Chapter 69: හැගීම

ප්‍රේමම්!Words: 1711

දවසින් දවස ගෙවෙද්දි

ආපහු මතක උඩට ඇද ඇද ඉන්න මට

සත්තමයි මතක් වෙනව පහුගිය කාලෙ මතක පිරෙන්නම

ඒත් ඒ මතක කල් යද්දි පල් වෙන බව

කියා දෙන්න ඔයාට බැරි උනා නේද?

ගෙවුනු කාලෙට පින් සිද්ද වෙන්නද මන්දා

"අනේ මට දැන් උබෙ මූන මතක නෑ"

මහ රෑට මතක් කරන් අඩනකොට

සත්තමයි මතක් වෙන්නෙ ඒ හැගීම

රූපෙ තියා ඇස් දෙකවත් අමතකයි මට

අනෙ කෙහෙල්මල කටහඩවත් මතක නෑ මට!

පාලුයි තනියි කිව්වට ඉදහිට

උබ දන්නවද පජාතයි මේ හදවත

පෙනුමක් තියා මොකුත්ම මතක නැති අයව

තාම උඩම තියන් ඉන්න පිස්සු මූට!

ඒත් අන්තිමට....

මම දන්නව එක දෙයක්

උබ කොහෙත්ම නොදන්න,

අමතකම වෙලා යන රූපෙයි කටහඩයි එක්ක

කවදාවත් මනුස්සයෙක්ට

අමතක කරන්නම බැරි 'හැගීම'

මට උබව මතක නැති උනාට

මම දන්නව ආපහු මට මතක් වේවි

උබව නෙවෙයි...

ඒ "කාලකන්නි හැගීම"

Dilushi❤️