Chapter 16: 15•

තේව් (TAEKOOK)Words: 22358

comment goal-30

"සුදු මහත්තයා ඇයි අපි රෑ වෙන්නත් කලින් පාලම උඩට ආවේ?"

කියන්න කාරණාවක් තියෙනවයි කිව්වත්,අපි දෙන්නා වෙනදට මේක උඩ මුණ ගැහෙන්නේ බංගලාවේ සේරම මිනිස්සු සයනට යන වෙලාව උනු කොට නිසා මට තිබුනේ කුතුහලයක් මේක ගැන අහලා දැනගන්න..

"සුදු මහත්තයා! මාව ඇහෙනවද?"

"ඔහ් චුට්ටා..මං මේ.."

මොනවා උනත් එයා හිටියේ වෙන කල්පනාවක..මම ඉන්නවා කියලත් වගේ වගක් නැහැ..

"මොනවද ඔයාට කියන්න තියෙන්නේ සුදු මහත්තයා..ආයේ මැණිකෙයි අසිනියි රණ්ඩුවත් උනාද?එහෙම උනා නම් ඔයාට තිබ්බා මට ඒ ගැන කලින් කියන්න..ඒක කියන්න මෙතනටම එන්න ඕනෙ උනාද ඔ-"

"ඕහ් දෙවියනේ! මගේ කන"

සුදු මහත්තයා මගේ කට ටිකක් තදින් මිරිකලා කම්මුල් වලින් දෙපැත්තට ඇද්දා..

"ආව්..ර්-රිදෙනවා සුදු මහත්තයා"

"රිදෙන්න තමයි ඇල්ලුවේ..පුදුම කියවිල්ලක්නේ ඒක..මම දැක්කමයි ඔයා මෙච්චර වේගෙන් දෙයක් කියාගෙන කියාගෙන යනවා..ඇත්තටම මේ ඔයාද චුට්ටා?"

මේ මනුස්සයා මාර කතාවක්නේ මගෙන් අහන්නේ?මේ මම නැතුව මං වෙනුවට ඉන්න අවතාරයක්දැයි..

"ඇයි ඔයාට මාව දැක්කම වෙන කාව හරි මතක් වෙනවද සුදු මහත්තයා?"

මම ඇහුවම සුදු මහත්තයා හිනා වෙලා,මගේ කම්මුලෙන් අත අහකට ගත්තා..ඊට පස්සේ මම බැම්මට හේත්තු වෙනවත් එක්කම එයා මගේ කර වටේ අතක් යවලා මගේ ළඟට කිට්ටු උනා..මේ වෙද්දි නම් ගඟේ රැලි නඟන සද්දේ නොඅඩුව අපේ සවන් වලට යොමු වෙලා තිබුනා..වෙනදට දැඩි සුළං රැල් නිතරම හැමුවත් අද ඒ වෙනුවට අපේ ගත වෙලාගෙන යන්න ආවේ සුළං රැල් කිහිපයක් විතරයි..

"මම ආසයි ඔයාගේ කටින් ඔය වගේ පණ්ඩිත වචන නිතරම අහන්න.."

"ඒ ඇයි?"

මම සුදු මහත්තයා දිහා බලාගෙන ඒක කිව්වම එයා මගේ දිහා බලාගෙන ඉඳලා,හිනාවක් මගේ දිහාවට පා කල්ලා ඒ ක්ශනයෙන්ම අහක බලාගත්තා..

"ඒ ඇයි කියලා දන්නවද?"

"ම්ම් ඇයි?"

"ඔයා හැමදාම නිහඬව ජීවත් උනු කෙනෙක් චුට්ටා..මෙහෙට එද්දිත් ඒක ඒ විදියටම තිබුනා..මට හිතුනා ඔයා කවදාවත් මගෙත් එක්ක හරියට වචනයක්වත් කතා කරන එකක් නැහැයි කියලා..ඒත් දන්නවද..ඔයා මට දවසින් දවස ළං වෙද්දී වචනයක් දෙකක් මගෙත් එක්ක දොඩ මලු වෙද්දී,ඒ පරණ තේව් අපි දෙන්නගෙන්ම ඈතට යනවා මට දැනුනා..ඔයා මගෙත් එක්ක මගේ පවුලේ හැමෝම එක්ක ආදරෙන් ඉන්න එකෙන් මට තේරුනා මගේ පුංචි තේව් කියන්නේ අපි හැමෝගෙම සතුට කියලා..ආහ්..මං තව මොනවද ඔයාට ඒ ගැන කියන්නේ මගේ චුට්ටා..කොටින්ම කියනව නම් මං දැන් "ආදරය" කියන අකුරු හතරේ තේරුම දන්නවා..මොකද මම හැමදාම ඔයා දිහා බලලා ඒ අකුරු හතරට වටිනාකමක් දෙන්න උත්සහ කරනවා.."

සුදු මහත්තයා හරි ලස්සනට හිනා වෙනවා..එයාගේ දිගැටි ඇස් පිහාටු හෙලවෙන්නවත් නොදී මගේ ඇස් මත්තෙම තියාගෙන ඒ වචන දෙඩෙව්ව විදිය පුදුමයි..ඒ ඇස් තනිකරම මායාවක් වගෙයි මට දැනුනේ..ඕනෙම කෙනෙක්ට පහසුවෙන් ගිලෙන්න පුළුවන් හැබැයි ආයෙ ගොඩට එන්න අපහසු හරියට කියනව නම් ගැඹුරු මුහුදක් වගේ..ඒක ඒ තරම් පුදුමසහගතයි..මට දැනුනේ මාව දියවෙලා වැක්කෙරෙන්න තරම් සතුටක්...

"සුදු මහත්තයා.."

"මගෙන් ඈතට යන්න හිතන්නවත් එපා මගේ චුට්ටා..එහෙම උනොත්-"

"කවදාවත් එහෙම වෙන්නේ නෑ මගේ සුදු මහත්තයා..ඔයා ළඟින් මං හැමදාම ඉන්නවා මේ දැනුත් ඉස්සරහටත්..ඔයාගේ දුකක් සතුටක් කියන්නේ ඒක මගෙත් දුකක් සතුටක්..ඒක හැමදාම ඒ විදියටම වේවි.."

මම කකුල් වලින් ඉස්සිලා සුදු මහත්තයගේ නලලට වැටිලා තියෙන දඟකාර කෙහෙරැල් අතින් හරි ගස්සලා එයාගේ නලලින් හාදුවක් තියලා අහකට උනා..

"ඔයා අහම්බයක්?"

"ආහ්?"

"ඒක එහෙම නෙමෙයිද?"

"මට තේරෙන්නෑ ඔයා කියන දේවල්.."

"ම්ම් අමතක කරලා දාන්න ඒක.."

"සුදු මහත්තයා අපි දැන් යන්න ඕනේ.."

"ටිකක් ඉන්න චුට්ටා!"

එයා මගේ අතින් අල්ලලා නතර කරගත්තා..

"......"

"සුදු මහත්තයා මොකද උනේ?"

"මෙතනට එක්කන් ආපු හේතුව අහන්නේ නැතුවද දැන් යන්න හදන්නේ ම්ම්?"

දෙවියනේ..එයා මෙච්චර වෙලා කිව්වේ ඒ දේ ගැන නෙමෙයිද?මම එයාගේ අත අත් ඇරලා ආයෙම ඇවිත් කලින් ඉඳිය විදිහටම බැම්මට හේත්තු උනා..ඒත් ඒ මොකක්ද? මට තිබුනේ ප්‍රශ්නාර්ථයක්..

"මොකක්ද ඒ?"

"මම.."

"කියන්නකෝ සුදු මහත්තයා එක පාර,මාව බය නොකර.."

"මම.."

"සුදු මහත්තයා!!!!!"

"ඔහ් තරහ ගන්න එපා..ඔය ඉතින් ඕකනේ බැරි..විහිලුවක්වත් දන්නේ නැහැ..ඔය විදියට නම් මගෙත් එක්ක ඉන්න අමාරුයි මගේ තේව්.."

ඇත්තමයි විහිලුවක්ද ඒක?මට එයාට වගේ නම් තරහ යන්නේ නෑ..ඒත් මේ විදියට දෙයක් කියන්න තියාගෙන ඒක හංගන්න හදනවා නේද..අන්න ඒ වෙලාවට මට සුදු මහත්තයත් එක්ක පුදුම තරන් කේන්තියි..

එයා හිනා වෙවී මට විහිලු කරන්න පටන් ගත්තම මම යටි තොල හපන් තියෙන කේන්තිය අඩු කරගන්න පුළුවන් තරම් උත්සහ කලා..ඒත් එක්කම මට ඇහුනේ ගිනි කූරක් දල්වන සද්දේ..මම සුදු මහත්තයාගේ දිහා බැලුවම එයා සිගරට් එකක් තොල් අතර තියාගෙන ඒක පත්තු කරමින් ඉන්නවා..

"චුට්ටා!"

"ම්ම්.."

"මං ලබන සතියේ කොළඹ යනවා"

"ආහ්?"

"ඔව්..මට ඕනෙ උනා ඔයාට මේක කියන්න..අම්මා නිසයි මං හිතුවේ මේ තීරණේ ගන්න..හැමදාම මට බංගලාවට වෙලා ඉන්න බැහැ..කොච්චර පරම්පරාවෙන් දේවල් මගේ නමට තිබුනත් මට ඒ දේවල් වැඩක් නැහැ චුට්ටා..මට ඕනේ එයාලට බරක් නොවෙන විදිහට ජීවත් වෙන්නයි.."

"සුදු මහත්තයා.."

"ඇත්තටම පන්සලේ ලොකු උපාසක උන්නැහේ තමයි අම්මට මේ ගැන කියලා තියෙන්නේ..එයා මගේ අප්පච්චිගෙයි අම්මගෙයි ළඟම හිතවතෙක්..එයාගේ ලොකු පුතා මම අඳුරන කෙනෙක්..නම පවන්..පවන්ගේ කම්පැනි එකට කෙනෙක් හොයනවා..එයාට ඒ අඩුව පුරවන්න ගැලපෙන එකම කෙනා මමලු..මගේ ඩිග්‍රි එකෙන් මට උපරිම ප්‍රයෝජනයක් ගන්න නම් මට මේක කරන්න වෙනවා චුට්ටා.."

සුදු මහත්තයා මේ කියන දේවල් මට හීනයක් වගේ උනා..මේ වෙලාවේ මම එයත් එක්ක මොනවද කතා කරන්න ඕනේ කියන්නවත් මං දැනගෙන හිටියෙ නැහැ..

"හ්ම් ඔයා ඒක කරන්න ඕනේ.."

"චුට්ටා..මගෙත් එක්ක තරහද?"

සුදු මහත්තයා සිගරට් එකෙන් උගුරු කිහිපයක් වේගෙන් එකවර ඇඳලා අරගත්තා..මම සුසුමක් පිට කරලා හිනා උනා..එයා මගේ දිහා බලාගෙන ටිකක් වෙලා ඉඳලා ඒ දුම වාතලයට එක් කලා..

"අනේ නැහැ සුදු මහත්තයා..මම මොකටද තරහ වෙන්නේ..ඔයා යන්නේ ඔයාගේ අනාගතය විතරක් නෙමෙයි මේ මුලු පවුලෙම අනාගතය වෙනුවෙන්..එක හිතින්ම කියනවා නම්, ඔයා ඉස්සරහට යනවා බලන්න මම හුඟාක් ආසයි.."

"ඇත්තටමද චුට්ටා?"

සුදු මහත්තයා මගේ දිහා පුදුමෙන් වගේ බලාගෙන ඉන්නවා..

"ම්ම් ඇත්තමයි.."

සුදු මහත්තයා සිගරට් එකේ අන්තිම උගුරත් ඇඳලා ඉවර කරලා ඒක විසි කරලා දාලා මගේ අත එයාගේ දෙඅත් අතරට මැදි කරගත්තා..එයා කට කොනකින් හිනා වෙලා ආයෙම ඒ හිනාව ඒ මුහුණෙන් අතුරුදහන් කරගත්තා..එයා දුකින්ද?

"මාව තේරුම් ගන්න මගේ තේව්..මම ආපහු එනවා ඔයාව බලන්න..කොච්චර කාලයක් ගියත්.."

"මට අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නැහැ සුදු මහත්තයා..ඔයාව මම හැමවෙලේම තේරුම් අරන් ඉන්නේ..ඉතින් හැමදාමත් කියනවා වගේ ඔයා ගන්න ඕනෙම තීරණයක් මං ගන්න තීරණයක් වගේ තමයි සුදු මහත්තයා.."

"....."

"අපි දැන් ඇතුලට යමුද සුදු මහත්තයා..හුඟක් හවස් වෙලා..මැනිකේ අපිව හොයනවද දන්නෙත් නැහැ.."

"ඔහොම ඉන්න.."

එයා මාව තද කරලා බදාගෙන මගේ උරහිස උඩින් එයාගේ නිකට තියාගත්තා..මම හෙමින්,එයාගේ පිට පුරාම අත ගෙනිච්චා..ඒත් එක්කම සුදු මහත්තයා තවත් මාව තද කරලා එයාගේ ඇඟට තුරුල් කරගත්තා..මට හුස්ම ගන්නත් අමාරුයි වගේ දැන් නම්..

"අවුලින් ඉන්න එපා සුදු මහත්තයා..ඔයා ඔයාගේ හීනෙට යන්න ඕනේ..ඒකට කොයිම වෙලාවකවත් මං බාධා කරන්නේ නෑ වගේම බාධාවක් වෙන්නෙත් නැහැ..ඇහුනද ඔයාට...කොළඹ ගියාම ඔයා,ඔයා ගැනයි හිතන්න ඕනේ...ඔයා හොඳින් එහෙ වැඩ ටික කරගන්න ඕනේ..මං බලන් ඉන්නවා මෙහෙ ඉඳන් ඔයා ලොකු මහත්තයෙක් වෙලා ආයෙම දවසක මාව බලන්න එනකල්..තේරුනාද ඔයාට?"

"ම්ම්...මට ටිකක් වෙලා මෙහෙම ඉන්න දෙනවද?"

~

හිතට හුඟක් බරයි...කවදාවත් දැනිලා නැති මහන්සියක් මට දැනෙනවා..මම ඉන්නේ මගේ සුපුරුදු තනිය මකන ජනේලෙ ළඟ, ජනෙල් කූරු වල එල්ලීගෙන..

නොකිව්වට පපුව හතරට පැලිලා යන්න තරම් වේදනාවක් මට දැනෙනවා මගේ සුදු මහත්තයා..ඔයා එක්ක ගෙවන එක තප්පරයත් මට මහ හුඟක් වටිනවා..ඒ හැම තප්පරයක්ම මගේ ජීවිතේට එකතු වන මතකයක්..ඔයා කිව්වා හරි ඔයාට මාව අහම්බයක් වගේම මට ඔයාව අහම්බයක්! අපි දෙන්නා මුණ ගැහුනෙත් මම කරදරේක වැටිලා ඉන්න මොහොතක...ඒ වගේම ඔයා තවමත් මාව කරදර වලින් බේරගන්නවා..ඒ නිසයි මං ඔයාට මගේ ආරක්ශකයා! කියලා කියන්නේ..දන්නවද ඔයා ඒක..

මට කවදාවත් ඔයාගේ ගමන නතර කරලා දාන්න උවමනාවක් නැහැ සුදු මහත්තයා..එහෙම කලොත් මට පවු පිරේවි..මැනිකේ,අපප්ච්චි ඔයා ගැන හුඟක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ඇති..ඉතින් ඔයා මත කී දෙනෙක්ගේ ජීවිත රැඳිලා තියෙනවද සුදු මහත්තයා..ඒකයි මම කියන්නේ මම ඔයාගෙ ගමනට බාධා කලොත් මට සෑහෙන්න පවු පිරෙනවා කියලා..

මං දන්නවා ඔයා ඇහැරිලා ඇති තවමත්..ඒත් මට ආයෙත් එලියට එන්න උවමනාවක් නැහැ සුදු මහත්තයා..මොකද අද හවස මම ගලක් වගේ හිත දැඩි කරන් හිටියට ඔයා මට දැන් ආයෙම කතා කලොත් මම ඔයාගේ ඉස්සරහ පොඩි ළමයෙක් වගේ අඩාවි මගේ සුදු මහත්තයා..මට ඒක වෙන්න ඉඩ දෙන්න ඕනෙ නැහැ..ඒකයි මම ඔයාට රෑ පාලම උඩට එන්න කිව්වම බොරු කීවේ..මට සමාවෙන්න ඒකට..

ඔයා දන්නවද? ඔයා මහ රූස්ස ගහක් කියලා..ඔයාගෙන් ඕනෙම කෙනෙක්ගේ ජීවිතයක් යහ මඟට ගන්න ඕනෙ කරන දේවල් තියෙනවා..හරියට මේ මම ගත්තා වගේ..ඔයා මේ පවුල වෙනුවෙන් හරියට වද වෙනවා..මම ඕනෙ තරම් දැකලා තියෙනවා..අසිනි නිසා ඔයාගේ හිත හුඟක් රිදිලා ඇති මගේ සුදු මහත්තයා..ඒත් මම තවම විශ්වාස කරනවා ආයෙම කවදා හරි දවසක එයා ඔයා එක්ක කතා කරාවි..

අනිත් අතට කමලා නැන්දා..එයා ඔයාට සලකන්නේ එයාගෙම පුතෙක් වගේ..ඔයාගේ පැත්තෙන් කියනවා නම් හරියට ඔයාගේ දෙවෙනි අම්මා වගේ..ඔයා එයාට හුඟක් ආදරේ බව මම දන්නවා..බංගලාවේ වැඩ කරන කෙනෙක් වෙලත් ඔයාලා හරිම ආදරයෙන් ඉන්නවා...ඒකයි මම කියන්නේ ඔයාගේ හොඳ ගතිගුණ මට කවදාවත් කියලා ඉවර කරන්න බැරි වෙයි කියලා..

මම හුඟ වෙලාවකට පස්සේ හිතේ තියෙන හැමදේම ජනෙල් කන්ඩිය අසලට වෙලා නිදහස් කරගත්තා..මම තිර රෙද්ද පහලට ඇඳලා දාලා තුවායත් අරගෙන නාන කාමරය දිහාවට ඇවිද්දා..මුලු බංගලාවම අඩ අඳුරක ගිලිලා තිබුනා..මම දවල් වරුවේ නාලා හිටියත් මට ආයෙම ඒ දේ ඕනි උනා..

නාන කාමරයේ දොරත් ඇරගෙන ඇතුලට ආපු මං ඇතුලින් දොර අඟුල් දාලා තුවාය ඇඳුම් රඳවන තැනින් රඳවලා,ඇඳගෙන හිටිය ඇඳුම් සේරම ටයිල් පොලොව මත ගලවල දාලා සින්ක් එක ළඟට කිට්ටු උනා..සම්පූර්ණයෙන් නිරුවත් මට,මාවම කැඩපතෙන් පෙනෙද්දී අත් දෙකත් සින්ක් එක දෙපැත්තෙන් තියපු මම කැඩපත ඉදිරියට නැඹුරු උනා..

මට මාව බලන්න බය වෙන තරමට මගේ ඇස් ඉදිමිලා තිබුනා..මම සීරුවට මගේ දෑඟිලි වලින් මගෙ මුහුණ ස්පර්ශ කලා..දෙකොපුල් රතු පැහැයට හැරිලා තිබුනා..කවුරු හරි දැක්කොත් නම් බය වෙනවා සත්තයි..මම මගේ වේදනාව වෙන කොහොම පිට කරන්නද සුදු මහත්තයා?මට ඔයා ඉස්සරහා අඩන්න බැහැ..එහෙම උනොත් මං වගේම ඔයත් පරදිනවා..ඒක වෙනව බලන්න ඕනේ නැහැ මට..

පැයක් විතර නාන කාමරයට වෙලා ඉඳලා මම තුවායත් ඉනේ පටලන් එලියට ආවේ කලිසමක් දාගෙන ඇවිත් කෝපි එකක් හදාගන්න කියලා හිතාගෙන...

_______________________________________________________

laura-bun🍃