Chapter 71 of 82

කමෙන්ටුවක් විය "ලස්සන"

ප්‍රේමම්!69 words~1 min read

ආදරේ නමින් ලියූ කවි පද

ලස්සනයි කියා නුබ කිව්වට

පිස්සුවෙන් දුක ලියපු කවියෙක්ට

ලස්සනක් දැනෙනවද කවිවල

මලක් ගැන හදක් ගැන කවි බැද

උබේ ගැන කිය කියා සැනසෙන

ලස්සනම කවියක කෙලවර

තිබුනෙ මිනිහෙක් මරපු ප්‍රේමය

හදවතම වමාරපු කවිවල

කමෙන්ටුව විය "ලස්සන!"

ඒත් ඒ ලස්සන කවිය මැද

හැංගෙච්ච කවියා කොහෙද අද

පිස්සෙකියි මා කවියෙකියි මා

නොවෙනස්‍ ය ඒ වචන කිහිපය

පිස්සුවෙන් කවි ලියන අතකට

පිහිය හමු නොවුනෙම පිනකටය

Dilushi

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!