Chapter 13: 12•

තේව් (TAEKOOK)Words: 32619

"කමලා!කෝ බන් මේ චුට්ටා?ඊයේ අර ගමන ගිහින් ආවා ආවමයි මේ ළමයා නෙමෙයි කාමරෙන් එලියටවත් ආවේ"

"කොල්ලාට අසනීපමද මන්දා මැනිකේ,මං උදේ කිරි එකත් අරන් කාමරේට ගොඩ උනහම ඇදට වෙලායි හිටියේ,කොල්ලගේ මූණත් සුදුමැලි වෙලායි තිබුනේ.."

"මොනවා..වතුරේ ඉඳලා ඉඳලා උණක්වත් හැදෙන්නද දන්නෑ,ඔහොම ඉඳහන් මංම ගිහින් බලන්න"සුදු මැනිකේ එහෙම කියලා අතේ තිබුන කතුරුමුරුංගා මිටිය යකඩ පිඟාන උඩින් තියලා අත් දෙකත් හෝදගෙන කුස්සියේ ඉඳලා එලියට ආවා..

දොර ඇරෙන සද්දේ මට ඇහුනත් මම ඒ දිහා නොබලා ඇඳේ පෙරලිලා,හිටපු විදිහටම හිටියා..මේ වෙලාවේ කවුරු කියලා එන්නද? සුදු මහත්තයා නම් කොහොමටවත් වෙන්න බෑ..එයා ඊයේ කිව්වානේ, අද දවල් මොකක්ද මන්දා වැඩකට යනවායි කියලා..මගේ ඔලුවත් කකියනවා ඒ අස්සේ..ඒ එක්කම මම කොන්ඩේ අස්සෙන් ඇඟිලි යවලා සැහැල්ලු විදිහට අත ගාන්න ගත්තේ ටිකක් හරි අඩු වෙලා යයි කියලා මට හිතුනු නිසා..

"චුට්ටා,ඔයා නිදිද?"දෙයියනේ මැනිකේ!මාව ගැස්සුනා..එයා මගේ කාමරේට සාමාන්‍යයෙන් ඇවිත් නැහැ,කමලා නැන්දා..සුදු මහත්තයා ඇරුනු කොට මැනිකේ මගේ කාමරේට එන්නෙම නැති තරම්..මට පුදුමත් හිතුනා..මම එහෙම්මම ඇඳ උඩින් වාඩි වෙලා ඇඳ වියලෙට හේත්තු උනා.."න්-නෑ නැන්දා..මගේ ඔලුව ටිකක් රිදෙනවා.."මම කිව්වම මැනිකෙගේ මූණේ ඉරියව් වෙනස් වෙනවා මම දැක්කා..

"අනේ..මට හිතුනා මයේ කොල්ලට අසනීපයක් කියලා..කෝ මෙහාට එන්න දරුවෝ"මැනිකේ මගේ අතින් අල්ලගෙන එයා ළඟට මාව කිට්ටු කරගත්තා..ඒ එක්කම කොට්ටෙකුත් ඇඳලා අරගෙන එයාගේ උකුල උඩින් තියාගත්තා.."කෝ ඔලුව තියන්න මෙතනින්"මැනිකේ කිව්වම මම කලේ එයා දිහා කන්න වගේ බලාගෙන හිටපු එක..

"මොකද ඔහොම බලන්නේ? පුළුවන් තරම් වතුරේ නටලා නටලා දැන් පේනවානේ..ලෙඩත් හදාගෙන.."ආහ් මැනිකෙත් ඉඳගෙන මම මෙච්චර වෙලා අමතක කරගන්න දගලපු දේවල් ආයෙම හාර අවුස්සනවා..නොදැන උනත්..නාන්න ගියපු කතාව මැනිකේ මතක් කලහම මගේ ඇඟේ මට නොදැනිම හිරිගඬු පිපිලා ගියා..

"කමලා!!"

"ඕහ් මැනිකේ.."

"ඔය ඔලුවට ගාන, හින්ඳපු තෙල් එක ටිකක් අරගෙන එන්න..සුදු මහත්තයාගේ කාමරේ ඇති.."මැනිකේ කිව්වාම කමලා නැන්දා විනාඩි දෙකක් විතර ගිය තැන තෙල් කුප්පියක් ගෙනැවිත් මැනිකෙට දුන්නා.."කෝ ඔලුව තියන්න.."මැනිකෙ බලෙන්ම මගේ ඔලුව කොට්ටෙ උඩින් තිව්වා..

"මේකට හරියාවි ම්ම්"එයා තෙල් දාලා මගේ ඔලුව ඇඟිලි තුඩු වලින් මසාජ් කලා එක දිගට..මට දැනෙන සනීපෙට ඇස් දෙකත් පියවෙනවා සැරෙන් සැරේ.."සනීපයක් දැනෙනවද පුතේ?"මැනිකෙ මගෙන් ඇහුවේ හරිම ආදරණීය හඬකින්..මට ඒක හොඳටම දැනුනා..

ඇයි එයා මට මේ විදිහට සලකන්නේ? එයාව මට මගේ අම්මා වගේ දැනෙන්නේ ඇයි? මට මේ බංගලාවේ ජීවත් වෙන්න දවසින් දවස හේතු හැදෙන්නේ ඇයි?මට මේ බංගලාවේ මිනිස්සු එක්ක එකට ඉන්න ලෝභ හිතෙන්නේ ඇයි? මම මේ වෙද්දිත් විශාල ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න ඕනේ කරන පිළිතුරු හොයමින් හිටියා..මම දන්නේ නැහැ මම තනියම,ඒ ප්‍රශ්න සේරටම හරි උත්තර දෙන්නේ කොහොමද කියලා..

මම දන්න එක දෙයයි තියෙන්නේ..ඒ සුදු මහත්තයා! එයා තමයි මට ලිහාගන්න නෝතේරෙන, ප්‍රශ්න පත්‍රේ ඇතුලේ තියෙන එකම ගැටලුව!!අනෙක් ප්‍රශ්න වලට උත්තර කොහොම හරි හොයාගත්තයි කියමුකෝ..ඒත් සුදු මහත්තයා..එයා දවසින් දවස මගේ හිතේ එයා ගැන තියෙන හැඟීම් වලට අලුත් පණක් දෙනවා..

හැමදේම හොඳින් වෙයි...එහෙම හිතන තාක් හැමදේම හොඳින් සිද්ධ වෙයි..කිසි දෙයක් සෘණාත්මකව හිතන්න හොඳ නෑ..එහෙම හිතුවොත් වැටෙන වැටිල්ල මම හොඳාකාරවම දන්නවා..නරක දේවල් උනා හොඳටම ඇති...මට ඕනේ අලුත් ජීවිතයක් අලුත් විදිහට පටන් ගන්න විතරයි!ඒ දේ මට මේ මිනිස්සුන්ගෙන් දැනෙන එකම ලොකු දෙයක්..

විශේෂයෙන්ම සුදු මහත්තයා...එයා මගේ අස්සේ මෙච්චර කල් හිර වෙලා හිටිය ඒ බයගුලු චරිතය එලියට ගන්න හුඟක් උත්සාහ කරනවා..සමාජය ගැන පුළුවන් තරම් දේවල් හැමවෙලේම කියනවා..හරියට එයත් අප්පච්චි කෙනෙක් වගෙයි වෙලාවකට..හැමදේම දන්නවා..පොලොවේ පය ගහලා ජීවත් වෙන්න දන්න එකම එක මනුස්සයෙක් එයත්..

"තේව්!!"මට ලාවට මැනිකෙගෙ හඬ ඇහුනත් මට සනීපෙටම මැනික්ගෙ උකුල උඩම නින්ද ගිහින් කියලා දැනුනා..ටිකකින් මාව කොට්ටයක් තියලා ඒකෙන් ඇල කරලා මැනිකේ ඇඳ උඩින් නැගිට්ටා..මට දැනෙන සනීපය,සැහැල්ලු ගතියට පාවෙනවා වගේ දැනුනා..මාව ඒ විදිහට නින්ද විසින් වෙලා ගනිද්දී මැනිකෙ ආයෙමත් මගේ ඔලුව අත ගාලා දොරත් වහගෙන කාමරෙන් එලියට යන්න ගියා..

"සුදු නෝනා මෙහෙ එන්න ටිකක්..ඇවිත් මට උදව් කරන්න.."මැනිකේ අසිනිට කතා කලාම ඉස්තෝප්පුවේ ඈඳිගෙන,කන් දෙකේ ඇබ දෙකකුත් ගහගෙන හිටිය අසිනි මැනිකේ දිහාවට ආවා.."ඔහ් කියන්න අම්මා.."අසිනි කුස්සියේ දොරට හේත්තු වෙලා මැනිකේ දිහා බැලුවා..

"ඔය මගුල ගලවලා දාලා මෙන්න මේ පලා ටික කපන්න,කවද්ද ගෙදර දොරේ වැඩක් ඉගෙන ගන්නේ? නාකි උනහමද? අන්තිමට යන ගෙවල් වලිනුත් හදපු දෙමව්පියන්ට තමයි වචන අහගන්න වෙන්නේ.."

මැනිකේ කියවගෙන යද්දී අසිනිගේ මූණ මේ වෙද්දිත් අච්චාරු හට්ටියක් ගානට හැදිලා..අසිනි ඔලුවත් බිමට කරගෙන මැනිකේ කියන දේවල් බොහොම අමාරුවෙන් අහගෙන හිටියා..අසිනිට මැනිකේ ආදරේ උනත් අසිනි එකට එක කියවන් ආවොත් මැනිකෙට කේන්ති යනවා..ඒ වෙලාවට මැනිකේ කියන්නෙම අනෙක් වෙලාවට කතා බහ කරලා සතුටින් ඉන්න ගැහැණු කෙනා නෙමෙයි..ඊට හාත්පසින්ම වෙනස් ගැහැණු කෙනෙක්..

"කෝ මෙහෙට දෙන්නකො බලන්න"අසිනි මැනික්ගෙන් පිහියත් එක්ක පලා මිටිය ඉල්ලගෙන,අත් දෙකත් හෝදගෙන මේසෙට හේත්තු උනා.."ඕක හරියට අල්ලගෙන ඉන්ට ඕනේ,කපන්න කලින්"අසිනි ඇස් දෙකත් හීනි කරගෙන ඔලුව දෙපැත්තට වනලා කතුරුමුරුංගා මිටිය කපන්න ගත්තා..

"අම්මා මේ හරි නේද?"අසිනි සම්පූර්ණයෙන්ම පලා මිටිය කපලා ඉවර වෙලා භාජනයේ තිබුන පලා ටික පෙන්නුවා..අසිනි දිහා බලලා භාජනය දිහාවට ඔලුව දාපු මැනිකෙගේ මූණේ හීනි හිනාවක් ඇඳිලා ගියා.."ම්ම් ඔය තියෙන්නේ හීනියට..ඔහොමවත් වැඩක් පලක් කරලා එකින් එක පුරුදු උනා නම් නරකෙට තියෙයි..නේද සුදු නෝනා?"මැනිකේ පොල් මිරිකන අතරේ කිව්වා..

"අපෝ හරි හරි අනේ..එක පාර හැමදේම පුරුදු වෙන්න බෑනේ..එක දවසට එක වැඩක්..ආන් මරු අදහස..නේද අම්මේ එක දවසට එක වැඩක් කලහම හොඳයි..එතකොට ඔයාටත් හොඳයි මටත් හොඳයි"

අසිනි එහෙම කියලා හිනා උනාම මැනිකේ ඇහි බැමක් උස් කරලා අසිනි දිහා බැලුවා.."මං දන්නවානේ දෝණිගෙ කපටිකම් ඉපදුණ දවසේ ඉඳලම.."

"අපො හරි හරි..අම්මා ඒක නෙමෙයි මට නෙල්ලි අච්චාරු හදලා ඕනේ..මං මේ ඊයෙත් අම්මගේ අතින් හදාගන්න කියලයි හිටියේ..කොහෙද මට අමතක උනා..දැන් මේ මතක් උන එකේ,ඔන්න අම්මා හදලා දෙන්න.."

"නෙල්ලි?"

"ඔව් ඔව් අනේ,කැමති නම් අනිත් ඒවත් දාලා හදන්න..ඒත් එහෙම හදනවා නම් හැබැයි එක කොන්දේසියක් තියෙනවා.."අසිනි කිව්වම මැනිකේ ඇස් රෝල් කලා..

"ඒ මොකක්ද සුදු නෝනා?"

"ඒ තමයි..නෙල්ලි වැඩියෙන් දාන්න ඕනේ කියන කොන්දේසිය.."මැනිකේ හෝදපු අත් දෙක චීත්ත රෙද්දෙන් පිහදගෙන අසිනිගේ පස්සට දෙකක් ගැහුවේ හිනා වෙවී..අසිනිත් හිනා වෙවී ඉඳලා මැනිකෙගේ කම්මුලක් සිපගෙන පැත්තකින් තියලා තිබුන අර ඇබ අරගෙන ආයෙම කනේ ගහගත්තා..

"දුව.."

"ඕහ් අම්මා.."

"තේව් ටිකක් අසනීපෙන්..ගිහින් ඒ දරුවා එක්ක කතා කරන්න..මාත් උයනවානේ..පාලුවෙන් ඇත්තේ එයා.."මැනිකේ කිව පාර අසිනි කට අමුතුවට හදාගෙන ටිකක් වෙලා කල්පනා කලා.."ඔහ් එයාට අසනීප වෙලාද? මම ගිහින් බලන්නම්කෝ අම්මා"අසිනි එහෙම කියාගෙන කුස්සියෙන් එලියට ආවා..

"ස් ස් මේ!!"

"මේ හලෝ!මාව ඇහෙනවද?"පැයක විතර කෙටි නින්දකින් පස්සේ මම හිටියේ ආයෙමත් ඇහැරිලා..ඒත් ඇඳේ පෙරලිලා..අනේ මන්දා මට මොනවා වෙලාද කියලා..ඊයේ ඉඳලාම මේ කාමරේ ඇතුලේ,මේ ඇදක් උඩ..හදිසි අවශ්‍යතා වලට නාන කාමරයට ගියා ඇරෙන්න,කමලා නැන්දා තමයි කිරි එකේ ඉඳලා කාමරේට ගෙනත් දුන්නේ..

"ඕයි චුට්ටා..කන ඇහෙන්නේ නැතැයි?"අසිනි හයියෙන් කතා කලාම මම ඔලුව උස්සලා ඒ දිහාවට හැරුනා.."අසිනි..."මට කියවුනා..ඒ එක්කම අසිනි මගෙත් එක්ක හිනා උනා..

"මම ඇතුලට එන්නද?"

"එන්න අසිනි.."

"ම්ම් අම්මා කිව්වා ඔයාට අසනීප වෙලයි කියලා..ඇත්තද?"

"නෑ අසිනි මේ..ඒක නිකම් ඔලුවේ කැක්කුමක්..නැන්දා අසනීපයි කිව්වද?"

"ඔව්නේ..දැන් කොහොමද තාමත් රිදෙනවද?"

"නැන්දා තෙල් වගයක් නම් දැම්මා..මං හිතන්නේ ඒකටද කොහෙද සෑහෙන්න අඩුයි කියලා දැනෙනවා..ම්-මේ අසිනි ඉඳගන්න..ඔයා හිටගෙනම කතා කරනවා.."අසිනි මෙච්චර වෙලා ඇඳ ළඟ හිටගෙනයි ඉන්නේ කියන එක මට මතක් උනෙත් පස්සේ..

"ඕනේ නෑ ඒයි..මම ආවේ ඔයාට මොකද බලන්න.."

"ඉඳගන්න අසිනි..මම පුටුවක් ගෙනත් දෙන්නද?"මම ඇඳෙන් බහින්න හැදුවම අසිනි මගේ අතින් අල්ලලා මාව නතර කලා.."පිස්සු හැදිලද මනුස්සයෝ...ඔලුවේ කැක්කුමකුත් තියන් මට පුටු හොයන්න යන්න හදන්නේ..ඉන්නවා ඉන්නවා තමුන් කියනවා නම් මෙතනින් ඉඳගන්නම්.."අසිනි මටත් රවලා ඇඳේ කෙලවරකින් ඇඳි උනා..

"ඇත්ත තමයි..මාත් ඊයේ ඉඳලා ඔයාව වත්තෙදිවත් දැක්කේ නැහැ..බැලින්නම් අම්මා කිව්වම තමයි දන්නේ මෙහෙම එකක් වෙලා කියලා.."

"මට ලොකු අමාරුවක් නෑ අසිනි..මේක මේ නිකම්...දන්නැද්ද?"

"ඔව් ඔව් දන්නවා..ඒක නෙමෙයි තේව්..මම කැමතියි ඇත්තටම ඔයාව මගේ යාලුවෙක් කරගන්න..මුල්ම දවසේ ඔයාව දැක්කහම නම් මට මාර කේන්තියක් ආවේ බොරු කියන්න ඕනේ නෑනේ..අයියාගේ ළඟම යාලුවෙක් කිව්වම මට තරහ ගියා..මම ආස නෑ අයියට වැඩිය යාලුවෝ උනත් ඉන්නවට.."අසිනි කටත් හද හද අමුතු තාලෙකට කියවද්දී මට හිනා යන්නත් එනවා..මම තොලක් හපාගෙන හිනාව තද කරගත්තා..

"ඒ ඇයි?"

"මොකද එයා මගේනේ ඒයි.."අසිනි මට ඔරවගෙන කියලා දැම්මා..

"ඇයි ඉතිම් මට ඔරවන්නේ? මම මොනවා කලාටද?"මාත් ඉතින් ඇහුවේ මම හරියට වැරැද්දක් කරලා වගේ අසිනි මගේ දිහා බල බල මට ඔරවන නිසා..

"අම්මෝ නේද අනේ?"දෙයියනේ ඇයි අසිනි අමුතු විදිහට කතා කරන්නේ..මට බයකුත් දැනෙනවා..මම අපහසුවෙන් හුස්ම පිට කරලා දාලා අසිනි දිහා බැලුවා..

"අසිනි..ඇයි? මොනවා හරි ප්‍රශ්නයක්වත් උනාද?"

"ප්‍රශ්නයක් නම් තමයි ඒයි..ඒත් බලමුකෝ.."අසිනි කතා කරන විදියට මට ඇත්තටම මහ අමුත්තක් දැනුනා..අසිනි ඊයේ වෙච්ච දේවල්වත් දැකලද? මට එහෙමත් හිතෙනවා..ඒත් මම කොහොමද ඒ දේවල් අසිනිගෙන් අහන්නේ..

"කියන්න පුළුවන් ප්‍රශ්නයක් නම් මට කියන්න අසිනි"අසිනි මගෙත් එක්ක හිනා උනා..මාත් ඒ පිටටම එයා එක්ක හිනා උනා..

"නෑ නෑ අනේ..අපේ අයියා ඔයාට හොඳ යාලුවෙක් වගේ..මම එදා දැක්කනේ.."මම කෙල ගිලලා පාත් කරගෙන හිටිය ඔලුව උස්සලා අසිනි දිහා බැලුවා.."කවද්ද?"මම හෙමින් හඬ පහත් කරලා අසිනිගේ කනට ඇහෙන විදිහට ඇහුවා..

"එදා රෑ..අපේ අයියා අර සින්දු කීව වෙලේ..මතකද ඔයාට?"ඒ සිද්ධිය අමතක වෙනවා නම් මට මැරිලා ඉපදෙන්න වෙයි..මට දැනෙන ලැජ්ජාවයි බයයි සේරම මැද්දේ මගේ දෙකොපුල් හොඳටම රත් වීගෙන එනවා කියලා මට දැනෙනවා..

"ඔහ් මයි..චුට්ටා ඔයා රතු වෙනවා..මම රතු වෙන්න දෙයක් කිව්වද අනේ?ආහ් හරි හරි අපේ අයියාව මතක් කරපු නිසානේ?"අසිනි මොනවද දෙයියනේ මේ අහන්නේ? මෙයා ඇයි මේ විදිහට මගෙත් එක්ක කතා කරන්නේ..මට මෙතන ඉන්න එකම ලොකු අපහසුවක් වගේ..

"අ-අසිනි ඔයා මොනවද මේ කියවන්නේ?"මම අසිනි දිහා නොබලා අනෙක් පැත්තට ඔලුව හරව ගත්තේ මට දැනෙන අපහසුව මග ඇරගන්න.."ඇයි මම වැරදි දෙයක් කිව්වද ඒයි? ඔයා ඔය විදිහට රතු වෙන්නේ අපේ අයියා ඉස්සරහදී විතරයි..මම ඒක හොඳට නෝට් කරන් හිටියේ චුට්ටෝ..ඔයාට බෑ මේ අසිනිට බොරු කරන්න.."අසිනි මගේ අතට ගහලා හයියෙන් හිනා උනා..

"අසිනි.."

"ඇයි ලැජ්ජයිද ඒයි? අමෝ දෙයියනේ මෙන්න තවත් රතු වෙනවා ."අසිනි මගේ කම්මුලක් තද කරලා මිරිකුවා..අසිනි කියන දේවල් මගේ කනට ඇහෙන්නේ නැත්තන් කොච්චර හොඳද? ඒත් අවාසනාවට මට ඒ දේවල් ඇහෙනවා..

"ඔයා නම් පුදුම කෝලමක් තමයි ඒයි..මටවත් බෑ ඔයාගේ කෝලම්"අසිනි හිනා වෙවී ඉඳලා එක පාරම මට එරෙව්වා.."ඔයා ආවේ ලෙඩාව බලන්නද? නැත්තන් ලෙඩාගේ ලෙඩ ටික වැඩි කරලා යන්නද?"මට ඒක ඉබේම කියවුනා..අසිනි ඇස් හීනි කරලා මගේ දිහා බැලුවා..

"මොකක්ද කිව්වේ?දැන් මම ඔයාගේ ලෙඩ වැඩි කලයි කියලද ඔය කියන්නේ ආහ්?"

"ඔව් නැතුව.."

"එතකොට ඔයාගේ ලෙඩ වැඩි වෙන්නෙත් අපේ අයියව මතක් කලහමද?"අසිනි කට කොනකින් හිනා වෙලා මගේ කනක් රිදෙන්නේ නැති වෙන්න ඇල්ලුවා..

"...."

"බලමුකෝ නේහ්?"

"මොනවද අසිනි බලන්නේ?"මම ගැස්සිලා ගිය පාර මගේ ඇස් නතර උනේ ඒ කට හඬේ අයිතිකාරයා ළඟ..එයා දොර ළඟ හිටගෙන අපි දෙන්නා දිහා බලාගෙන හිනා වෙන්න ගත්තා..ඒත් එක්කම දොර අඩවල් කරගෙන අපේ දිහාවට ඇවිදන් ආවා..

"දෙයියනේ දෙයියනේ!! කියනකොටම එන්නේ මේ මදි පාඩුව"අසිනි අපි දෙන්නා දිහාම බලලා නෝක්කාඩුවට හිනා උනා..සුදු මහත්තයා ඇවිත් අසිනිගේ එහා පැත්තෙන් ඈඳි උනා..මගේ පපුවත් ගැහෙන වේගේ දෙගුණ තෙගුණ වෙලා මට දැනුනා..මම කොහොමද සුදු මහත්තයා දිහා බලන්නේ? ඊයේ සිද්ධ උන දේවල් එකින් එක මැවිලා පෙනෙද්දී මම එයා දිහා නොබලා ඇස් අනෙක් පැත්තට හැරෙව්වා..

"අයියේ මේ බලන්නකෝ මෙයාට අසනීප වෙලාලුනේ.."අසිනි දුකින් වගේ මගේ දිහා බලලා අතකුත් දික් කරලා සුදු මහත්තයට මාව පෙන්නුවා.."ආහ්? තේව් ඇත්තද? මොනවද උනේ? ඇයි මට කීවේ නැත්තේ?"සුදු මහත්තයා මගෙන් ඇහුවත් මම උත්තර දෙන්න පුළුවන් තත්වෙක නෙමෙයි හිටියේ..

"ඔයාට කියන්නේ කොහෙද අනේ? ඔයා දැන්නේ ආවේ..මෙයා ඊයේ හවස ඉඳලමලු මේ කාමරේට වෙලා ඉන්නේ..අම්මා කිව්වම තමයි මාත් දන්නේ මෙයාට ඔලුවේ කැක්කුමක් අල්ලලා කියලා"

"හුඟක් රිදෙනවද තේව්?"

සුදු මහත්තයා මගේ දිහා බලාගෙන ඉන්නේ කියලා මට පේනවා..ඒත් මට බෑ එයා දිහා බලන්න..මට ලැජ්ජයි..

"අඩේ,මෙච්චර වෙලා මගෙත් එක්ක කතා කර කර හිටිය මනුස්සයා අයියා ආවට පස්සේ ගොලු වෙලාද?"මේ අසිනි මාව නැති කරනවා..මට දැනෙන ලැජ්ජාව මෙච්චරයි කියලා කියන්න බැරි තරම්..මම මගේ උකුල උඩ තිබුන කොට්ටෙ ඇඟිලි වලින් මිරිකන්න ගත්තා..

"අසිනි ඒ ළමයා අසනීපෙන් ඉන්නේ..මෙතනින් යනවා තව ඔලුව කැක්කුම වැඩි නොකර.."සුදු මහත්තයා කිව්වම අසිනි මගේ අත කොනිත්තලා ඇඳ උඩින් නැගිට්ටා..

"අපි බලමුකෝ අයියේ..ඔයත් සැර දාගෙන එන්නේ මටනේ නේද? අපි බලමු හොඳේ..."අසිනි ගස්සගෙන ගිහින් දොරත් හෙන සද්දෙන් වහගෙන එලියට යන්න ගියා..

"තේව්! අපි බෙහෙත් ගන්න යමු.."එයා කිව්වම මගේ ඇස් දෙකත් ලොකු උනා..මට ඇති අසනීපයක් නැහැ..ඇයි මෙයාට තේරෙන්නෙ නැත්තේ..මම සුසුමක් පිට කරලා දාලා ඔලුව උස්සලා සුදු මහත්තයා දිහා බලනකොටත් එයා මගේ දිහා එක එල්ලේ බලාගෙන ඉන්නවා..

"අ-සුදු මහත්තයා මට ඇති අසනීපයක් නැහැ..ඔලුව කකියන ගතියක් තිබුනේ උදේ..දැන් ඒකත් අඩු වෙලා.."මම එහෙම කියලා තව ටිකක් කොට්ටේ ළං කර ගත්තා..

"මුකුත් බිව්වද?කොහොමද එක පාර අඩු උනේ?"

"ම්-මේ නැන්දා හින්ඳපු තෙල් වගයක් දැම්මා,මං හිතන්නේ ඒකට තමයි අඩු උනේ.."

"ආහ් එහෙනම් ටිකක් රෙස්ට් කරන්න තේව්..ඒත් ඔයාට තිබුනා මට කෝල් කරලා හරි කියන්න, අසිනිගේ ෆෝන් එකෙන් හරි.."

"එහෙම කරන්නේ කොහොමද සුදු මහත්තයා?"මම කොහොමද අසිනිගේ ෆෝන් එක ඉල්ලගෙන කෝල් කරන්නේ?ඊට පස්සේ අසිනි මං ගැන මොනවා හිතයිද?මම ඔලුව දෙපැත්තට වනලා හරි සිහියට ආවා..

"ඇයි බැරිද?"

"බැහ් තමයි..අසිනි ඊට පස්සේ-"මට කියන්න ගිය එකත් හිර උනා වගේ දැනුනා..සුදු මහත්තයාට උත්තර දෙන්න මම දන්නේ නැහැ..මම කොහොමද අනේ අසිනිගෙන් එහෙම ඉල්ලන්නේ?ඊට පස්සේ එයා මට එක එක දේවල් කියාවි..මම දන්නවා අසිනි ගැන..ටිකකට කලින් කීයක් නම් දේවල් කිව්වද?එහෙම එකේ මං ෆෝන් එකත් ඉල්ලගෙන සුදු මහත්තයට කෝල් කලා නම් මට විහිලු කරාවි හැමදාම..

"ඊට පස්සෙ මොනවද චුට්ටා?"

"ම්-මොනවත් නැහැ"මම අහක බලාගත්තම මගේ අත උඩින් එයාගේ අත ස්පර්ශ වෙනවා දැනුනා..මම වේගෙන් ඇස් පිල්ලම් ගහලා එයා දිහා බැලුවා..එයාගේ මූණේ තිබුනේ දඟකාර හිනාවක්..එයා එහෙම හිනා වෙනවා දකින්නේ කලාතුරකින්..

"අද රෑට,පාලම උඩට එන්න..මං බලන් ඉන්නවා.."

එයා එහෙම කියලා මගේ අත සිනිඳුවට තද කරලා කාමරෙන් යන්න ගියා..මම එහෙම්මම එයා කිව්ව දේ ආයේ කල්පනා කරලා වේගෙන් ඇස් පිල්ලම් ගැහුවා..දෙයියනේ..එයා මට එන්න කියලද කිව්වේ..මට නොදැනිම හිනාවක් මගේ මූණේ ඇඳිලා යද්දී මම කොට්ටෙත් බදාගෙන ඇඳේ පෙරලිලා,කොට්ටෙ උඩින් මූණ තියාගෙන ඇඟිල්ලක් හපන්න ගත්තා...

_________________________________________

laura-bun🍃

I can't hold my tears rn :/