Chapter 19: 18•

තේව් (TAEKOOK)Words: 28334

ඇහැ පියවිලා යන ඉක්මනින්,මට නොදැනිම මේ සතිය ගෙවිලා ගිහින් තිබුනා...හ්ම්...අද තමයි ඒ දවස..එයා යන්නම යන,ආයේ එන දවසක් නොදන්න..අද ඉරිදා දවසක් උනත් එයා අද තමයි නුවරඑළියේ ඉඳන් කොළඹට යන්න පිටත් වෙන්නේ...අද දවස උදා වෙන බව කල් තියා දැනන් උන්නට දැන් නම් මගේ හිත පිරිලා ගිහින් තිබුනේ පුදුම තරම් ලෝභකමකින්...තවත් දවසක් එයත් එක්ක ඉන්න පුළුවන් නම් කියලා දැන් අනන්වත් හිතෙන්න ගත්තත් දෛවයට අනුව මේ ලෝකේ හැමදේම සිද්ධ වෙන නිසා එහෙම දවසක් මට ආයේ හිමි නෑ...ඒකයි ඇත්ත...

මං එයත් එක්ක ගත කරපු මේ කාලේ තමයි මං සතුටින්ම උන්නු කාලේ...එයා එක්ක බලද්දී මං මොනවද දන්නේ කියලා මටම අනන්ත වතාවක් හිතිලා ඇති..ඒ තරමට එයා පොළොවේ පය ගහලා ජීවත් වෙන්න දන්න මනුස්සයෙක්...දවසින් දවස එයා මට ළං වෙද්දී මට පුළුවන්කමක් තිබුනේ නැහැ ඒ දරදඬු පපු කඳ ඇතුලේ මගේ නමින් ගැහෙන ආදරය ප්‍රතික්ෂේප කරලා දාන්න..මොකද එයා නොදන්නවා උනාට මාත් මුල ඉඳලාම එයාගෙන් ආදරය බලාපොරොත්තු උනු නිසා..

පුළුවන්කමක් නැහැ මට යන්න දෙන්න ඔයාට...ඒත් මං හිතින් විතරක් ඔයාව තදින් බැඳලා මගේ ළඟ තියාගන්නම් සුදු මහත්තයා...ඒක එහෙම උනත් මට සිද්ධ වෙනවා ඔයාගේ අත අත් හැරලා ඔයාගේ ගමන ඔයාට යන්න දෙන්න...මං හැමදාම මලක් පහනක් පත්තු කරලා බුඳුන්ගෙන් ඉල්ලුවෙත් මාව ආරක්ශා කරන ඔයාව සඳහටම ආරක්ශා කරලා දෙන්න කියලා...එහෙව් මට බැහැ ඔයාගේ ගමන් වලක්වන්න..මට පුළුවන් දුර ඉඳලා ඔයා දිහා බලන් ඉන්න...ඔයා හිතනවා නම් මං දුකින් කියලා,නෑ මං හුඟක් සතුටු වෙනවා කියලා මට ඔයාට කියන්න ඕනේ සුදු මහත්තයා...මොකද ඔයා කියන්නේ ජයසූරිය පරම්පරාව රැක ගන්න බැඳිලා ඉන්න පුරුක...ඔයා මත්තේ අසිනි නැතත් දෙන්නෙක්ගෙම ජීවිත රැඳිලා තියෙනවා...ඔයයි එයාලට කවදාහරි සැනසුම් සුසුම් හෙලන්න මඟ කපන්න ඕනේ එකම කෙනා...ඒකයි මං සතුටු වෙනවා කියන්නේ...

ඔරලෝසුවේ කටු වෙනදට වඩා ඉක්මනින් කැරකිලා යද්දී මං පාන්දර පහ හමාර වෙද්දී නතර උන ඔරලෝසුව දිහා බලාගෙන ඔහේ ටික වෙලාවක් ඉඳියා...ඊයේ පන්සලේදී අපි කතා කල වෙලේ සුදු මහත්තයා මට කීවේ නුවරින් කෝච්චියේ නැඟලා කොළඹ යනවයි කියලා..මං එතනින් එහා මුකුත් අහන්න ගියෙත් නැත්තේ එයාගේ ආසාව ඒක වෙන්නැති කියලා මගේ හිත මුමුණපු නිසා..

මෙහෙන් උදෙන්ම අද එයා පිටත් වෙයි..කමලා නැන්දා එක්ක එකතු වෙලා සුදු මැණිකේ හෙන කෑම තොගයක් සුදු මහත්තයට හදලා තිබුනා..ඒ හැම දෙයක්ම සුදු මහත්තයා කන්න ආසම දේවල්ලු...ඒකලු සුදු මැණිකේ මෙච්චර හදලා තියෙන්නේ සුදු මහත්තයට එහේ ගිහින් කෑම ගන්නකොට අඩු පාඩුවක් නොවෙන්න..

පාන්දර ගෙවිලා යන්න ඔන්න මෙන්න උනත් මට එලියෙන් මිනිස්සු කතා කරන,එහෙට මෙහෙට යන සද්දේ ඕනාවට වඩා කන් වලට ඇහුනා..ඒ කියන්නේ සුදු මහත්තයාත් එලියේ ඇති..මම සුසුමක් පිට කරලා අතේ තිබුනු කොට්ටේ පපුවට තුරුලු කරගත්තා..

ආයේ ඒ ගැන හිතන්න එපා තේව්!!

මම මටම කියාගෙන අමාරුවෙන් උනත් ඒත් ලාවට හිනාවක් මගේ මුහුණේ මවාගෙන ඇඳෙන් බැහැලා කාමරයෙන් එලියට යන්න ගියත් ඒ දරදඬු අතක මාව පැටලුනා..ආයෙම මාව කාමරය ඇතුලට ඇඳිලා යද්දී එයා දොර අඟුලු දාලා අඬ අඳුරක තිබුන කාමරය ලයිට් එක ඔන් කරලා එලිය කලා..

මගේ දිහා අමුතු විදිහට බලාගෙන හිටිය සුදු මහත්තයා ඒ ක්ශනයෙන් බිම බලලා මාව ඒ අතින්ම ඇඳලා අරගෙන බිත්තියට හේත්තු කලා..මං සුදු මහත්තයත්,බිත්තියත් අතර මැද්දේ ඉන්න එක මට මාවම දැනුනේ හුඟක් පුංචියට..මට එහෙම දැනෙනවා නම් එයාටත් මාව පොඩි එකෙක් වගේ දැනෙනවද දන්නෑ..ඒත් මං පොඩි නෑ...එයා හිතාගෙන ඉන්නවා වැරදියි..ගමනක් යන්න ඉන්නේ කියලා බලන්නෙ නෑ මං පොඩි එකෙක් කියලා හිතින් හිතාගෙන ඉන්නවා නම්..ඇයි දෙයියනේ මට එල්ලෙන්න හරි එකෙක්ට ඉන්නේ මේ මනුස්සයා විතරයි නේහ්..මං පිටතින් එයාව කොළඹ යවන්න පුදුම තරම් කැමැත්තක් පෙන්නුවත් මගේ හිත දන්නවා ඉතින් ඇත්ත කතාව..මේ මනුස්සයා නැතුව මං කොහොමද දෙයියනේ ජීවත් වෙන්නේ?? දෙයියනේ ඒ ගැන හිතද්දිත් මගේ පපුව පැලෙන්න වගේ..

"මොකද?"

"මොකද මගේ චුට්ටාට තරහා ගිහින් වගේ ම්ම්?"

"ම්ම් තරහයි තමයි.."

"හේතුව?"

එයා මගේ ඇස් දිහා එක එල්ලේ බලාගෙන ඉඳලා මගේ නිකට යටින් අත තියලා නිකට ඉස්සුවා..එයා කවදාවත් නැතුව හිනා වෙනවා..මූණ දැක්කහම කියන්න පුළුවන් එයා පුදුම තරම් සතුටකින් ඉන්නවා කියලා..ඒත් එයාට මාව දාලා යන එකට සතුටු වෙන්න පුළුවන්ද??මගේ හිත ප්‍රශ්න දාහක පැටලෙන්න ගත්තත් මං පිටතින් හරි කොහොම හරි, හුඟක් කැමැත්තෙන් ඔයාට යන්න දෙන්නේ සුදු මහත්තයා..ඔයා කොහොමත් සතුටින් ඉන්න ඕනේ..මං එච්චරනේ ඉල්ලන්නේ..ඒක නිසා ඔයා සතුටින් හිනා වෙලා ඉද්දී මං අහිතක් හිතන්න හොඳ නෑ..

"මට එලියට යන්න නොදී මාව අතින් ඇඳලා ගත්තනේ.."

මං එයාගේ තියුණු,එක එල්ලේ මගේ දිහාවට යොමු වෙලා තියෙන ඇස් වලින් හැංගෙන්න උත්සාහ කලා..ඒත් ඒ ඇස් වලින් මට හැංගෙන්න පුළුවන්ද? මම හැමදාමත් ආදරයෙන් පැටලුනේ ඒවා එක්ක වෙද්දී..

"ඕහ් දැන් ඒක නිසාමද මගේ කොල්ලා මූණ එල්ලන් ඉන්නේ?"

"ඔව්..අනේ එහාට වෙන්නකෝ අප්පා.."

"චුට්ටා?? මගේ අතින් වැරැද්දක්වත් උනාද ම්ම්??"

එයා අහද්දී මගේ පපුව පැත්තක් හිරි වැටෙනවා වගේ දැනුනා..එයා වැරැද්දක් කරන්නේ නැතුවත් එහෙම කියද්දී මට දුකයි..

"ඇයි එහෙම කියන්නේ සුදු මහත්තයා??"

"ම්-මාව මඟ අරින්න එපා තේව්..ඔයා නොදැන කලත් ඔයා දන්නවද..ඒ වෙලාවට මට-මං දන්නෑ..මට තේරෙන්නෑ.."

එයාගේ ඇස් වල තුනියට කඳුලු පටලයක් එතෙනවා මං දැක්කා..ඒ එක්කම මට හිතන්නවත් වෙලාවක් නොදී එයා මාව එයාගේ පපුවට තුරුලු කරගත්තා..එයා හයියෙන් හුස්ම ගන්නවා..ඒ හුස්ම ගන්න සද්දේ මගේ කන් වලට හොඳටම ඇහෙනවා..ඔහොම කරන්න එපා සුදු මහත්තයා..ඔයා ඔහොම හැසිරෙනකොට..මං-මං කොහොමද දෙයියනේ දරාගන්නේ..දෙවියෝ මට ඒ තරම් ශක්තිමත් හිතක් දීලා නැතුව ඇති..එහෙම එකේ ඔයා අඩද්දී මං කොහොමද බලාගෙන ඉන්නේ..

"අනේ එහෙම කියන්න එපා සුදු මහත්තයා..මං ඔයාව කවදාවත් මඟ ඇරලත් නැහැ,මඟ අරින්නෙත් නැහැ...මං ඔයා කියන තැනක දිව්රන්නම් මං එහෙම කරන්නේ නෑ..අනේ අඬන එක නවත්තන්නකෝ සුදු මහත්තයා..ඔයා දැන් සුභ ගමනක් යන්න ඉන්නේ..අනේ මට බලාගෙන ඉන්න බෑ දෙයියනේ.."

එයා හුස්ම ගන්න සද්දේ කලින්ටත් වඩා සද්දෙට මට ඇහුනා..මම මගේ අතින් සුදු මහත්තයාගේ ඔලුව පිටිපස්සෙන් අල්ලලා මූණ බලන්න හැදුවත් එයා මට ඒක කරන්න දුන්නේ නෑ..ඒ හිටිය විදියටම,මාව තවත් තද කරලා තුරුල් කරන් හිටියා මිසක්..මාත් එයාට ඇති වෙනකල් මාව තුරුල් කරන් ඉන්න ඉඩ ඇරලා එයාගේ පිට සිනිඳුවට අත ගෑවා..

තප්පර විනාඩි වෙනකල්,විනාඩි පැය වෙනකල් එයා මාව තද කරලා තුරුල් කරන් හිටියා..මාත් මුකුත් නොකියා එයා සැනසෙනකල් පිට අත ගෑවා..එයා ආයෙම සාමාන්‍ය විදිහට හුස්ම ගන්න පටන් ගත්තු නිසා මට සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් උනා..

"මගේ සුදු මහත්තයා..දැන් ටිකක් ඔලුව ඉස්සුවා නම්.."

මං කිව්වම එයා ලාවට හිනා උනාද කොහෙද..ඇති යන්තම්..

"දැන් මොකද ගොලු වෙලාද ආහ්??"

"චුට්ටා ඔයත් කොළඹ යනවා මා එක්ක.."

මොකක්ද ඒ කීවේ එයා..මං මේ හීනයක් නෙමෙයි නේද දකින්නේ..එයාට පිස්සු හැදිලද..

"සුදු-අහ්ම්හ්.."

මට වචනයක්වත් කියන්න නොදී සුදු මහත්තයා මගේ තොල් වලට පාත් උනා..එයා හාදුවේ කෙලවරක් නොදැකම මාවත් ඒ ගැඹුරු ප්‍රපාතයට ඇදලා දාන්න තප්පරයක්වත් ගත උනේ නැහැ..මගේ ඇස් ඉබේම,එයාගේ පහසින් පියවිලා යද්දී මගේ ඉන වටේ තිබුන ඒ දරදඬු අත් තවත් තද වෙලා ගියා..මගේ අත් එයාගේ බෙල්ල වටේ එතිලා තිබුනා..විනාඩි ගානක් ගෙවිලා ගියා..මගේ පපුව ගැලවිලා වැටෙන්න ඔන්න මෙන්න තරම් ගිනියම් වෙලා තිබුනා..ඒ විනාඩි ගානක හාදුවෙන් පස්සේ එයා මගෙන් ඈත් වෙලා මගේ දිහා බලාගෙන ඉඳලා හිනා උනා..ඒ ඇස් ආදරයෙන් පිරිලා ගිහින් තිබුනා..වෙනදට බය හිතෙන තරම් තියුණු ඒ ඇස් වල මේ මොහොතේ තිබුනෙ හුදෙක්ම ආදරය විතරයි නේද කියලා මට නිකමට හිතුනා..

"ඇඳුම් ටික ලෑස්ති කරගන්න.."

එහෙම කියපු සුදු මහත්තයා මගේ කොන්ඩේ අවුල් කරලා දාලා මුලු මූණම හිනාවකින් පුරවගෙන එලියට යන්න ගියා..මම බිත්තියට හේත්තු වෙලා එයා ටිකකට කලින් කිව්ව දේ ඔලුවට දාගන්න උත්සාහ කලා..ඔව් ඒක හීනයක් වෙන්න බෑ..හීනයක් නම් මට ඒ හාදුව දැනෙන්න විදියක් නෑනේ..මට ඒ හාද්ද හොඳටම දැනුනා..ඒ කියන්නේ සුදු මහත්තයා කිව්ව දේවල් හීනයක් නෙමෙයි..ඒවා ඇත්තටම කිව්ව දේවල්..

ඒත් දෙයියනේ..එක පාර කොහොමද..අනේ මන්දා මේ මිනිහට ඇත්තටම මං හිතුවා වගේම පිස්සුද දන්නෙත් නැහැ...නෑ නෑ වෙන්න බෑ..පිස්සු හැදුනොත් එයාට අංගොඩ ගිහින් තමයි ඉන්න වෙන්නේ..මට ඒ අස්සෙන් සුදු මහත්තයා අංගොඩට වෙලා,ඩොක්ටර්ස්ලටත් වද දිදී ජනේල් කූරක එල්ලීගෙන ඈත බලාගෙන ඉන්නවා මැවිලා පේනවා..

දැන් එතකොට මං එයා කිව්ව විදිහට ලෑස්ති වෙන්න ඕනෙද? ඔව් නේ..නැත්තන් මගේ කන පලලා මගේ අතට දෙයි බල බල ඉන්න..දෙයියනේ කොච්චර හොඳට හිටියද මං..ඒකට දැන්..හිතෙන්නෙම එක එක විකාරනේ..මෙහෙම ගිහින් සුදු මහත්තයා කෙසේ වෙතත් මට අංගොඩ පදිංචි වෙන්න වෙයිද දන්නෑ..මම ඒවත් හිත හිත මගේ බෑග් එකට ඕනේ කරන බඩු ටික දාන්න පටන් ගත්තා..

"පරිස්සමෙන් යන්න ඕනේ දෙන්නම..මෙවාන් මේ දරුවගේ වගකීම ඔයා භාර ගත්තා වගේම ඉශ්ඨ කරන්නත් දැනගන්න ඕනේ..මොනාම හරි සල්ලි ප්‍රශ්නයක් ආවොත් මට කියන්න ඕනේ හරිද?"

"හරි අප්පච්චි..අප්පච්චි බය වෙන්න එපා මං තේව්ව බලාගන්නම්.."

සුදු මහත්තයා අප්පච්චිට වැඳලා අප්පච්චිට හාද්දකුත් දීලා සුදු මැණිකේ ගාවට යද්දී මං සුදු මහත්තයලගේ අප්පච්චිට වැන්දා..එයා මට ආශිර්වාද කලා..

"ඉලන්දාරියෙක් උනාට මගේ හිත දැන් දැන් ලෝභ වෙන්න අරන් සුදු මහත්තයට යන්න දෙන්න..පරිස්සමෙන් මගේ පුතේ..අම්මා ඉන්නවා ඕනි දේකට.."

"මං ආදරෙයි නේ මගේ අම්මට..අම්මට ලියුමක් එවන්නම්කෝ මං එහේ ගියාම ම්ම්..අම්මත් මතක ඇතුව මට රිප්ලයි ලියුමක් එවන්න..නැත්තම් සුදු මහත්තයට දුක හිතෙයිනේ.."

"අනේ මේ කොල්ලා ඉලන්දාරියෙක් කිව්ව මගේ කටේ අතුල්ලන්න ඕනේ හොඳ මිරිස් තලියක්.."

"හරි හරි මේ අපි යන්නද?? ට්‍රේන් එකට වෙලාවත් පහු වෙනවා.."

"සුදු මහත්තයා!! කෑම සේරම රහට හදලා තියෙන්නේ.. චුට්ටා එක්ක ඒවා බෙදාගෙන කන්න ඕනේ..තේරුනාද??"

"හරි අම්මා.."

අන්තිමේදී හැමෝටම වැඳලා ආශිර්වාද අරගෙන එලියට බැස්සත් මං හෙව්ව රූපේ මගේ ඇස් වලට පේන්න හිටියේ නෑ..එක්කෝ එයා දන්නවා ඇති අපි යනවා කියලා..අසිනිගේ වැරැද්දක් කොහෙත්ම නෑ..ඒක එයාගේ හිතට ආපු එක හැඟීමක් විතරනේ..මට එයා එක්කත් කවදාවත් කිසිම තරහක් නෑ..ඒත් යන්න කලින් මට එයාට යනවා කියන වචනෙවත් කියන්න ඕනේ කියලා හිත දහස් වතාවක් කීව නිසා මං උස්සන් හිටිය බෑග් එක ඉන්න තැනම අත් හැරලා බංගලාව ඇතුලට දිව්වා..

"අසිනි...!! මේ දොර ටිකක් අරින්නකෝ..."

එයා හ්ම් සද්දයක් නෑ..ඒත් අපිට තව බලාගෙන ඉන්න වෙලා ඇත්තෙත් නැහැ..මං ආයෙම පාරක් දොරට තට්ටු කරන්න ගත්තේ අසිනි දොර අරියි කියන බලාපොරොත්තුවත් එක්ක..

හිතුවා වගේම අසිනි දොර ඇරියා..මං දොරකඩ ළඟ ඉඳන්ම අපහසුවෙන් සුසුමක් පිට කරලා ඔලුව උස්සලා අසිනි දිහා බැලුවා..අසිනිගේ රූපේ මේ දවස් දෙක තුනට ඇඳිලා ගිහින් තිබුනා..මට ඒවා හිත හිත ඉන්න කොහෙත්ම වෙලාවක් තිබුනෙ නෑ..මට ඕනි උනේ එයාට යනවා කියන වචනේ කියලා යන්න විතරයි..

"අසිනි...ම්-මං කොළඹ යනවා..ඔයාට යන්න කලින් කියන්න ඕනේ කියලා හිතුනා..ඒකයි මං ආවේ.."

"හ්ම් කියලා ඉවරද?"

"අ-අසිනි...!!"

"යන්න චුට්ටා..මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ කියලා ඔයා හොඳටම දන්නවා..ඒක දැන දැනම ඇයි ඔයා ආවේ?? මගේ හිත රිද්දලා යන්නද?? ආහ් අයියද ඔයාව එව්වේ?"

"කට වහගන්නවා අසිනි...එයා මේ කිසිම දෙයක් දන්නෙවත් නැහැ..නිකම් බොරුවට හැම දේටම එයාව ඇදලා ගන්න එපා.."

"අනික..අනික මං ආවේ මගේ මනුස්සකමට..ඔයාට යන්න කලින් යනවා කියන වචනෙ හරි කියලා යන්න..මං යනවා අසිනි..අම්මලා එක්ක පරිස්සමෙන් ඉන්න.."

මම කියද්දිත් අසිනිගේ ඇස් රතු වෙලා ඒවගේ කඳුලු පිරිලා තිබුනා..හිත රිදුනත් එයාගේ හිත සනසන්න පුළුවන් තත්වෙක නෙමෙයි මාත් හිටියේ..ඇයි දෙයියනේ මොනවා කිව්වත් ඒ හැම දෙයක්ම අන්තිමේදී පිට වෙන්නේ සුදු මහත්තයගේ පිටින්..ඒක හෙන අසාධාරණයි..

මම අන්තිමේදී අසිනිගේ කාමරේ ළඟින් එන්න ආවා..තව ටිකක් වෙලා එතන හිටියා නම් තව ප්‍රශ්නයක් ඇති වෙනවා..ඊට කලින් මං එතනින් ආපු එක හොඳයි කියලා මට හිතුනා..කොහොමින් කොහොම හරි අපි දෙන්නා මේ වලව්ව,මේ මිනිස්සු අත් හැරලා ඈතක යන එක මගේ හිතේ කොනක වේදනාවක් ඉතිරි කලා..

ඇත්තටම වේදනාවක් තියෙනවා තමයි..අම්මා වගේ ළඟින් උන්නු සුදු මැණිකේ,තාත්තා වගේ මගේ ගැන හොයලා බලපු අප්පච්චි,හැමදේටම මගේ ළඟින් මුල ඉඳලාම හිටිය කමලා නැන්දා..මං කාලයක් තිස්සේ හැදුණු වැඩුණු මේ ජයසූරිය බංගලාව..මේ දේවල් දාලා යන්න මට ලෝභයි..මොකද මං මේ මිනිස්සුන්ට පුදුම තරම් ආදරෙයි..ඒත් වෙන කරන්න දෙයක් නෑ..සුදු මහත්තයා කියන්නේ මගේ ජීවිතේම කොටසක්..එයා නැති ජීවිතයක් මට ඇත්තටම වැඩක් නෑ..අමාරුවෙන් උනත් හිත හදාගෙන එයාලට සමු දීලා මං වත්තේ වැට ගාවට ඇවිදන් ආවා..සුදු මැණිකේ අඩනවද කොහෙද..එයා සුදු මහත්තයව තුරුල් කරන් මොනවදෝ කිය කිය ඔලුව අත ගානවා..

"අනේ අම්මා ඔයා අඬද්දී මං කොහොමද යන්නේ ම්ම්??අනේ නාඬා ඉන්නකෝ.."

"හ්ම් අම්මා අඬන්නෑ..මගේ පුතා ගිහින් එන්න..දළඳා හාමුදුරුවන්ගේ පිහිටයි මයේ අම්මට.."

"මං ආදරෙයි මගේ අම්මට..අසිනිට කියන්න එයාගේ අයියා ගියා කියලා..කෙල්ල මා එක්ක තරහින්නේ..මං කියනවට වඩා අම්මා කියන එක හොඳයි.."

"ම්ම් මං කියන්නම් සුදු මහත්තයා.."

"එහෙනම් මං යනවා අම්මා,අප්පච්චි,කමලා..පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ..මං එවන ලියුම් මඟ අරින්න එපා.."

සුදු මහත්තයා අන්තිම වතාවට එහෙම කියලා බංගලාව දිහාවට හැරිලා එක වතාවක් එයාලා දිහා බලලා අත වනලා දුක හංගන් හිනා වෙවී මගේ දිහාවට ඇවිදන් ආවා..

_______________________________________________________

laura-bun🍃

මං ආවාආආආආආඅ~😙

මෙවාන් චුට්ටාව දාලා යයි කියලා නේද හිතුවේ? ම්ම්😌

දැන් ඉතින් මුන් දෙන්නා ලව් කරනවා බලන්න ලෑස්ති වෙන්න සුදාම්මිලා..😏💘