Chapter 75: යල් පැන ගිය සිත්තම

ප්‍රේමම්!Words: 1107

අලුතෙන්ම නිමැවුනු නිවසට

මා ඇවිත් දැන් බොහො කල

අදුර එලියද දිවා රෑ කල

ගත කරල ඇති හොද ලෙස!

දිනක් උදයක එකවරම හිත

මතක් කල ඒ සිත්තම

තාම අර මැටි ගෙදර බිත්තියෙ

එල්ලිලා ඇති අදුරෙම

දමා අමතක කලත් ඒ ලග

හදේ පැවතුනු සෙනෙහස

මම ගියා ආයෙම බලන්නට

හැරදමා ගිය සිත්තම

ලස්සනයි ඒ කලා විශ්මය

නමුත් දැලි කුනු ගෑවිලා

හිනා වී ඇස් පියා ගෙන මම

පරණ ලස්සන මතු කලා

අරන් යන්නට හිතයි තාමත්

ඒත් යල් පැනලා වගේ

ඉතින් යන්නම් දොරාගුලු බැද

මගෙම ගමනක් හිතුමතේ.

Dilushi hirunya