Chapter 20: 19•

තේව් (TAEKOOK)Words: 27512

comments goal-30+

"අනේ අම්මා ඔයා අඬද්දී මං කොහොමද යන්නේ ම්ම්??අනේ නාඬා ඉන්නකෝ.."

"හ්ම් අම්මා අඬන්නෑ..මගේ පුතා ගිහින් එන්න..දළඳා හාමුදුරුවන්ගේ පිහිටයි මයේ අම්මට.."

"මං ආදරෙයි මගේ අම්මට..අසිනිට කියන්න එයාගේ අයියා ගියා කියලා..කෙල්ල මා එක්ක තරහින්නේ..මං කියනවට වඩා අම්මා කියන එක හොඳයි.."

"ම්ම් මං කියන්නම් සුදු මහත්තයා.."

"එහෙනම් මං යනවා අම්මා,අප්පච්චි,කමලා..පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ..මං එවන ලියුම් මඟ අරින්න එපා.."

සුදු මහත්තයා අන්තිම වතාවට එහෙම කියලා බංගලාව දිහාවට හැරිලා එක වතාවක් එයාලා දිහා බලලා අත වනලා දුක හංගන් හිනා වෙවී මගේ දිහාවට ඇවිදන් ආවා..

බංගලාවේ ඉඳලා ටික දුරක් පයින් ඇවිත් අපි දෙන්නා මුදලාලිගේ කඩේ කිට්ටුව නතර උනා..

"චුට්ටා ඔයා ගිහින් වාහනේට නගින්න..මං මේ බෑග්ස් ටික ඇතුලට දානකල්.."

"හ්ම්ම්"

දහම් මහත්තයා අපිව ස්ටේශන් එක ළඟට එක් කරන් යන්න ඇවිත් හිටියා..ඒකත් හොඳයි එක අතකට..මොකද බස් එකේ ගිහින් වෙලාවට ස්ටේශන් එකට යාගන්න බැරි උනොත් ට්‍රේන් එකත් මිසින්..නඩු ගොඩයි..සුදු මහත්තයා බෑග් ටික දානකල් මම අඩියක් තියලා කාර් එක කිට්ටුවට ලං උනා..දහම් මහත්තයා ශටර් එක පහත් කරලා මගෙත් එක්ක හිනා උනා..මාත් ආපස්සට එයා එක්ක හිනා උනා..

"මචං ඔක්කොම හරි නේද?"

"ම්ම් ඔව් බං..එහෙනම් යමු නේද.."

සුදු මහත්තයා එහෙම කියලා දහම් මහත්තයාට එහායින් පැසෙන්ජර් සීට් එකේ ඉඳ ගත්තා..මං ඉතින් පිටිපස්සට වෙලා වීදුරුවෙන් එලිය බලාගෙන හිටියේ කාර් එක ස්ටාර්ට් කරනකල්..තාමත් අර හිතට දැනෙන අමුතු හැඟීම එහෙම් පිටින්ම තියෙනවා කියලා මට දැනෙනවා..එයාලව දාලා යන්න මොනම හේතුවක් හරස් උනත් එක හිතකින් මට දරුවෙක්ට වගේ සලකපු ඒ මිනිස්සුන්ව දාලා යන්න කොහෙත්ම බෑ..ඒත් මට වෙන තෝරගන්න මාර්ගයක් දෙවියෝ ඉතුරු කරලත් නෑ..

සුදු මහත්තයා නැග්ග වෙලේ ඉඳන්(මං කිව්වේ කාර් එකට)ඉස්සරහ තියෙන පුංචි කන්නාඩියෙන් මගේ දිහා එක එල්ලේ බලාගෙන ඉන්න එක මට ඒ දිහා බලාගෙන ඉන්න අමුත්තක් වගේ දැනුනා..දහම් මහත්තයාත් සැරෙන් සැරේ සුදු මහත්තයට අනන් මනන් කිය කිය යනකල්ම විහිලු කර කර හිටිය නිසා මටත් හෙනට ලැජ්ජාවක් දැනුනා..මං හිතන්නේ එයා අපි දෙන්නා ගැන මොනා හරි එක්කෝ දන්නවා..නැත්තන් මං කාර් එක ළඟට කිට්ටු උන වෙලේ මගේ දිහා අමුතුවට බලලා හිනා වෙන්නේ නෑ නේ..කමක් නෑ ඉතිම් වෙන දෙයක් වෙන්නේ අපේ ජීවිතය කියන ඩයරිය ලියවිලා තියෙන විදිහට නේ..මං එහෙම හිතලා තමයි මට මුහුණ දෙන්න වෙන හැම සිදුවීමක් දිහාම බලන්නේ..

"ඔන්න මචන්ලා අපි ආවා..කුරුලු ජෝඩුව දැන්වත් මේකෙන් බැහැගත්තා නම්.."

"දහම් මං උබට.."

"ඇයි ඇයි මොකද උබ..අපි දැනගත්තම උබට ලැජ්ජද??"

"අනේ මේ නිකම් පලයන් දහමා..වෙන වෙලාවක් නම් මං උබට සුද්ද සිංහලෙන් අකුරෙන් අකුර පැහැදිලි කරලා.."

"ආහ් ඒ කියන්නේ උබට මෙතන තේව් ඉන්න නිසා මුකුත් කියන්න බෑ කියන එකද??"

"......."

"අනේ මේ මෙවාන්..උබ මොන වගේ එකෙක්ද කියලා තවත් හංග හංග ඉන්නේ ඇයි?? මේ කොල්ලා දැනගත්තා කියලා මොකෝ වෙන්නේ..නේද තේව්??"

"දෙයියන්ගේ නාමෙට මෙතනින් පලයන් දහම්.."

"යකෝ මූ..මුන්ව ඩ්‍රොප් කරන්න ඇවිත් මං දැන් මුගෙන් බැනුම් අහන්නත් ඕනෙද?? මාර කෙලියක් නේහ් යකෝ ඒක..උබ දැන් මට මෙහෙමයි නේ..හරි හරි ඔහොම පලයන්කෝ..මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින්.."

"අම්මපා මගේ ඔලුවත් රිදෙනවා බන් දැන්..උබ එක්ක ආපු එක අපරාදයක් වගේ දැනෙන්නේ දැන් තමයි..සැක්.."

"පේනවා නේද තේව් මූ ඇවිල්ලා අමු සක්කිලියෙක්..කෙලෙහි ගුණ සලකන්නවත් දන්නෑ.."

මං මේ දෙන්නගේ හිනා යන ගෝරනාඩුව මැද්දේ සුදු මහත්තයාගේ අත ඉස්සරහට කරලා ඒ අතේ බැඳලා තිබුන ඔරලෝසුවෙන් වෙලාව බැලුවේ ට්‍රේන් එක එන්න තව කොච්චර වෙලා තියෙද බලන්න..හොඳ වෙලාවට තව පැය භාගයක්ම එහෙම් පිටින් ඉතුරු වෙලා තිබුනා ට්‍රේන් එක එන්න..අපි දැන් ඉන්නේ නුවර ස්ටේශන් එකේ..අපි එන අතරමගේ යන ගමන් කන්න ඕනෙයි කියලා දහම් මහත්තයා මොනාද මන්දා කඩචෝරු වගේකුයි,අච්චාරු මල්ලකුයි තව මොනවදොයි ගත්තා..අච්චාරු නම් ඉතිම් මගේ ආගම හා සමානයි..

නුවර ස්ටේශන් එක කිව්වම ඉතින් දන්නවානේ හතර අතේ එක එක එව්වා විකුණනවා..නම් වශයෙන් කියන්න ගියොත් නම් කියලා ඉවරයක් කරන්න බෑ..ඒ තරම් නානාප්‍රකාර දේවල් මෙහේ තියෙනවා..කන්න බොන්න වගේම අඳින්න පළඳින්නත්..

ටිකට් එක ගන්න එකේ ඉඳලා සුදු මහත්තයා කරන්නම් කිව්ව නිසා මට මේ ගමනේදි කරන්න කියලා කිසිම දෙයක් තිබුනේ නෑ..තිබුනේ එයා කරන දේවල් දිහා බලාගෙන ඉන්න එක විතරයි..සේරම අස්සේ වෙලාව ටිකෙන් ටික ලං වෙන ගමන් තිබුන නිසා දහම් මහත්තයා අපි දෙන්නට "පරිස්සමෙන් යන්න,ආයේ දවසක මෙහේ වරෙන්..මං බලන් ඉන්නවා" කියලා අන්තිම වතාවටත් සුදු මහත්තයගේ පිටට තට්ටු කල්ලා මටත් පරිස්සමෙන් යන්නයි කියලා මෙතනින් යන්න ගියා..

"චුට්ටා ඔයා හැමදේම ගත්තා නේද??"

"ඔව් මං ගත්තා..හරි දැන් මට මොනා හරි අමතක උනා නම් ඔයා ආයෙම නුවරඑළියේ යන්නද ලෑස්තිය??"

"හරි හරි ළමයෝ..මං ඇහුවේ මතක් කරලා ඔයාට ඕනේ කරන දේවල් ගත්තද කියලානේ..කට නම් තියෙනවා මොනවා නැතත් එකට එක කියවන්න.."

"ආහ්..මං එකට එක කියෙව්වේ කොයි වෙලේද සුදු මහත්තයා?? මං කීවේ මට අමතක වෙලා බංගලාවේ මොනවා හරි දාලා ආවා නම් සුදු මහත්තයා ආයේ තකහනියක් එහේ ගිහින් ඒ ටික අරන් එනවද කියලානේ..ඒක එකට එක කියවිල්ලක් නෙමෙයි සුදු මහත්තයා.."

"අප්පේ...හරි හරි ඔයා හරි..මටයි වැරදුනේ ඒක එකට එක කියවනවා වගේ එකක් නෙමෙයි..හරි හරි.."

"අන්න එහෙම.."

"ආහ් උස්සලා අරගෙන කටේ ඔබාගන්න හිතයි තියෙන පැහිච්චකමට.."

"ඔයා මොනා හරි කිව්වද සුදු මහත්තයා.."

"ආහ් නෑ..ආන් චුට්ටා ට්‍රේන් එක එනවා..පරිස්සමෙන් අඩිය තියලා ඇතුලට යනවා හරිද...තමුසේ වැටුනොත් එහෙම..මට කියලා ඉන්නෙත් ඔච්චරයි.."

"ආපෝ හරි හරි වදේ..මං පරිස්සමෙන් නැග ගන්නම්.."

ඈත තියා එන ට්‍රේන් එක එක ඇඟිල්ලක් ඉදිරියට දික් කරලා සුදු මහත්තයා පෙන්නද්දී මං මගේ කකුලට වාරු කරන් හිටිය මගේ මල්ල පිටේ එල්ල ගත්තා..අද මිනිස්සු සෑහෙන්න..මේ සෙනඟ දැක්කම පොඩ්ඩක් කලන්තෙටත් වගේ..කොහොම හරි සුදු මහත්තයා මගේ එක අතකින් තද කල්ලා අල්ලගෙන හිටියා..මේ සෙනඟ අස්සේ මාව මග ඇරෙයි කියලා බයටද කොහෙදෝ..

අන්තිමේදී අපි ට්‍රේන් එකට නැග්ගත් දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොහෙද ඉඳ ගන්නේ කියන එක..මිනිස්සු පොර කකා අපිවත් තල්ලු කරගෙන සීට් අල්ලගන්න දුවද්දී මායි සුදු මහත්තයයි විතරක් වට පිට බල බල මැදට වෙලා හිටගෙන ඔහේ හිටියා..

"සුදු මහත්තයා අපි ඉඳගන්නේ නැද්ද??"

"ඒක තමයි මාත් කල්පනා කලේ..පොඩ්ඩක් ඉන්නකෝ.."

"හුම්.."

"මෙහේ එනවකෝ අපි අරහෙට යන්.."

සුදු මහත්තයා එහෙම කියලා මගේ අත තවත් තද කරලා අල්ලගෙන ඉස්සර වෙලා මාවත් ඇඳගෙන ඉස්සරහට ගියා..ටිකකින් අපි දෙන්නම නතර උනේ ෆුට් බෝඩ් එක ළඟ..ඒ හරියේ කවුරුත්ම පේන්න හිටියේ නෑ..මොකද සෑහෙන්න කට්ටිය හිටගෙන හිටියේ දෙපැත්තේ තියෙන සීට්ස් වල අතර මැද්දේ..ඒ හින්දා ෆුට් බෝඩ් එක ළඟ තියෙන දොර ගාව කාත් කවුරුත් නෑ..

"මෙතන හොඳයි නේහ්?? සීට් එකේ ඉඳගෙන යන්න පුළුවන් පස්සේ..සෙනඟ බැහැගත්තම.."

"ඒත්.."

"චුට්ටා තමුසේ නාකි වෙලාද ආහ්?? පොඩ්ඩක් හිටගෙන යන් කිව්වහම ඒත් මේත් ගඟා වැලලෙන්නේ.."

"යකෝ සුදු මහත්තයා මේ අහපන්..මං ඒකට නෙමෙයි ඒත් මේත් ගෑවේ.."

ඇයි යකෝ මල පනිනවා නේ මේ මනුස්සයා එක්ක..දෙයක් කියන්න කලින් ඒක හරියට දන්නවා වගේ මැද්දෙන් පනිනවා..දෙන්න හිතයි හොම්බ රිවට් වෙන්න..සැක් ලැජ්ජාවේ බෑ..අපිට එහා පැත්තේ සීට් එකේ ඉඳගෙන ඉන්න ගෑනු කෙනත් මේ පැත්ත හැරිලා බලාගෙන ඉන්නවා..ඒත් ඉතින් මං එච්චර සද්දෙන් ඒක කිව්වදැයි..මේ මිනිස්සුන්ටත් ඕන්නැති දෙයක් නෑ බලන් ගියාම..ගෑණු නේ ඉතිම්..ඔක්කොම එකයි..

"එහෙනම් මොකටද රෙද්ද.."

"නෑ ඕන්නෑ මුකුත් නෑ..පාඩුවේ ඉඳපන්..මං ඔහේව අඳුරන්නෑ..යනවා පැත්තකට..එන්න එපා මගේ ළඟට.."

"යකෝ බටු ඇටයක් වගේ ඉඳගෙන මට කියවගෙනත් එනවද?? ඉන්නවකෝ ඔහොම පොඩ්ඩක්.."

"ඇයි ඇයි මොනවා කරන්නද?? කරයි කියලා තමයි මට බය..හූ හූ.."

"චුට්ටා කට වහගෙන ඉන්නයි කිව්වේ..තව වචනයක් කිව්වොත් අම්මපා දෙනවා දෙකක් සතියක් ඇඳට වෙලා ඉන්නම.."

"සතියක් ඇඳට වෙලා ඉන්න?? ඔයා කොහොමද අනේ එච්චර දෙයක් කරන්නේ.."

"ඇයි මට බෑ කියලද හිතන් ඉන්නේ??"

"නැතුව..ඔයා කොහෙද එහෙම කරන්නේ සුදු මහත්තයා..ඔයා බොක්සින් ඉගෙන ගන්නේ නෑ..ඉතිම් එහෙම එකේ කොහොමටත් බෑ ඔයාට.."

"පව් ඉතින්.."

"ඔව් ඔව් මං පව්..ඔයාට පුළුවන් එහෙනම් මගේ පව් නැති කරන්න පන්සල් ගිය වෙලේක මට පින් අනුමෝදන් කරන්න..ආවා මෙතන.."

"දෙයියන්ගේ නාමෙට ඕක නවත්තගන්නවකෝ..මගේ ඔලුව හතරට පැලෙන්න වගේ එහෙට යන්නත් කලින්.."

මං ඉතින් එතනින් එහා මේ මෝඩ මනුස්සයා එක්ක කියවගෙන ගියේ නෑ..ඇයි ඉතින් මං අවට වට පිටාවේ සුන්දරත්වය රස විඳින්න ඕනේ..මේ මෝඩ මනුස්ස පරානේ එක්ක පැටලෙනවට වඩා ඒක හැම අතින්ම ගුණයි..ආහ් නැද්ද?? අර ගෑනි ආයෙමත් අපි දිහා බලාගෙන ඉඳලා මං ඒ පැත්තට ඇස් යැව්වම ඉස්සරහ බලාගත්තා..පුදුම අමාරුවක්නේ යකෝ..

කොහොම හරි අපි දෙන්නා හරි බරි ගැහිලා බෑග් ටිකත් උඩ රැක් එකට දාලා දොර ළඟට කිට්ටු උනා..මං එලිය බලාගෙන යන්න ආස මනුස්සයෙක් නිසා ඒ කෙලවරට ගියත් ආයෙම මං ඇදිලා ආවේ සුදු මහත්තයා මූණත් ගොරක ලෙල්ලක් කරගෙන මගේ දිහා බලාගෙන මාව මේ පැත්තට දාලා එයා මං යන්න ආසාවෙන් හිටිය තැනට පැන්න නිසා..ඒක හෙන අසාධාරණයි අප්පා..එහෙම කරන්නේ කොහොමද එයා..

"සුදු මහත්තයා ඔයාට බෑ මට එහෙම කරන්න.."

"මොකක්ද?"

ට්‍රේන් එක හෙමින් හෙමින් ඉදිරියට ඇඳෙද්දී මාව එහාට මෙහාට පැද්දෙන්න ගත්තා..ඒකත් මරු වැඩේ..

"මං නේ මුලින්ම ඔතනට ආවේ..මට ඔතන දෙන්නයි කිව්වේ.."

"පිස්සු හැදිලද තමුසෙට..පරඩැලක් වගේ ඉඳගෙන හුළඟට ගහගෙන ගියොත් කාට කියන්නද??"

"අනේ මේ සුදු මහත්තයා මං කිව්වා කියලා හිතාගන්න...මෙතන මිනිස්සු ඉන්න නිසයි මං කට පියන් ඉන්නේ.."

"මිනිස්සු හිටියහම මොකෝ..ඔයා කියන්න..මං අහගෙන ඉන්නේ.."

"ඔයා මහ දුශ්ඨයෙක් සුදු මහත්තයා..ඔයා හරියට ගහක් කොලක් දිහා ආසාවෙන් බලන මනුස්සයෙක් වගේ ඔය පැත්ත ගත්තම හරිද මං අහන්නේ..අනේ එනවකෝ..මට ඔතන දෙනෝ..හාද??"

"ඔහ් ගෝඩ්..චුට්ටා ඔය විදිහට බලන්න එපා.."

හරිනේ..මගේ අහිංසක හුරතල් මූණ දැකලා සුදු මහත්තයට දරාගන්න බැරි වෙලාද කොහෙදෝ..

"ඇයි..ඇයි මොකද?"

"න්-නෑ නෑ.."

"අනේ එන්න බෑද??"

"ම්ම් එනවා මෙහෙට..හැබැයි එක කොන්දේසියක්.."

"ඒ මොකක්ද??"

"ඔයා මෙතන යනවා නම් එහෙට මෙහෙට දගලන්න බෑ,මගේ අත එහාට කරන්න බෑ,මගේ ළඟින් හෙල්ලෙන්නවත් බෑ..තේරුනාද තමුසෙට??"

"යකඩෝ..ඔය කොන්දේසි එකක්දැයි?? එකට තුනක්ම කීවනේ.."

"අනේ මේ චුට්ටා..බැරි නම් ඔන්න ඔහොම ඔතනට වෙලාම ඉන්නවා..එච්චරයි..ආයේ අනේ පනේ ගෑවොත් දනී මං කරන දේ.."

පුදුම නීතිනේ මේවා..කාට කියන්නද..කමක් නෑ ඉතින්..මගේ ආදරණීය මනුස්සයාගේ කීමට පිටින් යන්න පුළුවන් ද මට..බෑනේ..මං දැන් මෙච්චර කියවන මනුස්සයෙක් කලෙත් එයාමනේ..ඉතිම් මං කොහොමද එක හිතකින් මේ මනුස්සයට වචනෙකින්වත් පිටු පාන්නේ..

"හරි හරි ඉතින්..කෝ දෙන්න මට දැන් ඔතන.."

මං සුටුස් ගාලා සුදු මහත්තයව මේ පැත්තට දාලා දොර කෙලවරට පැන්නා..ඊට පස්සේ දොරට හේත්තු උනා..අප්පේ දැනෙන සනීපේ මේ හුළං පාරවල් වලට..කෝච්චියේ තාලෙට පැද්දෙන අපි දෙන්නයි මේ හුළං පාරවලුයි පුදුම විදිහට ගැලපෙනවා කියලා මට දැනුනා..කොහොම හරි මං ඇස් දෙකත් පියාගෙන ඒ හැඟීම විඳින්න පටන් ගත්තා විතරයි සුදු මහත්තයා එයාගේ කොන්දේසි එකින් එක ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන..මරු හැබැයි...

"ස්-සුදු මහත්තයා.."

"ම්ම් කාටත් පේන්නෙ නෑ..බය නොවී ඉන්න.."

සුදු මහත්තයා මගේ ඉන පිටිපස්සෙන් අතක් යැව්වා..යවලා එයාගේ ඇඟට හේත්තු කරගෙන ඒ අත ඉන උඩින්ම තියාගෙන හිටියා..සැරෙන් සැරේ අපි දෙන්නගේ ඇස් එකිනෙක යා වෙද්දී ඒ ඇස් වල පුදුම තරම් ආදරයක් පිරිලා තිබුනා..ඒවා දිලිසෙනවා..ඒ වෙලාවට මටත් පුදුම තරම් ලෝභයි..

"චුට්ටා ඔයාගේ කඩචෝරු මල්ල ගෙනත් ඕනෙද ළඟට.."

වෙල් යායවල්,බෑවුම්,පන්සල්,පල්ලි පහු කරගෙන අපි දැන් සැහෙන්න දුර ඇවිත් ඉඳියා..දැන් නම් නිදිමතකුත් දැනෙනවා..ඒත් සුදු මහත්තයට නම් නිදිමතක් නැති පාටයි..ඇත්තම කිව්වොත් දැන් මට මොනා හරි කන්න ඕනේ..ඒ තරම් බඩගිනියි..සුදු මහත්තයා හොඳ වෙලාවට ඇහුවේ..ඇහුවේ නැත්තන් මං ඉල්ලන්නෙත් නෑනේ..

"හුම්.."

එයා මාව අත් හැරලා ඉස්සරහට ගිහින් බෑග් එකේ සයිඩ් එකේ තිබුන සිපර් එක ඇරලා ඒක අතට අරගෙන වතුර බෝතලයත් අරගෙන මගේ දිහාවට ආයෙම ආවා..

"මෙන්න..සුදූට බඩගිනි වෙලා වගේ.."

"......."

දෙන්නත් එක්ක ඒ ටික ගිලලා දාලා වතුරත් බීලා ඉවර වෙලා අපි ආයෙම දොරට හේත්තු උනා..දැන් නම් මට නිදාගන්න ඕනේ..

"දොයිමතද ම්ම්??"

"හ්ම්ම්..."

"කෝ එන්න..මෙතනට ඔලුව තියාගන්න..සීට් එකක් හම්බුන ගමන් අපි ඉඳගමු ම්ම්.."

සුදු මහත්තයා මගේ ඔලුව ඇලේට කරලා එයාගේ උරහිසට වාරු කරගෙන අතකින් මගේ ඔලුව අල්ලගෙන හිටියා..මටත් ඉතින් දැනෙන සනීපෙට ඇස් පියාගන්නකොටම සුදු මහත්තයා මගේ නලලේ තැවරුව හාදුව විතරයි මතක..ඒකත් එක්කම මට සනීපෙට නින්ද ගියා..එතනින් එහා පැයකට විතර පස්සේ මං ඇහැරෙද්දී අපි දෙන්නම සීට් එකක වාඩි වෙලා හිටියා..

"නැගිට්ටද??"

"ම්ම් අපිට සීට් එකක් හම්බෙලා.."

"ඔව්නේ..ඔයා දොයියන් ඉද්දී අර කපල් එක බැස්සානේ..ඊට පස්සේ මං ඔයාවත් අල්ලගෙන හෙමීට ඇවිත් මෙතනින් වාඩි උනා..ඔයාව ඇහැරවන්නත් බෑනේ.."

"අනේ..මං ආදරෙයි.."

"ම්ම් මාත්.."

සුදු මහත්තයා එයාගේ අතැඟිලි අතරේ මගේ අතැඟිලි පටලගෙන මගේ දිහා බලලා ලස්සනට හිනා උනා..මං වීදුරුවෙන් එලිය බලාගෙන මේ මොහොතේ දැනෙන ඒ සුන්දර හැඟීමට දැහැන්ගත වෙමින් හිටියා..

අනේ මේ මොහොත හෙමින් ගෙවිලා යනවා නම්..