Chapter 53 of 82

ගසක මහිම

ප්‍රේමම්!102 words~1 min read

ගහක් දුක් නොවින්දලු - කීව සුලගක් විනා

ගසේ කොල වැටෙන්නට - මහා සැඩ පෙල යවා

වැටෙන කොල දුර අරන් - තලා පොඩි කර දමා

ගසට තව හිනා වී - සුලග තව දුර ගියා

ටිකෙන් ටික කල් අරං - කද හයිය කල නිසා

විදපු දුක් නොකියාම - ඉන්න හිත තද නිසා

ගස සුලග දෙස බලා - සිනා වී සිටි නිසා

සුලග තව සැඩ සුලං - ගහ වෙතම එවනවා

සුලග ලෙස දුර යන්න - ගසට නම් බැරි වුනා

ඒත් කද හයිය බව - ගස හොදට දන්නවා

දුක දුරක යවන්නට - කොළ බිමට හෙලු නිසා

ගස වින්ද දුක සුලඟ - නොදැන ඈතට ගියා

Dilushi ✍🏼

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!