Chapter 11: 10•

තේව් (TAEKOOK)Words: 28335

"සුදු නෝනා, දැන්වත් කන්න එන්න ළමයෝ!"මැනිකේ අසිනිට කතා කලේ රෑට කෑම කන්න..මම මේ වෙද්දී මැනිකේ කිව්ව විදිහට කෑම මේසෙන් ව්‍යංජන බදුන් ගෙනත් තියලා ඉවරයි..මම එහෙම්මම ආයේ කුස්සිය දිහාවට ගියාම කමලා නැන්දා මගේ අතින් වතුර ජෝගුවක් තිබ්බේ මගෙත් එක්ක ලස්සනට හිනා වෙලා.."තේව්,මේක විතරයි පුතේ...මේක ගිහින් තියලා වරෙන්.."මමත් ආපිටටම කමලා නැන්දා එක්ක හිනා වෙලා කෑම මේසේ දිහාවට ආවා..

"සුදු නෝනා!!! කනවා දැන් මගෙන්...කිව්වම එක සැරයක් එන්න බැරිද ආහ්?"මැනිකේ බොරු කේන්තියක් මවාගෙන ආයෙම කෑ ගැහුවා..ඒ එක්කම මගේ ඇස් නිවැරදි නම් අපේ පැත්තට ඇවිදන් ආවේ,සුදු මහත්තයා!මම ඉක්මනින් වතුර ජෝගුව මේසෙ මැඳින් තියලා අහකට උනා..

"මොකද අම්මා කෑ ගහන්නේ? කෝ දෝණියැන්දා,කියන දේවල් අහන්නේ නෑ වගේ?"සුදු මහත්තයා කිව්වම මැනිකේ එක බඳුනක් ළඟින් තියලා තිබුන හැන්දක් අරගෙන සුදු මහත්තයට පෙන්නුවා.."ඔහ් අම්මා,ඔයා බොරුවටනේ කේන්ති ගන්නේ..ඉන්නකෝ මං ඕකිව එක්කන් එන්න"සුදු මහත්තයා මැනිකේ එක්ක අමුතු විදිහට හිනා වෙලා අසිනිගේ කාමරය පැත්තට ගියා...

"මෙවාන්ලගේ අප්පච්චි,මෙහෙට ආව නම්"මැනිකේ සුදු මහත්තයලගේ අප්පච්චිට කතා කරනවත් එක්කම කියවන සද්දයක් එක්ක එලියට ආවේ අසිනියි,සුදු මහත්තයයි...අසිනි නාලා ඉවර වෙලා කොන්ඩේ තුවායකින් උඩට කරලා බැඳගෙන තිබුනා..ඒ දෙන්නා එක ළඟින් ඉද්දී ඇත්තටම එකම පිටපතක් වගේ..මූණේ ඉරියව්,ඇස් ඒ හැමදේම සමානයි කියලා මට හිතුනා..

"අහ්ම්,මේ ඉන්නේ ඔයාගේ මහලොකු සුදු නෝනා,අම්මා ඔයාට කියන්න මෙයාට අපි කතා කරනවා ඇහිලා නැත්තේ ඇයි දන්නවද?"සුදු මහත්තයා කියද්දී අසිනි සුදු මහත්තයට රැව්වා..මම තොල් දෙක තද කරගෙන හිනාව පුළුවන් තරම් හිනාව පාලනය කරගත්තා..

"ඇයි සුදු මහත්තයා? මෙයා මොනවද කර කර හිටියේ?"මැනිකේ ඇහි බැමක් ඉස්සුවම අසිනි මූණ බිමට බර කරගත්තා.."airpods දෙකකුත් ගහගෙන හොඳට ඇඳේ පෙරලිලා හිටියේ...ඉතින් කොහේ ඇහෙන්නද නේහ්?"අසිනි සුදු මහත්තයගේ කකුලා තද කරලා පාගගෙන ඉන්නවා මම ඇස් කොනෙන් දැක්කා..

"ඉතිම් අම්මා ඒක වැරැද්දක්ද?මෙහේ ආවේ පොඩ්ඩක් චිල් එකේ ඉඳලා යන්නනේ අනේ..මහ ලොකු වැරැද්දක් කලා වගේ මගේ දිහා බලාගෙන ඉන්න එපා හරිත,අයියේ මම තමුසෙට.."දැන්මම දෙන්නගේ රණ්ඩු පටන් අරගෙන..මගේ මූණේ මේ වෙද්දී මට හොරාවටම තද කරගෙන හිටිය හිනාව පිට වෙලා ඉවරයි..

"දැන් ඉඳගන්නවා විකාර නොකියා..කමලා ඔය ලාම්පුව පොඩ්ඩක් හරි ගස්සන්න,ටිකක් අඳුරුයිත් වගේ.."කමලා නැන්දා මැනිකේ කිව්ව විදිහට මේසේ ළඟ තිබුන බිත්ති ලාම්පුව අතින් හරි ගැස්සුවා..අසිනි හැමෝටම කලින් පුටුවක් ඇඳලා අරගෙන ඈඳි ගත්තා..අසිනිට පස්සේ අප්පච්චි ඈඳි ගත්තා..ඊළඟට සුදු මහත්තයා ඈඳි ගත්තා..

"චුට්ටා,ඔයත් ඈඳි ගන්න.."මැනිකේ කිව්වම මම සුදු මහත්තයගේ අප්පච්චිට එහා පැත්තේ හිස් වෙලා තිබුන පුටුවෙන් ඈඳි ගත්තා..සුදු මහත්තයගේ එහා පැත්තේත් හිස් පුටුවක් තිබුනා..ඒත් මට එතනට යන එක එතරම් සුදුසු නැහැයි කියලා හිතුනා..

ඒත්,මම මෙතනින් ඈඳි ගත්තත් සුදු මහත්තයා හිටියේ මගේ ඉස්සරහ පුටුවේ..මගේ පපුව හිරි වැටෙනවා කියලා මට දැනුනා..මට අමුතු අපහසුවක් දැනුනා ඔලුව උස්සලා බලන්න..ඒත් සුදු මහත්තයා මැනිකේ කෑම බෙදනකල් ඉස්සරහ,එක එල්ලේ බලාගෙන ඉන්නවා කියලා මට දැනෙනවා..මට බැහැ ඇත්තටම ඔලුව උස්සලා කා දිහාවත් බලන්න..මට මෙතන ලොකු අපහසුතාවක් දැනෙනවා..

"අහ්ම්"අසිනි උගුර පාදන සද්දේ ඇහුනම මම ඔලුව ඉස්සුවා..මේ වෙද්දී අසිනි සුදු මහත්තයා දිහා බලාගෙන ඔරවගෙන හිටියා.."අ-ම්මේ!!"අසිනි හයියෙන් කතා කලාම සුදු මහත්තයා අසිනිගේ කට එක අතකින් තද කරලා වැහුවා..එයා ඒක දැකලා නේද?ඔව් එයා,සුදු මහත්තයා මගේ දිහා බලාගෙන ඉන්න එක දැකලා..මට දැන් නම් කෑම කන්නවත් වුවනාමක් තිබුනේ නෑ,මෙතනින් යන්නයි මට තදින්ම වුවමනා වෙලා තිබුනේ..

"මොකද ළමයිනේ,පිස්සුවත් හැදිලද දෙන්නට"මැනිකේ බැන බැන දෙන්නා දිහා බලලා හොඳවයින් දෙකක් රැව්වා.."අම්මේ මේ අයියට තමයි.."අසිනි කිව්වම සුදු මහත්තයා අසිනිගේ අත තද කරලා මිරිකුවා..අසිනි ආයෙම සුදු මහත්තයා දිහාවට හැරිලා ඇස් රෝල් කලා..

"අනේ මේ නංගි!කට වහගෙන කෑම කනවා හරිද?"සුදු මහත්තයා ඒක කිව්වේ කේන්තියෙන් නෙමෙයි..හිනා වෙලා.."චුට්ටා!මේ ටික ඔක්කොම කන්න ඕනේ හරිද?ඉතුරු කලොත් අර බංගලාවේ කෙලවරේ තියෙන කළුවර කාමරේට ගිහින් දානවා"සුදු මහත්තයා හයියෙන් හිනා උනා..මට ලැජ්ජාවක් දැනුනා..මැනිකේ ඇත්තටම,අර පොඩි කාලේ අම්මලා චූටි ළමයින්ට බය කරලා බත් කවනවා වගේ හැඟීමක් මට දැනුනා..මම බිම බලාගෙන කෑම පිඟාන ලඟට ඇඳලා ගත්තා..

"ආහ් මැනිකෙගෙ අත් දෙක උඩින් මසුරන් ගෝනියක් ගෙනත් තියන්න වටිනවා,මේ තරම් රසට,කොහොම කෑම හදනවද මන්දා"අප්පච්චි වෙනදා කියන දෙබසම අඳත් කිව්වම මැනිකෙ හිනා වෙලා ආඩම්බරයෙන් පුටුවක් ඇඳලා අරගෙන ඈඳි උනා..

"මේ බලන්නකෝ අනේ නාකි කෝලම්"අසිනි ඇස් හීනි කරලා කිව්වා.."ඒක තමයි..ඇස්වහක් නම් වඳින්න එපා මේ ජෝඩුවට.."සුදු මහත්තයත් අසිනි කිව්ව දේට උත්තර දුන්නා..මම ඔලුවත් බිමට බර කරගෙන කෑම කන්න ගත්තා..

"ස් ස් මේ.."අසිනි කාටද මන්දා කතා කලා.."ස් ස් ඔයාට ඇහෙනවද?"අසිනි මගේ අතින් අල්ලලා හෙලෙව්වා..මම ඒ එක්කම බිමට බර කරගෙන හිටිය ඔලුව උස් කරලා අසිනි දිහා බැලුවා..එතකොට එයා මටද කතා කලේ.."ඔයාගේ නම මොකක්ද ඒයි?"අසිනි මගෙන් ඇහුවා..මට බයක් දැනුනා..එයා බංගලාවට ආවත් හරි මම එයත් එක්ක වචනයක්වත් කතා කරලා තිබුනේ නැහැ..

"අම්මා,මෙයා ගොලුයිද?"

"සුදු නෝනා,මගෙන් කනවා දැන්"මැනිකේ පුටුවෙන් නැගිටලා අසිනි දිහාවට පහත් වෙලා අසිනිගේ කන මිරිකුවා.."මොකක්ද වදේ? අපිට ප්‍රශ්නයක් අහන්නවත් බැරිද?"අසිනි මැනිකේ දිහා මූණ බෙරි කරගෙන බලාගෙන හිටියා..

"ඔව් එයා ගොලුයිලු නේ නංගි.." සුදු මහත්තයා හිනා වෙන්න ගත්තා..මට මහ කලබලකාරී හැඟීමක් දැනුනා..හැමෝම මැද්දේ මට විතරක් කතා කරද්දී මම කලබල වෙන එක මට පොඩි දවස් වල ඉඳලම තිබුන දෙයක්..මම අමාරුවෙන් හිනා වෙලා ආයෙ පිඟානට ඇස් යොමු කලා..

"මෙයාට මාර ලැජ්ජාවක්නේ අයියා තියෙන්නේ,කොහෙන්ද මේ කෝලම හොයාගත්තේ..හරියට පොඩි එකෙක් වගේ..මගේ වයසේ කියලා කියන්නවත් බැහැ.."අසිනි තවමත් මගේ දිහා බලාගෙන හිටියා..මට ඇස් කෙලවරින් ඒක පෙනුනා..

"අපි ඒ ගැන කතා නොකර ඉමු අසිනි..ඒ ලැජ්ජාව ගැන නම් මට වචන නෑ කියන්න.."සුදු මහත්තයා මාව තවත් ලැජ්ජ කරනවා..මේ කැම එක ඉවර වෙන්නෙත් නැහැ..මට ඇතුලට යන්න..කෑම ටිකක් හරි ඉතුරු කලොත් මැනිකෙගෙන් බැනුම් අහන්න වෙනවා..ඒ නිසා මම බර හුස්මක් පිට කරලා සැහල්ලු වෙන්න උත්සාහ කලා..

"ඕහ් කියපන්.."

"දැන්?"

"එහෙනම් ඉතිම් මේ පැත්තේ ඇවිත් යන්න වරෙන්,උබටත් එක්ක කෑම තියෙනවා.."

"මොකක්? උබ මට විහිළු කරනවද?වැට ළඟද ඉන්නේ?"

"ඕහ් උබ නම්,පොඩ්ඩක් ඉඳපන් මං එනවා"

සුදු මහත්තයට කෝල් එකක් ආවා විතරයි,සුදු මහත්තයා වතුර පුරවලා තිබුන භාජනයෙන් අත හෝදගෙන,සුදු රෙදි කැබැල්ලෙන් අත් පිහගෙන පුටුවෙන් නැගිට්ටා..

"මොකද පුතා?"අපච්චි සුදු මහත්තයගෙන් ඇහුවා..සුදු මහත්තයා අතේ තිබුන වතුර වීදුරුව තප්පර ගානින් ඉවර කරලා දැම්මා.."අප්පච්චි,දහම් ඇවිත්..ඌ වැට ළඟ ඉඳගෙන මට කෝල් කරනවා.."සුදු මහත්තයා කිව්වම මාව ගැස්සිලා ගියා..එදා සුදු මහත්තයගේ කාමරේ ළඟ ඉඳලා සිද්ධ උනු දේ එක පාර මට මතක් උනා..මම කෙල ගිල්ලා..

"අනේ දහම් පුතා ඇවිත්ද?ඉක්මන් කරලා යන්න සුදු මහත්තයා.."මැනිකේ කිව්වම සුදු මහත්තයා හිනා වෙලා වත්ත දිහාවට ගියේ තරප්පු පෙල උඩ තියලා තිබුන ලාම්පුවත් අරගෙන..එලියේ හොඳටම කළුවර නිසා ලාම්පුවක් නැතුව කොයිම වෙලාවකවත් එලියට යන්න එපා කියලා මට කමලා නැන්දා කියලා තියෙනවා..මේ පැත්තට කොහොමත් හය පහු උන ගමන් ගොම්මන තමයි..

"ආහ් පුතා.."දහම් මහත්තයා තරප්පු පෙල අසලින්,එයාගේ සෙරෙප්පු ගැලෙව්වා..ඒ එක්කම සුදු මහත්තයා එක්ක අපේ දිහාවට ඇවිදගෙන ආවා.."ආහ් අන්කල්!කොහොමද?"දහම් මහත්තයා හිනා වෙලා ඇහුවා.."හොඳයි දරුවෝ,දන්නවානේ අද අපිව බලන්න ඇවිත් ඉන්නේ කවුද කියලා.."අප්පච්චි කිව්වම දහම් මහත්තයා අසිනි දිහා බැලුවා..අසිනි මේ වෙද්දි එක අතක වැලමිට මේසෙට තියලා මූණ වහගෙන හිටියා..

"හායි අසිනි!කාලෙකින්,එහෙමනේ?"දහම් මහත්තයා කිව්වම අසිනි ඔලුව උස්සලා බලලා බොරුවට හිනා වෙලා ඔලුව වැනුවා.."කෝ පුතා,ඈඳි ගන්න..හිටගෙන ඉන්නෙ නැතුව.."මැනිකේ කිව්වම දහම් මහත්තයා ඈඳි උනා..

"අපි බත් ඩිංගක් කාලා ඉමු.."මැනිකේ දහම් මහත්තයගේ ප්‍රතිචාරේ ලැබෙන්න කලින්ම පිඟානක් අරගෙන බත් බෙදන්න ගත්තා.."ඕහ් ආන්ටි..මං කාලා ආවේ.."මැනිකේ කට කොනකින් හිනා උනා..

"ඒකට කමක් නෑ,මේ මැනිකෙගේ කෑම කෑවා කියලා වැඩි වෙන්නේ නෑ හරිද?"මැනිකේ හරි උජාරුවෙන් කියද්දී හැමෝම හිනා උනා..මටත් ලාවට හිනාවක් පැන්නා.."ඒක නෙමෙයි කොහේ ගිහින්ද පුතා මේ ආවේ?"මැනිකේ බෙදලා ඉවර උනු පිඟාන දික් කලාම දහම් මහත්තයා අත් දෙකෙන්ම පිඟාන අල්ලගෙන හිනා උනා..

"ශොප් එකට ටිකක් ගියා ආන්ටි,මේ ළඟ නිසා මට හිතුනා මෙහෙ ඇවිත් යන්න.."

"ඒක හොඳයි,ඔයා හොඳම දවසේ තමයි පුතා ඇවිත් තියෙන්නෙ..අපේ අසිනි...අසිනි මේ ළමයා එක්ක කතා කරනවා..පිට මනුස්සයෙක් ඇවිත් වගේ හැසිරෙන්නේ නැතුව..අයියාගේ යාලුවා නේද?"මැනිකේ අසිනි දිහා ඇස් හීනි කරගෙන බලාන හිටියම අසිනි මැනිකේ දිහා බැලුවා..

"මොකක්ද අම්මා,පාඩුවේ කන්න දෙන්නකෝ.."අසිනි ආපිටට මැනිකෙට රැව්වා.."ඕහ් කමක් නෑ ආන්ටි,එයාට ලැජ්ජ ඇති.."දහම් මහත්තයා කිව්වම සුදු මහත්තයාට හිනා ගියා..

"මං කියන්නේ නෑ ඉතිම්.."අසිනි හෙමින් දොඩවපු එක මට ඇහුනත් අනෙක් අයට ඇහුනේ නෑ..මම කෑම කාලා ඉවර උනු පිඟානත් අරගෙන කුස්සිය දිහාවට ගියා..

මේ වෙද්දී හැමෝම කෑම කාලා ඉවර වෙලයි හිටියේ..ඉස්තෝප්පුවේ කවිච්චිය උඩ මැනිකෙයි,සුදු මහත්තයගේ අප්පච්චියි ඇඳි වෙලා හිටියා..බංගලාවට ගොඩ වෙන පුංචි තරප්පු පෙල මත කෙලවරේ අසිනි ඈඳිගෙන හිටියා..දහම් මහත්තයි,කමලයි පුටු දෙකක් ගෙනැවිත් එතනින් ඈඳි උනා..මම අසිනිගේ මෙහා පැත්තේ ඈඳි වෙලා හිටියා..ඒත් එක්කම සුදු මහත්තයා අපේ දිහාවට ආවා..සුදු මහත්තයගේ අතේ ක්‍රීම් පැහැති ගිටාර් එකක් තිබුනා..සුදු මහත්තයගේ මූණ හිනාවෙන් පිරිලා තිබුනා..

මෙච්චර වෙලා කට්ටිය අතර තිබුන කසු කුසුව සුදු මහත්තයා එනවත් එක්කම එක නිහඬතාවයක් බවට පත් උනා.."ඕහ් අයියා,කමෝන්.."අසිනි හෙමින් අත් පුඩි ගැහුවා..අසිනිගේ මූණෙත් මේ වෙද්දී හිනාවක් ඇදිලා තිබුනා..

සුදු මහත්තයා ඇවිත් තරප්පු පෙලේ,ආරුක්කුවට හේත්තු වෙන්න,මගේ එහා පැත්තෙන් ඈඳි උනා..එවෙලේ හිස් ඉඩක් කියලා තිබුනේ මෙතන විතරයි..මට ආයෙම අර නුහුරු ගතිය දැනෙනවා..මම කළුවර බංගලා වත්ත දිහා බලාගෙන හිටියා...ඒ එක්කම සුදු මහත්තයා ගිටාර් එක ප්ලේ කරන්න ගත්තා...

තාරුකා නිවා දුර ඈත තනි වෙලා

කොහේ ගියාද දිව්‍යාංගනා

ජීවිතේ කියා පෙරදාක රැවටිලා

මගේ නොවේද දිව්‍යාංගනා

නික්මී නොයා මහදේ දොර වසා

හදේ රැඳෙන්න දිව්‍යාංගනා

ළං වී ඉඳින්න දිව්‍යාංගනා

සෝක කල්පනා හිතේ තියා

ඉගිලී නොයා සැඟවිලා

නේක වේදනා සුළඟේ විසිරිලා

වෙන් වී නොයන්න දිව්‍යාංගනා

වෙන් වී නොයන්න දිව්‍යාංගනා

තාරුකා නිවා දුර ඈත තනි වෙලා

කොහේ ගියාද දිව්‍යාංගනා

ජීවිතේ කියා පෙරදාක රැවටිලා

මගේ නොවේද දිව්‍යාංගනා

දෑස රිදවනා කඳුලැල් මකා

හසරැල්ල රන් ළංවෙලා

ප්රේම ගීතිකා කොඳුරා කියා

තුරුලේ නිදන්න දිව්‍යාංගනා

තුරුලේ නිදන්න දිව්‍යාංගනා

තාරුකා නිවා දුර ඈත තනි වෙලා

කොහේ ගියාද දිව්‍යාංගනා

ජීවිතේ කියා පෙරදාක රැවටිලා

මගේ නොවේද දිව්‍යාංගනා

නික්මී නොයා මහදේ දොර වසා

හදේ රැඳෙන්න දිව්‍යාංගනා

ළං වී ඉඳින්න දිව්‍යාංගනා

තාරුකා නිවා දුර ඈත තනි වෙලා

කොහේ ගියාද දිව්‍යාංගනා

නික්මී නොයා මහදේ දොර වසා

හදේ රැඳෙන්න දිව්‍යාංගනා

ළං වී ඉඳින්න දිව්‍යාංගනා

හදේ රැඳෙන්න දිව්‍යාංගනා

මට බැහැ,මගේ පපුව ගැහෙන සද්දේ එයාට ඇහෙන්න ඇති..සිංදුව කියලා ඉවර වෙනකල් එයා සැරෙන් සැරේ මගේ දිහා බලාගෙන හිටියා..සැරෙන් සැරේ මගෙත් එක්ක හිනා උනා..මට මේ මොහොතේ සුදු මහත්තයා ඇරෙන්න මගේ ළඟ හිටිය අනෙක් අය ගැන සිහියක් තිබුනේ නෑ..මම පලවෙනි වතාවට එයා දිහා එක දිගට බලාන උන්නා..කොහෙන් ආපු දෛර්‍යක්ද කියලා මට හිතුනා..එයා හරියට අඹපු රූපයක් වගෙයි මට පෙනුනේ..ඒ තරම් ලස්සනක් එයාට තිබුනා..ඒ ගැඹුරු කටහඬින් සින්දුවක් කියනවා මම ඇහුවමයි..ඇඟේ රෝම ඉස්සිලා යන තරමට සුදු මහත්තයගේ කටහඬ ලස්සනයි..එච්චරයි මම දන්නේ..

අත් පුඩි සද්දයක් ඇහෙනවත් එක්කම මාව ගැස්සිලා ගියා..අසිනි මගේ දිහා අමුතුවට බලාගෙන ඉඳලා එතනින් නැගිටලා සුදු මහත්තයව අත් දෙකෙන්ම තද කරලා බදා ගත්තා..සුදු මහත්තයා ඇස් පියාගෙන අසිනිගේ පිට අත ගෑවා..

"අඩෝ මරු ඈ.."දහම් මහත්තයා හිනා වෙලා සුදු මහත්තයට අත මිටි මොලවලා ඉදිරියට දික් කලා..ඒ එක්කම සුදු මහත්තයත් ඒ විදිහට අත හදාගෙන ඉදිරියට දික් කලා..මම නිකමට මැනිකේ දිහාවට ඇස් හැරෙව්වම එයා සුදු මහත්තයගේ අප්පච්චි එක්ක හිනා වෙවී අප්පච්චිට තුරුලු වෙලා හිටියා..ඒ දෙන්නා හරිම ආදරණීයයි..සුදු මහත්තයා හුඟක් වාසනාවන්තයි ඒ වගේ අම්මා කෙනෙකුයි,අප්පච්චි කෙනෙකුයි ලබන්න..මට හිතුනා..

මම හරි සිහියට ඇවිත් හිටියත් මට දැනුන ලැජ්ජාව නම් අඩුවක් වෙලා තිබුනේ නෑ.."ආයෙත් රතු වෙලා.."සුදු මහත්තයා මගේ කනට හෙමින් කොඳුරගෙන එතනින් නැගිටලා කට කොනකින් හිනා වෙලා බංගලාව ඇතුලට ගියා..මම අත් දෙක එකට පොඩි කරගෙන අමාරුවෙන් හුස්ම පිට කරලා මගේ දෙකොපුල් අල්ලලා බැලුවා..මගේ දෙකොපුල් රත් වෙලා කියලා මට දැනුනේ එවෙලේ..

හැමෝම බංගලාව ඇතුලට මේ වෙද්දී ගිහින් තිබුනා..දහම් මහත්තයත් එයාලගේ බංගලාවට යනවා කිව්වා..මම විතරක් තරප්පු පෙල උඩ වාඩිවෙලා හිටියා..මට නිදාගන්න ඕනේ නෑ..මම හිත හිතම සුදු මහත්තයා හේත්තු වෙලා හිටිය ආරුක්කුවට හේත්තු වෙලා ඔලුව තියාගත්තා..

_________________________________________

laura-bun🍃

අම්නේ මේ කෙල්ලට හොඳටම උණ :(

තාරුකා නිවා~අහලා බලන්න ඒක🌝✨