Chapter 74 of 82

ආදරෙ නිසාදෝ

ප්‍රේමම්!100 words~1 min read

ආදරෙ නිසාදෝ!

ආදරෙයි යැයි තවත් නොකියා

නිහඩවම දුර ගියා ඈ

ආපසුත් නොහැරී ඉදින්නට

හිතට තරවටු කලා ඈ

ටිකෙන් ටික හදවතේ රිදුමන්

තලා පොඩි කර දැමූ ඈ

ආයෙමත් ඇස් කොනෙන් හැරුනේ

මක් සොයන්දැයි සිතයි ඈ

තැලුනු හදකින් නොහඩ ඉන්නට

ගල් බැදුම් බැන්දේ ඔහුයි

ආදරේ බව නොකිය හංගන්

රෑ සුසුම් පිට කලෙ ඔහුයි

දවාලෙක තරු වියන් බන්දන්

පැලුනු හිත හැංගුවෙ ඔහුයි

මතක අතරේ ගිලී ආයෙම

රහසෙ ඇය මැව්වේ ඔහුයි

ඔහු ඇයත් හා නොබැදුනේ

ආදරෙ නිසාදෝ හිත හිතා

ආදරේ යනු කුමක්දෝ යැයි

හිත අසා සිටිනා නිසා

නොදන්නා හැම දෙයක් ලගමත්

ආදරේ ඇති උන නිසා

හැමදේම අමුතුම විදියකින්

"ආදරය" යැයි හිතමි මා

ඩිලූෂි හිරුණ්‍යා

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!