Chapter 12: 11•

තේව් (TAEKOOK)Words: 37540

ඉර එළිය යන්තම් තිර රෙදි අතරින් වැටීගෙන එනකොටත් මම අවදියෙන්..මුලු රාත්‍රියේ ඉඳලම ඉර එළිය වැටෙනකල්ම මම හිටියේ ඔහේ ඇඳේ එහෙට මෙහෙට පෙරලි පෙරලි..නින්දක් අහලකවත් තිබුනේ නෑ..මොහොතක්,හරි ඉක්මනින් ගෙවිලා යන්නේ අපිට හොරෙන් උනත්..අපිට පුළුවන් නම් ඒ මොහොත තද කරලා අල්ලගෙන තියාගන්න..

බෑ..දෛවයට අනුව ගෙවුනු මොහොතක් ආයේ ආපස්සට ඇඳලා ගන්න බෑ..මම හිත හිත හිටියේ ඊයේ රෑ ගැන..ඊයේ රෑ අපි හැමෝම සතුටින් හිටිය මොහොත..මට ඕනේ උනෙත් ඒ මොහොත පුළුවන් තරම් හයියෙන් තද කරලා අල්ලගෙන ඉන්න උනත් මං දන්නවා ඒ දේ කවදාවත් කරන්න බැරි වග..නමුත් අපිට පුළුවන් ඒ ගෙවුනු මොහොතක මතකයන් අල්වාගෙන සිටින්නට?එහෙමනේ?

සුදු මහත්තයා හරියට භාවනාවක්! වගෙයි මට දැනුනේ එවෙලේ..දළුලමින් ඇවිලෙන සිත් වලට උනත් එයාගේ මායාකාර හඬ ලොකු බෙහෙතක් කියලා මම විශ්වාස කරනවා..මම තවමත් ඉන්නේ එතන..ඒ සින්දුව ඇතුලේ කිමිදිලා..මට ඕනේ නෑ එතනින් මිදෙන්න..මොහොතක්,තද කරලා අල්ලගෙන ඉන්න මට බැරි උනත් මට පුළුවන් ඒ මොහොත මතකයක් විදිහට මගේ ජීවිතේට එකතු කරගන්න..මගේ ජීවිතේ මහ ලොකු දේවල් නෑ..මම දන්නවා..ඒත් මට ඕනේ මෙතන ඉඳන්වත් මගේ සතුට හොයාගන්න..ඒ සතුට වෙනුවෙන් මේ පුංචි මතක මට හොඳටෝම ඇති..

මම නැගිටලා ඇවිත් ජනෙල් දෙක ඇරලා දාලා තිර රෙදි එක්කහු කරලා පටියෙන් බැන්ඳා..හීනියට සුළං රැල්ලක් ඇවිත් මාව බඳාගෙන ආයෙම ඈතට ගියා..මම හිනා වෙලා ආයෙම ඇඳ ළඟට අවුත් පොරවන්න ගත්තු සුදු රෙද්ද පිළිවෙලකට නැමුවා..ඇඳත් සේරම අස් කරලා දාලා ඉවර උනාම මට ඉතුරු උනේ කාමරය අතු ගාන එක විතරයි..මම දොර එහාට කරලා පිටිපස්ස බැලුවේ කොස්ස තියෙනවද කියලා බලන්න උනත්,කොස්ස දොර පිටිපස්සේ තිබුනේ නෑ..අමතක වෙලා කමලා නැන්දාවත් ඉස්සරහට අරන් ගිහින්ද දන්නෑ..

මම දොර අඩවල් කරලා දාලා ඉස්සරහට ආවේ කොස්ස හොයන්න..

"සුද්දි දඟලන්නේ නැතුව හිටාන්..උබ මේකිගේ අම්මා වෙලත් මේකිටවත් නැති ගායක්නේ උබට තියෙන්නේ.."

මම කවදාවත් දැකලා නැති මනුස්සයෙක් එක්ක ජයසූරිය උන්නැහේ කතා කරනවා බංගලා වත්තේ ඉඳගෙන..ඒ කෙනාට පිටුපසින් වසු පැටියෙක් ඉන්නවා මම දැක්කා..මගේ මූණේ හිනාවක් ඇඳුනා..මම ආයේම ටිකක් එහාට වෙලා ඒ දිහා බැලුවහම තව පිරිමි කෙනෙක් එක්ක තව වසු පැටියෙක් එනවා මම දැක්කා..මට නිකම් ඇහැට දැකලා හුරු කෙනෙක් වගේ නිසා මම ගිහින් ඉස්තෝප්පුවේ ආරුක්කුවට හේත්තුවක් දාගෙන ඒ පැත්ත බලන් හිටියා..

දෙයියනේ!දහම් මහත්තයා නේද? මට කියවුනා..එතකොට මේ එයාගේ අප්පච්චි වෙන්නැති..ඔව් සුදු මහත්තයාගේ අප්පච්චි ළඟින්ම ආශ්‍රය කරනවායි කිව්වේ දහම් මහත්තයාගේ අප්පච්චිවනේ..මට නම් දැන් මෙතනට ආපු කාරණයත් අමතකයි..අනේ වහු පැටව් දෙන්නෙක්..ඒ දෙන්නා දැක්කහම ආදරේ හිතෙනවා..

ටිකකින් අප්පච්චි විතරක් වත්තේ ඉතුරු උනේ ඒ දෙන්නා ආයෙම යන්න ගියපු නිසා.."කොල්ලෝ මෙහෙ වරෙන්.."අප්පච්චි මට කතා කලා..මම හිත හිත ඉන්නෙ නැතුව ඒ දිහාවට ඇවිද්දා.."මෙන්න මේ කඹේ කෙලවර අල්ලගෙන අතනින් තද කරලා ගැට ගහපන්.."අප්පච්චි මට කිව්වම මම ඔලුව වනලා කඹේ පුළුවන් තරම් හයියෙන් තදට ගැට ගහලා දැම්මා..

"පැටවු දෙන්නෙක් නේද මාමේ?"මම ඉනට අතක් තියාගෙන උන් දෙන්නා දිහා බලාගෙන හිටියා..එකෙක් සුදුයි කළුයි..සුදු හුඟක් තියෙනවා..හැබැයි උගේ තැනින් තැන කළු පාට පුල්ලි..ඌ ලස්සනයි..අනෙත් එකා නම් තනිකර සුදුයි..

"පිස්සුද කොල්ලෝ..මේ අම්මයි දුවයි.."ඈහ් මගේ කටත් ලාවට ඇරුනද කොහෙද..ඒත් මෙතන අම්මා කවුද කියලා හොයාගන්න අමාරුයිනේ..මම හිත හිත ඉද්දිම අප්පච්චි මගේ අතක් අරගෙන සුදුයි කළුයි එකාගේ ඇඟ උඩින් තිබ්බා.."මේ ඉන්නේ දුව..මේකිගේ නම රෝසි.."අනේහ්..එයාට ඒ නම ගැලපෙනවා හැබැයි..සුදු කිව්වට ලා රෝස පාටත් ඒකිට තිබුනා..

ඊට පස්සේ අප්පච්චි බංගලාව ඇතුලට යන්න ගියා..මම එහෙම්මම රෝසිව අත ගගා ඉඳලා ඒකිගේ අම්මා ගාවට කිට්ටු උනා..එතකොට මෙයාද සුද්දි? ඔව් මෙයා තමයි..මම හිනා වෙවී ඒකිවත් අත ගාන්න පටන් ගත්තා..

"සුද්දී!කොහොමද ඔයාට..මම තේව්.."

සුද්දී මම කතා කලාම අමුතු සද්දයක් දැම්මා..මං හිතන්නේ එයා මට උත්තර දුන්නාද කොහෙද..මට ආයෙමත් හිනා ගියා.."හොඳ කෙල්ල.."මම ආයේ ඒකිව සිනිඳුවට අත ගාලා රෝසි දිහාවට හැරුනේ ඒකි මගේ දිහා බලාගෙන ඉඳපු නිසා..

"ආහ් ඉන්න...ඔයා එක්ක කතා කලේ නැති නිසානේ මේ ඔරවගෙන මගේ දිහා බලන් ඉන්නේ.."මම රොසිව අත ගඟා ඉඳලා ඒකිගේ කඹේ අතින් හරි ගැස්සුවා..

"ගුඩ් මෝනින්ග් චුට්ටා!!"

පිටිපස්සෙන් හුරු පුරුදු ඒ හඬ ඇහුනම මම කෙල ගිල්ලා..මම ඒ දිහා ඔලුව හරවලා බැලුවා..සුදු මහත්තයා ඇස් වලට කළු තීරු තිබුන කන්නාඩි දෙකක් දාගෙන හිටියා..මම වේගෙන් ඇස් පිල්ලම් දෙක තුනක් ගහලා ඒ දිහා බලාගෙන හිටියා..සුදු මහත්තයා කළු බොටම් එකකුයි,සුදු ටී එකකුයි ඇඳගෙන හිටියා..ඒ ඇඳුමත් එක්ක මේ විදිහට කන්නාඩි දෙකක් දාලා ඉන්නවා මම දැක්කමයි..දෙයියනේහ්..එයා මෙහෙම ඉඳ්දි තවත් හැඩයි..

මම මුකුත් නොකියා එයා දිහා විතරක් බලාගෙන ඉන්නෙයි කියන එක මටම පස්සේ තේරුම් වෙද්දී මම ඉක්මනින් ඉස්සරහ හැරිලා ආයේම කඹේ අල්ලා ගත්තා..

"ගුඩ් මෝනින්ග්.."

මම කියලා දැම්මා..

"ඔහ් නිකම්ම ගුඩ් මෝනින්ග්?"එයා ඇවිත් තණ පිස්ස උඩින්ම මගේ එහා පැත්තෙන් ඈඳි ගත්තා.."ඇ-ඇයි.."මම පුළුවන් තරම් එයා දිහා නොබලා ඉන්න උත්සහ කලා..

"ඔයා,මට වෙනදට කතා කරන විදිහට කතා කරනව නම් තමයි මම ආස"

එයා කිව්වම මම ඇස් උස්සලා එයා දිහා බලලා ආයෙම ඒ තප්පරෙන් බිම බලාගත්තා..

"ස්-සුදු මහත්තයා..."

"අන්න ඒක..මං ආසයි ඒ වචනේ ඔයාගේ ඔය පුංචි කටින් අහන්න.."

සුදු මහත්තයා එහෙම කියලා මගේ දිහාවට හැරුනා..මම පුළුවන් තරම් එයා දිහා නොබලම ඉන්න හිතට පොරොන්දුවක් දීගෙන හිටියේ මෙවෙලෙ..ඒ එක්කම එයා අතක් ඉස්සරහට කරලා මගේ කට හෙමිහිට මිරිකලා ඉක්මනින් අත අහකට ගත්තා..එයා ඒක රිදෙන්න නෙමෙයි කලේ කියලා මට හොඳටම දැනුනා..

"අ-ආහ්"

"ඔයා ආසද?"එයා මගෙන් ඇහුවා..

"ම්-මොනවද සුදු මහත්තයා?"

"මේ දෙන්නට"

එයා හිනා වෙවී මගේ දිහා බලන් ඉන්නව මගේ ඇස් කොනින් පේනවා..මට මෙතන අපහසුවක් දැනුනත් මට කලින් වගේ දුවන්න ඕනේ නෑ කියන හැඟීම විතරක් මගේ හිත ඇතුලින් කෑ ගහනවා මට ඇහෙනවා..එයා මගේ ළඟ ඉද්දී ඒ දැනෙන නුහුරු ගතිය මට නුහුරු විදිහටම තියන්න ඕනේ නෑ..ඇත්තමයි!

"ඔව් මං ආසයි.."

"ඒකනේ,මට හිතුනා ඔයා මෙතන ඉඳ්දී ඒ දෙන්නාව දැනටමත් යාලු කරගෙන ඉන්නේ කියලා.."

"මං යාලු කරගත්තේ නෑ සුදු මහත්තයා.."

ඇත්තනේ..මම එයාලා එක්ක කතා කලා විතරයිනේ..

"ඔයා යාලු කරගත්තේ නැති උනාට, ඔයාත් එක්ක යාලු වෙන්න ඕනෙම කෙනෙක් කැමතියි.."

එයා ලාවට හිනා වෙලා රෝසිගේ පිට අත ගාන්න ගත්තා..මම කලින් මටම දීගෙන හිටිය පොරොන්දුව මේ වෙද්දිත් මගෙන් ඈතට විසි වෙලා ගිහින් ඉවරයි..මම එයා දිහා බලාන හිටියා..සීතල හුළඟක් අපි දෙන්නවම සිපගෙන ආයේ ඈතට ගියා..එයා ඔලුව හරවලා මගේ පැත්ත බලනවත් එක්කම මම අනෙක් පැත්ත හැරුනා..

"ආහ් මේ ඉන්නේ"

"අසිනි.."

"ගුඩ් මෝනින්ග් අයියේ..ගුඩ් මෝනින්ග් ඒයි."අසිනි මගේ පිටට තට්ටුවක් දාගෙන අපි දෙන්නා ළඟින් ඈදි උනා..අසිනි මට ගුඩ් මෝනින්ග් කිව්වා නේද? මට ලාවට හිනාවක් යද්දී මම ඒ එක්කම අසිනි එක්ක හිනා උනා..

"ගුඩ් මෝනින්ග් මෝඩි.."

"අයියේ අපි කොහේ හරි යමුකෝ අනේ..මට කම්මැලියි අප්පා"

අසිනි සුදු මහත්තයගේ අතකට ගහන අතරේ කිව්වා..

"ම්ම් කොහෙද යන්නේ?"

"ඉන්න...මම මතක් කරනකල්...හැබැයි මම මතක් කරනකල් ඔයාලා දෙන්නගෙන් කවුරුත් කටක් අරින්න එපා.."

අසිනි අපිට තර්ජනය කරලා ඇස් වහගෙන මොනවදෝ මතක් කරන්න ගත්තා..මම හිනා වෙලා තණ පිස්සට අතකින් තට්ටුවක් දැම්මා..ඒ එක්කම අසිනි අපි දෙන්නගෙම පිටට ගැහුවා..හෙමින්..

"අයියේහ් මතක් උනා.."

"මොකක්ද දැන් මතක් උනේ?මෙච්චර වෙලා කල්පනා කලේ මොකක්ද කියලා කියමු බලන්න අපිටත් ඇහෙන්නම"

"අපි නාන්න යමු කොහේ හරි"අසිනි කිව්වම මගේ ඇස් ලොකු උනා..

"ම්ම්"

"ඒ අයියේහ් සිරාවටම යමු නේහ්?"

"ම්ම්"

"යස්!!! තැන්ක්‍යූ අයියා..මම ගිහින් අම්මට කියලා එන්නම්"

අසිනි තණ පිස්සෙන් නැගිටලා සතුටින් බංගලාව ඇතුලට දිව්වා..එයාගේ අයියා එයාගේ සතුට වෙනුවෙන් කිසි දෙයක් බැහැයි කියලා කියන්නේ නෑ..අයියා නංගි කියන්නේ ඇත්තටම හරි අමුතු,ශක්තිමත් බැඳීමක්..අයියා වචනෙන් නොකිව්වට ඒ නොකියන ආදරේ හරි ලස්සනට ක්‍රියාවෙන් කරලා පෙන්වනවා..මං පුංචි කාලේ බලපු ෆිල්ම් වල තිබුණු ඒ බැඳීම දැනටමත් මට මේ අයියාගෙනුයි නංගිගෙනුයි පේනවා..

කොහොම හරි දවල් එක පහු වෙලා තියෙද්දී අපි තුන් දෙනා ලෑස්ති වෙලා හිටියා..සුදු මැනිකෙලාට එන්න බෑ කිව්වා..අපි තුන් දෙනාත් එක්ක කමලාව එක්ක යන්නයි කිව්වා..ඒක හොඳයි..කමලා නැන්දා ඉන්න නිසා අසිනිට තනියක් නෑනේ..එයත් ගෑණු කෙනෙක්නේ..

අසිනි නාන්න යන්න හොඳම තැනක් තෝරගත්තයි කියලා ෆෝන් එකෙන් සුදු මහත්තයට පෙන්නවනවා මම දැක්කා..සුදු මහත්තයා හිනා වෙලා අසිනිගේ කොන්ඩේ අවුල් කරලා දාලා යමුයි කියලා කිව්වම අසිනිගේ මූණේ තිබුන හිනාව තුන් ගුණයකින් විතර වැඩි වෙනවා මම දැක්කා..එයා හුඟක් ආසාවෙන් ඉන්නේ මේ ගමන යන්න..මට දැනුනා..

ඒත් ඔක්කොමත් හරි,මට ලාවට බයක් දැනෙනවා..නාන්න යනවයි කිව්වම හුඟක් ගැඹුරුද දන්නෙත් නෑ..මම ගැඹුරු තැන් වලට බයයි..මට පීනන්න පුළුවන්..ඒත් වැඩිය බෑ..මම ඕවත් හිත හිතම කාමරයෙන් එලියට ආවා..

"පරිස්සමෙන් සුදු මහත්තයා..ඔයාටයි මං මෙතන වගකීම භාර දෙන්නේ..ළමයි දෙන්නෙක්නේ ඉන්නේ ඔයා එක්ක..මෙතන වයසින් වැඩි කෙනා විදිහට ඒ දෙන්නව බලාගන්න ඕනේ..තේරුනාද?"

මැනිකේ සුදු මහත්තයට උපදෙස් කෝටියක් විතර දෙනවා..මම ඉතින් හිනා වෙවී ඒ දිහා බලාගෙන ඉද්දී අසිනිත් ලෑස්ති වෙලා එලියට ආවේ සයිඩ් බෑග් එකක් එල්ලගෙන..

"අයියෝ හරි අම්මා,ඔය ඇති...අයියා බබෙක් නෙමෙයිනේ..අපි යමුද අනේ දැන්වත්..කෝ කෝ මේ කමලා අක්කා.."

අසිනි කිව්වම මැනිකේ අසිනි කිට්ටුවට ඇවිත් අසිනිගේ කන මිරිකුවා..

"ඔහොමද මිනිස්සුන්ට කතා කරන්න මං පුරුදු කරලා තියෙන්නේ"

"ආව්ව් අම්මා,ඔයාලා නම් අර පරණ තාලේටම සින්න උනු අය තමයි..විහිලුවක්වත් තේරෙන්නෙ නැත්තන් තව මොන කතාද?"

අසිනි ගස්සලා මැනිකේ දිහා බලලා වත්ත දිහාවට ගියා..ඒ එක්කම කමලා නැන්දත් අලුත් ඇඳුමක් දාගෙන අපි දිහාවට ආවා.."මම කිව්ව දේවල් මතකනේ.."මැනිකේ කිව්වම කමලා නැන්දා ඔලුව වැනුවා..

"පරිස්සමෙන් ඉන්න මැනිකේ...ඔයා බය වෙන්න එපා මම ඉන්නවා"

කමලා නැන්දා තරප්පු පෙල බැහැලත්,මැනිකේ පපුවට අතකුත් තියාගෙන වාහනය ඇතුලේ ඉන්න අපි දිහා බලාගෙන හිටියා..මොනා උනත් අම්මෙක්නේ..එයා බය ඇති මේ වගේ ගමන් වලට..සමහර අම්මලා එහෙම තමයි..කොච්චර යන්න ඇහුවත් නාන්න යන්නද ඇහුවම කවදාවත් ඒකට අවසර ලැබෙන්නේ නැති..එක්කෝ තනියම යවන්න බය නම් එයාලත් එනවා..හැම අම්මම එක එක විදිහට තමන්ගේ දරුවව පරිස්සමෙන් බලාගන්නවා..ඒක මොන විදිය උනත් ඒ තමයි අම්මා!

යනකල්ම මම වීදුරුවෙන් එලිය බලාගෙන හිටියා..ලාවට අඳුරකුත් තිබුනා..වහින්නද මන්දා..වීදුරුව ලාවට ඇරලා තිබුන නිසා සීතල සුළං රැලි ඇවිත් මූණෙ වදිනවා..තප්පරයක් ගියේ නෑ හීනියට පොදයක් වැටෙන්න ගත්ත නිසා වීදුරුව පුරාවට ඒවා රටා මවන්න ගත්තා..මට හරි සැහැල්ලුවක් දැනුනා..

සුදු මහත්තයා එක්ක ඉස්සරහ ඉඳගෙන හිටියේ අසිනි..මායි කමලා නැන්දයි දෙන්නා පිටිපස්සේ..අසිනි සැරෙන් සැරේ බෑග් එක ඇතුලින් චොක්ලට් අරගෙන මගේ උකුල උඩට විසි කරනවා..ආයේ කමලා නැන්දට දික් කරනවා..මට හිනා..

"අයියේ..කට අරිනවා ටිකක්"අසිනි එහෙම කියලා කවරේ ගලවලා දාපු චොක්ලට් එකක් අරගෙන සුදු මහත්තයට කැව්වා..සුදු මහත්තයා කට පුරෝගෙන ඒක කන්න උත්සහ කරන අතරේ අසිනි දිහා ඇස් රෝල් කරලා බැලුවා..

"මොකද රවන්නේ?තව කෑල්ලක් කවන්නත?"

"අ-ප්ස්"

"අප්සිනි?මොනවද අනේ ඔයා කියන්නේ?ආහ් ඉන්න ඉන්න කෑ ගහන්න එපා,ඒකනේ මම ඇහුවේ චොක්ලට් ඕනෙද කියලා"අසිනි ආයෙම ඉතුරු උනු කෑල්ල සුදු මහත්තයගේ කටට ළං කලත් සුදු මහත්තයා කට ඇරියේ නෑ..

"සුදු නෝනා!ඔය සුදු මහත්තයට ඉන්න දෙන්න..එයාට එපාලුනේ"

"හාකෝ.."අසිනි අපි හැමෝටම හුරතලේට රවලා එලිය බලන්න ගත්තා..ඒ එක්කම වාහනයත් ඊට නුදුරෙම නතර උනා.."අයියේ ආවද? මේකද ඒ ප්ලේස් එක?"

"ඔව්,මේක..ගිහින් බලමු.."සුදු මහත්තයා බැහැලා දොර වහලා දැම්මා..සුදු මහත්තයා ඉස්සර වෙලා ඇවිදගෙන ගියා..ඊට පිටිපස්සෙන් අපි තුන් දෙනා ඇවිද්දා..වතු දෙකක් මැද්දෙන් තමයි අපි මේ දැන් ඇවිදන් යන්නේ..තවමත් අර හීනි පොද වැස්සේ අඩුවක් තිබුනෙත් නෑ..මම අතක් ඉදිරියට කරලා වැටෙන පොද අත දිගේ දිය වෙලා යන්න ඉඩ හැරියා..

"බලාගෙන අසිනි"සුදු මහත්තයා අසිනිගේ අතක් අල්ලගෙන ඉස්සර උනා..අසිනිට මේවා හුරු නැතුව ඇති..ඒකයි මැනිකේ උනත් බය උනේ..කමලා නැන්දා මගේ අතකින් අල්ලගෙන හිටියා..එහා පැත්තට පනින්න තිබුනේ පුංචි ඒදණ්ඩක් උඩින් නිසා අපි හැමෝම සීරුවට ඒක දිගේ ඇවිල්ලා ගඟ ළඟට කිට්ටු උනා..

"කමලා!"සුදු මහත්තයා ඇහෙන් පෙන්නුවේ දැනටමත් වතුරට බැහැලා මැඳක් හරියට වෙන්න ඉන්න අසිනිව..කමලා හිනා වෙලා ඔලුව වනලා අසිනි දිහාවට වතුර මැද්දේ කිට්ටු උනා..

"යන්න ඕනේ නැද්ද? ම්ම්"සුදු මහත්තයා මගෙන් ඇහුවත් මගේ හිත තිබුනේ බයෙන් වෙලාගෙන.."න්-"

"කෝ එන්න,බය නම් මගෙත් එක්ක යමු"සුදු මහත්තයා ඇඳගෙන හිටිය බොටම් එක ගලවලා දාලා කලු පැහැති ශෝට් එක විතරක් ඇඟේ ඉතුරු වෙද්දී ඇඳගෙන හිටිය සුදු කමිසයත් එක අතකින් ගලවලා දැම්මා..දෙයියනේ එයාගේ හම උඩින් මී පැණි වත් කරලා වගේ..මගේ උගුරේ ඉතුරු වෙලා තිබුන කෙල ටිකත් හිඳෙනවා කියලා මට දැනුනා..මම ඉක්මනින් අහක බලාගෙන රත් වෙලා තියෙන මගේ දෙකොපුල් වලට අතකින් තට්ටුවක් දැම්මා..

"ඔය ඇඳුම ගලවලා දාලා මගෙත් එක්ක එන්න තේව්"අනේ මං කොහොමද ඒක කරන්නේ..මට බෑ මගේ කමිසේ ගලවන්න..මම අහක බලාගෙන කල්පනා කර කර ඉද්දී මගේ කමිසය කවුරු හරි අල්ලගත්තා කියලා මට දැනුනා..සුදු මහත්තයා!

"ඔයාට ගලවන්න බැහැ වගේ නම්-"

"න්-නෑ නෑ...ම්-මට පුළුවන්.."මම පැටලෙන වචන එක්ක අනෙක් පැත්ත හැරිලා බර හුස්මක් පිට කරලා දාලා ඒක ගලවලා දැම්මා..

"ආහ් ඔය ලැජ්ජාව පැත්තක දාලා මෙහෙ එනවා"එයා කිව්වම මම අමාරුවෙන් උනත් ඒ පැත්ත හැරුනා..තප්පර දෙකක්? අඩුම තුනක්? එයා මගේ දිහා බලාගෙන ඉඳලා වේගෙන් ඇස් පිල්ලම් ගහලා නලල මිරිකගෙන වට පිට බැලුවා..මම ඒත් එක්කම එයා කිට්ටුවට ළං උනා..එයා මගේ දිහා නොබලාම මගේ අතකින් අල්ලගෙන ඉස්සරහ හැරිලා වතුරට අඩිය තිබ්බා..

හරිම සීතලයි...කකුල වතුරට දැම්මත් හරි පුදුම තරම් සීතලක් මගේ කකුල් දෙකට දැනුනා..හෙමින් හෙමින් ඉදිරියට ඇඳෙද්දී තව තවත් ගැඹුරුවට දැනෙන්න ගත්තම මගේ පපුව ළඟටම වතුර පිරිලා තිබුනා..සුදු මහත්තයාගේ ඉන ළඟට යනකල් වතුර තිබුනා..

"මාව ඕනි උනොත්,මම ඉන්නවා හරිද!"

එයා එහෙම කියලා මගේ අත එක පාරම අත් ඇරලා දාලා පීනන්න ගත්තා..මම එහෙම්මම ගල් තලාව ළඟට කිට්ටු වෙලා එතනින් ඈඳි වෙලා එයා දිහා බලාගෙන හිටියා..අසිනිවයි,නැන්දවයි මට ඈතින් පේනවා..ඒ දෙන්නා මොනවද මන්දා කියව කියව හිනා වෙනවා..මම කකුල් දෙකත් වතුරේ ගස ගස වට පිට බලන අතරේ සුදු මහත්තයා දිහා බලාගෙන හිටියා..

අපි එද්දී නම් කවුරුත් හිටියේ නෑ..ඒත් දැන් නම් තව අය එනවා..මම ගල් තලාවට කිට්ටුවෙන් පීන පීන ඉද්දී මම එයාලව දැක්කා..මම හිතන්නේ යාලුවෝ වගයක්..එහෙමත් එනවානේ ඉතිම් එකතු වෙලා...ඔක්කොම පිරිමි ළමයි..සුදු මහත්තයා ටිකක් ඈතට වෙන්න තමයි හිටියේ..ටිකකින් ඒ කොල්ලෝ සේරම කඳුරු වැලක එල්ලිලා පෝලිමේ වතුරට පැන්නා..

මට බයත් හිතුනා..මම එහෙම ඉද්දී මගේ ළඟටම කඳුරු ගෙඩියක් විසි උනා..තව පොඩ්ඩෙන් ඒක මගේ ඔලුවේ වදිනවා..මම ඔලුව උස්සලා බැලුවම එතන හිටිය එක කොල්ලෙක් මගේ දිහා මහ අමුතු විදිහට බලාගෙන ඉඳලා එයාගේ එහා පැත්තේ හිටිය කොල්ලගේ කනට කරලා මොකක්ද කිව්වා..දැන්නම් මට දැනෙන බය එසේ මෙසේ එකක් නෙමෙයි..

ටිකකින් ඒ දෙන්නා මගේ ළගට එනවා මම ඇස් කෙලවරින් දැක්කා..මම පුළුවන් තරම් වේගේ වැඩි කරලා පීනන්න උත්සහ කලත් මට ඒක කරගන්න බැරි උනා..මම මං ගැනම පසු තැවුනා..එක කොල්ලෙක් වතුර යටින් මතු වෙද්දී මාව ගැස්සිලා ගියා..

"බය උනාද?"

ඒ කොල්ලා මගේ අතින් ඇඳගෙන ගල් තලාව ළඟට කිට්ටු වෙනවත් එක්කම එයාව ආයෙම කවුරු හරි වතුරට ඇඳලා දැම්මා..

"ජීවත් වෙන්න පොඩිම හරි ආසාවක් තියේ නම්-"

ඒ සුදු මහත්තයාගෙ හඩ!මගේ පපුව හොඳටම ගැහෙනවා..මම වෙන්නේ මොනවද කියලා බලන්න භාගෙට පියවිලා තිබුන මගේ ඇස් ඇරියා..සුදු මහත්තයා ඒ කොල්ලගේ බෙල්ල තද කරලා අල්ලගෙන වතුරට ඔබාගෙන හිටියා..මගේ හුස්ම හිර වෙන්න ගත්තා..මම එයාගෙ අත ඇල්ලුවේ වෙන දේ නතර කරන්න..

"ආ-ආ.හ්..සොරි..ම්-මං හි- කැහ් කැහ්.."

"සුදු මහත්තයා අත් අරින්න.."මම එයාගේ ඇස් දිහා බලාගෙන කිව්වම එයා ඒ කොල්ලගේ බෙල්ල අත් ඇරලා මගේ ඇස් දිහා බැලුවා..

"සොර්-"

සුදු මහත්තයා කෝප ගැන්වුනු බැල්මකින් ඔහු දිහා බලාගෙන ඉද්දී ඒ කොල්ලා අමාරුවෙන් බෙල්ලත් අල්ලගෙන අපේ ළඟින් යන්න ගියා..

"චුට්ටා! ඔයාට.."

එයා කියන්නත් කලින්ම මාව අතකින් ඇඳලා අරගෙන එයාගේ පපුවට හේත්තු කරගත්තා..මම ඇස් පියාගෙන එයාගේ උණුසුම් පපුව උඩින් අතක් තියාගත්තා..එයා එහෙම්මම ගල් තලාවට බර උනා..මගේ පපුව හිරි වැටීගෙන එනවා කියලා මට දැනෙනවා..හුඟක් සීතලයි..හීනියට තිබුන පොදයත් මහ වැස්සකට ලකුණු කියන්න පටන් ගෙන තිබුනා..මෙච්චර සීතල වෙලාවකත් මට උණුසුම් දේකට කියලා දැනුනේ සුදු මහත්තයාගෙ උණුසුම් පපුව විතරයි..මට හිතාගන්න බෑ එහෙම වෙන්නේ කොහොමද කියලා..මට දැනුන ඒ සීතල හැඟීම් සියල්ලම් මේ මොහොතේ මගෙන් ඈත් වෙලා ගිහින් උණුසුම් වෙනවා කියලා මට දැනුනා..මම ඇස් දෙකත් තද කරලා වහගෙන එයාගේ උණුසුමට නතු වෙලා හිටියා..ටිකකින් එයාගේ අත මගේ නිරුවත් පිට පුරා එහෙ මෙහෙ සිනිඳුවට ගමන් කලා..

"සීතලද?"

"ස්-"

එයා මගේ දිහා බලාගෙන ඉඳලා මාව තවත් ඇඟට තද කරගෙන,මදක් ඉස්සුනා..එයාගේ ඇස් මගේ ඇස් එක්ක ගැටෙද්දී හුඟක් දිලිසෙනවා..මං දන්නවා මගේ දෙකොපුල් මේ වෙද්දී කියාගන්න බැරි තරමට රතු පැහැයට හැරිලා ඇති..ඒත් මට මේ මොහොතේ ඒ කිසි දෙයක් හිතුනේ නෑ..මම දිගටම එයා බලාගෙන ඉද්දී,එයා මගේ තොල් වලට පහත් උනා..මගේ ඇස් ආයෙමත් ඉබේටම පියවිලා යන්න ගියා..එයා මගේ තොල් සිපගන්න අතරේ මාව කිටි කිටියේ,තවත් ඇඟට තුරුලු කරගන්නවා..මාව ලොකු කන්දක් උඩින් පහලට අත් අරිනවා වගේ දැනෙද්දී,මාව මත් වෙලා වැක් කෙරෙද්දී මමත් එයාට ඉඩ දීලා එයාගේ පපුව මත තියපු අතින් තවත් තද කරලා එයාගේ පපුව අල්ලගෙන හිටියා..

_________________________________________

laura -bun🍃

අනේහ් හලෝ මෙවාන්ට ආදරේ හිතෙනවානේ මං දැන් mk?🦋

වෝට්ස්,කමෙන්ට්ස් දාන අයට ආදරෙයි පැලෙන්න හර්ත!