Chapter 81: බිළිදියේ

ප්‍රේමම්!Words: 1684

රෑ මැදියමක නුඹ මා ළඟ හිනහෙන්න

හුරතල් වදන් කියවා හිත සනසන්න

ළඟටම විත් තුරුලට වී නිදියන්න

මගේ පැංචියේ අම්මගේ සිහිනෙට එන්න

අම්මේ කියා කිය කිය මගෙ ලග උන්න

පැටලුණු අකුරු මැද අප්පච්චි කිව්ව

හුරතල් වෙවී මගෙ අත් මැද ගුලි වෙච්ච

පැංචියේ කොහෙද රන් කඳ ගියේ දුර ඈත

උකුලෙන් මිදී තිබූ හැටි පොඩි පා කැකුළු

තාමත් මට පෙනේ නුඹ දිව යන අයුරු

දුර යන්නෙපා පැංචියේ කළුවර නපුරු

හොරු ගෙන ගියා දෝ හුරතල් මගේ බිළිඳු

අම්මා කිවිදියක් හැම ආදරේ කෙරුව

තාමත් ලියනවා මගේ දූ ගැන නිතර

කවියෙන් කවිය මම දූ ගැන ලිව්වාට

අප්පච්චිත් ඉකි බිදිනව හොරැහින්ම

දෙව්ලොව ඉඳන් පැංචියේ නුඹ බලනවද

හුරතල් හිනා දෙවියන් ළඟ පානවද

රෑ නිදි යද්දි අම්මව නුඹ හොයනවද

මගේ පැංචියේ සතුටින් නුඹ ඉන්නවද

Dilushi hirunya