Chapter 1 of 1

සමුගන්න අවසරයි

පාලු පාරක සිට විදුලි වේගයෙන් නවීන පන්නයේ මෝටර් බයිසිකලයක් ඉදිරියට ඇදුනෙ තරුනියකුගෙ මරහඩක් අවට පාලුව මකා දමමිනි.

අනේ බවන්ත අපි ටිකක් හිමීට යමුකො මෙහෙම ගියොත් මැරෙයි මනුස්සයො

ඒත් මෝටර් බයිසිකලය දාවනය කර තරුනයා නම් එය කනකටවත් නොගෙන ඉදිරියට දාවනය කරේ කිසිත් නෑසුන පරිදිය. ඔහු පාලු පාර දිගේ  ඉදිරියට ගමන් කරයි

"මොකක්ද බවන්ත මේකෙ තේරුම ඔයා ඇයි මාව මේ වගේ පාරක එක්කන් එන්නෙ ඔයාට මොනවද මගෙන් ඕනි ආ අනේ ඔයා මට ටිකක් හරි ආදරේනම් යන තැනකට හිමින් යන්න දෙයියනේ "

"ඔයා හිතන්නෙ මන් ඔයාගෙන් ප්‍රයෝජන ගන්න මෙහෙම එක්කන් ආවා කියලද එතකොට අවුරුදු ගානක් මන් මලක් වගේ රැක්ක ඔයාව විනාස කරන්න හදනවා කියල ද "

තරුනයාගෙ වචන බිදී ගිය ස්වරූපයක් තරුනියට දැනුනේ  වේගයෙන් ඇදන මෝටර් රථය සිප ගන්නා වේගවත් සුලං දාරා නිසාද නැත්තම් ඔහුගේ හඩ ස්වරය බිදී ගොස් නිසාද යන්න තරුනියට හරි හැටි වැටහීමක් නැත . තමන්ගෙ ආදරවන්තයාගෙ ඒ වෙනස්වීම නොදැනුනේ  ඇයගේ සිතත් මොලයත් යන දෙකම මරන බිය වෙලා ඇති නිසාය.

"අනේ බවන්ත ඔයානම් හෙල්මට් එකක් හරි දාල මට එහෙමවත් නෑ අනේ ඒක නිසා ප්ලීස් අපි හිමින් යමුකො මට බයයි "

තරුනිය මුල් ටික ආවේගයෙන් පැවසුවත් අවසාන ඇය මිමිනුවේ තමන්ට පමනක් ඇහෙන ස්වරයෙන්මය.නමුත් ඔහුව තවත් තදින් වැලදගත් නිසා ඔහුට ඇයගේ වදන් ඇවසි නොවේ ඇයගේ තත්වය හදුනා ගැනීමට

හරි එහෙනම් මට තුන්පාරක් ආදරෙයි කිවුවොත් මන් මේකෙ වේගෙ අඩු කරන්නම්

තමන්ව තදින් වැලදගෙන දැනටමත් ඉදිරිපස පැති කන්නාඩියෙන් තමා දෙස බලා සිටින තම පෙම්වතිය දෙස ඇසක් ඉගිමරා දගකාරා ලෙස පැවසුවේ ඉදිරිපස පැමිනෙන හතරමංහන්දිය දෙසටද බැල්මක් හෙලමිනි

නමුත් මරන බියෙන් ඔහුගෙ පෙම්වතා වැලදගෙන සිටි තරුනියට ඔහුගෙ දගකාර කම් ,මෙතරම් වේගයෙන් රතය දාවනය කිරීම පිලිබද හේතු කිසිවක් සිතීමට ඇයගෙ මොලයට නොහැකි විය .

ආදරෙයි,

ආදරෙයි,

ආදරෙයි ,

මන් ආදරේ ඔයාට විතරයි මගෙ මෝඩයෝ

වේගයෙන් ඇදී යන මෝටර් බයිසිකලයේ හඩද පරදා මුලු ප්‍රදේශයම ඇසෙනා ලෙස ඇගේ ආදරය ප්‍රකාශ කරේ මේ සිදුවනා දෙයින් ඇයගේ සිත බොහෝ සෙයින් ව්‍යාකූල වී ඇති නිසා නමුත් ඇයගේ ඒ හඩ සමග උනුසුම් කදුලු බිදු ඇස් කොනින් රෑරා වැටුනෙ ඔහුට මේ අවසානවතාවට එම වදන් ඇසීමට සිදුවූ නිසාවෙනි .ඔහු තමන්ගෙ හිසෙහි රැදි හෙල්මටය ගලවා අපහසුවෙන් හෝ තම පෙම්වතියගෙ හිසේ පැලදුවේය.

ඒ අතර ඔහුගෙ දෙනෙත් ගියේ ඇයගේ සැලෙන තොල්පෙති අතරටය සිප ගැනීමට ඇවැසි උවත් කාලය විසින් ඔහුගෙ මාරයා හා එක්වී වැටකඩොලු බැදී දමා ඇත්තෙ කොතරම් කුරිරු ආකාරයෙන්ද අවසන් වරට ඇය දෙස වේදනාත්මක සිනහවක් පෑ ඔහු ඉදිරිපස බලා දාවනය කරේ තව  මොහොතකින් ඔහුගේත් ඇයගේත් පෙම් කතාවෙ අවසාන පරිච්ඡේදය බලාපොරොත්තු වෙනි

හතරමංහන්දිය අවස්තාවේදි එම වේගයෙන් රතය හැරවීමට නොහැකිව පෙරලී ගියේ තරුනයා හා තරිනිය දෙපසටම බිම ඇද දමමිනි

පරිස්සමින් ඉන්න මැනික ඔහුගෙ වදන් හා ඔහුගේ ජීවියද එකෙනෙහිම වා තලයට මුසු වුනේ ඔහුගේ සාන්සාරික ගමනේ එක් නැවතුම්පොලක හැර යාම සනිටුහන් කරමින්ය

මාස දෙකකට පසු

දුව ඔයාට සිහිය ආවද

මට මොකක්ද උනේ මන් එදා " එකෙනෙහිම සිනමා පටයක සිතුවම් පෙලක් මෙන් ඇයගේ මනසේ ඇදී ගියේ එදා සිදූ වූ සියලු අමිහිරි මතකයන්ය

බවන්ත එයාට කොහොමද එයා හොදින්ද

සැවොම බිම බලා ගත්තේ ඇයට මේ මොහෙතේ උත්තර බැදීමට කිසිවෙකුටත් හැකියාවක් නොවූ නිසාමය ඇය තම මව වැලදගෙන හඩා වැටුනේ තමනේ ඒ ප්‍රතම ප්‍රේමයේ අහිමි වීමෙ වේදනාව දරාගැනීමට නොහැකි වූ නිසාය

ඇයි අම්මේ එයා එහෙම කරේ මන් එයාට කිවුවා හිමින් යන්න කියල ඒත් එයා

ශ්ශ් ඇති මැනික එයාගෙ වරදක් නෑ ඔයාල මේන් රෝඩ් එද්දිමයි බයික් එකේ බ්‍රේක් වැඩ කරල නෑ ඒකයි එයා පාලු පාරක ඇවිල්ලා තීන්නෙ පුතාට මුල ඉදන් මේක තේරුන හින්දා වෙන්න ඇති ඔයා කලබල වෙයි කියල කිවුවෙ නැත්තෙ

තමන්ගේ දියනියගෙ ශබ්දයත් නොනැගුනු තැන ඇය තම දියනිය දෙස බලන කල්හි ඇය දුටුවෙ තමන් දෙස කම්පනයෙන් මෙන් බලාසිටින තමන්ගේ එකම දියනිය දෙසයි නමුත් ඇයගෙ රත්  පැහැ දෑසින් කදුලු ගංගා ගලා යන අයුරින් ඇයගේ දුක තේරුම් ගත් එම මව තමන්ගේ දියනිය නැවත වරක් තුරුලු කරගත්තාය .

ආදරෙයි ආදරෙයි ආදරෙයි මැට්ටො මන් හැමදාම ඇය හිතින් මිමිනුවේ ලබන බවයේ ඔවුන් දෙදෙනාගෙ කතාව මීට වඩා සුන්දර වෙන ලෙස ප්‍රාර්තනා වක් කරමින්ය

පසු වදන

අහන්න එපා එයාලගෙ ආදරේ මොන වගේද කියල මන් දන්නෙ නෑ

එයාගෙ මරනය ප්ලෑන් එකක්ද නැද්ද කියල අහන්න එපා මන් දන්නෙ නෑ

එයා මැරුනට පස්සෙ මොකද උනේ කියල අහන්න එපා මන් දන්නෙ නෑ

මේක මගෙ පරිකල්පනයක් නෙමේ

සත්‍ය ප්‍රේම්වන්ත යුවලකගෙ අවාසනාවන්ත ඉරනමක්

ඉතිම් ඒ ආදර කතාව මගේ වගේ මගේ අදහස් දාලා ලියන්න ඕන කමක් නෑ

ඔවුන්ගේ ඒ කතාව මා ඇසූ පරිදි මට හැගුනු පරිදි අකුරු කලෙමි

Contents
Previous
Contents
Next

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!