Chapter 67 of 82

පොඩි එකෝ

ප්‍රේමම්!134 words~1 min read

ඇහැට ඇන්නත් නොපෙනෙන

මහා රෑ මැදියමේ කරුවල

කාමරේ කොනක ඉදගෙන

පොඩි එකෝ උබ තාම අඩ අඩ

කොහේ කොතැනක යන්නද

හංගපන් උබවම හදවත

පොඩි එකෝ උබ පව් බොල

හුස්ම ගානෙම විදවන

කරපු පෙමට වස් වැදුනම

'හෙට' මීදුමකින් වැහුනම

මතක මත්තෙ මැරෙන උබට

මහන්සි ඇති නේද මැණික

මං කව්ද? ඇයි මෙහෙම?

පොඩි උබෙ හිත අහන තරම

දරා ගනින් පොඩි එකො තව

දුර යතහැකි හිමින් උබට

නැති උන හැම දේම අතර

හිනා වෙයන් ආපහු හෙට

මතක උනත් ලස්සන වෙයි

උබෙ හදවත හැදුනු විටක

ඉතින් මගෙ අහින්සක පොඩි එකෝ,

ආපහු හිනා වෙයන්! අපි ජීවත්වෙන්නෙ එක පාරයි! උඹ උබ වෙයන්! හැම දේටම උබව හුරු වෙයි!

කවුරු නැතත් මං උබට හරි ආදරෙයි! මේ මොහොතෙ ජීවත් වෙයන්.... උබෙ හදවතෙත් තුවාල මැකිලා යයි කවදම හරි දවසක... අඩුම තරමෙ උබෙ හදවත මේවට හුරු වෙයි! එතකම්,

බලාපොරොත්තු තියා ගනින් මගෙ පොඩි එකෝ!

Dilushi ❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!