Chapter 14: 13•

තේව් (TAEKOOK)Words: 38175

"චුට්ටා..ආහ් කනෝ.." අසිනි එයාගේ අතේ තිබුන අච්චාරු කප් එක මගේ දිහාවට දික් කලාම මම අසිනි දිහාවට හැරුනා..අපි දෙන්නම ඈදි වෙලා හිටියේ ඉස්තෝප්පුවේ..හුළං පාරවල් තදින් ඇවිත් මගේ ඇගේ වැදිලා ඈතට ගියත් මට ඒකෙන් දැනුනේ සැහැල්ලුවක්..සුද්දීයි,රෝසියි දෙන්නත් වත්තේ ඉන්න නිසා ඉස්තෝප්පුවේ ඈඳිගෙන හිටිය මගේ ඇහැ යන්නෙත් ඒ දිහාවටමයි..වෙලාවකට මට,මගේ එහා පැත්තෙන් අසිනිත් ඉන්නවා නේද කියන කාරණය අමතක වෙලාම යනවා..

"ම්-හ් ඔයා කන්න අසිනි.."මගේ බඩ මේ වෙද්දිත් පිරිලයි තිබුනේ..මැනිකේ මම බැහැ කියද්දිත් බලෙන්ම ඇවිත් බත් පිඟානක්ම මට ගිල්ලවලයි ආයෙම යන්න ගියේ..මමත් ඉතින් කෑම අහක දාන්න බැරි කමට අමාරුවෙන් උනත් මැනිකේ මට කැව්ව බත් ටික කෑවා..එයා හදන කෑම ගැන ආයේ අමුතුවෙන් නම් වර්ණනා කරන්න ඕනේ නැහැ..ඒ තරම් ඒවා රහයි..හැමෝම දන්නවා මැනිකෙගෙ අත් ගුණේ ගැන..

"මෙන්න මෙහේ කනවා හලෝ..ආහ්.."අසිනි ආයෙම මට ඒක දික් කලා..මම ටික වෙලාවක් ඔහේ වත්ත දිහා බලාගෙන ඉඳලා අසිනි බල කරන නිසාම නෙල්ලි අච්චාරු කප් එකෙන් තලලා තිබුන නෙල්ලි ගෙඩියක් ඇඟිලි දෙකකින් අරගත්තා..අසිනි හිනා උනා..මාත් එයත් එක්ක හිනා වෙලා ඒකට ස්තූති කරලා ආයෙත් අර දෙන්නා දිහාවට ඇස් යැව්වා..

"එකක් ඇතිද තව්සෙට?"

"ඇති අසිනි..ඔයා කන්න ඕක.."මම ඇඟිලි තුඩු දෙක අතර රැඳිලා තිබුන නෙල්ලි ගෙඩිය හෙමින් කන්න ගත්තා..මාරම රසයි..මං හිතන්නේ මැනිකේ තමයි මේකත් හදලා තියෙන්නේ..අසිනි නම් වෙන්න බෑ..අසිනිට කුස්සියේ වැඩ කරන්න එච්චර ආසාවකුත් නැති එකේ අසිනි නම් වෙන්න බැහැයි කියලා මට මේක කන තප්පරෙත් හිතුනා..

"අසිනි.."

"හ්ම්?"

"නැන්දද හැදුවේ?මේක රහයි.."මම කිව්වම අසිනි ඇස් හීනි කරලා මට අතින් එකක් ගැහුවා.."දැන් මේ බංගලාවේ හදන හැම දේම රහ වෙන්නේ අපේ අම්මා හැදුවොත්ද?"අසිනි කටත් ඇද කරගෙන මගෙන් ඇහුවා..මම ලාවට හිනා උනා..

"නැහැ නැහැ එහෙම නෙමෙයි..මට නිකම් හිතුන දේ මම කිව්වේ,කවුරු හැදුවත් රහට හදලා.."මම එහෙම කියලා එයා එක්ක ලස්සනට හිනා උනහම එයා හිටියේ මට රවාගෙන..මාත් ඉතින් ආයෙම එයාගේ පාඩුවේ එයාට ඉන්න දීලා මගේ පාඩුවේ මම වත්ත දිහා බලාගෙන හිටියා..අසිනිව කේන්ති ගස්සන්න මට ඇත්තටම වුවමනාවක් නැහැ..

විනාඩිය දෙක ගෙවිලා යද්දී පැයකට කිට්ටු වෙන්නම මම ඉස්තෝප්පුවේ ඈඳිගෙන හිටියා..අසිනිත් අන්තිම මොහොතේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ මගෙත් එක්ක ලස්සනට හිනා වෙලා කාමරයට යනවයි කියලා යන්න ගියා..

ඔහොම ඉන්න අතරේ මම දැක්කා කමලා නැන්දා සුද්දියි,රෝසියි ළඟට ඇවිදන් ගිහින් අතේ තිබුන බාල්දිය ටිකක් එහාට වෙන්න තියනවා..ඒ මොනවද? මට ප්‍රශ්නාර්ථයක් මතු වෙද්දී මේ වෙද්දි තිබුන කම්මැලිකමත් එක්කම තරප්පු පෙල බැහැලා වත්ත දිහාවට ආවා..

"ආහ් කොල්ලා..දැන් හොඳයි නේද ඔලුව කකියන ගතිය..වැඩ අස්සේ උබව බලන්නවත් එන්න බැරි උනා බන්.."

"අනේ ඔයා මාව බලන්න ආවේ නැන්දේ උදේ..මට ඒ හොඳටම ඇති.."

කමලා නැන්දා මගෙත් එක්ක හිනා වෙලා මගේ කොන්ඩේ අතින් අවුල් කරලා දැම්මා..මාත් එයත් එක්ක හිනා වෙලා එයා කරන වැඩේ දිහා බලන්න තාප්පෙට හේත්තු උනා..කමලා නැන්දා මොනවදෝ මන්දා වගයක් අතට අරගෙන බාල්දියට දාලා හබලෙන් ඒක හැඳි ගාන්න පටන් ගත්තා..

"මොනවද නැන්දේ මේ?"මගේ හිතේ තිබුන ප්‍රශ්නය එයාගෙන්ම අහලා දැනගන්න ඕනේ නිසා මම ඇහුවා..

"මේවද?"

"ඕහ්.."

"මේ පුනක්කු බන්.."

එයා කිව්වම මගේ ඇස් ලොකු උනා..මම පුනක්කු කියන වචනේ අහලා තිබුනේ මං පුංචි කාලේ..හරකුන්ට පොවන දෙයක් කියලා අහලා තිබුනත් මම අදයි ඒවා ඇස් දෙකට දැක්කෙත්..මම හිනා වෙලා කමලා නැන්දගේ වැඩේට බාධා නොකර එයාට ඒක කරන්න ඉඩ දීලා බලාගෙන හිටියා..එයත් හරි ආසාවෙන් ඒවා හැඳි ගානවා..මටත් ඒ වැඩේ දිහා බලාගෙන ඉඳලා ඒක කරලා බලන්න ආසාවක් ආවා..

"උබට ඕනිද මේක හැඳි ගාන්න.."

නැන්දා මගේ හිත කියවලද මේ තප්පර ගානට?

"ම්..න්-නැන්දා කරන්න.."

"කෝ කෝ මෙන්න මෙහෙ වරෙන්..උබේ ඇස් දිලිසෙන විදිහෙන් පේනවා උබ මේක හැඳි ගාන්න ආසාවෙන් ඉන්නේ කියලා..ආහ් මෙන්න.."

එයා හිනා වෙලා හබල මට දික් කලහම මගේ හිතට සතුටක් දැනුනා..අනේ මන්දා මං මේ වගේ පුංචි පුංචි දේවල් වලින් උනත් අහිංසක සතෙක්ගේ බඩක් පුරවන්න හරි ආසයි..කොටින්ම කිව්වොත් මම සත්තුන්ට හුඟාක් ආදරෙයි..එයාලත් අපි වගේ..හුස්ම ගන්නවා..කනවා බොනවා..මිනිස්සු වගේ හැසිරුනාට මිනිස්සුන්ට වඩා උන්ගේ හොඳ ගති ගුණ නම් තියෙනවා..තිරිසන් කියලා අමුතු ලේබල් එකක් සත්තුන්ට ගහලා තිබුනට ඒ තිරිසන් කියන වචනේ මේ අහිංසක සතුන්ට හරියන්නේ නැහැ..මිනිස්සු කියන වචනේ ළඟින්වත් තියලා මට සතුන්ව සංසන්දනය කරන්න ඇත්තටම ඕනේ නැහැ..මොකද මිනිස්සු කියන්නේ එක තප්පරෙන් වෙනස් වෙන කොට්ටාසයක් නම්,සතුන් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් ජාතියක්..ඒකයි මම එයාලට හුඟක් ආදරේ කරන්නේ..

පාලුවක්,කාන්සියක්,හිතට බර ගතියක් දැනුන වෙලාවක තිරිසන් උනත් නොවුනත් අහිංසක පැටියෙක් ළඟින් ඉන්නවා නම් ඒ මනුස්සයට ඒක ලොකු උදව්වක්..මම දන්නවා ලංකාවේ නම් හැම ගෙදරකම වගේ සුරතලේට සතෙක් ඇති කරනවා..එහෙනම් ඒ මිනිස්සුන්ටම බැරිද ඒ සුරතල් සතාට දක්වන සැලකිලි,ආදරණීය වචන තිරිසන් කියලා ලේබල් ගහලා තියෙන පාරේ ඉන්න අහිංසකයන්ටත් දෙන්න..බංගලාවට මේ දෙන්නා ආවත් හරි,මට දැනුනේ මගේ හිතම පිරිලා වගේ හැඟීමක්..මොකද මම පාලුවෙන් ඉන්න වෙලාවට,කම්මැලි කමක් දැනෙන වෙලාවට,හිස් හැඟීමක් හිතේ උඩු දුවන වෙලාවට මම කාමරෙ ඉඳලා දුවගෙන එන්නේ මේ දෙන්නා ළඟට..දැනටමත් සුද්දියි,රෝසියි මගේ හිතට හුඟක් ළං වෙලා ඉවරයි..

"මෙහෙම නේද නැන්දේ.."

"ඔව් උබ හරියටම කරනවා..තව විනාඩියක් හැඳි ගාලා ඕක මුන් දෙන්නට දෙන්න ඕනේ.."

කොහොම හරි බාල්දියේ තිබුන පුනක්කු ටික හැඳි ගාලා ඉවර උනහම මායි කමලා නැන්දයි එකතු වෙලා සුද්දිටයි රෝසිටයි බොන්න දුන්නා..උන් දෙන්නා හත් අවුරුද්දක් බඩගින්නේ ඉඳලා වගේ ඉවසුමක් නැතුවම ඒක බොනවා..මගේ මූණේ හිනාවක් ඇඳිලා ගියේ උන් දෙන්නා ඒක ආසාවෙන් බොන විදිය දැකලා..

"තව ටිකකින් ගොම්මනත් වැටේවි..උබට පුළුවන්ද මුන් දෙන්නා මේක බීලා ඉවර උනාට පස්සෙ මගෙත් එක්ක මල් ටිකක් කඩන්න යන්න එන්න.."

නැන්දා මගෙන් ඇහුවා..

"යන් නැන්දේ,ඕක අහන්නත් දෙයක්ද?"

"ම්ම් ඉඳපන් මම වට්ටිය අරන් එන්නම්..එතකන් මුන් දෙන්නට ලණුව ලිහාගන්න නොදී බලාගනින් මයේ අම්මා.." මම ඔලුව වනලා හා කිව්වම කමලා නැන්දා ආයෙ බංගලාව ඇතුලට දිව්වා..මම පුනක්කු බොන මගේ කෙල්ලෝ දෙන්නා දිහා බලාගෙන ඉඳලා රෝසි ගාවට කිට්ටු උනාම ඌ මගේ ඇඟේ ඇතිල්ලුනා..ඒකා මට ආදරෙයි..

"බන්ඩිය පිරෙනකල්ම බොන්න ඕනේ හොඳේ.."

මම රෝසිව අත ගානකොට අනෙක් පැත්තෙන් සුද්දි ඉඳගෙන මගේ දිහා බලාගෙන ඉඳලා ආයෙම පුනක්කු බොන්න ගත්තා..මම ඒ එක්කම සුද්දි දිහාවටත් කිට්ටු වෙලා ඌවත් සනීපයක් දැනෙන විදිහට සීරුවට අත ගාන්න ගත්තා..කොහොම හරි කමලා නැන්දත් ඒ එක්කම මල් කඩන වට්ටිය උස්සගෙන මගේ දිහාවට ආවා..

"දැඟලුවෙ නෑ නේද බන්?"

"නෑ අනේ..ඒ දෙන්නා හරි අහිංසකයි.."

"ආහ් ඇත්තද? උබ කියන්නේ මුන් දෙන්නා අහිංසකයි කියලද?"

"ඇයි එහෙම නෙමෙයිද නැන්දේ?"

"මුන් දෙන්නව දෙනකොටම අන්දිරිස් උන්නැහේ කිව්වේ පොඩ්ඩ ඇත්තන් තරහ යනවයි කියලා.."

කමලා නැන්දා එහෙම කිව්වත් මට ඒ කිව්ව දේට හිනා ගියා..ඒක වෙන්න බැරි දෙයක් ඇත්තටම..මේ දෙන්නා අහිංසකයි..හැබැයි දෙන්නට දෙන්නා අම්මයි දුවයි උනාට පුංචි පුංචි ඊරිසියාවකුත් තියෙනවා දෙන්නගේ..ඒකනේ එක්කෙනෙක් එක්ක ආදරෙන් කතා කර කර ළඟින් ඉද්දී අනිකා කෑ ගහන්නේ..

අන්තිමේදී අපි දෙන්නම මල් කඩන්න වත්තට ආවේ අර දෙන්නගේ වැඩේ අහවරක් කරලා..වෙනදා වගේම මම මල් වට්ටිය අතට ගත්තම කමලා නැන්දා අතු එකින් එක එක්කහු කරගෙන මල් කඩ කඩ වට්ටියට දැම්මා..මම ඒවා අතින් ලස්සනට හැදුවා..විවිධ පැහැයන්ගෙන් මල්,වට්ටියට පිරෙද්දී බලාගෙන ඉන්න ආස හිතෙනවා..ඒ විතරක් නෙමෙයි ඒවගෙන් එන සුවඳ...ඒ සුවඳට පුළුවන් ආත්මයක් උනත් සන්සුන් කරන්න..

"බුහා.."

"ස්-සුදු නෝනා..පිස්සුද ළමයො!! මම බය උනා..දෙයියනේ මගේ පපුව.."

නැන්දා පපුවට අතක් තියාගෙන කතා කලා..ඇත්තටම මාවත් ගැස්සුනා..අසිනි කලොත් කරන්නේ ඔය වගේ වැඩ..පුදුමත් හිතෙනවා වෙලාවකට,අසිනි කියන්නේ ගැහැණු ලමයෙක්ද කියලා..කමලා නැන්දා නම් ඇත්තටම බය උනා..මේ වෙද්දිත් අඳුර වැටීගෙන එමින් තිබුනා..

"අයියෝ අනේ..ඔයාලා පොඩි ළමයි වගේනේ..හප් කිව්වත් බය වෙනවද ඒයි ඔයාලා.."

"සුදු නෝනා!!ඉන්න මම මැනිකෙට කියන්න.."

"කියන එකයි ඇත්තේ..මොකෝ කිව්වා කියලා එයා මාව මරන්නද? නෑනේ නෑනේ.."

අසිනි කමලා නැන්දට රවලා මගේ ළඟට ඇවිත් මගේ අතක එල්ලුනා..

"තේව් එන්නකෝ..මම එහේ ඉද්දී ගත්තු ෆොටෝස් පෙන්නන්නම් ඔයාට.."

අසිනි මගේ අතකින් ඇඳගෙන,මගේ අතේ තිබුන මල් වට්ටිය කමලා නැන්දගේ ඇගේ ගහලා බංගලාව ඇතුලට එක්ක ගියා..මේ විදිහට ගැහැණු ලමයෙක්ගේ කාමරයකට යන එක හරිද මන්දා..මගේ හිතත් හරි නෑ..මොකද මම පිට කොල්ලෙක්..අසිනි කියන්නේ බංගලාවේ කෙනෙක්..ඇරත් ගැහැණු ලමයෙක්..

"අ-ස්.."

"කට වහගෙන එනවකෝ යන්න.."

අසිනි එයාගේ කාමරේ දොරත් ඇරගෙන මාවත් එක් කරගෙනම ඇතුලට ආවා.."ඉඳගන්න ඒයි.."අසිනි මාව ඇඳ උඩින් වාඩි කරවලා එයාගේ මේසෙ ළඟට ගිහින් ලැප් එකක් අතේ තියාගෙන ඇවිත් ඇඳ උඩින් ඈඳි උනා..

"ඔයා හිතන්නේ මේ අවුරුදු ගානට මේකේ කොච්චරක් විතර පික්ස් ඇති කියලද?"

"ම්ම්..හුඟක් ඇති නේද?" ඔව්නේ අසිනි කොච්චර කල් රට හිටියද..ඉතින් එහෙම එකේ එකක් දෙකක් ඕක අස්සේ තියෙන්න විදිහක් නෑනේ.."ම්ම් ඔව් ඔයා හරි..මම ඒ කාලේ ඉඳලම යන්නේ කොහෙද..එතනින් ආයෙ එද්දී මතක සටහන් විදිහට ෆොටෝස් අරගන්නවා..සෝ මගේ පින්තූර විතරක්ම මේකේ නැහැ.."අසිනි හිනා උනා..

එක ෆෝල්ඩර් එකක් එයා ඔන් කලා..ඒ එක්කම එකින් එක සේරම පින්තූර පහලට පහලට වැටුනා..දෙයියනේ...හුඟක් තියෙනවා.."අසිනි මෙච්චර.."මට කියවුනා..

"ඔව් චුට්ටා..මෙහෙට ළං වෙන්න..නැත්තන් ඔයාට පේන එකක් නැහැ.."

එයා එහෙම කියලා මාව අතින් ඇඳලා එයා කිට්ටුවටම ළං කරගත්තා..මට නිකම් හුරු නැති ගතියක් දැනෙනවා..කවුරු හරි කාමරේට ආවොත් මං ගැන වැරදියට හිතන්නත් ඉඩ තියෙනවා..ඉඩ තියෙනවා නෙමෙයි..එහෙම හිතනවා...මොකද මේක අසිනිගේ කාමරය..

"අ-අසිනි.."

"කියවන්නේ නැතුව මේක බලනවද? ඇයි වදේ.." අසිනි මට එකින් එක එයාගේ පින්තූර පෙන්නුවා..අසිනි ඒ හැම එකකම හරිම හැඩයි..ලස්සනයි..කොන්ඩෙත් හුඟක් දිග නිසා ඒ ලස්සන තවත් වැඩියෙන් පෙනුනා..හැම එකකම වගේ අසිනි හිටියේ කොන්ඩේ කඩලා පැත්තකින්,ඇඳුමට ගැලපෙන පාටකින් කට්ටක් ගහලා..

"ලස්සනයි.."මම කිව්වම මම දැක්කා අසිනිගේ මූණ හිනාවකින් පිරිලා යනවා..එයා හිනා වෙලා මගේ දිහා බලලා ඇස් හීනි කරගෙන ආයෙම ලැප් එකට ඇස් ගෙනිච්චා..

"ඔයා දන්නවද චුට්ටා..මේ ඉන්නේ මගේ ලොකු අම්මා..එයා තමයි මාව එහෙදී බලාගත්තේ.."

අසිනි මට, එයාගේ ලොකු අම්මායි කියලා ගැහැණු කෙනෙක්ගේ පින්තූරයක් පෙන්නුවා..එයා තනිකරම සුදු මැනිකෙගෙ කපාපු පලුවක්..ඒ වගේමයි..

"එයත් මැනිකේ වගේ.."

"ඔව් ඔව් අපේ ලොකු අම්මායි අම්මයි හරියට ට්වින්ස්ලා වගේ තමයි..ඒ දෙන්නව දකින් හැමෝම කියන්නේ ඕක"

ඒ විදිහට එයා එයාගේ යාලුවෝ..ගියපු තැන්..ඒ හැමදේකම පින්තූර මට පෙන්නුවා..කොහොම හරි දැන් නම් රෑ වෙන්නත් ළඟයි..අසිනි හැම පින්තූරයක්ම පෙන්වලා ඉවර වෙනකල් ඉඳලා තමයි මට එලියට එන්න දුන්නේ..සුදු මහත්තයා!! දවල් වරුවේ ඇවිත් මට කිව්ව කතාව මතක් උනෙත් කළුවර වැටුනට පස්සෙයි..එයා බලන් ඉන්නවා! එයා මං එනකල් බලන් ඉන්නවා!! මට නොදැනිම මගේ දෙකොපුල් රත් වෙලා යද්දී මම නාන කාමරයට රිංග ගත්තේ නාගන්න..

රෑ කෑම කාලා මුලු බංගලාවම අඳුරු උනේ හැමෝම නිදාගන්න ගියපු නිසා..බිත්ති ලාම්පු දෙක විතරක් ඉස්තෝප්පුව එලිය කරමින් තිබුනා..මම කලින් වෙලාව බලද්දී හරියටම එකොළහ හමාරයි..මම වට පිට බලලා ඒ එක්කම ඉස්තෝප්පුව දිහාවට ආවා..සෙරෙප්පු දෙක තණ පිස්ස උඩට අත හැරලා බිත්තියේ එල්ලලා තිබුන ලාම්පුවත් අතට අරගෙන තරප්පු පෙල බැහැලා,තණ පිස්ස උඩ තිබුන සෙරෙප්පු දෙකත් දාගෙන හෙමින් අඩිය තිබ්බේ බංගලාව පිටිපස්සට..

අඳුර දසත පැතිරිලා තිබුනත් මගේ අතේ තිබුන ලාම්පුවේ දැල්ල නිසා ඒ අඳුර මගෙන් ඈතට යමින් තිබුනා..රැහැයියන්ගේ සද්දෙත් මේ වෙද්දි නොඅඩුව කන් වල දෝංකාර දෙනවා..මම වැඩි සද්දයක් නොකරම හෙමින් ඉදිරියට ඇඳුනා..ලාම්පුවේ එලිය මට පාර පෙන්වද්දී,මම එයා කිව්ව තැනට කිට්ටු උනා..

ඔව් එයා එතන ඉන්නවා..පැහැදිලිව නොපෙනුනත් ඒ උස,මට හෙවනැල්ලෙන් පෙනුනා..මම එයා ගාවට කිට්ටු උනා..මගේ පපුව වේගෙන් ගැහෙනවා..මම අඩියක් තියලා පාලම උඩට ආවා..මම එයා ළඟට ළං උනත් එයා හිටියේ බැම්මට අත් දෙකත් තියාගෙන සන්සුන් රැලි නඟන ගඟ දිහා බලාගෙන..එයා කළුවරේම ඇවිත්ද?ඔව්,එයා ළඟ ලාම්පුවක්වත් තිබුනේ නැහැ..

"ඔයා ආවද.."

"සුදු මහත්තයා.."

එයා ඉස්සරහ බලාගෙනම මගෙන් ඇහුවා..මමත් එයාගේ එහා පැත්තෙන් හිටගෙන බැම්මට හේත්තු උනා..එයා ගඟ දිහා බලාන ඉද්දී මම හිටියේ පාලමේ අනෙක් දිහා බලාගෙන..

"මම හිතුවේ ඔයා එන එකක් නැහැ කියලා.."

"ම-මං ආවා.."

"ම්ම්.."

"ඇයි මට එන්න කිව්වේ සුදු මහත්තයා?" මම තවමත් එයා මෙතනට එන්න කිව්ව හේතුවක් දැනගෙන හිටියේ නැහැ..සුදු මහත්තයා හිනා වෙනවා මට ඇහුනා..මම ඔලුව හරවලා එයා දිහා බැලුවා..

"එනවද මගෙත් එක්ක පහලට යන්න.."

සුදු මහත්තයා මගෙන් ඇහුවා..මම වේගෙන් ඇස් පිල්ලම් ගැහුවා..එයා ඇහුවේ ගඟ ළඟට යන්නද?මට හිතන්නවත් වෙලාවක් නොදී එයා මගේ අතක් අල්ලගත්තා..එයා එක්කම මාත් එයාගේ පිටුපසින් ඇඳෙද්දී මගේ පපුව හුඟක් සද්දෙන් ගැහෙන එක නතර කරගන්න ක්‍රමයක් මම හොයමින් හිටියා..ඒත් ඒක කරන්න බැහැ..සුදු මහත්තයා ළඟ ඉද්දී කොහොමද ඒක කරන්නේ?එයා ළඟින් ඉද්දී මට ඉන්න තැන ගැනවත් මතක නැති කොට කෝ එලියට එන්න පාරක්? මම දන්නවා මට කවදාවත් බැහැ ඒ හද ගැස්ම නතර කරගන්න..

ඉවුරට මඳක් දුරින් නතර කරපු ඔරුවක් මට පෙනෙද්දී එයා මාවත් එක් කරන් කිට්ටු උනේ ඒ ඔරුව නතර කරලා තිබුන තැනට..සීතල සුළං අපි දෙන්නගේ වටේ නිර්මාණය වෙලා තියෙද්දී ඒ දැනෙන සීතලට මගේ ඇඟේ හිරි ගඬු පිපෙන්න ගත්තා..

"කකුල තියලා ඕකට නඟින්න"

එයා මගේ අතින් තවමත් අල්ලගෙන හිටියා..ඒ සැනින් අනෙක් අතින් ඔරුව මට පෙන්නුවා..මම එයා දිහා බලාගෙන හිටියා..එයා මගෙත් එක්ක ලස්සනට හිනා උනා..

"පරිස්සමට.."

එයා මාව ඔරුවට නග්ගලා,මගෙ අත අත් හැරියා..

"ඈතටම යමු නේහ්?"

සුදු මහත්තයා හිනා වෙලා මට මුහුණලා පිටිපස්සෙන් ඔරුවට ගොඩ උනා..මට ඉදිරිය නොපෙනුනත් මට පෙනුනේ සුදු මහත්තයව..එයා හබලත් අතට අරගෙන ඔරුව පදවන්න පටන් ගත්තා..

"අහ්ම්.."

සුදු මහත්තයා උගුර පෑදුවම තමයි මම එයාගෙන් ඇස් අහකට ගත්තේ..දෙයියනේ..එයා මොනවා හිතුවද දන්නෙ නැහැ..මම පපුවට අතක් තියලා දැනෙන නොදැනෙන විදිහට මාව සන්සුන් කරගන්න උත්සාහ කලේ වට පිට බලන අතරේ..

"චුට්ටා කලින් ගිහින් තියෙනවද මෙහෙම?"

"ම්-මං ගිහින් නැහැ සුදු මහත්තයා.."මම කියද්දී එයා කට කොනකට හිනා වෙලා මගේ දිහා බැලුවා..මම එයා දිහා නොබලා ආයෙම අහක බලාගත්තා..

"ඇත්තටම මම හිතුවේ නැහැ ඔයා එයි කියලා.."

"ඇයි මම නොඑන්නේ?"මගේ හිත වගේම වචනත් මේ වෙද්දී හුඟක් කලබල වෙලා තිබුනා..මේ වගේ කවුරුත් පේන මානෙක නැති තැනක..සුදු මහත්තයි මමයි විතරක්..ඇරත් දැන් හුඟක් රෑ වෙලා..අපි දෙන්නගෙම මැද්දෙන් තියලා තිබුන ලාම්පුව නිසා අපි දෙන්නා වටේ එලියක් තිබුනා..

"මට ඔයා එක්ක කතා කරන්න ඕනි උනා..ඒකයි ඔයාව මෙතනට එක්ක ආවේ.."

මගේ හිත එයා කියන වචනයක් පාසා කලබල වෙන්න පටන් ගෙන තිබුනා..මං දන්නේ නෑ ඒ ඇයි කියන්න..ඒක මට නොදැනිම වෙන දෙයක් කියලයි මම හිතන්නේ..

"ආහ්.."

"මට මහ තනිකමක් දැනෙනවා තේව්!!"

මගේ පපුව රිදෙනවා..ඇයි එයා එහෙම කියන්නේ..එයාට මොකක් හරි ප්‍රශ්නයක්වත්ද? මගේ හිතට එක එක ඒවා ගලාගෙන එන්න ගත්තා..එයාට ඇත්තටම මගෙත් එක්ක කතා කරන්න ඕනි වෙලා..මටත් එයා එක්ක කතා කර කර මැරෙන තුරාවටම උනත් ඉන්න හුඟක් ආසයි..ඒත්-ඒක කරන්න බැහැ..

"අ-ඇයි සුදු මහත්තයා එහෙම කියන්නේ?"

"ඒකයි ඔයාට මෙතනට එන්න කිව්වේ..මගේ හැම ප්‍රශ්නයක්ම ඔයා ළඟදී විතරක් නැති වෙලා යන්නේ කොහොමද තේව්? ඔයා ගාව හංග ගත්තු මැජික් එකක්වත් තියෙනවද?"

"ස්-සුදු මහත්තයා..."

"ම්ම් කියන්න මට..කියන්න ඔයා කොහොමද එහෙම කරන්නේ.."

"අනේ මට තේරෙන්නේ නැහැ දෙයියනේ,ඔයා මොනවද මේ කියන්නේ"

"මම කියන්නේ ඇත්ත තේව්.."

එයා මගේ අතක් අරගෙන එයාගේ අත් දෙකට මැදි කරගෙන තද කලා..මගේ අත් හුඟක් සීතල වෙලා තිබුනාත් එයාගේ අත් හුඟක් රස්නෙට තිබුනා..මම එයාගේ ඇස් දිහා බලාගෙන හිටියා..අපි හරියටම ගඟ මැදට වෙන්න නතර වෙලා තිබුන ඔරුවක් ඇතුලේ හිටියා..මම එහෙම බලාගෙන ඉද්දී එයාගෙ ඇස් මගේ ඇස් එක්ක යා වුනා..

"අනේ..සුදු මහත්තයා.."

"ම්ම් ඔයාට දවසක තේරේවි මං කියන්න හදන්නේ මොනවද කියලා..අන්න එදාට මාව හොයාගෙන එන්න..මම ඔයා එනකල් බලන් ඉන්නවා.."

එයා එහෙම කියලා මගේ ළඟට නැමිලා,මගේ නලල මතින් තොල් දෙක තද කරගෙන හුඟක් වෙලා හිටියා..මගේ ඇස් ඉබේම පියවිලා යන්න ගියා..එයා මගේ අත් තවත් තද කරලා අල්ලගෙන තොල් එහෙම්මම නලලින් තියාගෙන ඉඳලා හුඟ වෙලාවකට පස්සේ මගෙන් ඈත් උනා..

"මහ සයුරක් නම් ඔබ රැලි මවනා..

හැම තැනකම අලුතෙන් රස පිරෙනා..

පෙම් තනුවක ඇලවුණු සිත..

ආ මග සොයලා..

ඔය උණුහුම් දියරැල් සුව විඳිනා..

නැවියෙකි මම අතරක මං සොයනා..

දෙනවද මට ඔය සිත ගැන..

සිතියමකින් ඇඳලා..

ආදරේ දුර ඈත හෙව්වට..

නෑ මමත් දැකලා..

ඒ සැනින් මම ඈව දැක්කම..

ආදරේ දුටුවා..

මා සොඳුරිය ආයෙත් පේන මානේ..

මේ තනි හිත තාමත් පාළු යාමේ..

තනිව මදුවිතකින් ඈට යාවේ..

හිතෙන් බර අල්පයක් තියලා..

මා හද පෙර දා මෙන් ආව පාරේ..

ඈ තනියම නාවත් කාරි නෑනේ..

මේ කිම කඳුලැල් මා දෑස මානේ..

හැඟුම් දුර කල්පයක් යවලා..

රිදුමන් වැහි පොදකින් පිසදමලා..

සැරිසරන්න සැනෙකින් සිප ගෙන මා..

කිම ඔය මුව සඟවා නුඹ..

වෙනතක හැරිලා..

මෑත දුටුවිට ඈත යන සඳ..

ලා දෙනෙත් සඟවා..

දෑස ලඟදිම නාව කඳුළට..

ආ දුකත් හරවා..

මා සොඳුරිය ආයෙත් පේන මානේ..

මේ තනි හිත තාමත් පාළු යාමේ..

තනිව මදුවිතකින් ඈට යාවේ..

හිතෙන් බර අල්පයක් තියලා.."

මගේ නෙත් කෙවෙනි මේ වෙද්දිත් තෙත් වෙලා හමාරයි..එයා අන්තිම පේලියත් කියලා ඉවර වෙලා මගේ අතක් එයාගේ අතක පටලගෙන මගේ අත උඩින් හාදුවක් තැවරුවා..

"හැමදාම මේ විදිහට මගේ ලඟින් ඉන්න තේව්.."

"ස්-"

මට මුකුත් කියන්න නොදී එයා මගේ අතින් ඇඳලා අරගෙන මාව එයාගේ පපුවට තුරුල් කරගත්තා..මම මගේ අත යවලා එයාගේ පිට හෙමින් අත ගාන්න ගත්තා..එයාට මේ විදිහට ඉද්දී සැනසීමක් දැනෙනවා නම් මටත් එච්චරයි වෙන්න ඕනේ..එයා සතුටින් ඉන්න ඕනේ..මොන දේ උනත්..මොකද සුදු මහත්තයා කියන්නේ මගේ ආරක්ශකයා! මගේ එකම ආරක්ශකයා! එයා මාව බේරගත්තා..එයා ගාව දැනෙන උණුසුම් සනීපයට වගේම දැනෙන ලැවෙන්ඩර් සුවඳට මම ඇස් පියාගෙන, එක දිගට එයාගේ පිට අත ගෑවා..

"ඔයා ලස්සනට සින්දු කියනවා.."

"ම්ම් ඒක ඔයාට.."

🐻💌

_______________________________________________________

laura-bun🍃