Chapter 15: 14•

තේව් (TAEKOOK)Words: 23015

පලවෙනි අඩිය බංගලාවට තිබ්බේ මීට හුඟ කාලෙකට කලින් උනත් මටත් නොදැනිම අද වෙද්දී මගේ හැඟීම් පවා එයාගේ නමට යට වෙලා තිබුනා...අපි දෙන්නා නිතරම රෑ ජාමෙට පාලම ළඟ නතර වෙලා පැය ගානක් දොඩ මලු වෙන එක පුරුද්දක් වෙලා තිබුනා..සුදු මහත්තයාගේ අප්පච්චිත් අම්මාත් හැරුනු කොට අපි දෙන්නගේ පෙම් පලහිලව්ව අසිනිත්,කමලාත් දැනගෙන උන්නේ අසිනිගේ කනින් රිංගන එක මටයි සුදු මහත්තයාටයි අසීරු රාජකාරියක් උනු නිසා..

කොහොම උනත් අර කතාවට උනත් කියනවා වගේ එයත් වෙන කොහෙදෝ ඈතක ඉඳන් ආපු සුර කුමාරයෙක් වගේ,ඇත්තමයි! සුරංගනා ලෝකෙක ඉඳලා හිස් කැන්වසයකට හුරු මගේ ජීවිතේට හරි ලස්සන වර්ණ තවරන්න ආපු කුමාරයෙක් එයා..දවසින් දවස එයා ගැන මගේ හිතේ තිබුන පැහැදීම,ආදරය වැඩි උනා මිසක් කිසිම දාක ඒ දේවල් දශමයක්වත් අඩු උනේ නෑ..

අසිනි තාමත් මගෙත් එක්ක තරහින්..ඒ දේ තමයි ඇත්තටම වෙන්න ඕනේ හරි නම්..මොකද "මෙවාන්" කියන්නේ එයාගේ අයියා..මම ගැහැණු ළමයෙක් උනා නම් එයා මට ආදරෙන් සලකන්න ඉඩ තිබුනා..ඒත් මං හිතනවා එයාගේ හිතේ මං ගැන තියෙන කේන්තිය අඩු වෙයි කියලා..කොච්චර යාලු කරගන්න උත්සාහ කලත් අපි දෙන්නටම මේ තාක් ඒක කරගන්න බැරි උන එක නම් මගේ හිතේ හීනියට දුකක් එකතු කරලා තිබුනා..

අසිනි අපි එක්ක තරහින් හිටියත්, කමලා නැන්දා හිටියේ සුදු මහත්තයා ගැන සතුටින්..එයා මගෙත් එක්ක දොඩ මලු වෙන හැම වෙලේම කියන වචන මගේ ඔලුවේ මේ දැනුත් දෝංකාර දෙනවා.. "අනේ මගේ සුදු මහත්තයා දැන් හැමදාම හිනා වෙලා ඉන්නවා!ඒකට හේතුව උබ තේව්!!" මට ඒක අහද්දිත් දැනෙන්නේ මහ ලෙන්ගතුකමක්..

මම මේ ජනෙල් කන්ඩිය ළඟට වෙලා කල්පනා කර කර හිටියට මොකද දැන් හවස හයටත් කිට්ටු වෙන්න බිත්ති ඔරලෝසුවේ කටු නතර වෙලා තිබුනා..මේ වෙලාවට කලින් හැමදාම වගේ කරන්න රාජකාරියක් මැණිකේ මට පවරලා තිබුනා..ඒ තමයි බුදුන්ට පූජා කරන්න ලස්සනම ලස්සන පිරිච්ච මල් වට්ටියක් හදලා ගෙනත් මැණිකෙගෙ අතට දෙන එක..කලින් නම් කමලා නැන්දා මේ වැඩේ භාරගෙන තිබුනත් මැණිකේ ළඟදි දවසක ඉඳලා මේ රාජකාරිය මට පැවරුවා..ඉතින් මං හරිම ආසයි මේ විදිහට එක එක වර්ගේ මල් එක්කහු කරලා ලොකුම ලොකු මල් වට්ටියක් හදන වැඩේට..ඒකෙන් මට මහ නොතේරෙන සැනසීමක් දැනෙනවා...හරියට භාවනාවක් වගේ..

කල්පනා ලෝකෙන් මිඳුන මම දොරත් අඩවල් කරගෙන වත්තට බැස්සේ මල් වට්ටියත් අතට අරගෙන..

"පුතා ඔයා මං කිව්ව එක ගැන හිතලා බැලුවද?"

"...."

"පන්සලේ ලොකු උපාසක උන්නැහේ අදත් මුණ ගැහිලා මගෙන් ඒ කාරණාව ගැන ඇහුවා පුතා.."

"මං තාම ඒ ගැන හිතුවේ නැහැ අම්මා.."

මැණිකේ තේ කහට කෝප්පය මෙවාන්ගේ අත මතින් තබන අතරේ මේසේ යට දමා තිබූ හිරමණය ඇඳලා අරගෙන ඈඳි ගත්තා..මෙවාන් කහට කෝප්පය දිහා ඔහේ බලාගෙන ඉඳලා ගැඹුරු හුස්ම පොදක් වාතලයට එක් කලා..

"අප්පච්චිටත් කිව්වද අම්මා?"

"ඔව්,අප්පච්චි කිව්වේ සුදු මහත්තයාට බල නොකර ඉන්ඩ කියලා..ඒත් එහෙම පුලුවන්ද සුදු මහත්තයා..උපාසක උන්නැහේ අපිට කොච්චර උදව් කරලා තියෙනවද?එහෙම එකේ ඒ මනුස්සයා අපෙන් දෙයක් බලාපොරොත්තු උනාම මට බල නොකර ඉන්න පුළුවන්ද සුදු මහත්තයා?"

"ම්ම් අම්මා!මං ඉක්මනටම අම්මට ඒ ගැන කියන්නම්.."

මෙවාන් මැණිකෙගේ හිස් මුදුන පිරිමැදලා ලස්සනට හිනා උනා..

"ඕක නිමෙනවා ළමයෝ..ඔය කහට කෝප්පේ මොනවද ඔය හැටි කල්පනා කරන්න තියෙන්නේ"

"අහ්ම්..අම්මා මට උණු වතුර එකක් දෙන්න"

"ඇයි සුදු නෝනා? අසනීපයක්වත්ද?"

"දැන්ද ඔයාටත් අහන්න මතක් වෙන්නේ? කොහෙද ඉතින් සමහරුන්ගෙන් අම්මට ගැලවීමක් නෑනේ"

"සුදු නෝනා!!!"

"ඔයා කෑ ගැහුවට මං දැන් බය නෑ අම්මා!ඔක්කොටම ඔලුව පාත් කරන් හිටියම තමයි කරේ නගින්න එන්නේ..අපිත් ඉන්න ඕනේ උන් ඉන්න විදියටම.."

"මොකද දරුවෝ මේ?"

මැණිකේ අසිනි ගාවට කිට්ටු උනාම අසිනි අහක බලාගත්තා..අසිනිගේ ඇස් ලා රතු පැහැයට හැරිලා තිබුනා..මැණිකේ ඒ විගසම අත අරගෙන අසිනිගේ නලලට කිට්ටු කලා..අසිනි තවමත් අහක බලාගෙන හිටියා..මෙවාන් මේසෙට හේත්තු වෙලා අසිනි දිහා බලාගෙන හිටියා..

"දෙයියනේ!! සුදු නෝනා ගිනි කබල වගේ උණ අරන්.."

"මං කාමරේට යනවා අම්මා..පුළුවන් නම් ඔය වතුර එක ගෙනත් දෙන්න"

අසිනි මැණික්ගෙ අත පහලට ගසලා දාලා කුස්සියෙන් යන්න ගියා..මැණිකේ ඒත් එක්කම මෙවාන් දිහා බැලුවම මෙවාන් මැණිකෙ වෙත හෙලුවේ හිස් බැල්මක්...

"මේ ළමයා මෙච්චර මුරණ්ඩු ඇයි සුදු මහත්තයා? ලෙඩක් දුකක් හැදිලත් ඒ ගැන ඇහුවම අපිට ගස්සගෙන ගිහින් මදි ඇත්තමයි..."

"අනේ අම්මා!!"

මෙවාන් මේ වෙද්දිත් නෙත් කෙවෙනි වලට උනපු කඳුලු බිංදු හංගන්න උත්සාහ කරන මැණිකෙ හොර රහසෙම හිතින් අඬා වැටෙන බව තේරුම් ගත්තා.. "කවදා මේ දේවල් හොඳ විදිහට හැඩ ගැහෙයිද? මම ඒ දවස එනකල් බලාගෙන ඉන්නවා" මෙවාන් කිව්වා නොව එය සිතුවා පමණයි..නොකිව්වට අසිනි කරන කියන දේවල් මෙවාන්ගේ පිරිමි ලය සැරෙන් සැරේ රිද්දන්න සමත් වෙලා තිබුනා...

"අඩන්න එපා අම්මා..අඩන්න ඕනේ නැහැ මේ වගේ දේවල් වලට.."

මෙවාන් සුසුම්ලමින් සිටිනා මැණිකෙව සනසන්න උත්සාහ කලා..මැණිකෙත් මෙවාන්ගේ උණුසුමේ පුංචි කෙලි පැටික්කියක් වගේ ගුලි වෙලා ඒ හැඩි දැඩි ලය මත තම උණුසුම් කඳුලු කැට දිය කර හැරියා..මොනවා උනත් ඒ තමන්ගේ දුව..ඒ අම්මට දුක හිතෙන එක සාධාරණයි..

ඒත් එක්කම කුස්සියේ දොර අඩවල් වෙන සද්දෙට නෙත් ඔසවා බැලූ මෙවාන් තම තුරුලේ ඉන්න මැණිකෙව මඳකට ඈත් කරලා මැණිකෙගෙ අවුල් සහගත කෙස් කැරලි ඇඟිලි තුඩු මඟින් කන් පිටුපස රැඳෙව්වා..

"චුට්ටා..ඇ-ඇයි මට කතා නොකලේ..හුඟක් වෙලාද ඇවිත්?"

"අහ්..ම්-මැණිකේ මං.."

"නෑ අම්මා,එයා දැන් ආවේ.."

"ඔ-ඔව් මැණිකේ..මං මේ මල් වට්ටිය දෙන්න ඕනෙ නිසා.."

"කෝ දෙන්න දරුවෝ..සුදු මහත්තයා මං බුදුන් වඳින්න යනවා.."

"හරි අම්මා.."

මැණිකේ ඔසරි පොටින් ඇස් පිහදන අතරේ කුස්සියෙන් යන්න ගියේ මල් වට්ටියත් එක අතකට අරගෙන..මැණිකෙට මොකක් හරි ප්‍රශ්නයක්වත්ද? මට මේ මොහොතේ දැනුන එකම දේ ඒක විතරයි..හරි අමුතුයි..ඇස් දෙකත් බොඳ වෙලා කඳුලු වලටම...

"සුදු මහත්තයා.."

"ම්ම් තේව්.."

"ඇයි සුදු මහත්තයා? මං දන්නවා මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා...ඒත් මං ඔයාගෙන් ඒ ගැන අහන්නේ නැහැ..ඔයා කැමති නම් විතරක් මට කියන්න.."

සුදු මහත්තයා මට මගේ නම කියලා කතා කරන්නේ බොහොම කලාතුරකින්..එක්කෝ එයා දුකින් ඉන්නකොට,නැත්තන් කේන්ති ගිහින් ඉන්න වෙලාවට..

"...."

"අපි එලියට යමුද?"

"කොහෙද තේව්?"

"ම්ම්ම් එච්චර දුරකට නෙමෙයි.."

"හ්ම් යමු..."

සුදු මහත්තයා මේ විදිහට තනි වචනෙන් කතා කරනකොට මගේ පපුවේ පැත්තක් රිදෙනවා..ඒක කෙනෙක්ට විහිලුවක්ද කියන්න මං දන්නෑ..ඒත් ඒ විදිහට කතා කලාම එයා හිතේ හිර කරන් ඉන්න දුක එයාට වඩා දැනෙන්නෙ මට..ඒකයි මට රිදෙන්නේ..

මම ඉස්සර වෙලා ඉස්තෝප්පුව දිහාවට ආවත් ඒ දිහා කවුරුත් පේන්න හිටියෙ නැහැ..ටිකකින් මැණිකෙගේ කාමරය දිහායින් සුදු මහත්තයගෙ රුව දිස් වෙද්දී මම ඉස්තෝප්පුවෙ පඩියෙන් තණ පිස්සට පැන්නා..සුදු මහත්තයා මගේ දිහා බලාගෙන හිනා වෙනවා මම දැක්කා..එහෙම හරි කමක් නැහැ එයාගේ මූණට හිනාවක් එනවා නම්..

"කොහෙද යන්නේ දැන්?"

"කොහෙවත් නැහැ..."

"තැනක් නොතැනක් නැතුව කොහෙද තේව් යන්න හදන්නේ?එක්කෝ මට යන්න ඕනේ කොහෙද කියලා කියන්න..මං එක්ක යන්නම්"

"ඇත්තටම එක්ක යනවද?"

"ඔව් එක්ක යන්නම් ඕනෙ තැනක"

"මැණිකේ දැනගත්තොත් බනීවිද සුදු මහත්තයා?"

"නෑ චුට්ටා..අම්මා මුකුත් කියන්නෑ"

මම වෙන කල්පනාවක ගිලෙන්න ඔන්න මෙන්න තියලත් මාව දෙපාරක් ගැස්සිලා ගිහින් නතර උනේ සුදු මහත්තයාගෙ කටින් පැන්න ඒ වචනෙට..

"මොකක්ද කිව්වේ?"

"ආහ්?"

"ඔයා ඉස්සෙල්ලා කිව්ව එක ආයෙත් කියන්නකෝ සුදු මහත්තයා.."

"මොකක්ද චුට්ටා? මට තේරෙන්නෑ ඔයා කියන එක"

"හෝ හෝ..අන්න ඒක..අන්න ඒක තමයි..ආයෙත් කියන්නකෝ සුදු මහත්තයා.."

"ම්ම් චුට්ටා?"

"ඔව් අන්න ඒක.."

"මොනවද කියන්නේ...මේ කොල්ලා මට පිස්සුත් හදවනවා.."

"හරි හරි අහන්නකෝ..අපි දැන් කොහෙවත් යන්නේ නැහැ..අපි ඒ ගමන හෙට යමු.."

"ම්ම් ඒ පාර මොකද උනේ? දැන් එලියට යන්න ඕනේ කිව්වා නේද ඔයාට?"

"ඔව් ඒ ඉස්සෙල්ලානේ..දැන් නිකම් බැහැ වගේ.."

මං ලාවට හිනා වෙලා කියලා අහක බලාගත්තම ඒ දරදඬු අතක් මගේ ඉන වටේ එතෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ වගේම මාව එයා කිට්ටුවටම ඉබේම ඇඳිලා යන්නත් මහ ලොකු වෙලාවක් ගියේ නැහැ..

"සුදු මහත්තයා.."

"ම්ම්ම්"

"මොනවද මේ කරන්නේ? කවුරු හරි ඒවි.."

මම කිව්වත් එයා කලේ කට කොනින් හිනා උන එක විතරයි..මගේ දෙකොපුල් එන්න එන්නම රත් වෙන තැටියක් වගේ වෙනවා කියලා මට තේරුනා..සුදු මහත්තයා එක එල්ලේ මගේ ඇස් එක්ක එයාගේ ඇස් යා කරගෙන ඉද්දී මට මහ කෝලකමක් දැනුනා..

"රතු වෙන්න එපා.."

"ආහ් සුදු මහත්තයා..අහකට යන්නකෝ අනේ.."

"මං යන්නද එහෙනම්?"

"කෝ කියන්න..මං යන්නද?"

"සුදු මහත්තයා..."

"ම්ම් හරි හරි.."

~

රෑ කෑම කාලා ඉවර උනාට පස්සේ මම කවිච්චියේ ඈඳි වෙලා හිටියා..අසිනි නම් හැමදාම වගේ අදත් අපි එක්ක කෑම ගන්න ආවේ නැහැ..එයා මායි සුදු මහත්තයයි කෑම අරගෙන ඉවර උනාම තමයි කෑම ගන්න එන්නේ..මොනා උනත් සුදු මහත්තයාගේ කටේ සද්දෙට අසිනි බයයි..බය නැත්තන් මේ වෙද්දිත් මැණිකෙට අපි දෙන්නා ගැන කියන එක තව දුරටත් පුදුමයක් වෙන්නෙ නැහැ..

"කොල්ලෝ ආ ගනින් මේක.."

"න්-නැන්දේ.."

කමලා නැන්දා හුඟක් රෑ වෙලා තිබුන නිසා මටත් එක්කම කෝපි හදලා..සීතල,මගෙ ගතට තදින්ම මේ මොහොතේ දැනෙමින් තිබුනා..ඇඳගෙන හිටිය කොට කලිසම නිසා මගේ කකුල් වලට ඒ සිසිල් ගතිය හුඟාක් දැනුනා..මම කකුලේ ඇඟිලි පොලොවට තියලා තද කරමින් හිටියා..ඒ එක්කම මම නැන්දාගෙ අතේ තිබුන කෝපි කෝප්පේ අත් දෙකෙන්ම තද කරලා අල්ලගෙන ළඟට ගත්තා..

"නැන්දේ මාත් ඔතනට එන්නද?"

කමලා නැන්දා ඉස්තෝප්පුවේ ඇඳි වෙලා කෝපි කෝප්පෙ රස බලමින් හිටියා..එයා ඔලුව වනලා මට එයා ළඟට එන්න කියලා සන් කරපු නිසා මම කවිච්චියෙන් නැගිටලා ඇවිත් එයාගේ එහා පැත්තෙන් ඉස්තෝප්පුවේ ඈඳි උනා..

"මහන්සියි නේද නැන්දේ?"

"මොන මහන්සියක්ද බන්?"

"බංගලාවේ වැඩි හරියක් දේවල් කරන්නේ ඔයානේ..ඒකයි.."

"කොච්චර වැඩ කලත් බන් මං ඒ දේවල් කරන්නේ ආසාවෙන් නේ..ආසාවෙන් දෙයක් කලොත් අපිට කිසිම මහන්සියක් දැනෙන්නෙ නෑ"

"හ්ම් ඒක ඇත්ත.."

"නැන්දේ.."

මට ඇත්තටම දැනගන්න ඕනි වෙලා තිබුනේ මැණිකේ ඉන්නේ හොඳින්ද කියලයි..ඒ නිසා මම දෙපාරක් නොහිතා මැණිකේ ගැන කමලා නැන්දගෙන් අහලා දැනගන්න තීරණය කලා..

"ඕහ් කියපන්..මොකෝ.."

"මේ..මැණිකේ හොඳින් ඉන්නවා නේද නැන්දේ?"

මම ඇහුවම නැන්දා ඇස් හීනි කරලා මගේ දිහා බලාගෙන හිටියා..

"අනේ මන්දා බන්..සුදු නෝනා නිසා මැණිකේ හිතේ අමනාපෙන් ඉන්නේ.."

මට හිතුන දේ හරි එහෙනම්..අසිනි මොකක් හරි හිත රිදෙන කතාවක් මැණිකෙට කියලා..මට තවත් ඒ ගැන හාර අවුස්සලා කමලා නැන්දගෙන් අහන්න උවමනාවක් තිබුනේ නැහැ..මොකද මං දන්නවා මැණිකෙ එයාගේ ළමයි දෙන්නට කොච්චර ආදරේ කරනවද කියලා..මැණිකේ කරන ආදරේ එක්ක බලද්දී මොන දේ උනත් අසිනි නම් හැසිරෙන විදිය ඇත්තටම වැරදියි..

"හ්ම්"

"මැණිකේ හුඟක් හිතනවා දේවල් ගැන..ඒකයි ඔච්චරටම හිත රිද්දගන්න බලන්නේ හැම වෙලේම..අම්මලා දූලගේ ප්‍රශ්න වලට අත නොදා ඉන්න තරමට ඇඟට ගුණයි..නැත්තන් අපිටත් අහක යන කතා අහගන්න බලන් ඉන්න වෙයි.."

"හ්ම්..නැන්දේ කෝපි එක රහයි.."

"අනේ පලයන්"

"ඇත්ත කියන්නේ අනේ..මට හෙටත් හදලා ඕනේ ඔන්න.."

කෝපි එකත් එක්ක, එන නිදිමතත් අපෙන් ඈතටම යන්න ගියේ පැයකට කිට්ටු වෙන්නම අපි දෙන්නට දොඩමලු වෙන්න ඉඩ දීලා..

_______________________________________________________

laura-bun🍃

WAR IS OVER💃🏻