලවිච්ච ආප්පයක් වගේ වෙලා.."

"අනේ මේ මං කියන්නේ නෑ හරිද..කවුද දන්නෑ මැලවුනු ආප්පේ.."

"වෙන කවුද ඉතිම් මේ ඉන්නේ මගේ එහා පැත්තේ,ජනේලේ අයිනට වෙලා මූණත් නොක්කන් කරගෙන.."

සුදු මහත්තයත් අනේ මන්දා එයා නම් පුදුම විදිහට මගේ මූඩ් එක වෙනස් කරන්න දන්නවා..මං කොයිම විදිහට හිටියත් විහිලුවක් කියලා මාව හිනා ගස්සනවා..ආදරේ හිතෙනවානේ එවෙලෙට මේ මිනිහට..කමක් නැහැ අමුතුවෙන් ආදරේ හිතෙන්න දෙයක් නැහැනේ..මං කොහොමත් ආදරෙයිනේ මගේ සුදු මහත්තයට..

ඇත්ත..සුදු මහත්තයා කියන කතාව..මටත් ටික කාලයක් යයි මේ දේවල් වලට හැඩ ගැහෙන්න..සුදු මහත්තයා නම් මේ මිනිස්සු ගැන හොඳටම දන්නවා වගෙයි මගෙත් එක්ක කතා කලේ..ඔව් ඉතිම් එයා නිකම්ම වයසට ගිහින්,පරිණත වෙලා නැහැනේ..මේ හැමදේම ගැන එයාට අත්දැකීම් තියෙන්න ඕනි කොහොමත්..එතකොට මටත් පුළුවන්නේ එයාගෙන් ඒ හැමදේම එකින් එක ඉගෙන ගන්න..දැක්කනේ දැක්කනේ මගේ ටිකිරි මොලේ..කෞතුකාගාරයක තැන්පත් කරන්න පුළුවන් දවසක මෙන්න මෙහෙම.."තේව් දිල්නෙත් ජයසූරිය මහතාගේ නැව් ගෙනාපු මොළේ.." ඈ යකෝ ඒක හරි නේද..අහ්..පොඩ්ඩක් ඉන්න නැව් ගෙනාපු මොළේද? නැත්තන් මොළ ගෙනාපු නැව්ද? අනේ මන්දා මට පොඩ්ඩක් විතර ඒක අමතකයි..ගනන් ගන්න එපා ඈහ්..පොඩ්ඩක් ඉතින් දන්නැද්ද..

"අපි දැන් කොහේ හරියෙද ඉන්නේ අනේ..."

දිගු වෙලාවක් පැවති නිහැඬියාව බින්ද මං සුදු මහත්තයා දිහාවට හැරුනේ අපි කොහෙද ඉන්නේ කියලා දැනගන්න..ඒ වෙද්දිත් සුදු මහත්තයා අපි ළඟ හිටගෙන ඉන්න උස මහත,මුලු  මූණ පුරාම රැවුල වවාගත්,සුදු හාදයා දිහා සැරෙන් සැරේ බලමින් ඇස් හීනි කරනවා මං දැක්කා..

"ඇයි මේ.."

මං කාටත් ඇහෙන්නේ නැති ගානට සුදු මහත්තයාගේ අතට වැලමිටෙන් ඇන්නේ මෙයා මේ මිනිහා එක්ක ඉඟි බිඟි වලින් ඔරොප්පු වෙන්නේ මොකද බලන්න..

"මූ තමුන් දිහා බලාගෙන ඉන්නවා කියලා දැක්කෙම නැද්ද මගෙන් අහන්නේ..බස් එකේ මිනිස්සු ඉන්න නිසා මං කට වහගෙන ඉන්නේ..නැත්තන් මූ ඉවරයි.."

මං හීනෙන්වත් හිතුවේ නැති දෙයක් සුදු මහත්තයගේ කටින් කියවෙද්දී මං ඒ රැව්ල්කාරයා දිහා ඔරවලා බැලුවා..එවෙලේනේ යකෝ මුගේ පැණි බේරෙන මූණ හරියට දැක්කේ..ඉඳලා ඉවරයි..ඒකද මේ මෙයා මෙතන තරහ අරන් මූණ රතු කරන් ඉන්නේ..අනේ දෙයියන්ගේ නාමෙට මෙතනින් පලයන්කෝ වදේ..ඔහේ තව තප්පරයක් හරි මෙතන හිටගෙන හිටියොත් සුදු මහත්තයගෙන් රෑ කෑමත් කාලා යන්නේ හරිතේ..ඒක නිසා මෙතනින් පලයන්..මං හිතින් මේ මිනිහට දෙහි කප කප ඉඳියේ මට මේ වෙලේ කරන්න වෙන දෙයක් නොතිබුන නිසා..

"මේහ්.."

"ඒයි මේහ්.."

"මොකෝ?"

"දැන් ඔයානේ අනේ මූණ හැලපයක් කරන් ඉන්නේ..හිනා වෙලා ඉන්නකෝ අප්පා..ඒ මිනිහා බස් එකෙන් බැහැලත් විනාඩි දහයකටත් කිට්ටු වෙලානේ..ඒත් ඔයා තාම මූණ එල්ලන් ඉන්නවා.."

"එහෙම එකක් නෑ.."

"නැත්තෙ කොහෙද.."

"ම්ම්"

"ඒ මනුස්සයා බලාගෙන හිටිය එකට මං පලි නැහැ ඔන්න.."

"ඔව් ඔව් ඔයා පලි නෑ.."

"අනේ කෑ ගහන්න එපා සුදු මහත්තයා..බලන්නකො බස් එකේ මිනිස්සු පිරිලා ඉන්නවා..අනේ කෑ නොගහා ඉන්න.."

සුදු මහත්තයා ඒක ටිකක් සැරෙන් වගේ කිව්වට ඇත්තටම මං ගැස්සිලා ගියා..ඔක්කොටම වඩා තිබුනේ මිනිස්සු අපි දෙන්නා රණ්ඩු වෙනවා කියලා හිතුනොත් එහෙම දැනෙන ලැජ්ජාව..

"සොරි සුදූ..මං හිතලා සැර උනේ නැහැ..රියලි සොරි..ප්ලීස්.."

මඳ වෙලාවක් තිබුන නිහැඬියාව එයාම බිඳලා දැම්මේ එයාගේ තරහින් ඇවිලුණු හිතත් නිවාගෙනද කොහෙදෝ..එහෙම හරි ඔය හිත නිවාගත්ත එකම ලොකු දෙයක්..ආහ් නැද්ද මං අහන්නේ..

"සොරි ඕනේ නැහැ සුදු මහත්තයා..ඔයා වැරැද්දක් කලේ නැහැනේ..ඒ මනුස්සයානේ වැරැද්ද කලේ..ඒක නිසා දැන් අමතක කරන්න ඒක.."

"ම්ම් අපි ඊිළඟ හෝල්ට් එකෙන් බහිනවා චුට්ටා.."

කොටුවේ ඉඳලා විනාඩි හතලිහක වගේ ගමනින් පස්සේ අපේ ගමනාන්තයට ඇවිත් හිටියා..මං ජනේලෙන් එලිය බැලුවේ කඩේක ගහලා තියෙන බෝඩ් එකකින්වත් අපි කොහෙද ඉන්නේ කියලා බලාගන්න..

"ම්-මවුන්ට් ලැවීනියා.."

"ම්ම් එහේ තමයි ආවේ.."

"ඒකත් කොළඹද එතකොට.."

"අයියො නැහැ මෝඩයෝ..කොළඹ ඉඳන් බස් එකේ ආවේ පිස්සුවටද එත්කොට.."

"හරි ඉතිම් මං දන්නවදැයි.."

"ආහ් ඒකනේ කට වහගෙන ඔය බටේ අල්ලගන්නවා.."

කොහොම හරි අපි බහිනකොට බස් එකේ සෙනඟ නම් සෑහෙන්න දුරට අපේ හෝල්ට් එකට කලින් හෝල්ට් වලින් බැස්සා..සුදු මහත්තයා බස් එකෙන් බැහැලා මට බැහැගන්න අත දුන්නා..බාටා ශොප් එකක් පහු කරගෙන අපි දෙන්නා පාර පැනලා එහා පැත්තට ආවා..දැන් නම් ටිකක් රෑ වෙලා තිබුනා..කොහොම හරි ඔරලෝසුව දිහාවට ඇහැ යවද්දී රෑ හත පහු වෙලා තිබුනා..

"මහන්සි නේද චුට්ටා..දැන් ළඟයි ම්ම්..ඇවිදන් යන දුරනේ.."

"ම්ම් වෙන කෙනෙක් එක්ක ආවා නම් මහන්සියි කියලා මට දැනිලා හුඟක් වෙලා..ඒත් මං ආවේ මගේ ලස්සන නපුරු කුමාරයා එක්ක නිසා මට එහෙම එකක් කොහෙත්ම දැනෙන්නෙ නෑනේ..මාර වැඩේ කියන්නේ.."

"මගේ කෝලම.."

සුදු මහත්තයා මගේ කම්මුලට තට්ටුවක් දාලා කට කොනකින් හිනා උනා..අපි දෙන්නා ස්ටේශන් රෝඩ් එක දිගේ ගල්කිස්ස බස් ස්ටෑන්ඩ් එකත් පහු කරලා ඇවිදගෙන ඉස්සරහට ගියා..

"මගේ දෙයියනේ මෙච්චර හොටෙල්ස්??"

මට ඉබේම කියවුනේ අපි ඇවිදන් ගිය පාර දිගේ මං ගණන් කරපු හොටෙල්ස් ගානත් එක්ක බලලා..

"මෙහේ ටුවරිස්ට්ලට විශේශයි..ඔයා දන්නවද ඒක.."

"නැහැ..ඒත් මේ පාර දිගේ අපි පහු කරගෙන ආපු දේවල් දැක්කම මට ඔයා කිව්ව දේ හරි කියලා හිතෙනවා.."

"අමුතුම වයිබ් එකක් තියෙනවා නේහ්..?"

"ම්ම් ඔව්.."

"එහෙනම් ඔයා අනිවාර්යයෙන් අපි යන තැනට කැමති වෙයි.."

"ආහ්"

"ඔව්..මං දැනගෙන හිටියා මගේ කොල්ලා හුඟක් මිනිස්සු ඉන්න ඝෝශාව පැතිරුනු තැනක ඉන්න කැමති නැහැ කියලා.."

"ඒ කියන්නේ ඔයා අපි ඉන්න ගෙදර කොළඹින් නැතුව මෙහෙන් ගත්තේ ඒ නිසාද? සුදු මහත්තයා ඔයා හැමදේම ප්ලෑන් කරගෙන ඉඳියද?? මට බොරුද කිව්වේ එතකොට?? මහ නරකයි.."

"අයියෝ සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා කෙනෙක් වෙනුවෙන් හොඳ දෙයක් කරනවා නම් මේ වගේ පුංචි බොරුවක් කියන්න..ඒක මහ ලොකු දෙයක් නෙමෙයි සුදූ..මං මේ හැමදේම කරන්නේ ඔයා වෙනුවෙන්.."

සුදු මහත්තයාගේ මුහුණේ ආදරණීය හැඟීම් හුඟාක් ගැබ් වෙලා තිබුනා..එයා මගේ අත එයාගේ අත එක්ක පටලගෙන ඉස්සරහට ඇවිද්දා..අපි යන පාරේ එක් කෙනෙක් දෙන්නෙක් ඇරුනු කොට කවුරුත්ම හිටියේ නැති නිසා ඒක කාටත් පෙනුනේ නැති බව මට විශ්වාසයි..

"සුදු මහත්තයා අර.."

මං ඈත තියා දැක්කේ කහ පාට ලයිට්ස් වැල් උඩ ඉඳලා පහලට එල්ලා වැටෙන විදිහට එල්ලලා තියෙන, "welcome" කියලා ගහලා තිබුනු රතු රිබන් වලින් සැරසුව සුදු පැහැති බෝඩ් එකත් එක දිලිසෙන අපාර්ට්මන්ට් එක..මගේ කට භාගෙට ඇරෙන්නැති..මට විශ්වාසයි..දෙයියනේ මාරම ලස්සනයි..සැර හුළං පහරවල් ගත වෙලාගෙන යද්දී අපි දෙන්නම හිටගෙන හිටියේ ඒ අපාර්ට්මන්ට් එක ඉස්සරහ..

"සුදු මහත්තයා..."

"ම්ම් මොකෝ.."

"මෙච්චර ලස්සන ගෙයක්.."

"ලස්සන ගෙයක් වගේම ලස්සන දේවල් හුඟාක් තියෙනවා මේ ගේ  වටේට..හෙට උදේට මං පෙන්නන්ම්කෝ ම්ම්..දැන් යමුද ඇතුලට.."

"යමූ..ඒත් කොහොමද දෙයියනේ ඔයා මෙච්චර දෙයක් එහේ ඉඳලා ප්ලෑන් කලේ.."

"ඒවා වැඩක් නෑනේ..සුදූ යමුකෝ ඇතුලට.."

සුදු මහත්තයා මොකක්දෝ මන්දා පින් නම්බරයක් ගහලා කලු පාට හීනී යකඩ ගේට්ටුව ඇරගෙන මට ඇතුලට යන්න කියලා සන් කරලා එයා මගේ පිටිපස්සෙන් ආවා..එයාගේ අතත් හොඳටෝම රිදෙනවා ඇති මේ මලු උස්සගෙනම ඇවිල්ලා..කොහෙද මටවත් එකක් අරගන්න දුන්නෑ..පන්ඩිතකමනේ මේකගේ..

මං හීනයක් තමයි මේ දකින්නේ..තියෙන තියෙන අඩියක් ගානේ මාව සප්‍රයිස් වෙන එකෙන් නම් අඩුවක් උනේ නැහැ..ගාර්ඩ්න් එකම තනිකර පිස්සුවක් වගේ..මේකේ ලස්සන උදේට බලනකන් මට ඉවසිල්ලක් තිබුනේ නැහැ..සුදු මහත්තයා ලස්සන හිනාවකින් මූණ පුරෝගෙන මගේ දිහා බලාගෙන ඉද්දී මට ලැජ්ජාවක් දැනුනා..

"මොකෝ රතු වෙලා..හිතුවද කලුවර උනා කියලා ඔය චෙරි ගෙඩියක් වෙලා තියෙන මූණ මට පේන්නේ නැහැ කියලා ම්ම්.."

"අනේ සුදු මහත්තයා.."

"අහස කොච්චර කලුවර කලත් හඳ මගේ ඉස්සරහ ඉද්දී,ඒ කලුවර අහස හඳේ ලස්සනට පරදිනකොට කාටද ආඩම්බර..ම්ම්?"

දැන් නම් මාව දියවෙලා වැක්කෙරෙනවා අම්මපා..මට මෙතනින් පැනලා යන්න ඕනේ..සුදු මහත්තයා මගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ ඇයි අප්පා..මාව තව රතු උනොත් නම් මං දන්නෑ රෙද්ද..හහ්

"ම්-මේ ස්-සුදු මහත්තයා ඔයාට බඩගිනිත් ඇතිනේ..අපි මඟදී අරන් ආපු කෑම ටික මං ලෑස්ති කරලා අරන් එන්නම්..ඔයා එතකන් ගිහින් වොශ් එකක් දාගෙන එන්න.."

"හරි චුට්ටා..මං බෑග් ටික රූම් එකට අරන් යන්නම්.."

එයා වොශ් දාගෙන ඇවිත් මට බාතෲම් එකට යන්න කියලා ඔලුවෙන් පෙන්නුවා..කෑම සේරම පිඟන් දෙකකට බෙදලා ඉවර වෙලා තුවායත් අරගෙන මං බාතෲම් එක අස්සට වැදුනා..

රෑ අටහමාර කිට්ටු වෙද්දී අපි දෙන්නම නාලා කලා ඉවර වෙලා,එයාගේ ඇඟට මහන්සි කිව්ව නිසාම වේලාසනින් නිදාගන්න ලෑස්ති උනා..

"කොහෙද යන්නේ.."

"ම්-මං ද?"

"නැතුව ඉතිම් මමද?"

"මං නිදාගන්න යනවා.."

"සෝෆා එකේද?"

"......"

සුදු මහත්තයත් මොනවා අහනවද මන්දා..මාත් මේ වෙලේ නම් ඉන්නේ පුදුම තරම් නිදිමතකින්..

"මෙන්න මෙහෙට එනවා..මොකෝ මං හිටියා කියලා ඔයාට හමේ රෝගයක් එහෙම හැදෙන්නේ නෑනේ..ම්ම්.."

"අනේ මේ සුදු මහත්තයා එහෙම එකක් කිව්වෙ කව්ද?"

"කියන්නේ ඕනේ නැහැ..ඔය කවුරු කවුරුත් ඔය විදිහට හැසිරෙද්දී එහෙම හිතෙනවාලුනේ.."

"මල විකාර.."

"ම්ම් විකාර තමයි.."

දෙයියනේ..සුදු මහත්තයා මගේ අතකින් ඇඳලා අරගෙන මාව සයනට තල්ලු කර පාර පුළුන් රොදක් වගේ මාව ඒ විසාල සයනට වැටුනා..සුදු මහත්තයා මගේ එහා පැත්තේ දිගා වෙලා ඉඳියා..සෝෆා එකට අරන්‍ යන්න කියලා අත යට ගහගත්ත සුදු කොට්ටේ මං පපුවට තුරුල් කරගෙන සුදු මහත්තයා දිහා බලාගෙන හිටියා..එයත් මගේ දිහාවට හැරිලා එක එල්ලේ මගේ ඇස් එක්ක මුහු වෙමින් හිටියා..

"නිදාගමුද?"

"ම්ම්"

මං මුමුණලා ඇස් දෙක පියාගත්තා..සුදු මහත්තයා ටේබල් ලෑම්ප් එක ඕෆ් කරලා දැම්මා..ඒ එක්කම ටික වෙලාවක් ගත වෙලා යද්දී නින්දෙන්ම මගේ නලල තොල් වලින් තෙත් වෙලා යනවා වගේ දැනුනා..හරියට හීනයක් වගේ..මං ඒ හාද්ද මැද්දෙන් හිනා වෙනවා වගෙත් මට දැනුනාම මං තුරුල් කරන් හිටිය මගේ කොට්ටේ මගේ අතින් ඈත් වෙලා ගිහින් දරදඬු දෑත් මාව තුරුල් කරගනිද්දී මං නින්දෙන් මුමුණ මුමුණ මොනවදෝ කියෙව්වා..

"ගුඩ් නයිට් කෝලම..නින්දෙනුත් හොඳට කියවන්න දක්ශයි වගේ.."

ඒ ගැඹුරු හඬ මගේ කන් වලට ගැටෙද්දී මං තවත් මොනවදෝ මුමුණද්දී, නිදි දෙව්දුව ඇවිත් ගැඹුරු නින්දකට මාව තල්ලු කරලා දාලා ඈතට යන්න ගියා..

_______________________________________________________

laura-bun🍃